[:en]
සංචාරක නියමු ව්‍යාපෘතියක් ලෙස උදයංග වීරතුංගගේ තැරැව්කාර සංචාරක ආයතනයකින් ආරම්භ කළ යුක්රේන-රුසියානු සංචාරක ව්‍යාපෘතිය එකඟවූ නිරෝධායන පිළිවෙත් උල්ලංඝනයකර ඇති බවට සිවිල් ගුවන්සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
හිටපු රුසියානු තානාපති වශයෙන් යුක්රේනයේ හා රුසියාවේ පවත්වාගෙන යන ව්‍යාපාරික සබඳතා භාවිත කරමින් උදයංග වීරතුංග මෙරට සංචාරක කටයුතුවලින් වාසි ලබාගැනීමට ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ආරම්භක රැස්වීම් කැඳවා ඇත්තේ ඇමති ප්‍රසන්න රණගුංග විසිනි. සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් සමග පැවති ඒ රැස්වීම්වලදී විවාද මැද ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව මතුකර ඇත්තේ උදයංග වීතුංග හා සංචාරක ඇමතිවරයා විසිනි. මෙරටට සංචාරකයන් ගෙන්වීම ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙ යාමට අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීම වෙනුවෙන් තර්ක ගෙන එනවාට වඩා ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා හැකි මාර්ගයක් යෝජනා කරන ලෙසත් ප්‍රසන්න රණතුංග විසින් නිලධාරින්ට අවලාදාත්මකව පවසා තිබිණි.
කෙසේවෙතත් සෞඛ්‍ය නිලදාරින් විසින් නිරෝධායන නීති ලිහිල් කිරීම අවදානම් බව ඇමතිවරයාට පැහැදිලි කර ඇත. ඒ අවස්ථාවේ උදයංග වීරතුංග හා ඇමතිවරයා ඔවුන්ට චෝදනා කර ඇත්තේ සංචාරක කර්මාන්තය කඩා වැටුණහොත් එහි වගකීම භාරගන්න සෞඛ්‍ය අංශවලට හැකිදැයි ප්‍රශ්න කරමිනි.
කෙසේවෙතත් යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන ඒමෙන් පසුව ඔවුන්ගෙන් කිහිප දෙනකු ආසාදිතයන් බව අනාවරණය විය. සංචාරක අමාතයවරයා පෞද්ගලික උනන්දුවක් දක්වමින් ආරම්භ කළ ව්‍යාපෘතියේ දුර්වලකම්වලින් තමන්ට ඇතිවන අපකීර්තියෙන් ගැලවීම පිණිස ඇමතිවරයා දැන් පවසන්නේ උදයංග වීරතුංග නිසි ක්‍රමවේද භාවිතකර නැති බවය. සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදී තිබියදීත් ඊට පිටින් යමින් වැඩකටයුතු කරන බවට ප්‍රසන්න රණලුංග ඇමතිවරයා ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.
යුක්රේන සංචාරකයන් පැමිණි පසුව ඔවුන් සමග හැසිරෙමින් මුඛ ආවරණ පවා නොමැතිව කාන්තාවන් සමග ඇසුරු කරමින් උදයංග වීරතුංගගේ ඇතැම් ක්‍රියා නිසා සංචාරක අමාත්‍යංශයට විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව ඇමතිවරයා සිය හිතවතුන්ටද පවසා ඇත. එපමණක් නොව, සංචාරක අමාත්‍යංශයේ වැඩකටයුතුවලට ඔහු මැදිහත් වන බවත් අමාත්‍යවරයා විසින් මැසිවිලි නගන්නට පටන්ගෙන ඇත. මේ සම්බන්ධව උදයංග වීරතුංගට අවවාද කරන බව අගමැතිවරයා ප්‍රසන්න රණතුංගට පවසා ඇත.
මේ අතර උදයංග වීරතුංග ප්‍රචාරය කර ඇත්තේ ප්‍රසන්න රණතුංග විසින් මෙම නියමු ව්‍යාපෘතියෙන් අනියම් වාසි අපේක්ෂා කළ බවත් ඊට අවස්ථාව අහිමිවීම නිසා මෙසේ චෝදනා නගන බවත්ය.
https://www.lankaviews.com/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A/[:ru]
Министр гражданской авиации и туризма Прасанна Ранатунга пожаловалась президенту, что украинско-российский туристический проект, запущенный брокерской фирмой Удаянги Виратунга в качестве пилотного туристического проекта, нарушает согласованную политику карантина.
Министр Прасанна Ранагунга созвала первое заседание проекта, который Удаянга Виратунга начал в качестве бывшего посла России в Украине, используя деловые связи для получения выгоды от туризма в Шри-Ланке. Удаянга Витунга и министр туризма подняли вопрос о необходимости продвижения проекта в ходе обсуждений во время встреч с представителями туристического сектора и Министерства здравоохранения. Прасанна Ранатунга оскорбил официальных лиц, заявив, что привлечение туристов в страну необходимо для экономического развития страны и что вместо того, чтобы выступать за защиту политики в области здравоохранения, они должны предложить дальнейшее развитие проекта.
Однако представители здравоохранения ясно дали понять министру, что ослабление правил карантина рискованно. В то время Удаянга Виратунга и министр обвинили их в том, что они сомневаются, сможет ли сектор здравоохранения взять на себя ответственность в случае краха индустрии туризма.
Однако после приезда украинских туристов в Шри-Ланку выяснилось, что некоторые из них инфицированы. Министр теперь говорит, что Удаянга Виратунга не использовал надлежащие методы, чтобы избавиться от стигмы, связанной с проектом, который был начат министром туризма с личной заинтересованностью. Соответственно, министр Раналунга пожаловался президенту и премьер-министру, что, несмотря на рекомендации по охране здоровья, он выходит за рамки этого.
Министр также сообщил своим друзьям, что Министерство туризма сталкивается со многими проблемами из-за некоторых действий Удаянги Виратунга по отношению к украинским туристам и женщинам, даже не носящим масок. Кроме того, министр начал жаловаться на то, что он вмешивается в дела Министерства туризма. Премьер-министр сказал Прасанне Ранатунге, что он предупредит Удаянгу Виратунгу по этому поводу.
Между тем, Удаянга Виратунга заявил, что Прасанна Ранатунга ожидал косвенных выгод от этого пилотного проекта и что он делал такие заявления из-за потери возможности.
https://www.lankaviews.com/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A/[:SI]