[:en]අතීතයේ සිට නොනැසී පවතින ශ්‍රී ලංකා – රුසියා දෙරට අතර මිත්‍රත්ව සබඳතා..🇱🇰 🇷🇺 🇱🇰
ලෝක භූමි ප්‍රමාණයෙන් 6/1 ක් හිමිකරගෙන සිටින රුසියාවට අයත් භූමිය ලොව විශාලම මහද්වීයේ අතීත ශ්‍රී විභූතිය මේ දක්වා නොනැසී පවතී.රුසියාව පිළිබඳව කතා කිරීමේදී 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය පිළිබඳව කතා කළ යුතුමය. රුසියන් භූමිය තුළ ප්‍රාන්ත 15 ක් බිහිවන්නේ විප්ලවයෙන් පසුවය.
විප්ලවයෙන් පසු ගොඩ නැගුනු සෝවියට් සමූහාණ්ඩුව ලොව බලවත්ම රාජ්‍යයන් අතර ඉදිරියට එද්දී 1960 – 70 දශක තුළ ලොව ධනවාදී පෙළේ රටවල් සෝවියට් රුසියා ආභාෂය ලබමින් ලොව බොහෝ රටවල් කොමියුනිස්ට් ක්‍රමය අනුගමනය කිරීමට පෙළඹේ යැයි භීතියට පත්විය.
එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් වෝසෝ සංවිධානය ලෙසත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් නේටෝ සංවිධානය ලෙසත් බලවත් යුද කඳවුරු දෙකකට බෙදී වසර ගණනාවක් සීතල යුද්ධයක පැටලී සිටියේය.
ලොව ඉතා බලවත් රාජ්‍යයක් ලෙස සෝවියට් රුසියාව එසේ දේශපාලන වශයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටි අවදියක 1957 වසරේදී එවකට මෙරට අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරානයක රජය සමයේදී ශ්‍රී ලංකා සෝවියට් තානාපති සබඳතා ආරම්භ විය.
මොස්කව් හි තානාපති ලෙස මුල් වරට පත්වූයේ ගුණදාස මලලසේකර මහතාය. ඔහුගේ ධූර කාලයේදී ශ්‍රී ලංකා සෝවියට් දෙරට අතර, ශක්තිමත් සබඳතා ගොඩනැගෙන අතර, සෝවියට් මිත්‍රත්ව විශ්ව විද්‍යාල ආරම්භ වූයේද මෙම කාලයේදීය.
1960 වසරේදී පැට්‍රික් ලුමුම්බා විශ්ව විද්‍යාලය ආරම්භ වන අතර, එවකට මෙම විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම, ලොව වෙනත් රටවල් අතරින් ලංකාව පැවතියේ තුන්වන තැනටය.
විශ්ව විද්‍යාලයට මෙරට සිසුන් බොහෝ පිරිසක් ඇතුළත්වීම හා ඒ වනවිට දෙරට අතර ගොඩ නැගී පැවති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස 1961 වසරේදී රුසියාව හා ලංකාව අතර ගුවන් ගමන් ඇරඹිණ.
ඒ ආකාරයෙන් ඇරඹි දෙරට අතර මිත්‍රත්ව සබඳතා 1963 සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිනිගේ සමයේදී දැඩි බවට විය. මෙම අවදිය ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්වයේ වසන්ත සමය ලෙස හැඳින්වහොත් නිවැරදිය. දෙරට අතර සංස්කෘතිකමය, භාෂාමය බැඳීම් වර්ධනය විය.
ගුණදාස මලලසේකර මහතා තානාපති අවදියේදී එරට විශ්ව විද්‍යාල තුළ සිංහල භාෂාව විෂයයක් ලෙස හදාරන්නන් උදෙසා එක් එක් පීඨ වෙන්කොට තිබිණ. එසේ සිංහල භාෂාව හැදෑරූ සෙර්ගි ලවරොෆ් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස කාලයක් කටයුතු කළේය.
සිරිමා බණ්ඩාරනායක රජයේ රටතුළ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට රටතුළ නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමට මහත් පිටිවහළක් වෙමින් ඔරුවල වානේ සංස්ථාව, කැලණි ටයර් සංස්ථාව, ප්‍රීමා තිරිඟු පිටි කර්මාන්ත ශාලාව ආදිය සෝවියට් සමූහාණ්ඩුව විසින් ලබා දෙන ලදී.
1991 වසරේදී මිහායිල් ගොර්බචොබ් අවදියේදී එතෙක් ප්‍රාන්ත 15ක් ලෙස බෙදා තිබූ සෝවියට් සමූහාණ්ඩුව රටවල් 15ක් ලෙස කැඩී ගියේය. නොඑසේ නම් සෝවියට් සමූහාණ්ඩුගතව තිබූ කොමියුනිස්ට් රටවල්, ස්වාධීන රාජ්‍යයන් බවට පත්විය.
මේ වනවිට සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයන් ලෙස ගොඩනැගී තිබුණද, එදා දෙරටේ පැවති සමීප සබඳතා අතරින් ගොඩ නැගුණු ආනයන අපනයන සබඳතා මෙන්ම මානව සබඳතා අද වනවිටත් අඛණ්ඩව පවතී.
දේශපාලන වශයෙන් සෝවියට් දේශයෙන් පසුවද, ඒ තත්වය එසේ පවත්වා ගෙන යාමට පසුබිම ගොඩනඟන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. සිරිමා බණ්ඩාරනායක අවදියේ සෝවියට් – ශ්‍රී ලංකා මිත්‍රත්ව සබඳතා යළි ගොඩ නැගීම එතුමාගේ අභිප්‍රාය විය.
2006 වසරේදී නව තානාපති සබඳතා ආරම්භ වීමත් සමඟම සෝවියට් ශ්‍රී ලංකා මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වූ අතර, 2009 වසරේදී අප රටේ 30 වසරක් පුරා පැවති යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන් සෝවියට් රජය අනගි මෙහෙවරක් ඉටු කළේය.
මෙරට රුසියන් තානාපතිවරයකු ලෙස කටයුතු කළ සිංහල භාෂාව මනා ලෙස හසුරුවිය හැකි සෙර්ගි ලවරොෆ් ඒ වන විට එරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. යුද ජයග්‍රහණයත් සමඟම මෙරටට පැමිණි ලවරොෆ් මහතා ජනාධිපතිවරයාට එරට සංචාරයකට ආරාධනය කළේය.
එහිදී සාමය සඳහාවූ ගෞරව උපාධියක් එවකට ජනාධිපතිවරයා වූමහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීය. සෝවියට් දේශයේ සිට කිසි දවසක විදේශ අමාත්‍යවරයකු මෙරට පැමිණ තිබුණේ නැත.
1974 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් පසුව, එරට රාජ්‍ය නායකයකු විසින් මෙරට රාජ්‍ය නායකයකුට එහි සංචාරයකට ආරාධනා කිරීම, පියවරින් පියවර දෙරට අතර, ගොඩ නැගී තිබුණ දේශපාලන සබඳතා ශක්තිමත් වීමේ ප්‍රතිඵලයකි.
වර්තමානය වනවිට මෙරට සුන්දරත්වය නැරඹීමට හා මෙරට වැසියන්ගේ ආගන්තුක සත්කාර විඳීමේ අභිලාෂයෙන් පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටවල් රාශියකින් සංචාරකයින් පැමිණීම යළිත් වරක් ආරම්භ වී ඇත.
එය අනාදිමත් කාලයක සිට සුන්දර සෝවියට් දේශයේ අපි දුටු ඈත සාරවත් තිරිඟු යාය, තෘණභූමි පිරුණු, මීදුමෙන් වැසී ගිය සත්ව ගොවිපළ, රතු හැට්ට හැඳි රත්පැහැ කම්මුලෙන් පිරි ඈත පිටිසර ගෙවිලියන්, අශ්වයන් බැඳි කරත්ත පිරි සුන්දර දේශය හා ශක්තිමත් සබඳතා තව දුරටත් ශක්තිමත් කරනවා ඇත.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
උදයංග වීරතුංග මහතා සහභාගී වූ සාකච්ඡාවක් ඇසුරිනි.
Prepared By :
Maalee Luviss Gebriel
Development Sri Lanka
https://www.facebook.com/DevelopmentSriLankaMCND/photos/a.105330125035658/160046026230734/[:ru]Которая уцелела от прошлого Дружеские отношения между Шри-Ланкой и Россией.
Россия, которая сейчас занимает 6/1 суши в мире, является одним из крупнейших континентов в мире. После революции на территории России возникло пятнадцать государств.
Когда постреволюционный Советский Союз превратился в одно из самых могущественных государств в мире, в 1960-х и 1970-х годах мировые капиталистические державы опасались, что многие страны мира примут коммунистическую систему, вдохновленную Советской Россией.
В результате страны Восточной Европы во главе с Россией были разделены на две мощные военные базы, такие как WASO, и страны Западной Европы, возглавляемые Соединенными Штатами в качестве НАТО, и на протяжении многих лет были втянуты в холодную войну.
В 1957 году, когда Советский Союз был в авангарде мировой политики как одна из самых могущественных стран мира, тогдашний премьер-министр Шри-Ланки С. W. R.D. Советские дипломатические отношения со Шри-Ланкой начались во время правления Бандаранаике.
Гунадаса Малаласекера был первым послом в Москве. Во время его пребывания в должности между двумя советскими странами установились прочные связи, и именно в этот период были созданы дружественные Советскому Союзу университеты.
Университет Патрика Лумумбы был основан в 1960 году, и в то время Шри-Ланка была третьим по величине университетом в мире по количеству учащихся.
Полеты между Россией и Цейлоном начались в 1961 году в результате поступления в университет большого количества студентов из Шри-Ланки и дружбы, которая в то время установилась между двумя странами.
Так начались дружеские отношения между двумя странами в 1963 году. Д. Бандаранаике стал жестким во время пребывания на посту премьер-министра. Этот период можно назвать весной дружбы Шри-Ланки и России. Между двумя странами развиваются культурные и языковые связи.
Г-н Гунадаса Малаласекера во время своего пребывания в должности посла создал отдельные факультеты в университетах страны для изучения сингальского языка как предмета. Сергей Лавров, изучавший сингальский язык, некоторое время был послом России в Шри-Ланке.
Советский Союз предоставил Oruwala Steel Corporation, Kelani Tyre Corporation, Prima Wheat Flour Factory и т. Д., Которые сыграли важную роль в расширении возможностей обрабатывающей промышленности в стране для реализации новой программы экономических реформ правительства Сирима Бандаранаике.
В 1991 году при Михаиле Горбачеве Советский Союз был разделен на 15 государств. В противном случае коммунистические страны Советского Союза стали независимыми государствами.
Хотя теперь они отделились от республик и образовали независимые государства, тесные связи между двумя странами, отношения импорта-экспорта, а также человеческие отношения сохраняются и по сей день.
В политическом плане именно бывший президент Махинда Раджапакса подготовил почву для сохранения Советским Союзом этого статус-кво. Во время правления Сиримы Бандаранаике он намеревался восстановить советско-шри-ланкийские дружеские отношения.
С установлением новых дипломатических отношений в 2006 году советско-шри-ланкийская дружба еще больше укрепилась, и в 2009 году советское правительство сыграло значительную роль в победе нашей страны в 30-летней войне.
Сергей Лавров, который работал послом России в Шри-Ланке и свободно говорил на сингальском языке, в то время был министром иностранных дел страны. Г-н Лавров, прибывший в Шри-Ланку вскоре после победы в войне, пригласил президента посетить страну.
Тогдашний президент вручил Вумахинде Раджапаксе почетную степень мира. Ни один министр иностранных дел никогда не посещал страну со времен Советского Союза.
После визита Сиримаво Бандаранаике в 1974 году глава государства Шри-Ланки пригласил главу государства Шри-Ланки посетить страну в результате постепенного укрепления политических связей между двумя странами.
Сегодня туристы из многих стран бывшего Советского Союза возобновили посещение Шри-Ланки, чтобы насладиться красотой и гостеприимством шри-ланкийцев.
Это еще больше укрепит далекие плодородные пшеничные поля, которые мы видели в прекрасном Советском Союзе с незапамятных времен, засыпанные лугами, покрытые туманом животноводческие фермы, далекую сельскую местность с красными щеками, красными щеками, запряженными лошадьми экипажами.
Бывший посол Шри-Ланки в России
Из дискуссии, в которой участвовал г-н Удаянга Виратунга.
Приготовленный:
Маали Лювисс Гебриэль
Развитие Шри-Ланка
https://www.facebook.com/DevelopmentSriLankaMCND/photos/a.105330125035658/160046026230734/[:SI]අතීතයේ සිට නොනැසී පවතින ශ්‍රී ලංකා – රුසියා දෙරට අතර මිත්‍රත්ව සබඳතා..🇱🇰 🇷🇺 🇱🇰
ලෝක භූමි ප්‍රමාණයෙන් 6/1 ක් හිමිකරගෙන සිටින රුසියාවට අයත් භූමිය ලොව විශාලම මහද්වීයේ අතීත ශ්‍රී විභූතිය මේ දක්වා නොනැසී පවතී.රුසියාව පිළිබඳව කතා කිරීමේදී 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවය පිළිබඳව කතා කළ යුතුමය. රුසියන් භූමිය තුළ ප්‍රාන්ත 15 ක් බිහිවන්නේ විප්ලවයෙන් පසුවය.
විප්ලවයෙන් පසු ගොඩ නැගුනු සෝවියට් සමූහාණ්ඩුව ලොව බලවත්ම රාජ්‍යයන් අතර ඉදිරියට එද්දී 1960 – 70 දශක තුළ ලොව ධනවාදී පෙළේ රටවල් සෝවියට් රුසියා ආභාෂය ලබමින් ලොව බොහෝ රටවල් කොමියුනිස්ට් ක්‍රමය අනුගමනය කිරීමට පෙළඹේ යැයි භීතියට පත්විය.
එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය රටවල් වෝසෝ සංවිධානය ලෙසත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් නේටෝ සංවිධානය ලෙසත් බලවත් යුද කඳවුරු දෙකකට බෙදී වසර ගණනාවක් සීතල යුද්ධයක පැටලී සිටියේය.
ලොව ඉතා බලවත් රාජ්‍යයක් ලෙස සෝවියට් රුසියාව එසේ දේශපාලන වශයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටි අවදියක 1957 වසරේදී එවකට මෙරට අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්.ඩී. බණ්ඩාරානයක රජය සමයේදී ශ්‍රී ලංකා සෝවියට් තානාපති සබඳතා ආරම්භ විය.
මොස්කව් හි තානාපති ලෙස මුල් වරට පත්වූයේ ගුණදාස මලලසේකර මහතාය. ඔහුගේ ධූර කාලයේදී ශ්‍රී ලංකා සෝවියට් දෙරට අතර, ශක්තිමත් සබඳතා ගොඩනැගෙන අතර, සෝවියට් මිත්‍රත්ව විශ්ව විද්‍යාල ආරම්භ වූයේද මෙම කාලයේදීය.
1960 වසරේදී පැට්‍රික් ලුමුම්බා විශ්ව විද්‍යාලය ආරම්භ වන අතර, එවකට මෙම විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම, ලොව වෙනත් රටවල් අතරින් ලංකාව පැවතියේ තුන්වන තැනටය.
විශ්ව විද්‍යාලයට මෙරට සිසුන් බොහෝ පිරිසක් ඇතුළත්වීම හා ඒ වනවිට දෙරට අතර ගොඩ නැගී පැවති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස 1961 වසරේදී රුසියාව හා ලංකාව අතර ගුවන් ගමන් ඇරඹිණ.
ඒ ආකාරයෙන් ඇරඹි දෙරට අතර මිත්‍රත්ව සබඳතා 1963 සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිනිගේ සමයේදී දැඩි බවට විය. මෙම අවදිය ශ්‍රී ලංකා රුසියා මිත්‍රත්වයේ වසන්ත සමය ලෙස හැඳින්වහොත් නිවැරදිය. දෙරට අතර සංස්කෘතිකමය, භාෂාමය බැඳීම් වර්ධනය විය.
ගුණදාස මලලසේකර මහතා තානාපති අවදියේදී එරට විශ්ව විද්‍යාල තුළ සිංහල භාෂාව විෂයයක් ලෙස හදාරන්නන් උදෙසා එක් එක් පීඨ වෙන්කොට තිබිණ. එසේ සිංහල භාෂාව හැදෑරූ සෙර්ගි ලවරොෆ් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස කාලයක් කටයුතු කළේය.
සිරිමා බණ්ඩාරනායක රජයේ රටතුළ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට රටතුළ නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමට මහත් පිටිවහළක් වෙමින් ඔරුවල වානේ සංස්ථාව, කැලණි ටයර් සංස්ථාව, ප්‍රීමා තිරිඟු පිටි කර්මාන්ත ශාලාව ආදිය සෝවියට් සමූහාණ්ඩුව විසින් ලබා දෙන ලදී.
1991 වසරේදී මිහායිල් ගොර්බචොබ් අවදියේදී එතෙක් ප්‍රාන්ත 15ක් ලෙස බෙදා තිබූ සෝවියට් සමූහාණ්ඩුව රටවල් 15ක් ලෙස කැඩී ගියේය. නොඑසේ නම් සෝවියට් සමූහාණ්ඩුගතව තිබූ කොමියුනිස්ට් රටවල්, ස්වාධීන රාජ්‍යයන් බවට පත්විය.
මේ වනවිට සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයන් ලෙස ගොඩනැගී තිබුණද, එදා දෙරටේ පැවති සමීප සබඳතා අතරින් ගොඩ නැගුණු ආනයන අපනයන සබඳතා මෙන්ම මානව සබඳතා අද වනවිටත් අඛණ්ඩව පවතී.
දේශපාලන වශයෙන් සෝවියට් දේශයෙන් පසුවද, ඒ තත්වය එසේ පවත්වා ගෙන යාමට පසුබිම ගොඩනඟන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. සිරිමා බණ්ඩාරනායක අවදියේ සෝවියට් – ශ්‍රී ලංකා මිත්‍රත්ව සබඳතා යළි ගොඩ නැගීම එතුමාගේ අභිප්‍රාය විය.
2006 වසරේදී නව තානාපති සබඳතා ආරම්භ වීමත් සමඟම සෝවියට් ශ්‍රී ලංකා මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වූ අතර, 2009 වසරේදී අප රටේ 30 වසරක් පුරා පැවති යුද්ධය ජයග්‍රහණය වෙනුවෙන් සෝවියට් රජය අනගි මෙහෙවරක් ඉටු කළේය.
මෙරට රුසියන් තානාපතිවරයකු ලෙස කටයුතු කළ සිංහල භාෂාව මනා ලෙස හසුරුවිය හැකි සෙර්ගි ලවරොෆ් ඒ වන විට එරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. යුද ජයග්‍රහණයත් සමඟම මෙරටට පැමිණි ලවරොෆ් මහතා ජනාධිපතිවරයාට එරට සංචාරයකට ආරාධනය කළේය.
එහිදී සාමය සඳහාවූ ගෞරව උපාධියක් එවකට ජනාධිපතිවරයා වූමහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීය. සෝවියට් දේශයේ සිට කිසි දවසක විදේශ අමාත්‍යවරයකු මෙරට පැමිණ තිබුණේ නැත.
1974 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් පසුව, එරට රාජ්‍ය නායකයකු විසින් මෙරට රාජ්‍ය නායකයකුට එහි සංචාරයකට ආරාධනා කිරීම, පියවරින් පියවර දෙරට අතර, ගොඩ නැගී තිබුණ දේශපාලන සබඳතා ශක්තිමත් වීමේ ප්‍රතිඵලයකි.
වර්තමානය වනවිට මෙරට සුන්දරත්වය නැරඹීමට හා මෙරට වැසියන්ගේ ආගන්තුක සත්කාර විඳීමේ අභිලාෂයෙන් පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටවල් රාශියකින් සංචාරකයින් පැමිණීම යළිත් වරක් ආරම්භ වී ඇත.
එය අනාදිමත් කාලයක සිට සුන්දර සෝවියට් දේශයේ අපි දුටු ඈත සාරවත් තිරිඟු යාය, තෘණභූමි පිරුණු, මීදුමෙන් වැසී ගිය සත්ව ගොවිපළ, රතු හැට්ට හැඳි රත්පැහැ කම්මුලෙන් පිරි ඈත පිටිසර ගෙවිලියන්, අශ්වයන් බැඳි කරත්ත පිරි සුන්දර දේශය හා ශක්තිමත් සබඳතා තව දුරටත් ශක්තිමත් කරනවා ඇත.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
උදයංග වීරතුංග මහතා සහභාගී වූ සාකච්ඡාවක් ඇසුරිනි.
Prepared By :
Maalee Luviss Gebriel
Development Sri Lanka
https://www.facebook.com/DevelopmentSriLankaMCND/photos/a.105330125035658/160046026230734/[:]