[:en]සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දින කැබිනට් මණ්ඩලය හමුවකදී මෙසේ පැවසුවේය “ස්කුපොයි ප්ලාතිත් ද්වාෂ්දි”. එහි අර්ථය “මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්නයි. එම රුසියානු ප්‍රස්තා පිරුළු අද හොදින් ගැළපෙන්නේ, සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා අද සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට අසාධාරණ ලෙස සිදූවන පාඩුව පිළිබඳවයි.
ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය. එහිදී සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතුබව අවධාරණය කළේය. අද රුසියානුවන් සදහා සංචාරක විසා බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් පත් දෙකක්ම පුරවා PCR දෙකකට ඩොලර් 80 මුදලක් කලින්ම ගෙවා, පසුව වීසා ගාස්තු වශයෙන් ඩොලර් 35 ක ගෙවීමක් සිදුකර අන්තිමට වීසා නිකුත්කිරීමට දින 3 – 5ක් අතර කාලයක් ගත වීමෙන් ඔප්පු වෙන්නේ තමන්ගේ වාසියට සැලසුම් සහගතව රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර ගැසීමට යම් හස්තයක් ක්‍රියාත්මක වන බවයි. එය සනාථ කරමින් වසර ගණනාවක් පුරාම පැමිණෙන රුසියානු සංචාරකයන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කල ONLINE වීසා, ON ARRIVAL වීසා පවා සරලව ලබා නොදීමෙන් පෙනීයන්නේ කොරෝනා වසංගතය මුවාවෙන්, සංචාරක ක්‍ෂේත්‍රය හැසිරීවීමට රාජ්‍ය තාක්ෂණික යාන්ත්‍රනයක් නිර්මාණය වෙමින් පවතින බවය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලාඑන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පිළිබඳ අවිනිශ්චිත භාවයක් ඇතිවීමයි.
රුසියානු සමුහාණ්ඩුව ඇතුළු පැරණි සෝවියට් රටවල් වලින් අද පැමිණෙන සංචාරකයන් මෙහිදී මුලින්ම උදාහරණයට ගැනීමට බලාපොරොත්තු වෙමි. එහිදී ව්ලැඩ්මියර් ලෙනින් ගේ නායකත්වයෙන් කම්කරු එකතුවෙන් සිදුවූ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස රුසියානු සාර් අධිරාජ්‍යය අවසන්කර සාන්ත පීතර් බර්ග් නගරයේ දී 1917 වර්ෂයේ දී එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය බිහිවූ බව මතක්කල යුතුය. එදා ලෝකයෙන් 1/6 භූමියක් හිමි සෝවියට් දේශය නිර්මාණ වුයේ ප්‍රාන්ත 15 ක් එකට එකතු කරමින්ය. පසුකාලීනව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ මූලිකත්වයෙන්, 1957 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොස්කව් නුවර ආරම්භ කරන ලදී. එහි පළමු තානාපති ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර පත්වූ අතර දැනට මා ඇතුළුව තානාපතිවරුන් විසි දෙනෙක්ම එහි සේවය කර ඇත. එකල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සෝවියට් මිත්‍ර සංගමය සමග පැවතුණු කිට්ටු සම්බන්ධය මෙන්ම වර්ෂ 1963 හා 1974 දී දෙරට අතර සිදුවූ රාජ්‍යතාන්ත්‍රික සංචාර පිළිබඳව මෙන්ම ලොව පළමු අභ්‍යවකාශගාමි යුරි ගගාරින් (1961) හා පළමු කාන්තා අභ්‍යවකාශගාමි වැලෑන්තින් තෙරෙස්කොව (1963) යන අයගේ ලංකා ගමනය ද සිහිපත් කළයුතුය.
එදා ලංකාවට පැමිණි සංචාරකයන් පිළිබඳ නිසි දත්ත නොමැති වුවත් ඉන්ටුරිස් හා ස්පුත්නික් යන රාජ්‍ය ආයතන හරහා සුළු සංචාරක පිරිසක් අප රටට පැමිණියේය. ඊට සමගාමීව ලුලුම්බා මිත්‍රත්වය විශ්වවිද්‍යාලයේ ලාංකික දරුවන්ට 1960 සිට ලැබුණු ශිෂ්‍යත්ව නිසාම 1963 වර්ෂයේ දී සෝවියට් එරෆ්ලොට් ගුවන් ගමන් IL-18 රුසියානු ගුවන් යානාවකින් ආරම්භ විය. පසුව 2000 වර්ෂයේ සිට IL-18 ගුවන්යානාවක් රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්ගමන් සදහා භාවිතා විය. ඇත්තටම මෑත කාලයේදී රුසියාවේ ලියාපදිංචි “කොනේශාන්” හා “මල්දිවියානා” යන ලාංකික ආයතන දෙක රුසියානුවන් ශ්‍රී ලංකාවට රැගෙන කටයුතු කරන ලදී.
රුසියාවේ තානාපතිවරයා ලෙස 2006 වර්ෂයේ දී මා පත්වී පැමිණියාට පසුව ශ්‍රී ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. එසේම එම කාලයේදී රාජ්‍යයන අතර අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් ප්‍රමාණය 35 පමණ විය. ඒ අතර 1960 පසුච, 2011 වර්ෂයේ දී මා විසින් අත්සන් කරන ලද දෙරට අතර නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම ප්‍රයෝජනයට ගෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම මොස්කව් නගරය බලා ඍජු ගමන් 2011 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ඇත්තටම 1957 වර්ෂයේ දී දෙරටේ තානාපති සබදතාවන් ආරම්භයෙන් පසුව අපගේ ජාතික ගුවන් සමාගම මොස්කව් නගරයට පැමිණියේ එදා පලවෙනි වතාවටය. අප 2011 අගෝස්තු 03 දින පළමු වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යාලයක් ආරම්භය කිරීම ද රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට ඍජු ගුවන්ගමන් හේතු සාදකයක් විය. එසේ 80% ගුවන්යානාවට මගීන් සාර්ථකව පිරවීම සිදුකර ඇති මොහොතක දී, අපෙන් දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණෙන් 2015 මාර්තු සිට එම ශ්‍රීලන්කන් ගුවන්ගමන් යහපාලන රජය විසින් නතර නොකරානම් අද රුසියානු සංචාරකයන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට පැමිණිමට තිබුණි.
එදා යහපාලන නඩය ලබාදුන් අමිහිරි අත්දැකීම් ඉතිහාසයට එකතුකරමින්, කොරෝනා වසංගතය ලොවම දණගස්වා ඇති වාතාවරණයක වුවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවට නැවතත් ඍජු ගුවන් ගමන් ආරම්භ කලේ ජනාධිපති තුමාගේ උපදෙස් මත, රටෙහි සංචාරක කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්ය. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඒ330 ගුවන් යානාව අගෝස්තු 01 දා සංචාරකයන් 30 රැගෙන මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වසර 6 කට පසු නැවතත් ආරම්භ විය. එසේ රුසියානු සංචාරක බුබුළ සාර්ථක කරගැනීමේ මාගේ අභියෝගයට ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමාගේ ලැබුණු සහයෝගයට සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලුදෙනාම වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිය පලකළ යුතුය.
මෙහිදී මොස්කව් කොලබ ගුවන් ගමන් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් කළයුතු බව පැහැදිලි කිරීමේන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු සංචාරක ඒජන්සි වලට පමණක් අගෝස්තු 05 සිට ඔක්තෝබර් 31 තෙක් වලංගු වන පරිදි විශේෂ වට්ටම් ගාස්තුවක් යටතේ BUY ONE – GET ONE පැකේජයක් හදුන්වා දීම, මේ මොහොතේ ලාංකික සංචාරක කර්මාන්තයට රජය ලබාදුන් විශාල සහයෝගයක් බව කිව යුතුය. ඇත්තටම එවැනි අඩු ගුවන් ටිකට්පත් ගාස්තුවක් කිසිදු දිනයකදී ශ්‍රී ලන්කන් ලබා දී නැති වුවත් ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේදී ඉතා වදගත්ය. මෙසේ කොරෝනා හේතු කොට ගෙන, මුල්‍ය ශක්තියෙන් පහළට වැටී සිටින මොහොතක රටක ආර්ථීක මර්මස්ථානය ශක්තිමත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිගේ පියවර, රට විවෘත නොකර ආර්ථිකය කඩාවැටෙන තෙක් බලාසිටින බලධාරීන්ට මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තමන්ගේම බුදලයක් සේ තමන්ට අවශ්‍ය ලෙස හැසිරීවීමට උත්සාහ ගන්නාවූ බලධාරීන්ට ඉතා හොද ආදර්ශයක් වියයුතුය.
අද ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත් වීම නිසා සංචාරක හෝටල් සේවකයින් ගෙන් 90% කටම වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත ලබා දී හමාරයි. විදේශිකයන් පමණක් පැමිණිය හැකි “පළමුපෙල හෝටල” වල එන්නත් කරණය සම්පුර්ණ කිරීමෙන් සේවකයින් පමණක් නොව සංචාරකයන් ද සැකයකින් තොරව හෝටල්වල ලැගුම් ගත හැකි බව පවසයි. ඇත්තටම බොහෝ රටවල්වලට තමන්ගේ ජනතාවට එක එන්නතක්වත් දීගන්න බැරුව ඉන්න කොට අපි සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට මේ වන කොට එක් එන්නතක් හෝ ලබාදීමට කටයුතු කරලා තිබීම ගැන ආඩම්බර විය යුතුය.
සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට චාරිකා සුදානම් කිරීමට එදා කිසිදු අවසරයක් අවශ්‍ය නොවුනත් අද සංචාරක මණ්ඩලයට දින 2ක් කලින්ම එම සංචාරක චාරිකාව පිළිබඳ සියලුම තොරතුරු ලබා දී එයට අනුමැතිය ලබාගැනීමට නීති සකස්කිරීම නිසා පෙනීයන්නේ රජය අනවශ්‍යය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවයි. එවැනි අද්භූත හස්තයන්ගේ බලය ශුන්‍යකර, නොපමාව රජය විසින් ගතයුතු විසදුම වන්නේ දින 14ක් හෝටල් තුල සිර නොකර, නිරෝධායනය කාලය දින 3කට හෝ අඩුකර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල ඇතිකිරීමය. ඇත්තටම අප පිළිගත යුතු යථාර්ථය නම් රුසියානු හෝ යුක්රේන් සංචාරකයින් ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් දින 10 ක කාලයකටය. එසේ ලංකාවට පැමිණ හෝටලයකට වී සිර ගතව සිටීමට සංචාරකයෙකුට අවශ්‍යතාවයක් නැත. එ්වා සංචාරකයින්ට ශ්‍රී ලංකාව එපා කරවීමට සිදු කරන දේවල් විනා, එය සංචාරක ව්‍යාපාරය ඔසවා තැබිමේ උපාය මාර්ග ලෙස සැලකිය හැකි නොවේ. අද රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර දෙන මෙවන් රීතියන් නිසාම මෙතෙක් කිසිදු ගුවන්යානාවක් එසේ සංචාරකයන් රැගෙනවිත් නැති නමුත් “සංචාරක බුබුල” යටතේ අප රටට ගුවන්යානා 39 ක් ඉතා සාර්ථකව ගෙන්වා ඇති බලධාරීන්ට මතක්කර සිටිමු. එහි සාර්ථකතත්වය උපයෝගීම කර ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පසුගිය දින මොස්කව් සිට සංචාරකයන් 30 ක් පමණක් රැගෙන ඒමට සිදුවූයේ ද එසේම මෙම 08 වෙනිදා රුසියානු වන 25ක් පැමිණෙන්නේ ද මෙම දින 14ක නිරෝධායනය කාලයට ඔහුන්ගේ අකමැත්ත නිසාමයි. එසේ නමුත් රුසියානුවන් වසරකට මිලියන 20 පමණ එතෙර සංචාරය කරයි.
අපි සංචාරකයන් හට පැමිණීමට නොයෙක් බදා පනවා ඇති බැවින් ලංකාවට පළමු මාස 7ක් තුල පැමිණ ඇත්තේ 17,700 ආසන්න ප්‍රමාණයකි. එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන් සමස්ථයෙන් 32% කි. ඇත්තෙන්ම එසේ මාලදිවයිනට සංචාරකයන් පැමිණීමට හේතුව එරට බලධාරීන් විසින් සංචාරක සදහා හිතකාමී සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබාදීමය. එමෙන්ම ලාංකික සංචාරක කර්මාන්තයේ නියතු ශ්‍රමිකයන් අභියෝග, අවදානම් වලට මුහුණ දීමට ඇති අලසකම බව ද කිව යුතුය.
2019 වර්ෂයේ දී සංචාරකයන් මිලියන 39.9 පැමිණි තායිලන්තය එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් සදහා නිරෝධායනයෙන් තොරව පූකට් (Phuket) වෙරළ තිරයේ නිදහස භූක්ති විඳීමට එරට බලධාරීන් ජූලි 01 දා සිට අවසරය දුන්නේය. එසේ නමුත් පසුගිය මාසයේ දී සංචාරකයන් එරට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. ඒ අතර බහුතරය රුසියානුවන් නොවන බැවින් අපටත් එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් පැමිණීමට අවකාශය ඉතා අඩු බව බලධාරීන් තේරුම් ගතයුතුය. එසේම සංචාරකයන් නිරෝධායනයෙන් තොරව නිදහස් රටවලට පමණක්ම සංචාරය කරන බව පැහැදිලිව පෙන්නුම්කරන රටවල් අතර 2019 වසරේදී මිලියන 13 ක් පැමිණි තුර්කිය හා 2019 වසරේදී මිලියන 24 ක් පැමිණි ඊජ්ප්තුව ප්‍රධාන තැනක් හිමිකර ගනී.
ඒ අතර නොයෙකුත් උපායයන් ක්‍රියාත්මක කරමින් විදේශිකයන්ට වසරකට වීසා ලබා දීමට මැතක දී සංචාරක මණ්ඩලයේ යෝජනාව ද කිසිසේත් සංචාරකයන් වෙනුවෙන් නොව බලධාරීන් පෝෂණය කරන එන්.ජී.ඔ නඩ වලට මෙහි කඳවුරු ගසා ගැනීමට මෙන්ම සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවශ්‍යවූ සේවාවන් සරලව ලබාදීමක් බව වටහා ගැනීමට ලාංකික අපට අමාරු නැත. ඇත්තටම පසුගිය වසර ගානක්ම පුරාම සංචාරකයන් සදහා මාසයක කාලයකට නිකුත්කල සංචාරක වීසා බලපත්‍රය වෙනස් කිරීමට අනවශ්‍ය බව වැඩි පිරිසකගේ මතයයි. මන්ද යත් සැබැවින්ම සංචාරකයෙකු සති දෙකකට වඩා අප රටේ ගත කරන්නේ නැති බැවිනි. ඉඳහිට හෝ එවැන්නෙකු ගත කරන වැඩිම කාලය දින 21කි. අද අප රටෙහි මාස ගණනක් වසර ගණනක් රැදී සිටින බොහෝ විදේශිකයන් වෙනත් ව්‍යාපාරය නිරත පුද්ගලයන් බව මෙම බලධාරීන් හොදින්ම දනිති.
කොරෝනා වසංගතය හා පාස්කු ප්‍රහාරය ගැන දොඩවමින්, අවාසනාවට මුල්තැන දීලා, කම්මැලි කමට, හැමදේටම රජයට බනින්න බලාගෙන සිටින ආත්මාර්ථකාමීන් පිරිසක් ද ඕනෑම ජන සමාජයක මෙන්ම ලංකාවේ ද මා දුටුවේය. ඔහුන්ගේම කථාවෙන්ම කියනවා නම් අපි අවුරුදු 2 කින් සුද්දෙක් හරියට දැක්කෙත් නැහැලු. ඒ පාස්කු ප්‍රහාරයම නිසා පමණක්ම නොවෙයි. එදා රාජපක්ෂ රජය සිදුකල සංචාරක ප්‍රවර්ධනය කටයුතු අඩපණ වීම ද බලපෑව නිසයි. ඒ නිසා මෙවන් වසංගත අවස්ථාව විදේශික සංචාරකයන්ගේ ආකර්ෂණයට ශ්‍රී ලංකාව පත් නොවීම පුදුමයට කාරනාවක් නොවෙයි.
අවසානයක් නොපෙනෙන කොරෝනා භීෂණය කාලයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තිරයේ හෝටල් හිමියන්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙන් ජාත්‍යන්තර වෙළදපොලට සරිලන තරගකාරී මිලගණන් ලබා දී තම කර්මාන්තය නැවතත් පටන්ගැනීම වඩා සුදුසු බව අවබෝධ කරගත යුතුය. එවිට මුළු රටටම සෞභාග්‍යය උදාකරමින් රුසියානු, යුක්රේනියානු සංචාරකයන් ගෙන්වා ගැනීමේ අභියෝගයට ආත්ම විශ්වාසයෙන් මුහුණ දීමට අපටත් පුලුවන් වෙයි.
“මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්න අර්ථදැක්වෙන රුසියානු ජනාධිපතිගේ ප්‍රස්තාපිරුළු සනාථ කරමින් අපේ සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට ඉදිරියටත් සිදුවන පාඩුව නතර කිරීමට නම් රජයේ සාමුහික වගකීමක් ලෙස සලකා නිරෝධායනය කාලයට ඉවත්කර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල සැදිය යුතුය. එසේම අද අපේ සංචාරක හෝටල් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් නොකළහොත් ලංකාවේ බහුතරයක් සංචාරක ප්‍රජාවට, ඔක්තෝබර් වලින් පටන්ගන්නා ශිත ඍතුවේදීද සුද්දන් පැමිණෙන තෙක් තවදුරටත් බලාසිටිමට සිදුවීම සැමටම කණගාටුදායක පුවතකි.
– උදයාංග වීරතුංග, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?[:ru]Туристы приходят с обоими прививкой?
Президент России Владимир Путин сказал на недавнем заседании кабинета министров: Это означает «платит дважды за скупость».
Правительство готово возобновить деятельность туристической индустрии Шри-Ланки перед лицом глобальной эпидемии, заявил министр финансов Басил Раджапакса на прошлой неделе в ходе обсуждения с представителями секторов туризма. Он подчеркнул, что рекомендации по охране здоровья, а также процедура выдачи визы должны быть простыми, чтобы туристам не приходилось ехать в Шри-Ланку. Сегодня россияне заполняют два заявления на получение туристической визы, платят 80 долларов заранее за два PCR, затем платят 35 долларов за визу и, наконец, оформляют визу от 3 до 5 дней, что является ударом для экономики страны. Heartland в их собственных интересах. Что определенная рука активна в такт. Доказательством этого является тот факт, что Департамент иммиграции и эмиграции, который выдает онлайн-визы и даже визы ПО ПРИБЫТИЮ для российских путешественников в течение многих лет, не был предоставлен, что указывает на то, что в настоящее время используются самые современные технологии. создан для работы с туристической отраслью под прикрытием эпидемии короны. Такая рука создаст неопределенность в отношении защиты иностранной валюты, поступающей в страну в решающий момент.
Сегодня я хотел бы привести первый пример туристов, приезжающих из бывшего Советского Союза, в том числе из Российской Федерации. Следует отметить, что Объединенная Социалистическая Советская Республика была образована в 1917 году в Санкт-Петербурге после распада Российской царской империи в результате Октябрьской революции под руководством Владимира Ленина. Советский Союз, который в то время составлял 1/6 суши в мире, был создан путем объединения 15 провинций. Позже s. W.W. Р. Д. Посольство Шри-Ланки было открыто в Москве в феврале 1957 года под руководством премьер-министра Бандаранаике. Проф. Гунапала Малаласекера был назначен первым послом, и в настоящее время у него двадцать послов, включая меня. Тесная связь тогдашнего премьер-министра Сиримаво Бандаранаике с Советским Союзом, а также дипломатические визиты между двумя странами в период с 1963 по 1974 год, а также визит первого в мире астронавта Юрия Гагарина (1961) и первой женщины-космонавта Валентины Тереско (1963) следует вспомнить.
Хотя в то время нет достоверных данных о количестве туристов, посетивших Шри-Ланку, небольшое количество туристов приехали в нашу страну через государственные учреждения, такие как Inturis и Sputnik. Одновременно с этим в 1963 году был запущен рейс Ил-18 советского авиалайнера Lulumba Friendship – стипендия для студентов из Шри-Ланки, обучающихся в университете с 1960 года. С 2000 года самолет Ил-18 используется для полетов в аэропорту Ратмалана. Фактически, в последнее время две российские компании, зарегистрированные в России, Конешан и Мальдивиана, были привезены на Шри-Ланку русскими.
С момента моего назначения послом в России в 2006 году мне удалось увеличить количество россиян, посещающих Шри-Ланку, в 28 раз. При этом между двумя странами подписано около 35 двусторонних соглашений. Между тем, SriLankan Airlines открыла прямые рейсы в Москву в октябре 2011 года, воспользовавшись новым двусторонним авиационным соглашением между двумя странами, которое я подписал в 1960 и 2011 годах. Фактически, наш национальный авиаперевозчик прибыл в Москву впервые с начала дипломатических отношений между двумя странами в 1957 году. Мы также впервые открыли офис SriLankan Airlines 3 августа 2011 года, что стало прямым фактором роста числа прибытий российских туристов. В то время как 80% самолетов были успешно загружены пассажирами, почти 800 000 российских туристов прибыли бы в Шри-Ланку ежегодно сегодня, если бы SriLankan Airlines не была остановлена правительством с марта 2015 года из соображений политической мести.
В дополнение к горькому опыту команды надлежащего управления того времени, SriLankan Airlines возобновила прямые рейсы в Россию, несмотря на эпидемию короны, которая поставила мир на колени. Соответственно, самолет A330 SriLankan Airlines с 30 пассажирами на борту возобновил прямые рейсы из Москвы в Коломбо 1 августа, шесть лет спустя. Особая благодарность президенту и председателю правления SriLankan Airlines от имени всех, кто вовлечен в туристическую индустрию, за их поддержку в моей задаче по превращению российского туристического пузыря в успех.
После объяснения того, что цены на авиабилеты Москва-Коломбо должны быть скорректированы в соответствии с российским рынком по сравнению с турецким государством, а также с Египтом, председатель SriLankan Airlines незамедлительно примет меры со специальной скидкой, действующей только для российских туристических агентств с 5 августа. до 31 октября. Внедрение пакета «КУПИТЬ ОДИН – ПОЛУЧИТЬ ОДИН» – один из основных вкладов правительства в туристическую индустрию Шри-Ланки в настоящее время. На самом деле, Шри-Ланка никогда не платила такой низкой стоимости авиабилета, но иностранная валюта, заработанная страной с его помощью, очень важна в настоящее время. Шаги, предпринятые председателем SriLankan Airlines по укреплению экономического ядра страны в то время, когда страна находится в состоянии финансового упадка из-за короны, должны принести большую пользу властям, которые ждут краха страны. экономика, не открывая страну, а также власти, которые пытаются сделать индустрию туризма своей собственностью.
Сегодня при вмешательстве министра спорта более 90% сотрудников туристических отелей вакцинированы от короны. Он сказал, что, пройдя вакцинацию в «первоклассных отелях», которые могут посещать только иностранцы, не только сотрудники, но и туристы могут без всяких сомнений останавливаться в отелях. Фактически, когда многие страны не могут дать ни одной вакцины своему народу, мы должны гордиться тем, что нам удалось вакцинировать по крайней мере одну вакцину более чем 60% всего населения.
Хотя в то время не требовалось разрешения для организации поездок, чтобы отвезти туристов к достопримечательностям Шри-Ланки, похоже, что правительство без необходимости вмешивается в дела частного сектора, предоставляя всю информацию о туре Совету по туризму за два дня и делая законы, чтобы его утвердили. Решение, которое правительство должно принять немедленно, чтобы свести на нет силу таких таинственных рук, – это сократить период карантина до 14 дней, не помещая их в отели на 14 дней, и создать в стране благоприятную для туристов среду. Фактически, мы должны принять тот факт, что российские или украинские туристы обычно приезжают на Шри-Ланку на срок 10 дней. Туристу нет необходимости приезжать в Шри-Ланку, останавливаться в отеле и сидеть в тюрьме. Их нельзя рассматривать как стратегию развития индустрии туризма, кроме как заставить туристов неохотно посещать Шри-Ланку. Мы хотели бы напомнить властям, что до сих пор такие самолеты не использовались из-за такой политики, направленной против экономического центра в стране сегодня, но мы успешно импортировали в нашу страну 39 самолетов в рамках «туристического пузыря». Пользуясь успехом, SriLankan Airlines накануне должна была доставить из Москвы всего 30 туристов, а 8-го числа прибыло 25 россиян из-за нежелания во время 14-дневного карантина. Но россияне путешествуют более 20 миллионов в год.
За первые семь месяцев в Шри-Ланку прибыло около 17 700 туристов, поскольку мы совершали различные задержки для туристов. За это время Мальдивы посетили 617 791 турист. Туристы из России, Украины и Казахстана составляют 32% от общего числа туристов. Фактически, причина, по которой туристы приезжают на Мальдивы, заключается в том, что мальдивские власти предоставляют ряд полезных для туристов рекомендаций по здоровью. Следует также отметить, что штатные работники туристической индустрии Шри-Ланки ленивы сталкиваться с проблемами и рисками.
С прибытием 39,9 миллиона туристов в 2019 году власти Таиланда позволили побережью Пхукета с 1 июля пользоваться свободой без карантина для туристов, которые прошли обе вакцинации. Однако в прошлом месяце страну посетили всего 14 055 туристов. Власти должны понимать, что, поскольку большинство из них не русские, вероятность того, что к нам приедут туристы, прошедшие обе вакцинации, очень мала. Турция, у которой в 2019 году было 13 миллионов посетителей, и Египет, у которой в 2019 году было 24 миллиона посетителей, входят в число стран, которые дали понять, что туристы едут только в свободные страны без карантина.
Египет занимает лидирующие позиции.
В то же время нам, шриланкийцам, трудно понять, что недавнее предложение Совета по туризму выдавать годовые визы иностранцам путем реализации различных стратегий касается не только туристов, но и неправительственных организаций, которые кормят власти лагеря. здесь и просто предоставлять услуги, требуемые Индией, через CEPA. Фактически, большинство людей считает, что нет необходимости менять месячную туристическую визу, выдаваемую туристам на протяжении многих лет. Ведь на самом деле турист не проводит в нашей стране больше двух недель. Иногда бывает максимум 21 день. Эти власти прекрасно понимают, что многие иностранцы, которые остаются в нашей стране на месяцы и годы сегодня, являются людьми, занимающимися другим бизнесом.
Я видел в нашем обществе, а также в Шри-Ланке группу эгоистичных людей, которые, сетуя на эпидемию короны и пасхальную атаку, уделяют приоритетное внимание лени и ждут, чтобы обвинить во всем правительство. По их собственным словам, мы не видели белого человека два года. И не только из-за пасхальной атаки. Это связано с тем, что деятельность по продвижению туризма, проводимая правительством Раджапаксы в то время, была затруднена. Поэтому неудивительно, что Шри-Ланку такая эпидемия не привлекала иностранных туристов.
Во времена бесконечного террора, связанного с короной, отельеры в шри-ланкийских морях, такие как SriLankan Airlines, должны понимать, что лучше возобновить свой бизнес, предлагая конкурентоспособные цены, соответствующие мировому рынку. Тогда мы тоже сможем с уверенностью принять вызов российских и украинских туристов, неся процветание всей стране.
Подтверждая девиз президента России «платить вдвое больше за скупость», стране необходимо создать благоприятную для туристов среду, время от времени снимая карантин, что является коллективной обязанностью правительства остановить дальнейшие убытки шри-ланкийцев в сфере туризма. промышленности из-за бесхозяйственности нашего руководителя туризма. Печальная новость, что большинству туристического сообщества Шри-Ланки придется ждать прибытия белых в зимний сезон, начинающийся в октябре, если только российский рынок не изменится в соответствии с турецким государством. а также Египет.
– Удаянга Виратунга, бывший посол Шри-Ланки в России.
සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?[:SI]සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දින කැබිනට් මණ්ඩලය හමුවකදී මෙසේ පැවසුවේය “ස්කුපොයි ප්ලාතිත් ද්වාෂ්දි”. එහි අර්ථය “මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්නයි. එම රුසියානු ප්‍රස්තා පිරුළු අද හොදින් ගැළපෙන්නේ, සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා අද සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට අසාධාරණ ලෙස සිදූවන පාඩුව පිළිබඳවයි.
ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළේය. එහිදී සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ මෙන්ම වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදය පහසු විය යුතුබව අවධාරණය කළේය. අද රුසියානුවන් සදහා සංචාරක විසා බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් පත් දෙකක්ම පුරවා PCR දෙකකට ඩොලර් 80 මුදලක් කලින්ම ගෙවා, පසුව වීසා ගාස්තු වශයෙන් ඩොලර් 35 ක ගෙවීමක් සිදුකර අන්තිමට වීසා නිකුත්කිරීමට දින 3 – 5ක් අතර කාලයක් ගත වීමෙන් ඔප්පු වෙන්නේ තමන්ගේ වාසියට සැලසුම් සහගතව රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර ගැසීමට යම් හස්තයක් ක්‍රියාත්මක වන බවයි. එය සනාථ කරමින් වසර ගණනාවක් පුරාම පැමිණෙන රුසියානු සංචාරකයන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කල ONLINE වීසා, ON ARRIVAL වීසා පවා සරලව ලබා නොදීමෙන් පෙනීයන්නේ කොරෝනා වසංගතය මුවාවෙන්, සංචාරක ක්‍ෂේත්‍රය හැසිරීවීමට රාජ්‍ය තාක්ෂණික යාන්ත්‍රනයක් නිර්මාණය වෙමින් පවතින බවය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලාඑන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පිළිබඳ අවිනිශ්චිත භාවයක් ඇතිවීමයි.
රුසියානු සමුහාණ්ඩුව ඇතුළු පැරණි සෝවියට් රටවල් වලින් අද පැමිණෙන සංචාරකයන් මෙහිදී මුලින්ම උදාහරණයට ගැනීමට බලාපොරොත්තු වෙමි. එහිදී ව්ලැඩ්මියර් ලෙනින් ගේ නායකත්වයෙන් කම්කරු එකතුවෙන් සිදුවූ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස රුසියානු සාර් අධිරාජ්‍යය අවසන්කර සාන්ත පීතර් බර්ග් නගරයේ දී 1917 වර්ෂයේ දී එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය බිහිවූ බව මතක්කල යුතුය. එදා ලෝකයෙන් 1/6 භූමියක් හිමි සෝවියට් දේශය නිර්මාණ වුයේ ප්‍රාන්ත 15 ක් එකට එකතු කරමින්ය. පසුකාලීනව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ මූලිකත්වයෙන්, 1957 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොස්කව් නුවර ආරම්භ කරන ලදී. එහි පළමු තානාපති ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර පත්වූ අතර දැනට මා ඇතුළුව තානාපතිවරුන් විසි දෙනෙක්ම එහි සේවය කර ඇත. එකල සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සෝවියට් මිත්‍ර සංගමය සමග පැවතුණු කිට්ටු සම්බන්ධය මෙන්ම වර්ෂ 1963 හා 1974 දී දෙරට අතර සිදුවූ රාජ්‍යතාන්ත්‍රික සංචාර පිළිබඳව මෙන්ම ලොව පළමු අභ්‍යවකාශගාමි යුරි ගගාරින් (1961) හා පළමු කාන්තා අභ්‍යවකාශගාමි වැලෑන්තින් තෙරෙස්කොව (1963) යන අයගේ ලංකා ගමනය ද සිහිපත් කළයුතුය.
එදා ලංකාවට පැමිණි සංචාරකයන් පිළිබඳ නිසි දත්ත නොමැති වුවත් ඉන්ටුරිස් හා ස්පුත්නික් යන රාජ්‍ය ආයතන හරහා සුළු සංචාරක පිරිසක් අප රටට පැමිණියේය. ඊට සමගාමීව ලුලුම්බා මිත්‍රත්වය විශ්වවිද්‍යාලයේ ලාංකික දරුවන්ට 1960 සිට ලැබුණු ශිෂ්‍යත්ව නිසාම 1963 වර්ෂයේ දී සෝවියට් එරෆ්ලොට් ගුවන් ගමන් IL-18 රුසියානු ගුවන් යානාවකින් ආරම්භ විය. පසුව 2000 වර්ෂයේ සිට IL-18 ගුවන්යානාවක් රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්ගමන් සදහා භාවිතා විය. ඇත්තටම මෑත කාලයේදී රුසියාවේ ලියාපදිංචි “කොනේශාන්” හා “මල්දිවියානා” යන ලාංකික ආයතන දෙක රුසියානුවන් ශ්‍රී ලංකාවට රැගෙන කටයුතු කරන ලදී.
රුසියාවේ තානාපතිවරයා ලෙස 2006 වර්ෂයේ දී මා පත්වී පැමිණියාට පසුව ශ්‍රී ලංකාවට රුසියානුවන්ගේ පැමිණීම 28 ගුණයකින් වැඩි කිරීමට මා සමත් වූවෙමි. එසේම එම කාලයේදී රාජ්‍යයන අතර අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් ප්‍රමාණය 35 පමණ විය. ඒ අතර 1960 පසුච, 2011 වර්ෂයේ දී මා විසින් අත්සන් කරන ලද දෙරට අතර නව ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම ප්‍රයෝජනයට ගෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම මොස්කව් නගරය බලා ඍජු ගමන් 2011 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ඇත්තටම 1957 වර්ෂයේ දී දෙරටේ තානාපති සබදතාවන් ආරම්භයෙන් පසුව අපගේ ජාතික ගුවන් සමාගම මොස්කව් නගරයට පැමිණියේ එදා පලවෙනි වතාවටය. අප 2011 අගෝස්තු 03 දින පළමු වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යාලයක් ආරම්භය කිරීම ද රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට ඍජු ගුවන්ගමන් හේතු සාදකයක් විය. එසේ 80% ගුවන්යානාවට මගීන් සාර්ථකව පිරවීම සිදුකර ඇති මොහොතක දී, අපෙන් දේශපාලන වශයෙන් පළිගැනීමේ අරමුණෙන් 2015 මාර්තු සිට එම ශ්‍රීලන්කන් ගුවන්ගමන් යහපාලන රජය විසින් නතර නොකරානම් අද රුසියානු සංචාරකයන් ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව ලංකාවට පැමිණිමට තිබුණි.
එදා යහපාලන නඩය ලබාදුන් අමිහිරි අත්දැකීම් ඉතිහාසයට එකතුකරමින්, කොරෝනා වසංගතය ලොවම දණගස්වා ඇති වාතාවරණයක වුවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුසියාවට නැවතත් ඍජු ගුවන් ගමන් ආරම්භ කලේ ජනාධිපති තුමාගේ උපදෙස් මත, රටෙහි සංචාරක කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු ඇති කරමින්ය. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඒ330 ගුවන් යානාව අගෝස්තු 01 දා සංචාරකයන් 30 රැගෙන මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වසර 6 කට පසු නැවතත් ආරම්භ විය. එසේ රුසියානු සංචාරක බුබුළ සාර්ථක කරගැනීමේ මාගේ අභියෝගයට ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමාගේ ලැබුණු සහයෝගයට සංචාරක ව්‍යාපාරයේ නියුතු සියලුදෙනාම වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිය පලකළ යුතුය.
මෙහිදී මොස්කව් කොලබ ගුවන් ගමන් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් කළයුතු බව පැහැදිලි කිරීමේන් පසු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිතුමා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියානු සංචාරක ඒජන්සි වලට පමණක් අගෝස්තු 05 සිට ඔක්තෝබර් 31 තෙක් වලංගු වන පරිදි විශේෂ වට්ටම් ගාස්තුවක් යටතේ BUY ONE – GET ONE පැකේජයක් හදුන්වා දීම, මේ මොහොතේ ලාංකික සංචාරක කර්මාන්තයට රජය ලබාදුන් විශාල සහයෝගයක් බව කිව යුතුය. ඇත්තටම එවැනි අඩු ගුවන් ටිකට්පත් ගාස්තුවක් කිසිදු දිනයකදී ශ්‍රී ලන්කන් ලබා දී නැති වුවත් ඒ හරහා රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේදී ඉතා වදගත්ය. මෙසේ කොරෝනා හේතු කොට ගෙන, මුල්‍ය ශක්තියෙන් පහළට වැටී සිටින මොහොතක රටක ආර්ථීක මර්මස්ථානය ශක්තිමත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිගේ පියවර, රට විවෘත නොකර ආර්ථිකය කඩාවැටෙන තෙක් බලාසිටින බලධාරීන්ට මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තමන්ගේම බුදලයක් සේ තමන්ට අවශ්‍ය ලෙස හැසිරීවීමට උත්සාහ ගන්නාවූ බලධාරීන්ට ඉතා හොද ආදර්ශයක් වියයුතුය.
අද ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත් වීම නිසා සංචාරක හෝටල් සේවකයින් ගෙන් 90% කටම වැඩි ප්‍රමාණයකට කොරෝනා එන්නත ලබා දී හමාරයි. විදේශිකයන් පමණක් පැමිණිය හැකි “පළමුපෙල හෝටල” වල එන්නත් කරණය සම්පුර්ණ කිරීමෙන් සේවකයින් පමණක් නොව සංචාරකයන් ද සැකයකින් තොරව හෝටල්වල ලැගුම් ගත හැකි බව පවසයි. ඇත්තටම බොහෝ රටවල්වලට තමන්ගේ ජනතාවට එක එන්නතක්වත් දීගන්න බැරුව ඉන්න කොට අපි සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසකට මේ වන කොට එක් එන්නතක් හෝ ලබාදීමට කටයුතු කරලා තිබීම ගැන ආඩම්බර විය යුතුය.
සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට චාරිකා සුදානම් කිරීමට එදා කිසිදු අවසරයක් අවශ්‍ය නොවුනත් අද සංචාරක මණ්ඩලයට දින 2ක් කලින්ම එම සංචාරක චාරිකාව පිළිබඳ සියලුම තොරතුරු ලබා දී එයට අනුමැතිය ලබාගැනීමට නීති සකස්කිරීම නිසා පෙනීයන්නේ රජය අනවශ්‍යය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවයි. එවැනි අද්භූත හස්තයන්ගේ බලය ශුන්‍යකර, නොපමාව රජය විසින් ගතයුතු විසදුම වන්නේ දින 14ක් හෝටල් තුල සිර නොකර, නිරෝධායනය කාලය දින 3කට හෝ අඩුකර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල ඇතිකිරීමය. ඇත්තටම අප පිළිගත යුතු යථාර්ථය නම් රුසියානු හෝ යුක්රේන් සංචාරකයින් ලංකාවට පැමිණෙන්නේ සාමාන්‍යයෙන් දින 10 ක කාලයකටය. එසේ ලංකාවට පැමිණ හෝටලයකට වී සිර ගතව සිටීමට සංචාරකයෙකුට අවශ්‍යතාවයක් නැත. එ්වා සංචාරකයින්ට ශ්‍රී ලංකාව එපා කරවීමට සිදු කරන දේවල් විනා, එය සංචාරක ව්‍යාපාරය ඔසවා තැබිමේ උපාය මාර්ග ලෙස සැලකිය හැකි නොවේ. අද රටෙහි ආර්ථීක මර්මස්ථානයකට පහර දෙන මෙවන් රීතියන් නිසාම මෙතෙක් කිසිදු ගුවන්යානාවක් එසේ සංචාරකයන් රැගෙනවිත් නැති නමුත් “සංචාරක බුබුල” යටතේ අප රටට ගුවන්යානා 39 ක් ඉතා සාර්ථකව ගෙන්වා ඇති බලධාරීන්ට මතක්කර සිටිමු. එහි සාර්ථකතත්වය උපයෝගීම කර ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පසුගිය දින මොස්කව් සිට සංචාරකයන් 30 ක් පමණක් රැගෙන ඒමට සිදුවූයේ ද එසේම මෙම 08 වෙනිදා රුසියානු වන 25ක් පැමිණෙන්නේ ද මෙම දින 14ක නිරෝධායනය කාලයට ඔහුන්ගේ අකමැත්ත නිසාමයි. එසේ නමුත් රුසියානුවන් වසරකට මිලියන 20 පමණ එතෙර සංචාරය කරයි.
අපි සංචාරකයන් හට පැමිණීමට නොයෙක් බදා පනවා ඇති බැවින් ලංකාවට පළමු මාස 7ක් තුල පැමිණ ඇත්තේ 17,700 ආසන්න ප්‍රමාණයකි. එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 617,791 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන් සමස්ථයෙන් 32% කි. ඇත්තෙන්ම එසේ මාලදිවයිනට සංචාරකයන් පැමිණීමට හේතුව එරට බලධාරීන් විසින් සංචාරක සදහා හිතකාමී සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබාදීමය. එමෙන්ම ලාංකික සංචාරක කර්මාන්තයේ නියතු ශ්‍රමිකයන් අභියෝග, අවදානම් වලට මුහුණ දීමට ඇති අලසකම බව ද කිව යුතුය.
2019 වර්ෂයේ දී සංචාරකයන් මිලියන 39.9 පැමිණි තායිලන්තය එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් සදහා නිරෝධායනයෙන් තොරව පූකට් (Phuket) වෙරළ තිරයේ නිදහස භූක්ති විඳීමට එරට බලධාරීන් ජූලි 01 දා සිට අවසරය දුන්නේය. එසේ නමුත් පසුගිය මාසයේ දී සංචාරකයන් එරට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. ඒ අතර බහුතරය රුසියානුවන් නොවන බැවින් අපටත් එන්නත් දෙකම සම්පුර්ණ කල සංචාරකයන් පැමිණීමට අවකාශය ඉතා අඩු බව බලධාරීන් තේරුම් ගතයුතුය. එසේම සංචාරකයන් නිරෝධායනයෙන් තොරව නිදහස් රටවලට පමණක්ම සංචාරය කරන බව පැහැදිලිව පෙන්නුම්කරන රටවල් අතර 2019 වසරේදී මිලියන 13 ක් පැමිණි තුර්කිය හා 2019 වසරේදී මිලියන 24 ක් පැමිණි ඊජ්ප්තුව ප්‍රධාන තැනක් හිමිකර ගනී.
ඒ අතර නොයෙකුත් උපායයන් ක්‍රියාත්මක කරමින් විදේශිකයන්ට වසරකට වීසා ලබා දීමට මැතක දී සංචාරක මණ්ඩලයේ යෝජනාව ද කිසිසේත් සංචාරකයන් වෙනුවෙන් නොව බලධාරීන් පෝෂණය කරන එන්.ජී.ඔ නඩ වලට මෙහි කඳවුරු ගසා ගැනීමට මෙන්ම සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවශ්‍යවූ සේවාවන් සරලව ලබාදීමක් බව වටහා ගැනීමට ලාංකික අපට අමාරු නැත. ඇත්තටම පසුගිය වසර ගානක්ම පුරාම සංචාරකයන් සදහා මාසයක කාලයකට නිකුත්කල සංචාරක වීසා බලපත්‍රය වෙනස් කිරීමට අනවශ්‍ය බව වැඩි පිරිසකගේ මතයයි. මන්ද යත් සැබැවින්ම සංචාරකයෙකු සති දෙකකට වඩා අප රටේ ගත කරන්නේ නැති බැවිනි. ඉඳහිට හෝ එවැන්නෙකු ගත කරන වැඩිම කාලය දින 21කි. අද අප රටෙහි මාස ගණනක් වසර ගණනක් රැදී සිටින බොහෝ විදේශිකයන් වෙනත් ව්‍යාපාරය නිරත පුද්ගලයන් බව මෙම බලධාරීන් හොදින්ම දනිති.
කොරෝනා වසංගතය හා පාස්කු ප්‍රහාරය ගැන දොඩවමින්, අවාසනාවට මුල්තැන දීලා, කම්මැලි කමට, හැමදේටම රජයට බනින්න බලාගෙන සිටින ආත්මාර්ථකාමීන් පිරිසක් ද ඕනෑම ජන සමාජයක මෙන්ම ලංකාවේ ද මා දුටුවේය. ඔහුන්ගේම කථාවෙන්ම කියනවා නම් අපි අවුරුදු 2 කින් සුද්දෙක් හරියට දැක්කෙත් නැහැලු. ඒ පාස්කු ප්‍රහාරයම නිසා පමණක්ම නොවෙයි. එදා රාජපක්ෂ රජය සිදුකල සංචාරක ප්‍රවර්ධනය කටයුතු අඩපණ වීම ද බලපෑව නිසයි. ඒ නිසා මෙවන් වසංගත අවස්ථාව විදේශික සංචාරකයන්ගේ ආකර්ෂණයට ශ්‍රී ලංකාව පත් නොවීම පුදුමයට කාරනාවක් නොවෙයි.
අවසානයක් නොපෙනෙන කොරෝනා භීෂණය කාලයේ දී ශ්‍රී ලංකාවේ මුහුදු තිරයේ හෝටල් හිමියන්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙන් ජාත්‍යන්තර වෙළදපොලට සරිලන තරගකාරී මිලගණන් ලබා දී තම කර්මාන්තය නැවතත් පටන්ගැනීම වඩා සුදුසු බව අවබෝධ කරගත යුතුය. එවිට මුළු රටටම සෞභාග්‍යය උදාකරමින් රුසියානු, යුක්රේනියානු සංචාරකයන් ගෙන්වා ගැනීමේ අභියෝගයට ආත්ම විශ්වාසයෙන් මුහුණ දීමට අපටත් පුලුවන් වෙයි.
“මසුරුකම නිසා දෙවරක් මුදල් ගෙවයි” යන්න අර්ථදැක්වෙන රුසියානු ජනාධිපතිගේ ප්‍රස්තාපිරුළු සනාථ කරමින් අපේ සංචාරක ප්‍රධානියාගේ මසුරුකම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු ලාංකිකයන්ට ඉදිරියටත් සිදුවන පාඩුව නතර කිරීමට නම් රජයේ සාමුහික වගකීමක් ලෙස සලකා නිරෝධායනය කාලයට ඉවත්කර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල සැදිය යුතුය. එසේම අද අපේ සංචාරක හෝටල් ගාස්තු, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව ට සාපේක්ෂව රුසියානු වෙළදපොලට සරිලනසේ වෙනස් නොකළහොත් ලංකාවේ බහුතරයක් සංචාරක ප්‍රජාවට, ඔක්තෝබර් වලින් පටන්ගන්නා ශිත ඍතුවේදීද සුද්දන් පැමිණෙන තෙක් තවදුරටත් බලාසිටිමට සිදුවීම සැමටම කණගාටුදායක පුවතකි.
– උදයාංග වීරතුංග, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
සංචාරකයන් එන්නේ එන්නත් දෙකම ගහගෙනද?[:]