අගමැතිකම අත හරිනවද?

ගැටයකට අහුවුණාද? අගමැතිකම අත හරිනවද? රටට හතුරු පිරිස අපි බලයට එනවට බයයි!

අගමැති මහින්ද පිළිතුරු දෙයි

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව ඇති නිල නිවසේය. එදා සේම අදත් විජේරාම මාවත වාහන සහ ජනී ජනයාගෙන් පිරී පවතී. ජනාධිපති තනතුර අහිමිවී මහින්ද රාජපක්ෂ සිය ගමට ගිය අවස්ථාවේ සේම, භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ජනතාව අගමැතිවරයා වෙත සුබපැතුම් පුද කිරීම සඳහා පැමිණෙමින් සිටිති. අප ඔහුගේ නිවස තුළට යන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලූ දෙනාම පාහේ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෝය. එම රැස්වීම ආරම්භ වන තෙක් ලැබුණු විරාමයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – සමහරු කියන්නේ ඔබ තවත් වතාවක් දේශපාලන ගැටයකට අසුවුණා කියලයි…

පිළිතුර – එහෙම ගැටවලට අහුවෙන්න තරම් ළද බොළඳ මිනිස්සුද අපි…? ඔහොම කතාවක් සමහරු කියාගෙන යනවා. එහෙම කියන්නේ එජාපයෙ පිරිස් බව අපිට ආරංචියි. ඒ අය තමන් ලබලා තියෙන පරාජය වහගන්න මේ වගේ කතා ප‍්‍රචාරය කරනවා. සමහරු කියන්නේ ”මේ තනතුර භාර ගත්තේ නැතුව හිටියා නම්, තව අවුරුදු දෙකකින් අපි පුදුම ජයග‍්‍රහණයක් ලබනවා… මේ අවස්ථාවේ අගමැතිකම භාරගෙන ඒ ජයග‍්‍රහණය අඩු කර ගත්තා…” කියලයි. ඔහොම කියන කවුරුවත් අපිට ඡන්දය දුන්න උදවිය නෙමෙයි. ඒ සියලූ දෙනාම අද පරාජය වෙලා ඉවරයි. ඒක නොකියා ඔවුන් කරන්නේ, අපේ ජයග‍්‍රහණය සැහැල්ලූ කරන එකයි. ඇත්තටම ගැටයකට අහුවුණේ අපි නෙමෙයි, එජාපය. ඔවුන්ට දෙවරක්ම ජනාධිපතිවරණය සඳහා තමන්ගේ කියලා නායකයෙක් තෝරා ගන්න බැරි වුණා. 2010 ජනාධිපතිවරණයට ඔවුන් ගෙනාවේ, සරත් ෆොන්සේකා, ඊළඟට 2015 දී ඔවුන් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක්… ඒ තමයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා. එදා තමන්ට ජනාධිපතිවරණයක් දිනා ගන්න බැරි නිසා ගහපු පොදු අපේක්ෂක ගැටයට තමයි, අද එජාපය අහුවෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය සඳහා එජාපය දර දිය අදින්න ඇති. ඒත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ තමන්ට දිනන්න බැරි නිසානේ. එහෙම බැලූවම මේ ජනවරම ජයග‍්‍රහණයක් බවට පත් කර ගත්තේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ… එජාපයට ඕනෑ වෙලා තිබුනේ එතුමාව තමන්ට ඕනෑ විදිහට නටවන්න. ඒක කර ගන්න බැරි වුණහම, තානාපතිවරු ළඟ දණ ගහගෙන අඬ අඬා යනවා.

ප‍්‍රශ්නය – 113 ක බහුතර බලයක් නැතිව ඔබ විසින් පස්ස දොරෙන් අගමැති තනතුර භාරගත්ත ක‍්‍රමය නිවැරදිද…?

පිළිතුර – කවුද පස්ස දොරෙන් අගමැතිකම ගත්තේ…? 2016 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අනුව එක්කෝ සභාගයක් හෝ සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා. එජාපයට සභාගයක් හදන්න සිදුවුණා. ඒ එජනිසය සමගයි. අනිකුත් පක්ෂ සමග සභාගයකට යන්නත් බැහැ, මොකද දෙමළ සන්ධානය සහ ජවිපෙ විපක්ෂ නායක තනතුර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම අරගත්තා. එජනිසය ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වීමත් සමග, එජාපය සුළුතරය බවට පත්වුණා. ඒ සමග රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කරලා, අගමැති ලෙස වැඩ භාරගන්න කියලා, ජනාධිපතිතුමා මට ආරාධනය කළා. එහෙම ගිහිල්ලා අගමැතිකම ගන්නේ පස්ස දොරෙන් වෙන්නේ, කොහොමද…? 2015 ජනවාරි නව වැනිදා රනිල් අගමැතිකම ගත්තේ නම්, පස්ස දොරෙන්. අගමැති විදිහට හිටපු දි.මු.ජයරත්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා. එහෙම තියෙද්දී මන්ත‍්‍රීවරු හතළිස් දෙකක් තියාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව රනිල් අගමැතිකම ගත්තා. ඒවා තමයි, පස්ස දොරෙන් ගත්තා කියන වැඩ…

ප‍්‍රශ්නය – කොහොම වුණත් ඔබ හදිස්සි වුණා වැඩි නැද්ද…?

පිළිතුර – කිසිම හදිස්සියක් වුණේ නැහැ… අපි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය මොකක්ද…? ආණ්ඩුව පෙරළන එක. ඔබගේ පුවත්පත සමග මීට පෙර කරපු සාකච්ඡාවේදී මම මොකක්ද කිව්වේ… ”අතට අහුවුණු දේකින්, හැකි ඉක්මනින් අපි ආණ්ඩුව පෙරළනවා” කියලා. මම ජනතාවට කිව්වේ, තව පෝය දෙකක් යන්න ඉස්සෙල්ලා, අපි ආණ්ඩුව පෙරළනවා කියලයි. මේ කළේ ඒ දේ තමයි. අපි පක්ෂයක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට කල්පනා කරන්න ඉස්සෙල්ලා, රටක් ජාතියක් විදිහට කල්පනා කරලා ඉන්න ඕනේ. එජාපය තව ටික කලක් ආණ්ඩු කරා නම්, මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනහල්ලා සම්මත කර ගන්නවා. එහෙම වුණා නම් රටට මොකද වෙන්නේ… ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබා දීලා, අපේ රටට විරුද්ධව අපිම, එජා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා.එහෙම කළේ එජාපයේ විදේශ ඇමැති. එහෙම කරලා මේ රටේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගේන්නේ හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්නම වැඩි කළා. මේවා තව අවුරුද්දක් කරගෙන ගියා නම් අපිට රටක් ඉතුරු වෙයිද…? මේ රටේ ජනතා දේපළ අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට කුණු කොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා, ජනතාවගේ කර මත පැටෙව්වා. විදේශ රටවල දුක් මහන්සි වෙලා හම්බු කරන අපේ ජනතාව ගෙදරට සල්ලි එවන කොට ඒවාට බදු ගැහැව්වා. වෙන එකක් තියා, ළමා ඉතුරු කිරීමේ ගිණුම් වලටත් ඒ අය බදු ගැහැව්වා. මේ වගේ වෙලාවක, දේශපාලන හඳහන් බල බල තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි, රට ජාතිය ගැන හිතලා, ආණ්ඩුව පෙරළන එකද…නිවැරදි ?

ප‍්‍රශ්නය – තවමත් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා පැහැදිලිවම අනිත් පැත්තට මන්ත‍්‍රීවරු 123 දෙනෙක් සිටිනවා. එසේ තබාගෙන බලහත්කාරයෙන් අගමැති පදවියේ රැඳී සිටීම නිවැරදිද…?

පිළිතුර – මම එදා කිව්වා වගේම මට මේ තනතුරු ලොකු නැහැ. මම අවුරුදු නවයක් මේ රටේ ජනාධිපති… ඇමැතිකම්, අගමැතිකම් දැරුවා. තනතුරු සියල්ල නැතිව හිටියා. මගේ දරුවෝ, සහෝදරයා හිරේ දැම්මා. මගේ පාක්ෂිකයෝ, ඒ අයගේ පවුලේ අය හිරේ දැම්මා. මගේ ලේකම්වරයා, මා යටතේ සේවය කළ නිලධාරීන් හිරේ දැම්මා. ඒ සියල්ල විඳවපු මට ඔය තනතුරු නෙමෙයි වැදගත්… අපි මේ රටට ලබා දුන්න ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරෙව්වා. අපේ රණවිරුවන් බේරා දුන්න රට, කලාප රාජ්‍ය වලට ව්‍යවස්ථාවෙන් වෙන් කරන්න හදන එක නවත්වන එකයි සියල්ලට වඩා වැදගත් කියලා මම හිතන්නේ… ඒ වෙනුවෙන් තමයි අපි මේ තනතුරු භාර ගත්තේ. ඒ මිසක් අපි මේ කිසි තනතුරක බලහත්කාරයෙන් එල්ලිලා ඉන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම අරලියගහ මන්දිරයෙන් ගියේ, තනතුරු වැදගත් නැති හින්දයි.

ප‍්‍රශ්නය – අනිත් පැත්තෙන් ඔබට එල්ල කරන අභියෝගය වන්නේ 113 පෙන්වන ලෙසයි…

පිළිතුර – අපි තවම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්… දෙසැම්බර් හත්වෙනිදාට ඒ තීන්දුව ලැබෙයි. ඒ තීන්දුව අනුව අපට බහුතරය පෙන්වන්න සිදුවුණොත් අපි අනිවාර්යෙන්ම පෙන්වනවා.

ප‍්‍රශ්නය – අද රට තිබෙන්නේ කැලඹිලි තත්ත්වයක… පාර්ලිමේන්තුව කිසිදු වැදගැම්මකට නැති තැනක් බවට පත්වෙලා. මේ වාතාවරණය තුළ ඔබ අගමැති තනතුර භාර ගත්තත් කිසිවක් කර ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා…

පිළිතුර – අපි බලයට එනවට බය පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ රටට හතුරු පිරිස… මම 2005 දී මේ රට භාර ගන්න කොට, රටේ ආර්ථිකය තිබුණේ බිමටම වැටිලා. ඒ මදිවාට ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් සමග අපිට යුද්ධයක් කරන්නත් වෙලා තිබ්බා. හිටපු යූ. එන්. පී මුදල් ඇමැතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා.

මම අවුරදු 9 ක් ඇතුළත මේ රටේ ඇමරිකානු ඩොලර්, ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% ක්. ඩොලරයක මිල රුපියල් 131 යි. දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වැනිදා අලූත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4 ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂ ණය ප‍්‍රතිශතය 90% ක් තරම් ඉහළට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප‍්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඞ්, සින්ඩිකේටඞ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ‍්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප‍්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප‍්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

ප‍්‍රශ්නය – මහ මැතිවරණයක් පිළිබඳ අදහස ඔබ මතු කරනවා. මහ මැතිවරණයක් අවශ්‍ය නම්, එජාපයේ බලයේ සිටියදීම ඒ සඳහා පියවර ගන්න තිබුණා. එසේ නොකර ඔබ අග‍්‍රාමාත්‍ය තනතුර භාරගෙන මහමැතිවරණයක් සඳහා ගමන් කරන්නේ, ඔබට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නේද…?

පිළිතුර – ජනාධිපතිතුමා විසින් ජාතිය අමතමින් කරන ලද කතාවේදී, මට අගමැතිකම භාර ගන්න ආරාධනා කරන ලද හේතු පිළිබඳව සඳහන් කළා. එතුමාව ඝාතනය කිරීම සඳහා එක්තරා පිරිසක් කුමන්ත‍්‍රණයක් සිදු කළ බවට එතුමා චෝදනා කළා. එවන් අවස්ථාවක අගමැති ඉවත් නොකළා නම් මොකද වෙන්නේ…? කවුද ඒ කුමන්ත‍්‍රණයෙන් මේ රටේ අගමැති වෙන්නේ…? ඒවගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව… එය හදිස්සියේ සම්මත කර ගත්තා නම් මේ රට ඉවරයි. මහමැතිවරණයක් කැඳවන තුරු අපි රට භාර ගත්තේ ඒකයි.

ප‍්‍රශ්නය – ඔබ කිහිපවිටක්ම සඳහන් කර තිබුණා මේ කරගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් කියා. මහ මැතිවරණයක් බැරි නම් මේ භාරකාර ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණයට වුවත් යා හැකියි නේද…?

පිළිතුර – අපි බලයේ සිටින කාලයේත්, විපක්ෂයේ සිටින කාලයේත් මැතිවරණ වලට බය වුණේ නැහැ. අපි හැමවිටම ජනතා මතයට ගරු කළා. මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කරලා, මැතිවරණ කල් දැම්මා. අපේ කාලයේ මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉද්දි වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණය අවසන් වෙනකන් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි අප කළේ. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා, මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. එජාපය ඇතුළු හවුල් කල්ලියේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. ඒත් යූ. එන්. පී හවුල උසාවියේ නඩු දාලා, පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කළා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ. එන්. පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

ප‍්‍රශ්නය – ජනවරමක් නොමැති තත්ත්වයක් තුළ, දිගින් දිගටම රට අස්ථාවර කරමින් අගමැති තනතුරේ ඔබ රැඳී සිටීම නිසා, රටේ දේශපාලන අස්ථාවරභාවයක් මතුවෙලා තිබෙනවා…

පිළිතුර – ජනවරම තියෙන්නේ අපට… ජනතාව විසින් අවසාන වතාවට ලබා දුන්න ජනවරම වන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයයි. එහිදී බහුතරය ලැබුණේ අපිට. පොහොට්ටුවට සහ එජනිසයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ හැට හතරක් පමණ වෙනවා. එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 36 යි. එහෙනම් මේ රටේ බහුතරය තියෙන්නේ කාටද…? ජනවරම තියෙන්නේ කාටද…? අපිට… මේ රටේ ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් පරාජය වූ පළවෙනි වතාව තමයි, ගිය පාර පුංචි ඡන්දය. තමන්ට ජනතා වරම අහිමි වුණු ඒ වෙලාවේ මේ ආණ්ඩුව හරි නම් ගෙදර යා යුතුව තිබුණා. ලැජ්ජා නැතුව මේ අය ඔය තනතුරුවල එදා ඉඳලා එල්ලිලා හිටියා. අඩුම ගානේ අපිට විපක්ෂ නායක කමවත් නොදුන්න මේ අය අද අපිට ශිෂ්ටත්වය උගන්වන්න එනවා. අපි මේ තනතුරු බාර ගත්තේ රට අස්ථාවර කරන්න නෙමෙයි. ආණ්ඩුව අස්ථාවර කරන්න. එදා අපිට විරුද්ධව හිටපු දෙගොල්ලෝ අපි දෙකට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි, එජාපයත් ආණ්ඩුවෙන් අයින් කළා. මේක ජයග‍්‍රහණයක් නෙමෙයිද…? එයින් රට ස්ථාවර වුණා. කොටස් වෙළෙඳ පොළ වර්ධනය වුණා. අපි ලැහැස්ති වුණේ මහමැතිවරණයකට යන්න. ජනතාවගේ ඒ තීන්දුවෙන් පසුව මේ රට තවත් ස්ථාවර වෙන්නයි තිබ්බේ. ඒක නැවැත්තුවේ, එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය කියන හවුල.

ප‍්‍රශ්නය – මේ අස්ථාවරභාවය නිසා ඔබ ලබා ගත්ත අගමැතිකමත්, ඇමැති මණ්ඩලයත් කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයකට පත්වෙලා නේද…?

පිළිතුර – අපි මේ දින කිහිපයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොයිතරම් තීරණ ගත්තාද…? අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කළේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිෂ්පාදනය වැඩි කරන්නයි. දරුවන්ට ලැබෙන පාසල් නිල ඇඳුමට වවුචරයක් දීලා, කරපු වැඬේ මතකද…? අපි ඒ නිල ඇඳුම් වවුචරය අහෝසි කළා. හැම මාසයේම ජනතාව බය කරපු තෙල් මිල සූත‍්‍රය අහෝසි කළා. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු, කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප‍්‍රශ්නය – ඔබ බලයට ආපු ගමන් නවීන බෙන්ස් රථයක් සිය පාවිච්චිය සඳහා මිලට ගත් බවට චෝදනා එල්ල වුණා…

පිළිතුර – ඔය එන්නේ එදා ආපු මඩමනේ… අපිව එදා පරාජය කළේ ඔය වගේ මඩ ප‍්‍රචාර යවලනේ… එහෙම ආරංචි පළකරපු අය ඊළඟ සතියෙම ඒක නිවැරදි කරානේ… මම ජනතාවට කියන්නේ, ඔය වගේ මඩවලට ආයෙත් රැවටෙන්න එපා කියන එකයි. මේ අය අසත්‍යය සහ අපවාදය තමයි අපිට එරෙහිව භාවිත කළේ. රටේ ආර්ථික ආපදා තත්ත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ. එන්. පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමැතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ අලූත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි, බැඳුම්කර කොල්ලය ඇතුළු එජාප ආණ්ඩුව විසින් කරන ලද සියලූ දූෂණ සෙවීමට අපි කටයුතු කරනවා.

Related Images:

ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය

මාධ්‍ය නිවේදනය

ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2018 නොවැම්බර් 25 වෙනි ඉරිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට කරන ලද දේශනයේ පිටපත

අතිපූජ්‍ය මහා සංඝයා වහන්ස, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවනි, හිතවතුනි,

මම පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්‍ෂවලට යෝජනා කළා, ජනතා පරමාධිපත්‍යට ඉඩ දීලා මහ මැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා. නමුත් යූ.එන්.පී එක මහ මැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මඟහරිනවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නෑ. 2015 අගෝස්තු මාසයේ පවත්වපු මහ මැතිවරණයෙන් කිසිම පක්‍ෂයකට පැහැදිලි බහුතරයක් ලැබුණේ නෑ. එක්සත් ජාතික පක්‍ෂයට ආසන 106 යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 96යි, වෙනස ආසන 10යි.

ඒ අවස්ථාවේදී එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ එජනිස මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ඇති කරගත් ගිවිසුම්ක් අනුවයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වුණා. ඊට පස්සෙ එජාප මන්ත්‍රීවරු කීපදෙනෙකුම අපට එකතුවුණා. අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. 1994, 2001, 2004 මහමැතිවරණ වලින් පස්සේ ඒ කාලේ ජනාධිපතිවරුන් වූ ඩී.බී. විජේතුංග මහතාත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කලේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් හිටපු කණ්ඩායමටයි. ඒ අනුව 1994 දී පොදු පෙරමුණත්, 2001 දී එක්සත් ජාතික පක්‍ෂයත්, 2004 දී එක්සත් ජනතා නිදහස් සංධානයත් ආණ්ඩු හැදුවා.

අපි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා කලේ දැනටම ප්‍රකාශයට පත් කරලා තාවකාලිකව උසාවිය විසින් අත්හිටුවලා තියෙන මහ මැතිවරණය අවසන් වෙනකන් පමණක් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ මොනම බලාපොරොත්තුවක් වත් තිබුණෙ නෑ. මුලු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂයෙන් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. නමුත් අනෙක් පැත්තෙ අයගේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුලුවන්තරම් ඇඳගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

සමහර කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි ඡන්දයකට තව මාස 18 ක් වගේ කාලයක් තියෙද්දී ඇයි ආණ්ඩුව භාරගත්තේ කියලා. මට ඇහිලා තියෙනවා එජාපයේ අයත් කියනවා මම ‘ඉක්මන්’ වුණා වැඩියි කියලා. තව මාස 18 කට අඩු කාලයක් ඉවසගෙන හිටියනම් තුනෙන් දෙකේ බලයක් ඇතුව දිනන්න පුලුවන් වෙනවයි කියලා. මෙතන අපි ආණ්ඩුවක් පිහිටෙවුවෙ දිගටම ඒ ආණ්ඩුවෙන් රට පාලනය කරන්න නොවෙයි, මහ මැතිවරණයක් පවත්වන්න. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිවුවනේ එතුමා මට රට භාරදුන්නේ බැරිම තැනට ආවට පස්සෙයි කියලා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ මට රට භාර දෙනකොට ඒ වගකීම් භාර නොගෙන ඉන්න පුලුවන්ද? මේක ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, මේක අපේ රටේ ජාතියේ, අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්.

අවසානයේදී අපිම නම් ඉන්නෙ රට බාරගන්න, විනාශය තවත් උග්‍ර වෙන්න කලින් බාරගන්න එකෙත් තර්කයක් තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. නමුත් යූ.එන්.පී හවුල උසාවියේ නඩු දාලා පවත්වන්න ගිය මහ මැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කලා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ.එන්.පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

දැන් හිටපු යූ.එන්.පී මුදල් ඇමතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්වයක් ඇති වුණාම ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්වයන් පාලනය කලේ කොහොමද කියලා. යුද්දය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැණගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහල මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමණාකරනය කරගත්තා.

මම අවුරදු 9ක් ඇතුලත මේ රටේ ඇමරිකානු ඩොලර්ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4%ක්. ඩොලරයක මිල රුපියල් 131යි. දල ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වනදා අලුත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සෙ, අද මුලු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්දයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්වයක නෙවයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිශ්පාදිතයට සාපේක්‍ෂව ණය ප්‍රතිශතය 90%ක් තරම් ඉහලට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුලත යහපාලන ආණ්ඩුව සමස්ථයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

2006 දී යුද්ධය ආරම්භ වුණාට පස්සෙ මේ රටේ මහ ජනතාව, වෘත්තීය සමිති, පාරිභෝගිකයන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් යන සියලුම ජන කොටස් ඒ යුද ප්‍රයත්නයට හානි කරවන කිසි දෙයක් නොකර ඉන්න වගබලා ගත්තා. ඒ ජනතා සහයෝගය නිසා තමයි අපට පුලුවන් වුනේ වෙන කිසිවකුටවත් ඉවර කරන්න බැරි වුණ යුද්ධය ඉවර කරන්න. මා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනව මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න අපට යුද්දය කාලයේදී ලබාදුන් ආකාරයේ සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. අපේ උත්සාහය වැරදුනොත් මේ රට කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා.

රටේ ආර්ථික ආපදා තත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධීක වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුලුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. නමුත් ඒ අලුත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා.

මේ රට අද වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුලුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමත් දන්නවා, රටේ ජනතාවත් දන්නවා. 2005 නොවැම්බර් මාසේ බලයට පත් වුණාට පස්සෙ අපිට මුහුණ දෙන්න වුණේ ලේසි පහසු අභියෝගවලට නොවෙයි. 2007 දී යුද්දයේ උච්චතම අවස්ථාවේදී මගේ ආණ්ඩුව එච්.එස්.බී.සී බැංකුවන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තාම යූ.එන්.පී එකෙන් බැංකුව වටකරලා කිවුවා මුදල් දෙන්න එපා, දුන්නොත්, ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් යටතේ ඒ සල්ලි ආපහු ගෙවන්නේ නෑ කියලා. 2009 අප්‍රේල් මාසේ යුද්දය ඉවර වෙන ඔන්න මෙන්න කියලා තියෙනකොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට එම ආයතනයේ සාමාජික රටක් හැටියට එන්න තිබුණු ණය මුදලක් අවහිර කලා.

ඒ අවස්ථාවේදී මම අපේ හිතවත් මැද පෙරදිග රටකට කතා කරලා ඩොලර් මිලියන 500ක පොරොන්දුවක් ඉල්ලා ගත්ත හින්දා ඒ උගුලෙන් බේරෙන්න අපිට පුලුවන් වුණා. ඊට පස්සෙ, ප්‍රභාකරන් මැරුණා. අවහිර කරලා තිබ්බ අයි.එම්.එෆ් සල්ලිත් ලැබුණා, මැදපෙරදිගින් ඩොලර් මිලියන 500 ගන්න වුනෙත් නෑ. පසුගියදා, මූඩීස් ආයතනය විසින් අපේ ණය ශ්‍රේණිගත කිරීම පහලට දැලයි කියලා හිටපු මුදල් ඇමතිතුමා කියනවා. නොදැම්මනම් තමයි පුදුමේ. 2015 අපි යූ.එන්.පී එකට රට භාර දෙනකොට ඔය සේරම ශ්‍රේණිගතකිරීම් ඉහල යමින් තිබුණෙ. ඒවා පහලට එන්න පටන්ගත්තෙ 2015 න් පස්සේ.

මේ ණය ශ්‍රේණිගත කිරීම් ඇතුලේ සියුම් දේශපාලනයකුත් තියෙන බව කියන්නත් ඕන. 2009, අපි යුද්දය දිණුවට පස්සෙ ණය ශ්‍රේණිගත කිරීම් ඉහල දැමිය යුතු වුණත් ඔවුන් අපිව පහලට දැමුවා. නමුත් වෙළඳපොල අපි ගැන තිබුණු විශ්වාසය නිසා ඒක සත පහකට ගණන් ගත්තෙ නෑ. ඒවගේ අභියෝගත් අපට ජයගන්න පුලුවන් කියලා දන්න හින්දා තමයි ජනාධිපතිතුමා අපිට රට බාරදුන්නේ. යූ.එන්.පී එකත් ඕක දන්න හින්දා තමයි දිනපතාම විදෙස් ජනමාධ්‍යෙව්දීන් හා තානාපතිවරුන් ගෙන්වලා මහමැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි කියලා ලෝකය පුරා ප්‍රචාරයක් කරන්නෙ. මහ මැතිවරණයක් පවත්වලා අපේ ආණ්ඩුවක් බලයට අවොත් මේ සියලුම ප්‍රශ්න විසදනවා කියලා ඒගොල්ලො දන්නවා. ජනාධිපතිවරයාත්, අපිත් එකතු වී හදන ආණ්ඩුව ඉතාම බලසම්පන්න, ජනතා හිතවාදී ආණ්ඩුවක් වෙන බව මතක තබාගන්න.

ඔක්තෝබර් 26 ආණඩු මාරුවෙන් පස්සෙ, තාම මාසයයි. දැන් තියෙන්නෙත් අන්තර්කාලීන ආණ්ඩුවක් විතරයි. බිඳවැටීමේ ප්‍රවනතාවයක් ඇති වුණාම මාසෙන් දෙකෙන් තත්වය අනික් පැත්තට හරවන්න අමාරුයි. රට ස්ථාවර කිරීමට පවත්වන්න හදපු මහ මැතිවරණය කල් දාල තියෙන නිසා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න තව ටික කාලක් ගතවෙයි. මේ සංක්‍රාන්ති කාලය තුළ මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අප සමඟ ඉඳලා රට ගොඩගැනීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලයි. අපි 2006 – 2014 කාලයේදී පුලුවන්තරම් ජනතාව පීඩනයට පත් නොවන ආකාරයට කටයුතු කල ආකාරය කාටත් මතක ඇති. අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කලේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිශ්පාදනය වැඩි කරන්නයි.

2015ට කලින් තත්වයත් ඊට පස්සෙ ඇතිවෙච්ච තත්වයත් මේ රටේ ජීවත් වෙච්ච ජනතාවට මතකයි. 2015 දී මිනිස්සු ආණ්ඩුව වෙනස් කලේ කන්න අදින්න ඉල්ලලා නොවෙයි කියලා යූ.එන්.පී ආණඩුවේ හිටපු කැබිනට් ප්‍රකාශකවරයාම කී සැරයක් කියලා තියෙනවද? ඔහු කිවුවෙ මිනිස්සුන් 2015 ආණ්ඩු වෙනසකට ඡන්දය දුන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලයි. නමුත් ඒ ආණ්ඩු වෙනසින් පස්සෙ, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයත් නෑ, ඡන්ද අයිතියත් නෑ, කන්න අදින්නත් නෑ. ඒක නෙවයිද වුණේ? අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු.

ඔබ සැමට තෙරුවන් සරණයි

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

2018 නොවැම්බර් 25

 

Related Images:

විශ්වාශභංගක් නීත්‍යානුතූලව සම්මත කළයුතු ආකාරය

මාධ්‍ය නිවේදනය

අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන්

1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.

2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.

3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.

4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.

5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.

6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.

12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝගවලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.

2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වස භංගය ඉහත සදහන් ආකාරයට නීත්‍යාණුකුලව ඉදිරිපත් කර ඇත.

එස්. අමරසේකර
අග්‍රාමාත්‍ය ලේකම්  – 2018 නොවැම්බර් 16

 

Related Images:

ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙමු

2018 නොවැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවේ පිටපත

ගරු කථානායකතුමනි,

පැවති ආණ්ඩුව විසිරුවල ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොලවල්, රජයට අයත් ලාබදායි ව්‍යාපෘති, ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම, අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා.

අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්‍ෂෙය් ආර්ථික කළමණාකරන කමිටුව විසිරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කලායි කියන ආරංචිය පටිගත කරපු සාක්‍ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වය එතනට ගියාට පස්සෙ තමයි, ජනාධිපතිවරයා තීන්දු කලේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එජනිසය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කලා අග්‍රාමාත්‍ය ධූරය භාර අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා.

ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රති‍ක්‍ෂේප කරන්න. මට ඕනනම් කියන්න තිබුණා UNP එක අවුරුදු හතරකට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණෙ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්‍ෂ බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්‍ෂය. අපිට යුතුකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුලු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වලක්වාගන්න අපිට රට බාරදෙනකොට, ඒ වගකීම් බාරගන්න. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එජාප ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණනම් රටට මොනවායින් මොනව වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එජාප ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ලබාගෙන තියෙනවා.

මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්‍ෂෙයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තෙ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට පසුගිය කාලේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා හිටියා.

නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලයි තිබුණෙ. 2015 මාර්තුවේ විසිරුවපු පලාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වාගන්න අවුරුදු තුනක් ගියා. පලාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නීර්ණය ගැටළු තියෙනවය කියල ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පලාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදන කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමා නීර්ණ ගැටළු නැති පලාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූයේ. අද වෙන විට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා විසිරුවලා අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුලු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා, නමුත් ඡන්ද නෑ.

ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පලමු වතාවට එජාපය, ජවිපේ ඇතුළු පක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මැතිවරණයක් පවත්වනවට විරුද්දව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දෙ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව පලාත් පාලන ඡන්දයත් පලාත් සභා ඡන්දත් දින නියමයක් නැතුව කල් දාගන්න, වෙනත් කාරණා වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුලුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගත්තේ. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා.

අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් – “මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” මේක වැදගත් ප්‍රශ්නයක්.

අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින්විසිරුවලා මහ මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගෙ පරමාධිපත්‍ය බලය රැකුණෙ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට භාර ගන්න කියලා කිවුවෙ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟිමක් පැතිර ගියා.

අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්‍ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව “ශබ්දය අනුව” විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයේන් පස්සෙ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලයි කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුලු ඇමති මණ්ඩලය පත් කරන්නෙ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීල නැහැ.

නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසදාගන්න හදන්නේ නැතුව මේ රටේ ලක්‍ෂ 150 ක් ඉක්මවන ඡන්ද දායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සංතෝස වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් අවොත් ඒගොල්ලෝ ඒකට පක්‍ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒ ගැන දරණ ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කරගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 225 දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

ස්තුතියි.

MEDIA RELEASE-Sinhala

Related Images:

මහින්දට තුනෙන් දෙකේ බලයක් දෙන්න..

කළුතරදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇතැයි කියමින් බටහිර රටවල තානාපතිවරුන්, විදේශ මාධ්‍ය විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටින බව අපි දකිනවා. රටක් පාලනය කර ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාම පාලකයා මහජනතාව වෙත යනවා. මහජනතාවගේ ඡුන්දයෙන් රට පාලනය කරගන්න අවස්ථාව සලසා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී දෙයක් හැටියටයි මේ අය දකින්නේ. මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන තේරුමත් වෙනස් කරලා. පාලකයා රටේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීමේ බලය ජනතාවට දීම ප‍්‍රජාත‍්‍රන්තවාදයට විරුද්ධද? එදා බහුතර ආසන සංඛ්‍යාවක් තිබූ පක්‍ෂයට අගමැතිකම දෙන්නේ නැතිව ආසන හතළිස් ගණනක් තිබූ එජාපයට අගමැති ධූරය දුන්නා. යහපාලන ආණ්ඩුව ඇති කළේ අපි නෙමෙයි. ඔවුන්මයි ඇති කළේ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදීද?

මහින්ද රාජපක්‍ෂ රජය එදා තිබූ ත‍්‍රස්තවාදය අවසන් කළා. සාමකාමී රටක් ඇති කළ හිටපු ජනාධිපතිවරයා මේ රටේ ආර්ථකය, සංවර්ධනය ඇති කළා. කවදාවත් නොතිබූ ඓතිහාසික සංවර්ධනයක් ඇති කළා. එම නායකයා විදේශීය බලවේගවල අවශ්‍යතා කිසි දිනෙක ඉටු කළේ නැහැ. එම නිසා ඔහුට විරුද්ධව ජනතාව අතර වැරදි මතයක් ගෙන ගියා. සුළු ජාතීන් අතර වැරදි මතබේද ඇති කළා. ඒවා කළේ යහපාලන රජයයි. මේ රටේ ආර්ථිකය විනාශ කළා. රටට අහිතකර ව්‍යවස්ථා ගෙනාවා. ඡන්ද කල්දැමම්මා. මේවා සියලූම දේවල් ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. ඒ අය ඇති කළ රජය තුළ අර්බුද ඇති වෙලා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතබේද ඇති වෙලා රට අර්බුදකාරී තත්ත්වයක ආ වෙලාවක තමයි ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අගමැති ධූරය භාර ගත්තේ.

නමුත් එතුමා කිව්වේ ජනතාව අතරට ගිහින් මැතිවරණයකට යා යුතුයි කියලා. රනිල් වික‍්‍රමසිංහ තවමත් අගමැති තමන් යැයි පවසමින් නිල නිවසට විදේශීය තානාපතිවරුන් කැඳවලා ප‍්‍රකාශ නිකුත් කරමින් රට තවත් අර්බුදයකට ගෙන යමින් සිටිනවා. එම අර්බුදය විසඳීමට තිබූ එකම මාර්ගය තමයි ජනතාව අතරට යෑම. ජනතාවට තමන්ට අවශ්‍ය ස්ථාවර රජයක් ඇති කර ගන්නට අවස්ථාව සලසා දුන්නත් එදා ආණ්ඩු පෙරළන්නට වැඩසටහන් සකස් කළ අය කියනවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි කියලා. මේ පිළිබඳව විශාල විරෝධයක් ජාත්‍යන්තරය තුළ ඇති කරමින් යනවා. එම නිසා ඔබලා මෙවැනි අවස්ථාවක ඉතා සුපරීක්‍ෂාකාරීව වැඩ කළ යුතුයි.

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය දෙන්න හදන විට ඇතැමුන් උසාවි යනවා. දිගින් දිගටම ඡන්ද කල්දැමූ අයම තමයි මේකටත් විරුද්ධව උසාවි සුදු මහත්තුරුන් ගාව අඬනවා. අවුරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් රටේ ස්වෛරීභාවය අහිමි කළා. සංවර්ධනය නැති කළා. රටේ සම්පත් විදේශිකයන්ට විකුණා දැම්මා. ජනතාව පිට බදු පිට බදු බර ඇති කළා. මෙවැනි රටට අහිතකර දේවල් කළ නිසා තමන්ට අත්වන ඉරණම හොඳාකාරවම දන්නවා. ඒ නිසයි ඡුන්දය වළක්වා ගන්නට මොවුන් ජාත්‍යන්තරයේ සහාය අපේක්‍ෂා කරන්නේ.

2015 ජනවාරි 08 වැනිදායින් පසුව වැඩි කාලයක් යන්නේ නැතිව මේ රටේ ජනතාවම කිව්වා අපිට වැරැද්දක් වුණා කියලා. ඒ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඒකරාශී වෙලා මහින්ද සුළඟ ඇති වුණේ. අලූත් පක්‍ෂයක් බිහි වුණා. අලූත් පක්‍ෂය පසුගිය මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. එම නිසා යළිත් ඔබලාට හැකියාව තිබෙනවා තුනෙන් දෙකක බලයක් ලබාදී මහින්ද රාජපක්‍ෂ අගමැති යටතේ එදා තිබූ ආර්ථික, සංවර්ධන යුගයකට ගෙන යන්න හැකියාව තිබෙනවා. නැවතත් රණවිරුවන්ට සලකන, ජාත්‍යන්තරයට යටත් නොවන නායකයෙක් බිහි කරන්න ඔබලාට හැකියාව තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ සමග සෑම විටම කටයුතු කළ ගමේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්න. මහින්ද රාජපක්‍ෂ අගමැති සමග ප‍්‍රබල රජයක් හදන්න ලබා දුන් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට ජනතාව දැන් අවස්ථාව උදාවී තිබෙනවා. හරි මාර්ගය තෝරා ගන්න. විදේශීය අවශ්‍යතා ඉටු කර ගන්න, බොරු ප‍්‍රචාර ඇති කරමින් ජාතීන් අතර බේද ඇති කරමින් අපි ලබාදුන් ජයග‍්‍රහණය පරාජයට පත් කළා. ඒවා තේරුම් ගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. දේශීය සම්පත් ආරක්‍ෂා කරන, ගොවියා ආරක්‍ෂා කරන, ධීවරයා ආරක්‍ෂා කරන රජයක් බිහි කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. එදා යුද්ධය තිබුණත් අපි ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ රටේ කිසිදිනෙක නොතිබූ සංවර්ධනයක් ඇති කළා. වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඇති කළා. අපිට එදා සැලසුම් තිබුණා. ඒ සියලූම සැලසුම් මේ රජය නතර කළා. මේ අය හැමදාම කතා කළේ ණය ගැනමයි. ආයෝජන කරමින් ඇති කළ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. අ¥රදර්ශී ක‍්‍රියාකලාපයන් නිසා රටේ ආර්ථිකයට කඩාවැටුණා. මේ හේතුව නිසාම ලක්‍ෂ හතරකට රැකියා අහිමි වුණා. දැන් කොළඹ ඇති වෙමින් තිිබෙන සියලූම සංවර්ධන ව්‍යාපෘති ඇති කළේ අපේ රජයයි. අපි තවමත් හිටියා තමයි ඒවා දැන් අවසන් කරන්න තිබුණා. එම ව්‍යාපෘති දැන් සිදුවන්නේ මන්දගාමීවයි. හිටපු රජය හැරෙන්නට මේ අය කිසිම කළ ආයෝජන ව්‍යාපෘතියක් නැහැ.

ගත වූ වසර කිහිපය තුළ ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවුණා. ඉදිරියේදී අපි අද තිබෙන තත්ත්වයන්ට අනුව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සැලැස්ම සියලූම වෘත්තිකයන් සමග සාකච්ඡුා කළා. අපේ රජයක් බලයට පත්වූ වහාම රටේ ප‍්‍රශ්න විසඳා, සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට තමයි සියලූම වෘත්තිකයන්ගේ අදහස් අපි ලබාගෙන යන්නේ. සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. එම නිසා යළිත් ලැබෙන මේ අවස්ථාවෙන් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සියලූම දෙනා එකතු වෙලා ස්ථාවර රටක් බිහි කරමු.

– චාමින්ද කරුණාරත්න

Related Images:

මහින්දගෙන් ජනතාවට සහන මල්ලක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊයේ (01) පියවර ගත්තේය.

මෙහිදී සීනි කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින් අඩුකර ඇති අතර පරිප්පු කිලෝ ග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 5කින්, කඩල කිලෝ ග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මිල රුපියල් 5කින්, උඳු කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩුකිරීමටත්, තිරිඟු ඇට සඳහා තිබූ රුපියල් 6ක තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකිරීමටත් තීරණය කර ඇත.

මාසිකව ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප‍්‍රායෝගික මිල ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව ද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශයේ සම්පුර්ණ නිවේදනය පහතින්.

‘‘පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත. මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙසින් බව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.

රට පුරා ඉතා හිතකර කාලගුණ තත්වයක් සමඟ 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සඳහා ප‍්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක‍්‍රම උපරිම ධාරිතාවයට ලඟා වීම තුලින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.

මෙය කෘෂි නිෂ්පාදන තුලින් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයි. ඒ සමඟම අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත. මෙම පසුබිම තුළ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සඳහා පහත සඳහන් මූලාරම්භයන් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග‍්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග‍්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.
විශේෂයෙන් ප‍්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට‍්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත‍්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සඳහා යොදා ගැනෙන 2ඔ ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත‍්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප‍්‍රායෝගික මිළ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කෙරේ.
දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ලූණු සහ අල සඳහා සහතික මිල ක‍්‍රම වේදයක් හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුලූණු සහ අල අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග‍්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.
සමෘද්ධි ප‍්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.
වී වගාව සදහා දෙනු ලබන කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග‍්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1.500 යේ සිට රුපියල් 1.000 දක්වා අඩු කෙරේ.
14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.
මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.
මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.
ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.
එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක‍්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.
කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.
දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.
සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.
දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.
මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක‍්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත. බදු ක‍්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන පේ‍්‍රෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.

තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප‍්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 වර්ෂය සඳහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප‍්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග‍්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි. මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග‍්‍ර කිරීම සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග ද සලකා බලමින් පවති.

අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ඉහත ප‍්‍රතිපත්තිමය කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇතග ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.‘‘

Related Images:

අපේ මහින්ද අගමැති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ සිදුවිණි. නිදහස් නිවහල් දේශයක් නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික සැමට නිදහසේ ජීවත් වන්නට අවශ්‍ය පරිසරය උදාකළ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

යහපාලන ආණ්ඩුව වසර තුනහමාරක කාලය පුරා ගෙන ගිය වැඩපිළිවෙලට අප්‍රසාදය පළකරමින් ආණ්ඩුව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යෙන් ඊයේ පස්වරුවේ ආන්ඩුවෙන් ඉවත් වූ අතර ඒ සම්බන්ධයෙන් කතානායක කරූ ජයසූරිය මහතා වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ ඒ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැසක් ජනාධිපති ලේකම් කාර්යාලට එක්ව සිටි අතර ඒ මහතා දිවුරුම් දීමත් සමඟ රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ජනතාව විශාල වශයෙන් ප්‍රීති ඝෝෂා නැඟූ බවට අප වාර්තාකරුවෝ පැවසූහ. වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව මෙසේ ප්‍රීති ඝෝෂා නැගූහ. වෘත්තියෙන් නීතිඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා දශක පහකට ආසන්න කාලයක් මෙරට ක්‍රියාකාරී දේශපාලයේ නිරතව සිටින ප්‍රබලයෙකු වන අතර 1970 වසරේ දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2004 වසරේ අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහි දී ඔහුගේ ජයග්‍රහණය දක්වා අගමැති තනතුර හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා 2005 නොවැම්බර් 19 දින දිවුරුම් දුන්නේය.

දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. කෙසේ වුවද 2015 වසරේ ජනවාරි මස 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්විය.

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති යුද ගැටුම් අවසන් කිරීම සඳහා සේනාධිනායකයා වශයෙන් ඉටුකළ ශ්‍රේෂ්ඨ කාර්යභාරය හේතුවෙන් ඒ මහතා ජාත්‍යන්තරය ඉදිරියේ ඉමහත් කීර්තියට පත්විය. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, නෙල්සන් මැන්ඩෙලා, හො චිමිං වැනි ලෝක නායකයින් අතරට එක්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු පුරවැසියන්ට නිහස් නිවහල් රාජ්‍යයක් උරුම කරදුන්නා පමණක් නොව දෙපයින් නැඟී සිටින ජාතියක් බවට පත්කිරීමෙහිලා අවශ්‍ය පියවර ගත්තේය.

පසුගිය වසර තුනහමාරක කාලය පුරා විවිධ චෝදනා, අපහාස සිදුකළ ද මහින්ද රාජපක්ෂ මහතා යළි මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයට අවශ්‍ය බවත් ඒ මහතා

Related Images:

ජනාධිපති අපේක්ෂක රාජපක්‍ෂවරයා දැනටමත් තීරණය කර අවසන්..

හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘හිරු’ රූපවාහිනයේ ඊයේ දිනයේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

 

Related Images:

පොහොට්ටුවේ ඓතිහාසික ජය බැසිල් රාජපක්‍ෂ..

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..
හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.

මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.

සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

ආර්ථිකය, ආරක්‍ෂාව ඉහළින් තිබූ, පාතාලය නැති රටක් තමයි එදා ජනවාරි 8 වැනිදා මේ රජයට භාර දුන්නේ. නමුත් අවුරුදු 4 ක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. ජනතාව මුලා කරලා, සැලැස්මක් නැතිව, සුළු ජාතීන්ට බොරු කරලා, බලය ලබා ගැනීම පිණිසම විදේශීය බලවේග සමග එකතු වෙලා මේ රටේ බලය ලබා ගත්තා. ඔවුන්ට මේ රටේ ආරක්‍ෂාව, ස්වෙරීත්වය, ආර්ථිකය ගැන කිසිදු දැක්මක් තිබුණේ නැහැ. අද කොළඹ තත්ත්වය බලන්න. අපි ආරම්භ කළ ව්‍යාපෘති පමණයි අද තිබෙන්නේ. කටු කම්බිවලින්, තාප්පවලින් පිරී තිබූ කොළඹ නගරය සංවර්ධනය කළා, ලස්සන කළා. රටකට ආයෝජන වැදගත්. අපි යුහුසුළුව මේ රටට ආයෝජන ගෙනෙන්න කටයුතු කළා. අද මේ තිබෙන සියලූ ආයෝජන මෙරටට එදා ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා අපි තට්ටු නිවාස පරිසරය දියුණු කළා. කොළඹ නගරයේ ප‍්‍රශ්න අපි අවබෝධ කරගෙන තිබුණා. මංමාවත් සකස් කිරීම ඇතුළු විශාල වෙනසක් ඇති අපි කොළඹ කේන්ද්‍ර කරගෙන ඇති කළා.

දේශපාලන වාසිදායක කතා කරනවා හැරෙන්නට මේ ආණ්ඩුවට කිසිදු දැක්මක්, සැලැස්මක් නැහැ. විවිධ ආයතන අපි එදා කෝට්ටේ නගරයට ගෙන ආවා. මේ රජය පාර්ලිමේන්තුව පමණක් නොව ජනතාවත් මුලා කරමින් සිටිනවා. අද ඔවුන් වැරදි මත ඉදිරිපත් කරමින් සිටිනවා. අපි එදා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම ලෙස භාවිතා කළා. මේ රට සංවර්ධනය කළේ රාජ්‍ය සේවකයන්. වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම පළිගත්තා. එදා රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දුන්නා. පිටරට උපදේශකයන් නිසා නෙමෙයි මේ රට සංවර්ධනය කළේ.

නමුත් අද රාජ්‍ය නිලධාරීන්ට වැඩක් කරන්න බැහැ. නොබියව, නිදහසේ තීන්දු ගන්න බැහැ. අද රට කඩාවැටිලා තිබෙන්නේ ඒ නිසයි. අ¥රදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම හේතුවෙන් ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවකට රැුකියා අහිමි වුණා. ආණ්ඩුවේ අකාර්ක්‍ෂමතාව, නොහැකියාව වසා ගන්න රාජපක්‍ෂ ආණ්ඩුවට බැනබැන ඉන්නවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය ආර්ථිකය දියුණු කළේ, රට සංවර්ධනය කළේ යුද්ධයක් තිබියදී. ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කළා. ආර්ථිකය මෙහෙයවන්න හැකි පුද්ගලයන් එතුමා වටා සිටියා. මේ රජය ඉදිරියට යන්නේ දේශපාලන පළිගැනීම්වලින් පමණයි. ඒ හේතුව නිසයි අද රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

– චාමින්ද කරුණාරත්න

Related Images:

යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්

යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්… කරුණා අම්මාන්

සිංහල දෙමළ කෝලාහලය එක්දහස් නවසිය අසූ තුන වසරේ පටන් ගන්නා විට අපි කුඩා දරුවෝය. එහෙත් මිනිසුන් විඳි පීඩා දැක තිබුණේ කොළඹ නගරයට ආසන්නව පදිංචිව සිටි බැවිනි. ඉන් පසුවද තැන තැන බෝම්බ පුපුරන විට උතුරේ දකුණේ මිනිසුන් ත්‍රස්ත ප්‍රහාරවලින් මිය යන විට, ඇයි මෙහෙම වෙන්නේ යන ප්‍රශ්නය හිතට නැඟිණි. මේවාට වගකිවයුතු යැයි සිතෙන චරිත අද බොහෝමයක් ජීවතුන් අතර නැත . ඒ චරිත හමු වන්නේ නම් අසන්නට ප්‍රශ්න ද ඇත.

කලක් LTTE සංවිධානයේ ප්‍රබලයකු වූ පසු කලෙක ක්‍රියාකාරි දේශපානයට ද පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එවන් චරිතයකි. පසුගිය දිනෙක ඔහු හමු වූයේ මා මිත්‍රයකුගේ සහායෙනි. කලක් තිස්සේ සිතේ තිබු ප්‍රශ්න කිහිපයක්ම ඔහුගෙන් අසන්නට ලැබිණි. මේ ඔහු කියූ දෑය. ඔහු අපට හමු වූයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියගේ නි‍ෙවසේදීය.

බැලූ බැල්මටම ඉතා සන්සුන් දිවියක් ගත කරන්නේ යැයි හැඟෙන සරල පෙනුමක් ඔහු වෙත ඇත.

ඔබ දකුණේ කෙනෙක් ද.

නැහැ මම නැඟෙනහිර කෙනෙක්. නමුත් මගෙ සීයා දකුණේ ධීවරයෙක්. මට ඔහුගේ නම මතක නැහැ. මගෙ තාත්තාගේ උපන් ගම මඩකලපුව කිරාන්. මම උපන්නෙත් ඒ ගමේමයි . මගේ තාත්තා විනයාගම්මූර්ති. ඔහු පෝඩියාර් කියලා තමයි කවුරුත් ඔහුට කිව්වේ. ඔහුට ඉඩකඩම් තිබුණා. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනයි. මම තමයි බාලයා. අපේ පවුලේ පස් දෙනෙක්ම විදුහල්පතිවරු. මට ලස්සන ළමා කාලයක් තිබුණා. පාසලේ නිවාඩු දුන්නම හැම සති අන්තයකම මම ගෙදර ආවා. ඒ ආපුවාම මට තාත්තා පස්සෙන් කුඹුරුවල ඇවිදින්න කැලේ ඇවිදින්න යන්න අවස්ථාව ලැබුණා. ඒ ජීවිතය හරිම සුන්දරයි. මම මුලින්ම ඉගෙන ගත්තේ කිරාන් මහා විද්‍යාලයේ . ඉන් පසුව තමයි මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මම පුංචි කාලේ ඉගෙන ගන්න හරි ආසයි. ඒ වගේ ම ඉගෙනීමට දක්ෂයි. මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. මට ඕන වුණේ විශ්ව විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙන්න.

වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන හිටපු ඔබේ ගමන වෙනස් වුණේ කොහොම ද?

1983 දෙමළ සිංහල කෝලාහලයත් සමඟ තමයි මගේ හැම හීනයක්ම බිදිලා ගියේ. දෙමළ සිංහල කෝලාහල දවස් වල අපේ ගෙදර ලොකු කල්දේරම් වල මිනිස්සු කෑම උයනවා. කොළඹ ඉන්න නෑයෝ ඇවිල්ලා .ඒ ගෝලෝ බොහෝම දුකෙන් කතා කරන්නේ. මම තාත්තාගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එවිට තාත්තා මට කිව්වා කොළඹ කලබල. මේ ඇවිල්ලා ඉන්න අයගේ සමහර ඥාතීන් ඒ කලබලවලින් මැරිලා කිව්වා. ඇවිල්ලා හිටපු නෑයොත් ඒ අයට වෙච්ච කරදර කිව්වා. ඒ වෙනකොට මිනිස්සු අතර ජාතිවාදය ඇවිස්සිලා තිබුණේ. අත්පත්‍රිකා බෙදනවා. කොටි සංවිධානය කියලා එකක් තිබුණේ නැහැ.

කොහොම නමුත් සිංහල මිනිස්සු ගැන වැරදි අවබෝධයක් අපේ මිනිස්සු තුළ තිබුණා. හුඟක් උගත් තරුණයො සංවිධානයට බැඳුණා. මටත් හිතුණා පොත් පත් පැත්තකට විසි කරලා සංවිධානයට බැඳෙන්න. මම ගෙදරට හොරෙන් සංවිධානයට බැඳුණා. ඒ බැඳුණට පස්සේ එක්දහස් නවසිය අසූතුනේ නොවැම්බර් මාසයේ දිනෙක තුන්සිය දෙනෙක්ව ඉන්දියාවට යැව්වා පුහූණුව ලබන්න. මමත් ඒ තුන්සිය දෙනා අතරට අයිති වුණා. එහිදි අපිට මාස හයක පුහුණුවක් ලැබුණා. පුහුණුව අවසාන වුණාම ප්‍රභාකරන් ඉන්දියාවට ආවා. ඇවිල්ලා ඔහු අපිව හමු වුණා. ඔහු කමයි මාව ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස තෝරා ගත්තේ. පසුව මට මඩකලපුව අම්පාර බාර දුන්නා.

ඔබ සටන් කළේ කුමක් සඳහා ද?

කොටි සංවිධානය සටන් කළේ වෙනම රාජ්‍යයක් සඳහා. ඒ වෙනම රාජ්‍ය ලබා ගැනීමේ සටනේ දි මට සටන තිබුණේ හමුදාව සමඟ විතරයි. මුල් කාලේ අපි ත්‍රස්තවාදින් නොවෙයි. හැම විටම අප සටන් කළේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා. ඉන්දියාව මේ කටයුත්තට මුල ඉඳලම උදව් කළ නිසා අපි හිතුවා අපිට මේ සටන ඉක්මනින් ජය ගන්න පුළුවන් කියලා. නමුත් පහුවෙන කොට ආණ්ඩුවයි කොටි සංවිධානයයි දෙකම සිවිල් යුද්ධයකට පැටලුණා.

අයිතිවාසිකම් දිනා ගන්න සටන් කළා නම් කොටි සංවිධානය සිවිල් ජනතාව මැරුවේ ඇයි.?

රට වටේ බෝම්බ පුපුරවන කොට සංවිධානය හිතුවා උතුරු නැඟෙන හිර ඉන්න හමුදාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා රටේ අනෙක් පැති වලට යවයි කියලා. නමුත් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඒ වෙන කොට ප්‍රභාකරන් මුහුදු කොටි, මරාගෙන මැරෙන ටීම්, බ්ලැක් ටයිගර් ටීම් හදලා තිබුණේ. මේවාට බැදුණ අය ඉදිරියට ආවේ තම ජාතිය වෙනුවෙන්. ඔවුන් වැටුප් ඉල්ලුවේ නැහැ. නමුත් සංවිධානයේ අය විවාහ වුණාම ඒ අයගේ පවුල් පිටින් නඩත්තු කළේ සංවිධානය. සංවිධානයේ සාමාජිකයන්ට කෑම බීම ඇඳුම් බෙහෙත් සියල්ල ලබා දුන්නා. දෙමළ ඩයස්පෝරාවෙන් සංවිධානයට සල්ලි ලැබුණා. පිට රට ඉන්න අය සල්ලි එව්වා. සංවිධානය ආයුධ ගත්තේ ඒ ලැබුණ සල්ලි වලින්.

අයිතීන් ඉල්ලන්න සටන් කළාට මිනිස්සු මරන කොට ඔබට මොකද හිතුණේ.

සංවිධානයේ හිටපු සමහර ලීඩර්ස්ලාට ප්‍රශ්නයක් තිබුණා. සිවිල් වැසියෝ ඝාතනය කරන එක ගැන. මේ සටනෙදි උතුරේ බොහෝ අය යුද්ධයට පිට රට සිට සල්ලි එව්වා. නමුත් නැඟෙනහිර අය තමයි මැරුණේ . පීඩාවට පත්වුණේ. දෙපැත්තෙම අය මැරෙන කොට කලකිරීමක් ඇති වුණා. වරින් වර සාම සාකච්ඡා තියන කොට මට හිතුණා ඒ ක්‍රමය හරි කියලා. නමුත් සාම සාකච්ඡා තියෙන කාලයට වූණේ කොටි ආයුධ වලින් සන්නද්ධ වෙන එක.

එක් වරක් අලිමංකඩ ප්‍රහාරයේදී ආණ්ඩුව පස්සට ගියා. විටින් විට හිටපු ජනාධිපතිවරුන් සමඟ මේ යුද්ධය නවත්වන්න සාකච්ඡා පැවැත් වුණා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. මම ප්‍රභාකරන්ට කිව්වා අපි දේශපාලන විසඳුමකට යමු කියලා. ඒත් එයාට ඒක තෙරුම් ගන්න බැරි වුණා.

දෙපැත්තෙම මිනිස්සු මැරෙන කොට මට කලකිරුණා. මට හිතුණා අපි එක රටේ මිනිස්සු මේකට විසඳුමක් ඕන කියලා. ඒ වෙනකොට ඇන්ටන් බාලසිංහම්ටත් එහෙම හිතිලා තිබුණේ. මම අශෝක රජ්ජුරුවෝ ගැන පොත පතින් කියවලා තිබුණේ. යුද්ධ කළාට ඔහුට ලැබුණ දෙයක් නැහැ. මම ඇන්ටන් බාලසිංහම්ටත් කිව්වා අපි සාමයට කැමතියි කියලා අත්සන් කරමු කියලා. ප්‍රභාකරන්ට කිව්වට ඔහු තේරුම් ගත්තෙම නැහැ. සාම කතාවලට ප්‍රභාකරන් ආවේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ බේරි බේරි කොහොම හරි යුද්ධ කරන්න. මෙතැනදි පොට්ටු අම්මාන් සහ ප්‍රභාකරන් තමයි ම්ලේච්ඡ වුණේ. සාමසාකච්ඡාවලට කැමතියි කියලා අත්සන් කරලා නොර්වේ වලින්ම ඇන්ටන් බාලසිංහම් රට ගියා. මම ලංකාවට ආවා. නමුත් මම එන විට රුද්‍රකුමාර් ප්‍රභාකරන්ට කියලා මම තමයි මේ දේට මුල් වුණේ කියලා. ඔහු මා සමඟ තරහා වුණේ එතැන් සටයි. ප්‍රභාකරන් මාව මරන්න සැලසුම් කළා. මම හිතුවා ඔහු මහත්තයාව මැරුවා වගේ මාවත් මරයි කියලා.

ඔබ සංවිධානයෙන් ඉවත් වුණා ද?

නැහැ මම මගේ කණ්ඩායමේ හයදාහක් සාමාජිකයෝ හිටියා. ඒ අයව මම නිදහස් කළා. මම ඔවුන්ට කිව්වා යන්න කියලා. ඒ ගොල්ලො කැමැත්තෙන් යන්න ගියා. මම තොප්පිගල කැලේ හැංගිලා ඉදලා පසුව පවුල සමඟ ඉන්දායාවට ගියා. ඒ වෙනකොට මම සංවිධානය අතහැරලා ආවේ. රජය මා සමඟ කතා කළා. මේ යුද්ධයට දේශපාලන විසඳුමක් ලබා දෙන්න සහාය වෙන්න හිතුවා. මගේ එකම ඉල්ලීම වුණේ මගේ දරුවන්ව ලන්ඩන්වලට යවන්න කියලා විතරයි.

කොටි සංවිධානය තුළ ආදරය කරන්න විවාහ වෙන්න පුළුවන්කමක් තිබුණ ද?

ඒක මෙහෙමයි. විවාහ වෙන්න පුළුවන් . නමුත් අනවශ්‍ය විදිහේ බැඳිම් තියා ගන්න බැහැ. දෙදෙනෙක් යාළු වුණොත් ඔවුන්ට ප්‍රභාකරන්ට දන්වලා විවාහ වෙන්න පුළුවන්කම තිබුණා. මම විද්‍යා එක්ක යාළු වුණා. ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. ඇයත් සංවිධානයේමයි හිටියේ. ඇයත් ක්‍රියාකාරී සාමාජිකාවක්. විද්‍යාට සංවිධානයෙන් දීලා තිබුණ නම තමයි නීරා. මම විවාහ වුණේ හරියටම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මරණය සිදුවුණ දවසේ. ඒ 1993 මැයි පළමු වෙනිදා. ප්‍රභාකරගේ ආශිර්වාද ඇතිව මම විවාහ වුණා.

නමුත් මට මගේ බිරිඳගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න වුණේ. ඒක මගෙ හිතට දුකක් වුණා.

ප්‍රභාකරන් මැරුණට පසු ඔහුගේ මළ සිරුර දුටුවම ඔබට මොකද හිතුණේ.

ඒ වෙන කොට මට ඔහු ගැන විශේෂයෙන් මුකුත් හිතුණේ නැහැ. අපි තරහා වෙන්න පෙර ඔහුට හිටිය විශ්වාස වන්තම කෙනා මම. මගේ අයියත් සංවිධානයේ හිටියේ. ප්‍රභාකරන් ඔහුවත් මරා දැම්මා. නමුත් මට හිතුණා මම කියපු දේ අහලා ඔහු මේ දේශපාලනික විසඳුමකට ආවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ කියලා.

ඔබ දේශපානයට ආවට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වුණා ද?

ඔව් පැහැලිවම වෙනස් වුණා. මට හිතෙනවා මම මේ රටට යම් මෙහෙයක් කළා කියලා. මම සිංහල මිනිස්සු කවුද කියලා තේරුම් ගත්තේ එහෙම ආවට පස්සේ. මට මේ කා සමඟවත් වෛරයක් නැහැ. මම මගේ අමාත්‍යාංශය හරහා බේදයක් නැතිව මිනිස්සුන්ට උදව් කළා. මම ශාන්තිට පෙරේරාට මගේ පුද්ගලික ලේකම්වරිය ලෙස එන්නැයි ආරාධනය කළා. ඇය ආවා. මං හිතනවා ඇය ඒ පැමිණි ගමන අභියෝගයක් කියලා.

ඔබ දේශපාලනයට එක් වුණේ හම්බ කරන්නද?

නැහැ මම දේශපානයෙන් හම්බකරපු දෙයක් නැහැ. මගේ තාත්තාගේ දේපළ ඉඩකඩම් වලින් තමයි මම ජීවත් වෙන්නේ. මම මිනිස්සු යොදවලා කුඹුරු කරනවා. ගොවිපළ කරනවා. මට මඩකලපුවේ හෝටල් බාර් කිසිම දෙයක් නැහැ. මම දේශපාලනයට සම්බන්ධ වුණේ හම්බ කරන්න නෙමෙයි.

ඔබ මොනවා කිව්වත් දකුණේ මිනිස්සු ඔබත් එක්ක තරහින් හිටියේ. නුවර දළදා මාලිගාවට කළ ප්‍රහාරය, ජයසිරි මහා බෝධි ප්‍රහාරය, මිනිසුන් කම්පාවට පත් කළා. මිනිස් ජීවිත සිය ගණනින් නැති වුණා. සුංගාවේලි වගේ ප්‍ර දේශවල අය කියන්නේ කරුණගේ අය ඇවිල්ලා ඔවුන්ගේ ඥාතින් මැරුවා කියලා. පුජනීය ස්ථාන වලට පහර දෙමින් මිනිසුන් මරමින් සොයපු රාජ්‍යය කුමක්ද?

මට බෞද්ධ සිද්ධස්ථානවලට පහර දෙන්න ඕන වුණේ නැහැ. සිවිල් ජනතාව මරන්න ඕන වුණේ නැහැ. නමුත් මේ හැම ම්ලේච්ඡ දෙයක්ම කෙරුවේ ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස. නමුත් ඒ හැම එකක්ම ඔවුන් මා සහ මගේ පිරිස කරන බවයි පැතිරුවේ.

දැන් ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොම ද?

අවුරුදු දාහතකට පසුව මගේ බිරිඳ හා දරුවෝ ලංකාවට අවා. දියණියන් දෙදෙනාම වෛද්‍යවරියන් . බිරිඳ ඉංජිනේරුවරියක්. මම ගොවිපළ කරගෙන ඉන්නවා. මම කැමතියි සංගීතය රසවින්න. ගීත ගයන්න. මම කැමතිම ගීතය තමයි ‘මේ නගරය ඔබ මා‘ ගීතයට. මගේ තරුණ කාලේ සංවිධානයට හිරවෙලා තිබුණේ. ජීවිතය වින්දේ නැහැ. සංවිධානය ඇතුළේ දැඩි විනයක් තිබුණේ. අවුරුදු හතලිහ වන තුරුම මම මත්පැන් බීලා තිබුණේ නැහැ. නමුත් පාර්ලිමන්ට් අවාට පසුව තමයි එයට හුරු වුණේ. මං කැමතියි බොහෝම නිදහසේ ඉන්න. ගමේ විදිහට උයාගෙන කාලා පාඩුවේ ජීවත් වෙන්න. පාර්ලිමේන්තු ආවට පස්සේ මට හිතේ චකිතයක් තිබුණා.

සිංහල මිනිස්සු කොයි විදිහට මාව පිළිගනීද කියලා. නමුත් මගේ පුද්ගලික ලේකම්වරිය ශාන්ති හා ඇගේ පවුලේ අය මාව ඒ කොටු වෙලා සිරවෙලා හිටිය ජීවිතයෙන් මුදා ගන්න උදව් කළා. ඔවුන් මාව සංගීත ප්‍රසංග බලන්න එක්ක ගියා. කලාව රස විදින්න හුරු කළා. මට දැනෙනවා මම හුඟක් වෙනස් වුණා කියලා. දැන් මට පුංචි දරුවෝ එක්ක දවස ගත කිරීමත් සතුටක්. ගහකොළ පරිසරය සමඟ රැදෙන එක සතුටක්.

ඔබේ පවුලේ අය කොහොම ද?

යම් දිනෙක මගේ බිරිඳ දරුවෝ ලංකාවට පදිංචියට ඒවී. ඒ එනතුරු මම මේ විදිහට ඉන්නවා. මගේ සහෝදර සහෝදරියෝ හොඳින් ඉන්නවා. අම්මා තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මං හිතනවා මගෙ අම්මා හැමදාම මං ගැන දුක් විදින්න ඇති කියලා හිතෙන්. සංවිධානයට බැදනම ගෙදර යන්න ලැබුණේ නැහැ. මං තොප්පිගල ඉන්නකොට අම්මා හා පවුලේ අය ඇවිත් මාව බලලා යනවා.

යුද්ධය ගැන අද මොකද හිතෙන්නේ?

යුද්ධය කියන්නේ හරි අපරාධයක්. දැන් මේ රටේ මිනිස්සු සමඟියෙන් ජීවත් වෙනවා. මම විශ්වාස කරනවා දැන් කවුරු යුද්ධයක් පටන් ගත්තත් දෙමළ මිනිස්සු ඒකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙත්. තවමත් යුද්ධය වෙනුවෙන් කෑ ගහන්නේ දෙමළ ඩයස්පොරාව පමණයි. ප්‍රභාකරන් යථාර්ථය තේරුම් ගත්තා නම් මේ රටේ යුද්ධය ඉවර වෙලා ගොඩක් කල්. කොහොම වුණත් මේ තියෙන සංහිඳයාව ගැන මම සතුටු වෙනවා.

ඉනෝකා සමරවික්‍රම
සිළුමිණ
දේශපාලනය

Related Images: