=The Island Special Report precipitates reopening of probe in Ukraine
චිත්වාන් ජාතික උද්යානය
It’s a protected jungle area filled with different forms of wildlife
It has become a UNESCO World Heritage Site in 1984
The area of the jungle is around 932km2
The Chitwan National Park was established in 1973 to conserve the endangered animals living there.
There are numerous things to do there, from Trekking to Elephant Breeding Centres to the Jeep Jungle Tours.
Related Images:
බුදුන් වහන්සේ ඉපදුණු ලුම්බිණි ය
නේපාලයේ පෞරාණික නගර සමකාලීන යුරෝපීය නගර නොපරදිණි..
මගේ නේපාලය සංචාරයේ පස්වැනි දිනයේ දී කත්මණ්ඩු සිට කිලෝමීටර් 333 නුදුරින් පිහිටි ටන්සෙන් (Tansen) නගරයට පෝක්හාරා නගරයේ සිට කිලෝමීටර් 130ක් පැය 5 ආසන්න කාලයක් ගමන් කිරීමට සිදුවිය. ඇත්තටම කියනවනම් අපේ රටේ 70 දශකයේ තිබුණු පාරවල් වලටත් වඩා අනත්ත බවයි මට හැගුනේ. රියැදුරු නරේන්ද්‍ර පවසන්නේ මේ ඉතා හොද පාරක් බවයි. අන්නපුර කඳු වැටී අතරින් ගලන හිරු කිරණින් දිස්වන සුන්දර කදුවැටි වල දර්ශනය බලමින් ටන්සෙන් නගරයට අපි යන්නේ ලුම්බිණිය බැලීමටය.
සුවිශේෂී අංගයන්ගෙන් සමන්විත පෞරාණික නගර සමකාලීන යුරෝපීය නගර නිර්මාණ අංගයන්ට නොපරදිණි. පවුරින් වටවූ නගරය, පටුථිවලට මුහුණලා ඉදිකළ නිවාස, ගඩොලින් නිමකළ මාර්ග, පොකුණු හා ස්‌ථම්භ සහිත චතුරස්‍ර කෙළවර ඇති සුවිසල් විහාර හා දේවාල, නගර නිර්මාණ පිළිබඳ උත්තුංග ලක්‌ෂණ පෙන්වීය. එලෙසම සම්පූර්ණයෙන්ම ගඩොලින් නිමකර කපරාරු නොකළ බිත්ති, දැව කැටයම් සහිත ජනෙල් දොර, තාක්‌ෂණික වශයෙන් විශිෂ්ට දැව රාමුවලින් යුත් උළු සෙවිලි කළ වහල, පූර්ණ වාස්‌තු විද්‍යාත්මක නිර්මාණයන්හි ප්‍රභාව විදහා දැක්‌වීය. ඒ ඒ ස්‌ථානයන්හි ගරුත්වය ඉස්‌මතුවන සේ වේදිකා කීහිපයක් මත ඉදිකළ විහාර,දේවාල, ඒවායේ පූජනීයත්වය අනුව වහල එක තුන හතර හා හත වශයෙන් යුතුව නිමවූයේය.
පැරණි රෝමානු නගර චතුරස්‍ර සිහිකරන මෙම නේපාල නගර චතුරස්‍රයන්හි තවමත් සජීවීව පවතින ජීවන රටාව රෝමානු චතුරස්‍රයන්ගෙන් වෙනස් වන්නේ එහි දකින ආසියානු මිනිසුන් නිසා පමණි. නේක වර්ණ දර්ශනීය සාරියෙන් සැරසී ගත් නේපාල කාන්තාවන් දේවාල හා විහාරස්‌ථාන වෙත වන්දනාවේ යෙදුණේ මහත් උනන්දුවෙන්ය. පටු වීදිවලට මුහුණලා ඉදිකළ පැතලි වහලයන්ගෙන් යුත් නිවාසවල ඉහළ මහලේ ජනේල තුළින් එබී බලන ලදුන් හා ළමා ළපටීන් මෙහි ජීවමාන බව තව තවත් ඔපවත් කළේය. නගර චතුරස්‍රයන්හි කෙළවර ඇති කුඩා අම්බලම්වලට වී සාද කතා කියන වැඩිහිටියන්, පොකුණු අයිනේ බිම එළවළු, පලතුරු විකුණන වෙළෙන්දන්, ඒ මැද කෙළිදෙලෙන් ගතකරන තරුණ තරුණියන් මේ ජීවමාන ලෝක උරුමය තව අතිශය රමණීය එකක් බවට පත් කළේය.
නගරයේ කොතැනක සිට බැලුවත් වීථි අතරින් පෙනුණු මහල් කිහිපයකින් යුත් දේපල ළගොඩනැගිලි දැන් දක්‌නට නැත. සෑම වීථියක කෙළවරකම, සෑම හන්දියකම පිහිටි මෙවන් දර්ශනීය දේපළ හා විහාරවලට සිදුවූ දෙයක් නැත. මේවා ඇත්තෙන්ම ඉතිහාසය විසින් ලොවට දායාද කළ මංසලකුණුය. වෙළෙඳසල් බවට භාවිතාකරමින් පැවති බොහෝ නිවාසවල ඉහළ මහලේ පිහිටි ඉදිරියට නෙරා ආ කැටයමින් පිරිපුන් ජනේල රාමු ගැලවී මහමගට විසිවී තිබුණි. මේ සියල්ල අතරේ, කඩා වැටුණු පෞරාණික ගොඩනැගිලිවල තිබෙන වටිනා පුරාවස්‌තු සොරකම් කරන්නන්ද දැකියහැකි විය.
විනාශ වූ පෞරාණික ගොඩනැගිලි පුරාවස්‌තු ලෙස සැලකේ. පුරාවස්‌තු පිළිබද අර්ථ කථනයේදී කියෑවෙන පුධාන මූලධර්මයක් වන්නේ පුරාවස්‌තු ප්‍රතිනිර්මාණය කළ නොහැකි බවයි. විනාශ වූ පුරාවස්‌තුව ප්‍රතිනිර්මාණය කළද එම මුල් පුරාවස්‌තුව නොවේය.
පස්වන දිනය: පෝක්හාරා සිට ටන්සෙන් නගරයට..
ලුම්බිණි මායාදේවී විහාරය මූලික කොට ඇති පුරාවස්තු
ලුම්බිණි පුදබිම යනු නේපාලයේ දකුණු දිග දේශසීමාවේ ඉන්දියාවට ආසන්නයේම පිහිටා ඇති කුඩා උපනගරයකි. ලුම්බිණි අවට ජීවත් වන නේපාල ජාතිකයෝ නම් වර්තමානයේ බොහෝ කොට හින්දු ආගම සරණ ගිය අයයි. ඒ හින්දු බැතිමතුන් ට නම් බුදුන් උපන් ලුම්බිණිය යනු තවත් පුරාවිද්‍යා ස්ථානයක් පමණකි. එහෙත් බොහෝ නේපාල ජාතිකයෝ ලොව ප්‍රකට ධර්මයක් වූ බෞද්ධ ධර්මයේ පීතෘවරයාණන් ඉපදුණේ තමුන්ගේ බිමේ යැයි පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
ශ්‍රී ලංකාව ඇතුලු බෞද්ධ රටවල් සෑම එකකම පන්සල් මෙම පුදබිම අවට පිහිටා ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ලක් රජයේ ආධාරයෙන් තැනූ පිවිසුම් මාර්ගයක්ද ලුම්බිණියේ ශ්‍රී ලංකා පන්සල ආසන්නයේ දකින්නට ඇත.
සුද්දෝධන රජතුමාගේ බිසව වූ මහාමාහා දේවී තොමෝ සිය දරු ප්‍රසූතිය සඳහා රජගහ නුවරින් නික්ම සිය නෑ සියන් විසූ දෙව්දහ නුවරට යන්නට පිටත් විය. ඒ ගමන අතර ලුම්බිණි නම් සල් උයනේදී අසිරිමත් සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු විය. බුද්ධ චරිතය අනුව සිද්ධාර්ථ උපත සිදුවන්නේ රජගහ නුවරත් දෙව්දහ නුවරත් අතර වූ මෙම ලුමිබ්ණි නම් අයස්කාන්ත සල් උයනේදීය. එහෙත් වර්තමානයේ වසර 2600කට එපිට වූ එම කාලයේ සාධක එපරිද්දෙන්ම සොයාගන්නට නැත. එබැවින් නූතන යුගයේ මුල් භාගයේදී, එනම් 20 වන සියවසේ මුල් භාගයේදී බුදුන් උපන් ලුම්බිණිය පිහිටියේ කොහිද යන්න විවාදාපන්න කරුණක් විය. දේශාටන වාර්තා අනුවත්, පුරාවිදයාත්මක සාධක අනුවත් අද වන විට නේපාලයේ ලුම්බිණිය, වඩාත් සාධාරණව බුදුන් උපන් ස්ථානය යැයි වර්තමානයේදී පිළිගනු ලැබේ.
ලුම්බිණි මායාදේවී පන්සල අසබඩ ඇති අශෝක ටැම් ලිපිය නේපාල ලුම්බිණි පුදබිම බුදුන් උපන් ස්ථානය යැයි තහවුරු කරගන්නට ප්‍රබල සාධකයකි. මෞර්ය පෙළපතේ කීර්තිමත්ම රජු වූ අශෝක අධිරාජ්‍යයා කාලිංග යුද්ධයෙන් අනතුරුව එහි වූ විනාශය ගැන කළකිරී බුදුදහමට නැඹුරු විය. දෙවන පියදසි යනු අශෝක රජුගේ අනවර්ථ නාමයක් විය.
මධ්‍යම ආසියාව තෙක් බලය විහිදූ මහා අශෝක රජතුමා සිය අගනුවර වූ පාඨලීපුත්‍ර සිට කිලෝමීටර සිය ගණනක් ගෙවා විත් බුදුන් උපන්නාවූ ස්ථානය මහත් බැතියෙන් වන්දනාමාන කරන්නට ඇත. මෙම ශිලා ලේඛනය එම කාලයට අයත් වූවක් බවට පුරාවිද්‍යා අංශ විසින් සනාථ කොට ඇත. අශෝක යුගයටත් පෙරාතුව මෙම ස්ථානයේ තිබූ වන්දනා මාන කරන ලද වෘක්ෂයක සාධක මෑතකදී සොයාගෙන ඇත. වර්තමානයේ මායාදේවී පන්සල යැයි හඳුන්වන ස්ථානය කේන්ද්‍ර කොටගත් ලුම්බිණි පුදබිම, බුද්ධෝත්පාද කාලයේ සිට සියවස් 15ක් යනතෙක් විහිදුණු විහාර, ආරාම, චෛත්‍ය ආදී නටඹුන්වලින් යුක්තය.
ක්‍රිස්තු වර්ෂ 406 දී ලුම්බිණිය වන්දනාවට පැමිණි චීන භික්ෂුවක වූ පාහියන්ද, ක්‍රි ව 634 දී පැමිණි හියුං සාං භික්ෂුවද මනරම් පොකුණක්, ආරාම විහාර හා අශෝක ස්මාරකද සහිත වූ මෙම ලුම්බිණි පුදබිම ගැන වටිනා අදහස් සිය දේශාටන වාර්තාවල පළ කොට තිබේ. නූතනයේද ජලය පිහිටි පොකුණු අසබඩ පිහිටි මෙම පුදබිම මීට ශතවර්ෂ 20කට පෙරද එසේම පැවති බැව් අපිට සිතන්නට හැකිය.
හයවැනි දිනය: ලුම්බිණි නගරයේ දී
Related Images:
පෝක්හාරා නගරයේ සරාන්කොට් කඳු මුදුන..
පෝක්හාරා නගරයේ ඔබ දකින සරාන්කොට් කඳු මුදුන..
අපගේ නේපාලය සංචාරයේ තුන්වන දිනයේ දී කත්මණ්ඩු සිට කිලෝමීටර් 205 නුදුරින් පිහිටි පෝක්හාරා (Pokhara) නගරයට පැය 6 ක කාලයක් නේපාල රියැදුරු නරේන්ද්‍ර සමගින් ගමන් කිරීමට සිදුවිය. සරාන්කොට් යන කඳු මුදුන අතරින් හිරු බැස යැමේ සුන්දර දර්ශනය දැකීමට සංචාරකයන් මෙහි ඇදී යනවා. විශාලත්වයෙන් පලවෙනි තැන හා ජනගහනය අනුව දෙවන නගරය වන පහෝරා පහළින් දිස්‌වෙනවා. පෝක්හාරා නගරයේ පිහිටා පිවා වැව නගරය අලංකාර කරන අතර එහි ඇති සාම චෛත්‍යය, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝක ප්‍රජාව අතර අවිහිංසාවාදය ඇතිකිරීම සහ ලෝක සාමය සොයා යන ගමන තුල ඔවුන් එක්සත් කිරීම අරමුණු කර ගනිමින් ජපන් ජාතික නිචිදත්සු ෆුෂි (Nichidatsu Fuji) විසින් ලොව පුරා ඉදිකරන ලද 71 වෙනි සාම චෛත්‍යය වෙයි. දෙවන ලෝක යුද්ධය කාලයේදී ජපානය පෝස්ට්ඩෑම් කොන්දේසි ප්‍රතික්ෂේප කළේය. ඇමෙරිකාව 1945 අගෝස්තු 6 හිරෝෂිමාවට ද අගෝස්තු 9 නාගසාකි නගරයට ද බෝම්බ දැමූහ. යුද්ධය නිමා කරමින් 1945 අගෝස්තු 15 දින ජපානය යටත්විය. 1945 සිට 1951 දක්වා ජර්මන් හා ජපාන නිලධාරීහූ යුද අපරාධ පිළිබඳ ව චෝදනා ලැබූහ. එම චෝදනා වූයේ සාමයට එරෙහි අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සටන්වලට මුල පිරීම හා වෙනත් ඒවාය. නේපාලයේ ස්ථාන දෙකක සාම චෛත්‍ය ගොඩ නංවා තිබේ, එනම් 80 වෙනි සාම චෛත්‍යය ලුම්බිණියේ ඉදිකොට ඇත. එසේම නමෝ බුද්ධා (Namo Buddha) මෙම ස්‌ථානයෙහි සුදෝ සුදු ලස්‌සන ස්‌ථූපයක් දක්‌නට ලැබෙනවා. එමෙන්ම මෙය බුදුන් වහන්සේගේ පරිත්‍යාගශීලී බව ගැන අපුරු ජන කතාවකුත් තියෙනවා. කුසගින්නෙන් පෙළුන කොටියෙකුට ශාක්‍ය මුනිද්‍රයන් වහන්සේ බෝසත් කල ඇඟමස් දන් දුන් බවක් ඉන් ප්‍රකාශ වෙනවා. Nasarkot කඳු මුදුනට සංචාරකයන් ඇදී යන්නේ එහි රැයක් ගත කොට පසුදා අලුයම හිමාලය කඳු වැටියෙන් හිරු උදාවන මනස්‌කාන්ත දර්ශනය දැක ගන්නයි.
තුන්වන දිනය: කත්මණ්ඩු සිට පෝක්හාරා නගරයට..
නේපාලයට ආවේ ඒ අසිරිය දැකගන්නටය.
නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි. නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත. හින්දු ආගම නේපාලයේ 80% පමණ අදහන ආගමයි. රටේ බෞද්ධ ප්‍රතිශතය 10% පමණ වුණත් බුදුන් වහන්සේගේ උපන් ස්ථානය මෙහි පිහිටන නිසා බුද්ධාගම සමග මෙහි ඓතිහාසික සම්බන්ධයක් ඇත. රටේ ජනගහණයෙන් භාගයක් පමණ අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.
එකිනෙකා ඇගේ හැපෙමින් යන තරමට අධික පිරිසක් ගැවසුණද, එයින් මෙහි ඇති පූජනීයත්වයට, පෞරාණික බවට හානියක් වූයේ නැත. එහි අගය තවත් වැඩි වුවා මිස එහි වටිනාකම අඩු වූයේ නැත. ලොව බොහෝ රටවල පෞරාණික නගර සජීවී කර පෙන්වන්නට, සංචාරක ව්‍යාපාරය ඉලක්‌කර ඉදිරිපත් නරන කෘත්‍රිම සජීවීකරණයන්ට වඩා ඉහළ අගයක් ගෙන දෙන මෙම නිර්ව්‍යාජ බව නේපාලය ලෝක උරුමයක් කළේය. ලොව නන්දෙසින් උරුම රැකීම පිළිබඳ උනන්දුව දක්‌වන වෘත්තිකයන් හා විද්වතුන් මෙන්ම දස දහස් ගණනින් සංචාරකයන්ද දිනපතා නේපාලයට ආවේ ඒ අසිරිය දැකගන්නටය. ඒ මහා උරුමයේ අසිරිය එදා මෙන් අද දැකගත නොහැක.
උතුරුදිග ඉන්දියානු තැනිතලාවේ සිට ආරම්භ වී ලොව උසම කඳු මුදුන වන එවරස්‌ට් හරහා චීනයේ ටිබේට් කඳු දක්‌වා දිවෙන, දුප්පත් රටක් වන නේපාලයේ 1934, 1980, 1988, 2011 යන වසරවලදීද ප්‍රබල භූමිකම්පා ඇතිවිය. වර්ෂ 1934 දී නැගෙනහිර නේපාලයේ එවරස්‌ට් කන්ද ආසන්න ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ භූමිකම්පනය රික්‌ටර් පරිමාණයේ අගය 8ක් පෙන්නුම් කළ අතර, ඉතිහාසයේ ඇති වූ ප්‍රබලම භූමිකම්පනය විය. එහිදී කිලෝමීටර් 400 ක පමණ දුරින් පිහිටි කත්මන්දු අගනුවරටද දැඩි හානියක් සිදුවිය. මිනිස් ජීවිත ලක්‌ෂ ගණනින් වැනසිණ.
හතරවන දිනය: පෝක්හාරා නගරයේ දී…
Related Images:
ස්‌වයංබුනාත්, බක්‌තපූර්, පටාන් සහ බුධ්දනාත්.
නේපාලයේ බොහෝ සිද්ධස්‌ථානය බ්‍රහ්මණයන් හින්දුන් හා බෞද්ධයන් යන සියලු භක්‌තිකයන්ගේ පූජාවට බඳුන් වන පන්සලේ තාප්පය දිගට අත ගැසූ සැණින් කැරකෙන බෙර රවුම් වැටක් දැකගත හැකිය. ඒවායේ ජිවිත රටාව පිළිබඳ කිසියම් පාඨ ලියා ඇති බව අපගේ මාර්ගෝපදේශක විජයසිං පැහැදිලි කරන ලදී. ආරාමය වෙත යන අය එම බෙර වලට අත් තබමින් ඒවා කරකවමින් යන අයුරු අප දුටුවේය. එසේ කිරීමේදී ජීවත කාලයේදී තමන් කල පව් කමා වන බව ඔහුන්ගේ ආගමික චාරිත්‍රයකි. අපේ දරුවන් දෙදෙනාට එය විනෝදාත්මක ක්‍රියාවලියක් විය. නමුත් මට එකවරම මතක් වූයේ, ලාංකික ජනතාවට හිටං හුටං සිදුකරන අපරාධ වල පව් කමා කිරීමට මෙම බෙර රවුම් ජිවිත කාලය කරකැවීමට කාලකන්නි හිටං ව නේපාලයට නෙරපා දමන කාලය ලගදීම අපට උදාවන බවයි!!!
………………………………………………….
නේපාලයේ අභිමානවත් ගෘහ නිර්මාණ…
හිමාල පර්වතය හා චීනය උතුරින්ද, බටහිරින් ඉන්දියාව වට කොට ඇති නේපාලය වර්ග සැතපුම් 56827 ක භූමි ප්‍රමාණයක් වසා පැතිරී තිබෙනවා. නේපාලයේ ජනගහනය දසලක්‌ෂ තිහක්. විශාල රටවල් අතරින් නේපාලයට හිමිවන්නේ 93 වැනි තැන. ලෝකයේ දුප්පත් රටවලින් එකක් යෑයි හැඳින්වුවද භූගෝලීය වශයෙන් පොහොසත් භූමියක් වන නේපාලයට ලෝකයේම උසම කඳු ශිඛර 10 ක් හා එවරස්‌ට් කඳු වැටියට මායිම් පිහිටීම වැදගත් වෙනවා. හින්දු හා බෞද්ධාගම නේපාලයේ වැඩිදෙනා අදහන අතර ඉන් වැඩි පිරිසක් හින්දුන්. එහෙත් ජනතාව හින්දු බෞද්ධ යන වෙනසකින් තොරව ආගමික වත්පිළිවෙත්වල ඉතා සාමකාමීව යෙදෙන බව පැහැදිලිව දක්‌නට ලැබුණා. බෞද්ධාගමේද විවිධ ප්‍රභේද දකින්නට ලැබුණා. හිමාලයානු බුද්ධාගම, කත්මණ්‌ඩු බුද්ධාගම, මහායාන, ථෙරවාදී වශයෙන්. නේපාලයට එම නාමය ලැබී ඇත්තේ විශේෂිත, අර්ථයකින් “භැ” යනු ස්‌වභාවයෙන් ගොඩනැගුණු අරුත ගන්නවා. “ඡ්ක්” යනු ආරක්‌ෂිත දේශය යන්නයි. කලක පටන් නේපාලයේ තිබුණේ රාජාණ්‌ඩුවක්. කලකට ඉහත රජ පවුලේ සිදු වූ ඝාතනයෙන් පසුව එහි රජු වන්නේ ජිනේද්‍රසිංහ රජතුමායි. නේපාලය ෆෙඩරල් ජනරජයක් වූ පසු එහි ප්‍රථම ජනපති ලෙස 2008 ජූලි 23 දා පත්වූයේ රාම් බැරන් යාදෙව් මහතාය.
නේපාලය අගනුවර වන කත්මණ්‌ඩු නගරය එකවිට බැලූ බැල්මට දැසට අසුවන නගරයක් නොවේ. එය විශාල ප්‍රදේශයක විහිදී පැතිරී ඇති නගරයක්. නගරයේ ඇතැම් කොටසක අඩක් ඉදිවුණු මාර්ග හා දූවිලිවලින් ගහන වූ බිම්කඩවල ඇති කුඩා පැල්පත් හා පෙට්‌ටිකඩ දැකගත හැකි වෙනවා. එමෙන්ම සැලැස්‌මකින් තොරව ඉදිවුණු කඩපේළි සහිත මංමාවත් තුන්වන ලෝකයේ ඉරියව් පිළිබිඹු කරයි. ඒ අතර සැලසුම් සහිතව ඉදිවූ අලංකාර ගොඩනැඟිලි ද දැකගත හැකිය. බොහෝ ගොඩනැඟිලි ගඩොලින් බැඳ පිටත කපරාරු නොකළ බවක් පෙන්නුම් කරනවා. කත්මණ්‌ඩු නගරයේදී ජීවමාන ළමා දෙවඟනක් (Livini Goddes) ගැන කවුරුත් කතා බහ කරනව. සංචාරකයන් නොවරදවා යන විවිධ ආගමික හා සංස්‌කෘතික වටිනාකම් සහිත ස්‌ථාන රැසක් කත්මණ්‌ඩු නුවර ආශ්‍රිතව තියෙනවා. ඒවා වැඩි හරියක් හින්දු හා බෞද්ධ සිද්ධස්‌ථාන. ඒවා ඉතා පෞරාණිකයි. ඒ වගේම ගාම්භීරයි. අභිමානවත්. ගෘහ නිර්මාණ හා කැටයම් ශිල්ප කලා අතින් ඉතා ඉහළයි. එම සිද්ධස්‌ථානවල ඇති ගෘහයන්හි කපා ඇති ලී කැටයම් ඉතා සියුම් අලංකාරවත් ඒවා. ඒවා ඉතා සංයමයකින් හා ඉවසීමකින් යුතුව අති දක්‍ෂ කලා ශිල්පීන් විසින් කළ ඒවා බව පේනවා. ලීස්‌තර හා කැටයම් යෙදූ ඇතැම් කණුවල කාමාශක්‌ත ඉරියව් රැගත් ස්‌ත්‍රී පුරුෂ රූප නෙළා තිබෙනු අපට දැක ගන්නට ලැබුණේය. ඒවා එක විටම කෙනකුගේ ඇස ගැටෙන්නේ නැත්තේ ඉතා ඉහළ වහල් තලයට ආසන්නව නෙළා ඇති නිසයි.
මේ සිද්ධස්‌ථාන අතර පසුපතිනත් (PashuPatinath) දේවාලය (6 වැනි ශතවර්ෂය) කත්මණ්‌ඩු ඩර්බා චතුරස්‍රය (15 – 18 ශත වර්ෂ) වන්ගුනාරායන් (3 වැනි ශත වර්ෂය) ස්‌වයං බුනාත් ස්‌ථූපය හා විහාරය එහි ඉතා අලංකාර ලෙස ඉදිකරනු ලැබූ ධවල ස්‌තූපයක් ඇත. මෙයට (Monkey Temple) යනුවෙන් ද නම් කරනවා. බොහෝ වඳුරන් විහාරය අසල සැරිසරමින් සිටිනු දකින්නට ලැබුණා.
මේ සියලු ස්‌ථාන ලෝක උරුමයන් ලෙස නම් කොට තිබෙනවා. (Bhaktapur) බක්‌තපූර් නේපාලයේ පැරැණි ප්‍රධාන නගරය ලෙසයි හඳුන්වා තිබුණේ. එහි අසිරිය බලා ගැනීමට සංචාරකයන් අමතක කරන්නේ නැහැ. සිත් වශී කරන සංස්‌කෘතික අංගයන්ගෙන් යුක්‌තයි. ආක්‍රමණවලින් විනාශ වී ගිය ද ඉතිරි වී ඇති අංග පැරැණි ශ්‍රී විභූතිය මනාව විද්‍යමාන කරනවා. චිත්‍ර, ප්‍රතිමා, මූර්ති, පෙදරේරු වැඩ, වඩු කාර්මික නිපුණත්වය, තඹ ප්‍රතිමා, පැරැණි මැටි බඳුන්, මාල, අලංකාර කිනිසි, ශිව, පාර්වති ප්‍රතිමා මෙහිදී දැක ගන්නටත්, මිලදී ගන්නටත් පුළුවන්. දිග මේස මත ඉතා කදිම ලෙස පිළිවෙළට තබා ඇති මේ භාණ්‌ඩ දෙස එකවරක් පමණක් බලා යන්නට සිත් දෙන්නේ නැහැ. මේ නගරයේ වසර සිය ගණනක් ඈත අතීතයේ සිට හින්දුන් හා බෞද්ධයන් සමගිව ජීවත් වී ඇති බවට සාධක තියෙනවා. මෙය Newari (ශාක්‍ය) සංස්‌කෘතිය නමින් හඳුන්වනවා. නගරය පුරාම පැරැණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව තැනූ සුවිසල් මහල් නිවාසවලින් පිරී පවතිනවා. කෘෂ්ණ දෙවිඳුන්ට වෙන් වූ මාලිගය අබියස ගායක කණ්‌ඩායමක් බජන් ගී ගයනු අපට අසන්නට ලැබුණා. එය ඉතා කන්කළු වගේම සිත්කළු දැක්‌මක්. ඒ සුන්දර දැක්‌ම කවදාවත් අමතක වෙන්නේ නැහැ. එම ගී රාවය දැනුත් ඇහෙනවා වගෙයි.
නවීනතම ගොඩනැගිලි පිරි බටහිර රටවල් වලට වඩා ආසියාවේ අභිමානවත් උරුමයන් දැකබලා ගැනීමට ඔබත් නේපාලයට ගිහින් ආවොත් නරකද? අපට දින 9 ක මේ ගමන සංවිධානය කර ගැනීමට අපට සහාය දැක්‌වු ඇල්පයින් සංචාරක ආයතනයේ නේපාල ජාතික චෙන්දුප් ට මෙන්ම මා සමග සමකාලීන කිව් නගරයේ අධ්‍යාපනය ලැබූ තමරා ට අපගේ ස්‌තුතිය පිරිනමු.
දෙවන දිනය 05.01.2018: ස්‌වයංබුනාත්, බක්‌තපූර්, පටාන් නගරය සහ බුධ්දනාත්.
Related Images:
නේපාලයේ කත්මණ්‌ඩු මිටියාවත
අප දුටු නේපාලයේ කත්මණ්‌ඩු මිටියාවත…
හිටං ගේ උපදෙස් මත යමපල්ලෝ සිදුකරන දේශපාලන පලිගැනීම් තවමත් ඉවරයක් නැති නිසා ලංකාවට පැමිණීමට ඇති අවදානම් තත්වය නිසා, පාසල් නිවාඩුවට දරුවන් සමග නේපාලයට යාමට තීරණය කළේය. ඇත්තටම මෙහි පාලකයන් හට වසර දෙක හමාරකට පසුවත් 2015 දී භූමිකම්පාවෙන් විනාශ වූ නේපාලය අවම තත්වයට හෝ ගොඩනැගීමට නොහැකි වී ඇති බව දැකගත හැකිය. එසේ දැකීම ඉතා කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ 2004 වසරේදී සුනාමිය නිසා සිදු වූ විනාශය අපට ඉතා විශාල වූ අතර නැවත රට ගොඩ ගැනීමට එදා මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් කර සේවයය මට මතක් විය. එහෙත් එදා මෙන් අද රටට එඩිතර නායකත්වයක් නොමැතිව මේ හිටං හුටං කැද හැලිය විසින් තව වසර 2-3 ක් මෙසේ අප රට පාලනය කළහොත් නේපාල ජනතාවට සිදුවී ඇති ඉරණම අපට ද අත්විඳීමට ඇති අවදානම ගැන සිතීමට කාලය උදාවී ඇත.!!!
……………………………………………..
රිදීමය උස් කඳු මුදුන් හා දර්ශනීය තැනිතලා බිම් සහිත නේපාලය සුන්දර රටකි. නේපාල වැසියන් සාමකාමීයි. අහිංසකයි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් විස්‌තූරණවලින් තොර චාම් බවින් යුක්‌තයි. අදටත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි මෙන්ම සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම කෙරෙහි ලොකු විශ්වාසය ඇති ගම්බද ජනතාව ඉතා දුප්පත්ය. ඔවුන් ගත කරන්නේ ඉතා සාමකාමී ජීවිතයක්.
කත්මණ්‌ඩු නගරය හිමාලය මිටියාවතේ පිහිටා ඇති මිලියන 1.4 පමණ ජනතාවක් වාසය කරන අගනුවර වන්නේය. හිමාලය මිටියාවතේත් මේ නගරයේ ඉතිහාසයත් එකිනෙක වෙන් කළ නොහැකි තරමට එකිනෙක හා බැඳී පවතිනවා. මෙය කි. පූ. 167 දක්‌වා ඈතට දිවයනවා. ප්‍රධාන භාෂාව නේපාල වුවත් හුඟක් දෙනාට හින්දි භාෂාව කතා කළ හැකියි. කත්මණ්‌ඩු නගරයට ඒ නම ලැබී ඇත්තේ 1956 දී ලක්‌ෂ්මී නරසිංහ මාල්ලා රජු විසින් ගොඩනඟන ලද අද්විතීය Mavu Sthal නම් විහාර මන්දිරය සෑදීමෙන් පසුවයි. එය එක ලෝහ ඇණයක් හෝ භාවිත නොකොට තනි ගසක දැවයෙන් සාදනු ලැබූ තුන් මහල් ගොඩනැඟිල්ලකි. Dubar ඩර්බ චතුරස්‍රයේ ඉදිකරනු ලැබූ මේ ගොඩනැඟිල්ල නම් කරනු ලැබූයේ Kasthamandap යනුවෙන් Kasth යනු “දැව”ය. Mandap යනු ආරක්‍ෂක ස්‌ථානය යන අරුතයි. පසුව එය කත්මණ්‌ඩු වූ බව ජන විශ්වාසයයි.
පළමු දිනය 04.01.2018 : කත්මණ්‌ඩු ඩර්බ චතුරස්‍රය.
Related Images:
The Dubai Airshow 2017
2008 පෙබරවාරි 19 දා සුකොයි-35 ෆයිටර් ජෙට් යානය එහි මංගල ගුවන් ගමන සිදු කරන ලදි.සර්ගෙයි බොග්ඩන් නම් ගුවන් නියමුවා විසින් රුසියාවේ සුකොව්ස්කයි නගරයෙන් ගුවන් ගත කරන ලද සුකොයි-35 යානය මිනිත්තු 55 කාලයක් පියාසර කරන ලදි.මෙම ෆයිටර් ජෙට් යානය බහුකාර්යය 4++ පරම්පරාවේ සුපිරි හැසිරවීමක් සහිත සහ phased array රේඩාර් පද්ධතියකින් සන්නද්ධ යානයකි.මෙම යානයට පැයට කි.මී. 2500ක් උපරිම වේගයකින් පියාසර කල හැකිය.සුකොයි-35 යානයේ උපරිම පියාසර පරාසය කි.මී. 3400ක් සහ සංග්‍රාමික පියාසර අරය කි.මී.1600ක් වෙතැයි සඳහන් වේ.බෝම්බ සහ මිසයිල සවි කල හැකි ස්ථාන 12ක් සහ මි.මී.30 අවියකින් සුකොයි-35 යානය සමන්විතය.මෙම සටන්කාමී ප්‍රහාරකයාගේ හැකියාවන් සිරියානු යුද්ධයේදී පරීක්ෂාවට ලක් කරන ලදි.
The Dubai Airshow began life in 1986 as Arab Air. Since then the show has grown and evolved to become one of the largest and most important aerospace events in the world. A lot has changed since 1986; the dawn of a new millennium has seen unprecedented change in the aviation industry. The Dubai Airshow has helped lead this change by creating a world class exhibition showcasing the latest and greatest in military, general and commercial aviation.
The Dubai Airshow 2017 was our biggest show ever with 1,200 exhibitors from 63 countries, over 79,380 trade visitors, 159 Aircraft on display, 1,603 international and regional media. As the doors close on another record-breaking Dubai Airshow, exhibitors are rushing to close deals and re-book for the next edition of the biennial event, in 2019. Trade visitors to the event were up around 20% on the 2015 event, with some 79380 people entering the purpose-built hall at DWC, Dubai during its five-day run.
At the end of the show’s final day, the order book stood at almost US$113.8 billion with Michele van Akelijen, Managing Director of organisers, Tarsus F&E LLC Middle East, saying: “The figures speak for themselves – it’s been another successful year. Dubai is geographically at the centre of the global aviation world, and Dubai Airshow is where the sector comes to do business. We have seen incredible, unmatched deals, innovations and ideas.
Related Images:
රාජපක්‌ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව-2
සී. ඒ. චන්ද්‍රප්‍රේම
රාජපක්‍ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව-02
උදයංග වීරතුංග මිග් ගනුදෙනුවේ කේන්ද්‍රීය චරිතය බවට පත්වූ හැටි...
2006 දී මිග් යානා මිලදී ගැනීම හා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මගඩියක් ගැන මුලින්ම ඉංගී්‍රසි පුවත්පත් වල පළවූ වාර්තා වල උදයංග වීරතුංග කේන්ද්‍රීය චරිතයක් නොවීය. ඔහු රාජපක්‍ෂවරුන්ගේ කිට්‌ටු ඥතියකු බවත්, 2006 පෙබරවාරියේදී ඔහු සිංගප්පූරුවේ ඩී. එස්. එලයන්ස් අධිපති ටී. එස්. ලී මහතා හමුවීමට ගොස් එම පුද්ගලයා හරහා යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම සමඟ අදාළ ගනුදෙනුව කිරීමට දැන හැඳුනුම්කම් ඇතිකරගත් බවත්, මේ ගනුදෙනුව සම්බන්ධ කටයුතුවලට ඔහු කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට 25 වතාවක් පමණ පැමිණ තිබූ බවත් මිග් ගනුදෙනුව සම්බන්ධව පළවූ මුල් ඉංගී්‍රසි ලිපි වල සඳහන් විය. එකල මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් උදයංග ගැන කියවුණේ එවැනි සීමිත කාරණා කීපයක් පමණි. ‘යුක්‌රින්මාෂ්’ සමාගම සමඟ සම්බන්ධතා හදා ගැනීමට සිංගප්පූරුවේ ලී මහතා හමුවූ බව එම මුල් ලිපිවල කියා තිබුණ ද එවැනි හැඳුනුම්කමක් සිංගප්පූරු ජාතිකයකු හරහා ඇතිකර ගැනීමට උදයංගට හේතුවක් නොවීය. ඔහු අවුරුදු ගණනක් යුක්‌රේනයේ ජීවත් වී යුක්‌රේන භාෂාවද කතාකරන අයකු වූ අතර යුක්‌රින්මාෂ් සමාගම ද හොඳින් හඳුනන අයෙක් විය. යුක්‌රේනයේ ව්‍යාපාරිකයකු වූ උදයංග 1990 ගණන්වල මුල සිට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ කිට්‌ටු සම්බන්ධකම් පවත්වමින් යුක්‌රේනයේ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර නායකත්වයක් ගෙන කටයුතු කළ අයෙක් විය.
1991 දී එකල ප්‍රේමදාස ආණ්‌ඩුවේ වෙළෙඳ ඇමැති ඒ. ආර්. මන්සූර් මහතා වෙළෙඳ නියෝජිත පිරිසක් සමඟ යුක්‌රේනයට පැමිණි අවස්‌ථාවේදී එම දූත පිරිසට අවශ්‍ය උදව් පදව් ඔහු විසින් කරනු ලැබූ අතර ඔවුන් වෙනුවෙන් තම නිවසේදී භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබිණි. 1999 දී එවක විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා යුක්‌රේනයේ ශ්‍රී ලාංකික “කොන්සල්” පදවිය උදයංගට පිරිනමමින් රුසියානු තානාපති කාර්යාලයට ලිපි නිකුත් කර තිබිණි. ගරු සේවයක් වන මෙම පදවිය යුක්‌රේන ආණ්‌ඩුවෙන් ද පිළිගත යුතු වූ අතර ඒ සඳහා උදයංග යුක්‌රේන පුරවැසිභාවය ලබාගත යුතු විය. යුක්‌රේන පුරවැසිභාවය ලබා නොගැනීම නිසා යුක්‌රේන පාර්ශ්වයෙන් එම පත්වීමට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නොලැබුණත් ලංකාව පැත්තෙන් නිල වශයෙන්ම ඔහුට එම ගරු සේවය පවරා තිබිණි. 2002 දී එවක එජාප ආණ්‌ඩුවේ වැවිලි කර්මාන්ත ඇමැති වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල යුක්‌රේනයට පැමිණ එරටට ලංකාවෙන් අපනයනය කරන කිලෝග්‍රෑම් තුනට අඩු තේ ඇසුරුම්වලට පනවා තිබුණු විශේෂ රේගු බද්ද ඉවත් කර ගැනීමට උත්සාහ දැරුවද ඒ ප්‍රයත්නය අසාර්ථක විය. පසුව යුක්‌රේනයේ වෙළෙඳ ඇමැති ලංකාවට පැමිණි අවස්‌ථාවේදී උදයංගගේ මැදිහත්වීමෙන් එකල අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමක් පරිදි ඒ බද්ද ඉවත් කරනු ලැබුවේය. 2003 දී එවක අභ්‍යන්තර කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ද යුක්‌රේනයට පැමිණි අතර ඒ අවස්‌ථාවේදී උදයංග විසින් අමරතුංග ඇමැතිවරයා යුක්‌රින්මාෂ් සමාගමට ද රැගෙන ගොස් තිබිණි. එකල යුක්‌රින්මාෂ් සමාගමේ අධ්‍යක්‍ෂකවරයා කොටි සංවිධානයේ අවි සැපයුම නතර කිරීමට නම් ලංකාවට චන්ද්‍රිකා තාක්‍ෂණය සහිත මුහුදුබඩ නිරීක්‍ෂණ පද්ධතියක් තිබීමේ වැදගත්කම අමරතුංග ඇමැතිවරයාට පැහැදිලි කොට තිබිණි. කිරිඇල්ල හා අමරතුංග ඇමැතිවරුන්ගේ සංචාරවලදී උදයංග ඒ රටේ සිටි වෙනත් ශ්‍රී ලාංකිකයන්ට ද ආරාධනය කොට කිව් නගරයේ තම අවන්හලේ භෝජන සංග්‍රහද පවත්වා තිබිණි.
උදයංග යුක්‌රේනයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා වශයෙන් සිටි අවධියේ ඇතිවූ විශේෂ සිදුවීමක් වූයේ 2004 කිව් නගරයේ අලුත්වැඩියා කර ලංකාවට ආපසු පැමිණෙමින් තිබූ ගුවන් හමුදාවේ ඒ එන් – 32 ප්‍රවාහන ගුවන් යානා දෙකක් රුසියාව හරහා පියාසර කිරීමට අවසර නොතිබීම හේතුවෙන් රුසියාවේ රොස්‌ටොව් ගුවන් තොටුපළේ රඳවා ගැනීමේ සිද්ධියයි. ඒ අවස්‌ථාවේදී එම ගුවන් යානා දෙක තුළ ගුවන් හමුදා සාමාජිකයන් තිස්‌දෙනකු පමණ සිටියේය. මෙය සිදුවන අවස්‌ථාවේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විදේශ ගතවී සිටි අතර රුසියානු තානාපතිවරයා ද ලංකාවේ නොසිටියේය. එවක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වහාම කොළඹ සිටි වැඩ බලන රුසියානු තානාපතිවරයා ගෙන්වා කරුණු පැහැදිලි කොට උදයංග වීරතුංගව රුසියානු බලධාරීන්ට සම්බන්ධ කර දී ඇත. උදයංගගේ මැදිහත් වීමෙන් මේ ප්‍රශ්නය සමතයකට පත් කරනු ලැබූ අතර රුසියානු බලධාරීන් කළේ ශ්‍රී ලංකාවේ ගුවන්යානා දෙක කිසිදාක රුසියාවට ඇතුළු නොවූ ලෙසත් කිසිදු රඳවා ගැනීමකට ලක් නොවූ ලෙසත් ලියවිලි වෙනස්‌කොට ගුවන්යානා දෙකම ආපසු කිව් නගරයට යෑවීමයි.
2006 දී මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් පළවූ මුල් ඉංගී්‍රසි ලිපි වල උදයංග ගැන තිබුණේ අඩු සඳහනක් වුවද අද ඔහු මිග් ගනුදෙනුවේ ප්‍රධාන චරිතය බවට පත් වී ඇත. වත්මන් ආණ්‌ඩුව බලයට පත්වූ අවස්‌ථාවේ සිට උදයංග වීරතුංගට විවිධ චෝදනා එල්ල වූ අතර මිග් ගනුදෙනුවේ අතරමැදියා වීමද ඉන් එක් චෝදනාවක් විය. අලුත් ආණ්‌ඩුවෙන් ඔහුව රුසියානු තානාපති ධුරයෙන් ඉවත් කළ පසු උදයංග නැවතත් යුක්‌රේනයේ පදිංචියට ගොස් තිබිණි. යහපාලන ආණ්‌ඩුවේ පොලිසියෙන් ඔහුව සොයමින් සිටින බව ආරංචි වූ විට උදයංග කළේ රාජපක්‍ෂවරුන්ට හා ඔවුන් සමඟ සිටි නිලධාරීන්ට එරෙහිව යහපාලන ආණ්‌ඩුව දඩයමක් දියත් කර ඇති බවත්, ඒ දඩයම පහසු කර දීම සඳහා ලංකාවට පැමිණීමට කිසිදු බලාපොරොත්තුවක් තමාට නැති බවත්, දඩයම්කරුවන්ට උපරිම අපහසුතාවය ඇතිවන ආකාරයට කටයුතු කිරීම තමාගේ යුතුකම ලෙස සලකන බවත් කියමින් පිටරට සිට ලංකාවේ මාධ්‍යයට නිවේදන නිකුත් කිරීමය. උදයංග ලංකාවට නොඑන නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මේ වන විට මහෙස්‌ත්‍රාත් උසාවිය හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගෙන ඇත. 2006 දී මිග් ගනුදෙනුවේ එතරම් වැදගත් චරිතයක් ලෙස නොපෙනුණු උදයංග අද වන විට එහි කේන්ද්‍රීය චරිතය බවට පත්වී ඇති ආකාරය අපට පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ වාර්තාවලින් බලාගත හැක. මේ මිග් ගනුදෙනුව ආරම්භ වන විට උදයංග යුක්‌රේනයේ ශ්‍රී ලාංකික කොන්සල්වරයා වශයෙන් ගරු සේවයක් කරමින් සිටි අතර ඒ ගනුදෙනුව අතරතුර ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති හැටියට පත්විය. ඔහු දැරූ මේ තනතුරු නිසා මිග් ගනුදෙනුව සම්බන්ධව කටයුතු කිරීම ඔහුගේ රාජකාරියේ කොටසක්‌ද විය. එමෙන්ම උදයංගට ගුවන් හමුදාවේ දන්න හඳුනන අයද බොහෝ දෙනෙක් සිටියේය. ගුවන් හමුදාව 1991 දී මුල් වරට යුක්‌රේනයෙන් ඒ එන් 32 වර්ගයේ ප්‍රවාහන යානා මිලදී ගත් තැන සිට ගුවන් හමුදා නිලධාරීන් නිතරම යුක්‌රේනයට පැමිණි අතර ඒ සියලු දෙනාම උදයංගව දැන හඳුනගෙන තිබිණි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම මහෙස්‌ත්‍රාත් උසාවියට කරුණු දක්‌වනු ලැබුවේ 2015 මාර්තු 26 වැනිදා අංක 639/15 දරන බී වාර්තාවෙනි. ඒ අවස්‌ථාවේදී අවධානයට යොමු වී තිබුණේ 2006 දී ඉංගී්‍රසි පුවත්පත් දෙකක් විසින් ගෙනහැර දක්‌වා තිබිණු ප්‍රහාරක යානා වල මිල වෙනස්‌වීම පිළිබඳ කාරණයත්, ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කර තිබීම යන කාරණයත්ය. නමුත් අවුරුදු එකහමාරක් පමණ විමර්ශනය කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ අවධානය වෙන පැත්තකට යොමු විය. 2016 සැප්තැම්බර් 26 වැනිදා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර සිටියේ මිග් 27 යානා 4 ක් මිලදී ගැනීමටත් තවත් මිග් යානා 4 ක් අලුත්වැඩියා කිරීමටත් 2006 දී ඇතිකර ගන්නා ලද ගිවිසුම අත්සන් කර තිබුණේ ස්‌ථාන දෙකකදී බවත් එයට යුක්‌රින්මාෂ් හා බෙලිමීෂා හෝල්ඩිංග්ස් යන පාර්ශ්වකරුවන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ නිල නිවසේදී අත්සන් තැබූ බවත් ඉන්පසු තානාපතිවරයා විසින් එම ගිවිසුම කොළඹට ගෙනවිත් ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ලබාගත් බවත් ය. මෙතැන් සිට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් හැම කෙනකුගෙන්ම උදයංග වීරතුංග ගැනත් අසා තිබුණු බව ඔවුන්ගේ වාර්තා වලින් පෙනේ.
2016 ඔක්‌තෝබර් 11 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කියා සිටියේ උදයංග වීරතුංග 2006 මිග් ගිවිසුමේ පිටපත් හතරකට රුසියාවේදී යුක්‌රින්මාෂ් හා බෙලිමීසා යන සමාගම්වල නියෝජිතයන්ගේ අත්සන් ගෙන ඉන්පසු එම පිටපත් සමඟ ලංකාවට පැමිණ ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ඒවාට ලබාගෙන ඉන් එක පිටපතක් ගුවන් හමුදාපතිවරයාට දී ඉතිරි පිටපත් තුන යුක්‌රින්මාෂ් හා බෙලිමීසා සමාගම්වලට දීමට යෑයි කියමින් ගෙනගිය බවයි. මේ වාර්තාවේ මුලු විමර්ශනයම වෙනත් අතකට යොමු කළ ලිපියක් ගැන ද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සඳහන් කොට තිබිණි. ඔවුන් මේ ගනුදෙනුව ගැන ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය හරහා යුක්‌රේනයේ අධිකරණ අමාත්‍යාංශයෙන් විමසා තිබුණු අතර යුක්‌රේනයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2016 ජුනි 24 දිනැති ලිපියෙන් ලංකාවට දැනුම් දී ඇත්තේ යුක්‌රින්මාෂ් සමාගම හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ගිවිසුමක් අත්සන් කර නැති බවත්, එවැනි ගිවිසුමක් යුක්‌රින්මාෂ් හා බෙලිමීසා හෝල්ඩිංග්ස් සමාගම අතරද අත්සන් කර නැති බවත්ය. යුක්‌රේනයෙන් ලැබුණු ඒ ලිපිය මත පදනම්ව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර සිටියේ මිග් – 27 යානා 4 ක් මිලදී ගැනීමටත් තවත් මිග් යානා හතරක් අලුත්වැඩියා කිරීම සඳහාත් 2006 ජුලි 26 වැනිදා එළඹුණු එස්. එල්. ඒ. එෆ්. 2006/07/ඒ. අයි. ආර් අංකය දරන ගිවිසුම උදයංග වීරතුංග විසින් සකසන ලද කූට ලේඛනයක් බවත් ඔහු එයට වංචනිකව ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ද ලබාගෙන ඇති බවත්ය.
මේ ලියවිල්ල කූට ලේඛනයක් බව තහවුරු කිරීමට යුක්‌රින්මාෂ් සමාගමේ අධ්යක්ෂ ඩී. ඒ. පෙරුගුඩොව් මේ ගිවිසුමට තබා ඇති අත්සනත් ඔහු ශ්‍රී ලංකා රජය සමඟ හුවමාරු කරගෙන තිබුණු වෙනත් ලිපිවල තිබූ අත්සනත් අතර වෙනසක් ඇති බවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කියා සිටියේය. මේ ගිවිසුමට රුසියාවේ උදයංගගේ නිල නිවසේදී යුක්‌රින්මාෂ් සමාගමේ හා බෙලිමීසා සමාගමේ නියෝජිතයන් අත්සන් තැබූ අවස්‌ථාවේ ඒ අත්සන්වලට සාක්‍ෂිකරුවකු වශයෙන් අත්සන් කළ තානාපති නිලධාරියා ද මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පවසා තිබුණේ එදා ඒ ගිවිසුම අත්සන් කළ පුද්ගලයන් ඔහු පුද්ගලිකව හඳුනන්නේ නැති බවත්, එම ගිවිසුමේ ඩී. ඒ. පෙරුගුඩොව්ගේ අත්සන් වෙනත් ලිපිවල ඇති අත්සනට වඩා වෙනස් බවය. මේ සාක්‍ෂි මත පදනම්ව උදයංග වීරතුංග දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූඨටලේඛන සැකසීමක් කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කර සිටියේය. තවද 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෙවීම් කර ඇත්තේ යුක්‌රින්මාෂ් සමාගමට නොව බෙලිමීසා හෝල්ඩිංග්ස් නමැති තුන්වැනි පාර්ශ්වයකට බවත් බෙලිමීසා හෝල්ඩිංග්ස් සමාගම විසින් එම මුදල් යුක්‌රින්මාෂ් සමාගමට ලබාදී නැති බවත් එමනිසා උදයංග වීරතුංග කූට ලේඛනයක් සකසා රජයෙන් මුදල් වංචා කර ඇති බවත්, මෙය දණ්‌ඩ නීති සංග්‍රහයේ 400 සහ 459 වගන්ති යටතේ අපරාධයක් බවත් ව්‍යාජ ලේඛන යොදාගෙන රජයේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 1982 අංක 12 දරන රාජ්‍ය දේපළ සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ පනතේ 5 වැනි වගන්තිය යටතේ ද උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙන බවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උසාවියට වාර්තා කළ තවත් කාරණයක් වූයේ එස්. එල්. ඒ. එෆ්/2006/07/ඒ. අයි. ආර්. අංකය දරන ගිවිසුමේ මුල් පිටපත 2009 ජුනි 4 වැනිදා තෙක් ගුවන් හමුදාව සතුව තිබුණු බවත් ඉන්පසු එය ගල්කිස්‌ස දිස්‌ත්‍රික් උසාවියට ඉදිරිපත් කිරීම සඳහා දැන් විශ්‍රාම ගොස් ඇති එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි මහතාට ලබාදී තිබුණු බවත් කුමාරසිරි මහතා 2014 සැප්තැම්බර් 12 වැනිදා විශ්‍රාම ගිය බවත් ඔහු විශ්‍රාම යාමට පෙර එම ලියවිල්ල තම අංශයේ නිලධාරීන්ට බාරදී ඇති බව නොපෙනෙන බවත්, එම ගිවිසුමේ මුල් පිටපත දැන් සොයා ගැනීමට නොහැකි බවත්ය.
මේ අනුව 2006 දී ඉංගී්‍රසි පුවත්පත් දෙකක් විසින් මුලදී නැගූ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම පසකට තල්ලු වී වෙනත් කාරණා ඉදිරියට ඇවිත් තිබෙන බව පෙනේ. මා පසුගිය සතියේ ලිපියෙන් පෙන්වා දුන් පරිදි මිග් යානා වල මිල හෝ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කිරීම ගැන විමර්ශනය කිරීමට නිමිත්තක් නැති නිසා මේ ආකාරයට මිග් විමර්ශනය උදයංග වීරතුංග වටා කැරකෙන බව පැහැදිලිය. මොන විමර්ශනයක් වුවත් ව්‍යවහාර ඥනයට හා සාමාන්‍ය බුද්ධියට අනුකූලව සිදුවිය යුතුය. යුක්‌රින්මාෂ් සමාගම හා ගුවන් හමුදාව අතර කිසිදු ගිවිසුමක් නොතිබුණ බවත් උදයංග වීරතුංග ගුවන් හමුදාවට කූට ලේඛනයක් ඉදිරිපත් කොට රජයේ මුදල් වංචා කළා යෑයි කීවද 2006 දී යුක්‌රින්මාෂ් සමාගම, අලුත් ගුවන්යානාවලට සමාන සේවා කාල සහතික සහිත මිග් – 27 ප්‍රහාරක යානා හතරක් ලංකාවට ගෙනත් දුන් අතර ගුවන් හමුදාව සතුව තිබුණු තවත් මිග් යානා 4 ක් යුක්‌රේනයට ගෙන ගොස් එහිදී මාස ගණනක් තිස්‌සේ අලුත්වැඩියා කර නැවත ලංකාවට ගෙනත් දුන්නේය. ඒ මිග් ගුවන් යානා අටම යුද්ධ කාලයේදී භාවිතා කර, යුද්ධයත් දිනා ඉන් එකක් වත් විනාශ නොවී අදටත් ගුවන් හමුදාව සතුව තිබේ.
2006 ජුලි 26 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් යුක්‌රින්මාෂ් සමාගමත් බෙලිමීසා සමාගමත් අතර ඇතිවූ ත්‍රිපාර්ශ්වික ගිවිසුමට යුක්‌රින් මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් කළ ඩී. ඒ. පෙරුගුඩොව්ගේ අත්සන වෙනත් ලියවිලි වල තිබෙනවාට වඩා වෙනස් බව කියමින් මෙය කූට ලේඛනයක් බව තහවුරු කිරීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය උත්සාහ ගෙන තිබුණ ද, එදා එම ලියවිල්ලට අත්සන් කළේ ඩී. ඒ. පෙරුගුඩොව් නොව ඔහු වෙනුවෙන් යුක්‌රින්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා වූ ගෙනාඩි ස්‌ටුඩෙනිකින් බව උදයංග වීරතුංග කියයි. ඒ ගනුදෙනුව සඳහා පෙරුගුඩොව්ගේ බලය ලත් නියෝජිතයා වූයේ ස්‌ටුඩෙනිකින්ය. යුක්‌රින්මාෂ් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ස්‌ටුඩෙනිකින් මේ ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණ තිබුණා පමණක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් ගුණතිලක හා ගුවන් යානා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ඊ. ජී. අයි. පී. ද සිල්වා වැනි නිලධාරීන් යුක්‌රේනයට ගිය විට ඔවුන්ව යුක්‌රින්මාෂ් සමාගම වෙනුවෙන් පිළිගෙන තිබුණේ ද මේ ස්‌ටුඩෙනිකින්මය. එපමණක් ද නොව මිලදී ගත් මිග් 27 යානා හතර සහ අලුත්වැඩියා කරන ලද මිග් යානා හතර ලංකාවට බාරදීමේදී එකල ගුවන් කොමදොaරු ඊ. ජී. අයි. පී. ද සිල්වා සමඟ “අවසන් භාර දීමේ සහතික” වලට යුක්‌රින්මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් තැබූ පුද්ගලයා ද මේ ස්‌ටුඩෙනිකින්ය.
එසේ නම් යුක්‌රේනියානු නීති බලධාරීන් යුක්‌රින්මාෂ් සමාගම හා ලංකාව අතර එස්. එල්. ඒ. එෆ්/2006/07/ඒ. අයි. ආර්. අංකය දරන ගිවිසුමක් නොතිබුණ බව කියමින් ලංකාවේ නීති බලධාරීන්ට දන්වා එවා තිබුණේ මන්ද යන ප්‍රශ්නය පැනනගී. මෙහිදී අප මතක තබාගත යුත්තේ මේ මිග් ගනුදෙනුවට පසුව යුක්‌රේනයේ ප්‍රචණ්‌ඩකාරී ආණ්‌ඩු වෙනසක් සිදුවී, ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු බලයෙන් පහකොට රටද කැබලිවලට කැඩී ගොස් මහා කලබැගෑනියක් සිදුවූ බවය. යුක්‌රින්මාෂ් සමාගම රජයට අයත් ආයතනයක් වන නිසා එහි බලධාරීන් ද ආණ්‌ඩු වෙනසත් සමඟ වෙනස් වූ බවට සැකයක් නැත. යුක්‌රේනයේ අද සිටින දේශපාලන බලධාරීන් කලින් සිටි බලධාරීන්ගේ පරම සතුරන්ය. යුක්‌රේනයේ නීතිපති දෙපාර්මේන්තුවෙන් ලංකාවට එවා තිබෙන ලිපිය සැලකිල්ලට ගැනීමේදී යුක්‌රේනයේ සිදුවූ ප්‍රචණ්‌ඩකාරී ආණ්‌ඩු පෙරළියත් සැලකිල්ලට ගත යුතුය.
මම අද මේ මිග් ගනුදෙනුව ගැන “ඉරිදා දිවයින”ට ලියන්නේ මීට කලින් “ද අයිලන්ඩ්” පුවත්පතට ලියූ විශේෂ වාර්තාවක අන්තර්ගතයයි. පසුගිය ඉරිදා දිවයිනේ මේ ලිපියේ මුල් කොටස පළවීමෙන් පසු මට අපූරු ආරංචියක් ලැබිණි. මේ සම්බන්ධයෙන් මම ද අයිලන්ඩ් පුවත්පතට ලියූ ලිපි පෙළ දැක යුක්‌රේන බලධාරීන් මේ කාරණය ගැන නැවත සොයා බැලීමට පටන්ගෙන තිබිණි. ඒ අනුව යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුව 2006 දී යුක්‌රින්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකව සිටි ගෙනාඩි ස්‌ටුඩෙනිකින් මහතාගෙන් දීර්ඝ කටඋත්තරයක් ලබාගෙන තිබුණු අතර එහිදී ස්‌ටුඩෙනිකින් මහතා විමර්ශන නිලධාරී වයි. ඩී. කොවල්ෂුක්‌ට පවසා ඇත්තේ 2006 ජුලි 26 වැනිදා එස්. එල්. ඒ. එෆ්/2006/07 ඒ. අයි. ආර්. අංකය යටතේ යුක්‌රින්මාෂ් සමාගමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් බෙලිමීසා හෝල්ඩිංග්ස් සමාගමත් අතර සැබවින්ම ගිවිසුමක් තිබුණු බවත්, එයට යුක්‌රින්මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් කළේ තමන් බවත් ඒ ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඔහු ලංකාවට ගොස් තිබෙනවා පමණක් නොව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් යුක්‌රේනයට පැමිණ කළ සාකච්ඡාවලට ද සහභාගි වී ඇති බවත් ය. මේ කටඋත්තරය නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව ගැන මෙතෙක් කරමින් සිටි විමර්ශනය සම්පූර්ණයෙන්ම කනපිට හැරවේ. යුක්‌රේන නීතිපති දෙපාර්තමේන්තුව ලංකාව සමඟ මෙම ගනුදෙනුවට සම්බන්ධ යුක්‌රින්මාෂ් සමාගමේ තවත් සේවකයන්ගෙන් කටඋත්තර ඉදිරියේදී ලබාගැනීමට නියමිතය.
යුක්‌රින්මාෂ් යනු 1990 ගණන්වල මුල සිටම ලංකාවට හා විශේෂයෙන්ම ගුවන් හමුදාවට භාණ්‌ඩ සැපයූ ආයතනයකි. ලංකාවත් යුක්‌රින්මාෂ් සමාගමත් අතර එක් ගනුදෙනුවක් නොව දශක දෙක තුනක් මුළුල්ලේ ගනුදෙනු රාශියක්‌ම විය. 2006 ජුලි 26 දින දරන ගිවිසුමේ මුල් පිටපතක් අද සොයා ගැනීමට නොහැකි වුවත් මේ ගිවිසුමට සම්බන්ධ නිලධාරීන්ගේ කටඋත්තරවලින් හා එම ගනුදෙනුවට අදාළ වෙනත් ලියවිලි වලින් එවැන්නක් ඇත්තටම තිබුණු බව තහවුරු කළ හැක. එම ගිවිසුමට අදාළ මුල් ලියවිල්ල ලංකාවේදී ජයනාත් කුමාරසිරි මහතා විසින් ගල්කිස්‌ස දිස්‌ත්‍රික් උසාවියට සාක්‍ෂි වශයෙන් ලබා දුන් පසු එය අවතැන් වූ බව කීවත් ගල්කිස්‌ස උසාවිය සතුව ඇත්තේ මුල් ගිවිසුමේ සත්‍ය පිටපතක් බව සක්‌සුදක්‌සේ පැහැදිලිය. යුක්‌රින්මාෂ් සමාගම හා ලංකාව අතර ගිවිසුමක් තිබුණු බව තහවුරු කිරීමට 2006 ජුනි 09 වැනිදා එවක ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා යුක්‌රින්මාෂ් අධ්‍යක්‍ෂක ඩී. ඒ. පෙරුගුඩොව් ට යෑවූ “සහතික කිරීමේ ලිපිය” වැනි වෙනත් ලියවිලි ද ඇත. මේ සහතික කිරීමේ ලිපියෙන් එවක ගුවන් හමුදාපතිවරයා ඉල්ලා තිබුණේ යුක්‌රින්මාෂ් සමාගම සමඟ එකඟ වූ පරිදි ගෙවීම් කරන බවට තමා සහතික කරනු ලබන අතර, අවසන් ගිවිසුම අත්සන් කරන තුරු බලා නොසිට ලංකාවේ තිබෙන තත්ත්වය නිසා ඉක්‌මනින්ම ගුවන් යානා අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන ලෙසය.
2006 ජුලි 27 වැනිදා මේ ගිවිසුම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේ අත්සන් කිරීම ද අක්‍රමිකතාවයක් නොවේ. ලංකාව පිටරටවල තානාපති කාර්යාල පවත්වාගෙන යන්නේ ද මෙවැනි කටයුතුවලටය. මෑතකදී මිග් ගනුදෙනුවට අදාළ පුවතක් හැටියට මාධ්‍යයේ පළවූ ප්‍රවෘත්තියක් වූයේ උදයංග වීරතුංග ලංකාවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් අත්හිටුවා ඇති බවත් ඒවායේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 කට සමාන මුදල් ප්‍රමාණයක් තිබෙන බවත් ය. මේ මුදල් මිග් ගනුදෙනුවේ කොමිස් මුදල් යෑයි හැඟවෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කොට තිබුණත් මෙය 1990 සිට පිටරට ජීවත් වෙමින් තමන් කරන ව්‍යාපාරවලින් ලැබෙන ලාභය ලංකාවට එවීමෙන් කාලයක් මුළුල්ලේ එකතුවුණු මුදලක් බව උදයංග කියයි. කොමර්ෂල් බැංකුවේ සහ එච්. එස්. බී. සී. බැංකුවේ මෙකී අනේවාසික ගිණුම් ඔහු ආරම්භ කරනු ලැබුවේ පිළිවෙළින් 1990 හා 1999 යන වසර වල බව උදයංග කියයි. එය එසේ නොව මේ ගිණුම්වල ඇත්තේ කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් එකතු වූ මුදලක් නොව එකවර ඉපයූ කොමිස් මුදලක් බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පෙන්වා දී නැත. 1990 ගණන්වල මුල සිට යුක්‌රේනයේ ව්‍යාපාර කරමින් ලංකාවෙන් එන ඇමැතිවරුන් ඇතුළු දූත පිරිස්‌වලට තම පුද්ගලික වියදමෙන් සංග්‍රහ කරමින් සිටි අයකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් පමණ බැංකු ගිණුම් වල තිබීම අමුතු දෙයක් යෑයි කිව නොහැක. ලංකාව වෙනුවෙන් ගරු සේවයක් කිරීම පිණිස පිරටවල කොන්සල්වරුන් පත් කරන විට සැලකිල්ලට ගන්නා ප්‍රධානම කාරණයක් වන්නේ එම පුද්ගලයාට ඒ තත්ත්වය පවත්වාගෙන යැමට ආර්ථික ශක්‌තියක් තිබෙනවාද යන කාරණයයි.
උදයංග වීරතුංගගේ ගිණුම්වලට විටින් විට පැනමාව හා ලැට්‌වියාව වැනි රටවල්වලින් මුදල් බැරවී ඇති බවට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සොයාගෙන ඇති බවට ද පසුගියදා පුවතක් පළවිය. පැනමාව ගැන කතා කරන විට කලු සල්ලි සඟවන රූකඩ සමාගම් කාගේත් සිහියට නැගුණ ද පැනමාවේ ඇත්තේ නීති විරෝධී සමාගම් නොව සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූල සමාගම්ය. නමුත් මේ රූකඩ සමාගම් නීත්‍යානුකූල ව්‍යාපාරිකයන් පමණක් නොව නොයෙක් ජාවාරම්කරුවන් ද භාවිතා කරන බව සත්‍යයකි. මේ සම්බන්ධයෙන් උදයංග වීරතුංග කියන කතාව වන්නේ ලංකාවේ සියලුම අපනයනකරුවන්ට මෙන්ම තේ අපනයනකරුවකු වන ඔහුට ද ගැනුම්කරුවන් ගෙන් ගෙවීම් ලැබෙන්නේ පැනමාව වැනි රටවල් හරහා බවය. ලංකාවේ බොහෝ අපනයනකරුවන්ට පැනමාව වැනි රටවල් වල ගිණුම් වලින් නීත්‍යානුකූල ගනුදෙනු සඳහා ගෙවීම් ලැබෙන බවද ප්‍රත්‍යක්‍ෂ කරුණකි. යමෙකුට ගනුදෙනුවක් ගැන විස්‌තර සැඟවීමට අවශ්‍යතාවයක් තිබුණේ නම් කිසිදාක පැනමාව වැනි රටක සිට තම ශ්‍රී ලාංකික ගිණුම්වලට මුදල් ගෙන්වාගන්නේ නැති බවද කිව හැකිය. උදයංග වීරතුංගගේ ගිණුම්වලට පැනමාවෙන් මුදල් ලැබුණා යෑයි කීමෙන් නිත්‍යානුකූල නොවන දෙයක් සිදුවී ඇති බවක් ඔප්පු වන්නේ නැත. පිටරට සිට ලංකාවට එවන සියලුම මුදල් මහ බැංකුවේ මූල්‍යමය බුද්ධි අංශයට වාර්තා වන අතර උදයංග වීරතුංගගේ ගිණුම්වලට කාලාන්තරයක් මුළුල්ලේ එන මුදල් ගැන සැක සහිත තත්ත්වයක් තිබුණේ නම් එය මීට බොහෝ කලකට පෙර මහ බැංකුවේ අවධානයට යොමු වී තිබිය යුතුය.
උදයංග වීරතුංග ගැන විටින් විට විවිධ තොරතුරු මාධ්‍යයට ලබා දෙමින් මිග් ගනුදෙනුවේ කුමක් හෝ සැක සහිත දෙයක් තිබෙනවාය යන අදහස පවත්වාගෙන යැමට පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ උත්සාහයක් තිබෙන බව පැහැදිලිය. මෙය නීතියට අදාළ කාරණයක් ද නැතිනම් දේශපාලනයට අදාළ කාරණයක් ද යන්න තීන්දු කිරීම පාඨකයාට භාරය.
රාජපක්ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව-02
Related Images:
මතභේදාත්මක මිග්-27 ගනුදෙනුව – 4 කොටස
Major Breakthrough In MiG Deal Investigation
By C. A. Chandraprema , The Island Special Report , July 16, 2017, The Island
= Key witness gives statement to Ukrainian Prosecutor General’s Office

Following The Island’s three part Special Report on ‘The Rajapaksa Govt.’s controversial MiG deal’ in mid-May this year, we reliably learn that the Ukrainian authorities have reopened their investigation into this transaction which took place in 2006 between the Sri Lanka Air Force and the Ukrainian state owned enterprise UKRINMASH. The Financial Crime Investigation Division (FCID) has said it contacted the Ukrainian Justice Ministry through the Sri Lankan Justice Ministry and the Ukrainian authorities informed Sri Lanka by letter dated 24 June 2016 that no contract had been signed between the Sri Lankan Air Force and UKRIMNASH and that UKRINMASH had not signed any contract with Bellimissa Holdings either. The FCID has also reported the following facts:
1. The 2006 contract for the supply of four MiG-27s and overhaul of four other MiG aircraft was signed in two different places with UKRINMASH and the financier Bellimissa Holdings signing the contract at the official residence of Udayanga Weeratunga, the Sri Lankan Ambassador in Russia, and the contracts being thereafter brought to Colombo by Weeratunga to be signed by the Air Force Commander.
2. Weeratunga brought the 2006 MiG contract to Sri Lanka in quadruplicate after it had been signed by the representatives of UKRINMASH and Bellimissa Holdings in Russia. Upon the Air Force Commander placing his signature on it, he had left one copy with the Air Force and had taken away the other three copies saying that they had to be given to UKRINMASH and Bellimissa Holdings.
3. The original contract No: SLAF/2006/07/AIR for the supply of four MiG-27 aircraft and the overhaul of four other MiG aircraft was in the possession of the Air Force until 4 June 2009, when it was taken into the custody of now retired Air Vice Marshall Jayanath Kumarasiri to be produced as evidence in another case and that it had been in the possession of this officer until 12 September 2014 when he retired but that there is no evidence to show that it was handed over to the clerks in his department when he retired, and that the original copy is now missing.
4. The FCID also said that the signature of UKRINMASH Director D. A. Peregudov in the contract appears different to his signature in other correspondence with the Air Force. The embassy official in Russia who witnessed the signatures on the 2006 MiG contract has also told the FCID that he did not know the persons who signed on behalf of UKRINMASH and Bellimissa Holdings and there appeared to be a difference between the signature of D. A. Peregudov that in the contract and his earlier correspondence with the government of Sri Lanka.
Based on the letter received from the Ukrainian Prosecutor General’s Office stating that UKRINMASH had not signed any contracts with the Sri Lanka Air Force or Belimissa Holdings, and the above facts which came to light in the course of the investigation, the FCID reported that 2006 contract bearing No: SLAF/2006/07/AIR for the supply of four MiG-27 aircraft and the overhaul of four other MiG aircraft was a forgery, which Udayanga Weeratunga had presented to the Air Force Commander and obtained his signature on it through misrepresentation. On this basis, the FCID held that Weeratunga had committed the offences of forgery, cheating and the use of forged documents coming under Sections 454, 457, 400 and 459 of the Penal Code and also the dishonest misappropriation of public property through the falsification of documents which comes under Section 5 of the Offences Against Public Property Act No: 12 of 1982.
However, back in 2006 when questions were first raised about the MiG deal by two English newspapers, what was called into question was the difference in the prices paid for MiG aircraft in 2000 and 2006 and the fact that in 2006, the purchase money including the transport costs had been paid to a third party and not directly to the supplier. As we pointed out in our Special Report on this matter back in May this year, both these can be quite adequately and satisfactorily explained by perusing the documentation pertaining to the transaction. Back in 2006, nobody was even remotely suggesting that this entire contract was a forgery and that Udayanga Weeratunga had produced a forged document and defrauded the Sri Lankan state of the money paid for the MiG aircraft. However, that is the direction in which the FCID investigation went after the Ukrainian authorities had written to Sri Lanka on 24 June 2016 stating that there was no contract between UKRINMASH and the Sri Lankan Air Force and no contract between UKRINMASH and the financier of the transaction Bellimissa Holdings either.
Such an assertion was quite bizarre given the fact that UKRINMASH had had many dealings with Sri Lanka since the early 1990s, and four MiGs belonging to the SL Air Force had been fully overhauled in Ukraine in 2006 under the direct observation of SL Air Force officers who had been stationed in the UKRINMASH premises for the purpose and four additional MiG 27s had been bought and delivered and all the aircraft had been very effectively used in the war and were still in the possession of the Sri Lanka Air Force. Following our Special Report in mid-May, the Ukrainian authorities have taken steps to reopen their investigation into the case of the missing contract documents. The Prosecutor General’s Office in Ukraine has now obtained a statement from Gennadii Studenikin the then Deputy Director of UKRINMASH, who had signed the 2006 MiG contract with Sri Lanka on behalf of D. A. Peregudov, Director of UKRINMASH.
Studenikin, who gave his statement over a period of three days has told the investigating officer Y. D. Kovalchuk that the agreement among the Sri Lanka Air Force, UNRINMASH and Bellimissa Holdings bearing number SLAF/2006/07/AIR signed on 26 July 2006 was a genuine agreement, and that he had signed it on behalf of UKRINMASH at the residence of the Sri Lankan ambassador to Russia. He also stated that the agreement had been signed by other employees of UKRINMASH as witnesses and that an officer of the Sri Lankan embassy had certified their signatures. Studenikin has also confirmed that he visited Sri Lanka with a team from UKRINMASH and negotiated the contract with Air Force officers over a period of two days. He has stated that he met many officers of the Sri Lanka Air Force including the Air Force Commander when they visited Ukraine and several rounds of discussions about this contract took place in Ukraine as well. He has also referred to the ‘letter of guarantee’ dated 9 June 2006 written by Air Force Commander Donald Perera to UKRINMASH Director D. A. Peregudov guaranteeing that the contract for the supply of four MiG-27s and the overhaul of four other MiG aircraft would be signed before 30 June 2006 and requested them to begin the overhaul of the planes without waiting for the contract to be signed in view of the possibility of the resumption of war in Sri Lanka. Studenikin has further told the Ukrainian Prosecutor General’s Office that he was involved in work relating to this contract over a period of about three years.
We learn that the Ukrainian Prosecutor General’s Office will be interviewing the other employees of UKRINMASH who had anything to do with this contract in the coming days. The statement given by Gennadii Studenikin to the effect that there was in fact a contract between UKRINMASH and the Sri Lanka Air Force which he had negotiated and signed himself, will have a major impact on the FCID’s present line of investigation into the MiG deal on the basis that there was no contract and that forged documents had been used to defraud the Sri Lankan state of millions of US Dollars.
Related Images:
රාජපක්ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව – 1
සී. ඒ. චන්ද්‍රප්‍රේම
වැඩි මුදලට ප්‍රහාරක යානා ලබාගැනීම හා ගෙවීම් හොර සමාගමකට බැර කිරීම…
රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට පැමිණි අලුත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක් අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක් යුක්‌රේනයෙන් මිලදී ගැනීමේදී සිදුවූවා යෑයි කියන මහා වංචාවක් ගැන මුලින්ම හෙළිදරව් වූයේ 2006 දී ඉංග්‍රීසි පුවත්පත් දෙකක පළ වූ වාර්තා වලිනි. 2015 ජනවාරියේදී සිදුවූ ආණ්‌ඩු වෙනසින් පසු මේ මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට අලුත් ආණ්‌ඩුව උනන්දුවක් දක්‌වා ඇත. එම විමර්ශනයේ ප්‍රගතිය ගැන ඉඳහිට මාධ්‍ය වාර්තා ද පළ වේ. වසර 2000 දී ගුවන් හමුදාව මුල්වරට මිග් – 27 යානා හතරක් මිලදීගත් අවස්‌ථාවේදී ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ, විශේෂ වාහන හා අමතර කොටස් ද සහිතව එක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් විය. එම වසරේදීම මාස කීපයකට පසු තවත් මිග් – 27 යානා දෙකක් මිලදී ගනු ලැබූ අතර ඉන් එකක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් විය. එයත් සමඟ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානාවක් ද ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබිණි. මේ සියල්ලම ලංකාවට ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 845,000 ක් විය.
නමුත් 2006 රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ තවත් මිග් යානා හතරක් මිලදී ගන්නා විට එක ප්‍රහාරක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් 2,462,000 ක් වූ අතර ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 460,000 ක් විය. මෙයත් සමඟ 2000 වසරේදී මිලදී ගනු ලැබූ මිග් යානාවලින් ඉතිරිව තිබූ යානා හතරක් අලුත්වැඩියා කරනු ලැබූ අතර මෙය ද අධික මිලට කරනු ලැබූ බවට චෝදනාවක් විය. 2000 දී ඇ. ඩො. ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබූ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානය 2006 දී ඇ. ඩො. ලක්‌ෂ 11 කට – එය මිලදීගත් මුදලටත් වඩා – වැයකරමින් අලුත්වැඩියා කිරීම මීට උදාහරණයක් වශයෙන් දක්‌වා තිබුණි. 2006 මිග් ගනුදෙනුවට සම්බන්ධ අනෙක් චෝදනාව වූයේ මිග් – 27 යානා හතරක් මිලදී ගැනීම සඳහාත් ගුවන් හමුදාවට තිබුණු මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහාත් ගෙවනු ලැබූ මුදල සැපයුම්කරු වන යුක්‌රේනයේ “යුක්‌රීන්මාෂ්” සමාගමට නොගෙවා බෙලිමීසා හෝල්ඩිංග්ස් සමාගම නමැති සැකසහිත තුන්වැනි පාර්ශ්වයකට ගෙවා තිබීමයි. මේ බෙලිමීසා හෝල්ඩිංග්ස් සමාගම සැබෑ ව්‍යාපාරික සමාගමක් නොව හොර ගනුදෙනු සඳහා පවත්වාගෙන යනු ලැබූ රූකඩ සමාගමක් බවට ද 2006 දී පෙර කී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ පළ වූ වාර්තාවල සඳහන් විය. 2006 මහා මිග් මගඩිය වශයෙන් අදහස් වන්නේ මේ චෝදනා දෙකය.
2000 දීත් 2006 දීත් මිලදී ගනු ලැබූ මිග් ගුවන්යානාවල මිලෙහි සැලකිය යුතු වෙනසක් තිබීමට හේතුව අදාළ මිලදීගැනීමේ ගිවිසුම් හා වෙනත් ලියෑවිලි කියවා බැලීමෙන් පැහැදිලි වේ. මෙකී මිග් ප්‍රහාරක යානා ගනුදෙනුවට අදාළ සියලුම ලියෑවිලි ගල්කිස්‌ස දිස්‌ත්‍රික් උසාවියේ නඩුවකට අදාළ ලිපි ලේඛන හැටියට තැන්පත් වී ඇත. 2006 දී රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට එන විට 2000 වසරේදී මිලදී ගන්නා ලද මිග් යානා හතෙන් තුනක් 2001 ජූලි 24, 2001 අගෝස්‌තු 18 හා 2004 ජූලි 09 යන දිනවලදී විනාශ වී තිබුණි. ඉතිරි මිග් යානා හතරේ සේවා කාලය ඉකුත් වී තිබීම හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක විය. එවක සිටි ගුවන් හමුදාපතිවරයා තවත් මිග් යානා හතරක් මිලදී ගත යුතු යෑයි එකල පැවති එජාප ආණ්‌ඩුවට 2003 මාර්තු 12 දින ඇති ලිපියකින් නිර්දේශ කරනු ලැබූ අතර එම වසරේදීම ඒ සඳහා ලන්සු කැඳවීමක් ද සිදුවිය. 2003 අප්‍රේල් 22 වැනිදා යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම මිග් – 27 යානා හතරක් සැපයීම සඳහා ඉදිරිපත් කළ ලංසුව පිළිගත යුතු යෑයි ගුවන් හමුදාපතිවරයා එජාප ආණ්‌ඩුවට නිර්දේශ කර තිබුණි. නමුත් 2003 දී මේ මිලදී ගැනීම සිදුවූයේ නැත.
2004 අප්‍රේල් මාසයේදී එජාප ආණ්‌ඩුව පරාජය වී නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් ආණ්‌ඩුවක් පිහිටුවනු ලැබූ අතර ඒ ආණ්‌ඩුව යටතේ ද මේ මිලදීගැනීම සිදුනොවුණි. 2006 ජනවාරි 25 වැනිදා අලුතෙන් ආරක්‌ෂක ලේකම් ධුරයට පත්වී සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ද ලිපියක් ලියමින්, ගුවන් හමුදාපතිවරයා විසින් මේ මිග් ප්‍රහාරක යානා හතර මිලදී ගැනීමේ කාරණය නැවතත් ඉදිරිපත් කරනු ලැබීය. අලුත් ආණ්‌ඩුව එම ඉල්ලීමට කන් දුන්නේය.
2006 වන විට ලෝකයේ කොතැනකවත් අලුත් මිග් යානා නොතිබුණි. මේ ප්‍රහාරක යානා මොඩලය අභිබවමින් මිග් – 29, මිග් – 31 යනාදී වශයෙන් වෙනත් නවීන මොඩල වෙළෙඳපොළට පැමිණ බොහෝ කලක් ගතවී තිබුණි. නමුත් ඒ නවීන මිග් ප්‍රහාරක යානාවල මිල ඉතාමත් අධික විය. එමෙන්ම එතරම් ප්‍රබල ප්‍රහාරක යානා ලංකාවේ කාර්යයට අවශ්‍ය ද නොවීය. 2000 දී මුල්වරට මිග් – 27 යානා ගෙන්වීමෙන් පසු ඒවා ක්‍ෂණිකවම ගුවන් හමුදාව වඩාත් ප්‍රියකරන මොඩලය බවට පත්විය. වෙළෙඳපොළේ පැවති සියලුම මිග් – 27 යානා පැරැණි ඒවා වූ අතර ඉන් එක් එක් යානාවක පවතින සේවා කාලය අනුව මිල වෙනස් විය. ඉතිරි වී ඇති සේවා කාලය වැඩි නම් මිල වැඩිය. එය අඩු නම් මිලත් අඩුය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ ජයනාත් කුමාරසිංහ මහතා ගල්කිස්‌ස දිස්‌ත්‍රික් උසාවියේ සාක්‌ෂි දෙමින් පවසා සිටියේ 2000 වසරේදී මිලදීගන්නා ලද සියලුම ගුවන් යානා මිලදීගෙන තිබුණේ ‘පැවතුන තත්ත්වයෙන්ම’ මිස අලුත්වැඩියා කිරීමකින් පසුව නොවන බවයි. ගුවන්යානයක සේවා කාලය තීන්දු කරනු ලබන්නේ යානයේ කඳ සහ එන්ජිම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමකට යොමුකිරීම සඳහා ඉතිරි වී ඇති කාලය අනුවයි.
මිග් – 27 ප්‍රහාරක යානාවකට තිබිය හැකි උපරිම සේවා කාලය ගුවන් යානාවේ කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 ක් හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 ත් වේ. මෙහිදී පියාසර කරන පැය ගණන මෙන්ම අලුත්වැඩියාවකින් පසු ගතවන කාලය ද එක ලෙස වැදගත් වේ. ගුවන් යානාවක් අලුත්වැඩියා කිරීමෙන් පසු පියාසර නොකෙරුවත් කාලය ගතවීමෙන් පමණක් ඇතිවන පිරිහීමක් ද වේ. ගුවන් යානාවක සේවා කාලය පියාසර කරන පැය ගණන මෙන්ම අවුරුදු ගණනක් වශයෙන් ද ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. පියාසර පැය ගණන ඉකුත් වී නොතිබුණත් අදාළ අවුරුදු ගණන ඉක්‌මවා තිබේ නම් එම ගුවන්යානය අලුත්වැඩියාවකට යොමුකළ යුතුවේ. එම නිසා මිග් – 27 යානා මිලදීගැනීමේදී වැදගත් වන කාරණය වන්නේ විකුණුම්කරුවා අදාළ ගුවන්යානා සඳහා ලබාදෙන සේවා කාලය පිළිබඳ සහතිකයයි. 2000 දී මිලදීගත් මිග් යානා 7 සඳහා ලබාදී තිබුණු උපරිම සේවා කාල සහතිකය අවුරුදු 2 කි. නමුත් 2006 දී මිලදී ගනු ලැබූ හා අලුත්වැඩියා කරනු ලැබූ සියලුම මිග් – 27 යානා සඳහා යුක්‌රින්මාෂ් සමාගම ගුවන්යානා කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මිග් 23 යානයේ එන්ජිමේ සේවා කාලය පමණක් එම මොඩලයට ආවේණික ආකාරයට පියාසර පැය 400/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මේ කාරණා 2006 ජූලි 26 වැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් පැහැදිලි වේ.
මේ අනුව අපට පෙනීයන්නේ 2006 දී මිලදී ගනු ලැබූ මිග් – 27 යානාවක මිල ඇ. ඩො. 2,462,000 ක් වශයෙන් සඳහන් වූයේ ඒවාට අලුත් ගුවන්යානාවලට සමාන සේවා කාල සහතික තිබුණු නිසා බවයි. 2000 දී ගත් මිග් යානාවල සේවා කාලය ඉකුත් වූ පසු ගුවන් හමුදාව මේවා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් හා යුක්‌රේනයෙන් ලංසු කැඳවා තිබුණි. 2004 දී සිංගප්පූරුවේ ඩී. එස්. එලයන්ස් සමාගම ගුවන් හමුදාව සතු මිග් – 27 යානා තුන හා මිග් – 23 පුහුණු කිරීමේ යානය අලුත්වැඩියා කිරීමට ඇමෙරිකානු ඩොලර් 4,949,380 ක් ඉල්ලා තිබුණි. මේ ගුවන්යානා ලංකාවෙන් ගෙනගොස් ආපසු ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තු වෙනම ගෙවිය යුතු විය. ඩී. එස්. එලායන්ස් යනු 2000 දී මේ ගුවන්යානා මුලින්ම ලංකාවට විකුණූ ආයතනයයි. එමෙන්ම 2006 දී මෙකී මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස් සමාගම ද ලංසු ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ඒ සඳහා ඇ. ඩො. 6,578,660 ක් හා ප්‍රවාහන ගාස්‌තු හැටියට තවත් ඇ. ඩො. 650,216 ක් ඉල්ලා තිබුණි. ඒ කාලයේම යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමත් මේ අලුත්වැඩියාව සඳහා ලංසුවක් ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් අලුත්වැඩියාවට ඇ. ඩො. 4,520,000 ක් හා ප්‍රවාහන ගාස්‌තු වශයෙන් ඇ. ඩො. 240,000 ක් ඉල්ලා තිබුණි. වෙනම මිලදීගන්නා මිග් – 27 යානා හතරේ ප්‍රවාහනයත් සමඟ මේවා එකට යන එන නිසා ප්‍රවාහන ගාස්‌තුව සෑහෙන ගණනකින් අඩුවිය. ගුවන් හමුදාව සතුව තිබුණු මිග් යානා හතර අලුත්වැඩියා කිරීමට මේ ආකාරයට රටවල් තුනකින් ඉදිරිපත් කර තිබූ ලංසු අනුව අඩුම මිල යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම ඉදිරිපත් කර තිබූ බව පැහැදිලිය.
2006 දී මේ මිග් ගනුදෙනුව ගැන පෙරකී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ අසා තිබුණු ප්‍රශ්නයක් වූයේ 2000 දී ඇ. ඩො. ලක්‌ෂ 9 කට මිලදීගත් මිග් 23 ගුවන්යානය අලුත්වැඩියා කිරීමට රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ ඇ. ඩො. 1,160,000 ක් වැය වූයේ කෙසේ ද යන්නයි. නමුත් ඉහත සඳහන් කරන ලද ලංසු වලදී මේ මිග් – 23 ගුවන්යානය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවේ ඩී. එස්. එලයන්ස් සමාගම ඇ. ඩො. 1,299,045 ක් ඉල්ලා තිබුණු අතර ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස් සමාගම ඇ. ඩො. 1,951,351 ක් ඉල්ලා තිබුණි. ඒ අනුව මේ සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ යුක්‌රින්මාෂ් සමාගම විසිනි.
2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ කාලයේ නඟනු ලැබූ ඊළඟ ප්‍රශ්නය වූයේ 2000 දී මිග් යානා මිලදී ගැනීමට ගිය මුදල අදාළ විකුණුම්කාර සමාගමට ගෙවා තිබුණ ද 2006 දී මිග් – 27 යානා හතරක් මිලදීගැනීම හා තවත් මිග් යානා හතරක් අලුත්වැඩියා කිරීම සඳහා ගිය මුදල සැපයුම්කරු වූ යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමට නොගෙවා සැක සහිත තුන්වැනි පාර්ශ්වයක් වූ බෙලිමීසා හෝල්ඩින්ග්ස් නමැති සමාගමකට ගෙවා තිබුණේ මන්ද යන්නයි. 2006 පෙබරවාරි 6 වැනිදා යුක්‌රින්මාෂ්a සමාගම අදාළ ලංසුව ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ඉදිරිපත් කළ ලියෑවිල්ලේම සඳහන් කර තිබෙන පරිදි මේ ගනුදෙනුව සඳහා යුක්‌රින්මාෂ් සමාගමට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදුවන්නේ මූල්‍ය සමාගමක් විසින්ය. එමනිසා සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ සමාගමට බව එම ලියෑවිල්ලේ පැහැදිලිවම සඳහන් විය.
යුක්‌රින්මාෂ් සමාගමේ අධ්යක්ෂ ඩී. ඒ. පෙරුගුඩොව් පසුව ශ්‍රී ලංකා ආරක්‌ෂක අමාත්‍යාංශය වෙත ලිපියකින් දන්වා සිටියේ යුක්‌රින්මාෂ්a සමාගම යුක්‌රේන් රජයට සම්පූර්ණයෙන්ම අයිති සමාගමක් බවත්, ඔවුන්ගේ නීතියට අනුව ලංකාවේ ආණ්‌ඩුවෙන් ඉල්ලා තිබෙන ආකාරයට ණයට භාණ්‌ඩ සැපයිය නොහැකි බවත්, ඒ හේතුවෙන් බාහිර සමාගමක් හරහා අදාළ පහසු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. මෙය ලීසිං සමාගමක මැදිහත්වීමෙන් වාහනයක් මිලදී ගැනීම වැනි ක්‍රියාදාමයක් විය. ඊට කලින් පැවති එජාප ආණ්‌ඩුව ද මිග් යානා මිලදී ගැනීමට ලංසු කැඳවූ අවස්‌ථාවේදී යුක්‌රින්මාෂ් සමාගම 2003 අප්‍රේල් 22 එවක ආරක්‌ෂක ඇමැති තිලක් මාරපන මහතා වෙත එවා තිබූ ලංසුවේ ද ඔවුන් සඳහන් කර තිබුණේ අදාළ මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් වෙනත් සමාගමක් විසින් සපයන බවත් සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ අදාළ සමාගමට බවත්ය. 2003 දීත් 2006 දීත් යුක්‌රින්මාෂ් සමාගම ලංකාවට මිග් යානා සැපයීමට ඉදිරිපත් වී සිටියේ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කළ යුතු බවට කොන්දේසියක් ද සහිතවය.
2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව විසින් මිග් යානා මිලදී ගන්නා විට මෙවන් කොන්දේසි නොතිබුණේ ඒ අවස්‌ථාවේදී විකුණුම්කාර පාර්ශ්වය වූ සිංගප්පූරුවේ ඩී. එස්. එලයන්ස් සමාගම විසින්ම අදාළ මූල්‍ය පහසුකම් ලංකා ආණ්‌ඩුවට සපයා තිබීම නිසාය. 2000 දී ලංකාවට මිග් යානා විකිණුවේ ඩී. එස්. එලයන්ස් සමාගම විසින් වුවත් ඒ අවස්‌ථාවේදී ද සැබෑ සැපයුම්කරු වූයේ යුක්‌රින්මාෂ් සමාගමයි. ඩී. එස්. එලයන්ස් හුදෙක්‌ම අතරමැදියෙක් පමණක්‌ම විය. 2006 ජූලි 26 වැනිදා මිග් යානා හතරක් මිලදීගැනීමට හා තවත් මිග් යානා හතරක් අලුත්වැඩියා කිරීමට ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේදී එයට පාර්ශ්වකරුවන් තුනක් සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කරුවා වූ අතර යුක්‌රින්මාෂ් සමාගම විකුණුම්කරුවා විය. බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගම ගෙවීම් ලබන මූල්‍ය සමාගම හැටියට එම ගිවිසුමට අත්සන් කරන ලදී. මේ ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයන්නේ බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගම බව විකුණුම්කාර පාර්ශ්වයත් ගැනුම්කාර පාර්ශ්වයත් අවබෝධයෙන් සිටින බවත්a, ප්‍රවාහන ගාස්‌තුව ද ඇතුළුව සියලු ගෙවීම් කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගමට බව දෙපාර්ශ්වයෙන්ම පිළිගන්නා බවත්, එම ගිවිසුමේ 23.1 වගන්තියේ සඳහන් විය. 2006 ජූලි 31 වැනිදා යුක්‌රින්මාෂ් සමාගම මේ ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ගුවන් හමුදාවට එවූ අවස්‌ථාවේදී ද ලංකා බැංකුව විසින් මේ ගනුදෙනුවට අදාළ ණයවර විවෘත කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගමේ නමින් බව සඳහන් විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අවි මිලදීගන්නා විට අදාළ අවි භාවිත වන්නේ කුමන රටේ ද යන්න පෙන්වන “භාවිතා කරන්නාගේ සහතිකයක්” (එන්ඩ් යූසර් සර්ටිෆිකේට්) නිකුත් කරනු ලැබේ. 2006 ජූලි 15 වැනිදා මිලදීගන්නා ලද මිග් – 27 යානා හතර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කර තිබූ “භාවිත කරන්නාගේ සහතිකයේ” ද සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගම විසින් මිග් – 27 ගුවන්යානා හතරක් මිලදීගන්නා බවත් එම ගුවන්යානා භාවිතා වන්නේ ලංකාවේ පමණක් බවත්, යුක්‌රේනයේ බලධාරීන්ට දන්වන්නේ නැතිව ඒවා විකිණීම හෝ අන්සතු කිරීම නොකරන බවත්ය. මේ සියල්ල සලකා බලන විට මෙම ගනුදෙනුවට බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගම සහභාගි වූයේ විවෘත පාර්ශ්වකරුවකු හැටියට මිස හොර රහසේ නොවන බව පැහැදිලිය. එමෙන්ම මේ ගනුදෙනුව ලංකාවේ නීතියත් යුක්‌රේනයේ නීතියත් ජාත්‍යන්තර නීතියත් හමුවේ වලංගු ගිවිසුමක් මත පදනම් වූවකි. හැම විටම ගැනුම්කරුවකු යම් මිලදීගැනීමක් සම්බන්ධයෙන් ගෙවීම් සිදුකළ යුත්තේ විකුණුම්කරුවන් නිර්දේශ කරන ආකාරයටය.
මේ ගනුදෙනුව ආණ්‌ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතු වී කළ හොර මගඩියක් හැටියට හුවා දැක්‌වීමට උත්සාහයක් තිබුණ ද එය නිසිආකාරව සිදුකෙරුණු ආණ්‌ඩුවේ ප්‍රසම්පාදනයක් විය. මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට් මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක් විය. එහි සභාපති ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්. ජයසිංහ මහතා වූ අතර සෙසු සාමාජිකයෝ වූයේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්. බී. දිවාරත්න යන මහත්වරුන්ය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ ‘තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්’ ද විය. එහි සභාපති එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක වූ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‌ෂ ගුවන් කොමදොaරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරී එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී. පී. ටී. නානායක්‌කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ෙ-. වී. ප්‍රේමරත්න හා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය එහි සෙසු සාමාජිකයන් විය. මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්‌ඩලය විසින් මහා භාණ්‌ඩාගාරයේ පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත්කර තිබූ අතර මෙකී කමිටුව යුක්‌රින්මාෂ් සමාගමෙන් ඉල්ලා සිටියේ මෙය ආණ්‌ඩු දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් නිසාත් ලංකාවත් යුක්‌රින්මාෂ් සමාගමත් අතර සෑහෙන කලක සිට තිබුණු සම්බන්ධතාවය නිසාත් මුළු ගනුදෙනු මිලෙන් 0.27% කට සමාන වට්‌ටමක් වෙනුවට සමස්‌ත මිලෙන් 0.84% කට සමාන වැඩි වට්‌ටමක් ලබාදෙන ලෙසත්, පහසු ගෙවීම් ක්‍රමයට අදාළ පොලී අනුපාතය 1.5% සිට 0.75% දක්‌වා අඩුකරන ලෙසත් ය.
2000 දීත් 2006 දීත් මිලදීගන්නා ලද මිග් යානාවල මිල ගණන්වල වෙනස හා බෙලිමීසා හෝල්ඩින්ග්ස් සමාගමට කරන ලද ගෙවීම් පිළිබඳව සියලු කරුණු මේ ගනුදෙනුවට අදාළ ලියකියවිලි පරිශීලනය කිරීමෙන් දැනගත හැක. 2006 මේ ගනුදෙනුව ගැන සැක පහළ වන ආකාරයට වාර්තා පළ කළ ඉංග්‍රීසි පුවත්පත් සතුව මේ ගනුදෙනුවට අදාළ සියලු ලියෑකියවිලි නොතිබුණු බව පැහැදිලිය.
මා මේ ලිපියේ සඳහන් කර තිබෙන කාරණා කියවා බලන අයෙකුට එසේ නම් මේ ආණ්‌ඩුව මිග් ගනුදෙනුව ගැන විමර්ශනය කරනවා යෑයි කියමින් කරන්නේ කුමක් ද යන්න ගැන ප්‍රශ්නයක් මතුවනු ඇත. 2006 දී මිග් ප්‍රහාරක යානා මිලදීගැනීමට හා අලුත්වැඩියා කිරීමට ගෙවූ මුදල ගැන හෝ බෙලිමීසා සමාගමට කළ ගෙවීම් ගැන විමර්ශනය කිරීමට නිමිත්තක් නැත. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය.
ලබන සතියේ ( රාජපක්‌ෂ ආණ්‌ඩුවේ මිග් ගනුදෙනුව තුළ උදයංග වීරතුංගගේ භූමිකාව.)
රාජපක්ෂ ආණ්‌ඩුවේ මිග් යානා ගනුදෙනුව 1

