අපි කොරෝනාව ජය ගන්න වෙර දරනවා සේම සංචාරක ව්‍යාපාරයත් නතර නොකොට, කඩා වැටෙන්නට නොදී ජය ගත යුතුයි.
යුක්රේන සංචාරකයන් සෆාරි ගෙන ගිය රියදුරන් 15ක් නිරෝධායනයට!
ඊයේ(2) මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදුන් යුක්රේන සංචාරකයන් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට ගෙන ගිය සංචාරක සෆාරි රථ රියදුරන් 15 දෙනකු සංචාරකයන් හෝටලයට ගෙන ගිය පසු යුද හමුදා භාරයට ගෙන නිරෝධායනයට යවා ඇත.
රියදුරන් විවිධ දුර බැහැර ස්ථානවල නිරෝධායනයට යැවීමට සූදානම්වන අවස්ථාවේ ඔවුන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් තිස්සමහරාම නගරය අසළ හෝටලයක නිරෝධායන පහසුකම් ලබාදී ඇත.
යුක්රේන සංචාරකයන් විශේෂයෙන් කුලියට ගත් ගුවන් යානාවලින් රැගෙන ඒමේ ව්‍යාපෘතිය උදයංග වීරතුංගගේ ව්‍යාපාරික ඒජන්සියක් හරහා සිදුවන්නක් වුද ලංකාවේදී ‘සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස හඳුන්වාදී ඇත. මෙරටට පැමිණි පසුව ඔවුන්ට සංචාරක හෝටල සැපයීමේ හා වෙනත් පහසුකම් සැපයීමේ වගකීම භාරගෙන ඇත්තේ පොදුජන පෙරමුණේ දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන් විසිනි.
ඊයේ මිරිස්ස මුහුදේ සංචාරයට යුක්රේන ජාතිකයන් රැගෙන යාමට පැමිණෙන ලෙස සෆාරි රථ රියදුරන්ට දන්වා ඇත්තේද නාමල් රාජපක්ෂට සමීප පළාත් පාලන මන්ත්‍රිවරයකු විසිනි. මෙම සංචාරයට ගිය රියදුරෙකුට රු. 5000 බැගින් ගෙවීමක් කර ඇති නමුත් දින 14ක නිරෝධායනයට ගෙන යාමෙන් ඔවුන්ගේ පවුල්වල ආදායම් මාර්ගය සම්පූර්ණයෙන් ඇනහිටීමක් සිදුවේ.
යුක්රේන ජාතිකයන් 180 පළමු කණ්ඩායම මෙරටට පැමිණි පසුව දින 14 නිරෝධායන කාලය අතරතුර මෙසේ සංචාරයේ ගෙන යාම මෙරට නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමක්ද වේ. විශේෂයෙන් කුඩා දරුවන් පිරිසක්ද මෙම සංචාරක කණ්ඩායමට අයත්වන අතර කොරෝනා වසංගතය තුළ පිලිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීම සම්බන්ධ තැකීමක් නොමැති තත්වය අනාවරණය වේ. ආණ්ඩුවේ සංචිරක බලධාරින් සම්බන්ධ වූ උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියකින් ආදායම් ඉපදවීමේ අරමුණ නිසා මෙසේ රියදුරන්ට නිරෝධායනය සඳහා දින 14ක් ගත් කරන්නට සිදුවීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උලංල්ඝනයක් සිදුව ඇත.
Related Images:
උදයංගගේ සංචාරකයින් තිදෙනකුට කොවිඩ්
මෙරට සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් තහවුරු කර තිබේ.
මෙම ආසාදිත සංචාරකයන් නිරෝධායනය සඳහා ඔවුන් සඳහා වෙන්කර ඇති හෝටල් වෙත යොමුකර ඇති බවද සඳහන් වේ.
කොරෝනා වසංගතයෙන් පසුව, පළමුවරට විදේශීය සංචාරකයන් සදහා ගුවන් ගමන් අවසරදීම යටතේ පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඊයේ දිනයේත් තවත් යුක්‍රේන සංචාරකයන් 204ක් මෙරටට පැමිණ තිබේ. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ උදයංග වීරතුංග විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් අනුවයි.
මෙම සංචාරකයන්ට ගැලපෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට අදාළ තීරණ කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් ගනිමින් සිටින බව ආණ්ඩුව ප්‍රකාශ කිරීමත් සමඟ මෙය තව තවත් කොවිඩ් වෛරසයට රට නිරාවරණය කිරීමක් ලෙස මත පළවෙමින් තිබුණි.
Related Images:
සංචාරක කටයුතු නැවත ආරම්භ කිරීමේ මුවාවෙන් බැසිල්-උදයංග සැලැස්ම මෙන්න!
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංචාරකයන්ට නැවත විවෘත කිරීමේ හා සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය ලෙස නම්කරන ලද සැලැස්මක්, සෞඛ්‍ය, සංචාරක, ගුවන් තොටුපළ හා හෝටල් ක්ෂේත්‍රයන්ට අදාළ රජයේ නිලධාරින් කැඳවමින් බැසිල් රාජපක්ෂ කැඳවා තිබුණු රැස්වීමකදී හෙලිදරව් වී තිබිණි.
යුක්රේනයෙන් මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධ චෝදනා ලැබූ රුසියාවේ හිටපු ලංකා තානාපති උදයංග වීරතුංග යුක්රේන සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වීමේ අරමුණින් සැලසුම්කරන ලද මෙම ව්‍යාපෘතිය, යුරෝපයේ නව කොරෝනා රැල්ල නිසා නවතා දමා ඇත.
දෙසැම්බර් 9 සහ 11 වැනිදා බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග විසින් සංචාරක අමාත්‍යංශයේ පවත්වනු ලැබූ රැස්වීම්වලදී සංචාරක කර්මාන්තය ඉක්මනින් නැවත ආරම්භ කළ යුතු බවත් උදයංග වීරතුංග විසින් ගෙන්වන යුක්රේන සංචාරක කණ්ඩායමක් දෙසැම්බර් 26 වැනිදා විශේෂ ගුවන්යානාවලින් මෙරටට පැමිණෙන බව ප්‍රකාශකර තිබිණි.
බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග විසින් කැඳවා තිබුණු මෙම රැස්වීමට සංචාරක ක්ෂේත්‍රයට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉහළ නිලධාරින් කැඳවනු ලැබ තිබිණි. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් විසින් නිරෝධායන නීති සම්බන්ධ කරුණු දක්වන ලද නමුත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඒ නීති ලිහිල් කළ යුතු බව ඇමතිවරුන් විසින් අවධාරනයකර තිබිණි. මෙරටට පැමිණීමට විදේශ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට නම්, පළමු දින 14 නිරෝධායන කාලය දින 7ක් දක්වා අඩු කළ යුතු බවත් ඒ කාලය තුළ කිසියම් හෝ ක්‍රමවේද යොදාගෙන ඔවුන්ට සාප්පු සවාරි යාමට හා සංචාරක නැරඹුම් ස්ථානවලට යාමටද අවස්ථාව දියයුතු බවට ඇමතිවරු නිලධාරින්ට දැනුම් දී ඇත.
විශේෂ ගුවන් යානා කුලියට ගෙන රුසියාවේ හා හා යුක්‍රේනයේ උදයංග වීරතුංගගේ සංචාරක ඒජන්ත ආයතන හරහා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතියක් සැලසුම්කර ඇත. එහි පළමු පියවර ලෙස දෙසැම්බර් 26දා රුසියානු සංචාරකයන් 200ක් කටුනායක ගුවන් තාටුපළ වෙත පැමිණීමට නියමිත විය.
දැනට ගුවන් තොටුපළ හරහා පැමිණෙන සියලු ගුවන් මගීන් සති දෙකක් හෝටලයක හෝ රජය නියම කරන මධ්‍යස්ථානයක සති දෙකක නිරෝධායන කාලයක් ගතකරන අතර ඉන්පසුව තවත් සති දෙකක ස්වයං නිරෝධායන කාලයක්ද ගතකිරීම සිදු වේ. දිවයිනට පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉහත කී රැස්වීම්වලින් අනතුරුව රැස්වීම් පවත්වා ගුවන්තොටුපොළ බලධාරීන් සහ සංචාරක නියෝජිතයන් දැනුවත් කර තිබිණි.
නිකුත් කර තිබුණි.
කෙසේවෙතත්, දෙසැම්බර් 26 වැනිදා දක්වාම මේ සම්බන්ධ සෞඛ්‍ය බලධාරින්ගේ එකඟතාවක් නොවූ අතර නියමු ව්‍යාපෘතියට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරදේශ කිරීමක් වෙනුවට පොදුවේ කොරෝනා වසංගතයට අදාළව නියම කළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන්ගේ අවධාරනය වී තිබිණි.
එපමණක් නොව, උදයංග වීරතුංග විසින් ගෙන්වීමට නියමිත සංචාරකයන් 200 දෙනා නවාතැන් ගැනීමට නියමිත සංචාරක හෝටල් මොනවාද යන්න හෝ ඒ සම්බන්ධ කටයුතු කිසිවක් නිල වහයෙන් බලධාරින්ට දැනුම් දී නොතිබිණි. සංචාරක ගමන් සම්බන්ධව සංචාරක නියෝජිත ආයතන විසින් නිල වශයෙන් ගුවන්තොටුපල බලධාරින්ට හා විශේෂයෙන් ගුවන්තොටුපළ ආගමන විගමන අංශයට දැනුම් දිය යුතු වුවද එවැන්නක්ද සිදුකර නොමැති විය. කෙසේවෙතත්, දෙසැම්බර් 27 වැනිදා උදයේ මෙම සංචාරකයන් රැගත් ගුවන්යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන බව නිවේදනය කර තිබිණි.
අවසානයේ යුරෝපය පුරා නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ හේතුව මත මෙම ගුවන් ගමන අවලගු කිරීමට ආණ්ඩුවට සිදු විය. කෙසේවුවද උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් රජයේ නිලධාරින්ගේ විශේෂ රැස්වීම් කැඳවමින් බැසිල් රාජපක්ෂ ඉටුකළ ‘ව්‍යාපාරික ඒජන්ත’ භූමිකාව රටට අනාවරණය විය.
Related Images:
දෙවන අගනගරය වූ පොළොන්නරුව
උදේ 8 ට පමණ මා සහ මගේ පවුලේ අය අලියා රිසෝට් හි රසවත් උදෑසන ආහාරය ගැනීමට ගියෙමු. එය නැවුම් පැෂන් පළතුරු යුෂ වලින් ආරම්භ විය. https://vouchers.themeresorts.com ඉන්පසු අපි අලියා රිසෝර්ට් ඇන්ඩ් ස්පා එකෙන් පිටත් වී පොලොන්නරුවා බලා පිටත් වීමට පැයක් පමණ ගත විය. අප සංචාරය කළ ස්ථාන සහ ඒවායේ තොරතුරු පහත දැක්වේ, කරුණාකර ඒවා ගැන කියවීමට අමතක නොකරන්න. අපි මැණික් විහාරයේ සිටියදී පොලිස් නිලධාරියෙක් එහි ජනප්‍රවාද කතා අපට පැහැදිලි කිරීමට තරම් කාරුණික විය. මේ සියලු ස්ථාන නැරඹීමෙන් පසු අපි අරලිය සහල් නිෂ්පාදකයින්ගේ පොලොන්නරුව කර්මාන්ත ශාලාව නැරඹීමට ගියෙමු. එය ඉතා අධ්‍යාපනික පමණක් නොව මගේ දරුවන්ට සහ බිරිඳටද රසවත් විය. පසුව අපි අරලිය සහල් හි හිමිකරු ඩඩ්ලි සිරිසේන සහ මිතුරන් කිහිප දෙනෙකු සමඟ දිවා ආහාරය ගත්තෙමු. https://araliyarice.com අපි ස්ථානගත කර ඇති සියලුම ස්ථානවලට ගිය නමුත්, මගේ පුතාට උපකාරක පන්ති පැවැත්වූ බැවින් අපි නැවත නිවාඩු නිකේතනයට පැමිණීමට තීරණය කළෙමු. අපට නැවත වරක් පුදුමාකාර රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දුන් අතර, මගේ දරුවන් විශේෂයෙන් ඔවුන්ගේ බොලොග්නිස් ස්පැගටි රස වින්දා. ඊළඟ දවසේ, 2020 නොවැම්බර් 23 වන දින අපි නැවත කොළඹට යාමට සැලසුම් කළෙමු. අපි Aliya Resort & Spa ගවේෂණය කළ අතර, ඔවුන් විසින් සිදු කරනු ලබන විවිධ ආයුර්වේද ක්‍රම පිළිබඳව කාර්ය මණ්ඩලය අපට පැහැදිලි කළේය. අපගේ විනෝදජනක ඇවිදීමෙන් පසුව, අපි විවේක ගැනීම සඳහා හෝටලයේ නැවතී සිටියෙමු.
පොළොන්නරුව
සංස්කෘතික ත්‍රිකෝණයෙහි අනුරාධපුරයට නැගෙනහිරින් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙවන අගනගරය වූ පොළොන්නරුව ය. පොළොන්නරු උරුමය සියවස් දෙකක පමණක් පැවතුණත් එහි රජ පරපුර පහසුවෙන් අමතක කළ නොහැකි අන්දමට සුවිසල් ස්මාරක රාශියක් ඔවුන් ඉතිරි කර ගොස් තිබේ. පොළොන්නරුව පළමුවෙන් අගනගරය බවට පත්කරන ලද්දේ වසර 52කට පසු චෝළ ආක්‍රමණිකයන් පරදවා දේශය මුදා ගත් 1 වන විජයබාහු රජතුමා විසිනි. ඉන්පසු විජයබාහු රජ තම දීර්ඝ පාලන කාලය යෙදෙව්වේ දේශය යළි ගොඩනැගීම සඳහා ය. එසේ හෙයින් පොළොන්නරු නගරය මූලික වශයෙන් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් වන්නේ ය. එතුමන් විසින් නගරය වටා ප්‍රාකාරයක් ඉදි කරන ලද අතර ඇතුළු නුවර ආරක්ෂක ප්‍රාකාර තවත් ශක්තිමත් කරවන ලදි. එතුමා විසින් පොළොන්නරුවේ පිහිටි වැව් තුනක් එකතු කොට සුවිසල් පරාක්‍රමබාහු සමුද්‍රය ඉදිකරන ලදි.
පොළොන්නරුව අසහාය නගරයක් වන්නේ එහි ඇති දර්ශනීය මහා ගොඩනැගිලි නිසා ය. ඒවා බෞද්ධ මෙන් ම හින්දු සංස්කෘතියටත් අයත් ය. ලංකාතිලකය, තිවංක පිිළිමගෙය, වටදාගෙය, සත්මහල් ප්‍රාසාදය වැනි මහා විහාර මන්දිර යනු සංචාරකයින් විසින් නැරඹිය යුතු දර්ශනීය ස්ථාන අතුරෙන් ස්වල්පයකි.
පරාක්‍රමබාහු රජුගේ රජමාළිගාව
මහල් පහකින් සමන්විත වී යැයි කියනු ලබන අති දැවැන්ත ලෙස ගඩොලින් නිර්මිත පරාක්‍රමබාහු රජ මාළිගය සිත් ඇදගන්නාසුලූ ගොඩනැගිල්ලකි. රජු මෙය ශක්‍රයාගේ වාස භවනය සිහිපත් කරමින් වෛජයන්ත ප්‍රාසාද යැයි නම් කළේ ය. මාළිගයට ඇතුළු වන විට ම ඇත්තේ දැවැන්ත බිත්තිවලින් ආවරණය වී ඇති මහා ශාලාවකි. මෙය රජුගේ දැකුම් මඩුව වන්නට ඇත. මෙම මාළිගා සංකීර්ණයට බිසෝවරුන් සඳහා වූ වෙන ම මාළිගා කොටසක්, නිලධාරී නිවාස, උද්‍යාන හා නාන පොකුණු ඇතුළත් විය. සම්පූර්ණ මාළිගා සංකීර්ණය ම පුළුල් කොටු පවුරකින් සුරක්ෂිත විය. එහි මුරකුටි, මුර අට්ටාල, චංකමන පථ ආදියෙන් පවුර සමන්විත ව තිබුණි.
දළදා මලූව
පරාක්‍රමබාහු මාළිගා සංකීර්ණයෙන් උතුරුදිග කලූ ගලින් උස් කොට තනන ලද විශාල වේදිකාවක් මත පිහිටුවා ඇති දළදා මලූව ගොඩනැගිලි කිහිපයකින් සමන්විත අතර එම ගොඩනැගිලි පොළොන්නරු අවධියේ වාස්තු විද්‍යා නිර්මාණයන්ගේ ශ්‍රී විභූතිය මනා ව ප්‍රකට කරයි. මෙහි ථුපාරාම පටිමාඝරය ද අටදාගේ නම් දළදා මාළිගාව ද සැටදාගේ නම් පාත්‍රා ධාතු මන්දිරය ද නිශ්ශංකලතා මණ්ඩපය ද ගල්පොත ශිලා ලේඛනය ද සත්මහල් ප්‍රාසාදය නම් විශේෂ ගොඩනැගිල්ල ද පිහිටා තිබේ.
වටදාගේ
දළදා මලූවට ඇතුළු වන විට වම් අත පැත්තේ කවාකාර ගොඩනැගිල්ලක් වන වටදාගේ පිහිටා තිබේ. මෙහි මධ්‍යයේ වූ ඉහළ මාලයකයෙහි පරාක්‍රමබාහු රජ දවස දළදා වහන්සේ වැඩ හිඳුවා තිබුණු බව පැවසේ. වටදාගේ මැද චෛත්‍යයකි. වටේට සිව් කොනේ බුද්ධ ප්‍රතිමා ය. මෙහි දොරටුවේ පාදමෙහි පොළොන්නරුව අවධියට අයත් අගනා ම සඳකඩ පහණ පිහිටා ඇත.
හැටදාගේ
නිශ්ශංකමල්ල රජු විසින් සැට දිනකින් නිමවන ලදැයි කියන දළදා මාළිගාව ය. ගලින් නිමවා ඇති මෙහි ප්‍රවේශකයේ බිත්තියෙහි ද පිටත බිත්තියෙහි ද අභ්‍යන්තරයේ පළමු කුටියෙහි ද නිශ්ශංකමල්ල රජතුමා ම විසින් කොටවන ලද ශිලා ලේඛන තිබේ. මෙහි සෝපාන පද්ධතියක් ඇතත් ඉහළ මාලයේ කොටස් දැනට ඉතිරි වී නැත.
අටදාගේ
පොළොන්නරුවේ ඇති පළමු දළදා මාළිගාව වන්නේ 1 වන විජයබාහු රජු විසින් 11 වන සියවසේ දී නිම වන ලද අටදාගේ ය. අටදාගේ යන නමින් දැක්වෙන්නේ මෙය ධාතූන් වහන්සේලා අට නමකට සෙවණ දුන් බව ය. දැනට මින් ශේෂ වී ඇත්තේ ගල් කණු 54ක් පමණි. ඒවා මගින් දළදා වහන්සේ තැන්පත් ව තිබූ ඉහළ මාලය දරා සිටින්නට ඇත. මෙම ටැම් බොහොමයක සෙල්ලිපි ඇත. මෙහි ඇති දෙමළ සෙල් ලිපියකින් අටදාගේ එදා ආරක්ෂා කළ දකුණු ඉන්දීය මුරභටයින්ට දළදා වහන්සේ ආරක්ෂා කරන ලෙස දන්වා තිබේ. මෙම සිද්ධිය වර්තමාන රෝමයේ පාප් වහන්සේ ස්විස් ජාතික ආරක්ෂකයින් විසින් රකිනු ලැබීම සිහිගන්වන්නකි. ධාතුගෙය එහා කෙළවරේ මීටර් තුනක් පමණ උසින් යුතු බුදු පිළිමයකි.
නිශ්ශංක ලතා මණ්ඩපය
දළදා මලූවේ ඇති ඉතා මනහර ගොඩනැගිල්ලක් නම් ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාවෙහි පුෂ්පමය අලංකරණ සඳහා මහඟු උදාහරණයක් සපයන නිශ්ශංක ලතා මණ්ඩපයයි. පෞරාණික බොහෝ ගොඩනැගිලිවල දක්නට ලැඛෙන ඍජු ස්තම්භ වෙනුවට මෙහි ඇත්තේ ලතාකාරයට වක් ව නැගී සිටින ස්තම්භ සමූහයකි. නිශ්ශංකමල්ල රජු විසින් 12 වන සියවසේ දී කරවන ලද මෙය මධ්‍යයේ කුඩා ස්තූපයක් තිබුණු අතර ස්තම්භයන් විසින් දැව වහළක් දරා සිටින්නට ඇත.
වක් වූ ස්තම්භ මුදුනෙහි නෙළුම් මල් දරා සිටින නෙළුම් දඩු නිරූපණය කෙරෙන්නේ ය. කළින් පැවති සරලභාවය මුල් කරගත් කලා ස්වරූපයන්ගෙන් වෙනස් වී වඩා විචිත්‍ර අලංකරණ සහිත කලාවකට නැඹුරුවීමක් මෙම ගොඩනැගිල්ලෙන් දැකිය හැකි ය.
සත්මහල් ප්‍රාසාදය
මෙය අන් කිසි තැනක නැති කේවල නිර්මාණයකි. එයට මුල් වූයේ පුරාණ ඊජිප්තුව, කම්පුචියාව හෝ සියමේ ඇති නිර්මාණ ස්වරූපයක අතීත නිරූපණය විය හැකි ය. මෙය නමින් සඳහන් පරිදි ඉහළට කුඩාව නැගෙන පිරමීඩාකාර මහල් සතකින් යුක්ත ය. මෙය රජතුමාගේ සේවයේ සිටි කම්පුචියානු හේවායන්ගේ පුද පූජා සඳහා ඉදිකරන ලදැයි සැලකේ. එයට දොරටු සතරක් සිව්දිගින් තිඛෙන ආකාරය දක්වා ඇති අතර ඉහළ මාලවලට නැගීම සඳහා පියගැට ද පසෙකින් නිමවා තිබේ. කවරෙකුගේ නිර්මාණයක් ද යන්නත් අවිනිශ්චිත ය.
ගල්පොත
නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලේඛනයක් වන මෙය අඩි 26 අගල් 10 ක් දිග වන අතර අඩි 4 අගල් 2 ක් පමණ පළලකින් හා අඩි 2 ක් පමණ ඝණකමින් යුක්ත වේ. එහි ඇති ශිලා ලේඛනයෙන් සදහන් වන්නේ නිශ්ශංකමල්ල ශ්‍රී ලංකාවට පැමිණි ආකාරයත්, දැනුම ලබාගත් ආකාරය හා රාජ්‍යත්වය සදහා තමුන් සුදුසුකම් ලබාගත් ආකාරයයි. මෙහි සඳහන් ආකාරයට මෙම ශිලා කුට්ටිය ගෙනවිත් ඇත්තේ මිහින්තලේ සිටය. ගල්පොත දෙපැත්තේ හස්තීන් විසින් ජලයෙන් නාවනු ලබන සරස්වතී දෙවඟනගේ රූපයක් කොටා ඇත.
ආළාහන පිරිවෙන
මෙය භික්ෂු අධ්‍යාපන ආයතනයක් ලෙස පරාක්‍රමබාහු රජතුමා විසින් ගොඩනංවන ලද්දකි. මෙය ගොඩනැගීමේ දී ඔහු විසින් ස්වභාවික ව පිහිටි කඳු ගැටය මද වශයෙන් බෑවුම් සහිත මාලකවලට සකස් කරන ලද අතර ඉහළ ම මාලකය වේදිකා දෙකක් ලෙස සමතලා කරන ලදි. කඳු ගැටය දාගැබක් සඳහා සකස් කෙරුණි. එම දාගැබ කිරි වෙහෙර නම් විය. ලංකාතිලක පටිමාඝරය ද බද්ධසීමා ප්‍රාසාදය නම් සන්නිපාත ශාලාව ද එහි ඉදි කෙරුණි. මෙම ස්ථානයෙහි මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කරන ලද කැණීම්වලින් තවත් බොහෝ ගොඩනැගිලි ගැන දැනගන්නට ලැබුණි. ඉන් විශේෂ වන්නේ 12 වන සියවසේ භික්ෂූන් සඳහා වූ රෝහලක නටඹුන් ය. එතැනින් පෙර දවස භාවිත වූ ශල්‍ය උපකරණ ද ලැබී තිබේ.
ලංකාතිලක පටිමාඝරය
ආළාහන පිරිවෙනට අයත් ලංකාතිලක පටිමාඝරය පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. විශාල ගොඩනැගිල්ලක් වූ මෙය මුලින් පස් මහලකින් යුක්ත විණැයි කියවේ. එයට ප්‍රවේශ වන ද්වාරයේ දෙපස ගඩොලින් නිම වූ සුවිසල් ස්තම්භ දෙකක් වේ. මෙම යෝධ ගොඩනැගිල්ල පුරාණ ග්‍රීසියේ තිබුණු ගොඩනැගිලි හා සමාන කොට ඇත. මෙහි ගඩොලින් බැඳ තිබුණු බුදු පිළිමය මුල දී අඩි 40ක් උස විය. පොලොන්නරුව යුගයට අයත් බිතුසිතුවම් සාදක මෙහි දක්නට හැකිය.
තිවංක පටිමාඝරය
පොළොන්නරු යුගයට අයත් හොදින් ආරක්ෂා වී ඇති ප්‍රතිමා ගෘහයක් ලෙස තිවංක පිළිමගෙය හඳුනාගත හැකිය. විශේෂයෙන් පොළොන්නරු යුගයට අයත් බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් මෙහි දී දක්නට හැකිය. මෙම ගොඩනැගිල්ලේ පිටත බිත්තියෙහි ඉතා මනරම් ප්‍රතිමා කැටයම් දැක්ක හැකි ය. මෙහි සිංහ රූප, වාමන රූප ඒ අතරින් විශේෂ ය. ගොඩනැගිල්ල ඇතුළත බිත්තිවල මධ්‍යකාලීන විහාර මන්දිරයන්හි නිතර නිරූපණය වූ බුදුරදුන් අවසාන භවයේ උපත ලබා සිටි තුසිත දිව්‍ය භවනයේ දෙවි දේවතාවුන් නිරූපණය කර තිබේ. මෙම පටිමාඝරයෙහි වන්දනාකරුවන්ගේ සිත් බුදුරදුන් වෙත යොමු කරමින් පහන් සිත් වැඩීම සඳහා දෘශ්‍යමය කලාව භාවිත වූවයි කිව හැකි ය.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය
ශිලාමය පුවරුවලින් හා ස්ථම්භවලින් නිර්මිත නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය එහි අසුන්ගත් ඒ ඒ නිලධාරීන් ගැන ද සඳහන් කෙරෙන විශේෂ ගොඩනැගිල්ලකි. එම අවධියෙහි රාජ සභාවට ඇතුළත් ව සිටි නිලධාරීන්ගේ නාම මෙම ගල් ටැම්වල කොටා ඇත. මණ්ඩපයේ දකුණු කෙළවර ගලින් නිම වූ සුවිසල් සිංහ රූපයකි. සිංහ උදරයේ කොටා ඇති ශිලා ලේඛනයක පැවසෙන පරිදි මෙය රජුගේ සිංහාසනය විය.
පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය නිම වී ඇත්තේ කළින් පැවති වැව් තුනක් යා කොට තවත් විශාල කිරීමෙනි. එහි නිර්මාතෘ මහා පරාක්‍රමබාහු රජතුමා ය. උතුරු කොටසෙහි ඇත්තේ තෝපා වැව ය. මැද කොටසේ එරමුදු වැවත් දකුණු කොටසේ දුඹුටුලූ වැවත් තිබුණි. රජුගේ අරමුණ වූයේ දේශය සහලින් ස්වයංපෝෂිත කර මෙය “පෙරදිග ධාන්‍යාගාරය” බවට පත් කිරීම ය. මෙය වැව් බැම්මේ පිහිටා ඇති තානායමේ සිට බලන සංචාරකයන්ගේ මන බඳින දර්ශනයකි.
රන්කොත් වෙහෙර
නිශ්ශංකමල්ල රජතුමා විසින් තනවන ලද රන්කොත් වෙහෙර හෙවත් ස්වර්ණමාලී ස්තූපය අනුරාධපුරයේ සුප්‍රකට රුවන්වැලි සෑය හා සමාන ය. දාගැබ් මළුවට ඇතුළු වන තැන ගලින් නිම වූ ආසනයක් ඇත. එහි කොටා ඇති සෙල්ලිපියෙන් කියැවෙන්නේ රජතුමා එහි හිඳගෙන ස්තූප නිර්මාණය නැරඹූ බව ය. ස්තූපය වෙත යෑමට ගලින් නිම වූ මාර්ගයක් තිබේ. ස්තූපයේ සිව් දිග් භාගය සඳහා ඇතුළු වීමට ද්වාර ඇත. ස්තූපයේ ගෝලාකාර ගර්භය ඉදි කැරුණේ මධ්‍යයෙහි පිහිටුවන ලද ඝන චතුරශ්‍රයක් මත ය. මෙය ස්තූප නිර්මාණයෙහි විශේෂ උපක්‍රමයක් වේ.
ගල් විහාරය
ගල් විහාරය යනු ආළාහන පරිශ්‍රයට උතුරෙන් පිහිටා ඇති මනරම් ශිලා ප්‍රතිමා කීපයකින් සමන්විත විහාරයකි. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකළ මෙය පුරාණයේ උත්තරාරාමය ලෙස හැඳින්වුණු මෙහි බුදුරදුන් ඉරියව් තුනකින් නිරූපිත ය. එනම් හිඳි පිළිම දෙකක්, හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් වශයෙනි. ශ්‍රී ලාංකේය ප්‍රතිමා ශිල්පයෙහි අති විශිෂ්ටතම නිර්මාණ ලෙස මෙම ප්‍රතිමා හැඳින්විය හැකි ය.
Related Images:
පලවෙනි අගනුවර, අනුරාධපුරය
අපේ අනුරාධපුර චාරිකාව දහවල් 12.30 ට පමණ ආරම්භ වූ අතර අපි කුරුණෑගල දෙසට ගමන් කළෙමු. පැය 5 කට ආසන්න රිය පැදවීමෙන් පසු අපි සිගිරියාවේ අලියා රිසෝර්ට් ඇන්ඩ් ස්පා වෙත ළඟා වූ අතර, අපි වෙහෙසට පත්ව සිටියේමු. එබැවින් අපි වහාම රාත්‍රී ආහාරය ගෙන විවේක ගැනීමට ගියෙමු. කොරෝනා වයිරස් වසංගතය පිළිබඳව හෝටලය ඉතා පූර්වාරක්ෂාව විය. සෑම දෙයක්ම සහ ඕනෑම දෙයක් සනීපාරක්ෂාව කිරීමටත්, අමුත්තන්ගේ ආරක්ෂාව රක්ෂණය කිරීම සඳහා රජය විසින් නියම කර ඇති සියලුම දැඩි රෙගුලාසි අනුගමනය කිරීමටත් කාර්ය මණ්ඩලය වග බලා ගත්තේය. හෝටලය සොබාදහමෙන් වටවී ඇති අතර සශ්‍රීක හරිත පැහැයෙන් යුක්ත වන අතර සිගිරි බලකොටුව පවා හෝටලයේ සිටම පැහැදිලිව දැකගත හැකිය. ස්පා, ඩිස්කෝ, කැරෝකී සහ තවත් බොහෝ අමුත්තන්ට ප්‍රවේශ විය හැකි පහසුකම් කිහිපයක් මෙහි ඇත. මෙම හෝටලයේ නැවතී සිටීන, අපගේ දෙවන අවස්ථාව වන අතර ඒ අවස්ථා දෙකේදීම අපි එය බෙහෙවින් භුක්ති වින්දා. මෙම හෝටලය තුළ සාර්ථක හා නව්‍ය අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වන සභාපති චන්ද්‍ර වික්‍රමසිංහ මහතාට අපි සැබවින්ම ස්තූතිවන්ත වෙමු. කෙසේ වෙතත්, ඊළඟ දවසේ උදේ අපි රසවත් ආහාර වේලක් අරගෙන උදේ 7.30 ට පමණ අනුරාධපුරයට පිටත් වූයේ පුරාණ නමුත් විශ්මය ජනක නටබුන්, පූජනීය ස්ථාන, පන්සල් සහ ඒ අතර ඇති සියල්ල ගවේෂණය කිරීමට ය.
Aliya Resort & Spa, unique amongst other Sigiriya hotels
දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.පූ 250 – 210) අනුරාධපුරයේ දකුණු දොරටුව ආසන්නයේ පිහිටි නන්දන වනය හා මහාමේඝවනය යන උද්‍යාන භික්ෂූන් උදෙසා පූජා කොට මහමේඝවය තුළ ප්‍රථම සංඝාරාමය ඉදි කරන ලදි. මුලින්ම එය තිස්සාරාමය ලෙස හඳුන්වන ලදි. පසුව එය මහාමේඝවනාරාමය, මහාවිහාරය යන නම්වලින් ප්‍රචලිත විය. මහාවිහාරය එතැන් සිට සියවස් ගණනාවක්ම ශ්‍රී ලංකාවේ භික්ෂූ පරපුරේ එකම මූලස්ථානය විය. ප්‍රථමවරට ථේරවාද ත්‍රිපීඨකය ග්‍රන්ථාරූඪ කිරීම, සවිස්තර අට්ඨ කථා රචනා කිරීම සිදු කරන ලද්දේ මහාවිහාරවාසි භික්ෂූන් විසිනි. මහාවිහාරය එකල දිවයිනේ ආගමික, දේශපාලන, ආර්ථීක, සමාජ හා සංස්කෘතික යන අංශයන් කෙරෙහි ඝෘජුවම බලපෑමක් එල්ල කරන ලදි. මෙම කලාපය තුළ ජය ශ්‍රී මහාබෝධිය, රුවන්වැලි සෑය හා ථූපාරාමය යන ප්‍රධාන ආරාමික ඉදිකිරීම් දක්නට හැකිය.
රුවන්වැලි මහා සෑය
ශ්‍රී ලංකාවේ ගොඩනැගුනු ස්තූප අතුරින් ගෞරව බුහුමානයෙන් යුක්තව වන්දනාමාන කරනු ලබන ප්‍රධානම ස්තූපය වන්නේ රුවන්වැලි සෑයයි. මේ නිසාම එය මහාථූපය ලෙසද විවිධ සාහිත්‍ය කෘතීන් හි රත්නමාලී, මහාසෑය, ස්වර්ණමාලී සෑය ලෙසද හඳුන්වනු ලැබේ. මෙම ස්තූපය දුටුගැමුණු රජු (ක්‍රි.පූ 161-137) විසින් ඉදිකරන ලද්දකි. හැඩයෙන් බුම්බුලාකාර බවක් ගන්නා මහාථූපයෙහි පාදම සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් භාවිත කර ඇත. එසේම එය රියන් 120 (අඩි 150) පමණ උසකින් යුක්ත වේ. එහි ධාතු ගර්භයේ චිත්‍ර පවා කරවු බව සඳහන් වේ. සද්ධාතිස්ස රජුගෙන් පසුව අනුරාධපුරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් බොහෝ පාලකයින් විසින් රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමට දායක වී ඇත. මෙම ථූපයේ ඇති එක් සුවිසේශී අංගයක් වන්නේ සලපතල මළුව හා සෝපාන පන්තිය අතර ඇති ඇත් පවුරයි. එසේම එහි සතර දිසාවෙන් වාහල්කඩ සතරක් ද පිහිටා ඇත. පසුකාලීන ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව මහාථූපය අඩි 350 ක් උසකින් හා අඩි 300 ක් විශ්කම්භයකින් යුක්ත වේ. රුවන්වැලි මහා සෑය දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ වැදගත් ස්ථානයක් වන අතරම මෙම සෑයට කරනු ලබන ගෞරවයක් වශයෙන් වාර්ෂිකව ජූලි මාසයේදි මෙම ස්තූපයට පිච්ච මල් ලක්ෂයක් පූජා කිරීමේ මහා මංගල්‍යක් පවත්වාගෙන එනු ලැබේ.
ථූපාරාමය
ක්‍රි.පු 3 වන සියවසේදි මෙරටට බුදුදහම හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ඉදිවු ප්‍රථම ස්තූපය ථූපාරාමය වේ. මහාවංශයේ සඳහන් වන පරිදි ස්තූප සහ ආරාම සංකීර්ණය එකට පිහිටීම නිසා ථූපාරාමය යනුවෙන් ව්‍යවහාර වි ඇත. බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව නිධන් කොට දේවානම්පියතිස්ස රජු විසින් ස්තූපය ඉදිකොට ඇත. ස්ථූපයේ ප්‍රතිසංස්කරණ ඉතිහාසය පිළිබද විමසීමේදි පසුකාලීනව අනුරාධපුර හා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වු රජවරුන් විසින් ඊට අනුග්‍රහය දක්වා තිබේ. ථූපාරාමයේ දැකිය හැකි සුවිසේශි වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිමක් ලෙස ථූපයට ඉදිකල වටදාගෙය දැක්විය හැක. එය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව 65-109) විසිනි. මෙහි වර්තමාන උස අඩි 63 ක් වන අතර විශ්කම්භය අඩි 59 කි. ථූපාරාමය අවට පිහිටි ගොඩනැගිලි අතර ආරෝග්‍යශාලාවක් ලෙස සළකන ගොඩනැගිල්ල, ප්‍රතිමාගෘහයක්, භික‍්ෂුණින් සඳහා ඉදි කල ආරාමයක්, උපෝසථාඝාරයක් දැකිය හැකිය.
ශ්‍රී ලංකාවේ විශාල ස්තූප අතුරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා අභයගිරි ස්තූපය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජු (ක්‍රී.පූ 89 – 77) විසින් ඉදිකොට ඇත. හෙක්ටයාර් 200 කට ආසන්න පෙදෙසක ව්‍යාප්තව ඇත. පස්වන සියවසේ මෙරටට පැමිණි ෆාහියන් හිමි පවසන පරිදි, මහාවිහාරයේ භික්ෂූණ් තුන්දහසක් ද අභයගිරියේ භික්ෂූන් පන්දහසක් ද වැඩ සිට ඇත. මහසෙන් රාජ්‍ය සමයේදි අභයගිරි සංවර්ධනයේ උච්චතම අවස්ථාවට පැමිණි අතර එය මහායාන බුදු දහමෙහි කේන්ද්‍ර ස්ථානය විය. අභයගිරිය තදාශ්‍රිතය දෙස බැලීමේදි දැකිය හැකි බෞද්ධාගමික ගොඩනැගිලි අනුව එවකට මෙම සංකීර්ණය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට ඇති බව ද සිතිය හැක.
අභයගිරි ස්තූපය
ක්‍රි.පූ. පළමුවන සියවසේ වළගම්බා රජතුමා විසින් ඉදි කරන ලද අභයගිරි දාගැබ උතර මහ චෙත, අභයගිරි දාගැබ, අපහයගර, බගිරිනක, බයාගිරිය ආදි විවිධ නම්වලින් ද හඳුන්වා දී ඇත. මුල්ම අභයගිරිය ස්තූපයේ පේසාවන් තුනක්, හතරැස් කොටුව, ගර්භය මුදුනේ යූපය හා ඡත්‍රය යන අංග තිබී ඇත. ස්තූපය සතර පැත්තේ ආයක සතරක් ද සලපතල මළුව, ඇත්පවුර, වැලි මළුව, ප්‍රාකාරය හා ගෝපුර ද වේ. දාගැබේ දකුණු දොරටුව දෙපස ඇති සංඛ හා පද්ම බහිරව රූප මූර්ති ශිල්පයේ විශිෂ්ටත්වයට කදිම නිදසුන්ය. මෙම බහිරව රූප ආශ්‍රිතව වර්තමානයේද විවිධ ආගමික හා අභිචාර ක්‍රියාකාරකම් සිදුවේ. මෙහි නැගෙනහිර ආයකය සිතුවම් කර තිබූ බවට සාධක හමුවේ. එසේම ස්තූප මළුවේ තිබි ශ්‍රී පාද ලාංඡනයක් ද සොයා ගැනීමට හැකි වී ඇත. මෙහි වර්තමාන උස අඩි 235 ක් වන අතර ස්තූප පාදමේ විෂ්කම්භය අඩි 310 කි.
සමාධි බුද්ධ ප්‍රතිමාව
අනුරාධපුර යුගයේ කලා ශිල්පියාගේ නිසැක හැකියාව මනාව ඔප්පුවන ප්‍රතිමාවක් වශයෙන් සමාධි බුදු පිළිමය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. බුදුන්වහන්සේගේ සමාධි ගුණය මූර්තිමත් කොට ඇති මෙම පිළිමය සිවුවන සියවසට පමණ අයත් වෙතැයි සැළකේ. වීරාසනයෙන් හිද සිටින ධ්‍යාන මුද්‍රාව පිළිබිඹු කෙරෙන අන්දමින් හුණු ගලින් මෙම ප්‍රතිමාව නෙලා ඇත. මෙහි සිරුර හා චීවරය වර්ණ ගන්වා තිබු බවට සාධක ඇත. ඒකාංශ පාරුපණයෙන් යුත් මෙහි සිරුර ඇගට ඇළී තිඛෙන බවක් පෙන්නුම් කරයි. භාව ප්‍රකාශනය අතින් ඉතාමත් විශිෂ්ටය. බුදුරජාණන්වහන්සේ සමාධියෙන් පසුවන බව මුහුණෙන් පමනක් නොව ශරීරයෙන් ද ප්‍රකාශ වන්නාවු විශිෂ්ට නිර්මාණයකි. 1960 දි පමණ මෙම ස්ථානයේ සිදු කල කැණීම් මගින් මෙහි බෝධිඝරයක් තිබූ බවට සාධක හමු වී ඇත. එය අභයගිරි විහාරයේ බෝධිඝරය ලෙස හදුන්වයි.
සඳකඩ පහන
ශ්‍රී ලංකාවේ හමු වී ඇති ඉතා කලාත්මක සඳකඩපහන් දෙකම හමුවන්නේ අභයගිරිය ආශ්‍රිතවය. අංක 1 නමින් හඳුන්වන සඳකඩ පහන ශ්‍රී ලංකාවේ සඳකඩ පහන් අතුරින් ඉතා කලාත්මක හා විශිෂ්ඨතම නිර්මාණය සේ සැළකේ. මෙහි කැටයම්කර ඇති සත්ත්ව රූපවල තාත්වික බවත් ලියවැල් වැනි කැටයම්වල සියුම් බවත් නිසා මෙය විශිෂ්ට ගල් කැටයම් නිර්මාණයක් ලෙස කලා ඉතිහාසඥයින් විශ්වාස කරයි. මෙම අංක 01 සඳකඩ පහණ දැකිය හැකිවන්නේ අභයගිරි සංකීර්ණයේ මහසෙන් මාළිගය ලෙස වර්තමානයේ හඳුන්වන පංචාවාසයක් ආශ්‍රිතවය. සඳකඩපහනේ ඇති කැටයම් පිළිබඳ විද්වතුන් විවිධ අදහස් දරනු ලැබේ. මහාචාර්ය පරණවිතාන විසින් සඳකඩපහනේ ඇති කැටයම් අර්ථ නිරූපනය සඳහා බෞද්ධ සංකල්ප හා සම්බන්ධ කරනු දැකිය හැකිය. ඒ අනුව සඳකඩපහන මගින් සංසාරයත් ඉන් මිදීම නිවන බවත් ඔහු විස්තර කරනු ලබයි. සඳකඩ පහණ අංක 2 ද ඉහත සඳහන් කල සඳකඩ පහණේ ආකෘතියටම නිර්මාණය වූවකි. එය රත්න ප්‍රාසාදයට නුදුරින් කුඩා කදුගැටය මත පිහිටි බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසල වේ.
කුට්ටම් පොකුණ
ශ්‍රී ලාංකීය පොකුණු නිර්මාණ කලාව හා තාක්ෂණය පිළිබඳ කදිම නිදසුනක් වශයෙන් කුට්ටම් පොකුණ දැක්විය හැකිය. මෙම පොකුණ අභයගිරි විහාරවාසී භික්ෂූණ්ගේ ජල පහසුව පිණිස ඉදිකලා යැයි විශ්වාස කෙරේ. මෙම පොකුණ අටවන හෝ නම වන ශත වර්ෂයේදි ඉදිවූවා යැයි විශ්වාස කෙරේ. පොකුණු දෙකෙහිම දියට බැසීම සඳහා ශෛල්‍යමය පියගැට පෙළවල් නිර්මාණය කොට ඇත. පොකුණු වලට ජලය ලබා ගැනීමේදි පළමුව පොකූණු වටා පිහිටි අංගනයට ජලය රැගෙනවිත් කුඩා පොකුණේ ඇති මකර මුඛය ඔස්සේ ජලය ලබාගෙන පසුව එහි සිට විශාල පොකුණ දක්වා භූගතව සවි කොට ඇති නලයක් මගින් ජලය සම්පාදනය කොට ඇත. පොකුණු දෙකෙහිම වූ ජලය නැවත පිට කොට ඇත්තේ ද කුඩා පොකුණෙහි පතුලෙහි වූ ස්ථානයකිනි. කුට්ටම් පොකුණෙ නෙලා ඇති පෙන පහක් සහිත නාග රුව ඉතා විශිෂ්ට නිර්මාණයකි.
ජේතවනාරාමය මහසෙන් රජු (ක්‍රි.ව 276-303) විසින් ඉදිකරන ලද්දකි. මහසෙන් රජු ප්‍රධාන වශයෙන් මහායාන බුදු දහම වැළඳ ගත්තෙක් විය. ජේතවනාරාමය විශේෂ වන්නේ එහි ඇති මහා පරිමාණ ස්තූපය නිසාවෙනි. ජේතවනාරාමය පිහිටි ප්‍රදේශය මුල් කාලීනව නන්දන වනයට අයත්ව තිබිනි. එය මිහිදු හිමියන් විසින් අඛණ්ඩව දින හතක් ධර්ම දේශනා කළ ස්ථානය වේ. සංඝාරාමයකට අවශ්‍ය සියලුම ගොඩනැගිවලින් පරිපූර්ණ වූ මෙහි ඉදිකිරීම් මහසෙන් රජුගේ කාලයට අමතරව කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 303 – 331) හා ඔහුගෙන් පසු රාජ්‍ය කල රජවරුන් විසින් ඉදිකර ඇත.
ජේතවන ස්තූපය
මහසෙන් රජු විසින් ඉදිකල ජේතවන ස්තූපය අඩි 400 ක් පමණ උස් වන අතර මෙම ස්මාරකය ලෝකයේ විශාලම ස්මාරක අතුරින් තෙවන ස්ථානය ද ලොව ගඩොලින් නිර්මාණය කල උසම ස්මාරකය ද වේ. මෑතකදි සිදුකල පුරාවිද්‍යාත්මක කැණීම් මගින් බුදුන්වහන්සේගේ දේශනාවක් සේ සැළකෙන මහායාන සූත්‍රයක් වූ ප්‍රඥාපාරමිතා සූත්‍රය ලියවුනු රනපත් ඉරු නවයක් හමු වී ඇත. ස්තූපය සතර පැත්තේ කැටයමින් යුත් වාහල්කඩ සතරක් වේ. පිහිටි පොළොවට වඩා උස් වූ මළුවක නිර්මානය කල ස්තූපයකි. මෙම මළුව වටා වූ ඇත් පවුරක නටඹුන් පුරාවිද්‍යාත්මක කැණිම් මගින් හමු වී ඇත. මෙම භූමියේ සිදුකල කැණීම් මගින් විවිධ කාසි, චීන පිඟන් අවශේෂ ආදි විශේෂ පුරාවස්තූන් ද හමු වී ඇත. වර්තමානය වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ස්තූපය සම්පූර්ණයෙන්ම සංරකෂණය කොට තහවුරු කොට ඇත.
Ayubowan Srilanka 6 – Anuradhapura
Related Images:
කොළඹ මැනිං වෙළඳපොළ අලුත් ස්ථානයකට
කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින් මැනිං වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි අද (2020.11.10) අරලිය ගහ මන්දිරයේ පැවති පැවැති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
පවතින කොවිඩ් වසංගතය හමුවේ ආසාදිතයින් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනිං වෙළඳපොළ වසාදමා ඇති අතර, ඒ හේතුවෙන් එළවළු අලෙවිකරගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණෙන එළවළු ලොරි 150ත් 200ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුවී තිබේ.
කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබාදීමටත්, ඒ තුළින් එළවළු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කෙරෙන අතර පී.සී.ආර් පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
Related Images:
මහ කන්නයේ පොහොර ගොවීන්ට ලබාදීම
මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
(2020.11.04) දින අරලියගහ මන්දිරයේ පැවති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ගොවීන් වෙත නිසි කාලයේදි ජලය සහ පොහොර සැපයීම මගින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 708,910ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 214,000 න් මේ වන විට ඉන් මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවත් ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම සාකච්ඡාවේදී අනාවරණය කළේය.
අනෙකුත් වගාවන් සඳහා පොහොර නිකුත් කිරීම 10%ක් රජයේ සමාගම් මඟින් සහ 90%ක් පෞද්ගලික සමාගම් වලින් ආනයනය කර නිකුත් කරනු ලබයි.
මෙහිදී පොහොර ආනයනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ අතර, ලබන වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය කඩිනමින් ලබාදිය යුතු බැවින්, ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වන විට ලබාදිය යුතු බව පෙන්වා දුන්නේය.
මෙහිදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවත් පොහොරවල ගුණාත්මකභාවය නියාමනය සහ අපද්‍රව්‍යවලින් තොර ඉහළ තත්ත්වයේ පොහොර ආනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.
ලබන වර්ෂයට අවශ්‍ය සමස්ථ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 708,910න් යල කන්නය සඳහා මෙට්‍රික් ටොන් 285,504ක් වෙන් කරන අතර මහා කන්නය සඳහා මෙට්‍රික් ටොන් 423,406ක් වෙන් කරනු ලබයි.
Related Images:
නිරෝධායනයට යොමුකර අයට ආහාර ලබාදීමේ ක්‍රමවේදයක්.
උද්ගතව ඇති නව කොවිඩ් 19 තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර…
• තම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක්…
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (2020.10.27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.
වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.
Related Images:
නොයෙල් රණවීරගේ මරණය මිනී මැරුමක් කියමින් පසුගිය ආණ්ඩුව පළිගත්තා
රෝෂන් තුෂාර
රිය අනතුරකින් මියගිය රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවක නොයෙල් රණවීර මහතාගේ මරණය ‘මීනී මැරුමක්’ යැයි හුවාදක්වමින් දේශපාලන පළි ගැනීම් කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
රුසියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරු ලෙස සේවය කළ කලුආරච්චිගේ දොන් නොයෙල් රණවීර මහතා හදිසි රිය අනතුරින් 2014 ජූනි මාසයේ රුසියාවේ රොස්තොව්-නා-දොනු නගරයේ දී මිය ගිය බවත්, ඊට එරෙහිව සම්සොනාවා නම් ලොරි රථ රියදුරුට එරට දිසා අධිකරණයේ නඩු විභාගයක් පවත්වා තීන්දුවක් ලබා දී ඇති බවත් පැවසූ වීරතුංග මහතා යහපාලන ආණ්ඩුව එම කරුණු වසන්කර කිසිදු පදනමකින් තොරව මිනී මැරුම් චෝදනාවක් තමන්ට ඉදිරිපත් කළ බවත් පැවසීය.
එම පදනම් විරහිත චෝදනාවට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් මඩ ගැසූ බවද කීවේය.
දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ සාක්ෂි ලබා දුන්නේය.
උදයංග වීරතුංග මහතා මෙසේ ද පැවසීය.
නොයෙල් මහතා හදිසි රිය අනතුරින් මිය ගිය නමුත් යහපාලන ආණ්ඩුවේ දේශපාලන අධිකාරියේ උපදෙස් මත එම රිය අනතුර මිනී මැරුමක් ලෙස චෝදනා කරමින් අපරාධ විමර්ෂන දෙපාර්තුමේන්තුව විසින් 2015 මාර්තු මාසයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරුවා. එම චෝදනාවට විශාල මාධ්‍ය ආවරණයක් ලබා දී උදයංග වීරතුංග මිනීමරුවකු ලෙස සමාජයට පෙන්නුවා.
රුසියානු විදේශ ඇමැතිවරයාගේ උපදෙස් පරිදි, රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2015 ජූනි 04 දින ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට එවන ලද සංදේශ ලිපියේ (TPN) සඳහන් පරිදි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නොයෙල් රණවීරගේ මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරික්ෂණයක් ආරම්භ කළා. මෙම රිය අනතුර සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණය අනුව එකම සැකකරු වන්නේ රුසියානු පුරවැසි එස්. ව. සම්සොනවා බව සඳහන් වෙනවා. එම මරණය සම්බධයෙන් වෙනත් කිසිම පුද්ගලයකු වගකිව යුතු නැති බව පැහැදිලිව එම විමර්ශනයේ සඳහන්ව තිබෙනවා. මට හෝ වෙනත් පුද්ගලයකුට එරට අධිකරණයෙන් කිසිදු චෝදනාවක් නැහැ.
රුසියාවේ, රෝස්තොව්-නා-දොනු නගරයේ, 2014 ජූනි මස 11 දින, රුසියානු පුරවැසියකු වන, එස්.ව. සම්සොනවා පදවන ලද ලොරියට යට වීමෙන්, “දොන් ප්ලාසා” හෝටල් භූමියේදී රණවීර මරණයට පත් වුණා. එය CCTV කැමරාවේ පටිගත වී ඇති අතර එම දත්ත උසාවියටද ඉදිරිපත් කර තිබෙනවා. මරණ පරීක්ෂණයෙන් පසුව මරණ සහතිකය නිකුත් කර තිබෙනවා. ඒ බව විදේශ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමෙන් පසුව ලැබුණු උපදෙස් අනුව 2014 ජූනි 15 දින මෘතදේහය ලංකාවට රැගෙන පැමිණි බව පවසනවා. ඉන් පසුව දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවට භාරදුන් අතර 2014 ජූනි මස 23 දින, වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කළා.
යහපාලන ආණ්ඩුවට බලයට පැමිණීමෙන් පසු එනම් 2015 මාර්තු මාසයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත එම මෘතශරීරය නැවත ගොඩ ගත්තා. වැඩිදුර විමර්ශන කටයුතු යහපාලන දේශපාලන අධිකාරියේ උපදෙස් මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති නමුත් එම මරණය මිනීමැරුමක් බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ.
රුසියානු සමූහාණ්ඩුවේ රෝස්තොව්-නා-දොනු දිසා අධිකරණයේ පැවතුණු එම නඩු නිමිත්තට අදාළ නඩු අවසන් වී තිබුණා. එම නඩු තීන්දුව රුසියානු රජය විසින් මොස්කව් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. ඒ අනුව ඊට උදයංග වීරතුංග සම්බන්ධ නැති බව නඩු වාර්තා අනුව සනාත වෙනවා. එබැවින් 2016 වර්ෂයේදී මෘතශරීරය නැවත වැලිකඩමුල්ල පොදු සුසාන භූමියට රැගෙනවිත් තිබෙනවා.
තානාපති සේවක නොයෙල් රණවීරගේ මරණය මිනී මැරුමක් කියමින් පසුගිය ආණ්ඩුව පළි ගත්තා

