අතිශය සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ අසිරිය විඳගැනීමට රුසියානු සංචාරකයන්ට ළඟදීම අවස්ථාව උදා කරනුයේ “සංචාරක බුබුළ” සංකල්පයයි..
සංචාරක බුබුළේ ප්රතිලාභ බෙදී යනවා
සංචාරක බුබුළේ ප්රතිලාභ ගමට, නගරෙට වගේම සෑම තරාතිරමකම අංශ වෙත මේ මුදල් බෙදී යනවා. අද ඒ කිසිවක් නොමැතිව ලක්ෂ තිහක් අසරණ වී ඇති බව අමතක නොකරමු..
Related Images:
සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ තිහ
කොරෝනා වසංගතයත් සමඟින් මුළුමනින්ම සංචාරක ව්‍යාපාරය අඩපණ වූයේ ලක්ෂ තිහක් පමණ වන ඍජු සහ වක්‍ර රැකියාලාභීන්ගේ ආදායම් තත්ත්වය බින්දුවටම වැටෙමිනි.
Related Images:
ඩොලර් බිලියන ඉලක්ක කරගත් රුසියානු “සංචාරක බුබුළ”
යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය තවදුරටත් කඩාකප්පල් කිරීමට දරන උත්සාහයට එරෙහිව මොස්කව් -කොලඹ ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම කුතුහලයට තුඩුදුන් කරුණක් වී ඇත.
වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල සංචාරක කර්මාන්තය අකර්මණ්‍ය වී ඇති අවස්ථාවක රුසියානු සංචාරකයින් සඳහා අවස්ථාවක් ලබා දීම මගින් දේශිය සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම උදෙසා දෙසැම්බර් 28 සිට අප්‍රේල් 10 අතර කාලය තුලදී අප හදුන්වාදුන් “සංචාරක බුබුළ” හරහා යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයන් හයදහස් හැත්තෑවක් (6070) පමණ පැමිණ ඇත. එමගින් ඩොලර් මිලියන 9 ක පමණ විදේශ විනිමය රටට උපයාගත හැකි වූ අතර එය රුපියල් කෝටි 180 ක් බව පළමුව පෙන්වා දිය යුතුය.
එහිදී “නියාමන සංචාරක බුබුළු” කාලයේදී සංචාරකයන්ගේ නවාතැන් සදහා මුහුදු තීරයෙහි “සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිත බව සහතික කරන ලද “පළමුපෙල හෝටල” 5 ක් පමණක් තෝරා ගත්තේය. එම හෝටල් සෞඛ්‍ය හා යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පමණක් පවත්වාගෙන යන ලදී. එසේම සංචාරකයන් හෝටලයෙන් පිටදී යුද හමුදාවේ අධීක්ෂණය යටතේ “සංචාරක බුබුල” අනුකූලව රට තුල සංචාරය කර අතර කිසිදු අයුරින් පොදු ප්‍රවාහන භාවිතා නොකළ මෙන්ම කිසිදු අයුරින් ලාංකික ජන සමාජය සමග සම්බන්ද නොවීමට ආරක්ෂක අංශය වගබලා ගත්තේය.
එම වැඩසටහන යටතේ පළමු මාසයේ පැමිණි යුක්රේනියානු සංචාරකයන් අතරින් කොවිඩ් ආසාදිතයන් 4 දෙනෙක් හමුවූ අතර ඔහුන් එම හෝටල් කාමරය තුල සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින 10ක් ගතකර නැවත තම රටට පිටත්විය. ඔහුන් අතර “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය වැලදී සිටි ආසාදිතයන් හමුවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් සනාථ වී නැති අතර ඔහුන් සමාජයේ ගැවසුණේ නැති බවද සදහන් කළයුතුය.
ඊට අමතරව “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය යුක්රේනියානු සංචාරකයන් මෙරටට රැගෙනවිත් තිබුණේ නම්, දෙසැම්බර් 28 – ජනවාරි 21 අතර හෝ ඉන් සති 3 ක් ඇතුලත ලංකාව තුල “බ්‍රිතාන්‍ය” ප්‍රභේද ආසාදිතයන් හමුවිය යුතුය. එසේ නමුත් පෙබරවාරි පළමු සති දෙකේ දී ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක එම “බ්‍රිතාන්‍ය” කොරෝනා ප්‍රබේදය හමුවී නැත.
එදා පැමිණි යුක්රේනියානු සංචාරකයන් හරහා “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය මෙරටට බෝකර ඇති බවට විපක්ෂය චෝදනා එල්ල කරන නමුත්, පළමුවරට “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය යුක්රේනියානු රාජ්‍යය හදුනාගෙන ඇත්තේ 2021 මාර්තු 4 වන දින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශන කර ඇත.
ඇත්තටම කොරෝනා ආසාදිතයන් හමුවීම පෙබරවාරි අවසානයේ දී අද ට වඩා අඩු බව රට තුල සිදුකරන ලද පරීක්ෂණයන්හි දත්ත අනුව පෙන්නුම් කර ඇත. එසේම අප්‍රේල් මාසයේදී මෙරට ආසාදිතයන් වැඩිවීම වෙනත් කාරනා මත සිදුවී ඇති බව සෞඛ්‍ය අංශය දැනටමත් හදුනාගෙන ඇත.
ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ආසාදිතයන්ගේ වැඩිවීම හෝ “නියාමන සංචාරක බුබුළු” කාලයේදී, යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව, ඊට එරෙහිව මනංකල්පිත පුහු චෝදනා එල්ල කිරීම, විපක්ෂය හුදෙක් දේශපාලන වශයෙන් මඩ ගැසීමේ උවමනාවට බව පැහැදිලිය.
මෙම සියලු කරුණු සලකා බලන කල තිබෙන අවහිරතා මධ්‍යයේ මේ වසරේදී සංචාරක කර්මාන්තයේන් ඩොලර් බිලියන 1.5 ක් හෝ උපයා ගන්නට රජය දරන උත්සාහයට මෙම “සංචාරක බුබුළ” හොද ආරම්භයක් ලබාදුන් බව නිසැකයෙන් පිළිගත යුතුය. එපමණක් නොව ජනවාරි 21 දින ගුවන් තොටුපල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් 60,000 පමණ රටට පැමිණ ඇති අතර අප්‍රේල් 10 වෙනදා දක්වා මෙරටට පැමිණි පැරණි සෝවියට් දේශය රටවල සංචාරකයින් 6070 අතරින්, හමුවී ඇති සමස්ථ රෝගින් ප්‍රමාණය 24 දෙනෙකි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට දශම 0.4ක (0.4%) ප්රමාණයකි. එ් අනුව මේ කියන සංචාරකයින් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ වෙති. එවැනි සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට අවස්ථවක් නොදීම මත ඉදිරියට සංචාරකයන් මෙරටට නොපැමිණීමට හේතුවක් විය හැක.
එවැනි වාතාවරණයක ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නගරයේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ජුනි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම සතියට එක ගුවන් යානාවක්, සෙනසුරාදා දිනයේ මගීන් 290 පමණ රැගෙන යාහැකි ඒ330 ගුවන් යානාවක් යොදාගැනීමට දැනටමත් සුදානම් හමාරය. එම ආරම්භයෙන් පසුව රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සමගින් මෙම වසර අවසානයේ රුසියානුවන් 26,000 රැගෙනවිත් ඩොලර් මිලියන 40 පමණ විදේශ විනිමයක් රටට උපයා ගැනීමට පුලුවන් බව විශ්වාස කරමු.
අද ලෝකයේ සැම රටකම කොරෝනා වසංගත තත්ත්වය පවතින බව පිළිගත් යුතුයි, එසේ නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව සනාථ වූ මොහොතක ඔහුන්ගේ පැමිණීමට එරෙහිවීම, සංචාරක කර්මාන්තයේ නියුතුව සියලුම ශ්‍රමිකයන් හට සිදුකරන අසාධාරණයක් බව අප තේරුම්ගත යුතුය.
අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. මෙම වසරේ මැයි 25 වෙනිදා දක්වා මාලදිවයිනට සංචාරකයන් 445,558 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන්ගේ එකතුව 141,123 කි. එනම් පැමිණි සමස්ථ සංචාරකයන් ගෙන් 32% කි. එසේ නමුත් 2021 එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 15,000 ආසන්න පිරිසකි. එනම් මාලදිවයිනට අපට වඩා 30 ගුණයක් සංචාරකයන් පැමිණ ඇත. එම පිරිසෙන් ද 50% වඩා වැඩි පිරිසක් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.
ඇත්තටම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය ගත් නිවරදි තීන්දු තීරණ, අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙහි වගකීම බාරව සිටින ප්‍රධානීන් දැන්වත් නොගැනීම, අප දකින්නේ වාසනාවන්ත අවස්ථාවකට පයින් ගැසීමක් ලෙසය. මොකද, අද ඔහුන් යටතේ ලංකාවේ ලියාපදිංචි හෝටල් 3000 ක පමණ කාමර 42,000 ආසන්නව තිබෙන බව අමතක නොකර යුතුය. එයින් සංචාරක මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබූ “සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිත බව සහතික කරන ලද හෝටල” බවට අලුත් සහතිකය දැනට හිමිව ඇත්තේ හෝටල් 400 කට ආසන්න ප්රමාණයකි. එනම් 13%කි. එම ප්‍රමාණයට සහතික ලබා දීමටත් සංචාරක මණ්ඩලය දැනටමත් වසරකට ආසන්න කාලයක් ගතවි ඇත. ඒ අතරින් විදේශිකයන්ට පමණක් පැමිණිය හැකි “පළමුපෙල හෝටල” ලෙස 189 ක් නම් කර ඇති නමුත් සංචාරකයන් රටට නොපැමිණිම නිසාම, දැනට ක්‍රියාත්මක වන “පළමුපෙල හෝටල” ප්‍රමාණය හතළිහකට වඩා අඩුය. අපි ලබන 2021-22 සීතල කාලයේදී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට අවශ්‍ය පියවර අගෝස්තු මාසයේදී අවසන්ව තිබිය යුතුය. එසේ නමුත් මෙතෙක් ඒ පියවරවල් නොගැනීම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව රටෙහි ද අවාසනාවයි.
නමුත් රටෙහි සෙසු කටයුතු සිද්ධ වන අයුරු දෙස බලන විට පෙනෙන්නේ සංචාරක ව්‍යාපාරයට එරෙහිව මෙම නීතිරීති ක්‍රියාත්මක වන්නේ ජාතික වශයෙන් සෞඛ්‍ය නිර්දේශ ආරක්ෂා කර ගැනීමේ උවමනාවෙන් නොවන බවය. මක්නිසාද යත් විවිධාකාර නිතිරීති යටතේ වසා දැමුණු මාළු කඩය දැන් එ් කිසිදු නියාමනයකට යටත් නොවී පෙර පරිදිම අපූරුවට වැඩ කරන බැවිනි.
අද හැම හන්දියකම අවන්හල් වල ජනී ජනයා රැ වනතුරු කන්නේ බොන්නේ නිතිරීති අනුගමනය කරමින් නොවේ. පොදු ප්‍රවාහන මාධ්‍ය වූ කෝච්චියේ බස්රියේ සෙනග පටවන්නේ සෞඛ්‍ය නීතිරීති බලමින් නොවේ. තව කිව හැකි උදාහරණ බොහෝය. එවැනි අවස්ථාවක, රටට ඩොලර් බිලියන හතර හමාරක් උපයා දුන් සංචාරක කර්මාන්තයේ කකුලෙන් ඇදීම මත සංචාරක ව්‍යාපාරය ඇද වැටීම පැහැදිලිව රටේ ආර්ථීක ශක්තිය අඩපණ කරන්නකි. එය විපක්ෂයේ මුලික අවශ්‍යතාවයකි. එබැවින් අද රට අස්ථාවර වීම මත ඔහුන්ගේ ඉදිරි දේශපාලන ගමන පමණක් නොව සමහර පක්ෂ වල ඉතිරිව ඇති 3% ජන්ද බලය ද රැකගැනීමේ අවසන් අවකාශය උදාවී ඇත. එනිසා මේ අවස්ථාවේදී විවිධ වේශ ගෙන ජනතාව ප්‍රකෝප කරමින් දේශපාලන වාසි ගැනීමට තැත් කරන උදවිය ගැන අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.
– උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
Related Images:
Aiming for 2,500 Russian tourists per month after SL re-opens borders
- They will be brought under a bio bubble and will be taken only to selected destinations in the country including Pasikudah which was popular among Russian tourists
By JAMILA HUSAIN
Sri Lanka’s former envoy to Russia, Udayanga Weeratunga says he is aiming to bring in at least 2,500 Russian tourists per month to Sri Lanka after the country re-opens its borders and approval is received from the Health authorities.
Weeratunga who has been dubbed as the ‘Godfather’ of Russian tourists told Daily Mirror that discussions were ongoing with Russia’s Aeroflot airline and Sri Lankan Airlines to operate at least one flight each per week between Moscow and Colombo where at least 275 passengers will arrive in the country per week. Weeratunga said presently the Maldives was able to attract an estimated 20,000 Russian tourists per month and if the neighbouring island could attract so many, then it was possible to attract at least 2,500 Russian tourists here as Sri Lanka was a preferred holiday destination among the Ukrainians and Russians.
While plans were afoot to begin flights between the two destinations to promote tourism, plans were put on hold after the third wave of COVID-19 struck Sri Lanka and airports were closed for all tourists till May 31. Officials said this closure might now extend till June 7 till such time the country remains under the islandwide travel restriction.
The project to bring down Russian tourists has now been postponed and will resume only after borders open and health authorities grant the clearance, Weeratunga said.
They will be brought under a bio bubble and will be taken only to selected destinations in the country including Pasikudah which was popular among Russian tourists. Weeratunga further slammed critics who stated that the Russian tourists would be responsible for the spread of a COVID-19 pandemic in the country stating that the virus did not specifically target only the Russians and Ukrainians as the virus could enter through any other arrival including the Sri Lankans being repatriated.
“So if the argument is that they should not come here because of COVID-19, then that is discriminatory, as if we can allow other tourists, then we can most definitely allow the Russians too,” Weeratunga said.
“So our talks between the countries will continue to boost tourism and we will begin once health authorities grant the clearance,” he added.
Related Images:
යුක්රේන් හුරතලයට විරුද්ධව බැසිල්ට උදයංගට නඩු…
මෙරට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොතකා කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබූ යුක්රේනයෙන් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි බැසිල් රාජපක්ෂ සම උදයංග වීරතුංගට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක ඉදිරිපත් කර තිබේ.
උලපනේ සුමංගල හිමියන් ලැසිල්ද සිල්වා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම් ඉදිරිපත් කර ඇත. ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාදක බලකායේ සභාපති වශයෙන් ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මෙම සංචාරකයන් ගෙන්වීමේ ප්රමුඛයෙකු වශයෙන් ක්‍රියා කළේය.
එසේම යුක්රේන් අවි ජාවාරමකට සම්බන්ධ බවට සහ රුසියාවේ තානාපති වශයෙන් සිටියදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින උදයංග වීරතුංග මෙම ව්‍යාපෘතියේ මූලික ක්‍රියාකරුවෙකු වශයෙන් සිටියේය. ඔවුන් මැදිහත් වී යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් මෙරට තුළ කොවිඩ් – 19 තුන්වන රැල්ල නිර්මාණය වූ බවට එම පෙත්සමෙන් චෝදනා කර තිබේ.
මෙම දෙදෙනා ජනාධිපතිවරයාගේද නියෝජිතයන් වශයෙන් මෙම සංචාරකයන් ගෙන්වීමට සම්බන්ධ පුද්ගලයන් වන නිසා ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් වගකිවයුතු බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඊට අමතරව බැසිල් රාජපක්ෂ විසින් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ මෙම යුක්රේන සංචාරකයන් ගෙන්වීම තුළින් මෙරටට කෝවිඩ් බොවෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා එරටින් සංචාරකයින් ගෙන එන බවය.
https://lankatruth.com/si/?p=116647
Related Images:
උලපනේ සුමංගල හිමිගෙන් බැසිල්ට හා උදයංග එරෙහිව පෙත්සමක්
යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමි සහ ලෙස්ලි ද සිල්වා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ජනාධිපති සහ පළමු වගඋත්තරකරු ගන්නා ලද තීන්දු සහ තීරණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයකට වැළදී ඇති සේම ඉන් ඇතැම් පිරිස් මරණයටද පත්ව ඇතැයිද
කොවිඩ් වසංගත තත්ත්වය මෙරට උග්‍රව පැවති අවස්ථාවක මෙරටට යුක්රේන ජාතිකයින් සහ ඉන්දියානු කොවිඩ් රෝගීන් මෙරටට ගෙන්වීම තුළින් 1 සහ 2 වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමේ වරද සිදු කර ඇතැයි එම පෙත්සමෙන් පෙන්නා දෙයි
ඊට අමතරව නිරෝධායක පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම මගින් 1 සහ 2 වගඋත්තරකරුවන් දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇතැයි ද පෙත්සමෙන් පෙන්නා දි ඇත.
පළමු වගඋත්තරකරු ජනාධිපතිවරයාට තිබෙන සම්බන්ධකම් උපයෝගී කරගෙන ජනාධිපතිවරණයන් පසු මෙරටට පැමිණ නොයෙකුත් ව්‍යාපෘති සිදු කරනු ලබයි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , ජනාධිපති විසින් ආන්ඩුක්රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා ඇත.
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
Related Images:
යුක්රේන සංචාරකයන් නිසා කොවිඩ් 19 ව්‍යාප්තිය ශීඝ්‍ර වුණේ නැහැ
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එවන් පසුබිමක විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව පසුගිය ජනවාරි මාසයේදී යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද නමුත් එය අසාර්ථක මෙන්ම යුක්රේන සංචාරකයන් ගෙන්වීම සුදුසු නොවන ක්‍රියාවක් බව සඳහන් කරමින් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරයි. මෙවැනි තත්ත්වයකදී යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ඇති වැදගත්කම මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා, සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රම වේද මෙන්ම ඉදිරි සැලසුම් ආදිය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමඟ ‘දිනමිණ’ කළ සංවාදයකි.
ඉදිරියේදී කොළඹ සිට මොස්කව් දක්වා ඍජු ගුවන් ගමන්ආ රම්භ කරනවා
යුක්රේන සංචාරකයන් ගෙන්වා ගත්තේ නියමු ව්‍යාපෘතියක් හැටියටයි
සංචාරක ක්ෂේත්රය නොමැතිව රටේ ආර්ථිකය යහපත් කරන්න බැහැ
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ මෙරටට විදෙස් සංචාරකයන් නොපැමිණෙන අවස්ථාවක යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්න පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට සහ පෞද්ගලිකව ඔබට විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක් ද?
නිවැරැදි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව තමයි අපි යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්න පියවර ගත්තේ. නමුත් අපිට එල්ල වන චෝදනාවක් තමයි ඇයි යුක්රේනයෙන්ම සංචාරකයන් ගෙන්වා ගත්තේ කියලා. ඇත්තටම කොරෝනා තත්ත්වය අනුව හොඳයි කියන්න පුළුවන් රටක් නැහැ. කොරෝනා ජය ගත් රටක් නැති තරම්. සමහර අය චෝදනා කරන්නේ ඇයි මේ අවදානම් තිබෙන රටකින් ගෙනාවේ කියලා. යුක්රේනයේ විශාල පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. අපි මෙහිදී යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්න පියවර ගත්තේ නියමු ව්‍යාපෘතියක් හැටියටයි. අමාරු දේ අපි ජය ගන්නේ නම් ලෙහෙසි දේ කර ගන්න පුළුවන්. එසේ බැලිය යුතු වෙනවා. මෙතනදී තවත් කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. අපේ රජය සහ සෞඛ්‍ය අංශ දුන් නිර්දේශ අනුව යුක්රේන සංචාරකයන් එන්න කැමැති වුණා. එම කාලයේ යුක්රේන සංචාරකයන් ලෝකයේ කොහේ හෝ රටක සංචාරය කරන කාලයක්.
ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න නොහැකි වුණා නම් ලෝකයේ වෙනත් රටකට යනවා. මුළු අවුරුද්දේම වැඩි වශයෙන් සංචාරය කරන කාලයක තමයි අපි ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්න පියවර ගත්තේ. රට තුළ කොරෝනා ප්‍රභේද තිබෙන්න පුළුවන්. ඒවා වෛද්‍යවරු ප්‍රකාශ කරයි. රට විවෘත කළ පසුව සංචාරකයන් විවිධ රටවලින් පැමිණ තිබෙනවා. නමුත් දැන් රට අමාරු තත්ත්වයට පැමිණ තිබෙන්නේ ඉන්දියානු ක්රමයටකයි. ඉන්දියානුවන් අපේ රටට සංචාරකයන් වගේම වෙනත් වෙනත් ක්‍රමවලින් ද පැමිණ තිබෙනවා. මේක නතර කරන්න අමාරුයි. එංගලන්ත කොවිඩ් ප්‍රභේදය යුක්රේන සංචාරකයන්ගෙන් පැමිණි බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්රය නතර කිරීමත් ප්‍රතික්ෂේප කරනවා. සංචාරක ක්ෂේත්රය නොමැතිව රට අඛණ්ඩව ගෙන යන්න අපිට පුළුවන්කමක් නැහැ. අපේ ප්‍රධාන ආදායම් මාර්ග පහෙන් එකක්. මොකද මේ අවස්ථාවේ ඒ සඳහා ආදේශකයක් නැහැ. ලක්ෂ තුනක් පමණ මේ ක්ෂේත්රයෙන් ජීවත් වන අය ඉන්නවා.
යුක්රේන ජාතිකයන් මෙරට සංචාරය කිරීමෙන් පසුව කොවිඩ් 19 හා සම්බන්ධ නව ප්‍රභේදයක් ද ශ්‍රී ලංකාවට පැමිණි බවට චෝදනා එල්ල වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේද එම සංචාරකයන්ගෙන් පැමිණි බවට තහවුරු වී තිබෙනවා ද?
ඇත්තටම ඔය චෝදනා කරන අය මේ වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළත් යුක්රේන සංචාරකයන්ගෙන් පැමිණි බවට මෙතෙක් තහවුරු වී නැහැ. මේ නව වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පර්යේෂණ කරනවා. ඇත්තටම ප්‍රභේද හදුනාගෙන නැහැ. යුක්රේනයේ මෙම ප්‍රභේදය තිබුණා කියලා එරට රජය කියලත් නැහැ. එක් එක් ප්‍රදේශවලින් එම ප්‍රභේද හදුනා ගන්නට තරම් අපි පරීක්ෂණ කරන්නෙත් නැහැ. යුක්රේන ජාතිකයන්ගෙන් මේ නව වයිරස් ප්‍රභේදය ලංකාවට ආවා කියනවා නම් ඔවුන්ට වයිරසය තිබෙන්න ඕනෑ. එහෙම නැති නම් ඔවුන් ආශ්‍රිතව කටයුතු කළ ලාංකිකයන්ට හැදෙන්න ඕනෑ. නිගමනයක් කරන්න හේතුවක් තිබෙන්න ඕන. එවැන්නක් නැහැ. අවුරුද්දෙන් පස්සේ වයිරසයේ ශීග්‍ර වර්ධනයක් හේතුවෙන් තමයි මේ චෝදනා එක පාරට එන්නේ.
දෙසැම්බර් සිට පෙබරවාරි අන්තිම වන තෙක් බැලූ විට මේ සම්බන්ධයෙන් තහවුරු වෙලා නැහැ. පසුගිය ජනවාරි 21 ගුවන් තොටුපළ විවෘත කරනවාත් සමඟ මේ නියාමන ව්‍යාපෘතිය අවසන් වෙනවා. ඊට පස්සේ මම ගෙනාව අය පමණක් නොවෙයි සියලු දෙනාම ආවා. එතැන් සිට සති තුනක් ඇතුළත තමයි අලුත් ආසාදිතයෙක් හමුවන්න පුළුවන්. අපි මාසයක් අතහැර දාමු. පෙබරවාරි 20 වන තෙක් බලන්නේ නම් අපේ සංඛ්‍යා දත්ත එහිදී 2000 ට වැඩි පිරිසක් පැමිණ නැහැ. මේ පැමිණි අය සිටියේ බෙන්තොට, බේරුවල ප්‍රදේශ ආශ්‍රිතවයි. ඒ ප්‍රදේශ බැලුවත් එවැනි වැඩි වීමක් නැහැ. ඒ අනුව යුක්රේන සංචාරකයන් නිසා කොවිඩ් 19 වයිරසයේ සීග්‍ර ව්‍යාප්තියක් වුණා කියලා කියන්න බැහැ. කොවිඩ් 19 වයිසරය ආසාදනය වූ සංචාරකයන් සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ. ඔවුන්ට අමතරව යුද හමුදාවේ නිලධාරීන් ඉන්නවා. තරු පන්තියේ හෝටල් පහක මොවුන් සිටියේ.
ඒ හෝටල්වල කාර්ය මණ්ඩලයත් ආරක්ෂිතව කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ කරන චෝදනා සත්‍යය නැහැ. චෝදනා කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ අපි අනුගමනය කළ යුතු වෙනවා. චෝදනා කළ යුතු නැහැ.
ජනවාරි 21 වන විට ගුවන් තොටුපළ විදෙස් සංචාරකයන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පියවර ගත්තා. එයින් පසුව යුක්රේන සංචාරකයන් සහ අනෙකුත් සංචාරකයන්ගේ පැමිණීම කෙසේ ද ?
ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුවත් විදෙස් සංචාරකයන් යුක්රේනයෙන් පැමිණියා. එංගලන්තයෙන් ද පැමිණියා. ජනවාරි 21න් පස්සේ සංචාරකයන් සඳහා රට විවෘත කළා. ඒ අවස්ථාවේ කවුරු හෝ කියන්න තිබුණා නේ රට විවෘත කරන්න එපා කියලා. ඔය චෝදනා කරන කිසිවෙක් ඒ අවස්ථාවේ කතා කළේ නැහැ. කට වහගෙන සිටියා. මේ නිසා කිසියම් හෝ චෝදනාවක් එල්ල කළ යුතු නැහැ. ඇත්තටම ජනවාරි මාසයේ 21 දා රට විවෘත කළේ මේක සාර්ථක නිසයි. අන්තිම වෙනකල් ගුවන් යානා 38 ක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ගුවන් යානාවලින් යුක්රේන ජාතිකයන් 6,070ක් සංචාරකයන් ආවා. ඒ අයගෙන් 20 ට ආසන්න පිරිසක් තමයි කොවිඩ් ආසාදනය වෙලා තිබෙන්නේ. එහි සම්භාවිතාව සියයට 0.02 ක් තරම් පහළ අගයක් වෙනවා.
යුක්රේන සංචාරකයන් පමණක් 6,000 ට වැඩි ප්‍රමාණයක් අපේ රටට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ රටට හිමි වුණු ආදායම කෙසේ ද?
සාමාන්‍යයෙන් එක් සංචාරකයකුගෙන් අමෙරිකානු ඩොලර් 1,500ක් පමණ ආදායමක් හිමි වුණා. ඔවුන් මෙරටට පැමිණියේ දින දහයක් වැනි කාලයකට. මේ මුදල ඔවුන් කාගේ හෝ ළඟ ලංකාවේ තියලා යනවා. තරු පහේ හෝටල් තමයි අපි ඔවුන්ට සපයා දුන්නේ. නමුත් රටේ වෙනත් ස්ථානවල සංචාරය කරන්න ඔවුන්ට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ නිසා හිමිවෙන්න තිබුණු යම්කිසි ආදායමක් අහිමි වුණා. සාමාන්‍යයෙන් ඩොලර් 1,500ක් ශ්‍රී ලංකාවට එනවා. එය රුපියල්වලින් ගත්තාම රුපියල් ලක්ෂ 17,750 ක් (අමෙරිකානු ඩොලර් ලක්ෂ 91) පමණ වෙනවා. ඒ නිසා අපි මේ කළ දේ වැරැදි නම් සංචාරක ක්ෂේත්රයේ නිරත වූවන් සතුටින් කතා කරන්නේ කුමකට ද? සුද්දෙක් දැක්ක එකත් ඔවුන්ට සතුටක්. ඔවුන් පොඩි හෝටල්වලට ගියේ නැහැ. ඒ නිසා යම්කිසි චෝදනාවක් ආවා. අපි සංචාරක ක්ෂේත්රය වෙනුවෙන් කුමක් ද කරන්නේ. අද වන විට අපේ රටේ සංචාරක හෝටල් 3,200ක් පමණ තිබෙනවා. ඒ හෝටල් සියල්ලටම සංචාරකයන් ගියේ නැහැ. හෝටල් පහකට පමණයි ගියේ. අනෙක් අයට ආදායමක් නැහැ.
ඔබ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් බොහෝ කලක් සේවය කළා. තානාපතිවරයෙක් ලෙස සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවා ද ?
මම තානාපතිවරයකු ලෙස වැඩ කළ කාලයේ සංචාරක ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම වෙනසක් කළා. යුක්රේනයේ සිට වසරකට ආවේ 452ක් වගේ සංචාරකයන් පිරිසක්. නමුත් මගේ කාලය අවසන් වන විට සතියට ගුවන් යානා තුනක් පමණ පැමිණියා. ඊට පෙර මේ රටේ වෙරළ ආසන්නයේ ඉන්න අය යුක්රේනය ගැන දැනගෙන සිටියේ නැහැ. අද ගියාම ජර්මනියට වඩා යුක්රේනය ගැන දන්නවා. ඒ අය ආපු නිසයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය අපේ රටට එන්න කලින් වසරකට යුක්රේන සංචාරකයන් 45,000ක් පමණ පැමිණ තිබෙනවා. ඊට අමතරව රුසියානුවන්, කසකස්ථාන ජාතිකයන් ආවා.
සමස්තයක් වශයෙන් ගත් කළ සංචාරක ක්ෂේත්රය මේ වන විට බරපතළ ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙනවා. මෙය ගොඩනැඟීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ කුමක් ද ?
සංචාරක ක්ෂේත්රය යළි ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රජය විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එවැනි තත්ත්වයකදී මේ දිනවල කොවිඩ් 19 වසංගතයේ ඉහළ යෑමක් හේතුවෙන් සංචාරණ සීමාවන් පනවන්න පවා සිදුව තිබෙනවා.
කෙසේ නමුත් කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදී කිසියම් යහපත් තැනකට අපේ රට පැමිණි පසුව විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකයේ රටවල් රැසක් මේ වන විට විවිධ සංචරණ සීමාවන් පනවා තිබෙනවා. අපි ඒ තත්ත්වයත් අධ්‍යයනය කළ යුතුයි. අපේ රටේ තත්ත්වය කෙසේ වුවත් ලෝකයේ අනෙකුත් රටවල ගුවන් තොටුපළ වසා තිබෙනවා නම් සංචාරකයන්ට සුදුසු පරිසරයක් නොතිබෙනවා නම් අපේ රටට සංචාරකයන් ගෙන්වා ගන්න බැහැ. මේ තත්ත්වය තුළ සෑම පැත්තක් ගැනම අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා.
පසුබෑමකට ලක්ව තිබෙන සංචාරක ව්‍යාපාරය මෙන්ම රටේ ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් අනාගත සැලසුම් මොනවා ද ?
අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට රුසියාවේ මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන්න. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න රුසියාවට යනවා. මුලින්ම සතියට ගුවන් යානා දෙකක් මොස්කව්වලට යවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ 330 ගුවන් යානා යන්නේ. සාමාන්‍යයෙන් විශාල පිරිසක් ගේන්න පුළුවන් වෙයි. අපි සැප්තැම්බර් වෙනකොට එය අනිවාර්යයෙන්ම පටන් ගන්නවා. කොරෝනා වසංගත තත්ත්වය තිබෙනවා තමයි. නමුත් සංචාරක ක්ෂේත්රය නොමැතිව අපිට එය වෙනත් තැනකට මාරු කරන්න බැහැ. වෙන ආදායමක් ගන්න තැනක් නැහැ. අපි අපේ තේ කර්මාන්තය දියුණු කරන්නත් අවධානය යොමු කළ යුතුයි. අපි ලෝක වෙළෙඳපොළේ තේ වලින් අංක එකේ සිටියේ. නිෂ්පාදනයෙන් නොවෙයි අපි පළමු තැන හිටියේ. අපි අපනයනය සියයට 90ක් කළා. ඉන්දියාව හා චීනය හදන ප්‍රමාණයෙන් සියයට 70ක් 80ක් පමණ ඔවුන්ටම අවශ්‍ය වෙනවා. එවිට අපනයන නැහැ. අපි අපනයනය අතින් ඉදිරියෙන් හිටියා. නමුත් අද කෙන්යාව ඉදිරියෙන් ඉන්නවා.
චමීර ඇල්ලදෙනිය සහ මහින්ද අලුත්ගෙදර
ඡායාරූප – සුදත් මලවීර
Related Images:
Russian tourists to visit Sri Lanka under bubble concept
East Coast main attraction this time
Udayanga mediates again
Shirajiv Sirimane
Sri Lanka is planning to allow Russian Tourists to visit Sri Lanka once again under the bubble concept. Former Ambassador to Sri Lanka Udayanga Weeratunge is once again stepping into the revival of the depleted tourism industry as the key ‘inititator’ for this project.
Udayanga Weeratunga in Colombo Picture by Sudath Malaweera
In an interview with Daily News Business he said that they are planning to open a tourism corridor between Russia and Colombo under the Covid bubble concept. “We have successfully talked to SriLankan airlines and another leading carrier in Russia to operate direct flights once again and SriLankan is expected to operate two weekly flights. We were planning to do this in summer but due to the new Corona outburst in Sri Lanka which originated from the New Year cluster has now pushed this to winter.”
Explaining the mode of operandi he said that they will this time target the East Coast and will lock down the whole tourism area and make it a huge tourism zone.”
“We are anticipating flights a week from SriLankan airlines as an initial start and they will be operating to Mattala airport. MRIA was selected due to the close proximity it is located to the East Coast, good logistics, less population in the area and most importantly the concessions the airport offers to airlines.”
There are around 400 star class rooms facing the beach, shops and other service providers in close proximity and they will roped in for this project on a voluntary basis.
“Creating more entertainment facilities for these tourists during their stay, I will invite leading bands/DJ in Colombo to be stationed there to perform and bring them back to Colombo after full quarantining.”
Russian visitors will be given excursions to cultural sites and to Elephant Parks nearby ensuring they don’t mix with locals. Recalling his previous ‘stint’ bringing in Ukraine and former Russian bloc tourists he said they were flown in last December to January which is their peak season.
“I flew in 1,926 tourists and it was subsequent to this drive that BIA was also opened. My initiative netted in over Rs. 2 billion to the Sri Lanka economy. He explained that three PCR tests were done to these tourists during their 10 day stay and there were only 4 covid patients reported during this exercise and they were quarantined in the hotel while an elderly person sought treatment from a government hospital and was discharged is less than a week ensuring that there no contamination to locals and UK variant (which was not evident during that time in Sri Lanka) was not spread by them.”
“Similar safety precautions would be adopted to future Russian arrivals too.”
Related Images:
Report of the Presidential Commission on Political Revenge tabled
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2015 ජනවාරි මස 08වැනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් මස 16වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයින්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පළමුවැනි දෙවැනි හා තෙවැනි වෙළුම් අද (09) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි.
ඉකුත් ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදුකළ පොදු දේපල අවභාවිතයට වගකිව යුතු පුද්ගලයින් 22ක් එහි සඳහන් කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද ඒ අතර වෙයි
ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට කොමිසම ඒකමතිකව තීරණය කර ඇති අතර ඊට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට එහි නිර්දේශකර තිබේ
ඊට අමතරව වත්මන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහ ධම්මික මන්ජිර පෙරේරා යන මහත්වරුන් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව විමර්ශනය කළ මෙම ජනාධිපති කොමිසම හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන අය ද වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන අයත් එහි තවත් වගඋත්තරකරුවන් පිරිසකි.
ඊට අමතරව රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ගොනු කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
මේ අතර හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර තිබේ.
හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන්, පූජිත් ජයසුන්දර, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව ය.
ඒ අතර යෝෂිත රාජපක්ෂ මහතා තමන් දේශපාලන පළිගැනීමකට ලක්වූ බවට කළ පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළිගැනීමකට ලක් කළ බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර සී. විජයගුණරත්න, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්ම මහත්මීන් වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබේ.
http://sinhala.adaderana.lk/news.php?nid=149989