[:en]This is a victory we achieved – Mahinda[:ru]Это победа, которую мы добились[:SI]මේක අපි ලබපු ජයග‍්‍රහණයක් – මහින්ද[:]

[:en]හඩෙන් ඡන්ද ගන්න කථානායකට අපේ හඩ ඇහෙන්නේ නෑ
පාර්ලිමේන්තුවේ 2/3ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්

බල අරගලයක තාවකාලික නිමාව සනිටුහන් කර ඔහු එහි ඊළඟ අදියර සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව පෙනුණි. ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මැතිඇමැතිකම් සියල්ල තුළ කිසිදු වෙනසක් නොමැතිව සුපුරුදු අරගලකාරී දේශපාලනයේ ඔහු යෙදෙමින් සිටී. මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව ලාංකේය දේශපාලනය වෙන් වී ඇත්තේ අරගලයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලියැවුණු පරිච්ෙඡ්දයකි. ඔහු සිය ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය :- ඔබතුමා හිටපු ජනාධිපති, හිටපු අගමැතිවරයා වශයෙන් හැඳින්වුවත් වර්තමානයේ ඔබ විපක්‍ෂ නායකවරයා ඇත්තෙන්ම අපි ඔබතුමා හැඳින්විය යුත්තේ කොහොමද?

පිළිතුර :- ඔය කුමකින් හැඳින්වුවත් මම මහින්ද රාජපක්‍ෂමයි. මේ ගැන මම මෙයට පෙරත් සඳහන් කර තිබෙනවා. ජනාධිපතිකම්, අගමැතිකම්, විපක්‍ෂ නායකකම්, ඇමැතිකම් දරා තිබෙනවා. මේ සියල්ලක්ම තාවකාලික තනතුරු. ඒ නිසා මම හැමදාම එදා සිටි මහින්ද රාජපක්‍ෂයි. මම 1970 මන්ත‍්‍රීවරයෙක් වශයෙන් පටන්ගන්නේ. එදා සිට මන්ත‍්‍රීවරයෙක්. එම නිසා ඔබ කුමකින් හැඳින්වුවත් මා කවුද කියා ජනතාව දන්නවා. මට බලලෝභී කමක් නැහැ.

ප‍්‍රශ්නය :- පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා අගමැති ලෙස පත් වනවිට ඔබට බහුතරයක් තිබෙන බව ප‍්‍රකාශ වුණා. ඒ ඇත්තටම එසේ සිදුවුණේ නැහැ. සියලූ සිද්ධිදාමය තුළ වුණේ මොකක්ද කියන ප‍්‍රශ්නයට පිළිතුරක් ඔබ ළඟ තිබෙනවාද?

පිළිතුර :- මොකුත් වුණේ නෑ. යම් යම් හේතු තිබුණා. එම නිසා එන අය ආවෙ නෑ. මම නම් කාටවත් කතා කළේ නෑ. එ. ජා. ප. යේ විදේශගතව සිටි යම් පිරිස් මට දුරකථනයෙන් කතා කරල කිව්වෙ ඔවුන් කොළඹට ආවම මා සමග එකතු වෙනවා කියලා. ඒ කවුද කියලා නම් හෙළිකළ යුතු නැහැ.

අධිකරණයේ තීන්දුවක් දෙන තෙක් මට ඉන්න තිබුණ. මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධුරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. 26 වැනිදා අගමැති ලෙස දිවුරුම් දුන්නෙ වැඩිම වුණොත් ජනවාරි 5 වැනිදාට නියම කර තිබුණු මහ මැතිවරණය අවසන් වන තෙක් මාස දෙකක් වැනි කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙන යෑමට විතරයි. අධිකරණ තීන්දුව ජනවාරි 17 වැනිද එන තෙක් මට ඉන්න තිබුණ. නමුත් ඊට වඩා මට රට වටිනවා. රට අස්ථාවර වීමට ඉඩදිය නොහැකි නිසා මා ඉවත් වුණා.

ප‍්‍රශ්නය :- ඇත්තටම ඔබට හිතෙන්නෙ නැද්ද අගමැති ධුරය භාර නොගෙන රජයේ අවුරුදු 1 1/2 ක කාලය ගෙවෙන්නට හැර ඡන්දයකට ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා?

පිළිතුර :- ඕව් සමහර අය එහෙම කියනව. ඔබ ඔය ප‍්‍රශ්නය අහන්නෙත් ඒ නිසයි. හැබැයි හොඳට හොයල බැලූවොත් එහෙම කියන බොහෝ දෙනා එජාපයේ බව පෙනෙයි.

ප‍්‍රශ්නය :- අඩියක් පස්සට ගන්නට තීරණය කිරීම නිසා යම් පසුබෑමක් ඇතිවුණා කියලත් සමාජයේ මතයක් තිබෙනව?

පිළිතුර :- කිසිසේත් නැහැ. අපි තදින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග බැඳුණු අය. 2015 දී ශ‍්‍රීල.නි.ප. යේ පිරිසක් එ.ජා.ප ය සමග එකතුවීමට ගත් තීරණයත් සමගයි අපි විපක්‍ෂයට ගියේ. එදා සිට අපි විපක්‍ෂයේ සිටියෙ. ඒ තිබුණු මංගල්‍ය කඩලා නැවත ශී‍්‍ර.ල.නි.ප. ය යූ.එන්.පී. විරෝධී අධිරාජ්‍ය විරෝධී ජනතාවාදී පක්‍ෂයක් බවට පත් කළා. ඒ අය නැවත අපේ ප‍්‍රවාහයට ඇතුළු වුණා. ඒක අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය – ඔබ අගමැතිවරයා ලෙස පත්වීමට රටේ විශාල වෙනසකට මුල පිරීමක් හැටියටයි බහුතර ජනතාවක් දැක්කේ. ඒ නිසාම රටේ විශාල පිබිදීමක් දකින්නට තිබුණා. එහෙත් මේ සිදුවීමත් සමඟ එහි යම් කඩාවැටීමක් ඇති වුණා කියල හිතෙන්නෙ නැද්ද? දැන් මොකක්ද ඊළඟ පියවර?

පිළිතුර – අපි ශක්තිමත් විපක්‍ෂයක් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරනවා. විපක්‍ෂයේ වගකීම ඒකනෙ. අපි ඒක කළානෙ. විපක්‍ෂයේ කියල හැමදාම විපක්‍ෂයෙ ඉඳගෙන දැන් ඉන්න ජ.වි.පෙ. හා දෙමළ සන්ධානය වගේ බොරුවට බැණ බැණ ආණ්ඩුවට සහයෝගය දීම නොවෙයිනෙ කළ යුත්තෙ. පෙරළන්න පුළුවන් අවස්ථාවකදි පෙරළීමයි. අපි ආණ්ඩුව ආරක්‍ෂා කරන්නෙ නෑ. විපක්‍ෂයක් ලෙස අපේ වැඩපිළිවෙළ අපි දියත් කරනව. ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව අපි නැගී සිටිනවා.

ප‍්‍රශ්නය – එ.ජා.ප. ය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නෙ ජනාධිපතිවරයා හා ඔබතුමා කුමන්ත‍්‍රණයක් කළා කියලා.

පිළිතුර – නෑ. සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. කුමන්ත‍්‍රණය කළේ ඒ අයයි. ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට ජන වරමක් නැහැනෙ. එහෙම ජනතා වරමක් දී තිබේද කියල මම නම් දන්නෙ නෑ. මම විශ්වාස කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නෙ යූ.එන්.පී.යට මුක්කු ගැසීමට නොවෙයි කියලයි.

ප‍්‍රශ්නය – එ.ජා.ප.යටත් පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතරය නෑ. දෙමළ සන්ධානය හා ජ.වි.පෙ. ඉන්නෙ විපක්‍ෂයේ. දැන් ඔබතුමාලට බැරිද ආණ්ඩුවට එරෙහිව විශ්වාස

භංග යෝජනාවක් ගෙනවිත් හඬ අනුව සම්මත කිරීමට.

පිළිතුර – හඬ ගැන අහන්න ඕන කථානායකවරයගෙන්. ඔහුට අපේ හඬ ඇහෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – පළාත් පාලන, පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහිව අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම ඊට එරෙහිව අධිකරණයට යෑම දේශපාලන අවශ්‍යතාවයක් මත කරපු දෙයක් හැටියටත් සමහරු කියනව ඒක ඇත්තද?

පිළිතුර – අනිවාර්යෙන්ම එය දේශපාලන කි‍්‍රයාවලියක්. ස්වාධීන කොමිෂන් සභා කියල දාගත්තට වැඩක් නැහැ. හුඟක් අවස්ථාවලදී ජනාධිපතිවරය පසුගිය දින රනිල් වික‍්‍රමසිංහ මහතා ළඟ තියාගෙන කියපු කතා තුළ කොමිෂන් සභා ගැනත්, කියනවානේ. නඩුකාරවරු පත්කිරීමේදී සුදුසුකම් තිබෙන ජ්‍යෙෂ්ඨයන් යෝජනා කළාම ඒ නම් ඉවත් කර ඒ අයට ඕන අය පත්කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබුණු බවට ජනාධිපතිතුමා ලොකු චෝදනාවක් කළා. ජනාධිපතිවරයගෙ කතාවෙන් ඕන කෙනකුට තේරුම් යනව.

ජනාධිපතිවරයගෙ බලතල පවා උදුරාගෙන වැඩ කරන්න පටන් ගත්ත කියල කිව්ව. ජනාධිපතිවරය ඒ කියපු එක දෙයක්වත් අගමැතිවරය ප‍්‍රතික්‍ෂේප කළේ නැහැ. නිහඬව අසාගෙන හිටිය.

ප‍්‍රශ්නය – ඉදිරි මාස 12 තුළ දේශපාලනික වශයෙන් රටේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?

පිළිතුර – මං හිතන්නෙ මාස 12 ක් යන එකක් නැහැ.

ප‍්‍රශ්නය – මැතිවරණයක් කුමන කාලයක් තුළ බලාපොරොත්තු වෙනවද?

පිළිතුර – මගේ නම් බලාපොරොත්තුව හය මාසයකින් වගේ. සමහර විට ඊට මෙහා වෙන්නත් පුළුවන්. රට තුළ තිබෙන දේශපාලන පසුබිම දෙස බැලූවම පේනව.

ප‍්‍රශ්නය – දින පනහක අගමැති ධුරය දරන කාලය තුළ ඔබට රටට යමක් කරන්න පුළුවන් වුණාද?

පිළිතුර – ඔව්. පීඩනයට පත්ව සිටි ජනතාව යම් ප‍්‍රමාණයකින් එම පීඩනයෙන් මුදා ගැනීමට හැකි වුණා. වැට් බද්ද ඇතුළු අනෙකුත් බදු අඩු කළා. පොහොර සහනාධාරය, බඩු මිල අඩුකිරීම, පෙට‍්‍රල් මිල තෙවරක් අඩු කිරීම තුළින් ජනතාවට සහන රැසක් ලබාදීමට හැකිවීමත් තවත් ජයග‍්‍රහණයක්. එ.ජා.ප. ආණ්ඩුවට තෙල් මිල අඩු කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණා. නමුත් ඔවුන් අඩු කළේ නැහැ.

පැවැති ආණ්ඩුවට ජනතාව ඕනෑවටත් වඩා බදු බර පටවා පීඩාවට ලක්කර තිබුණා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ 2/3 ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්. ඒ බලය තිබුණ නම් රට බෙදන ව්‍යවස්ථාව නොවැම්බර් 7 වැනිද සම්මත කරගැනීමේ වැඩපිළිවෙළක් තිබුණ. එය නැති කළා. ඒ වගේ අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් එකට එක්ව පුළුල් පෙරමුණක් බවට පත්වෙලා. එයත් ලොකු ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය – මේ සිදුවූ දේ පිළිබඳ පෙළගැස්වීමක් කර බැලූවොත්?

පිළිතුර :- මුලදී මෙවැනි සාකච්ඡාවක් පිළිබඳව වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මට කිව්ව. ඉන්පසු එස්. බී., ලක්‍ෂමන්, ඩිලාන්, තිලංග යන අය මාව හමුවුණා. වාසු මට ඒ ගැන මුලින් කියන කොට මම එය ප‍්‍රතික්‍ෂේප කරමින් මට තනිවම ඒ පිළිබඳ තීරණයක් ගත නොහැකි බව කිව්ව. දෙතුන් වරක් ජනාධිපති හමුවුණා.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා හා ඔබතුමා අතර වර්තමානයේ තිබෙන්නෙ කුමන අවබෝධතාවයක් ද?

පිළිතුර – අප අතර හොඳ අවබෝධයක් තියෙනව. මෛති‍්‍රපාල සිරිසේන මහතා හැත්තෑ ගණන්වල ඉඳලා දන්න කෙනෙක්. අප දෙගොල්ලො 2014 වනතෙක් සහයෝගයෙන් කටයුතු කළා. 2014 ප‍්‍රශ්නයක් ඇවිත් ඔහු අපෙන් ඉවත් වෙලා ගිහින් ජනාධිපතිවරණයෙන් ජය ගත්ත.

ජයග‍්‍රහණය කළ හැකි බවට අවස්ථාවක් ආවම එතුමා ඉන් ප‍්‍රයෝජන ගත්ත. එහි වරදක් තිබෙන බවක් මා දකින්නෙ නෑ. ජනතාවනෙ එය තීන්දු කළේ. දිනුම පැරදුම අපිට හොඳට පුරුදුයි. එය පිළිගන්න බැරිනම් දේශපාලනය කරන්න බැහැ.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා විසින් ඔබතුමා මෙවරත් යම් උගුලකට හසුකළා කියල හිතෙනවද?

පිළිතුර – නෑ. මම එහෙම හිතන්නෙ නෑ. දේශපාලන උගුලකට හසුවෙනවා කියන්නෙ ඒ උගුලට හසුවෙන කෙනාගෙ දුර්වලකමක්. කිසිම ලෙසකින් මා උගුලකට හසු නොවුණ බව මට විශ්වාසයි.

ජනාධිපතිවරයා සද්භාවයෙන් කරපු දෙයක්. එතුමා නීති විශාරදයන්ගෙ උපදෙස් ගත්ත. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්න. අපි එය පිළිගන්නව.

ප‍්‍රශ්නය – මේ අවස්ථාවෙ අගමැති ධුරය ලබාගැනීමට ඔබතුමා පෙලඹුණේ ඇයි?

පිළිතුර – එක පැත්තකින් රටේ සම්පත් විකුණගෙන විකුණගෙන ගියා. අනෙක් පැත්තෙන් ඉඩම් දීගෙන ගියා. රට බෙදන ව්‍යවස්ථාව මේ ආදී රටට අහිතකර දේ කරගෙන ගියා. පසුගිය කාලය පුරා විපක්‍ෂය ලෙස අපි මේව විවේචනය කළා. ඒ වැඩපිළිවෙළ නවත්වන්න පුළුවන් ක‍්‍රමය මොකද්ද? එහෙනම් අනිවාර්යයෙන් එතැනට ඇතුළු විය යුතුයි. ඒ අවස්ථාව ලැබුණා. කරගෙන ගිය රටට අහිතකර වැඩපිළිවෙළ නැවැත්වීමට ඒ අවස්ථාව අපි ප‍්‍රයෝජනයට ගත යුතුයි.

විපක්‍ෂයේ සිටින අපට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළාම විපක්‍ෂයක් ලෙස රට වෙනුවෙන් අපි ඒ වගකීම භාරගන්න ඕන. එහි කිසි වරදක් නෑ. සම්බන්ධන් මහතාට ආරාධනා කළොත් නොගෙන ඉඳියිද?

ප‍්‍රශ්නය – මේ ගත් තීරණය පිළිබඳ පසුතැවීමක් නැද්ද?

පිළිතුර – මගේ දේශපාලන තීන්දු පිළිබඳව කිසි දිනක මා පසුතැවෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා ගත් ඒ තීන්දුව වෙනස් කිරීමට ජාත්‍යන්තර බලපෑම් තිබුණ කියනවා. ඒ ගැන ඔබ දරන්නෙ කුමන මතයක්ද?

පිළිතුර – ජනාධිපතිවරයා වෙනස් කළේ නැහැනෙ. අධිකරණය තීන්දුවක් දුන් පසු අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට අවහිරයක් නොවීමට මා ඉල්ලා අස්වුණා.

විදේශ බලපෑම් අනිවාර්යෙන්ම තිබුණ බව පැහැදිලියි. 2015 දීත් ඒක තිබුණ. මම ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියෙ චෝදනා කළා. ඒ වගේ අදත් ඒ බලපෑම තිබුණ. අපි දුටුවානෙ පාර්ලිමේන්තු ගැලරියෙ ඉඳගෙන අත්පුඩි ගහනකොට. එවැන්නක් විදේශ තානාපතිවරයකුට සුදුසුද? එවැනි තත්ත්වයක් තිබුණා. 2015 දී ඇමෙරිකාවෙ විදේශ ලේකම් ජෝන් කෙරී කිව්වානෙ මිලියන 480 ගණනක් රටවල් තුනක ආණ්ඩු පෙරළන්න වියදම් කළා. ඉන් ජයග‍්‍රහණ ලැබුව කියල. ඔවුන් ජයග‍්‍රහණය ලැබූ එක රටක් තමයි ශී‍්‍ර ලංකාව. මේ කතාව ප‍්‍රසිද්ධියෙ කියපු එකක්.

ඒ අවස්ථාවේ එංගලන්තයේ හිටපු අගමැතිවරයාත් කිව්ව ඒ සම්බන්ධයෙන් ඔවුන්ටත් අයිතිය තිබෙනව කියල. එහෙනම් එදා අපේ ආණ්ඩුව පෙරළන්න කවුද වැඩකර තියෙන්නෙ කියල පැහැදිලියි.

ඒ වෙලාවෙ මේ ප‍්‍රකාශය කළාට කවුරුත් ගණන්් ගත්තෙ නැහැ. නමුත් අද ඒ දෙස බැලිය යුත්තේ ඊට වඩා ගැඹුරින් සිතා. දේශපාලන කෝණයෙන් ඒ දෙස බලන්න නරකයි. ඊට වඩා ස්වාධීනව විග‍්‍රහ කර බැලීම මාධ්‍ය ලෙස ඔබේ වගකීමක්. මේ මුදල් ගියේ කාටද කියල බලන්න අපේ ආණ්ඩුව පෙරළන්න ඒ මුදල් යෙදවූ බවනම් පැහැදිලියි.

ප‍්‍රශ්නය:- වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය තුළ විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොන වගේ එකක්ද?

පිළිතුර:- දේශපාලන වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ බව අපි කියලා තිබෙනවා. නමුත් රටේ තිබෙන තත්ත්වය බැලූවම එල්ටීටීඊය රටේ තවම කි‍්‍රයාත්මක වෙනවා. තවත් මුදල් ලැබෙනවා. වෙනත් ස්වරූපවලින් අද එළියට එන බවක් පේන්න තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවක් නොවෙයි.

ජනතා අනුමැතියකින් තොරව 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ජනතාව දී තිබෙන විධායක බලය කොල්ල කෑමක් වී තිබෙනවා. ජනාධිපතිවරයා නොදැනුවත්ව සමහර බලතල එමඟින් ලබාගෙන තිබෙනවා.

19 වන සංශෝධනය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. මා දුටුවා එජාපයෙත් සමහරුන් කියනවා මෙය වෙනස් විය යුතුයි කියලා. මෙය කඩිමුඩියේ අප ඉවත් කිරීමට ගෙනා දෙයක්, විශේෂයෙන් මෙය රාජපක්‍ෂවරුන් ඉවත් කිරීමට ගෙනා යෝජනාවක්.

ප‍්‍රශ්නය:- ඉදිරි මහ මැතිවරණයක් පිළිබඳ සූදානම කෙසේද?

පිළිතුර:- අපි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගෙන පුළුල් සන්ධානයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ. ඒ කටයුතු මේ දිනවල කරගෙන යනවා.

මහ මැතිවරණයකට යනවානම් අපි දෙපාර්ශවයටම හොඳයි. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි. මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්‍ෂාත් කර ගැනීම දැන් කල් ගිහින්. ඒ කොහොම නමුත් අවසානයේදී ජනතාව බලාපොරොත්තු වන වෙනස අනිවාර්යයෙන්ම ලැබෙනව.

ප‍්‍රශ්නය:- මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ බලාපොරොත්තුවක් තිබෙන නිසා පොහොට්ටුවේ සහයෝගය බලාපොරොත්තුවෙන් මේ සැලැස්ම කි‍්‍රයාත්මක කළ බව කියනවා? එය ඇත්තක්ද?

පිළිතුර:- නැහැ. එහෙම දෙයක් නෑ. ජනාධිපතිවරයා කොයිම අවස්ථාවකවත් අප සමග ජනාධිපති අපේක්‍ෂක විය යුතුයි කියන මතය එතුමා ඉදිරිපත් කරලා නැහැ. සමහරු ඒ කතාව එතුමා කිව්වම ඒ කරුණ මේ අවස්ථාවේ අදාළ නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ කළා.

මා සමග කාටවත් වැඩ කිරීමට බැරි කමක් නැහැ. අපේ පක්‍ෂයේ ඉදිරිපත්වන ඕනෑම කෙනෙකුට එක හා සමානව උදව් කරනවා.

ප‍්‍රශ්නය:- ජනතා පරමාධිපත්‍ය බලය ලබාදීමට ගිහින් නේද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණේ.

පිළිතුර:- ජනාධිපතිවරයා කි‍්‍රයා කළේ මැතිවරණයක් තුළින් ජනතාවට ඒ අයිතිය ලබාදීමටයි. පාර්ලිමේන්තුවේ 225 කට තීන්දුව ගන්න ඉඩ නොදී ඒ අයිතිය ජනතාවට දිය යුතුයි කියලා. නමුත් අධිකරණය 122 කට දිය යුතුයි කිව්වම ඊට එහාට යන්න බැහැ.

ප‍්‍රශ්නය:- ප‍්‍රධාන විපක්‍ෂය ලෙස විපක්‍ෂයේ අනෙක් කණ්ඩායම් සමග ඉදිරියේදී කටයුතු කරන්නේ කොහොමද?

පිළිතුර:- ඒ අය සමග අපි සාකච්ඡා කිරීමට සූදානම්. ඔවුන් එයිද නැද්ද මා දන්නේ නෑ. නමුත් අපි ආණ්ඩුවට පන්දන් නොඅල්ලන විපක්‍ෂයක් සමග වැඩ කිරීමට සූදානම්.

විපක්‍ෂ ලෙස ගත්තම අපිට කවුරුත් එකයි. ඒක දෙමළ සන්ධානයද, ඩග්ලස් දේවානන්ද කියල ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලා වගේ අය කටයුතු කරන්නෙ වෙනත් න්‍යාය පත‍්‍රයක සිටයි. ඔවුන් කටයුතු කරන්නේ ජාතීන් ළං කිරීමට නොව ඈත් කිරීමටයි.

ප‍්‍රශ්නය:- ඔබතුමාලා ඔක්තෝබර් 26 දා කළ විප්ලවයෙන් එජාපයට වාසිදායක තත්ත්වයක් ඇති වුණා කියලා කියනවා. එය ඇත්තක්ද?

පිළිතුර:- කවුද කියන්නෙ ඒ පක්‍ෂයේ අය නම් කියනවා. ජනමතයක් තිබේනම් බිය නොවී හෙට ඇවිත් ඡන්දයක් තියා ජනමතය උරගා බැලිය හැකියි.

එජාපය බලයට ඇවිල්ලා රටේ සම්පත් විකුණන විට, රටට අහිතකර ගිවිසුම් කි‍්‍රයාත්මක කරන විට, පාක්‍ෂිකයෝ නිදාගෙන සිටියා. දැන් එක පාරට රනිල්ට වදිනකොට එජාපය අවදි වෙලා සටන් කරනවා. ඒ හැර වෙන දෙයක් නෙවෙයි.

ප‍්‍රශ්නය:- ඔබතුමා කියා හිටියා ආණ්ඩුව මෙහෙයවීමේ රිමෝට් එක තියෙන්නේ දෙමළ සන්ධානයේ අත කියලා.

පිළිතුර:- ඔව්. ඒකනේ ඇත්ත. 113 හදාගන්න එජාපයට දෙමළ සන්ධානයේ ඡන්ද ටික අවශ්‍යයි. නැතිනම් ඔවුන්ට තියෙන්නේ 103 යි. චම්පික රණවක ඒ නිසා නේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ අපේ අයට ඇවිත් ඒ රිමෝට් එක ගන්න කියලා.

ප‍්‍රශ්නය:- ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවොත්?

පිළිතුර:- අනිවාර්යෙන් අපි ඊට විරුද්ධ වෙනවා. ජනාධිපතිවරයාට එවැන්නක් ගේන්න හේතුවක් තිබෙන බවක් පේන්න නෑ.

ප‍්‍රශ්නය:- ඔබතුමන්ලාගේ පක්‍ෂයේ තවත් අය යන්න සිටිනවද?

පිළිතුර:- ඒක මට කියන්න බෑ. මට පේන කියන්න බෑ. යන අයගේ දේශපාලන අනාගතය ඔවුන් සිතිය යුතුයි.

ප‍්‍රශ්නය:- ජවිපෙ, එජාපය කියන්නෙ ඔක්තෝබර් 26 වැනිදා කළ කුමන්ත‍්‍රණය පරදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළා කියලා.

පිළිතුර:- කුමන්ත‍්‍රණ කළේ ඔවුන්. ජනාධිපති බලතල උදුරා ගැනීමට කුමන්ත‍්‍රණ කළ නමුත් ජනාධිපතිවරයා සමග එක්වෙලා අපට හැකිවුණා එජාප ආණ්ඩුව කරගෙන ගිය කුමන්ත‍්‍රණය පරාජය කිරීමට.

ප‍්‍රශ්නය:- අගමැතිවරයා ඉදිරියේ තියාගෙන පසුගියදා ජනාධිපතිවරයා කළ කතාව පිළිබඳව ඔබතුමාට හිතෙන්නෙ කොහොමද?

පිළිතුර:- ජනාධිපතිවරයා සත්‍ය ප‍්‍රකාශ කළ බව පැහැදිලියි. කිසිවෙක් ඊට උත්තරයක් දුන්නෙ නැහැ. ජනාධිපතිවරයා කියන දේ සත්‍යයෙන් තොර නම් ඒ බවට ප‍්‍රකාශයක් කිරීමට තිබුණා. සජිත් පේ‍්‍රමදාසගේ පිළිතුරු කතාවේදීවත් එය අසත්‍ය බවක් කිව්වේ නෑ. ඒ ගැන වචනයක් නොකියා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පෙනී ගියේ එය සත්‍යයි කියලා.

ප‍්‍රශ්නය:- ඔබතුමාට බහුතරය හදාගන්න දෙමළ සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට නොහැකිවුණේ ඇයි?

පිළිතුර:- දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකඟවීමට ගියා නම් රටම පාවාදීමට සිදුවෙනවා. මා ළඟට ගෙනාව යෝජනා තමයි එජාපයටත් ඉදිරිපත් කරන්න ඇත්තේ.

ඒ කොන්දේසිවලට එකඟ වුණානම් දෙමළ සන්ධානයේ පූර්ණ සහාය ලැබෙනවා. මට රට පාවාදීමට බැරි නිසා මම එම යෝජනා ප‍්‍රතික්‍ෂේප කළා. එජාපය යෝජනාවන්ට එකඟ වෙන්න ඇති. යෝජනා සිද්ධාර්ථන් මහතා ප‍්‍රතික්‍ෂේප කරලා නැහැ. ඇත්ත කතාව කි‍්‍රයාත්මක වෙන විට පෙනෙයි. පෙබරවාරි වෙනකොට නව ව්‍යවස්ථාව ගෙනෙයි. ගෙනත් බලය උරගා බලයි.

ප‍්‍රශ්නය:- හඬෙන් සම්මත කර ගනියිද?

පිළිතුර:- එහෙම වුණොත් තමයි ලෙඬේ. නමුත් ඊට වඩා හඬක් මතුවෙයි.

ප‍්‍රශ්නය:- අතුරු සම්මත ගිණුම අනුමත කර ගැනීම කොහොම වෙයිද?

පිළිතුර:- එය සම්මත වෙයි. එය සම්මත කර ගැනීමට අපි බාධා කරන්නේ නැහැ. රට අස්ථාවර කරන්න අපට අවශ්‍ය නැහැ. අස්ථාවරත්වයක් රටේ ඇතිවෙයි කියලානෙ මම ඉවත් වුණේ. මටත් ඕක ඉදිරිපත් කරලා පරාජය වෙන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නෑ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ දේශපාලන ඇසින් විතරයි. මට එහෙම බලන්න බෑ. තවත් රට වැටෙන්න ඉඩ දෙන්න මට බෑ.

සාකච්ඡා කළේ – අනුර බාලසූරිය[:ru]Наш голос не слышен оратором, чтобы послушать голосование
Для нас большая победа – потерять 2/3 большинства в парламенте

Было очевидно, что он готовит планы на следующий этап, чтобы отметить исход борьбы за власть. Он ведет обычную горячую политическую борьбу без каких-либо изменений в президенте, премьер-министре, лидере оппозиции и всех министрах. Политика Шри-Ланки в отношении Махинда Раджапакса была отделена для победы в борьбе. Это дискуссия, которую он провел со своей «Дивинегумой Иридой» о своих будущих политических планах.

Вопрос: – Когда вы назвали бывшего президента, бывшего премьер-министра, как мы можем назвать вас лидером оппозиции?

Ответ: Я Махинда Раджапакса, даже если я позвоню вам. Я упоминал об этом раньше. Есть президенты, премьер-министры, лидеры оппозиции и министры. Это все временные посты. Вот почему я был Махинда Раджапакса, который был тогда. Я являюсь членом парламента в 1970 году. С тех пор член парламента. Итак, если вы знаете, кто вы есть, я знаю, кто я. У меня нет фаворитизма.

Вопрос: Когда вы приступили к исполнению обязанностей премьер-министра 26 октября, вам сказали, что у вас есть большинство. Это действительно не произошло. У вас есть ответ на ситуацию в течение всего инцидента?

О. Это не случилось. Было несколько причин. Поэтому туда не приходят люди. Я никому не звонил. США. Ja. Недвижимость. Некоторые люди в моей стране позвонили мне и сказали, что присоединятся ко мне в Коломбо, когда прибудут в Коломбо. Вам не нужно раскрывать, кто это.

Пришлось дождаться вердикта суда. Я не собирался проводить премьер-министра без всеобщих выборов. 26 октября только самая старшая клятва была бы временной администрацией в течение двух месяцев до всеобщих выборов, назначенных на 5 января. Мне пришлось остаться в суде 17 января. Но страна ценнее этого. Поскольку я не мог позволить стране дестабилизироваться, я вышел.

Вопрос: – Вы действительно думаете, что если бы вы не приняли премьер-министра, было бы неплохо, если бы вы пошли на избирательные участки на государственные выборы в 1 1/2 года?

Ответ: – Некоторые люди говорят это. Вот почему вы задаете этот вопрос. Но, если вы посмотрите внимательно, большинство из них говорят, что они в UNP.

В: Есть ли определенная неудача, которая была решена прошлым решением?

Ответ: – Ни в коем случае. Мы тесно связаны с SLFP. В 2015 году SLFP. С решением присоединиться к группе людей с ОНП мы пошли в оппозицию. С тех пор мы были в оппозиции. СЛПФ снова сломал праздник. Из УНП Мы создали антиимпериалистическую народную партию. Они вернулись в наш поток. Это великая победа для нас.

Вопрос – Вы являетесь премьер-министром страны, так как основные перемены в стране. Поэтому у нас было большое пробуждение в стране. Но вам не кажется, что это поломка в этом случае? Что дальше?

Ответ: Мы будем действовать как сильная оппозиция и будем работать над свержением правительства. Это ответственность оппозиции. Мы сделали это. Каждый день оппозиция находится в оппозиции СП. Ложные истории, такие как TNA, не должны поддерживать правительство. Ролл, когда вы поворачиваете. Мы не защищаем правительство. Мы запускаем нашу кампанию как оппозиция. Мы против правительственной антинародной повестки дня.

Вопрос – UNP Джаната Вимукти Перамуна (JVP) утверждает, что президент и вы совершили заговор.

Ответ – нет. Всего ложное обвинение. Они были заговорщиками. У СП нет мандата на защиту ОНП и формирование правительства. Я не знаю, был ли дан мандат такого народа. Я считаю, что JVP проголосовала не поддерживать UNP.

Q. У ОНП нет простого большинства из 113 парламентариев. TNA и JVP. Они в оппозиции. Теперь нельзя доверять правительству

Принося расстраивающее предложение, чтобы пройти через голос.

О. Спикер должен спросить Голос. Он не слышит наш голос.

– Правда ли, что член Избирательной комиссии, который не предстал перед судом против провозглашения выборов в местные органы власти, должен был распустить Парламент для проведения всеобщих выборов и обратиться в суд против него?

О. Это определенно политический процесс. Независимые комиссии не будут использованы. Во многих случаях президент подробно рассказывал Комиссии о последнем дне Ранила Викремесингхе. Президент выдвинул большое обвинение против назначения квалифицированных судей при назначении судей и назначении тех, кто хотел их. Любой, кто понимает речь президента, говорит.

Он сказал, что начал набирать и даже работать на президента. Премьер-министр не отрицал, что президент так сказал. Тихий слух.

Вопрос: Какая ситуация будет политически в ближайшие 12 месяцев?

О. Я не думаю, что это займет 12 месяцев.

Вопрос – Как долго будут ждать выборы?

из[:SI]හඩෙන් ඡන්ද ගන්න කථානායකට අපේ හඩ ඇහෙන්නේ නෑ
පාර්ලිමේන්තුවේ 2/3ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්

බල අරගලයක තාවකාලික නිමාව සනිටුහන් කර ඔහු එහි ඊළඟ අදියර සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව පෙනුණි. ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මැතිඇමැතිකම් සියල්ල තුළ කිසිදු වෙනසක් නොමැතිව සුපුරුදු අරගලකාරී දේශපාලනයේ ඔහු යෙදෙමින් සිටී. මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව ලාංකේය දේශපාලනය වෙන් වී ඇත්තේ අරගලයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලියැවුණු පරිච්ෙඡ්දයකි. ඔහු සිය ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය :- ඔබතුමා හිටපු ජනාධිපති, හිටපු අගමැතිවරයා වශයෙන් හැඳින්වුවත් වර්තමානයේ ඔබ විපක්‍ෂ නායකවරයා ඇත්තෙන්ම අපි ඔබතුමා හැඳින්විය යුත්තේ කොහොමද?

පිළිතුර :- ඔය කුමකින් හැඳින්වුවත් මම මහින්ද රාජපක්‍ෂමයි. මේ ගැන මම මෙයට පෙරත් සඳහන් කර තිබෙනවා. ජනාධිපතිකම්, අගමැතිකම්, විපක්‍ෂ නායකකම්, ඇමැතිකම් දරා තිබෙනවා. මේ සියල්ලක්ම තාවකාලික තනතුරු. ඒ නිසා මම හැමදාම එදා සිටි මහින්ද රාජපක්‍ෂයි. මම 1970 මන්ත‍්‍රීවරයෙක් වශයෙන් පටන්ගන්නේ. එදා සිට මන්ත‍්‍රීවරයෙක්. එම නිසා ඔබ කුමකින් හැඳින්වුවත් මා කවුද කියා ජනතාව දන්නවා. මට බලලෝභී කමක් නැහැ.

ප‍්‍රශ්නය :- පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා අගමැති ලෙස පත් වනවිට ඔබට බහුතරයක් තිබෙන බව ප‍්‍රකාශ වුණා. ඒ ඇත්තටම එසේ සිදුවුණේ නැහැ. සියලූ සිද්ධිදාමය තුළ වුණේ මොකක්ද කියන ප‍්‍රශ්නයට පිළිතුරක් ඔබ ළඟ තිබෙනවාද?

පිළිතුර :- මොකුත් වුණේ නෑ. යම් යම් හේතු තිබුණා. එම නිසා එන අය ආවෙ නෑ. මම නම් කාටවත් කතා කළේ නෑ. එ. ජා. ප. යේ විදේශගතව සිටි යම් පිරිස් මට දුරකථනයෙන් කතා කරල කිව්වෙ ඔවුන් කොළඹට ආවම මා සමග එකතු වෙනවා කියලා. ඒ කවුද කියලා නම් හෙළිකළ යුතු නැහැ.

අධිකරණයේ තීන්දුවක් දෙන තෙක් මට ඉන්න තිබුණ. මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධුරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. 26 වැනිදා අගමැති ලෙස දිවුරුම් දුන්නෙ වැඩිම වුණොත් ජනවාරි 5 වැනිදාට නියම කර තිබුණු මහ මැතිවරණය අවසන් වන තෙක් මාස දෙකක් වැනි කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙන යෑමට විතරයි. අධිකරණ තීන්දුව ජනවාරි 17 වැනිද එන තෙක් මට ඉන්න තිබුණ. නමුත් ඊට වඩා මට රට වටිනවා. රට අස්ථාවර වීමට ඉඩදිය නොහැකි නිසා මා ඉවත් වුණා.

ප‍්‍රශ්නය :- ඇත්තටම ඔබට හිතෙන්නෙ නැද්ද අගමැති ධුරය භාර නොගෙන රජයේ අවුරුදු 1 1/2 ක කාලය ගෙවෙන්නට හැර ඡන්දයකට ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා?

පිළිතුර :- ඕව් සමහර අය එහෙම කියනව. ඔබ ඔය ප‍්‍රශ්නය අහන්නෙත් ඒ නිසයි. හැබැයි හොඳට හොයල බැලූවොත් එහෙම කියන බොහෝ දෙනා එජාපයේ බව පෙනෙයි.

ප‍්‍රශ්නය :- අඩියක් පස්සට ගන්නට තීරණය කිරීම නිසා යම් පසුබෑමක් ඇතිවුණා කියලත් සමාජයේ මතයක් තිබෙනව?

පිළිතුර :- කිසිසේත් නැහැ. අපි තදින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග බැඳුණු අය. 2015 දී ශ‍්‍රීල.නි.ප. යේ පිරිසක් එ.ජා.ප ය සමග එකතුවීමට ගත් තීරණයත් සමගයි අපි විපක්‍ෂයට ගියේ. එදා සිට අපි විපක්‍ෂයේ සිටියෙ. ඒ තිබුණු මංගල්‍ය කඩලා නැවත ශී‍්‍ර.ල.නි.ප. ය යූ.එන්.පී. විරෝධී අධිරාජ්‍ය විරෝධී ජනතාවාදී පක්‍ෂයක් බවට පත් කළා. ඒ අය නැවත අපේ ප‍්‍රවාහයට ඇතුළු වුණා. ඒක අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය – ඔබ අගමැතිවරයා ලෙස පත්වීමට රටේ විශාල වෙනසකට මුල පිරීමක් හැටියටයි බහුතර ජනතාවක් දැක්කේ. ඒ නිසාම රටේ විශාල පිබිදීමක් දකින්නට තිබුණා. එහෙත් මේ සිදුවීමත් සමඟ එහි යම් කඩාවැටීමක් ඇති වුණා කියල හිතෙන්නෙ නැද්ද? දැන් මොකක්ද ඊළඟ පියවර?

පිළිතුර – අපි ශක්තිමත් විපක්‍ෂයක් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරනවා. විපක්‍ෂයේ වගකීම ඒකනෙ. අපි ඒක කළානෙ. විපක්‍ෂයේ කියල හැමදාම විපක්‍ෂයෙ ඉඳගෙන දැන් ඉන්න ජ.වි.පෙ. හා දෙමළ සන්ධානය වගේ බොරුවට බැණ බැණ ආණ්ඩුවට සහයෝගය දීම නොවෙයිනෙ කළ යුත්තෙ. පෙරළන්න පුළුවන් අවස්ථාවකදි පෙරළීමයි. අපි ආණ්ඩුව ආරක්‍ෂා කරන්නෙ නෑ. විපක්‍ෂයක් ලෙස අපේ වැඩපිළිවෙළ අපි දියත් කරනව. ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව අපි නැගී සිටිනවා.

ප‍්‍රශ්නය – එ.ජා.ප. ය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නෙ ජනාධිපතිවරයා හා ඔබතුමා කුමන්ත‍්‍රණයක් කළා කියලා.

පිළිතුර – නෑ. සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. කුමන්ත‍්‍රණය කළේ ඒ අයයි. ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට ජන වරමක් නැහැනෙ. එහෙම ජනතා වරමක් දී තිබේද කියල මම නම් දන්නෙ නෑ. මම විශ්වාස කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නෙ යූ.එන්.පී.යට මුක්කු ගැසීමට නොවෙයි කියලයි.

ප‍්‍රශ්නය – එ.ජා.ප.යටත් පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතරය නෑ. දෙමළ සන්ධානය හා ජ.වි.පෙ. ඉන්නෙ විපක්‍ෂයේ. දැන් ඔබතුමාලට බැරිද ආණ්ඩුවට එරෙහිව විශ්වාස

භංග යෝජනාවක් ගෙනවිත් හඬ අනුව සම්මත කිරීමට.

පිළිතුර – හඬ ගැන අහන්න ඕන කථානායකවරයගෙන්. ඔහුට අපේ හඬ ඇහෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – පළාත් පාලන, පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහිව අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම ඊට එරෙහිව අධිකරණයට යෑම දේශපාලන අවශ්‍යතාවයක් මත කරපු දෙයක් හැටියටත් සමහරු කියනව ඒක ඇත්තද?

පිළිතුර – අනිවාර්යෙන්ම එය දේශපාලන කි‍්‍රයාවලියක්. ස්වාධීන කොමිෂන් සභා කියල දාගත්තට වැඩක් නැහැ. හුඟක් අවස්ථාවලදී ජනාධිපතිවරය පසුගිය දින රනිල් වික‍්‍රමසිංහ මහතා ළඟ තියාගෙන කියපු කතා තුළ කොමිෂන් සභා ගැනත්, කියනවානේ. නඩුකාරවරු පත්කිරීමේදී සුදුසුකම් තිබෙන ජ්‍යෙෂ්ඨයන් යෝජනා කළාම ඒ නම් ඉවත් කර ඒ අයට ඕන අය පත්කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබුණු බවට ජනාධිපතිතුමා ලොකු චෝදනාවක් කළා. ජනාධිපතිවරයගෙ කතාවෙන් ඕන කෙනකුට තේරුම් යනව.

ජනාධිපතිවරයගෙ බලතල පවා උදුරාගෙන වැඩ කරන්න පටන් ගත්ත කියල කිව්ව. ජනාධිපතිවරය ඒ කියපු එක දෙයක්වත් අගමැතිවරය ප‍්‍රතික්‍ෂේප කළේ නැහැ. නිහඬව අසාගෙන හිටිය.

ප‍්‍රශ්නය – ඉදිරි මාස 12 තුළ දේශපාලනික වශයෙන් රටේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?

පිළිතුර – මං හිතන්නෙ මාස 12 ක් යන එකක් නැහැ.

ප‍්‍රශ්නය – මැතිවරණයක් කුමන කාලයක් තුළ බලාපොරොත්තු වෙනවද?

පිළිතුර – මගේ නම් බලාපොරොත්තුව හය මාසයකින් වගේ. සමහර විට ඊට මෙහා වෙන්නත් පුළුවන්. රට තුළ තිබෙන දේශපාලන පසුබිම දෙස බැලූවම පේනව.

ප‍්‍රශ්නය – දින පනහක අගමැති ධුරය දරන කාලය තුළ ඔබට රටට යමක් කරන්න පුළුවන් වුණාද?

පිළිතුර – ඔව්. පීඩනයට පත්ව සිටි ජනතාව යම් ප‍්‍රමාණයකින් එම පීඩනයෙන් මුදා ගැනීමට හැකි වුණා. වැට් බද්ද ඇතුළු අනෙකුත් බදු අඩු කළා. පොහොර සහනාධාරය, බඩු මිල අඩුකිරීම, පෙට‍්‍රල් මිල තෙවරක් අඩු කිරීම තුළින් ජනතාවට සහන රැසක් ලබාදීමට හැකිවීමත් තවත් ජයග‍්‍රහණයක්. එ.ජා.ප. ආණ්ඩුවට තෙල් මිල අඩු කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණා. නමුත් ඔවුන් අඩු කළේ නැහැ.

පැවැති ආණ්ඩුවට ජනතාව ඕනෑවටත් වඩා බදු බර පටවා පීඩාවට ලක්කර තිබුණා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ 2/3 ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්. ඒ බලය තිබුණ නම් රට බෙදන ව්‍යවස්ථාව නොවැම්බර් 7 වැනිද සම්මත කරගැනීමේ වැඩපිළිවෙළක් තිබුණ. එය නැති කළා. ඒ වගේ අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් එකට එක්ව පුළුල් පෙරමුණක් බවට පත්වෙලා. එයත් ලොකු ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය – මේ සිදුවූ දේ පිළිබඳ පෙළගැස්වීමක් කර බැලූවොත්?

පිළිතුර :- මුලදී මෙවැනි සාකච්ඡාවක් පිළිබඳව වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මට කිව්ව. ඉන්පසු එස්. බී., ලක්‍ෂමන්, ඩිලාන්, තිලංග යන අය මාව හමුවුණා. වාසු මට ඒ ගැන මුලින් කියන කොට මම එය ප‍්‍රතික්‍ෂේප කරමින් මට තනිවම ඒ පිළිබඳ තීරණයක් ගත නොහැකි බව කිව්ව. දෙතුන් වරක් ජනාධිපති හමුවුණා.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා හා ඔබතුමා අතර වර්තමානයේ තිබෙන්නෙ කුමන අවබෝධතාවයක් ද?

පිළිතුර – අප අතර හොඳ අවබෝධයක් තියෙනව. මෛති‍්‍රපාල සිරිසේන මහතා හැත්තෑ ගණන්වල ඉඳලා දන්න කෙනෙක්. අප දෙගොල්ලො 2014 වනතෙක් සහයෝගයෙන් කටයුතු කළා. 2014 ප‍්‍රශ්නයක් ඇවිත් ඔහු අපෙන් ඉවත් වෙලා ගිහින් ජනාධිපතිවරණයෙන් ජය ගත්ත.

ජයග‍්‍රහණය කළ හැකි බවට අවස්ථාවක් ආවම එතුමා ඉන් ප‍්‍රයෝජන ගත්ත. එහි වරදක් තිබෙන බවක් මා දකින්නෙ නෑ. ජනතාවනෙ එය තීන්දු කළේ. දිනුම පැරදුම අපිට හොඳට පුරුදුයි. එය පිළිගන්න බැරිනම් දේශපාලනය කරන්න බැහැ.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා විසින් ඔබතුමා මෙවරත් යම් උගුලකට හසුකළා කියල හිතෙනවද?

පිළිතුර – නෑ. මම එහෙම හිතන්නෙ නෑ. දේශපාලන උගුලකට හසුවෙනවා කියන්නෙ ඒ උගුලට හසුවෙන කෙනාගෙ දුර්වලකමක්. කිසිම ලෙසකින් මා උගුලකට හසු නොවුණ බව මට විශ්වාසයි.

ජනාධිපතිවරයා සද්භාවයෙන් කරපු දෙයක්. එතුමා නීති විශාරදයන්ගෙ උපදෙස් ගත්ත. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්න. අපි එය පිළිගන්නව.

ප‍්‍රශ්නය – මේ අවස්ථාවෙ අගමැති ධුරය ලබාගැනීමට ඔබතුමා පෙලඹුණේ ඇයි?

පිළිතුර – එක පැත්තකින් රටේ සම්පත් විකුණගෙන විකුණගෙන ගියා. අනෙක් පැත්තෙන් ඉඩම් දීගෙන ගියා. රට බෙදන ව්‍යවස්ථාව මේ ආදී රටට අහිතකර දේ කරගෙන ගියා. පසුගිය කාලය පුරා විපක්‍ෂය ලෙස අපි මේව විවේචනය කළා. ඒ වැඩපිළිවෙළ නවත්වන්න පුළුවන් ක‍්‍රමය මොකද්ද? එහෙනම් අනිවාර්යයෙන් එතැනට ඇතුළු විය යුතුයි. ඒ අවස්ථාව ලැබුණා. කරගෙන ගිය රටට අහිතකර වැඩපිළිවෙළ නැවැත්වීමට ඒ අවස්ථාව අපි ප‍්‍රයෝජනයට ගත යුතුයි.

විපක්‍ෂයේ සිටින අපට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළාම විපක්‍ෂයක් ලෙස රට වෙනුවෙන් අපි ඒ වගකීම භාරගන්න ඕන. එහි කිසි වරදක් නෑ. සම්බන්ධන් මහතාට ආරාධනා කළොත් නොගෙන ඉඳියිද?

ප‍්‍රශ්නය – මේ ගත් තීරණය පිළිබඳ පසුතැවීමක් නැද්ද?

පිළිතුර – මගේ දේශපාලන තීන්දු පිළිබඳව කිසි දිනක මා පසුතැවෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා ගත් ඒ තීන්දුව වෙනස් කිරීමට ජාත්‍යන්තර බලපෑම් තිබුණ කියනවා. ඒ ගැන ඔබ දරන්නෙ කුමන මතයක්ද?

පිළිතුර – ජනාධිපතිවරයා වෙනස් කළේ නැහැනෙ. අධිකරණය තීන්දුවක් දුන් පසු අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට අවහිරයක් නොවීමට මා ඉල්ලා අස්වුණා.

විදේශ බලපෑම් අනිවාර්යෙන්ම තිබුණ බව පැහැදිලියි. 2015 දීත් ඒක තිබුණ. මම ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියෙ චෝදනා කළා. ඒ වගේ අදත් ඒ බලපෑම තිබුණ. අපි දුටුවානෙ පාර්ලිමේන්තු ගැලරියෙ ඉඳගෙන අත්පුඩි ගහනකොට. එවැන්නක් විදේශ තානාපතිවරයකුට සුදුසුද? එවැනි තත්ත්වයක් තිබුණා. 2015 දී ඇමෙරිකාවෙ විදේශ ලේකම් ජෝන් කෙරී කිව්වානෙ මිලියන 480 ගණනක් රටවල් තුනක ආණ්ඩු පෙරළන්න වියදම් කළා. ඉන් ජයග‍්‍රහණ ලැබුව කියල. ඔවුන් ජයග‍්‍රහණය ලැබූ එක රටක් තමයි ශී‍්‍ර ලංකාව. මේ කතාව ප‍්‍රසිද්ධියෙ කියපු එකක්.

ඒ අවස්ථාවේ එංගලන්තයේ හිටපු අගමැතිවරයාත් කිව්ව ඒ සම්බන්ධයෙන් ඔවුන්ටත් අයිතිය තිබෙනව කියල. එහෙනම් එදා අපේ ආණ්ඩුව පෙරළන්න කවුද වැඩකර තියෙන්නෙ කියල පැහැදිලියි.

ඒ වෙලාවෙ මේ ප‍්‍රකාශය කළාට කවුරුත් ගණන්් ගත්තෙ නැහැ. නමුත් අද ඒ දෙස බැලිය යුත්තේ ඊට වඩා ගැඹුරින් සිතා. දේශපාලන කෝණයෙන් ඒ දෙස බලන්න නරකයි. ඊට වඩා ස්වාධීනව විග‍්‍රහ කර බැලීම මාධ්‍ය ලෙස ඔබේ වගකීමක්. මේ මුදල් ගියේ කාටද කියල බලන්න අපේ ආණ්ඩුව පෙරළන්න ඒ මුදල් යෙදවූ බවනම් පැහැදිලියි.

ප‍්‍රශ්නය:- වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය තුළ විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොන වගේ එකක්ද?

පිළිතුර:- දේශපාලන වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ බව අපි කියලා තිබෙනවා. නමුත් රටේ තිබෙන තත්ත්වය බැලූවම එල්ටීටීඊය රටේ තවම කි‍්‍රයාත්මක වෙනවා. තවත් මුදල් ලැබෙනවා. වෙනත් ස්වරූපවලින් අද එළියට එන බවක් පේන්න තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවක් නොවෙයි.

ජනතා අනුමැතියකින් තොරව 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ජනතාව දී තිබෙන විධායක බලය කොල්ල කෑමක් වී තිබෙනවා. ජනාධිපතිවරයා නොදැනුවත්ව සමහර බලතල එමඟින් ලබාගෙන තිබෙනවා.

19 වන සංශෝධනය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. මා දුටුවා එජාපයෙත් සමහරුන් කියනවා මෙය වෙනස් විය යුතුයි කියලා. මෙය කඩිමුඩියේ අප ඉවත් කිරීමට ගෙනා දෙයක්, විශේෂයෙන් මෙය රාජපක්‍ෂවරුන් ඉවත් කිරීමට ගෙනා යෝජනාවක්.

ප‍්‍රශ්නය:- ඉදිරි මහ මැතිවරණයක් පිළිබඳ සූදානම කෙසේද?

පිළිතුර:- අපි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගෙන පුළුල් සන්ධානයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ. ඒ කටයුතු මේ දිනවල කරගෙන යනවා.

මහ මැතිවරණයකට යනවානම් අපි දෙපාර්ශවයටම හොඳයි. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි. මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්‍ෂාත් කර ගැනීම දැන් කල් ගිහින්. ඒ කොහොම නමුත් අවසානයේදී ජනතාව බලාපොරොත්තු වන වෙනස අනිවාර්යයෙන්ම ලැබෙනව.

ප‍්‍රශ්නය:- මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ බලාපොරොත්තුවක් තිබෙන නිසා පොහොට්ටුවේ සහයෝගය බලාපොරොත්තුවෙන් මේ සැලැස්ම කි‍්‍රයාත්මක කළ බව කියනවා? එය ඇත්තක්ද?

පිළිතුර:- නැහැ. එහෙම දෙයක් නෑ. ජනාධිපතිවරයා කොයිම අවස්ථාවකවත් අප සමග ජනාධිපති අපේක්‍ෂක විය යුතුයි කියන මතය එතුමා ඉදිරිපත් කරලා නැහැ. සමහරු ඒ කතාව එතුමා කිව්වම ඒ කරුණ මේ අවස්ථාවේ අදාළ නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ කළා.

මා සමග කාටවත් වැඩ කිරීමට බැරි කමක් නැහැ. අපේ පක්‍ෂයේ ඉදිරිපත්වන ඕනෑම කෙනෙකුට එක හා සමානව උදව් කරනවා.

ප‍්‍රශ්නය:- ජනතා පරමාධිපත්‍ය බලය ලබාදීමට ගිහින් නේද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණේ.

පිළිතුර:- ජනාධිපතිවරයා කි‍්‍රයා කළේ මැතිවරණයක් තුළින් ජනතාවට ඒ අයිතිය ලබාදීමටයි. පාර්ලිමේන්තුවේ 225 කට තීන්දුව ගන්න ඉඩ නොදී ඒ අයිතිය ජනතාවට දිය යුතුයි කියලා. නමුත් අධිකරණය 122 කට දිය යුතුයි කිව්වම ඊට එහාට යන්න බැහැ.

ප‍්‍රශ්නය:- ප‍්‍රධාන විපක්‍ෂය ලෙස විපක්‍ෂයේ අනෙක් කණ්ඩායම් සමග ඉදිරියේදී කටයුතු කරන්නේ කොහොමද?

පිළිතුර:- ඒ අය සමග අපි සාකච්ඡා කිරීමට සූදානම්. ඔවුන් එයිද නැද්ද මා දන්නේ නෑ. නමුත් අපි ආණ්ඩුවට පන්දන් නොඅල්ලන විපක්‍ෂයක් සමග වැඩ කිරීමට සූදානම්.

විපක්‍ෂ ලෙස ගත්තම අපිට කවුරුත් එකයි. ඒක දෙමළ සන්ධානයද, ඩග්ලස් දේවානන්ද කියල ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලා වගේ අය කටයුතු කරන්නෙ වෙනත් න්‍යාය පත‍්‍රයක සිටයි. ඔවුන් කටයුතු කරන්නේ ජාතීන් ළං කිරීමට නොව ඈත් කිරීමටයි.

ප‍්‍රශ්නය:- ඔබතුමාලා ඔක්තෝබර් 26 දා කළ විප්ලවයෙන් එජාපයට වාසිදායක තත්ත්වයක් ඇති වුණා කියලා කියනවා. එය ඇත්තක්ද?

පිළිතුර:- කවුද කියන්නෙ ඒ පක්‍ෂයේ අය නම් කියනවා. ජනමතයක් තිබේනම් බිය නොවී හෙට ඇවිත් ඡන්දයක් තියා ජනමතය උරගා බැලිය හැකියි.

එජාපය බලයට ඇවිල්ලා රටේ සම්පත් විකුණන විට, රටට අහිතකර ගිවිසුම් කි‍්‍රයාත්මක කරන විට, පාක්‍ෂිකයෝ නිදාගෙන සිටියා. දැන් එක පාරට රනිල්ට වදිනකොට එජාපය අවදි වෙලා සටන් කරනවා. ඒ හැර වෙන දෙයක් නෙවෙයි.

ප‍්‍රශ්නය:- ඔබතුමා කියා හිටියා ආණ්ඩුව මෙහෙයවීමේ රිමෝට් එක තියෙන්නේ දෙමළ සන්ධානයේ අත කියලා.

පිළිතුර:- ඔව්. ඒකනේ ඇත්ත. 113 හදාගන්න එජාපයට දෙමළ සන්ධානයේ ඡන්ද ටික අවශ්‍යයි. නැතිනම් ඔවුන්ට තියෙන්නේ 103 යි. චම්පික රණවක ඒ නිසා නේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ අපේ අයට ඇවිත් ඒ රිමෝට් එක ගන්න කියලා.

ප‍්‍රශ්නය:- ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවොත්?

පිළිතුර:- අනිවාර්යෙන් අපි ඊට විරුද්ධ වෙනවා. ජනාධිපතිවරයාට එවැන්නක් ගේන්න හේතුවක් තිබෙන බවක් පේන්න නෑ.

ප‍්‍රශ්නය:- ඔබතුමන්ලාගේ පක්‍ෂයේ තවත් අය යන්න සිටිනවද?

පිළිතුර:- ඒක මට කියන්න බෑ. මට පේන කියන්න බෑ. යන අයගේ දේශපාලන අනාගතය ඔවුන් සිතිය යුතුයි.

ප‍්‍රශ්නය:- ජවිපෙ, එජාපය කියන්නෙ ඔක්තෝබර් 26 වැනිදා කළ කුමන්ත‍්‍රණය පරදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළා කියලා.

පිළිතුර:- කුමන්ත‍්‍රණ කළේ ඔවුන්. ජනාධිපති බලතල උදුරා ගැනීමට කුමන්ත‍්‍රණ කළ නමුත් ජනාධිපතිවරයා සමග එක්වෙලා අපට හැකිවුණා එජාප ආණ්ඩුව කරගෙන ගිය කුමන්ත‍්‍රණය පරාජය කිරීමට.

ප‍්‍රශ්නය:- අගමැතිවරයා ඉදිරියේ තියාගෙන පසුගියදා ජනාධිපතිවරයා කළ කතාව පිළිබඳව ඔබතුමාට හිතෙන්නෙ කොහොමද?

පිළිතුර:- ජනාධිපතිවරයා සත්‍ය ප‍්‍රකාශ කළ බව පැහැදිලියි. කිසිවෙක් ඊට උත්තරයක් දුන්නෙ නැහැ. ජනාධිපතිවරයා කියන දේ සත්‍යයෙන් තොර නම් ඒ බවට ප‍්‍රකාශයක් කිරීමට තිබුණා. සජිත් පේ‍්‍රමදාසගේ පිළිතුරු කතාවේදීවත් එය අසත්‍ය බවක් කිව්වේ නෑ. ඒ ගැන වචනයක් නොකියා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පෙනී ගියේ එය සත්‍යයි කියලා.

ප‍්‍රශ්නය:- ඔබතුමාට බහුතරය හදාගන්න දෙමළ සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට නොහැකිවුණේ ඇයි?

පිළිතුර:- දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකඟවීමට ගියා නම් රටම පාවාදීමට සිදුවෙනවා. මා ළඟට ගෙනාව යෝජනා තමයි එජාපයටත් ඉදිරිපත් කරන්න ඇත්තේ.

ඒ කොන්දේසිවලට එකඟ වුණානම් දෙමළ සන්ධානයේ පූර්ණ සහාය ලැබෙනවා. මට රට පාවාදීමට බැරි නිසා මම එම යෝජනා ප‍්‍රතික්‍ෂේප කළා. එජාපය යෝජනාවන්ට එකඟ වෙන්න ඇති. යෝජනා සිද්ධාර්ථන් මහතා ප‍්‍රතික්‍ෂේප කරලා නැහැ. ඇත්ත කතාව කි‍්‍රයාත්මක වෙන විට පෙනෙයි. පෙබරවාරි වෙනකොට නව ව්‍යවස්ථාව ගෙනෙයි. ගෙනත් බලය උරගා බලයි.

ප‍්‍රශ්නය:- හඬෙන් සම්මත කර ගනියිද?

පිළිතුර:- එහෙම වුණොත් තමයි ලෙඬේ. නමුත් ඊට වඩා හඬක් මතුවෙයි.

ප‍්‍රශ්නය:- අතුරු සම්මත ගිණුම අනුමත කර ගැනීම කොහොම වෙයිද?

පිළිතුර:- එය සම්මත වෙයි. එය සම්මත කර ගැනීමට අපි බාධා කරන්නේ නැහැ. රට අස්ථාවර කරන්න අපට අවශ්‍ය නැහැ. අස්ථාවරත්වයක් රටේ ඇතිවෙයි කියලානෙ මම ඉවත් වුණේ. මටත් ඕක ඉදිරිපත් කරලා පරාජය වෙන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නෑ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ දේශපාලන ඇසින් විතරයි. මට එහෙම බලන්න බෑ. තවත් රට වැටෙන්න ඉඩ දෙන්න මට බෑ.

සාකච්ඡා කළේ – අනුර බාලසූරිය[:]

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.net/wp-content/uploads/2018/10/IMGL9254-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}