හිටපු ජනාධිපතිගේ උගන්ඩා සංචාරය

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය
අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධන පිළිගෙන ඒ අනුව මැයි 11දා දහවල් 13.50ට අංක EK729 දරන එමිරේට් ගුවන්යානාවෙන් උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නගරයේ ආසන්න එන්ටබේ ජාත්යන්තර ගුවන්තොටුපලට (EBB) ගොඩබැස්සේය. එහිදී උගන්ඩාවේ තොරතුරු හා ජාතික මාර්ගෝපදේශන අමත්‍ය Jim Muhwezi හා ශ්‍රීලංකාට වැඩබලන ඉන්දියාවේ උගන්ඩා තානාපතිනිය H.E Elizabeth Paula Napeyok ඇතුළු උගන්ඩාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී. පසුව පැමිණි සිටි විශේෂ නියෝජිතයන් සමග ප්‍රභූ ශාලාවතුල සිදුකල කෙටි සාකච්ඡාවෙන් පසුව, කිලෝමීටර් 41 නුදුරින් පිහිටි කම්පාලා නගරයේ Munyonyo Commonwealth Resort හොටෙලය බලා පිටත්වීය. සවස 4ට හෝටලයට සම්ප්‍රාප්ත වු රාජපක්ෂ ජනාධිපතිතුමාව ඉතා හරසරව උගන්ඩා ජාතිකයන් විසින් පිළිගෙන ඔහුගේ ප්‍රියතම කාමරය කරා කැදවාගෙන ගියේය. උගන්ඩාවේ ජනාදිපති විසින් ආරාධනා කර තිබු සියලුම රාජ්‍ය නායකයන් සඳහා මෙම හෝටලය සූදානම්ව තිබුණු අතර සංචාරකයෙකු ලෙස එම කාලයේදී එහි ජිවත් වීම නිසා පැමිණි සියලුම රාජ්‍ය නායකයන් දැක ගැනීමට මට අවස්ථාව ලැබුනා. රාජපක්ෂ මැතිතුමා 2013 වර්ෂයේ මැයි මාසයේ 11 වෙනිදා මෙම හෝටලයේ මෙම කාමරයේම ලැගුම් ගැනීම විශේෂක් විය.
මෙම හෝටලය වික්ටෝරියා විලට මුහුණලා තිබුණු අතර ලොව දිගම ගඟ නයිල් නදිය ආරම්භ වන ස්ථානය මෙයට යාබද ඇත. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් හැනින්ග් විසින් 1858 අගෝස්තු මස 3 වනදා සොයා ගත් වික්ටෝරියා විලේ ජලය මෙම ස්ථානයේ සිට නයිල් නදිය නමින් හැඳින්වී කි.මී. 6400ක දුරක් ගෙවා මධ්‍යධරනී මුහුද වෙත ගලා යනවා.
නයිල් නදිය වනාහී විවිධ රටවල් 11ක ජලය බෙදා ගන්නා ලොව දිගම ගංගාවයි. ටැන්සානියාව,උගන්ඩාව, රුවන්ඩාව, බුරුන්ඩි, කොංගෝ, කෙන්යාව, ඉතියෝපියාව, එරිත්‍රියාව, දකුණු සුඩානය, සුඩානය සහ ඊජිප්තුව එම රටවල් වෙනවා. මෙම රටවල් වලින් ඊජිප්තුවේ සහ සුඩානයේ ප්‍රධානම ජලය සැපයීම සිදු වෙන්නේ නයිල් නදිය මගින්.
එමෙන්ම වික්ටෝරියා විලද අප්‍රිකාවේ පිහිටා ඇති විශාලම විල සහ ලොව ස්වාභාවික ජලය පිහිටා ඇති විශාලම විලවල් වලින් එකක් වෙනවා. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 70000ක් පමණ වෙනවා. කි.මී 6400ක් දුර ගෙවා ඊජිප්තුවෙන් මුහුදට වැටෙන මේ මනරම් නදිය අප්‍රිකානු රටවල් බොහොමයකට මෙන්ම මුළු ලොවටම ඉතාම වටිනා ස්වාභාවික සම්පතක් වෙනවා.
මහත්මා ගාන්ධි තුමාගේ අභාවයෙන් පසු එතුමාගේ අළු නයිල් නදියේ පා කර යවා ඇති බව පවසයි. ඒ නිසා මෙම නයිල් නදියේ ආරම්භක ස්ථනයේ මහත්මා ගාන්ධි තුමාගේ පිළිමයක් 1997 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී එවකට හිටපු ඉන්දීය අගමැති ඉන්දර් කුමාර් ගුජ්රල් මැතිතුමා විසින් විවෘත කර තිබෙනවා. දැන් මෙය උගන්ඩාවේ ඉන්දීය බැංකුවක් විසින් නඩත්තු කෙරෙනවා.

Related Images:

තායිලන්තයේ වට් පා බාන් තාධ් ආරාමය පැමිණිම

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තය සංචාරය -තුන්වෙනි දිනයේ
අප්‍රේල් 25දා උදේ 7ට, තායි බෞද්ධ ජනයාගේ මහත් ඇදහීමක් ඇති, සොම්කිඅත් චිත්තාමාරෝ රහතන් වහන්සේ බැහැදැකීමට වට් පා බාන් තාධ් ආරාමය පැමිණියේය. මෙම ආරාමයට එදා රාජපක්ෂ මැතිතුමා පරිත්‍යාග කරන ලද, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර වහන්සේ නමස්කාර පූර්වකව වන්දනා කරනලදී. එසේම වැඩ නිමවෙමින් පවතින ධර්ම ශාලාව නිරීක්ෂණය කරනලදී. එදා තායිලන්තයේ ණයබරින් නිදහස් කරගැනීමට ජනතා සහයෝගය ලබාගනිමට මූලිකත්වයෙන් වැඩ කල ආචාර්න් මහා භූවා ස්වාමීන් වහන්සේ වැඩවාසය කල ආරාමයට පැමිණියේය. එදින සවස 4ට උඩන් තානි නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේන් බැංකොක් නගරයට පිටත්වීමට පෙර, රාජපක්ෂ මැතිතුමා, මෙම බෞද්ධ වැඩසටහන ප්‍රධාන සංවිධානයක මිමී මහත්මිය ඇතුළු සියලුම දෙනාටම ස්තුති කරන ලදී.
පසුව බැංකොක් නගරයේ ස්වර්ණභූමි ගුවන්තොටුපලේදී ශේනුකා තානාපතිනිය සහ ලාංකික ප්‍රභූන් පිරිස රාජපක්ෂ මැතිතුමාව පිළිගන්නා ලදී. එදින රාත්‍රීයේදි ලාංකික එකමුතුවෙන් කල ආරාධනය සතුටින් පිළිගත් නායකතුමා මානෙල් ලංකා ආපනශාලාවේදී ලාංකික පිරිස අමතා කෙටි කතාවකින් පසු ලාංකිකයන් සමගින් රාත්‍රී ආහාරය ගත්තේ ඉතා සතුටිණි.
හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තයේ නිල සංචාරය අවසන් කරමින් අප්‍රේල් 26 දින රාත්‍රී 9ට ස්වර්ණභූමි ගුවන්තොටුපලෙන් කොළබ බලා ගුවන්ගතවිය.

තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භුමි බොල් අදුල් යඩේව් රජු එහි 9 වන රජුය. ‍ මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම ‍සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.

මානෙල් ලංකා ආපන ශාලාව

ආසියාවේ වෙළෙඳ රජ දහනක් සේ සැලකෙන වි​ෙදස් සංචාරකයින් ලක්ෂ ගණනින් සැරිසරන තායිලන්තයේ බැංකොක් නුවර සිය වෙළෙඳ ආධිපත්‍ය පතුරුවාගෙන සිටින ශ්‍රී ලාංකීය යුවළකට අයත් මානෙල් ලංකා ආපන ශාලාව පසුගිය සතියේ සිය හත් වැනි සංවත්සරය සැමරුවේය. අතිශය දුෂ්කර කටුක මාවතක් ඔස්සේ ගමන් කොට විදේශීය රටක වෙළෙඳ අගනගරයක හදවත බඳු ස්ථානයක ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවේ මීගමුව කොච්චිකඩේ නිමල් ප්‍රනාන්දු සහ මැෆල්ඩා මානෙල් ප්‍රනාන්දු යුවළ සමත්ව සිටිති. විදෙස් ජාතිකයන් රැසක් ද තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන බැංකොක් අග නගරයේ පටුනාමී නගර කොටසේ ප්‍රධාන වීදියක මානෙල් ලංකා යන සිංහල අකුරු සහ අපේ ජාතික කොඩිය ද සහිතව බහුතරයක් අහසේ ​ෙලළදෙන ආකාරය දුටු විට අපගේ සිතට දැනුණේ වචනයෙන් කිව නොහැකි අපූරු හැඟුමකි. එවැනි බැනරයක් ප්‍රදර්ශණය කරවීමට තරම් නිමල් මානෙල් යුවළ අද වන විට බැංකොක් නුවර ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළක් බවට පත්ව අවසානය. දෙදහස් දහය වසරේ සුලුවට පටන් ගත් මේ ව්‍යාපාරය අද වන විට මුළු ශ්‍රී ලංකාවම පමණක් නොව වෙනත් විදේශීය රටවල සංචාරකයින් පවා දන්නා හඳුනන ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව හමාරය.

ගමේ ගෙදර දී වගේම කෑම කන්න අපේම තැනක් මේ මානෙල් ලංකා ආපන ශාලාවේ පාඨයයි. සංචාරකයින් සේම ව්‍යාපාරික අවස්ථා සඳහා ද බැංකොක් නුවරට පැමිණෙන විදේශීය සංචාරකයින් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ ඔවුන්ට ගැළපෙන ආහාර පාන සොයා ගැනීමය. මීට හේතුව තායි ආහාරපාන හුරු වී​ෙමන් මිසක ඒවා එකවර ආහාරයට ගත ​ෙනහැකි රසයකින් යුක්ත වීමය.එහෙත් තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නම් මේ ආහාර පාන ප්‍රශ්නය ගැටලුවක් නොවන්නේ මානෙල් ලංකා ශ්‍රී ලාංකිය ආපන ශාලාව නිසාමය. බැංකොක් අග නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස සැලකෙන පටුනාමී රාජපන්රාජසොයි හතර වැනි වීදියේ අංක 447/61 දරන ස්ථානයේ සිවු මහල් ​ෙගඩනැගිල්ලක පිහිටි මෙම හෝටලයේ විශේෂත්වය වන්නේ බැංකොක් නගරයේ පිහිටි ලොව ප්‍රසිද්ධ සියලුම ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණ වලට හා හෝටල් වලට ඉතා සමීපව පිහිටා තිබීමය.තායිලන්තයට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයෝ ජාති ආගම් භේද වලින් තොරව හමු වී කතා බස් කරමින් ශ්‍රී ලාංකීය ආහාර වේලක රස බලන ස්ථානයක් බැවින් තායිලන්තයේ ශ්‍රී ලාංකීය මධ්‍යස්ථානයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වුව හොත් එය නිවැරදිය.විදේශීය රටක සුවිසල් අග නගරයකට මෙවැනි ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කරුණක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි පුංචි රටක සිට පැමිණි විදේශිකයකුට එවැනි දෙයක් කළ නොහැකි තරම්ය. එ් අනුව මානෙල් ලංකා ආපන ශාලාව පසු පස තිබෙන්නේ දිරියෙන් ජීවිතය ජයගත් ශ්‍රී ලාංකිය යුවළකගේ ආදර්ශමත් කතා පුවතකි. අනාගත දිවිය සරු කර ගැනීම සඳහා මවු බිමේ තමන් සතු සියලු දේපළ විකුණා දමා යුරෝපීය රටකට යාමේ අරමුණින් තායිලන්තයට දරු දෙදෙනා ද සමග පැමිණි නිමල් මානෙල් යුවළට සිදු වූයේ බැං​ෙකක් නුවර අතරමං වීමටය. ඒ ඔවුන්ව රැගෙන ආ රැකියා ඒජන්සිකරුවා ඔවුන් අත හැර දමා තායිලන්තයෙන් පැන යාම නිසාය.

Related Images:

හිටපු ජනධිපති තායිලන්තය සංචාරය 2

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තය සංචාරය
අප්‍රේල් 24 වෙනිදා තායි බෞද්ධ සිරිත් පිළිපදිමින් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ මහා පිංකමට උදේ 9ට ආරම්භවිය. එම උත්සවයට ලාංකික භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ මහාචාර්ය ලක්ෂ්මන් පීරීස්, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, හිටපු තනාපති උදයාංග වීරතුංග ඇතුළුව පිරිස සහභාගීවිය.

උඩන්-තානී නගරයේ සිට කිලෝමීටර්127 නුදුරු කදු ප්‍රදේශ‍ෙයේ පිහිටී Wat Pa Phu Kon පන්සලේ විශේෂ ආරාධනාවක් මත මහින්ද රාජපක්ෂ මැතිතුමා එදින සවස වරුවේදී එහි නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණි අතර ඉදිරි කාලයේදී අප දෙරටේ ආගමික සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම වැඩසටහන පිළිබඳ සකච්ඡාකරන ලදී.

තායි දේශයේ බොදු සිරිත්
වට්පාසි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයට සහභාගි වීමෙන් පසු ධාතු කරඬුව හිස මත තබා ආශිර්වාද ලැබීමභාරත දේශයේ අශෝක රජතුමාගේ රාජ්‍ය සමයේදී ලංකාව ඇතුළු පෙරදිග රටවල් කිහිපයකට ම බුදු දහම ව්‍යාප්ත වූ බැව් අපි දනිමු. එම රටවල් අතර ස්වර්ණභූමි නමින් දේශයක් ද විය. එම ස්වර්ණ භූමියෙහි බුද්ධාගම ස්ථාපිත කරන ලද්දේ සෝරත සහ උත්තර යන තෙරුන් වහන්සේ විසින් බව ද සඳහන් වේ. එදා මේ ස්වර්ණභූමිය ( The Land of gold ) නමින් හැඳින්වුනු දේශය කාම්බෝජියාවෙන් කොටසක් සහ බුරුම දේශයෙන් කොටස් ද අයත් වර්තමාන තායිලන්තයයි. අද අප එය තායිලන්තය නමින් හැඳින්වුවද 20 වන සියවස මැද වන තුරුම මෙම දේශය හැඳීන්වූයේ සියම නමිනි. සියමේ එදා මුල් පදිංචිකරුවන් වූයේ බුරුමය හරහා සංක්‍රමණය වූ චීන ජාතිකයන් ය.

තායිලන්තය බෞද්ධ රටක් වශයෙන් ඉතාම සුවිශේෂී තත්ත්වයක් උසුලයි. තායි යන්නෙහි අදහස නිදහස් යන්නයි. මෙරට ඉතිහාසය ගැන කතා කරන විට රාම රාවන යුගයට පවා යාමට සිදුවෙයි. ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායනයේ දැක්වෙන පරිදි රාම රජුගේ නිවස පිහිටියේ තායිලන්තයේ එදා අගනුවර වූ අයෝද්‍යාවෙහි ය.

නැගෙනහිර පැරීසිය හෙවත් සිනාසෙන නගරය නමින් අද හැඳින්වෙන බැංකොක් තායිලන්තයේ අගනුවර ලෙස පිළිගැනුනේ 1982 දී ය. ‘චාවෝපරියා ගඟ’ අසබඩ එකමයි සුපුන්විත්’ ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි බැංකොක් චමත්කාරජනක ලෙස නවීකරණය වී වාණිජත්වයට පත්ව ඇතත් එරට සංස්කෘතිය මුළු මහත් රටවැසි ජනතාවගේම දිවි පැවැත්ම හා බැඳී පවතී.

17 වන සියවස වැලිවිට සරණංකර හිමියන් විසින් උපාලි මහා තෙරුන් වහන්සේ ලංකාවට වැඩමවා මෙරට සියම් උපසම්පදාව පිහිටුවීම වැනි කරුණු හේතුකොට ගෙන තායිලන්ත ශ්‍රී ලංකා සබඳතා දැඩි විය. එදා විල්බාවේ රාල ප්‍රමුඛ අපේ දූත පිරිස් සියම් දේශය හෙවත් වර්තමාන තායි දේශය බලා විවිධ දුෂ්කරතා මැද ගොස් තැබූ සටහන්වල ප්‍රතිඵලයි ඒ.

කෙබඳු දේශපාලන ප්‍රශ්න වරින්වර පැන නැගුණ ද විවිධ ආගමික හා සමාජ ප්‍රශ්නයන්ට මැදි වුවද මේ 21 වන සියවස ද එදා මෙන්ම ගෞරවණීය ලෙස බුදු දහම පවත්වාගෙන යන තායි දේශය සෙසු බෞද්ධ රටවලට ද ආදර්ශයකි. තායි ජනතාව තම ජීවිතය පවත්වාගෙන යනුයේ ආගමික සංකල්ප මතය. එමෙන්ම ඒ හා සම්බන්ධ රාජ්‍ය ගෞරවය මතය. පසුගිය කාලයේ තායිලන්තයේ පැවතියේ හමුදා පාලනයක් වුවද ඒ තුළින් ද අප දුටුවේ රටේත් රජුගේත් සුහදතාවය යි. එරට නමවන රාම රජුන් වන භූමියබොල් අඩුල්යඩේ රජුගේ 81 වන ජන්ම දිනය ආගමික වශයෙන් ඉතා උසස් අන්දමින් සැමරීමට රටම අත්වැල් බැඳ ගත්තේ එබැවිනි. එමෙන්ම ඒ වෙනුවෙන් විවිධ රටවලින් විශාල පිරිස් රැස්ව අති උත්කර්ෂවත් ලෙසට එම උත්සවය පැවැත්වෙන අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් ද විශාල පිරිසක් සහභාගිව සිටියහ. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් 200 කට ආසන්න පිරිසක් ද බෞද්ධ උපාසක උපාසිකා පිරිසක් ද එම උළෙලට සහභාගී වීම සුවිශේෂී ආගමික මෙහෙවරක් විය.

පුරා තෙමසක් තිස්සේ පැවැත්වූ එම උත්සවයේ මූලික සුවිශේෂී සිද්ධිය වූයේ ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ සහ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා එරටට වැඩමවීමයි. මේ අවස්ථාවේ බැංකොක් නුවර අවට වීථි දෙස බලන අපට හැඟුනේ එය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උත්සවයක් කියාය. බැලූ බැලූ අත අපේ ජාතික ධජ ලෙළදුන් අතර සිවුරු කහ පැහැය ද දස අත දිස්විණි. ගෞරවණීය ලෙස පිණ්ඩපාතය සඳහා වඩින මහා සංඝරත්නය දුටු විට අප සිත් තුළ ඇතිවූයේ ඉමහත් භක්තියකි. මෙරට ජාතික ධජ 600 ක් සහ එයට මදක් කුඩා ධජ දහසකට අධික ප්‍රමාණයක් තායි දේශයේ සුළෙග් ලෙළදෙන විට අප තුළ ඇතිවූයේ මහත් භක්තියකි. ඒ සමගම එරට ජාතික කොඩිය ද විය. දෙරටෙහි බෞද්ධ සුහදතාව, මිත්‍රත්වය ඒ තුළින් විද්‍යාමාන විය. එම උළෙල පැවැත්වෙන දිනය රජතුමා මදක් අසනීපව සිටියෙන් එතුමා නොපැමිණිය ද රජ පවුල වෙනුවෙන් කවුරුන් හෝ රාජ්‍ය නායකයකු ලෙස එම උත්සවයන්ට සහභාගි වීම විශේෂත්වයකි.

මුළු රට පුරාම රජුගේ උපන්දිනය සැමරූයේ හුදෙක් ආගමික උත්සවයක් වශයෙනි. මේ මහා බෞද්ධ උත්සවය පැවැත්වුණු ප්‍රධාන ස්ථානය වූයේ වට්පාසි බෞද්ධ මධ්‍යස්ථානය යි. එය ශ්‍රී ලාංකිකයනට විශේෂිත විය. වට්පාසි බෞද්ධ මධ්‍යස්ථානයේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනා, ධර්ම දේශනා සහ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අදාළ වන පරිදි විශාල වශයෙන් සිදු කෙරුන දානමය පුණ්‍යකර්ම බෞද්ධ රටක් වශයෙන් ඉතා ගෞරවණීය ය. ඒ සියලු කටයුතු අතර බෞද්ධ ආගමික සිරිත් විරිත් ප්‍රමුඛ විය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජේ.බී. දිසානායක මහතා ද එම අවස්ථාවට පැමිණ සිටියේ ය. වට්පාසි විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයේ සුවිශේෂ සිද්ධිය ලෙස අප දුටුවේ එම අවස්ථාවට පැමිණි සියලු දෙනාම සුදු වතින් සැරසී සිටීම ය. එමෙන්ම තායි ජනතාව භික්ෂූන් වහන්සේ කෙරෙහි දක්වනුයේ පුදුම සහගත භක්තියකි. එම අවස්ථාවට සහභාගි වූ ලාංකිකයන් පිළිබඳව අවශ්‍ය කටයුතු සලස්වාලූයේ උත්සවයේ සංවිධාන කටයුතු කළ අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමියන් විසිනි.

එරට බෞද්ධ පැවතුම් අනුව භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩීම සාමාන්‍ය සිරිත ය. මෙම පිණ්ඩපාතය පාගමනින් හෝ වාහනවලින් සිදු කෙරෙන අතර එහිදී උදේ, දවල්, දානමය දෑ පමණක් නොව භික්ෂූ ජීවිතයට අවශ්‍ය දෑ විශාල වශයෙන් පිරිනැමේ. ස්වාමීන් වහන්සේ එසේ වඩිනා තෙක් මහජනතාව මඟ දෙපස සැදී පැහැදි සිටිනුයේ දැඩි නොඉවසිල්ලෙනි.

තායි ජාතිකයන් 95%ක් ම බෞද්ධයන් ය. එපමණක් නොව ඔවුන් බෞද්ධාගම අදහන්නේ දැඩි විශ්වාසයකින් ය. එබැවින් පෙර කී උත්සවය ඇරඹුන දා සිට මාස තුනක් යන තුරු බෞද්ධ ආශිර්වාද ලබා ගැනීම ඔවුන් ලබන විශිෂ්ට පුණ්‍ය කර්මයක් ලෙස සැලකිණි. එම කාලය තුළ සංඛ්‍යාවෙන් දස ලක්ෂයක් පමණ පිරිසක් ධාතු කරඬුව තම හිස මත තබා ආශිර්වාද ලැබූහ. බෞද්ධ භක්තිය, ශ්‍රද්ධාව මත දෛනික ජීවන රටාව පවත්වාගෙන යන තායි ජන ජීවිතය තුළ බොහෝ විට ආරවුල් අඬදබර අඩුබව අපට දැනගන්නට ලැබුණි.

එයට මූලිකව ඇත්තේ ‘අප හොඳින් ජීවත් වෙමු’ යන ආකල්පයක් බෞද්ධාගම තුළින් ඒ සිත් සතන් තුළ කා වැදී තිබීමයි. එරට පවතින තාවකාලික පැවිද්ද තුළින් සමාජය තුළ යහ පැවැත්ම සදාචාරාත්මක හැසිරීම ඇතිකරයි. නිසි වයස පිරුණ කල්හි හෙවත් සුදුසු කල් පැමිණ විට සෑම තරුණයෙකුම තාවකාලික ශ්‍රමණ භූමියට ඇතුළු විය යුතුය.

තායි දේශයේ වීථි කහ කොඩිවලින් බැබඵණු අයුරු

ඒ වයස් සීමාව බොහෝ විට අවුරුදු 20 පමණ වේ. ශ්‍රමණ භූමියට ඇතුළු නොවූ පුද්ගලයන් සමාජයේ එතරම් පිළි ගැනීමක් නැති අතර පැවිදි වූ පුද්ගලයා තත් ( Thit ) යන ගෞරවනීය නාමයකින් හඳුන්වනු ලැබේ. එහි අර්ථය බහුශ්‍රැත පුද්ගලයා යන්නයි. වර්ෂයේ ඕනෑම දිනක කෙනෙකුට පැවිදි වීමට හැකි වුවද ඒ සඳහා වඩාත්ම සුදුසු ලෙස පිළිගෙන ඇත්තේ වස්සාන කාලය ආරම්භ වන ජූලි හෝ අගෝස්තු මාසයන් ය. එසේ කෙනෙකු පැවිදි වීම එම ප්‍රදේශයේ ඥාතී මිත්‍රාදීන් කාටත් සුවිශේෂී දෙයකි. පැවිදි වීමට නියමිත පුද්ගලයා සුදු පැහැ සිවුරකින් සැරසීම තවත් විශේෂත්වයකි. එසේ සැරසුන අය අදාළ විහාරස්ථානය වෙත කැඳවාගෙන යන්නේ දර්ශනීය පෙරහරකිනි. එම පෙරහරට සංගීතමය, නාට්‍යමය සියලු අංග ඇතුළත් වේ.

පැවිදි වී මාස තුනක් ගත වූ පසු (වස්සානය නිම වූ පසු) එම භික්ෂුවට යාම් ඊම් හැකිය. එවිට අලුත් සිවුරු පුද පුජා ලැබේ. තත් කඨින ( Thot Katine ) නමින් හැඳින්වෙන එම පූජා උත්සව අවස්ථාව ද ඉතා ඉහළින් සැලකේ. තායි භාෂාවෙන් පන්සල හැඳින්වෙනුයේ වට් නමිනි.

එවන් පන්සල් දස දහසක් පමණ එරට වේ. මෙම විහාරස්ථානයන්හි බුද්ධරූප සහ සෙසු කොටස් ඉතා අලංකාර ලෙස දිලිසෙන ආකාරයට නිමවා තිබේ.

වට්පාසි මෙන්ම වට්සකේ ( Golden Mount ) තායිලන්තයේ අපූරු සිද්ධස්ථානයකි. බුදුරජාණන් වහන්සේ දෙවිලොව සිට මනුලොවට වැඩම වීම සිහිපත් කරවන එම විහාරස්ථානය සම්බන්ධව උත්සව දෙකක් චක්පාරා ( Chak Phara ) සහ තත්බත් දේවෝ ( Takbatdavo) නමින් තායි දේශයේ පැවැත්වේ. දිව්‍යලෝකය සංකේතවත් වන ලෙස උස් කඳු මුදුනක් සම්බන්ධව එම උත්සව සිදු කෙරේ. මේ සියලු කරුණු දෙස බලන විට අද තායිලන්තය බුදු දහම විසින් විධිමත්ව සැදු මිනිස් පරපුරක දේශයක් ලෙස හැඳීන්විය හැකිය. ඒ තුළින් සමාජය තුළ ඇතිවන ආධ්‍යාත්මික ගුණ වගාවෙන් මිනිසා තුළ යහ ප්‍රතිපත්තියක් ඇතිවීම පරම සංතෘෂ්ටියකි. ඒ අතර පසුගිය දා පැවැත් වූ එවන් සුහද ආගමික වැඩසටහන තුළින් ශ්‍රී ලංකා තායි සබඳතාවය තවත් වර්ධනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Related Images:

හිටපු ජනධිපති තායිලන්තය සංචාරය 1

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තය සංචාරය
තායිලන්තයේ උඩන් තානි නගරයේ බෞද්ධ සංවිධානයේන් ලැබුණු විශේෂ ආරාධනාව පිළිගෙන, අප්‍රේල් 23 දා දහවල් 12.20 ට UL890 ශ්‍රීලන්කන් ගුවන්යානාවෙන් තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරයේ ස්වර්ණභූමි ගුවන්තොටුපලට ගොඩබැස්සේය. එහිදී තායි රාජ්‍ය නිලධාරීන් හා ශේනුකා සෙනෙවිරත්න, ශ්‍රීලංකා තානාපතිනිය විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී. පසුව පැමිණි සිටි විශේෂ නියෝජිතයන් සමග ප්‍රභූ ශාලාවතුල සිදුකල කෙටි සාකච්ඡාවෙන් පසුව, කිලෝමීටර් 560 නුදුරින් පිහිටි උඩන් තානි නගරය බලා ගුවන්ගතවිය.
තායි ගුවන් සමාගමේ WE-6 ගුවන්යානාවෙන් සවස 4ට උඩන් තානි නගරයට සම්ප්‍රාප්ත වු රාජපක්ෂ ජනාධිපතිතුමාව ඉතා හරසර තායි ජාතිකයන් විසින් පිළිගෙන සෙන්තාරා හෝටලය කරා කැදවාගෙන ගියේය.
එදින රාත්‍රී 7ට, තායි බෞද්ධ සම්ප්‍රදායයින්ට අනුව ධාතුන් වහන්සේලා වැඩමවීමේ මහා පිංකම පැවැත්විය. ආකර්ෂමත් පෙරහැරකින් වැඩමවු ධාතුන් වහන්සේලා, පන්සල් භූමියේදී රාජපක්ෂ මැතිතුමා නමස්කාර පූර්වකව පිළිගෙන ධර්මශාලාව කරා වැඩමවා සියලු ආගමික වතාවත්වල නිරත විය.

තායිලන්තය ගැන කෙටියෙන්

කිසිදු යුරෝපීය ආක්‍රමණයකට ගොදුරු නොවූ, රජවරයෙක් ප්‍රධානත්වය දරන, එහෙත් ව්‍යවස්ථාවක් මගින් පාළනය කරන රාජ්‍යයක්. ආසියාතිකයන් වශයෙන් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. මෙහි දැන් සිටින නවවැනි රාමා රජතුමා 1946 සිට පාලනය ගෙන යයි. කිසිවකුගේ විරෝධයක් ඒ ගැන නැත. රජතුමාගේ දැවැන්ත ඡායාරූප සියළුම ස්ථාන වල දැක ගත හැක. එහෙත් මෙම රාජ්‍යය අශෝක අධිරජ්‍යයා විසිනි ආක්‍රමණය කරන ලද අතර එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට ථේරවාදී බුදු දහම සහ සංස්කෘතියක්ද දායාද විය. වරෙක ශ්‍රී ලංකාවට උපසම්පදාව තායිලන්තයෙන් ලැබුන බවද අසන්නට ලැබෙයි. එවකට එය සියමය ලෙස හඳුනා ගනු ලැබූ අතර, තවමත් බුදු දහම ආශ්‍රිත, පාලි සහ සංස්කෘත වචන වලින් බිඳී ආ වචන අසන්නට ලැබේ. තායිලන්ත ලෝකයේ අංක එකේ සහල් අපණයන කරුවාය. ඔවුන්ට පසුගිය කාලයේ ස්වභාවික මෙන්ම දේශපාලන අවපාතයන්ට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ගංවතුරක් ගැළු සේයාවක් හෝ දේශපාළන අස්ථාවර භාවයන්(රතු සහ කහ කමිස කරුවන්ගේ වීදි සටන්) නිසා සිදු වු කිසිදු දේපල හානියක් අද බැංකොක් නුවර දකින්නට නැත. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 2400 කටත් වඩා ඈතින් පිහිටියද අතීතයේ සිට ඉතා කිට්ටු සබඳතාවක් අප හා තායිලන්තය අතර ඇත. තායිලන්තයේ 80%කට වඩා තායි ජාතිකයින්ද, 14% චීන ජාතිකයන්ද, 3%ක් මැලේ ජාතිකයන්ද වෙසෙන අතර 95%ක් අදහන්නේ බුදු දහමයි.

 

Related Images:

උදයාංග දඩයම

Lasanda Kurukulasuriya

As campaign rhetoric reached fever-pitch last week in the run-up to the LG elections on Saturday (10), the government stumbled on an unexpected news-nugget to feed its propaganda mill.

It came in the form of reports that Udayanga Weeratunga, Sri Lanka’s former ambassador to Russia and Ukraine, on whom court issued an arrest warrant in October, had been detained for questioning at Dubai airport on Sunday (4). This news snowballed in a manner that left the impression that the government was about to secure the extradition of a criminal ‘Red Noticed’ by Interpol. Several media reports referred to an ‘international warrant’ having been issued for Weeratunga’s arrest. The story dovetailed nicely with the ‘yahapalana’ government’s professed commitment to punishing the corrupt, especially from the Rajapaksa regime. Weeratunga is a relative of former president Mahinda Rajapaksa.

On Tuesday (6) police said a team would be dispatched to Abu Dhabi the next day to ‘bring back’ Weeratunga who was under ‘arrest’. The Minister of Law and Order Sagala Ratnayake reportedly made similar assertions on the campaign trail. However, Sri Lanka’s ambassador to the UAE in Abu Dhabi S. J. Mohideen responding to a phone query on Thursday (8) was unable to confirm whether an arrest had taken place, saying “nobody has informed officially,” and that he too was going by ‘what he heard from newspapers in Sri Lanka.’

It was not until Weeratunga himself made a statement on an evening TV news bulletin on Thursday, posted also on Facebook, that it came to light that Abu Dhabi authorities had acted to detain him on the basis of an Interpol ‘Blue Notice’. Weeratunga dismissed as untrue the claim that he was under arrest. He said the Interpol officers knowing they had no right to have a person arrested on a Blue Notice, released him after duly questioning him regarding his address and other details.

Still, the Police Spokesman was unable to confirm on Friday (9) whether it was a ‘Blue Notice’ and not a ‘Red Notice’ that had been issued. It was only by Friday evening, by which time much of the damage in terms of misinformation had been done, that the Ministry of Foreign Affairs and Ministry of Law and Order issued a joint statement saying Weeratunga “was intercepted in the UAE on Sunday 4th of February 2018 when he attempted to leave to the United States.” Somewhat ambiguously it said he had been released subsequently, but was prevented from leaving the UAE till investigations were concluded. It described his detention as an ‘arrest’ “made on the basis of a Blue Notice issued by Interpol” and said a delegation of Lankan officials was in discussion with UAE authorities with the aim of deporting him.

According to Interpol’s website however, a Blue Notice is only “To collect additional information about a person’s identity, location or activities in relation to a crime.” A Red Notice is required “To seek the location and arrest of wanted persons with a view to extradition or similar lawful action.”
What is the nature of Interpol’s involvement in the case of Udayanga Weeratunga? Responding to an email query on Wednesday (7) as to whether Interpol has ‘issued a warrant for his arrest’ as widely reported in the media, Interpol’s Press Office replied saying “INTERPOL does not issue arrest warrants nor make arrests. These are always done by police in our 192 member countries in accordance with national regulations.”
It said “An INTERPOL ‘Red Notice’ is a request to provisionally arrest an individual pending extradition issued by the General Secretariat upon the request of a member country based on a valid national arrest warrant. It is not an international arrest warrant” (emphasis added). It stressed that “INTERPOL’s General Secretariat does not send officers to arrest individuals who are the subject of a Red Notice.”

Although there is no Red Notice on Weeratunga, politicians (including minister Mangala Samaraweera in parliament as recently as in May last year) have routinely and deceitfully referred to a Red Notice having been issued on him, in parliament and at press briefings.

If a Blue Notice is to collect additional information about a person in relation to a crime, then what is the crime in relation to which information on Weeratunga is sought? If we are to go by the stories vigorously propagated by some politicians, there are many. They include allegations of ‘supplying weapons to separatist rebels in Ukraine,’ the murder of an embassy employee, and fraud relating to the purchase of MiG-27 aircraft.
In 2015, then Foreign Minister Samaraweera fed the dramatic story of ‘weapons smuggling to Pro-Russian Ukrainian separatist rebels’ to the media. Since then other UNP parliamentarians too have pitched in from time to time, elaborating on this and other assorted claims. But of late the ‘Udayanga crime list’ has been whittled down to the MiG-27 fraud allegation, and the government has gone relatively silent on the other accusations. And no wonder.

A BBC Ukraine report of March 23, 2015 refuted Samaraweera’s claims regarding Weeratunga’s involvement in ‘weapons smuggling,’ quoting Ukraine’s foreign ministry spokesman Yevhen Perebiynis saying “this information has not been confirmed.” Though Sri Lanka’s foreign ministry alleged that the government of President Petro Poroshenkov had complained about Weeratunga’s activities, for which he was being investigated, the Ukrainian mission, then based in Delhi, said “the Embassy does not have information concerning investigations against Mr. Weeratunga.” The statement dated May 10, 2016 was in response to an email query seeking clarification as to whether Weeratunga was under investigation by Ukrainian authorities for any wrongdoing. As for the allegation that Weeratunga was involved in the murder of Noel Ranaweera – an employee of the Sri Lanka embassy in Moscow – the Press Secretary of the Russian embassy in Colombo, Evgeniya Altukhova confirmed on May 6, 2016 that Ranaweera died in a motor accident. Udayanga was not a suspect, a Russian man has been convicted and the case is closed she said, responding to a phone query.

The only allegation against Weeratunga that has not yet been decisively trashed is the vague accusation of fraud in connection with the Defence Ministry’s US$14 million purchase of four Ukrainian-built MiG-27 aircraft in 2006. The court twice rejected the FCID’s requests to issue an arrest warrant on him before finally acceding to the request after they named him a suspect in a B-Report in October 2016.

Udayanga Weeratunga may not have been an exemplary diplomat. He may have breached diplomatic protocol in failing to surrender his cancelled diplomatic passport. He may have irritated foreign ministry officials by not making timely arrangements to have the container with his personal belongings cleared from the port. He may have been an altogether troublesome officer. But does any of this justify the campaign of vicious lies directed against him by political opponents? In the public eye it would seem he is already a murderer, arms smuggler and big-time fraudster.
Punishing the corrupt is all well and good. But given the trajectory of Weeratunga’s case, since the change of government in 2015, his would seem to be a case of ‘give-a-dog-a-bad-name-and-hang-him,’ rather than anything like a crusade against corruption.

Related Images:

ලාංකිකයන් සඳහා සමුගැනීමේ උත්සවය

Farewell reception & Reception for participants of PRODEXPO 2015
Ambassador Udayanga Weeratunga organized a special farewell reception & amp; reception for the Sri Lankan participants of the PRODEXPO 2015 exhibition which was held in 9th Feb 2015 in Moscow. 14 Sri Lankan companies especially tea companies participated this exhibition. Also Sri Lankans living in Russian Federation participated this reception. Approximately 65 people attended the event, including the Embassy staff, representatives and Sri Lankan community in Russia.
On this occasion Ambassador Udayanga Weeratunga addressing he mentioned that to popular Ceylon Tea brand in Embassy is always ready to assist any necessary help for the importing companies. In his speech, the Ambassador emphasized embassy staff’s experience and contribution toward strengthening the cooperation between Sri Lanka and Russia. During service from June 2006 to February 2015 Ambassador Weeratunga executed many activities aimed at increasing Tourism, Ceylon Tea, Military cooperation, Diplomatic relation between the two countries, including the education and training of Sri Lankan defence personnel. The Ambassador, meanwhile hoped that the good cooperation between the two countries would continue to be upgraded in the future. Also he explained the current situation in Sri Lanka and how Sri Lanka re-build the economy and the development in Sri Lanka after the new government.
The speech in return, SriLankans living in Moscow expressed him gratitude for support, assistance from Embassy. Great appreciation was expressed to the Ambassador of Sri Lanka Udayanga Weeratunga and Madam Uma Weeratunga, not only for support in embassy work but also for taking care as during their stay in Russia.
Madam Weeratunga organized special dinner with delicious Sri Lankan food and Ceylon Tea.

Related Images:

67 වන නිදහස් දින උත්සව

67th Independence Day Reception
On the Occasion of the 67th Independence Day, a reception was organized at the Residence of the Ambassador, His Excellency Udayanga Weeratunga on 5 February 2015. Deputy Director, 2nd Asia Ministry of Foreign Affairs of the Russian Federation Mr. Andrey Budnik graced the occasion as the Chief Guest. In addition to the Sri Lankan community living in the Russian Federation, Ambassadors, Members of the diplomatic corps, officials, Sri Lankan and Russian business community, representatives of Chambers and Sri Lankan students studying in Moscow, Tver and Kursk were also present at the occasion.
His Excellency the Ambassador, whilst delivering the welcome speech. Further the gathering was enlightened on the progress made so far in different spheres, especially in tourism and trade, and room for further expansion was statistically explicated. The Chief Guest, Mr. Andrey Budnik congratulated His Excellency the President and the people of Sri Lanka on the occasion of the commemoration of the 67th Independence Day. Further he appreciated the government initiatives taken to uplift the social and economic development in the country.
Relations between the Russian Federation and Sri Lanka, which commenced in 1957, have always been cordial and friendly. Over the years, ties relating to trade, air transport, defense and cultural cooperation have been strengthened through bilateral agreements. The two countries have also actively moved forward promoting joint interaction in the fields of defense cooperation, bilateral trade, and tourism.
All guests were served with traditional Sri Lankan cuisine and were served with Randy Tea.

Related Images:

67 වන නිදහස් දින සැමරුම 2015

The Official ceremony of the 67th Independence Day of Sri Lanka took place at the Embassy premises on 4th February 2013. Commencing the event His Excellency Udayanga Weeratunga hoisted the National Flag of Sri Lanka and National Anthem was sung by Participants of the event. Two minutes silence was observed in honor of the war heroes who sacrificed their lives and limbs to protect and safeguard the sovereignty and territorial integrity of the motherland.
The religious ceremony commenced by offering flowers to the Samadhi Statue at the Embassy premises. Venerable Palleka Ratanasara thero were present at the religious ceremony.
Subsequent to the religious ceremony, His Excellency the Ambassador read out the Independence Day Message of His Excellency Maithripala Sirisena and was followed by the Independence Day Messages of Honourable Prime Minister and Honourable Minister of Foreign Affairs by the Deputy Chief of Mission, Major General Crishantha De Sila and Mr. Samantha Pathirana-HOC.
Speaking on the occasion H.E. the Ambassador mentioned the significance of the event and highlighted the key aspects of the message of H.E. the President. He urged the Embassy to work together for the prosperity of Sri Lanka in line with the new government policy.

The celebration concluded with a special meal which had been organized by Mrs. Uma Weeratunga and the staff of the Embassy. The participants of the event enjoyed a traditional Sri Lankan meal of Milk Rice, Kokis, Weli Thalapa etc.

Related Images: