කොවිඩ් තියෙද්දී සංචාරක ප්‍රවර්ධනයට කෝටි ගණක් වියදම් කරන්නේ ඇයි?

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බරපතළ අභියෝග වලට මුහුණ දීමට මෑත කාලීනව ආරම්භ වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුවය. ඉන්පසු කොවිඞ්-19 වසංගතය හමුවේ තවදුරටත් කඩා වැටීමට ලක්විය. එයින් සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත වන ලක්ෂ තිහකට ආසන්න අහිංසක පිරිසකට කිසිදු ආදායමක් නැතිව අසරණ වී සිටින බව රහසක් නොවේ. එවැනි මොහොතක රටක ආර්ථීකය ශක්තිමත් කිරීමට සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ගේ බදු මුදල් සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සඳහා පරිහරණය කිරීමට හැකියාව තිබෙන බව අප පිළිගනිමු. එහෙත් එසේ උපයාගත් බදු මුදල් සංචාරක ප‍්‍රවර්ධනය අධිකාරිය විසින් සුදු අලියෙක් බවට පත්කිරීමට අද දරන උත්සාහය පිළිබඳ සාධාරණ සැකයක් මතු වී ඇත.

රුපියල් මිලියන 38,000 ක් වියදම් කරමින් තෝරාගත් සමාගම් හරහා ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීමට එදා අපේ රටේ පැවැත්වුණු IIFA Awards ගනුදෙනුවට අදාළ පරණ කෙටුම්පත් නැවතත් කරලියට පැමිණ ඇති බවට සංචාරක ක්ෂේත‍්‍රයෙන් ගලාඑන ආරංචි මාර්ග පවසයි. රටේ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සිදුකළ යුතු බව තර්කයකින් තොරව පිළිගනිමු. කොවිඞ් වසංගතය හේතුවෙන් විදේශීය සංචාරකයන්ට ශ‍්‍රීලංකාව තුළ සංචාරය කිරීමට හිතකාමී මාර්ගෝපදේශ පවා ලබාදීමට නොහැකි වාතාවරණයක, මෙවන් සංචාරක ප‍්‍රවර්ධන කටයුතු ඉදිරිපත් කිරීමට අද සුදුසු කාලයක්ද යන්න ගැටලූ සහගත බැවින්, ජනතාව පවතින රජයෙන් හෝ ඒවා නොපෙනෙන සේ සිටින මැති ඇමැතිවරුන්ගෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීම සාධාරණය.

මෙහි වැදගත් කරුණ වන්නේ අංක 20/0524/232/021 දරණ 2020.03.18 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින් කැබිනට් මණ්ඩලයද නොමග යවා ඇති බවයි. මොකද මෙහිදී අවශ්‍ය පුරෝකථනය සිදු කොට ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්ත්වයට පෙර වාතාවරණයට අනුකූලව දත්ත පදනම් කරගෙනය. ඒ අනුව 2020 වසරේදී සංචාරකයන් මිලියන 2.3 ක් හා 2021 වසරේදී මිලියන 2.8 ක් මෙහි පැමිණෙන බවට බලධාරීන් තර්කානුකූලව ඉදිරිපත් කර ඇත. නමුත් අද අප දන්නා සත්‍ය නම් 2020 වසරේ දී සංචාරකයන් 507,704 පැමිණ ඇති අතර 2021 මිලියන 2.8ක ඉලක්කයන් නොව ඒ අසලකටවත් යෑමට නොහැකි තත්ත්වයකට අලූත් ”සංචාරක නියාමන” යොදාගනිමින්, මොවුන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව ක්ෂේත‍්‍රයම පිළිගනියි. එහිදී විශේෂයෙන් පෙන්වා දිය යුත්තේ දැනට මෙම වසර තුළ රටට වැඩියෙන්ම පැමිණ ඇත්තේ ”සංචාරක බුබුල” සංකල්පය යටතේ, මා මැදිහත්ව රැගෙන ආ යුක්රේනියානු, කසකස්ථානු හා රුසියානු ජාතිකයන්ය. නමුත් මෙහිදී එම රටවල් තුළ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සඳහා කිසිදු මුදලක් වෙන් නොකිරීමෙන් පෙනී යන්නේ බටහිරට ගැති යහපාලන නිලධාරීන් නව රජය තුළද සුපුරුදු ලෙස හොල්මන් කරන බවයි.

මෙහිදී පවසන්නේ සංචාරක ව්‍යාපාරයේ වාර්ෂිකව ලබන ඉපයීම් තුළින් ඉදිරි වසර සඳහා ප‍්‍රවර්ධන මුදල් වියදම් කිරීමටය. ඒ අනුව ළදරුවෙකුට වුවද පෙනෙන කරුණක් නම් මෙම කොවිඞ් වසංගතය හමුවේ මෙම ඉලක්ක කරා යෑමට බලධාරීන් හට කිසිදු අවකාශයක් නොමැති බවයි. එසේ නමුත් අද මොහුන්ගේ සැලැස්ම වන්නේ සංචාරක මණ්ඩලය එදා එක්රැස් කර ඇති මුදල් සංචිතය මෙම ටෙන්ඩරය හරහා තම තමන්ගේ සාක්කු පුරවාගෙන පසු කාලයේදී සංචාරක ප‍්‍රවර්ධන අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් වීමටය.

මෙහිදී ටෙන්ඩර් කැඳවීම පිළිබඳ දැන්වීම් පළ කිරීමට යොදාගෙන ඇත්තේ රුසියාවේ ශ‍්‍රීලංකා තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය පමණක් වීම ද සාධාරණ සැකයක් මතුකරයි. එදා මා විසින්ම පළමු වරට ඉදිරිපත් කළ තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට පැමිණ මෙවන් ටෙන්ඩර් කැඳවීමක් පිළිබඳ තොරතුරු පරීක්ෂා කරන්නේ කොපමණ අඩු පිරිසක් ද යන්න එහි හිටපු තානාපති ලෙස හොඳ වැටහීමක් ඇත. මෙහිදී අපට පැහැදිලිව පෙනී යන්නේ කෝටි ගණන් බදු මුදල් ගසාකෑමට සැලසුම සහගතව කුමන්ත‍්‍රණ ආරම්භයේ සිට එළිපිටම සිදූ වන්නේ එදා IIFA ගනුදෙනුවෙන් ඔහුන් ලබාගත් අත්දැකීම් නිසාය.

ලෝක වසංගත තත්ත්වය හමුවේ වුවද සංචාරක කර්මාන්තයෙන් සංචාරක මණ්ඩලයේ බලධාරීන් විසින් මෙම වසරේදී සපුරා ගතයුතු ඉලක්කයන් පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ අංශ සමග පැවැති සාකච්ඡාවක දී පැහැදිලිව ලබා දී තිබුණි. ඒ ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් වසර අවසානයේ දී ඉපයීමය. එහෙත් එය වෙත ළගාවීමට තබා එහි අසලකටවත් ළගාවීමට මෙම බලධාරීන් නොහැකි බව කාලීන මූල්‍ය දත්ත අනුව පෙන්නුම් කරයි. ඊට හොඳම උදාහරණය වන්නේ, පසුගිය ජුලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 2,429 ක් වන අතර ජූනි මාසයේ 1,614 ක් වැනි කුඩා පිරිසකි. එයින් පෙනීයන්නේ, 2019 වර්ෂයේදී දිනකට පැමිණි සංචාරකයන්ගේ ප‍්‍රමාණය 5,243 ක් නම්, අද මාස දෙකකටවත් එම ප‍්‍රමාණය ගෙන්වීමට මෙම නිලධාරීන් අපොහොසත් වී ඇති බවය. එසේ නම් ප‍්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 38,000 ක් වියදම් කිරීමට ප‍්‍රථමයෙන් සංචාරකයන් මෙරටට නොපැමිණීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ උනන්දු විය යුතුය. එහිදී සංචාරකයන්ට ශ‍්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ ලබාදීම මෙන්ම නැවතත් ධභ ්ඍඍෂඪ්ඛ වීසා නිකුත් කිරීම ඉතා වදගත්ය. එවිට වීසා ගැනීමට කාලය නොමැතිකම නිසාවෙන් අපෙන් ගිලිහිලා යන සංචාරකයන් නතර කර ගත හැකිය. එසේ අවසාන මොහොතේ ටිකට් ගන්නා රුසියානු සංචාරක පිරිස 70% කි.

මෙම සමාගම් හරහා ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී ඇත්තේ යම් පිරිසක් විසින් මුදල් ගසා කෑමකට බව හොඳින් පෙනීයන්නේය. ඇත්තටම සංචාරක ප‍්‍රවර්ධන කටයුතු මේ කාලයේදීම සිදු කිරීම රටට අනවශ්‍ය වුවත් ඔහුන්ට අත්‍යවශ්‍ය නම්, ඒවා සිදු කිරීමට කිසිදු පුද්ගලික සමාගම් රජයට අනවශ්‍යය. එදා මා තානාපතිවරයෙකු ලෙස තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග එකතුවී රුසියාව, යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය ඇතුළුව පැරණි සෝවියට් දේශයේ රටවල සාර්ථකව සිදු කළ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු හොඳම නිදසුනකි. එහිදී සංචාරක මණ්ඩලය සමගින් තානාපති නිලධාරීන් අවශ්‍ය සම්බන්ධීකරණය නිරතුරුව ඇති විය. මෙම සංචාරක ප‍්‍රවර්ධනය කටයුතු තානාපති නිලධාරීන්ගේ ඍජු වගකීමක් බව ඔවුන් තේරුම් ගන්නා බව විශ්වාසය. මෙමගින් රටට විශාල මුදලක් එදා අප ඉතිරි කර දුන්නේය. එහිදී මිලියනයකට වැඩි ජනගහනයක් ජීවත්වන ප‍්‍රධාන නගර 25ක් තෝරාගෙන වසර 2ක් ඇතුළත දින 85 කට වැඩි කාලයක් සිදුකළ එම සංචාරක ප‍්‍රවර්ධන කටයුතු මතක් කළ යුතුය. අද වසංගත සමයේදී පවා යුක්රේනියානු හා කසකස්තානු සංචාරකයන්ගේ පැමිණීමට හේතුව ද එදා කළ ප‍්‍රවර්ධන කටයුතුවල සාර්ථකත්වයයි.

එහිදී තානාපති කාර්යාලය හා සංචාරක මණ්ඩලය ද එම නගරවල සංචාරක ප‍්‍රවීණයන්, රාජ්‍ය හා පුද්ගලික සංචාරක ආයතන හමුවීමට පමණක් නොව ප‍්‍රාන්තයේ ප‍්‍රධානීන්ගේ විශ්වාස රටක් වශයෙන් දිනා ගැනීමට හැකි වූයේ තානාපති කාර්යාලයක් ලෙස එහිදී ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමට හැකිවූ නිසාමය. මෙහිදී පිටරට සමාගම්වලට ශ‍්‍රී ලංකාව පිළිබඳ එවැනි විශ්වාසයක් කිසිසේත් ගොඩනැගීමට නොහැක. විශේෂයෙන් මෙවන් වසංගත කාලයකදී වුවත් මෙම රටවල් සමග පවතින රාජතාන්ත‍්‍රික සම්බන්ධතාවයන් භාවිතා කිරීමෙන් ආර්ථිකය වශයෙන් නොයෙක් සහන ලබා ගැනීම හා මාධ්‍ය ආවරණ පවා නොමිලේම ලබා ගැනීමට ද අවස්ථා උදාවනු ඇත. එදා එසේ මෙම සෑම නගරයකම සංස්කෘතික සංදර්ශන, සංචාරක නියෝජිතයන් සඳහා වැඩමුළු, නගරයේ විශාලතම සාප්පු සංකීර්ණ තුළ නර්තන කණ්ඩායම් සංදර්ශන ඉදිරිපත් කිරීම, ශ‍්‍රීලාංකික තේ නොමිලේ බෙදාහැරීම, ආයුර්වේද සේවාවන්, ශ‍්‍රීලන්කන් ගුවන් සේවය හා ශ‍්‍රී ලංකාවේ සංචාරක පහසුකම් සපයනු ලබන ලාංකික සංචාරක ආයතන සමගින් සිදු කළ සංචාරක ප‍්‍රවර්ධන ආදී කටයුතු වල වටිනාකම අද ”සංචාරක බුබුළ” නියාමන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී අපට හොඳින් අවබෝධ විය. ඊට අමතරව ප‍්‍රාන්ත හා නගර ප‍්‍රධානීන් සමගින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම මෙන්ම අභ්‍යන්තර මාධ්‍ය ඔස්සේ ශ‍්‍රී ලංකාව ලබාගත් රාජ්‍ය පැසසුම් කිසිදු පුද්ගලික සමාගමකට කිසිසේත් ලබාගත නොහැකි බව සනාථ කර ඇත.

පසුගිය මාසයේදී තායිලන්තය එන්නත් දෙකම සම්පූර්ණ කළ සංචාරකයන් සඳහා ඡුයමනැඑ වෙරළ තිරයේ නිදහස භුක්ති විඳීමට අවසරය දුන්නේය.

2019 වර්ෂයේදී සංචාරකයන් මිලියන 39.92 ක් පැමිණි තායිලන්තය පසුගිය මාසයේදී රට විවෘත කිරීමෙන් පසු ඡුයමනැඑ දූපතට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. එයින් පැහැදිලි වන්නේ සැබෑ සංචාරකයන් නිරෝධායනයෙන් තොරව නිදහසේ සංචාරය කළ හැකි රටවලට පමණක්ම සංචාරය සඳහා තෝරාගන්නා බවය. එසේ නම් අපටත් එන්නත් දෙකම සම්පූර්ණ කළ සැබෑ සංචාරකයන් ඉන්දියාවෙන් හෝ පැමිණීමට තිබෙන අවකාශය ඉතා අඩු බව අප තේරුම් ගත යුතුය.

එවන් පසුබිමක එන්නත් දෙකම ලබාගත් ඉන්දීය සංචාරකයන්ට ශ‍්‍රී ලංකාව විවෘත කර, රට අභ්‍යන්තරයේ නිදහසේ සංචාරය කිරීමට අවසරය ලබා දී ඇත. අද ලංකාව හරහා වෙනත් රටකට යෑමට අවශ්‍ය දින 14 හි නිරෝධායනය සඳහා පැමිණෙන ඉන්දියානුවන් එන්නත් දෙකක් නොව හතරක් වුණත් ලබාගෙන ඇති බවට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරන බවට කිසිදු සැකයක් නැත. ඉන් නොනැවතුණු බලධාරීන් කඩිමුඩියේ දින 180 කාලයකට වීසා නිකුත් කිරීම තීන්දු කරන්නේ සංචාරකයන් සඳහා ද නැතිනම් සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවනත වීමක්ද කියා සොයාබැලිය යුතුය. එවැනි ශ‍්‍රමිකයන් සංචාරකයන් ලෙස ගෙන්වීමට තීරණ ගත් මෙම බලධාරීන්ම පසුකාලීනව ඉන්දියානුවන් නොව රුසියානුවන් මෙරටට ඩෙල්ටා, ගැමා, බීටා පතුරුවා ඇති බවට අවශ්‍ය දත්තයන් විපක්ෂයේ හර්ෂලාට නොඅඩුව සපයන බව රජයට නොපෙනීම අවාසනාවකි.

කාලයෙන් කාලයට ඉදිරිපත් කරන අද්භූත කථා වස්තුවන්හි තිරය පිටුපස සිටින හිටපු කළමනාකාර අධ්‍යක්ෂගේ ග‍්‍රහණය අසුවී සංචාරක ක්ෂේත‍්‍රය ඉදිරියේ නොයෙක් ජවනිකා රගපාන සංචාරක රැජිණි මෙම කාලයේදී ඵෂක්‍ෑ ඔදමරසිප ප‍්‍රවර්ධනය කළයුතු බවට පසුගිය දින තම වීඩියෝව හරහා රසවත් කර කියන කතා කාගේත් හිත්වල කුතුහලයක් ඇති කළේය. අද එම ජවනිකාව නරඹන මෙරට තරුණ පෙළ කල්පනා කරනුයේ පවුලේ නෑදෑ හිතවතුන් 50 කට සීමාකර හෝ තම මංගල්‍යය පැවැත්වීමට අවසර නොදෙන රටේ, අයිශ්වර්යා රායි ලා ඉන්දියාවේ සිට පැමිණ ලංකා දේශයේ මගුල් කන හැටි බලාසිටිය යුත්තේ කොරෝනා වසංගත ඉල්ලීමක් නිසාමද? ඒ බලධාරීන්ගේ ඵෂක්‍ෑ ඔදමරසිප ම`ගුල් කෙසේ වෙතත් අපට මතක් වෙන්නේ, බටහිර යුරෝපයේ සිටින විශ‍්‍රාමික ධනවතුන් දීර්ඝකාලීනව විවේක ගැනීමේ පදනම මත ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සූදානම් කරන බවට කළ අත්තනෝමතික පම්පෝරියයි. එසේ පොරොන්දු වූ පරිදි විශ‍්‍රාමික යුරෝපා සංචාරකයන් කී දෙනෙකු පසුගිය මාස 8 ක් තුළ ලංකාවට පැමිණ ඇති ද යන්න ඇසිය යුතුය.

සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයඅ සතුව පවතින ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන බදු මුදල් ඔවුන්ට අවශ්‍ය ප‍්‍රවර්ධන කටයුතු සඳහා වියදම් කිරීමට රජය මැදිහත් වීමට වඩා සුදුසු වන්නේ එම සංචාරක ආයතන පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ දී සංචාරකයන් රැගෙන එන ප‍්‍රමාණයට සරිලන මුදලක් ආපසු ගෙවීමේ පදනම සුදුසු බවට පැහැදිලි උපදෙස් සංචාරක බලධාරීන් වෙත මුදල් අමාත්‍යවරයා දැනටමත් ලබා දී ඇත. එවැනි උපදෙස් ද පසෙකින් තබා මොවුන් සැරසෙන්නේ මුදල් ගසා කෑමට පහසු මාර්ග සොයා ගැනීම බව පැහැදිලිය. එසේ නමුත් මෙහිදී පෙනීයන්නේ සමහර බලධාරීන්ගේ අත්තනෝමතික ක‍්‍රියාවන් හේතුවෙන් රටෙහි ජනතාව තේරුම් ගන්නේ රජය අනවශ්‍ය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවටය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලා එන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පමණක් නොව රටෙහි සංචාරක ක්ෂේත‍්‍රයේ නිරතව සිටින ලක්ෂ තිහකට ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම උදෙසා මෙහිදී වියදම් කිරීමට තිබෙන රුපියල් මිලියන 38,000 ක මහා ධනස්කන්ධයක් පිළිබඳ අවිනිශ්චිතභාවයක් ගොඩනැගීම නතර කර නොහැක.

සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ සංචාරක ව්‍යාපාරයෙන් ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක ඉලක්කය සාර්ථක කර ගැනීමට ජනපතිවරයාගේ අධිෂ්ඨානය කෙසේ වෙතත්, දිනකට සංචාරකයන් 100 ක් හෝ ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති සංචාරක බලධාරීන්, අද රුපියල් මිලියන 38,000 ක මහජන බදු මුදල් නාස්තියකට සැලසුම් කරමින් සිටියි. කොවිඞ් වසංගතයට මුවා වී තම නොහැකියාව වසාගෙන තමන් දක්ෂ යැයි මාධ්‍ය ඉදිරියේ ර`ගපාන මෙවන් නිලධාරීන් රජ කරන තෙක්, ඩොලර් බිලියන 10 ක් කෙසේ වෙතත් එදා රටට ලැබුණු ඩොලර් බිලියන 4.4 ක ආදායම හෝ රැකගැනීමට බුද්ධිමත්ව කටයුතු කිරීමට රජයට කාලය උදාවී ඇත.

උදයංග වීරතුංග

කොවිඩ් තියෙද්දී සංචාරක ප්‍රවර්ධනයට කෝටි ගණක් වියදම් කරන්නේ ඇයි?

Related Images:

Mr. Udayanga Weeratunga On Truth with Chamuditha

යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට කිරීමේ ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

Related Images:

කෝවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයෝ ලංකාවට පැමිණේවි ද?

කෝවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයෝ ලංකාවට පැමිණේවි ද?

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දින කැබිනට් මණ්ඩලය හමුවකදී මෙසේ පැවසුවේය “ස්කුපොයි ප්ලාතිත් ද්වාෂ්දි”. එහි අර්ථය “මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්නයි. එම රුසියානු ප්‍රස්තා පිරුළු අද හොදින් ගැළපෙන්නේ, සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා අද සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට අසාධාරණ ලෙස සිදූවන පාඩුව පිළිබඳවයි.
ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය. එහිදී සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතුබව අවධාරණය කළේය. රුසියානු සංචාරකයන්ගෙන් 70% වැඩි පිරිසක් සංචාරක පැකේජය මිලදී ගන්නෙ අවසාන මොහොතේය. එවිට විසා ගැනීමට කාලයක්‌ නොමැති වීම නිසා අපෙන් සංචාරකයන් ගිලිහිලා යාම නතර කල නොහැක. එය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ටිකට්පත් විකිණීමට ද, සංචාරක මණ්ඩලයේ අනුමැතිය මත පමණක් නිකුත්කරන අලුත් වීසා ක්‍රමවේදය සංචාරක ක්‍ෂේත්‍රයට ලොකු බාධාවක් බව පෙන්වා දිය යුතුය. අද සංචාරක විසා බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් පත් දෙකක් පුරවා PCR දෙකකට ඩොලර් 80 මුදලක් කලින්ම ගෙවා, ඊට අමතරව වීසා ගාස්තු වශයෙන් ඩොලර් 35 ක ගෙවීමක් සිදුකර පසු අන්තිමට වීසා නිකුත්කිරීමට දින 3 – 5ක් අතර කාලයක්‌ ගත වීමෙන් ඔප්පු වෙන්නේ තමන්ගේ වාසියට සැලසුම් සහගතව රටෙහි ආර්ථීක මර්මස්ථානයට පහර ගැසීමට යම් යහපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි. එය සනාථ කරමින් වසර ගණනාවක් පුරාම පැමිණෙන රුසියානු, යුක්රේනියානු සංචාරකයන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කල ONLINE වීසා, ON ARRIVAL වීසා පවා එදා මෙන් සරලව ලබා නොදීමෙන් පෙනීයන්නේ කොරෝනා වසංගතය මුවාවෙන්, සංචාරක ක්‍ෂේත්‍රය හැසිරවීමට රාජ්‍ය තාක්ෂණික යාන්ත්‍රනයක් නිර්මාණය වෙමින් පවතින බවය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලාඑන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පිළිබඳ අවිනිශ්චිත භාවයක් ඇතිවීමයි.
රුසියානු සමුහාණ්ඩුව ඇතුළු පැරණි සෝවියට් රටවල් වලින් අද පැමිණෙන සංචාරකයන් මෙහිදී මුලින්ම උදාහරණයට ගැනීමට බලාපොරොත්තු වෙමි. එහිදී ව්ලැඩ්මියර් ලෙනින් ගේ නායකත්වයෙන් කම්කරු එකතුවෙන් සිදුවූ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස රුසියානු සාර් අධිරාජ්‍යය අවසන්කර සාන්ත පීතර් බර්ග් නගරයේ දී 1917 වර්ෂයේ දී එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය බිහිවූ බව මතක්කල යුතුය. එදා ලෝකයෙන් 1/6 භූමියක් හිමි සෝවියට් දේශය නිර්මාණ වුයේ ප්‍රාන්ත 15 ක් එකට එකතු කරමින්ය. පසුකාලීනව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ මූලිකත්වයෙන්, 1957 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොස්කව් නුවර ආරම්භ කරන ලදී. එහි පළමු තානාපති ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර පත්වූ අතර දැනට මා ඇතුළුව තානාපතිවරුන් විසි දෙනෙක්ම එහි සේවය කර ඇත. එකල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සෝවියට් මිත්‍ර සංගමය සමග පැවතුණු කිට්ටු සම්බන්ධය මෙන්ම වර්ෂ 1963 හා 1974 දී දෙරට අතර සිදුවූ රාජ්‍යතාන්ත්‍රික සංචාර පිළිබඳව මෙන්ම ලොව පළමු අභ්‍යවකාශගාමි යුරි ගගාරින් (1961) හා පළමු කාන්තා අභ්‍යවකාශගාමි වැලෑන්තින් තෙරෙස්කොව (1963) යන අයගේ ලංකා ගමනය ද සිහිපත් කළයුතුය.
එදා ලංකාවට පැමිණි සංචාරකයන් පිළිබඳ නිසි දත්ත නොමැති වුවත් ඉන්ටුරිස් හා ස්පුත්නික් යන රාජ්‍ය ආයතන හරහා සුළු සංචාරක පිරිසක් අප රටට පැමිණියේය. ඊට සමගාමීව ලුලුම්බා මිත්‍රත්වය විශ්වවිද්‍යාලයේ ලාංකික දරුවන්ට 1960 සිට ලැබුණු ශිෂ්‍යත්ව නිසාම 1963 වර්ෂයේ දී සෝවියට් එරෆ්ලොට් ගුවන් ගමන් IL-18 රුසියානු ගුවන් යානාවකින් ආරම්භ විය. පසුව 2000 වර්ෂයේ සිට IL-18 ගුවන්යානාවක් රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්ගමන් සදහා භාවිතා විය. ඇත්තටම මෑත කාලයේදී රුසියාවේ ලියාපදිංචි “කොනේශාන්” හා “මල්දිවියානා” යන ලාංකික ආයතන දෙක රුසියානුවන් ශ්‍රී ලංකාවට රැගෙන කටයුතු කරන ලදී.
රුසියාවේ තානාපතිවරයා ලෙස 2006 වර්ෂයේ දී මා පත්වී පැමිණියාට පසුව ශ්‍රී ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. එසේම එම කාලයේදී රාජ්‍යයන අතර අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් ප්‍රමාණය 35 පමණ වූ අතර අත්සන් කිරීමට සුදානම් කර තිබුණු ප්‍රමාණය 30 කට වැඩි බව කිවයුතුය. ඒ අතර 1960 පසුච, 2011 වර්ෂයේ දී මා විසින් අත්සන් කරන ලද දෙරට අතර නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම ප්‍රයෝජනයට ගෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම මොස්කව් නගරය බලා ඍජු ගමන් 2011 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ඇත්තටම 1957 වර්ෂයේ දී දෙරටේ තානාපති සබදතාවන් ආරම්භයෙන් පසුව අපගේ ජාතික ගුවන් සමාගම මොස්කව් නගරයට පැමිණියේ, එදා පලවෙනි වතාවටය. එහිදී අප 2011 අගෝස්තු 03 දින පළමු වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යාලයක් ආරම්භය කිරීම ද රුසියානු සංචාරකයන් ලංකාවට පැමිණීමේ වර්ධනයට මෙම ඍජු ගුවන්ගමන් ප්‍රධාන හේතු සාදකයක් විය. එසේ 80% ගුවන්යානාවට මගීන් සාර්ථකව පිරවීම සිදුකර ඇති මොහොතක දී, අපෙන් දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණෙන් 2015 මාර්තු මාසයේ සිට එම ශ්‍රීලන්කන් ගුවන්ගමන් යහපාලන රජය විසින් නතර නොකරානම් අද රුසියානු සංචාරකයන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට පැමිණිමට තිබුණි.
එදා යහපාලන නඩය ලබාදුන් අමිහිරි අත්දැකීම් ඉතිහාසයට එකතුකරමින්, කොරෝනා වසංගතය ලොවම දණගස්වා ඇති වාතාවරණයක වුවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවට නැවතත් ඍජු ගුවන් ගමන් ආරම්භ කලේ ජනාධිපති තුමාගේ උපදෙස් මත, රටෙහි සංචාරක කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්ය. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඒ330 ගුවන් යානාව අගෝස්තු 01 දා සංචාරකයන් 30 රැගෙන මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වසර 6 කට පසු නැවතත් ආරම්භ විය. එසේ රුසියානු සංචාරක බුබුළ සාර්ථක කරගැනීමේ මාගේ අභියෝගයට ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමාගේ ලැබුණු සහයෝගයට සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලුදෙනාම වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිය පලකළ යුතුය. එසේම රුසියානු එරෆ්ලොට් ගුවන් සමාගමේ ඍජු ගුවන් ගමන් ඉක්මනින් ආරම්භ කිරීමට අපේ සහයෝගය නොඅඩුව ලබා දෙනවා. දැනටමත් සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට ඔහුන් සුදානම්ය. ඊට අමතරව “අසුර් එයාර්” සතියකට ගුවන්යානා 2 ක් පැමිණීමට සුදානම් කරමින් සිටිමු. ඒ අනුව ඉදිරියේදී “රුසියානු සංචාරක බුබුළ” යටතේ ඔක්තෝබර් මාසයේදී සතියකට ගුවන්යානා 6 ක් පැමිණීමට නියමිතය. ඒ අනුව මාසයකට රුසියානු සංචාරකයන් 7000ක් පමණ රැගෙන එමට අප සැලසුම් කරමු. එසේම මා බලාපොරොත්තු වන්නේ ලාංකික සංචාරක ආයතන එකට එකතුවී, රුසියානුවන් සමග ඍජුව වැඩකර, ඒමත අප රටෙහි ජයග්‍රහණය උදාකර ගැනීමය.
මෙහිදී මොස්කව් කොලඹ අතර ගුවන් ගමන් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් කළයුතු බව පැහැදිලි කිරීමේන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු සංචාරක ඒජන්සි වලට පමණක් අගෝස්තු 05 සිට ඔක්තෝබර් 31 තෙක් වලංගු වන පරිදි විශේෂ වට්ටම් ගාස්තුවක් යටතේ BUY ONE – GET ONE පැකේජයක් හදුන්වා දීම, මේ මොහොතේ ලාංකික සංචාරක කර්මාන්තයට රජය ලබාදුන් විශාල සහයෝගයක් බව කිව යුතුය. ඇත්තටම එවැනි අඩු ගුවන් ටිකට්පත් ගාස්තුවක් කිසිදු දිනයකදී ශ්‍රී ලන්කන් ලබා දී නැති වුවත්, ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේදී ඉතා වදගත්ය. මෙසේ කොරෝනා හේතු කොට ගෙන, මුල්‍ය ශක්තියෙන් පහළට වැටී සිටින මොහොතක රටක ආර්ථීක මර්මස්ථානය ශක්තිමත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිගේ පියවර, රට විවෘත නොකර ආර්ථිකය කඩාවැටෙන තෙක් බලාසිටින බලධාරීන්ට මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තමන්ගේම බුදලයක් සේ තමන්ට අවශ්‍ය ලෙස හැසිරීවීමට උත්සාහ ගන්නා වූ බලධාරීන්ට ඉතා හොද ආදර්ශයක් වියයුතුය.
අද ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත් වීම නිසා සංචාරක හෝටල් සේවකයින් ගෙන් 90% කටම වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත ලබා දී හමාරයි. විදේශිකයන් පමණක් පැමිණිය හැකි “පළමුපෙල හෝටල” වල එන්නත් කරණය සම්පුර්ණ කිරීමෙන් සේවකයින් පමණක් නොව සංචාරකයන් ද සැකයකින් තොරව හෝටල්වල ලැගුම් ගත හැකි බව පවසයි. ඇත්තටම බොහෝ රටවල්වලට තමන්ගේ ජනතාවට එක එන්නතක්වත් දීගන්න බැරුව ඉන්න කොට අපි සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට මේ වන කොට එක් එන්නතක් හෝ ලබාදීමට කටයුතු කරලා තිබීම ගැන ආඩම්බර විය යුතුය.
සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට චාරිකා සුදානම් කිරීමට එදා කිසිදු අවසරයක් අවශ්‍ය නොවුනත් අද සංචාරක මණ්ඩලයට දින 2ක් කලින්ම එම සංචාරක චාරිකාව පිළිබඳ සියලුම තොරතුරු ලබා දී එයට අනුමැතිය ලබාගැනීමට නීති සකස්කිරීම නිසා පෙනීයන්නේ රජය අනවශ්‍යය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවයි. එවැනි අද්භූත හස්තයන්ගේ බලය ශුන්‍යකර, නොපමාව රජය විසින් ගතයුතු විසදුම වන්නේ දින 14ක් හෝටල් තුල සිර නොකර, නිරෝධායනය කාලය දින 3කට හෝ අඩුකර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල ඇතිකිරීමය. ඇත්තටම අප පිළිගත යුතු යථාර්ථය නම් රුසියානු, කසාක්ස්තානු හෝ යුක්රේනියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් දින 10 ක කාලයකටය. එසේ ලංකාවට පැමිණ හෝටලයකට වී සිර ගතව සිටීමට සංචාරකයෙකුට අවශ්‍යතාවයක් නැත. එ්වා සංචාරකයින්ට ශ්‍රී ලංකාව එපා කරවීමට සිදු කරන දේවල් විනා, එය සංචාරක ව්‍යාපාරය ඔසවා තැබිමේ උපාය මාර්ග ලෙස සැලකිය හැකි නොවේ. අද රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර දෙන මෙවන්‌ රීතියන් නිසාම මෙතෙක් කිසිදු ගුවන්යානාවක් එසේ සංචාරකයන් රැගෙනවිත් නැති නමුත් “සංචාරක බුබුල” යටතේ අප රටට ගුවන්යානා 39 ක් ඉතා සාර්ථකව ගෙන්වා ඇති බලධාරීන්ට මතක්කර සිටිමු. එහි සාර්ථකතත්වය උපයෝගීම කර ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පසුගිය දින මොස්කව් සිට සංචාරකයන් 30 ක් පමණක් රැගෙන ඒමට සිදුවූයේ ද එසේම මෙම 08 වෙනිදා රුසියානු වන 25ක් පැමිණෙන්නේ ද මෙම දින 14ක නිරෝධායනය කාලයට ඔහුන්ගේ අකමැත්ත නිසාමයි. එසේ නමුත් රුසියානුවන් වසරකට මිලියන 20 පමණ එතෙර සංචාරය කරයි.
අපි සංචාරකයන් හට පැමිණීමට නොයෙක් බදා පනවා ඇති බැවින් ලංකාවට පළමු මාස 7ක් තුල පැමිණ ඇත්තේ 17,700 ආසන්න ප්‍රමාණයකි. එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන් සමස්ථයෙන් 32% කි. ඇත්තෙන්ම එසේ මාලදිවයිනට සංචාරකයන් පැමිණීමට හේතුව එරට බලධාරීන් විසින් සංචාරක සදහා හිතකාමී සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබාදීමය. එමෙන්ම ලාංකික සංචාරක කර්මාන්තයේ නියතු ශ්‍රමිකයන් අභියෝග, අවදානම් වලට මුහුණ දීමට ඇති අලසකම බව ද කිව යුතුය.
2019 වර්ෂයේ දී සංචාරකයන් මිලියන 39.9 පැමිණි තායිලන්තය එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් සදහා නිරෝධායනයෙන් තොරව පූකට් (Phuket) වෙරළ තිරයේ නිදහස භූක්ති විඳීමට එරට බලධාරීන් ජූලි 01 දා සිට අවසරය දුන්නේය. එසේ නමුත් පසුගිය මාසයේ දී සංචාරකයන් එරට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. ඒ අතර බහුතරය රුසියානුවන් නොවන බැවින් අපටත් එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් පැමිණීමට අවකාශය ඉතා අඩු බව බලධාරීන් තේරුම් ගතයුතුය. එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් අද මෙරට එන්න පොරකන බවට රටට අසත්‍යයක් පවසන මෙම බලධාරීන්, රටෙහි නායකයන්ටද වැරදි තොරතුරු ලබාදීමේ ප්‍රතිපලයක් නිසා හෝටල් හිමියන් අතේ තියෙන තුට්ටු දෙකත් නැතිකර ගන්නා බව කිවයුතුය. මොකද රුසියානුවන් එන්නත් ලබා ගැනීමට අකමැති නිසාම දැනට එන්නත් ලබා නොගත් පිරිස 80%ක් පමණ රුසියාවේ සිටියි. අද සංචාරක මණ්ඩලය ලබා දී ඇති නිර්දේශ අනුව, එක පවුලේ සමාජිකයන් අතර එන්නත් ලබාගත් හා ලබානොගත් අය එකම ගුවන්යානාවේ එකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක, ඔහුන් එන්නත් ලබාගත් හා නොගත් කරුණු මත දෙවන දිනයේ සිට පළමුපෙල හා දෙවනපෙල හෝටල් දෙකක වෙන වෙනම ජිවත් වියයුතුය. එවැනි නිර්දේශ ක්‍රියාත්මක කරවන මන්දබුද්ධික නිලධාරීන් පිළිබඳ අපටත් ගැටළුවක් ඇත. එසේම සංචාරකයන්ට නිරෝධායනයෙන් තොරව නිදහසේ සංචාරය කළහැකි රටවලට පමණක්ම ඔහුන් සංචාරය කරන බව පැහැදිලිව පෙන්නුම් කරයි. ඒ රටවල් අතර 2019 වසරේදී මිලියන 13 ක් පැමිණි තුර්කිය මෙනම 2019 වසරේදී මිලියන 24 ක් පැමිණි ඊජ්ප්තුව අද ප්‍රධාන තැනක් හිමිකර ගනී.
ඒ අතර නොයෙකුත් උපායයන් ක්‍රියාත්මක කරමින් විදේශිකයන්ට වසරකට වීසා ලබා දීමට මැතක දී සංචාරක මණ්ඩලයේ යෝජනාව ද කිසිසේත් සංචාරකයන් වෙනුවෙන් නොව බලධාරීන් පෝෂණය කරන එන්.ජී.ඔ නඩ වලට මෙහි කඳවුරු ගසා ගැනීමට මෙන්ම සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවශ්‍යවූ සේවාවන් සරලව ලබාදීමක් බව වටහා ගැනීමට ලාංකික අපට අමාරු නැත. ඇත්තටම පසුගිය වසර ගානක්ම පුරාම සංචාරකයන් සදහා මාසයක කාලයකට නිකුත්කල සංචාරක වීසා බලපත්‍රය වෙනස් කිරීමට අනවශ්‍ය බව වැඩි පිරිසකගේ මතයයි. මන්ද යත් සැබැවින්ම සංචාරකයෙකු සති දෙකකට වඩා අප රටේ ගත කරන්නේ නැති බැවිනි. ඉඳහිට හෝ එවැන්නෙකු ගත කරන වැඩිම කාලය දින 21කි. අද අප රටෙහි මාස ගණනක් වසර ගණනක් රැදී සිටින බොහෝ විදේශිකයන් වෙනත් ව්‍යාපාරය නිරත පුද්ගලයන් බව මෙම බලධාරීන් හොදින්ම දනිති.
කොරෝනා වසංගතය හා පාස්කු ප්‍රහාරය ගැන දොඩවමින්, අවාසනාවට මුල්තැන දීලා, කම්මැලි කමට, හැමදේටම රජයට බනින්න බලාගෙන සිටින ආත්මාර්ථකාමීන් පිරිසක් ද ඕනෑම ජන සමාජයක මෙන්ම ලංකාවේ ද මා දුටුවේය. ඔහුන්ගේම කථාවෙන්ම කියනවා නම් අපි අවුරුදු 2 කින් සුද්දෙක් හරියට දැක්කෙත් නැහැලු. ඒ පාස්කු ප්‍රහාරයම නිසා පමණක්ම නොවෙයි. එදා රාජපක්ෂ රජය සිදුකල සංචාරක ප්‍රවර්ධනය කටයුතු අඩපණ වීම ද බලපෑව නිසයි. ඒ නිසා මෙවන්‌ වසංගත අවස්ථාව විදේශික සංචාරකයන්ගේ ආකර්ෂණයට ශ්‍රී ලංකාව පත් නොවීම පුදුමයට කාරනාවක් නොවෙයි.
අවසානයක් නොපෙනෙන කොරෝනා භීෂණය කාලයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තිරයේ හෝටල් හිමියන්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙන් ජාත්‍යන්තර වෙළදපොලට සරිලන තරගකාරී මිලගණන් ලබා දී තම කර්මාන්තය නැවතත් පටන්ගැනීම වඩා සුදුසු බව අවබෝධ කරගත යුතුය. එවිට මුළු රටටම සෞභාග්‍යය උදාකරමින් රුසියානු, යුක්රේනියානු සංචාරකයන් ගෙන්වා ගැනීමේ අභියෝගයට ආත්ම විශ්වාසයෙන් මුහුණ දීමට අපටත් පුලුවන් වෙයි.
“මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්න අර්ථදැක්වෙන රුසියානු ජනාධිපතිගේ ප්‍රස්තාපිරුළු සනාථ කරමින් අපේ සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට ඉදිරියටත් සිදුවන පාඩුව නතර කිරීමට නම් රජයේ සාමුහික වගකීමක් ලෙස සලකා නිරෝධායනය කාලයට ඉවත්කර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල සැදිය යුතුය. එසේම අද අපේ සංචාරක හෝටල් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් නොකළහොත් ලංකාවේ බහුතරයක් සංචාරක ප්‍රජාවට, ඔක්තෝබර් වලින් පටන්ගන්නා ශිත ඍතුවේදීද සුද්දන් පැමිණෙන තෙක් තවදුරටත් බලාසිටිමට සිදුවීම සැමටම කණගාටුදායක පුවතකි.
– උදයාංග වීරතුංග, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

https://www.facebook.com/DevelopmentSriLankaMCND/photos/a.121956523373018/163305359238134/

Related Images:

අතීතයේ සිට නොනැසී පවතින ශ්‍රී ලංකා – රුසියා දෙරට අතර මිත්‍රත්ව සබඳතා..

අතීතයේ සිට නොනැසී පවතින ශ්‍රී ලංකා – රුසියා දෙරට අතර මිත්‍රත්ව සබඳතා..🇱🇰 🇷🇺 🇱🇰

ලෝක භූමි ප්‍රමාණයෙන් 6/1 ක් හිමිකරගෙන සිටින රුසියාවට අයත් භූමිය ලොව විශාලම මහද්වීයේ අතීත ශ්‍රී විභූතිය මේ දක්වා නොනැසී පවතී.‍රුසියාව පිළිබඳව කතා කිරීමේදී 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය පිළිබඳව කතා කළ යුතුමය. රුසියන් භූමිය තුළ ප්‍රාන්ත 15 ක් බිහිවන්නේ විප්ලවයෙන් පසුවය.
විප්ලවයෙන් පසු ගොඩ නැගුනු සෝවියට් සමූහාණ්ඩුව ලොව බලවත්ම රාජ්‍යයන් අතර ඉදිරියට එද්දී 1960 – 70 දශක තුළ ලොව ධනවාදී පෙළේ රටවල් සෝවියට් රුසියා ආභාෂය ලබමින් ලොව බොහෝ රටවල් කොමියුනිස්ට් ක්‍රමය අනුගමනය කිරීමට පෙළඹේ යැයි භීතියට පත්විය.
එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් වෝසෝ සංවිධානය ලෙසත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් නේටෝ සංවිධානය ලෙසත් බලවත් යුද කඳවුරු දෙකකට බෙදී වසර ගණනාවක් සීතල යුද්ධයක පැටලී සිටියේය.
ලොව ඉතා බලවත් රාජ්‍යයක් ලෙස සෝවියට් රුසියාව එසේ දේශපාලන වශයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටි අවදියක 1957 වසරේදී එවකට මෙරට අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරානයක රජය සමයේදී ශ්‍රී ලංකා සෝවියට් තානාපති සබඳතා ආරම්භ විය.
මොස්කව් හි තානාපති ලෙස මුල් වරට පත්වූයේ ගුණදාස මලලසේකර මහතාය. ඔහුගේ ධූර කාලයේදී ශ්‍රී ලංකා සෝවියට් දෙරට අතර, ශක්තිමත් සබඳතා ගොඩනැගෙන අතර, සෝවියට් මිත්‍රත්ව විශ්ව විද්‍යාල ආරම්භ වූයේද මෙම කාලයේදීය.
1960 වසරේදී පැට්‍රික් ලුමුම්බා විශ්ව විද්‍යාලය ආරම්භ වන අතර, එවකට මෙම විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම, ලොව වෙනත් රටවල් අතරින් ලංකාව පැවතියේ තුන්වන තැනටය.
විශ්ව විද්‍යාලයට මෙරට සිසුන් බොහෝ පිරිසක් ඇතුළත්වීම හා ඒ වනවිට දෙරට අතර ගොඩ නැගී පැවති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස 1961 වසරේදී රුසියාව හා ලංකාව අතර ගුවන් ගමන් ඇරඹිණ.
ඒ ආකාරයෙන් ඇරඹි දෙරට අතර මිත්‍රත්ව සබඳතා 1963 සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිනිගේ සමයේදී දැඩි බවට විය. මෙම අවදිය ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්වයේ වසන්ත සමය ලෙස හැඳින්වහොත් නිවැරදිය. දෙරට අතර සංස්කෘතිකමය, භාෂාමය බැඳීම් වර්ධනය විය.
ගුණදාස මලලසේකර මහතා තානාපති අවදියේදී එරට විශ්ව විද්‍යාල තුළ සිංහල භාෂාව විෂයයක් ලෙස හදාරන්නන් උදෙසා එක් එක් පීඨ වෙන්කොට තිබිණ. එසේ සිංහල භාෂාව හැදෑරූ සෙර්ගි ලවරොෆ් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස කාලයක් කටයුතු කළේය.
සිරිමා බණ්ඩාරනායක රජයේ රටතුළ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට රටතුළ නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමට මහත් පිටිවහළක් වෙමින් ඔරුවල වානේ සංස්ථාව, කැලණි ටයර් සංස්ථාව, ප්‍රීමා තිරිඟු පිටි කර්මාන්ත ශාලාව ආදිය සෝවියට් සමූහාණ්ඩුව විසින් ලබා දෙන ලදී.
1991 වසරේදී මිහායිල් ගොර්බචොබ් අවදියේදී එතෙක් ප්‍රාන්ත 15ක් ලෙස බෙදා තිබූ සෝවියට් සමූහාණ්ඩුව රටවල් 15ක් ලෙස කැඩී ගියේය. නොඑසේ නම් සෝවියට් සමූහාණ්ඩුගතව තිබූ කොමියුනිස්ට් රටවල්, ස්වාධීන රාජ්‍යයන් බවට පත්විය.
මේ වනවිට සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයන් ලෙස ගොඩනැගී තිබුණද, එදා දෙරටේ පැවති සමීප සබඳතා අතරින් ගොඩ නැගුණු ආනයන අපනයන සබඳතා මෙන්ම මානව සබඳතා අද වනවිටත් අඛණ්ඩව පවතී.
දේශපාලන වශයෙන් සෝවියට් දේශයෙන් පසුවද, ඒ තත්වය එසේ පවත්වා ගෙන යාමට පසුබිම ගොඩනඟන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. සිරිමා බණ්ඩාරනායක අවදියේ සෝවියට් – ශ්‍රී ලංකා මිත්‍රත්ව සබඳතා යළි ගොඩ නැගීම එතුමාගේ අභිප්‍රාය විය.
2006 වසරේදී නව තානාපති සබඳතා ආරම්භ වීමත් සමඟම සෝවියට් ශ්‍රී ලංකා මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වූ අතර, 2009 වසරේදී අප රටේ 30 වසරක් පුරා පැවති යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන් සෝවියට් රජය අනගි මෙහෙවරක් ඉටු කළේය.
මෙරට රුසියන් තානාපතිවරයකු ලෙස කටයුතු කළ සිංහල භාෂාව මනා ලෙස හසුරුවිය හැකි සෙර්ගි ලවරොෆ් ඒ වන විට එරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. යුද ජයග්‍රහණයත් සමඟම මෙරටට පැමිණි ලවරොෆ් මහතා ජනාධිපතිවරයාට එරට සංචාරයකට ආරාධනය කළේය.
එහිදී සාමය සඳහාවූ ගෞරව උපාධියක් එවකට ජනාධිපතිවරයා වූමහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීය. සෝවියට් දේශයේ සිට කිසි දවසක විදේශ අමාත්‍යවරයකු මෙරට පැමිණ තිබුණේ නැත.
1974 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් පසුව, එරට රාජ්‍ය නායකයකු විසින් මෙරට රාජ්‍ය නායකයකුට එහි සංචාරයකට ආරාධනා කිරීම, පියවරින් පියවර දෙරට අතර, ගොඩ නැගී තිබුණ දේශපාලන සබඳතා ශක්තිමත් වීමේ ප්‍රතිඵලයකි.
වර්තමානය වනවිට මෙරට සුන්දරත්වය නැරඹීමට හා මෙරට වැසියන්ගේ ආගන්තුක සත්කාර විඳීමේ අභිලාෂයෙන් පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටවල් රාශියකින් සංචාරකයින් පැමිණීම යළිත් වරක් ආරම්භ වී ඇත.
එය අනාදිමත් කාලයක සිට සුන්දර සෝවියට් දේශයේ අපි දුටු ඈත සාරවත් තිරිඟු යාය, තෘණභූමි පිරුණු, මීදුමෙන් වැසී ගිය සත්ව ගොවිපළ, රතු හැට්ට හැඳි රත්පැහැ කම්මුලෙන් පිරි ඈත පිටිසර ගෙවිලියන්, අශ්වයන් බැඳි කරත්ත පිරි සුන්දර දේශය හා ශක්තිමත් සබඳතා තව දුරටත් ශක්තිමත් කරනවා ඇත.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
උදයංග වීරතුංග මහතා සහභාගී වූ සාකච්ඡාවක් ඇසුරිනි.
Prepared By :
Maalee Luviss Gebriel
Development Sri Lanka

https://www.facebook.com/DevelopmentSriLankaMCND/photos/a.105330125035658/160046026230734/

Related Images:

සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?

සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දින කැබිනට් මණ්ඩලය හමුවකදී මෙසේ පැවසුවේය “ස්කුපොයි ප්ලාතිත් ද්වාෂ්දි”. එහි අර්ථය “මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්නයි. එම රුසියානු ප්‍රස්තා පිරුළු අද හොදින් ගැළපෙන්නේ, සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා අද සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට අසාධාරණ ලෙස සිදූවන පාඩුව පිළිබඳවයි.
ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය. එහිදී සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතුබව අවධාරණය කළේය. අද රුසියානුවන් සදහා සංචාරක විසා බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් පත් දෙකක්ම පුරවා PCR දෙකකට ඩොලර් 80 මුදලක් කලින්ම ගෙවා, පසුව වීසා ගාස්තු වශයෙන් ඩොලර් 35 ක ගෙවීමක් සිදුකර අන්තිමට වීසා නිකුත්කිරීමට දින 3 – 5ක් අතර කාලයක්‌ ගත වීමෙන් ඔප්පු වෙන්නේ තමන්ගේ වාසියට සැලසුම් සහගතව රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර ගැසීමට යම් හස්තයක් ක්‍රියාත්මක වන බවයි. එය සනාථ කරමින් වසර ගණනාවක් පුරාම පැමිණෙන රුසියානු සංචාරකයන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කල ONLINE වීසා, ON ARRIVAL වීසා පවා සරලව ලබා නොදීමෙන් පෙනීයන්නේ කොරෝනා වසංගතය මුවාවෙන්, සංචාරක ක්‍ෂේත්‍රය හැසිරීවීමට රාජ්‍ය තාක්ෂණික යාන්ත්‍රනයක් නිර්මාණය වෙමින් පවතින බවය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලාඑන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පිළිබඳ අවිනිශ්චිත භාවයක් ඇතිවීමයි.
රුසියානු සමුහාණ්ඩුව ඇතුළු පැරණි සෝවියට් රටවල් වලින් අද පැමිණෙන සංචාරකයන් මෙහිදී මුලින්ම උදාහරණයට ගැනීමට බලාපොරොත්තු වෙමි. එහිදී ව්ලැඩ්මියර් ලෙනින් ගේ නායකත්වයෙන් කම්කරු එකතුවෙන් සිදුවූ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස රුසියානු සාර් අධිරාජ්‍යය අවසන්කර සාන්ත පීතර් බර්ග් නගරයේ දී 1917 වර්ෂයේ දී එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය බිහිවූ බව මතක්කල යුතුය. එදා ලෝකයෙන් 1/6 භූමියක් හිමි සෝවියට් දේශය නිර්මාණ වුයේ ප්‍රාන්ත 15 ක් එකට එකතු කරමින්ය. පසුකාලීනව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ මූලිකත්වයෙන්, 1957 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොස්කව් නුවර ආරම්භ කරන ලදී. එහි පළමු තානාපති ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර පත්වූ අතර දැනට මා ඇතුළුව තානාපතිවරුන් විසි දෙනෙක්ම එහි සේවය කර ඇත. එකල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සෝවියට් මිත්‍ර සංගමය සමග පැවතුණු කිට්ටු සම්බන්ධය මෙන්ම වර්ෂ 1963 හා 1974 දී දෙරට අතර සිදුවූ රාජ්‍යතාන්ත්‍රික සංචාර පිළිබඳව මෙන්ම ලොව පළමු අභ්‍යවකාශගාමි යුරි ගගාරින් (1961) හා පළමු කාන්තා අභ්‍යවකාශගාමි වැලෑන්තින් තෙරෙස්කොව (1963) යන අයගේ ලංකා ගමනය ද සිහිපත් කළයුතුය.
එදා ලංකාවට පැමිණි සංචාරකයන් පිළිබඳ නිසි දත්ත නොමැති වුවත් ඉන්ටුරිස් හා ස්පුත්නික් යන රාජ්‍ය ආයතන හරහා සුළු සංචාරක පිරිසක් අප රටට පැමිණියේය. ඊට සමගාමීව ලුලුම්බා මිත්‍රත්වය විශ්වවිද්‍යාලයේ ලාංකික දරුවන්ට 1960 සිට ලැබුණු ශිෂ්‍යත්ව නිසාම 1963 වර්ෂයේ දී සෝවියට් එරෆ්ලොට් ගුවන් ගමන් IL-18 රුසියානු ගුවන් යානාවකින් ආරම්භ විය. පසුව 2000 වර්ෂයේ සිට IL-18 ගුවන්යානාවක් රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්ගමන් සදහා භාවිතා විය. ඇත්තටම මෑත කාලයේදී රුසියාවේ ලියාපදිංචි “කොනේශාන්” හා “මල්දිවියානා” යන ලාංකික ආයතන දෙක රුසියානුවන් ශ්‍රී ලංකාවට රැගෙන කටයුතු කරන ලදී.
රුසියාවේ තානාපතිවරයා ලෙස 2006 වර්ෂයේ දී මා පත්වී පැමිණියාට පසුව ශ්‍රී ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. එසේම එම කාලයේදී රාජ්‍යයන අතර අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් ප්‍රමාණය 35 පමණ විය. ඒ අතර 1960 පසුච, 2011 වර්ෂයේ දී මා විසින් අත්සන් කරන ලද දෙරට අතර නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම ප්‍රයෝජනයට ගෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම මොස්කව් නගරය බලා ඍජු ගමන් 2011 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ඇත්තටම 1957 වර්ෂයේ දී දෙරටේ තානාපති සබදතාවන් ආරම්භයෙන් පසුව අපගේ ජාතික ගුවන් සමාගම මොස්කව් නගරයට පැමිණියේ එදා පලවෙනි වතාවටය. අප 2011 අගෝස්තු 03 දින පළමු වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යාලයක් ආරම්භය කිරීම ද රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට ඍජු ගුවන්ගමන් හේතු සාදකයක් විය. එසේ 80% ගුවන්යානාවට මගීන් සාර්ථකව පිරවීම සිදුකර ඇති මොහොතක දී, අපෙන් දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණෙන් 2015 මාර්තු සිට එම ශ්‍රීලන්කන් ගුවන්ගමන් යහපාලන රජය විසින් නතර නොකරානම් අද රුසියානු සංචාරකයන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට පැමිණිමට තිබුණි.
එදා යහපාලන නඩය ලබාදුන් අමිහිරි අත්දැකීම් ඉතිහාසයට එකතුකරමින්, කොරෝනා වසංගතය ලොවම දණගස්වා ඇති වාතාවරණයක වුවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවට නැවතත් ඍජු ගුවන් ගමන් ආරම්භ කලේ ජනාධිපති තුමාගේ උපදෙස් මත, රටෙහි සංචාරක කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්ය. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඒ330 ගුවන් යානාව අගෝස්තු 01 දා සංචාරකයන් 30 රැගෙන මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වසර 6 කට පසු නැවතත් ආරම්භ විය. එසේ රුසියානු සංචාරක බුබුළ සාර්ථක කරගැනීමේ මාගේ අභියෝගයට ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමාගේ ලැබුණු සහයෝගයට සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලුදෙනාම වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිය පලකළ යුතුය.
මෙහිදී මොස්කව් කොලබ ගුවන් ගමන් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් කළයුතු බව පැහැදිලි කිරීමේන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු සංචාරක ඒජන්සි වලට පමණක් අගෝස්තු 05 සිට ඔක්තෝබර් 31 තෙක් වලංගු වන පරිදි විශේෂ වට්ටම් ගාස්තුවක් යටතේ BUY ONE – GET ONE පැකේජයක් හදුන්වා දීම, මේ මොහොතේ ලාංකික සංචාරක කර්මාන්තයට රජය ලබාදුන් විශාල සහයෝගයක් බව කිව යුතුය. ඇත්තටම එවැනි අඩු ගුවන් ටිකට්පත් ගාස්තුවක් කිසිදු දිනයකදී ශ්‍රී ලන්කන් ලබා දී නැති වුවත් ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේදී ඉතා වදගත්ය. මෙසේ කොරෝනා හේතු කොට ගෙන, මුල්‍ය ශක්තියෙන් පහළට වැටී සිටින මොහොතක රටක ආර්ථීක මර්මස්ථානය ශක්තිමත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිගේ පියවර, රට විවෘත නොකර ආර්ථිකය කඩාවැටෙන තෙක් බලාසිටින බලධාරීන්ට මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තමන්ගේම බුදලයක් සේ තමන්ට අවශ්‍ය ලෙස හැසිරීවීමට උත්සාහ ගන්නාවූ බලධාරීන්ට ඉතා හොද ආදර්ශයක් වියයුතුය.
අද ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත් වීම නිසා සංචාරක හෝටල් සේවකයින් ගෙන් 90% කටම වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත ලබා දී හමාරයි. විදේශිකයන් පමණක් පැමිණිය හැකි “පළමුපෙල හෝටල” වල එන්නත් කරණය සම්පුර්ණ කිරීමෙන් සේවකයින් පමණක් නොව සංචාරකයන් ද සැකයකින් තොරව හෝටල්වල ලැගුම් ගත හැකි බව පවසයි. ඇත්තටම බොහෝ රටවල්වලට තමන්ගේ ජනතාවට එක එන්නතක්වත් දීගන්න බැරුව ඉන්න කොට අපි සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට මේ වන කොට එක් එන්නතක් හෝ ලබාදීමට කටයුතු කරලා තිබීම ගැන ආඩම්බර විය යුතුය.
සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට චාරිකා සුදානම් කිරීමට එදා කිසිදු අවසරයක් අවශ්‍ය නොවුනත් අද සංචාරක මණ්ඩලයට දින 2ක් කලින්ම එම සංචාරක චාරිකාව පිළිබඳ සියලුම තොරතුරු ලබා දී එයට අනුමැතිය ලබාගැනීමට නීති සකස්කිරීම නිසා පෙනීයන්නේ රජය අනවශ්‍යය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවයි. එවැනි අද්භූත හස්තයන්ගේ බලය ශුන්‍යකර, නොපමාව රජය විසින් ගතයුතු විසදුම වන්නේ දින 14ක් හෝටල් තුල සිර නොකර, නිරෝධායනය කාලය දින 3කට හෝ අඩුකර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල ඇතිකිරීමය. ඇත්තටම අප පිළිගත යුතු යථාර්ථය නම් රුසියානු හෝ යුක්රේන් සංචාරකයින් ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් දින 10 ක කාලයකටය. එසේ ලංකාවට පැමිණ හෝටලයකට වී සිර ගතව සිටීමට සංචාරකයෙකුට අවශ්‍යතාවයක් නැත. එ්වා සංචාරකයින්ට ශ්‍රී ලංකාව එපා කරවීමට සිදු කරන දේවල් විනා, එය සංචාරක ව්‍යාපාරය ඔසවා තැබිමේ උපාය මාර්ග ලෙස සැලකිය හැකි නොවේ. අද රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර දෙන මෙවන්‌ රීතියන් නිසාම මෙතෙක් කිසිදු ගුවන්යානාවක් එසේ සංචාරකයන් රැගෙනවිත් නැති නමුත් “සංචාරක බුබුල” යටතේ අප රටට ගුවන්යානා 39 ක් ඉතා සාර්ථකව ගෙන්වා ඇති බලධාරීන්ට මතක්කර සිටිමු. එහි සාර්ථකතත්වය උපයෝගීම කර ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පසුගිය දින මොස්කව් සිට සංචාරකයන් 30 ක් පමණක් රැගෙන ඒමට සිදුවූයේ ද එසේම මෙම 08 වෙනිදා රුසියානු වන 25ක් පැමිණෙන්නේ ද මෙම දින 14ක නිරෝධායනය කාලයට ඔහුන්ගේ අකමැත්ත නිසාමයි. එසේ නමුත් රුසියානුවන් වසරකට මිලියන 20 පමණ එතෙර සංචාරය කරයි.
අපි සංචාරකයන් හට පැමිණීමට නොයෙක් බදා පනවා ඇති බැවින් ලංකාවට පළමු මාස 7ක් තුල පැමිණ ඇත්තේ 17,700 ආසන්න ප්‍රමාණයකි. එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන් සමස්ථයෙන් 32% කි. ඇත්තෙන්ම එසේ මාලදිවයිනට සංචාරකයන් පැමිණීමට හේතුව එරට බලධාරීන් විසින් සංචාරක සදහා හිතකාමී සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබාදීමය. එමෙන්ම ලාංකික සංචාරක කර්මාන්තයේ නියතු ශ්‍රමිකයන් අභියෝග, අවදානම් වලට මුහුණ දීමට ඇති අලසකම බව ද කිව යුතුය.
2019 වර්ෂයේ දී සංචාරකයන් මිලියන 39.9 පැමිණි තායිලන්තය එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් සදහා නිරෝධායනයෙන් තොරව පූකට් (Phuket) වෙරළ තිරයේ නිදහස භූක්ති විඳීමට එරට බලධාරීන් ජූලි 01 දා සිට අවසරය දුන්නේය. එසේ නමුත් පසුගිය මාසයේ දී සංචාරකයන් එරට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. ඒ අතර බහුතරය රුසියානුවන් නොවන බැවින් අපටත් එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් පැමිණීමට අවකාශය ඉතා අඩු බව බලධාරීන් තේරුම් ගතයුතුය. එසේම සංචාරකයන් නිරෝධායනයෙන් තොරව නිදහස් රටවලට පමණක්ම සංචාරය කරන බව පැහැදිලිව පෙන්නුම්කරන රටවල් අතර 2019 වසරේදී මිලියන 13 ක් පැමිණි තුර්කිය හා 2019 වසරේදී මිලියන 24 ක් පැමිණි ඊජ්ප්තුව ප්‍රධාන තැනක් හිමිකර ගනී.
ඒ අතර නොයෙකුත් උපායයන් ක්‍රියාත්මක කරමින් විදේශිකයන්ට වසරකට වීසා ලබා දීමට මැතක දී සංචාරක මණ්ඩලයේ යෝජනාව ද කිසිසේත් සංචාරකයන් වෙනුවෙන් නොව බලධාරීන් පෝෂණය කරන එන්.ජී.ඔ නඩ වලට මෙහි කඳවුරු ගසා ගැනීමට මෙන්ම සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවශ්‍යවූ සේවාවන් සරලව ලබාදීමක් බව වටහා ගැනීමට ලාංකික අපට අමාරු නැත. ඇත්තටම පසුගිය වසර ගානක්ම පුරාම සංචාරකයන් සදහා මාසයක කාලයකට නිකුත්කල සංචාරක වීසා බලපත්‍රය වෙනස් කිරීමට අනවශ්‍ය බව වැඩි පිරිසකගේ මතයයි. මන්ද යත් සැබැවින්ම සංචාරකයෙකු සති දෙකකට වඩා අප රටේ ගත කරන්නේ නැති බැවිනි. ඉඳහිට හෝ එවැන්නෙකු ගත කරන වැඩිම කාලය දින 21කි. අද අප රටෙහි මාස ගණනක් වසර ගණනක් රැදී සිටින බොහෝ විදේශිකයන් වෙනත් ව්‍යාපාරය නිරත පුද්ගලයන් බව මෙම බලධාරීන් හොදින්ම දනිති.
කොරෝනා වසංගතය හා පාස්කු ප්‍රහාරය ගැන දොඩවමින්, අවාසනාවට මුල්තැන දීලා, කම්මැලි කමට, හැමදේටම රජයට බනින්න බලාගෙන සිටින ආත්මාර්ථකාමීන් පිරිසක් ද ඕනෑම ජන සමාජයක මෙන්ම ලංකාවේ ද මා දුටුවේය. ඔහුන්ගේම කථාවෙන්ම කියනවා නම් අපි අවුරුදු 2 කින් සුද්දෙක් හරියට දැක්කෙත් නැහැලු. ඒ පාස්කු ප්‍රහාරයම නිසා පමණක්ම නොවෙයි. එදා රාජපක්ෂ රජය සිදුකල සංචාරක ප්‍රවර්ධනය කටයුතු අඩපණ වීම ද බලපෑව නිසයි. ඒ නිසා මෙවන්‌ වසංගත අවස්ථාව විදේශික සංචාරකයන්ගේ ආකර්ෂණයට ශ්‍රී ලංකාව පත් නොවීම පුදුමයට කාරනාවක් නොවෙයි.
අවසානයක් නොපෙනෙන කොරෝනා භීෂණය කාලයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තිරයේ හෝටල් හිමියන්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙන් ජාත්‍යන්තර වෙළදපොලට සරිලන තරගකාරී මිලගණන් ලබා දී තම කර්මාන්තය නැවතත් පටන්ගැනීම වඩා සුදුසු බව අවබෝධ කරගත යුතුය. එවිට මුළු රටටම සෞභාග්‍යය උදාකරමින් රුසියානු, යුක්රේනියානු සංචාරකයන් ගෙන්වා ගැනීමේ අභියෝගයට ආත්ම විශ්වාසයෙන් මුහුණ දීමට අපටත් පුලුවන් වෙයි.
“මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්න අර්ථදැක්වෙන රුසියානු ජනාධිපතිගේ ප්‍රස්තාපිරුළු සනාථ කරමින් අපේ සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට ඉදිරියටත් සිදුවන පාඩුව නතර කිරීමට නම් රජයේ සාමුහික වගකීමක් ලෙස සලකා නිරෝධායනය කාලයට ඉවත්කර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල සැදිය යුතුය. එසේම අද අපේ සංචාරක හෝටල් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් නොකළහොත් ලංකාවේ බහුතරයක් සංචාරක ප්‍රජාවට, ඔක්තෝබර් වලින් පටන්ගන්නා ශිත ඍතුවේදීද සුද්දන් පැමිණෙන තෙක් තවදුරටත් බලාසිටිමට සිදුවීම සැමටම කණගාටුදායක පුවතකි.
– උදයාංග වීරතුංග, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?

Related Images:

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ

සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණු බැවින් එහිදී සංචාරකයන් සදහා හිතකාමී සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතුය..

Related Images:

Sri Lanka Tourism

මේ වගේ කාලෙක සංචාරකයෝ රටට ගෙන්වන එක කොයිතරම් අමාරු ද කියල විවේචනය කරන මිනිස්සු දන්නේ නෑ. මෙරට පැමිණි යුක්රේනියානු සංචාරකයන් සියයට 99% ක්ම නිරෝගීයි..

Related Images:

Sri Lanka Tourism Pasikuda

පාසිකුඩා ගම්වැසියන්ගේ ආර්ථිකය ගැටළු වලට විපක්ෂය කිසිමදාක විසදුම් ලබා දෙන්නේත් නැහැ. ඔහුන්ට පොඩි හෝ ආදායමක් උපාය ගැනීමට රුසියානුවන් මෙරටට ගෙන ආ යුතුය..

Related Images: