[:en]
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එවන් පසුබිමක විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව පසුගිය ජනවාරි මාසයේදී යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලද නමුත් එය අසාර්ථක මෙන්ම යුක්රේන සංචාරකයන් ගෙන්වීම සුදුසු නොවන ක්‍රියාවක් බව සඳහන් කරමින් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරයි. මෙවැනි තත්ත්වයකදී යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ ඇති වැදගත්කම මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා, සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රම වේද මෙන්ම ඉදිරි සැලසුම් ආදිය සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමඟ ‘දිනමිණ’ කළ සංවාදයකි.
ඉදිරියේදී කොළඹ සිට මොස්කව් දක්වා ඍජු ගුවන් ගමන්ආ රම්භ කරනවා
යුක්රේන සංචාරකයන් ගෙන්වා ගත්තේ නියමු ව්‍යාපෘතියක් හැටියටයි
සංචාරක ක්ෂේත්‍රය නොමැතිව රටේ ආර්ථිකය යහපත් කරන්න බැහැ
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ මෙරටට විදෙස් සංචාරකයන් නොපැමිණෙන අවස්ථාවක යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්න පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට සහ පෞද්ගලිකව ඔබට විශාල වශයෙන් චෝදනා එල්ල වෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක් ද?
නිවැරැදි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව තමයි අපි යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්න පියවර ගත්තේ. නමුත් අපිට එල්ල වන චෝදනාවක් තමයි ඇයි යුක්රේනයෙන්ම සංචාරකයන් ගෙන්වා ගත්තේ කියලා. ඇත්තටම කොරෝනා තත්ත්වය අනුව හොඳයි කියන්න පුළුවන් රටක් නැහැ. කොරෝනා ජය ගත් රටක් නැති තරම්. සමහර අය චෝදනා කරන්නේ ඇයි මේ අවදානම් තිබෙන රටකින් ගෙනාවේ කියලා. යුක්රේනයේ විශාල පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. අපි මෙහිදී යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්න පියවර ගත්තේ නියමු ව්‍යාපෘතියක් හැටියටයි. අමාරු දේ අපි ජය ගන්නේ නම් ලෙහෙසි දේ කර ගන්න පුළුවන්. එසේ බැලිය යුතු වෙනවා. මෙතනදී තවත් කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. අපේ රජය සහ සෞඛ්‍ය අංශ දුන් නිර්දේශ අනුව යුක්රේන සංචාරකයන් එන්න කැමැති වුණා. එම කාලයේ යුක්රේන සංචාරකයන් ලෝකයේ කොහේ හෝ රටක සංචාරය කරන කාලයක්.
ඒ නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවට එන්න නොහැකි වුණා නම් ලෝකයේ වෙනත් රටකට යනවා. මුළු අවුරුද්දේම වැඩි වශයෙන් සංචාරය කරන කාලයක තමයි අපි ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්න පියවර ගත්තේ. රට තුළ කොරෝනා ප්‍රභේද තිබෙන්න පුළුවන්. ඒවා වෛද්‍යවරු ප්‍රකාශ කරයි. රට විවෘත කළ පසුව සංචාරකයන් විවිධ රටවලින් පැමිණ තිබෙනවා. නමුත් දැන් රට අමාරු තත්ත්වයට පැමිණ තිබෙන්නේ ඉන්දියානු ක්‍රමයටකයි. ඉන්දියානුවන් අපේ රටට සංචාරකයන් වගේම වෙනත් වෙනත් ක්‍රමවලින් ද පැමිණ තිබෙනවා. මේක නතර කරන්න අමාරුයි. එංගලන්ත කොවිඩ් ප්‍රභේදය යුක්රේන සංචාරකයන්ගෙන් පැමිණි බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය නතර කිරීමත් ප්‍රතික්ෂේප කරනවා. සංචාරක ක්ෂේත්‍රය නොමැතිව රට අඛණ්ඩව ගෙන යන්න අපිට පුළුවන්කමක් නැහැ. අපේ ප්‍රධාන ආදායම් මාර්ග පහෙන් එකක්. මොකද මේ අවස්ථාවේ ඒ සඳහා ආදේශකයක් නැහැ. ලක්ෂ තුනක් පමණ මේ ක්ෂේත්‍රයෙන් ජීවත් වන අය ඉන්නවා.
යුක්රේන ජාතිකයන් මෙරට සංචාරය කිරීමෙන් පසුව කොවිඩ් 19 හා සම්බන්ධ නව ප්‍රභේදයක් ද ශ්‍රී ලංකාවට පැමිණි බවට චෝදනා එල්ල වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේද එම සංචාරකයන්ගෙන් පැමිණි බවට තහවුරු වී තිබෙනවා ද?
ඇත්තටම ඔය චෝදනා කරන අය මේ වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළත් යුක්රේන සංචාරකයන්ගෙන් පැමිණි බවට මෙතෙක් තහවුරු වී නැහැ. මේ නව වයිරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පර්යේෂණ කරනවා. ඇත්තටම ප්‍රභේද හදුනාගෙන නැහැ. යුක්රේනයේ මෙම ප්‍රභේදය තිබුණා කියලා එරට රජය කියලත් නැහැ. එක් එක් ප්‍රදේශවලින් එම ප්‍රභේද හදුනා ගන්නට තරම් අපි පරීක්ෂණ කරන්නෙත් නැහැ. යුක්රේන ජාතිකයන්ගෙන් මේ නව වයිරස් ප්‍රභේදය ලංකාවට ආවා කියනවා නම් ඔවුන්ට වයිරසය තිබෙන්න ඕනෑ. එහෙම නැති නම් ඔවුන් ආශ්‍රිතව කටයුතු කළ ලාංකිකයන්ට හැදෙන්න ඕනෑ. නිගමනයක් කරන්න හේතුවක් තිබෙන්න ඕන. එවැන්නක් නැහැ. අවුරුද්දෙන් පස්සේ වයිරසයේ ශීග්‍ර වර්ධනයක් හේතුවෙන් තමයි මේ චෝදනා එක පාරට එන්නේ.
දෙසැම්බර් සිට පෙබරවාරි අන්තිම වන තෙක් බැලූ විට මේ සම්බන්ධයෙන් තහවුරු වෙලා නැහැ. පසුගිය ජනවාරි 21 ගුවන් තොටුපළ විවෘත කරනවාත් සමඟ මේ නියාමන ව්‍යාපෘතිය අවසන් වෙනවා. ඊට පස්සේ මම ගෙනාව අය පමණක් නොවෙයි සියලු දෙනාම ආවා. එතැන් සිට සති තුනක් ඇතුළත තමයි අලුත් ආසාදිතයෙක් හමුවන්න පුළුවන්. අපි මාසයක් අතහැර දාමු. පෙබරවාරි 20 වන තෙක් බලන්නේ නම් අපේ සංඛ්‍යා දත්ත එහිදී 2000 ට වැඩි පිරිසක් පැමිණ නැහැ. මේ පැමිණි අය සිටියේ බෙන්තොට, බේරුවල ප්‍රදේශ ආශ්‍රිතවයි. ඒ ප්‍රදේශ බැලුවත් එවැනි වැඩි වීමක් නැහැ. ඒ අනුව යුක්රේන සංචාරකයන් නිසා කොවිඩ් 19 වයිරසයේ සීග්‍ර ව්‍යාප්තියක් වුණා කියලා කියන්න බැහැ. කොවිඩ් 19 වයිසරය ආසාදනය වූ සංචාරකයන් සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ. ඔවුන්ට අමතරව යුද හමුදාවේ නිලධාරීන් ඉන්නවා. තරු පන්තියේ හෝටල් පහක මොවුන් සිටියේ.
ඒ හෝටල්වල කාර්ය මණ්ඩලයත් ආරක්ෂිතව කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ කරන චෝදනා සත්‍යය නැහැ. චෝදනා කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ අපි අනුගමනය කළ යුතු වෙනවා. චෝදනා කළ යුතු නැහැ.
ජනවාරි 21 වන විට ගුවන් තොටුපළ විදෙස් සංචාරකයන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පියවර ගත්තා. එයින් පසුව යුක්රේන සංචාරකයන් සහ අනෙකුත් සංචාරකයන්ගේ පැමිණීම කෙසේ ද ?
ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසුවත් විදෙස් සංචාරකයන් යුක්රේනයෙන් පැමිණියා. එංගලන්තයෙන් ද පැමිණියා. ජනවාරි 21න් පස්සේ සංචාරකයන් සඳහා රට විවෘත කළා. ඒ අවස්ථාවේ කවුරු හෝ කියන්න තිබුණා නේ රට විවෘත කරන්න එපා කියලා. ඔය චෝදනා කරන කිසිවෙක් ඒ අවස්ථාවේ කතා කළේ නැහැ. කට වහගෙන සිටියා. මේ නිසා කිසියම් හෝ චෝදනාවක් එල්ල කළ යුතු නැහැ. ඇත්තටම ජනවාරි මාසයේ 21 දා රට විවෘත කළේ මේක සාර්ථක නිසයි. අන්තිම වෙනකල් ගුවන් යානා 38 ක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ ගුවන් යානාවලින් යුක්රේන ජාතිකයන් 6,070ක් සංචාරකයන් ආවා. ඒ අයගෙන් 20 ට ආසන්න පිරිසක් තමයි කොවිඩ් ආසාදනය වෙලා තිබෙන්නේ. එහි සම්භාවිතාව සියයට 0.02 ක් තරම් පහළ අගයක් වෙනවා.
යුක්රේන සංචාරකයන් පමණක් 6,000 ට වැඩි ප්‍රමාණයක් අපේ රටට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ පැමිණීමත් සමඟ රටට හිමි වුණු ආදායම කෙසේ ද?
සාමාන්‍යයෙන් එක් සංචාරකයකුගෙන් අමෙරිකානු ඩොලර් 1,500ක් පමණ ආදායමක් හිමි වුණා. ඔවුන් මෙරටට පැමිණියේ දින දහයක් වැනි කාලයකට. මේ මුදල ඔවුන් කාගේ හෝ ළඟ ලංකාවේ තියලා යනවා. තරු පහේ හෝටල් තමයි අපි ඔවුන්ට සපයා දුන්නේ. නමුත් රටේ වෙනත් ස්ථානවල සංචාරය කරන්න ඔවුන්ට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ නිසා හිමිවෙන්න තිබුණු යම්කිසි ආදායමක් අහිමි වුණා. සාමාන්‍යයෙන් ඩොලර් 1,500ක් ශ්‍රී ලංකාවට එනවා. එය රුපියල්වලින් ගත්තාම රුපියල් ලක්ෂ 17,750 ක් (අමෙරිකානු ඩොලර් ලක්ෂ 91) පමණ වෙනවා. ඒ නිසා අපි මේ කළ දේ වැරැදි නම් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් සතුටින් කතා කරන්නේ කුමකට ද? සුද්දෙක් දැක්ක එකත් ඔවුන්ට සතුටක්. ඔවුන් පොඩි හෝටල්වලට ගියේ නැහැ. ඒ නිසා යම්කිසි චෝදනාවක් ආවා. අපි සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් කුමක් ද කරන්නේ. අද වන විට අපේ රටේ සංචාරක හෝටල් 3,200ක් පමණ තිබෙනවා. ඒ හෝටල් සියල්ලටම සංචාරකයන් ගියේ නැහැ. හෝටල් පහකට පමණයි ගියේ. අනෙක් අයට ආදායමක් නැහැ.
ඔබ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් බොහෝ කලක් සේවය කළා. තානාපතිවරයෙක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවා ද ?
මම තානාපතිවරයකු ලෙස වැඩ කළ කාලයේ සංචාරක ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනසක් කළා. යුක්රේනයේ සිට වසරකට ආවේ 452ක් වගේ සංචාරකයන් පිරිසක්. නමුත් මගේ කාලය අවසන් වන විට සතියට ගුවන් යානා තුනක් පමණ පැමිණියා. ඊට පෙර මේ රටේ වෙරළ ආසන්නයේ ඉන්න අය යුක්රේනය ගැන දැනගෙන සිටියේ නැහැ. අද ගියාම ජර්මනියට වඩා යුක්රේනය ගැන දන්නවා. ඒ අය ආපු නිසයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය අපේ රටට එන්න කලින් වසරකට යුක්රේන සංචාරකයන් 45,000ක් පමණ පැමිණ තිබෙනවා. ඊට අමතරව රුසියානුවන්, කසකස්ථාන ජාතිකයන් ආවා.
සමස්තයක් වශයෙන් ගත් කළ සංචාරක ක්ෂේත්‍රය මේ වන විට බරපතළ ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙනවා. මෙය ගොඩනැඟීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ කුමක් ද ?
සංචාරක ක්ෂේත්‍රය යළි ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රජය විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එවැනි තත්ත්වයකදී මේ දිනවල කොවිඩ් 19 වසංගතයේ ඉහළ යෑමක් හේතුවෙන් සංචාරණ සීමාවන් පනවන්න පවා සිදුව තිබෙනවා.
කෙසේ නමුත් කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිදී කිසියම් යහපත් තැනකට අපේ රට පැමිණි පසුව විදෙස් සංචාරකයන් ගෙන්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකයේ රටවල් රැසක් මේ වන විට විවිධ සංචරණ සීමාවන් පනවා තිබෙනවා. අපි ඒ තත්ත්වයත් අධ්‍යයනය කළ යුතුයි. අපේ රටේ තත්ත්වය කෙසේ වුවත් ලෝකයේ අනෙකුත් රටවල ගුවන් තොටුපළ වසා තිබෙනවා නම් සංචාරකයන්ට සුදුසු පරිසරයක් නොතිබෙනවා නම් අපේ රටට සංචාරකයන් ගෙන්වා ගන්න බැහැ. මේ තත්ත්වය තුළ සෑම පැත්තක් ගැනම අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා.
පසුබෑමකට ලක්ව තිබෙන සංචාරක ව්‍යාපාරය මෙන්ම රටේ ආර්ථිකය නඟාසිටුවීම වෙනුවෙන් අනාගත සැලසුම් මොනවා ද ?
අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට රුසියාවේ මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන්න. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න රුසියාවට යනවා. මුලින්ම සතියට ගුවන් යානා දෙකක් මොස්කව්වලට යවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ 330 ගුවන් යානා යන්නේ. සාමාන්‍යයෙන් විශාල පිරිසක් ගේන්න පුළුවන් වෙයි. අපි සැප්තැම්බර් වෙනකොට එය අනිවාර්යයෙන්ම පටන් ගන්නවා. කොරෝනා වසංගත තත්ත්වය තිබෙනවා තමයි. නමුත් සංචාරක ක්ෂේත්‍රය නොමැතිව අපිට එය වෙනත් තැනකට මාරු කරන්න බැහැ. වෙන ආදායමක් ගන්න තැනක් නැහැ. අපි අපේ තේ කර්මාන්තය දියුණු කරන්නත් අවධානය යොමු කළ යුතුයි. අපි ලෝක වෙළෙඳපොළේ තේ වලින් අංක එකේ සිටියේ. නිෂ්පාදනයෙන් නොවෙයි අපි පළමු තැන හිටියේ. අපි අපනයනය සියයට 90ක් කළා. ඉන්දියාව හා චීනය හදන ප්‍රමාණයෙන් සියයට 70ක් 80ක් පමණ ඔවුන්ටම අවශ්‍ය වෙනවා. එවිට අපනයන නැහැ. අපි අපනයනය අතින් ඉදිරියෙන් හිටියා. නමුත් අද කෙන්යාව ඉදිරියෙන් ඉන්නවා.
චමීර ඇල්ලදෙනිය සහ මහින්ද අලුත්ගෙදර
ඡායාරූප – සුදත් මලවීර
[:ru]
Приехал на Шри-Ланку. Эти самолеты перевезли 6070 украинцев. Около 20 из них заражены Ковидом. Его вероятность составляет всего 0,02 процента.
Только нашу страну посетили более 6000 украинских туристов. Каковы были доходы страны с их приездом?
В среднем один турист зарабатывает около 1500 долларов. Они прибыли в страну около десяти дней. Они хранят эти деньги у кого-то в Шри-Ланке. Мы предоставили им пятизвездочные отели. Но им не дали возможности поехать в другие части страны. В результате он потерял часть своего дохода. В среднем на Шри-Ланку приходит 1500 долларов. В рупиях это около 17 750 рупий (91 лакх долларов США). Итак, если то, что мы сделали, неправильно, почему люди в индустрии туризма с радостью говорят? Они тоже рады видеть белого человека. В маленькие отели они не ходили. Так появилось обвинение. Что мы делаем для индустрии туризма. Сегодня в нашей стране около 3200 туристических отелей. Туристы не ходили во все эти отели. Ездили всего в пяти отелях. У других нет дохода.
Вы долгое время были послом Шри-Ланки в России. Какие меры принимаются в качестве посла для развития туристического сектора?
Когда я был послом, индустрия туризма полностью изменилась. Из Украины приезжает около 452 туриста в год. Но к концу моего семестра рейсов было около трех в неделю. До этого люди, живущие у побережья этой страны, не знали об Украине. Сегодня я знаю об Украине больше, чем о Германии. Потому что они пришли. До того, как эпидемия Ковида 19 пришла в нашу страну, страну ежегодно посещало около 45 тысяч украинских туристов. Кроме того, приехали русские и казахи.
Сектор туризма в целом потерпел серьезный спад. Какую процедуру нужно соблюдать, чтобы построить это?
Правительство реализует различные планы по возрождению туристического сектора. В такой ситуации необходимо ввести ограничения на поездки из-за роста эпидемии Kovid 19 в наши дни.
Однако, как только эпидемия Ковида закончится, наша страна сможет привлечь иностранных туристов. В частности, многие страны мира ввели различные ограничения на поездки. Мы должны изучить и эту ситуацию. Независимо от ситуации в нашей стране, если аэропорты в других частях мира закрыты и нет подходящей среды для туристов, туристов нельзя привозить в нашу страну. В этой ситуации необходимо обратить внимание на каждый аспект.
Каковы планы на будущее по возрождению переживающей спад туристической индустрии, а также экономики страны?
Мы с нетерпением ждем открытия прямых рейсов SriLankan Airlines из Коломбо в Москву, Россия, в ближайшем будущем. Для обсуждения этого вопроса в Россию отправляются представители SriLankan Airlines. Ожидается, что первый будет отправлять в Москву два рейса в неделю. Идут те 330 самолетов. Обычно возможно привезти большое количество людей. К сентябрю обязательно начнем. Конечно, есть эпидемия короны. Но без туристического сектора мы не можем переместить его в другое место. Другой заработок негде. Мы также должны сосредоточиться на развитии нашей чайной индустрии. Мы занимали первое место на мировом рынке по производству чая. На первом месте были мы, а не производство. Мы сделали 90 процентов экспорта. Они хотят от 70 до 80 процентов того, что производят Индия и Китай. Тогда нет экспорта. Мы были впереди по экспорту. Но сегодня впереди Кения.
Хамира Элладения и Махинда Алутгедара
Фото Судата Малавиры
http://www.dinamina.lk/2021/05/17/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/122221/%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-19-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B7%81%E0%B7%93%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90[:SI]