ඉස්ලාමාබාද් පකිස්ථානය ස්මාරකය

දේශීය මෙන්ම ජාත්‍යන්තර එල්ල වන බාධක හමුවේ නොසැලෙස ප්‍රතාපවත් නායකත්වය….

ශ්‍රී ලංකාව නමැති පුංචි රට, සුවිසල් ලොව තුළ ඉහළට ඔසොවා තැබීමට ක්‍රියාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් උපන් රට වෙනුවෙන් කළ හැකි අමරණීය මෙහෙවර ඉටුකර තිබේ. එතුමා ජනාධිපති තනතුර දක්වා පැමිණි ගමන් මඟ රෝස මල් යහනාවක් මතින් නොවන අතර විවිධ දුක් කම්කටොළු මැදින් පැමිණි ජයග්‍රාහී ගමනක් බව කිව යුතුය. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් එල්ල වන බාධක හමුවේ නොසැලෙස මේ ප්‍රතාපවත් නායකත්වය අඳුරු වළාවන් යටින් පායන රිදී රේඛාවක් වන්නේය….. 
අද යහපාලනය නායකයන් අගාධයට රැගෙන යන අපේ පුංචි රට, එදා මෙන් නැවතත් සුවිසල් ලොව තුළ ඉහළට ඔසොවා තැබීමට, ජනතා විශ්වාසයෙන් රට භාරදීමට ලාංකික ජනතාවගේ ආදරය දිනාගත් ප්‍රතාපවත් නායකයා සමග එක් වෙමු…. 
____________________________________________
සිව් දින සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉස්ලාමාබාදයේ “පකිස්ථානය ස්මාරකය” නැරබීමට 2017 ජූනි 22දා අවස්ථාවක් ලැබුණි. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ පිහිටි ජාතික අනුස්මරණ “පකිස්ථානය ස්මාරකය”, රටෙහි පළාත් හතරක් සහ ප්‍රදේශය තුනක් සංකේතවත් කරයි. පකිස්තානු ගෘහ නිර්මාණ ශිල්පියා අරිෆා මසුධා විසින් නිර්මාණය කරන ලද ස්මාරකය වසර තුනකට ආසන්න කාලයක්‌ ඉදිකිරීම කටයුතු සිදුකර, 2007 මාර්තු 23 වැනිදා ආරම්භ කරන ලදී. ස්මාරකය මලක හැඩයට තනා ඇත, මල් පෙති හතර පාකිස්තානයේ: බලුකිස්තාන්, කුබෙර් පඛ්තුන්ක්වා, පන්ජාබ් සහ සින්ද් පළාත් සංකේතවත් වන අතර ඉතිරි පෙති තුන ගිල්ගිට් බල්තිස්ථාන්, අසාද් කාෂ්මීරයේ හා ගෝත්රික කලාපය නියෝජනය කරයි. මෙම ස්මාරකය පකිස්ථානු නිදහස් අරගලයට තම ජීවිතය පූජා කළ එම ජනතාවගේ වීරත්වයේ සමරයි.

Related Images:

පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරය

තක්ෂිලා කෞතුකාගාරයේ වැඩවසනා දළදා වහන්සේ වැඳනමස්කාර කරන ලදී..
පලදායී පාකිස්ථාන සංචාරයේ අවසන් දිනය වූ 2017 ජූනි 22දා සවස්වරුවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස ඉස්ලමාබාත් අගනුවර සිට කිලෝමීටර් 40ක් වයඹ ප්‍රදේශයේ පිහිටා ඇති තක්ෂලා නුවරට පැමිණියේය. එදින මහින්ද ජනාධිපති ඉතා කාර්යබහුල දිනයක් වුවත් තක්ෂලා නුවර පිහිටි තක්ෂිලා කෞතුකාගාරයේ වැඩවසනා දළදා වහන්සේ වැඳනමස්කාර කිරීමට අමතක නොකළේය. ඇත්ත වශයෙන්ම එදා මා, ජීවිතයේ පළමු වතාවට රත්‍රන් ආවරණය ඉවත් කිරීමෙන් පසු කිසිදු ආවරණයක් නොමැතිව දළදා වහන්සේ දෑසින් දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබුණු තවත් එක් වාසනාවන්තයෙක් විය…. 
පකිස්ථානය ජනාධිපති 1963 වර්ෂයේ ලංකාවේ සිදුකල රාජ්‍ය සංචාරය අතරතුර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ත්‍යාග කර, 1964 වර්ෂයේදී එම භූමියේ ආරෝපණය කරන ලද අනුරාධපුර ශ්‍රී මහාබෝධින් වහන්සේගේ අංකුරය වැඳපුදාගන්නා ලදී. 
ඉන්පසු වෙහෙස මහන්සිය නොතකා, අපුරුව නිර්මාණය කර ඇති පඩිපෙළ දිගේ ඉහළට නැග, මුහුදු මට්ටමින් මීටර් 550 උස භූමියක පිහිටා ඇති ධර්මරාජික වෙහෙරය හා ඒ අවට ඇති නටබුන් නරඹන්න එතුමා ඉතා උනන්දුවක් දක්වන ලදී. 
____________________________________________________
සම්මා සම්බුදු රජාණන් වහන්සේ අදට වසර 2600 කට පෙර සම්බුද්ධත්වයට පත්ව සතළිස් පස් වර්ෂයක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ සුවාසුදහසක් ධර්මස්ඛන්ධයෙන් ස්පර්ශය ලැබූ සම සතළිස් දළදා වහන්සේලා අතරින් දළදා වහන්සේලා සිව් නමක් ද ලලාඨ ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම යන සත් නම හැර සෙසු සියලුම ධාතුන් වහන්සේලා මුං පියල් අබ පියල් ප්‍රමාණයට කැඩී සෑයෙහි ඉතිරි වූ බව මහාපරිනිබ්බාණ ආදී සූත්‍රයන්හි මැනවින් පැහැදිලි වේ.
එසේ ඉතිරි වු ධාතුන් වහන්සේලා නැලි 16ක් බව ධාතුවංශය කියයි. ප්‍රධාන ධාතුන් වහන්සේලා සත් නම අතුරෙන් අකු ධාතුන් වහන්සේ නමක් අනුරාධපුරයෙහි ඉදිකරන ලද ථූපාරාම දාගැබෙහි ද, ලලාඨධාතුන් වහන්සේ සේරුවිල දාගැබෙහි ද, තවත් අකු ධාතුන් වහන්සේ නමක් හෙවත් ග්‍රීවා ධාතුන් වහන්සේ මහියංගන දාගැබෙහි ද නිදන් කොට ඇති අතර සතර දළදා වහන්සේගෙන් එක් දළදා වහන්සේ නමක් ද්‍රෝණ බමුණු තම හිස්වැසුමෙහි සඟවාගත් මොහොතේ සක්දෙව් රජ එය රැගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි තබා වැදුම් කරන බවත්, දකුණු දළදා වහන්සේ නාගපුරයෙහි හෙවත් නාග්පූර්හි දාගැබක තිබී මිහිඳු මහහරහතන් වහන්සේගේ මිත්‍රත්වය නිසා ලක්දිවට ලැබි සෝමවතී දේවිය හා ගිරි අභා කුමරු විසින් මණි අගිය හෙවත් පොළොන්නරුවේ සෝමවතී දාගැබ තුළ නිදන් කොට ඇති බව ධාතුවංශය, ජිනකාලමාලි ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ.
තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර රටේ හෙවත් වර්තමාන පකිස්ථානයේ කෞතුකාගාරයක එම රජය මගින් සුරක්ෂිතව තිබී ඇතත් නිසි පුද පූජාවන්ගෙන් තොරව වැඩ වසන බව සඳහන් වන අතර ඛේම මහ රහතන් වහන්සේ ළඟ වැඩ විසූ වාම ශ්‍රී දළදා වහ්නසේ කලිඟු රජුගේ පටන් අද දක්වාම මහ රජවරුන් ඇතුළු සකල ලෝකයාටම සියැසින් බලබලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැදුම් පිදුම් සත්කාර සම්මාන කිරීමට ලැබී ඇති අතර දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපමණ පුද පෙරහර මධ්‍යයේ වැඩ වෙසෙති.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 7

මහින්ද ජනපති පාකිස්ථානු විදේශ කටයුතු අමත්‍යාංශයේ විශ්වාසයට පාත්‍ර වූ නායකයෙක්…..
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාකිස්ථාන සංචාරයේ අවසන් දිනයේ (22) මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස විදේශ කටයුතු අමාත්‍ය වෙනුවෙන් විදේශ කටයුතු ලේකම් තහ්මිනා ජංජුවා (Tehmina Janjua ) මහත්මිය විසින් ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ දී විශේෂා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. පාකිස්ථාන විදේශ කටයුතු අමත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ හිටපු පාකිස්ථාන මහකොමසාරිස්වරුන්, ඉහළ හමුදා නිලධාරීන් ඇතුළු ප්‍රභූන් මෙම බෝජන සංග්‍රහයට සහභාගී විය.
මහින්ද රාජපක්ෂ ජනපති පාකිස්ථානු විදේශ කටයුතු අමත්‍යාංශයේ විශ්වාසයට පාත්‍ර වූ නායකයෙක් බව ජංජුවා මහත්මිය අවධාරණය කළේය. තමා ජිනීවා නුවර පාකිස්ථාන තානාපති ලෙස කටයුතු කරන අවදියේ දී ලංකා රජයට මානව හිමිකම් කොමිෂන් සභාව තුළ ඇතිවන ප්‍රශ්නවලට ශ්‍රී ලංකා තානාපති සමග ඉතා ලගින්ම කටයුතු වැඩ කර බව මෙහිදී මතක් කරන ලදී. මිට අමතරව, පාකිස්ථානු විදේශ ලේකම් ටෙමිනා ජනුජා මැතිනිය සමග මිත්‍රශීලී සාකච්ඡාවන්ට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා තක්සලා නුවර ෙබෟද්ධ ෙකෟතුකාගාර නරඹා ෙඐරාන්තික ස්ථුපය වැදපුදා ගත්තේය. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා වඩාත් ආරක්‍ෂිතව අයිතිහාසික ධර්මරාජිත ෛචතය භූමියේ තැන්පත් කරණ ලෙස පාකිස්ථානු රජයෙන් කාරුණික ඉල්ලීමක් ද කිරීමට මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා අමතක නොකළේය.
දකුණු ආසියාවේ වැඩිම කාලයක් හමුදා යකඩ සපත්තුවට පැගී ජීවත්වීමට සිදු වු රට පකිස්ථානය යි. ඉන්දියාවෙන් වෙන් කරන ලද පකිස්ථානය ද ඉන්දියාව මෙන්ම 1947 දී නිදහස ලැබුවේ ය. ඉන් අනතුරුව 1958 – 1971, 1977- 1988, සහ 1999- 2007 යන කාල වකවානු තුන පිළිවෙළින් හමුදාපතිවරුන් වූ යහියා කාන්, සියා උල් හක් සහ පර්වේස් මුෂ්රප් විසින් පාලනය කරන ලද්දේ ය. එම කාල පර්ච්ජේදයන් තුළ දී වරින් වර එරට ව්‍යවස්ථාව වෙනස් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ බලතල විධායක ජනාධිපතිවරුන් බවට පත් හමුදා නායකයින්ට ලැබෙන පරිදි ය.
මෙම භෝජන සංග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 6

කලාපීය ත‍්‍රස්තවාදය පරාජය කිරිමට මහින්ද ජනාධිපතිගේ අත්දැකීම් ඉතා වැදගත්….
සිව් දින පාකිස්ථාන සංචාරයේ හතරවන දිනයේ (22) මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස අද පෙරවරුවේ, පාකිස්ථානු අභ්‍යන්තර කටයුතු අමත්‍ය චෞදරි නිසාර් අලි ඛාන් (Chaudhry Nisar Ali Khan) මැතිතුමා සමග මිත්‍රශීලී සාකච්ඡාවන්ට පිවිසි රාජපක්ෂ මැතිතුමා මෙවර තම සංචාරයේදී ලැබෙන ඉහළ ආගන්තුක සත්කාරක ගැන තම අවංක ස්තුතිය පළමුව පුදකරන ලදී.
ශ්‍රී ලාංකීය ජනතාව ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයෙන් ඔබ රජය සිදුකළ කැපවීම විශේෂ ඇගයීමට ලක් කල පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා, කලාපීය ත‍්‍රස්තවාදය පරාජය කිරිමට ශ්‍රී ලංකාවේ අත්දැකීම් මෙන්ම සේනාධිනායකයා ලෙස ඔබගේ අත්දැකීම් අපට ඉතා වැදගත් බව විශේෂයෙන් අවධාරණය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත පරපුර මත් ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට එදා ඔබ රජය ක්‍රියාත්මක කල මතට තිත වැඩපිළිවෙල පිළිබඳව ද විශේෂ ප‍්‍රසාදය පළ කර සිටි චෞදරි අලිඛාන් මැතිතුමා, කලාපීය වශයෙන්ම මත් උවදුර පරාජය කිරීමට කලාපයේ සියලූ දෙනා එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 5

මහින්ද රාජපක්ෂ පාකිස්ථානු ජනතාවගේ හදවතින්ම පිළිගැනීමකට පාත්‍ර වූ නායකයෙක්…..
පලදායී පාකිස්ථාන සංචාරයේ අවසන් දිනය වූ 22 දා පෙරවරු 9ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස විදේශ කටයුතු අමාත්‍ය සර්ටාජ් අසිස් ( Sartaj Aziz) මැතිතුමා මුණ ගැසීම අගනුවර ඉස්ලමාබාත් විදේශ අමාත්‍යාංශයෙදී සිදුවීම විය.
මහින්ද ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවන මෙම කාලයේදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා පාකිස්ථානයේ රාජ්‍යයෙන් බැහැර සිටීම කනගාටුදායක වුවත්, අද දින ඔබ පාකිස්ථානය ජනාධිපති සමග පැවැත්වීමට බලාපොරොත්තු වන හමුව ඉතා පලදායී හමුවක් වනවා නියත බව පාකිස්ථාන අගමැතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක සර්ටාජ් මැතිතුමා පවසමින් මෙම සුහද සාකච්ඡාව ආරම්භ විය.
ශ්‍රී ලංකාව පාකිස්ථානය කෙරෙහි දක්වන සහයෝගය පිළිබඳව සර්ටාජ් මහතාට පැහැදිලි කළ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතාවන් පිළිබඳ තම හැඟීම් සම්බන්ධයෙන් ද විස්තර කළේය. “ශ්‍රී ලංකා ජනතාව හා එදා ඔබ ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය අපිට සැමවිටම සහාය දැක්වූවා”, අමාත්‍ය සර්ටාජ් මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ පාකිස්ථානු ජනතාවගේ හදවතින්ම පිළිගැනීමකට පාත්‍ර වූ නායකයෙක් බව සර්ටාජ් මහතා අවධාරණය කළේය.
පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර සබදතා හා ක්‍රමෝපායයන් අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානය අතර හුවමාරු හා සහයෝගිතා අධ්‍යයන ගිවිසුමට ශ්‍රි ලංකා සහ පාකිස්ථානය අතර පසුගිය කාලයේදී අත්සන් තැබූ බව ඇමතිතුමා දන්වා සිටියේය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 4

පාකිස්ථාන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඉතිහාසය වඩාත් පරිපූර්ණ වූයේ මහින්ද රාජපක්ෂ යුගයේ දී ….
සිව් දින පාකිස්ථාන සංචාරයේ අවසන් දිනයට සමීප වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස අද පෙරවරුවේ පාකිස්ථාන ජනධිපතිතුමා මුණ ගැසීම වදගත්ම සිදුවීම විය. ඉස්ලමාබාත් අගනුවර අතිගරු මැම්නුන් හුසේන් (Mamnoon Hussain) ජනධිපතිතුමාගේ නිළ කාර්යාලයෙදී සිදු වූ මෙම හමුව අතිශයින් හෘදයාංගම බැවින් පිරුණු මිත්‍රත්වයේ හමුවක් විය. පාකිස්ථාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉතිහාසයේ ඇතට දිව යන්නක් වුවද එය වඩාත් පරිපූර්ණ වූයේ මහින්ද රාජපක්ෂ යුගයේ දී බව සිහිපත් කල පාකිස්ථානු ජනාධිපතිවරයා, පොදු රාජ්‍ය මණ්ඩලයේන් පකිස්ථානය ඉවත් කිරීම සඳහා වූ කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ පෞද්ගලික කැපකිරීම පාකිස්ථානු ඉතිහාසයේ අමරණීය සිදුවීමක් බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සාමය හා සමුර්ධිය වෙනුවෙන් අවංකව කැපවීම පාකිස්ථානු ප්‍රතිපත්තිය බව තහවුරු කළ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාකිස්ථානු ජනතාවගේ වඩාත් ආදරය හා ෙගෟරවයට ‍‌පාත්‍ර වූ නායකයෙක් බව දැඩිව අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 3

මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දැන් බටහිර ජාතීන් තනුව වෙනස් කරලා.. 
හිටපු ජනාධිපතිතුමාගේ සිව් දින පාකිස්ථාන සංචාරයට සමගාමීව ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ, පාකිස්ථානයේ ආරක්‍ෂික අධ්‍යාපන සහ පර්යේෂණ (RSS) ආයතනය විසින් සංවිධානය කොට තිබු “සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන ආරාධිකයා සහ ප්‍රමුඛ දේශකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අද සවස සහභාගී විය. අතුරු සිදුරු නැතිව පිරි ඉතිරි ගොස් තිබු ශාලාවේ, පසුගිය වසර තිහක කාලයේ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරුන් ලෙස සේවය කල සියලුම තානාපති නිලධාරීන්ද, විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉහළ හමුදා නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාරින් සහ මාධ්‍ය ප්‍රධානින් මෙහිදී කැපී පෙනුණි.
ලොව බිහිසුණු ත්‍රස්තවාදින් ලෙස LTTE ය පරාජය කිරීමේදී හමුදාවන් සතුව තිබු දැඩි අධිෂ්ඨානය ගැන සේනාධිනායකයා ලෙස තමා ආඩම්බර වන බවද, ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කල කැපකිරීම් සදා අගයන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ රාජ්‍යන් ඒ සඳහා කල මෙහෙවර අගයමිනි. කොල්ලුපිටියේ LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවාගත් හිටපු මහකොමසාරිස් විසින් රාජපක්ෂ ජනධිපතිවරයා එවකට ශ්‍රී ලංකාවට ලබා දුන් නිර්භීත නායකත්වය අගය කිරීම මෙහිදී විශේෂ සිදුවීමකි.
බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන්නේ අනතුරුව ඔහුන් ළග නොසිටි මොහොතේ බව පෙන්වා දුන් මහින්ද ජනාධිපතිවරයා, සර්පයා දෂ්ඨ කරන විට “මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවට” ඔහුන්ගේ තනුව දැන් වෙනස් කර ඇති අයුරු පැහැදිලි කළේය.
සභාවේන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, එවකට දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදා ප්‍රජාවට ඩයස්පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයන් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුලින් යුතුව බැහැර කළේය. “ත්‍රස්‌තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොද ත්‍රස්‌තවාදියා නරක ත්‍රස්‌තවාදියා කියා බෙදන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා ත්‍රස්‌තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා….” යනුවෙන් බටහිර මාධ්‍ය ආයතනයක් නියෝජනය කල මාධ්‍යවේදියකුට පාඩමක් කියා දීමට ද ජනධිපතිවරයා අමතක නොකළේය.
මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 2

ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ලොව පුරා රාජ්‍යන්ට ඔබගේ නායකත්වය…..
සිව් දින සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණි හිටපු ජනාධිපති හා සෙනෙට් සභිකයන් අතර හමුවීමක් අද (21 ) පස්වරුවේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් සෙනේට් සභාවේ දී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමන් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස පාකිස්ථාන සෙනෙට් සභාවේ සේනාතර් නුෂාඩ් සදිකි සභාපතිනිය, සේනාතර් සයිඩ් ශිබිල් ෆරාශ්, සේනාතර් කරීම් අහමඩ් ක්වාජා ප්‍රමුඛ නියෝජිත පිරිස මුණගැසීම ශ්‍රී ලංකා පාකිස්ථාන මිත්‍රත්වය වඩාත් තහවුරු කරන්නක් විය.
පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පාකිස්ථානය නෙරපා හැරීමට සඳහා ගනු ලබු උත්සාහයට එරෙහිව මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමන් තිනිව සටන් වැදුණු ආකාරය, එකී යෝජනාව පරාජය කල ආකාරයත් ගවුරවයෙන් සිහිපත් කළ සෙනෙට් මන්ත්‍රීවරුන්‌ ශ්‍රී ලංකාවට සාක් කලාපයට පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින ලොව පුරා රාජ්‍යන්ට නායකත්වය නැවත ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ මැතිදුන්ට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කළහ.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

[Not a valid template]

Related Images:

පකිස්තානයේ ෆයිසාල් මුස්ලිම් පල්ලිය

ඔබ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ විශ්වාසය හා ආදරය දිනාගත් නායකයකයෙක්….

සිව් දින සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ෆයිසාල් පල්ලිය මුස්ලිම් පූජකවරුන්ගේ විශේෂ ආරාධනාවක් මත ජූනි 21දා පස්වරුවේ පකිස්ථානයේ ජාතික මුස්ලිම් පල්ලිය ලෙස පිළිගන්නා ෆයිසාල් මුස්ලිම් පල්ලියට පැමිණියේය. එහිදී ෆයිසාල් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන ආගමික විශාරදයෙක් වන නසීර් මුස්ලිම් පුජකතුමා විසින් මහින්ද ජනධිපතිතුමා පිළිගත් අතර එහි සිටි අනිකුත් මුස්ලිම් පුජකතුමාලා හදුන්වා දෙමින් ෆයිසාල් පල්ලිය පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කිරීමක්ද සිදුවිය. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ සිදූවන ආගමික මත ගැටීම පිළිබඳව අපටත් අවබෝධයක් ඇතැයි පැවසූ නසීර් පුජකතුමා, ඉදිරියටත් ඔබ ලාංකික මුස්ලිම් ජනතාවගේ විශ්වාස හා ආදරය දිනාගන්නා එකම නායකයා බවට තමා විශ්වාස කරන බව ද පැවසීය. අද අපි ඔබව පිළිගත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ලෙස නොව ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ විශ්වාසය හා ආදරය දිනාගත් නායකයකු ලෙස බව පුජකතුමා අවධාරණය කළේය.
පාකිස්ථානය ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන නිර්ලෝභිත්වය හා හොඳ හිත අපගේ ජනතාව ඉහළින්ම අගය කරන බව පැවසූ රාජපක්‍ෂ මැතිතුමා, පාකිස්ථානයේ මුස්ලිම් බැතිමතුන් හා ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා මෙම සංචාරයේන් ද බලාපොරොත්තු වන බව ද පැවසීය. එහි පැමිණි සිටි පාකිස්ථා ජාතිකයන් අප ජනධිපතිතුමා සමග ජයාරූප ගැනීමට විශේෂ උද්යෝගයක් දැක්වූයේය.
ඉස්ලාමාබාදය පාකිස්ථානයේ අගනුවර වන අතර ජනගහනය අතින් එරට දහවැනියට විශාලතම නගරයයි. මෙය උතුරු පාකිස්ථානයේ පෝතොහාර් සානුව තුළ පිහිටා ඇත. ඉස්ලාමාබාද් නගරය නිර්මාණය කෙරුණේ 1960 දී වන අතර එතෙක් අගනුවර ලෙස පැවති කරච්චිය යි. හරිත නගරය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉස්ලාමාබාදය ඉතාම සැලසුම් සහගත ආකාරයට ගොඩනගන ලද්දකි. සමීක්ෂණවලට අනුව පාකිස්ථානයේ පිරිසිදුම නගරය ඉස්ලාමාබාද් වෙයි. විවිධ කලාප සහ අංශවලට බෙදා මෙම නගරය සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය සහ ලොව හයවැනියට විශාලතම මුස්ලිම් පල්ලිය වන ෆයිසාල් පල්ලිය පිහිටා ඇත්තේ ද ඉස්ලාමාබාදයෙහිය.

Related Images:

ජනාධිපති පකිස්ථාන සංචාරය 1

ඕනෑම අවස්ථාවක පාකිස්ථානය ඔබ සමඟයි -කුලපති ලුතිනන් ජෙනරාල් රිස්වාන් අක්තාර්…..
නිදහස හා සාමය සමඟින් විශාල සංවර්ධනය කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ඔබ දුන් නායකත්වයට එරෙහිව අද එල්ල වන චෝදනා කිසිසේත් තර්කානුකූල නොවන බව පාකිස්ථානය අවධාරනය කරයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දිඟු කලක සිට මිත්‍ර සබඳතා පවතින අතර අන්තර්ජාතික වේදිකාවේ දී සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට සහාය දක්වන බවත් “ඕනෑම අවස්ථාවක පාකිස්ථානය ඔබ සමඟයි” සභාපති, කුලපති ලුතිනන් ජෙනරාල් රිස්වාන් අක්තාර් මහතා ප්‍රකාශ කරයි.
පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල ආරාධනා මත සිදුකෙරෙන මෙම සංචාරයෙදී ශ්‍රී ලංකවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පාකිස්ථානයේ ඉස්ලමාබාත් නුවර දී ජුනි 20 දා පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ දී පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සභාපති ලුතිනන් ජෙනරාල් මේ බව සඳහන් කරන ලදී. මෙහිදී තවදුරටත් ඔහු පැවසුවේ “පාකිස්ථානය ත්‍රස්තවාදයෙන් පීඩා වින්ඳා. තවමත් පීඩා විඳිනවා. දෙවියන්ගේ කැමැත්තෙන් අපි මේ උවදුරෙන් මිදෙනවා. නමුත්‍ ඔබ තිස්වසරක ත්‍රස්‌තවාදය ජයග්‍රහණය කල ජේෂ්ඨ නායකයකු බව අපි හොදින් දන්නවා. ත්‍රස්‌තවාදයෙන් පීඩා විදින අපි ඔබගේ එඩිතරකම මෙන්ම එදා ඔබ දුන් දේශපාලන නායකත්වයේ වටිනාකම අපි ඉතා හොදින් දන්නවා.” යැයි ද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබන ඉහළ හමුදා නිලධාරීන් සඳහා මෙම ආරාධිත විශේෂ දේශනයක් පවත්වන ලදී. තමාටම පාකිස්ථානයට ආරාධනා කර මෙහිදී දක්වන ඉහළ ආගන්තුක සත්කාරක ගැන තමන්ගේ අවංක ස්තුතිය පුදකරන අතර පළමුව පාකිස්ථානය ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණයට සුබපැතුම් එක් කරමින් රාජපක්ෂ මැතිතුමා තම විශේෂ දේශනය ආරම්භ කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු යුද සමයේ දී හා ඉන්පසුව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව රාජපක්‍ෂ මහතා පාකිස්ථානයට සිය ස්තුතිය පුද කිරීමට අමතක නොකළේය. ශ්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය එරෙහිව යුද්ධයට නායකත්වය දෙමින් ත්‍රිවිධ හමුදාවට මෙන්ම ජනතා බලපෑම්වලට වලටත් තමන්ට ගැනීමට සිදුවීම් පැහැදිලි කරන ලදී. යුද්ධය අවසන් වනවාත් සමඟ එදා මාගේ රජය විසින් ගත් පශ්චාත්-යුධ පියවර පිළිබඳව විස්තර කරමින් “මම අවධානමක් ගත්තා”, පමණක් නොව යුද සමයේදී මගේ පුතා යෝෂිත නාවික හමුදාවට බදවා ගැනීමට පවා අවසර දුන් බව අපේ ජනාධිපතිවරයා පැවසූ අතර “හිටපු සටන්කරුවන් 14,000 ක් අපි සමාජගත කළ බවද ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ හොඳම අධිකාරිය සමාජය බව මට හැඟී ගිය බවද සිහිපත් කළේය.
යුද්ධය අවසන් වී මසක් තුළ ළමා සොල්දාදුවන් 595 දෙනෙකු නැවත ඔවුන්ගේ දෙමාපියන්ට භාර දුන් අතර එය අවධානමක් එහෙත් එය වටින බව සිතූ බවද හෙතෙම පැවසීය. දේශනය අවසානයේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් රාජපක්ෂ මැතිතුමා වෙතට යොමුකරන ලද ප්‍රශ්නවලට සතුටින් පිළිතුරු දෙමින් ඔහුන්ට තම සේවය පිළිබඳ උද්යෝගයක් ඇති කළේය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහත්වරුන් එක්වී සිටියේය.

Related Images: