[:en]The burgeoning tourist bubble![:ru]Растущий туристический пузырь![:SI]බිඳ වැටෙමින් තිබෙන සංචාරක බුබුල ![:]

[:en]බිඳ වැටෙමින් තිබෙන සංචාරක බුබුල !
fShare
fea8 1කොවිඞ් -19 වසංගතය හමුවේ අපේ ආර්ථිකය පණ ගැන්වීමේ දී සංචාරක කර්මාන්තයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය. මේ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරක කර්මාන්තය පණ ගැන්වීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එය ඉතා සැලකිල්ලෙන් ඉතාමත් ආරක්ෂිතව කළ යුතු දෙයකි. එසේ නොකිරීමෙන් සංචාරක කර්මාන්තය පණ ගැන්වීමේ ඉදිරි උත්සාහයන්ට ද බාධා ඇති විය හැකිය. එවැනි හානිකර ප‍්‍රතිඵල ඇති වීම වළක්වා ගැනීම සඳහා රජය විසින් දියත් කරන සංචාරක නියමු ව්‍යාපෘතිය ඉතා විධිමත් ලෙස සැලසුම් සහගතව දියත් කළ යුතු බව අපගේ අදහසයි. සංචාරක බුබුළු සංකල්පයට අනුව දියත් කළ මේ සංචාරක නියමු ව්‍යාපෘතිය මගින් මුලින්ම මෙරටට පැමිණියේ යුක්රේන සංචාරකයින්ය. එහෙත් මේ යුක්රේන සංචාරකයින් පැමිණීම සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල වී ඇත. මේ විවේචන තුළ හුදු දේශපාලන විවේචන මෙන්ම පිළිගත හැකි ඉතා සාධාරණ විවේචන ද තිබේ. ඇතැම් විට ඔවුන් මුහුණු ආවරණ පැළඳීම වැනි මූලික සෞඛ්‍ය උපදෙස් හෝ අනුගමනය කරනු දක්නට නොලැබිණි. මෙය ලෝක වසංගත තත්ත්වයක් නිසා ලෝකයේ සෑම රටකම මේ වසංගතය පැතිරීම පාලනය කර ගැනීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බව රහසක් නොවේ. එසේ නම් මේ රටට එන විදෙස් සංචාරකයන් ද ඒවා අනුගමනය කළ යුතුමය. ඒ සම්බන්ධයෙන් මෙරටට එන විදෙස් සංචාරකයන් මෙන්ම මේ සංචාරක නියමු ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන මෙරට ජනයා ද දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් මෙය හරිහැටි ඉටුව ඇති බවක් නොපෙනිණි. ඒ නිසා අනාගත සංචාරක ප‍්‍රවර්ධන කටයුතුවලට පවා මේ තත්ත්වය හානියක් විය හැකි බැවින් වහාම මේ නියමු ව්‍යාපෘතිය විධිමත් කර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දියත් කිරීමට සංචාරක ඇමැතිවරයා ඇතුළු සංචාරක බලධාරීන් වගබලාගත යුතු වේ.

මේ වන විට අපේ රටේ කොවිඞ් ආසාදිතයින් ගණන 50,000 ද ඉක්මවා යන තත්වයක් මතුව ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව සාපේක්‍ෂව අඩුය. එහෙත් වෙනත් ඇතැම් රටවලට සාපේක්ෂව අප හොඳ තත්ත්වයක සිටින බව කියා අප සතුටු වෙනවාට වඩා කළ යුත්තේ මේ වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට උපරිම පියවර ගැනීමයි. එය ආර්ථික කටයුතු පණ ගැන්වීමට මෙන්ම සිදුවෙමින් පවතින අහිතකර ආර්ථික බලපෑම් අවම කර ගැනීමට ද හේතු වන්නකි. එහෙත් සමාජය තුළ අපට දක්නට ලැබෙන්නේ තවමත් ඇතැම් අය මේ ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව අනාරක්ෂිතව කටයුතු කරමින් සිටින බවයි. එනම් මුහුණු ආවරණ පැළඳීම ද ඇතැමුන් සිදු කරන්නේ ආරක්ෂක අංශවලට පෙනෙන්නටය. එසේම දැන් දැන් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරන්නේ නැති තරම්ය. සුපිරි වෙළෙඳසල්වල පෝලිම්වල පවා දැන් මේවා තුට්ටුවකටවත් නොතකයි. මේ සැහැල්ලූවට ගැනීම අවදානම් සහගතය. අපට යුක්රේන විදෙස් සංචාරක පැමිණීම් ගැන කතා කිරීමට සිදුව ඇත්තේ මෙවන් පසුබිමකය. මේ අතරම එංගලන්තයේ නව කොවිඞ් වෛරස් ප‍්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයකු තුළින් හඳුනාගෙන ඇති බව ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබුණි. මෙවැනි නව වෛරස ප‍්‍රභේද විදෙස් රටවල සිට මෙරටට එන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම විදෙස් සංචාරකයන් මගින් ද මෙරටට පැමිණිය හැකිය. මේ අනුව විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යයට පවසා තිබුණි. මේ නිසා කොවිඞ් – 19 හමුවේ සංචාරක කර්මාන්තය පණ ගැන්වීමේ උත්සාහය අප දියත් කළ යුතු වන්නේ ඉතා සැලකිල්ලෙන් සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙරට ජනයාට මේ වෛරසය සහ එහි නව ප‍්‍රභේද පැතිරීමට ඇති අවදානම නොමැති වන පරිද්දෙනි. එහෙත් යුක්රේන සංචාරකයින් ගෙන ඒමට මූලික වූ උදයංග වීරතුංග මහතා පවා මුහුණු ආවරණ නොමැතිව එම සංචාරකයින් සමග සිටින ඡුායාරූප සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය විය. මේ සංචාරකයින් සමග ගිය සෆාරි ජීප් රථ රියදුරන් හුදෙකලා කර වෙනත් හෝටලයක නැවැත්වීමට පියවර ගනු ලැබූ බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය. එහෙත් එය උදයංග වීරතුංග මහතාට අදාළ වූයේ නැති ද යන්න බොහෝ දෙනෙක් නගන ප‍්‍රශ්නයකි. ඔහු පසුව මාධ්‍ය හමුවක් පවා පවත්වා තිබිණි. මේ නිසා මේ කියන රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රියාමාර්ග නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බවට බලවත් චෝදනා නැගෙමින් තිබේ. එය පසුව විධිමත් ලෙස සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීමට ද අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. මේ නිසා අප නම් කියන්නේ මේ නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු හඳුනාගෙන ඒවා වහාම නිවැරදි කරමින් මේ සංචාරකයන් ගෙන්වීමේ ක‍්‍රියාවලිය වඩාත් විධිමත් කළ යුතු බවයි. එවිට එමගින් මෙරට ජනයාට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ වළක්වා ගත හැකිය. එසේම ඒ ගැන මෙරට ජනයා දැනුවත් කිරීමෙන් මේ සම්බන්ධයෙන් පවතින මහජන විරෝධය ද සමනය කරගත හැකිය.

fea8 4කොවිඞ් -19 වසංගතය සම්බන්ධයෙන් යුක්රේනය කිසියම් අවදානම් සහගත රටකි. ඒ ගැන විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් මෙන්ම මේ රජයට සම්බන්ධ ඇතැම් පාර්ශ්වයන්ගෙන් ද විවේචන එල්ල වී තිබේ. කෙසේ වෙතත් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඞ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් බව ද ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කියයි. මෙරට කොවිඞ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද යුක්රේනය පූර්ණ ලෙස ලොක්ඩවුන් කර නොමැති බවද සංචාරක ඇමැතිවරයා අවධාරණය කරයි. පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පවසා තිබුණි.

”යුක්රේනය මේ වන විට පූර්ණ ලොක්ඩවුන් කිරීමක් කරලා නෑ. අලූත්ම රොයිටර් වාර්තාව අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැුස්වීම් වගේ දේවල්. මිලියන 41 ක් වෙසෙන යුක්රේනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා කියන්නේ. අද ලෝකයේ මේ වගේ රටවල් බොහොමයක් තිබෙනවා. නමුත් ඒකේ තේරුම අපි යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමේ දී ප‍්‍රවේශම් නොවනවා කියන එක නෙමෙයි. අපි ලෝකයේ කොරෝනා තත්ත්වය ගැන දැඩි අවධානයකින් තමයි තීන්දු තීරණ ගන්නේ.”

ජනවාරි 21 වෙනිදා සිට ගුවන් ගමන් සඳහා අපේ ගුවන් තොටුපළ විවෘත කිරීමට ද නියමිතය. මේ සම්බන්ධ අලූත් මාර්ගෝපදේශ ද සකසනු ලැබ ඇත. රජය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සඳහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව මේවා සකසා ඇති බවයි. අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යනය කර, විදෙස් සංචාරකයන් සඳහා වන මෙම මාර්ගෝපදේශ සකසා ඇති අතර ඒවා අනුගමනය කරමින් සංචාරක නියෝජිත ආයතනවලට මෙරටට සංචාරකයන් ගෙන්විය හැකි වේ. එසේම මේ රටට එන සෑම විදෙස් සංචාරකයකු විසින්ම මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වේ. ඒ බව දැනටමත් සංචාරක බලධාරීන් විසින් ඉතා පැහැදිලිව අදාළ සංචාර සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබේ. මේ අනුව සංචාරක අමාත්‍යංශය පවසන්නේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ දැඩිව අධීක්ෂණයකට ලක් කරන බවයි. ඒ පණිවිඩය ඉතා හොඳ එකක් වුවත් තවමත් රටේ සිටින යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් මෙය අදාළ නොවේ ද යන්න ප‍්‍රශ්නයකි. පසුගියදා මේ යුක්රේන සංචාරකයන් රැුගත් බස් රථ මහනුවර දළදා මාලිගයට ගෙනගොස් තිබුණේ නිසි දැනුම් දීමකින් තොරව බව බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින්ම චෝදනා කරමින් සමාජ මාධ්‍යයට අදහස් දක්වමින් දැඩි විරෝධයක් දක්වා තිබූ බව අපට දැකගත හැකි විය. ඒ අවස්ථාවේ මෙරට ජනයා ඉවත් කිරීමක් හෝ කර නොතිබුණි. මේ නිසා බලධාරීන් කියන දේ ඒ අයුරින්ම ඉටුවන බවක් නම් පෙනෙන්නට නැත. සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අපේ සංචාරක කර්මාන්තය මේ අමාරු අවස්ථාවේ පණ ගැන්වීමට දරන ප‍්‍රයත්නය අපි ඉතාම අගය කරමු. එය කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ අසරණ වී සිටින සංචාරක කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ ගණනකට ඉමහත් සහනයක් වනු ඇත. ඒ සියලූ දෙනාට රජයට සහන සැලසීමට අපහසුය. හොඳම දේ මෙලෙස නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරක කර්මාන්තය පණ ගැන්වීමයි. එහෙත් මාර්ගෝපදේශ සකසා හඳුන්වා දීම පමණක් ප‍්‍රමාණවත් නැත. ඒවා අකුරටම පිළිපදින බවට දැඩිව අධීක්ෂණය කිරීමක් ද අත්‍යවශ්‍ය වේ. නැතහොත් අනාරක්ෂිත වන්නේ අපේ රටවැසියාය. දැනටමත් දිනපතාම සිය ගණනක් කොවිඞ් – 19 ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන පසුබිම තුළ විදෙස් සංචාරක පැමිණීම් හරහා මෙරට ජනයාට වෛරසය පැතිරීමක් සිදු වුවහොත් එය බලවත් අනතුරකි. එමගින් මේ වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට අපහසු වුවහොත් ඒ තුළින් ආර්ථික කටයුතු ද අකර්මණ්‍ය වීමේ අවදානමක් යළි මතු විය හැකිය. එසේ වුවහොත් සංචාරකයින් ගෙන්වීමේ ආර්ථික වාසියෙන් නිසි ඵලක් නොමැති වනු ඇත.

ලබන 21 සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු වූවන් දැනුවත් කිරීම ද පසුගිය ජනවාරි 11 වැනිදා සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු පාර්ශ්වයන් සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංවිධාන කොළඹට කැඳවා මේ දැනුවත් කිරීම සිදු කර තිබේ. එය මේ යටතේ සංචාරක හෝටල හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සංචාරක නියෝජිත ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා සංචාරක රියදුරු සංගම් නියෝජිතයන් දැනුවත් කර තිබේ. රාජ්‍ය ඇමැති ඞී.වී. චානක, අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න, ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික‍්‍රම යන මහත් මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ. ලබන 21 වෙනිදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු යෑම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලූ සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛනගත (බ්ලැක් ලිස්ට්) කරන බව ද සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණි. ඇමැතිවරයාගේ මේ ප‍්‍රකාශය ගැන ඇතැම් අය විමසා තිබුණේ ඔය කියන දේ උදයංග වීරතුංගට හෝ යුක්රේනියානු සංචාරකයන්ට අදාළ නොවන්නේ ද යන්නයි. ඒ නිසා ඇමැතිවරයා මේ කියන දේවල් සහ සංචාරක සෞඛ්‍ය මාර්ගෝපදේශ යනාදිය සියල්ලටම සාධාරණ විය යුතුය. එසේ නොවී අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළහොත් එය මෙරට ජනයාට සහ ආර්ථිකයට පමණක් නොව එය සංචාරක ව්‍යාපාරයේම අනාගතයට දැඩි ලෙස අහිතකර ලෙස බලපානු ඇති බව අපි රජයට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

රජයේ වැරදි කළමනාකරණය නිසා සංචාරක ක්ෂේත‍්‍රයත් අවදානමට ලක්කරලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න

මේ රජය කොවිඞ් වසංගතය හා ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය ද අවදානමට ලක් කර තිබෙනවා. විදේශ මුදල් අවශ්‍ය බැවින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා යැයි කියමින් ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම් අඩු රටකින් සංචාරකයන් ගෙන්වීමෙන් එම ව්‍යාපාරය සංවර්ධනය කළ හැකි ද? එහි ප‍්‍රතිඵලයක් ලෙස එම සංචාරකයන් හරහා වෙනම කොවිඞ් පොකුරක් නිර්මාණය වීමේ පෙර නිමිති පහළ කරමින් සංචාරක මග පෙන්වන්නන්ව නිරෝධායනයේ තබා තිබෙනවා.

මේ රට මෙසේ ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් පසු බැස ඇත්තේ පළපුරුදු දේශපාලනඥයන් හා ඔවුන් සමග දක්ෂ වැඩ දන්නා නිලධාරී කණ්ඩායමක් නොමැති නිසාය. හමුදාව හා රාජ්‍ය සේවය යනු විශේෂත්ව දැනුම් ඇති ක්ෂේත‍්‍ර දෙකකි. ඒ දෙකෙහි සිටින විශේෂත්වයන් අදාළ ක්ෂේත‍්‍රය සඳහා යොදා ගත යුතුව තිබියදී රාජ්‍ය සේවකයන් ප‍්‍රතික්ෂේප කරමින් සෑම ක්ෂේත‍්‍රයකටම හමුදා නිලධාරීන් පත් කිරීම සුදුසු නොවේ. රට පාලනයට ගජ මිතුරන් හා නෑදෑයන් ළං කරගත් විට ඕනෑම රටක පාලනය අවුල් වන බවට මෙය හොඳම නිදසුනක්. බැඳුම්කරය හා පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට නඩු දමන පොරොන්දු පිට බලයට පැමිණි මේ රජය එක නඩුවක් හෝ නොපැවරීම ගැන ලජ්ජා විය යුතුයි. එ. ජා. ප. රජය සමයේ ද මෙම වැරදි සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු පැවරීමට නොහැකිවීම ගැන අප ද ලජ්ජාවට පත්වනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය ජනවාරි 10 වැනිදා පැවති පුවත්පත් සාකච්ඡාවේ දී අදහස් දක්වමින්…

https://divaina.com/daily/index.php/visheshanga3/53145-2021-01-13-13-49-38[:ru]Индустрия туризма может внести значительный вклад в оживление нашей экономики перед лицом эпидемии Kovid-19. С этой целью важно оживить индустрию туризма, следуя надлежащим рекомендациям по охране здоровья. Но это нужно делать очень осторожно и очень безопасно. Неспособность сделать это также может помешать будущим усилиям по возрождению индустрии туризма. Мы считаем, что пилотный проект по туризму, запущенный Правительством, должен осуществляться очень систематически и планомерно, чтобы предотвратить такие пагубные последствия. Пилотный проект, основанный на концепции пузыря путешествий, был первым в своем роде в Украине. Но было много критики по поводу приезда этих украинских туристов. Эта критика носит как чисто политический, так и очень разумный характер. Иногда они даже не следовали элементарным советам по здоровью, таким как ношение масок. Не секрет, что каждая страна в мире принимает меры по контролю над распространением этой эпидемии, поскольку это глобальная эпидемия. Если это так, иностранные туристы, посещающие эту страну, также должны следовать за ними. В этой связи крайне важно, чтобы иностранные туристы, а также жители этой страны были осведомлены о том, как работает этот пилотный туристический проект. Но похоже, что это не так. Таким образом, министр туризма и другие туристические органы должны гарантировать, что этот пилотный проект формализован и запущен в соответствии с надлежащими рекомендациями по охране здоровья, поскольку такая ситуация также может нанести ущерб будущей деятельности по продвижению туризма.

В настоящее время количество заражений Ковидом в нашей стране превышает 50 тысяч. Количество смертей относительно невелико. Но вместо того, чтобы радоваться тому, что мы находимся в лучшем положении, чем некоторые другие страны, нам нужно сделать все возможное, чтобы контролировать распространение этого вируса. Это оживит экономику, а также смягчит текущие негативные экономические последствия. Но мы видим в обществе, что некоторые люди по-прежнему действуют небезопасно, не беспокоясь об этом. То есть некоторые люди также носят маски для лица, чтобы быть видимыми для сил безопасности. И сейчас люди почти никогда не защищают свою дистанцию. Даже в очередях в супермаркетах они теперь вообще игнорируются. Относиться к этому легкомысленно – рискованно. Именно на этом фоне и приходится говорить о прибытии иностранных туристов в Украину. Между тем, эпидемиолог доктор Судат Самаравира сказал, что новый штамм вируса Ковид в Англии был обнаружен у человека, приехавшего в Шри-Ланку. Такие новые штаммы вируса могут быть привезены в Шри-Ланку как иностранными шри-ланкийцами, так и иностранными туристами. Доктор Судат Самаравира сообщил СМИ, что подозреваемый был идентифицирован из Англии во время расследования инцидента. Поэтому мы должны предпринять усилия по оживлению индустрии туризма перед лицом Kovid-19, чтобы жители этой страны не подвергались риску распространения этого вируса и его новых штаммов, следуя надлежащим рекомендациям по охране здоровья. Однако даже Удаянга Виратунга, который сыграл важную роль в привлечении украинских туристов, разместил в социальных сетях свои фотографии с туристами без каких-либо масок. По сообщениям СМИ, водители сафари-джипов, ехавшие с туристами, были изолированы и припаркованы в другом отеле. Но было ли это не применимо к Удаянге Виратунге – это вопрос, который задают многие. Позже он даже провел пресс-конференцию. В результате появляются серьезные обвинения в том, что эти государственные меры в области здравоохранения не осуществляются должным образом. Это также может отрицательно повлиять на последующее оформление туристического туризма. Поэтому мы говорим, что недостатки этого пилотного проекта должны быть немедленно выявлены и исправлены, а процесс привлечения туристов должен быть упорядочен. Тогда можно будет предотвратить распространение вируса среди жителей этой страны. Также возможно ослабить общественное сопротивление этому вопросу, просвещая народ этой страны об этом.

Украина – страна с высоким риском эпидемии Kovid-19. Он подвергся критике со стороны оппозиционных политиков, а также некоторых партий, связанных с этим правительством. Однако никакого решения о прекращении ввоза туристов из Украины принято не было, говорит министр туризма Панджарасанна Ранатунга. По словам министра Паннарасанна Ранатунга, Комитет Ковида и органы здравоохранения должны решить, следует ли прекратить привозить туристов из Украины или любой другой страны на остров. Министр туризма подчеркнул, что шри-ланкийский комитет Ковида и органы здравоохранения пока приняли такое решение только в отношении Англии и что Украина не была полностью заблокирована. Комментируя это недавно, министр Паннарасанна Ранатунга сказала:

«Украина еще не ввела полную изоляцию. Согласно последнему отчету Reuters, Украина закрыла школы, рестораны и массовые собрания. По зарубежным данным, количество зараженных короной людей в Украине с населением 41 миллион человек превысило миллион. Сегодня в мире много таких стран. Но это не значит, что мы неблагоразумны в ввозе туристов из Украины.

https://divaina.com/daily/index.php/visheshanga3/53145-2021-01-13-13-49-38[:SI]කොවිඞ් -19 වසංගතය හමුවේ අපේ ආර්ථිකය පණ ගැන්වීමේ දී සංචාරක කර්මාන්තයෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය. මේ සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරක කර්මාන්තය පණ ගැන්වීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එය ඉතා සැලකිල්ලෙන් ඉතාමත් ආරක්ෂිතව කළ යුතු දෙයකි. එසේ නොකිරීමෙන් සංචාරක කර්මාන්තය පණ ගැන්වීමේ ඉදිරි උත්සාහයන්ට ද බාධා ඇති විය හැකිය. එවැනි හානිකර ප‍්‍රතිඵල ඇති වීම වළක්වා ගැනීම සඳහා රජය විසින් දියත් කරන සංචාරක නියමු ව්‍යාපෘතිය ඉතා විධිමත් ලෙස සැලසුම් සහගතව දියත් කළ යුතු බව අපගේ අදහසයි. සංචාරක බුබුළු සංකල්පයට අනුව දියත් කළ මේ සංචාරක නියමු ව්‍යාපෘතිය මගින් මුලින්ම මෙරටට පැමිණියේ යුක්රේන සංචාරකයින්ය. එහෙත් මේ යුක්රේන සංචාරකයින් පැමිණීම සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල වී ඇත. මේ විවේචන තුළ හුදු දේශපාලන විවේචන මෙන්ම පිළිගත හැකි ඉතා සාධාරණ විවේචන ද තිබේ. ඇතැම් විට ඔවුන් මුහුණු ආවරණ පැළඳීම වැනි මූලික සෞඛ්‍ය උපදෙස් හෝ අනුගමනය කරනු දක්නට නොලැබිණි. මෙය ලෝක වසංගත තත්ත්වයක් නිසා ලෝකයේ සෑම රටකම මේ වසංගතය පැතිරීම පාලනය කර ගැනීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බව රහසක් නොවේ. එසේ නම් මේ රටට එන විදෙස් සංචාරකයන් ද ඒවා අනුගමනය කළ යුතුමය. ඒ සම්බන්ධයෙන් මෙරටට එන විදෙස් සංචාරකයන් මෙන්ම මේ සංචාරක නියමු ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන මෙරට ජනයා ද දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් මෙය හරිහැටි ඉටුව ඇති බවක් නොපෙනිණි. ඒ නිසා අනාගත සංචාරක ප‍්‍රවර්ධන කටයුතුවලට පවා මේ තත්ත්වය හානියක් විය හැකි බැවින් වහාම මේ නියමු ව්‍යාපෘතිය විධිමත් කර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දියත් කිරීමට සංචාරක ඇමැතිවරයා ඇතුළු සංචාරක බලධාරීන් වගබලාගත යුතු වේ.

මේ වන විට අපේ රටේ කොවිඞ් ආසාදිතයින් ගණන 50,000 ද ඉක්මවා යන තත්වයක් මතුව ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව සාපේක්‍ෂව අඩුය. එහෙත් වෙනත් ඇතැම් රටවලට සාපේක්ෂව අප හොඳ තත්ත්වයක සිටින බව කියා අප සතුටු වෙනවාට වඩා කළ යුත්තේ මේ වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට උපරිම පියවර ගැනීමයි. එය ආර්ථික කටයුතු පණ ගැන්වීමට මෙන්ම සිදුවෙමින් පවතින අහිතකර ආර්ථික බලපෑම් අවම කර ගැනීමට ද හේතු වන්නකි. එහෙත් සමාජය තුළ අපට දක්නට ලැබෙන්නේ තවමත් ඇතැම් අය මේ ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව අනාරක්ෂිතව කටයුතු කරමින් සිටින බවයි. එනම් මුහුණු ආවරණ පැළඳීම ද ඇතැමුන් සිදු කරන්නේ ආරක්ෂක අංශවලට පෙනෙන්නටය. එසේම දැන් දැන් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරන්නේ නැති තරම්ය. සුපිරි වෙළෙඳසල්වල පෝලිම්වල පවා දැන් මේවා තුට්ටුවකටවත් නොතකයි. මේ සැහැල්ලූවට ගැනීම අවදානම් සහගතය. අපට යුක්රේන විදෙස් සංචාරක පැමිණීම් ගැන කතා කිරීමට සිදුව ඇත්තේ මෙවන් පසුබිමකය. මේ අතරම එංගලන්තයේ නව කොවිඞ් වෛරස් ප‍්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයකු තුළින් හඳුනාගෙන ඇති බව ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා තිබුණි. මෙවැනි නව වෛරස ප‍්‍රභේද විදෙස් රටවල සිට මෙරටට එන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම විදෙස් සංචාරකයන් මගින් ද මෙරටට පැමිණිය හැකිය. මේ අනුව විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යයට පවසා තිබුණි. මේ නිසා කොවිඞ් – 19 හමුවේ සංචාරක කර්මාන්තය පණ ගැන්වීමේ උත්සාහය අප දියත් කළ යුතු වන්නේ ඉතා සැලකිල්ලෙන් සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙරට ජනයාට මේ වෛරසය සහ එහි නව ප‍්‍රභේද පැතිරීමට ඇති අවදානම නොමැති වන පරිද්දෙනි. එහෙත් යුක්රේන සංචාරකයින් ගෙන ඒමට මූලික වූ උදයංග වීරතුංග මහතා පවා මුහුණු ආවරණ නොමැතිව එම සංචාරකයින් සමග සිටින ඡුායාරූප සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය විය. මේ සංචාරකයින් සමග ගිය සෆාරි ජීප් රථ රියදුරන් හුදෙකලා කර වෙනත් හෝටලයක නැවැත්වීමට පියවර ගනු ලැබූ බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය. එහෙත් එය උදයංග වීරතුංග මහතාට අදාළ වූයේ නැති ද යන්න බොහෝ දෙනෙක් නගන ප‍්‍රශ්නයකි. ඔහු පසුව මාධ්‍ය හමුවක් පවා පවත්වා තිබිණි. මේ නිසා මේ කියන රජයේ සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රියාමාර්ග නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බවට බලවත් චෝදනා නැගෙමින් තිබේ. එය පසුව විධිමත් ලෙස සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීමට ද අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. මේ නිසා අප නම් කියන්නේ මේ නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු හඳුනාගෙන ඒවා වහාම නිවැරදි කරමින් මේ සංචාරකයන් ගෙන්වීමේ ක‍්‍රියාවලිය වඩාත් විධිමත් කළ යුතු බවයි. එවිට එමගින් මෙරට ජනයාට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ වළක්වා ගත හැකිය. එසේම ඒ ගැන මෙරට ජනයා දැනුවත් කිරීමෙන් මේ සම්බන්ධයෙන් පවතින මහජන විරෝධය ද සමනය කරගත හැකිය.

කොවිඞ් -19 වසංගතය සම්බන්ධයෙන් යුක්රේනය කිසියම් අවදානම් සහගත රටකි. ඒ ගැන විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් මෙන්ම මේ රජයට සම්බන්ධ ඇතැම් පාර්ශ්වයන්ගෙන් ද විවේචන එල්ල වී තිබේ. කෙසේ වෙතත් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඞ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් බව ද ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කියයි. මෙරට කොවිඞ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද යුක්රේනය පූර්ණ ලෙස ලොක්ඩවුන් කර නොමැති බවද සංචාරක ඇමැතිවරයා අවධාරණය කරයි. පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පවසා තිබුණි.

”යුක්රේනය මේ වන විට පූර්ණ ලොක්ඩවුන් කිරීමක් කරලා නෑ. අලූත්ම රොයිටර් වාර්තාව අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැුස්වීම් වගේ දේවල්. මිලියන 41 ක් වෙසෙන යුක්රේනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා කියන්නේ. අද ලෝකයේ මේ වගේ රටවල් බොහොමයක් තිබෙනවා. නමුත් ඒකේ තේරුම අපි යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමේ දී ප‍්‍රවේශම් නොවනවා කියන එක නෙමෙයි. අපි ලෝකයේ කොරෝනා තත්ත්වය ගැන දැඩි අවධානයකින් තමයි තීන්දු තීරණ ගන්නේ.”

ජනවාරි 21 වෙනිදා සිට ගුවන් ගමන් සඳහා අපේ ගුවන් තොටුපළ විවෘත කිරීමට ද නියමිතය. මේ සම්බන්ධ අලූත් මාර්ගෝපදේශ ද සකසනු ලැබ ඇත. රජය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සඳහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්ව මේවා සකසා ඇති බවයි. අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යනය කර, විදෙස් සංචාරකයන් සඳහා වන මෙම මාර්ගෝපදේශ සකසා ඇති අතර ඒවා අනුගමනය කරමින් සංචාරක නියෝජිත ආයතනවලට මෙරටට සංචාරකයන් ගෙන්විය හැකි වේ. එසේම මේ රටට එන සෑම විදෙස් සංචාරකයකු විසින්ම මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වේ. ඒ බව දැනටමත් සංචාරක බලධාරීන් විසින් ඉතා පැහැදිලිව අදාළ සංචාර සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබේ. මේ අනුව සංචාරක අමාත්‍යංශය පවසන්නේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ දැඩිව අධීක්ෂණයකට ලක් කරන බවයි. ඒ පණිවිඩය ඉතා හොඳ එකක් වුවත් තවමත් රටේ සිටින යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් මෙය අදාළ නොවේ ද යන්න ප‍්‍රශ්නයකි. පසුගියදා මේ යුක්රේන සංචාරකයන් රැුගත් බස් රථ මහනුවර දළදා මාලිගයට ගෙනගොස් තිබුණේ නිසි දැනුම් දීමකින් තොරව බව බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින්ම චෝදනා කරමින් සමාජ මාධ්‍යයට අදහස් දක්වමින් දැඩි විරෝධයක් දක්වා තිබූ බව අපට දැකගත හැකි විය. ඒ අවස්ථාවේ මෙරට ජනයා ඉවත් කිරීමක් හෝ කර නොතිබුණි. මේ නිසා බලධාරීන් කියන දේ ඒ අයුරින්ම ඉටුවන බවක් නම් පෙනෙන්නට නැත. සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අපේ සංචාරක කර්මාන්තය මේ අමාරු අවස්ථාවේ පණ ගැන්වීමට දරන ප‍්‍රයත්නය අපි ඉතාම අගය කරමු. එය කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ අසරණ වී සිටින සංචාරක කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ ගණනකට ඉමහත් සහනයක් වනු ඇත. ඒ සියලූ දෙනාට රජයට සහන සැලසීමට අපහසුය. හොඳම දේ මෙලෙස නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචාරක කර්මාන්තය පණ ගැන්වීමයි. එහෙත් මාර්ගෝපදේශ සකසා හඳුන්වා දීම පමණක් ප‍්‍රමාණවත් නැත. ඒවා අකුරටම පිළිපදින බවට දැඩිව අධීක්ෂණය කිරීමක් ද අත්‍යවශ්‍ය වේ. නැතහොත් අනාරක්ෂිත වන්නේ අපේ රටවැසියාය. දැනටමත් දිනපතාම සිය ගණනක් කොවිඞ් – 19 ආසාදිතයන් වාර්තා වෙමින් තිබෙන පසුබිම තුළ විදෙස් සංචාරක පැමිණීම් හරහා මෙරට ජනයාට වෛරසය පැතිරීමක් සිදු වුවහොත් එය බලවත් අනතුරකි. එමගින් මේ වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට අපහසු වුවහොත් ඒ තුළින් ආර්ථික කටයුතු ද අකර්මණ්‍ය වීමේ අවදානමක් යළි මතු විය හැකිය. එසේ වුවහොත් සංචාරකයින් ගෙන්වීමේ ආර්ථික වාසියෙන් නිසි ඵලක් නොමැති වනු ඇත.

ලබන 21 සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු වූවන් දැනුවත් කිරීම ද පසුගිය ජනවාරි 11 වැනිදා සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු පාර්ශ්වයන් සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංවිධාන කොළඹට කැඳවා මේ දැනුවත් කිරීම සිදු කර තිබේ. එය මේ යටතේ සංචාරක හෝටල හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සංචාරක නියෝජිත ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා සංචාරක රියදුරු සංගම් නියෝජිතයන් දැනුවත් කර තිබේ. රාජ්‍ය ඇමැති ඞී.වී. චානක, අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න, ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික‍්‍රම යන මහත් මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ. ලබන 21 වෙනිදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු යෑම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලූ සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛනගත (බ්ලැක් ලිස්ට්) කරන බව ද සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණි. ඇමැතිවරයාගේ මේ ප‍්‍රකාශය ගැන ඇතැම් අය විමසා තිබුණේ ඔය කියන දේ උදයංග වීරතුංගට හෝ යුක්රේනියානු සංචාරකයන්ට අදාළ නොවන්නේ ද යන්නයි. ඒ නිසා ඇමැතිවරයා මේ කියන දේවල් සහ සංචාරක සෞඛ්‍ය මාර්ගෝපදේශ යනාදිය සියල්ලටම සාධාරණ විය යුතුය. එසේ නොවී අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළහොත් එය මෙරට ජනයාට සහ ආර්ථිකයට පමණක් නොව එය සංචාරක ව්‍යාපාරයේම අනාගතයට දැඩි ලෙස අහිතකර ලෙස බලපානු ඇති බව අපි රජයට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

රජයේ වැරදි කළමනාකරණය නිසා සංචාරක ක්ෂේත‍්‍රයත් අවදානමට ලක්කරලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න

මේ රජය කොවිඞ් වසංගතය හා ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය ද අවදානමට ලක් කර තිබෙනවා. විදේශ මුදල් අවශ්‍ය බැවින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා යැයි කියමින් ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම් අඩු රටකින් සංචාරකයන් ගෙන්වීමෙන් එම ව්‍යාපාරය සංවර්ධනය කළ හැකි ද? එහි ප‍්‍රතිඵලයක් ලෙස එම සංචාරකයන් හරහා වෙනම කොවිඞ් පොකුරක් නිර්මාණය වීමේ පෙර නිමිති පහළ කරමින් සංචාරක මග පෙන්වන්නන්ව නිරෝධායනයේ තබා තිබෙනවා.

මේ රට මෙසේ ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් පසු බැස ඇත්තේ පළපුරුදු දේශපාලනඥයන් හා ඔවුන් සමග දක්ෂ වැඩ දන්නා නිලධාරී කණ්ඩායමක් නොමැති නිසාය. හමුදාව හා රාජ්‍ය සේවය යනු විශේෂත්ව දැනුම් ඇති ක්ෂේත‍්‍ර දෙකකි. ඒ දෙකෙහි සිටින විශේෂත්වයන් අදාළ ක්ෂේත‍්‍රය සඳහා යොදා ගත යුතුව තිබියදී රාජ්‍ය සේවකයන් ප‍්‍රතික්ෂේප කරමින් සෑම ක්ෂේත‍්‍රයකටම හමුදා නිලධාරීන් පත් කිරීම සුදුසු නොවේ. රට පාලනයට ගජ මිතුරන් හා නෑදෑයන් ළං කරගත් විට ඕනෑම රටක පාලනය අවුල් වන බවට මෙය හොඳම නිදසුනක්. බැඳුම්කරය හා පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට නඩු දමන පොරොන්දු පිට බලයට පැමිණි මේ රජය එක නඩුවක් හෝ නොපැවරීම ගැන ලජ්ජා විය යුතුයි. එ. ජා. ප. රජය සමයේ ද මෙම වැරදි සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු පැවරීමට නොහැකිවීම ගැන අප ද ලජ්ජාවට පත්වනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය ජනවාරි 10 වැනිදා පැවති පුවත්පත් සාකච්ඡාවේ දී අදහස් දක්වමින්…

https://divaina.com/daily/index.php/visheshanga3/53145-2021-01-13-13-49-38[:]

Related Images:

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}