[:en]Hosts Konstantin Dolgov[:ru]Ужином Константин Долгов[:SI]මානව හිමිකම් කොමසාරිස් හමුව[:]

[:en]Ambassador Weeratunga hosts Mr. Konstantin Dolgov for a Working dinner
29 January, 2014
Ambassador of Sri Lanka in the Russian Federation H.E. Udayanga Weeratunga and Madam Uma Weeratunga hosted Russian Foreign Ministry Commissioner for Human Rights, Democracy and Rule of Law Ambassador-at-large Mr. Konstantin Dolgov and Madam Natalia Dolgova to a working dinner on 29 January. The dinner took place at the Official Residence of Ambassador Weeratunga. During the dinner Ambassador Dolgov briefed Ambassador Udayanga Weeratunga of his discussions with the senior government officials of Sri Lanka on the work already done by the Government of Sri Lanka with regard to reconciliation and development in the country after the end of the Humanitarian Operation by the Sri Lanka Armed Forces in 2009. The efforts of the government for the successful return of Internally Displaced Persons to their original places and the rehabilitation of former LTTE combatants were highly commended by Mr. Dolgov.
Ambassador Dolgov also shared the experiences of his brief visit to Sri Lanka. Noting that he has travelled to many countries, Mr. Dolgov compared the positive developments in Sri Lanka. Colombo in particular was appreciated for its cleanliness and well maintenance. He also noted the Sri Lankan hospitality which he enjoyed during his short visit.

[ngg src=”galleries” ids=”175″ display=”basic_thumbnail”][:ru]Посол Шри-Ланки состоялся комиссара по правам человека Долгов к рабочим ужином
29 январь 2014 года
Его Превосходительство Удаянга Виратунга, Посол Шри-Ланки в Российской Федерации и мадам Ума Виратунга состоялся иностранных комиссара российского министерства по правам человека, демократии и верховенства права посла по особым поручениям Г-н Константин Долгов и Г-жа Наталья и Долгова к рабочим ужином на 29 январь 2014. Обед проходил в официальной резиденции посла Виратунга. Во время ужина Посол Долгов проинформировал посла Удаянга Виратунга его обсуждения с высокопоставленными правительственными чиновниками Шри-Ланке на работе, уже проделанной правительством Шри-Ланки в связи с примирением и развития в стране после окончания гуманитарной операции по Шри Ланка Вооруженных Сил в 2009 году усилия правительства для успешного возвращения внутренне перемещенных лиц в их прежних местах и ​​реабилитации бывших комбатантов ТОТИ получили высокую оценку г-н Долгов.
Посол Долгов также поделился опытом своей краткой поездки в Шри-Ланке. Отметив, что он путешествовал по многим странам, г-н Долгов по сравнению позитивные сдвиги в Шри-Ланке. Коломбо, в частности, была оценена для его чистоты и также обслуживание. Он также отметил, Шри-Ланки гостеприимства, которым он пользовался во время своего короткого визита.

[ngg src=”galleries” ids=”175″ display=”basic_thumbnail”][:SI]තානාපති වීරතුංග, රුසියානු මානව හිමිකම් කොමසාරිස් කොන්ස්තන්තින් දල්ගොෆ් හමුව
29 ජනවාරි, 2014
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා රුසියානු විදේශ අමාත්‍යංශයේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය පිලිබඳ කොමසාරිස් කොන්ස්තන්තින් දල්ගොෆ් මහතා තානාපති නිල නිවසේදී හමුවිය. වසර 2011 අප්‍රේල් මස අලුතෙන් පිහිටවූ මෙම තනතුරට පත් කරන විට නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රුසියානු නිත්‍ය නියෝජිත ලෙස සේවය කරමින් සිටි දල්ගොෆ් මහතා පළපුරුදු ජ්‍යෙෂ්ට තානාපති නිලධාරියෙකි. මෙම නව තනතුර රුසියානු ජනාධිපති පුටින් මැතිතුමා විසින් ඇති කරන ලද්දේ මානව හිමිකම් වල විශ්ව භාවයත් සියලු රටවලට එකසේ සැලකීමත් එය දේශපාලන අවියක් සේ භාවිතා නොකිරීමත් රැකෙන පරිදි ලොව පුරා මානව හිමිකම් රැකීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීමේ අදිටනිනි. දල්ගොෆ් මහතා 2012 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේද සංචාරය කළ අතර ත්‍රස්තවාදී යුද්ධය නිම වීමෙන් පසු ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රගතිය පිලිබඳ මනා අවබෝධයක් ඇත්තෙකි. මේ හමුවේදී දල්ගොෆ් මහතා ඔහුගේ සහභාගිත්වයෙන් මෑතදී මානව හිමිකම් ක්ෂේත්‍රයේ සිදු කෙරුණු කටයුතු පිළිබඳව විස්තර කළේය.
ඔහුගේ සහභාගිත්වයෙන් සිදු කෙරුනු වැදගත් කටයුත්තක් වන්නේ යුරෝපා සංගමයට අයත් රටවල් 28හි වසර 2013 මානව හිමිකම් තත්වය ගැන විමර්ශනය කෙරෙන වාර්තාව නිකුත් කිරීමයි. පසුගිය ජනවාරි 14 දින නිකුත් කෙරුණු පිටු 153කින් යුත් මෙම වාර්තාව යුරෝපා සංගමයේ රටවලට පොදු මානව හිමිකම් තත්ත්වයට අමතරව සංගමයේ සාමාජික රටවල් 28හිම වසර 2013 දී මානව හිමිකම් තත්ත්වය හා මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ තොරතුරු වෙන වෙනම සවිස්තරව දක්වා ඇත. වෙනත් රටවල මානව හිමිකම් විමර්ශනය කෙරෙන වාර්තා එලි දැක්වීම රුසියාව විසින් අරඹන ලද්දේ වසර 2011 දෙසැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් තත්වය ගැන වාර්තාවක් නිකුත් කිරීමෙනි. වසර 2012 ඔක්තෝබර් මස නැවත ඇමරිකාවේ මානව හිමිකම් තත්වය ගැන නව වාර්තාවක්ද 2012 දෙසැම්බර් මස යුරෝපා සංගමයේ මානව හිමිකම් වාර්තාවක්ද එලි දක්වන ලදී.
දල්ගොෆ් මහතා මෑතක සහභාගි වූ අනික් කටයුතු අතර ඔහුගේ නායකත්වයෙන් යුත් රුසියානු දුත පිරිසක් ගුවන්තනාමෝ සිර කඳවුරේ සංචාරය කිරීම වැදගත් වේ. ඇමරිකාව විසින් පවත්වාගෙන යන මෙම කඳවුරෙහි විවිධ ජාතීන්ට අයත් සිර කරුවන් ත්‍රස්තවාදයට උදවු කිරීමේ චෝදනාව යටතේ අවුරුදු ගණනක් තිස්සේ රඳවා ගනු ලැබ සිටිති. රුසියානු දුත පිරිසේ ප්‍රධාන අරමුණ වුයේ මොවුන් අතරේ වසර 12ක් තිස්සේ කිසිම චෝදනාවක් හෝ නිසි අධිකරණ ක්‍රියාදාමයක් අනුගමනය නොකර රඳවා ගෙන සිටින රුසියානු ජාතිකයෙක් යැයි සැක කෙරෙන පුද්ගලයෙක් මුණ ගැසී ඔහු රුසියානුවෙක් නම් නිදහස් කර ගැනීමට කටයුතු කිරීමයි. මොවුන් සිරකරුවන් නොව රැඳවියන් ලෙස සැලකිය යුතු වුවද ඇමෙරිකානු බලධාරීන් ඔවුන්ට සලකන්නේ නීතියෙන් වරද කරුවන් වූ සිර කරුවන් ලෙසට බවද රුසියානු ජාතිකයකු යැයි සැක කෙරෙන රැඳවියා දුත පිරිස මුණ ගැසීමට ගෙන ආවේත් අත්වල මාංචුත් දෙපා වල දම්වැලුත් සහිතව බව දල්ගොෆ් මහතා කියා සිටියේය. එසේම එම පුද්ගලයා හා රුසියානු දුත පිරිස අතරේ සිදු කෙරුණු කතා බහ ඇමරිකන් බලධාරීන් පටිගත කල බවත් දෙපිරිස අතර කතාබහ ක්ෂණිකව රුසියානු බසෙන් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර එයට සවන් දුන් බව ඇමරිකන් බලධාරීන් සඳහන් කළ බවත් දල්ගොෆ් මහතා කියා සිටියේය.
ලෝකයේ අනිකුත් රටවල, විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල මානව හිමිකම් තත්ත්වය නිරතුරුව විවේචනය කරන සහ එම රටවල් විසින් මානව හිමිකම් සුරැකීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැන උපදෙස් දෙන බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරය ගැන විමර්ශනය කෙරෙන මේ වාර්තාවන්ට අනුව මුළු ලෝකයේම මානව හිමිකම් සුරකීමේ පුරෝගාමීන් ලෙස පෙනී සිටින මේ රටවල්, අනුන් හට ඔවා දෙන්නේ තමන් සම්මතෙහි පිහිටා නැතිව බව පැහැදිලි වේ.
යුරෝපා සංගමයේ වසර 2013 මානව හිමිකම් තත්වය ගැන රුසියාව නිකුත් කර ඇති වාර්තාවට අනුව යුරෝපා සංගමයේ සාමාජික රටවල ඇති ප්‍රධාන මානව හිමිකම් ප්‍රශ්න අතර ජාතිවාදය, නව නාසි වාදය, වර්ගවාදය, සුළු ජාතීන්ගේ හා සංක්‍රමණිකයන්ගේ අයිතීන් දරුණු ලෙස උල්ලංඝනය වීම, ළමා අයිතීන් නිසි ලෙස ලබා නොදීම, ලිංග භේදය මත සිදුවන අසමානතා, පොලිසිය විසින් බලතල ඉක්මවා ක්‍රියා කිරීම, රැඳවියන්ගේ හා ආදී වාසින්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම්, බන්ධනාගාර වල තදබදය, වෙනත් ආගම් හා ජන වර්ග නොඉවසීම ආදිය දක්වා ඇත. එසේම එම රටවල පුද්ගලිකත්වයට ඇති අයිතිය හා භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය වීම අවධානයට ලක්විය යුතු කරුණක් බව වාර්තාව පෙන්වා දෙයි. යුරෝපා සංගමයේ රටවල් වෙන් වෙන් වශයෙන් හෝ සංගමයේ මට්ටමෙන් සිය පුර වැසියන්ට රැකියා අවස්ථාවන්හි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමාන අවස්ථා උදා කර දී නැත. යුරෝපා සංගම් රටවල් බොහොමයක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥාප්ති යටතේ ඔවුන්ට පැවරී ඇති වගකීම් ඉටුකිරීමට මැලි කමක් දක්වන බවද ඇතැම් වගකීම් ඔවුන් භාරගෙන ඇත්තේද වගකීම් නිශේධනය වන ආවරණ යටතේ බවද මේ වාර්තාවේ සඳහන් වෙයි.
වෙනත් රටවල විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආකෘති ලෙස පෙනී සිටින රටවල මානව හිමිකම් තත්ත්වය ගැන රුසියාව විසින් අවධානය යොමු කරන්නේ ඇයි යන පැනයට පිළිතුරු දෙන දල්ගොෆ් මහතා මානව හිමිකම් මුරදේවතාවන් ලෙස මෙම රටවල් ලෝකට පෙන්වා සිටින ප්‍රතිරූපයට වෙනස්ව එම රටවල දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බව පවසයි. මානව හිමිකම් වල විශ්වීය භාවය අප පිළිගන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවේ සියලු රටවල් වෙනසක් නොමැතිව මානව හිමිකම් රැකීම සිදු කළ යුතු බවත් මෙම වාර්තා නිකුත් කිරීම මගින් රුසියාව බලාපොරොත්තු වන්නේ අදාළ රටවල අවධානය ඒ ගැන යොමු කිරීමට බවත් හෙතෙම සඳහන් කළේය.
යුරෝපා සංගමය මුළු ලෝකයේම මානව හිමිකම් සුරකීමේ ප්‍රධාන නියමුවා ලෙස පෙනී සිටින නමුත් මෙම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ නෛතික ක්‍රියාකාරකම් එම භූමිකාව හා නොසැසඳෙයි. යුරෝපා සංගමය පිහිටුවීමේ ගිවිසුමේ 7 වන වගන්තිය අනුව සංගමය ගොඩ නැගී ඇත්තේ මානව අභිමානය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් ගරුකිරීම මතයි. ඉහත වගන්තියට අනුව සාමාජික රටක් විසින් මෙම කරුණු උල්ලංඝනය කිරීම එම රටෙහි යුරෝපා සංගම් සාමාජිකත්වයේ යම් අයිතීන් අත්හිටුවීමට හේතුවක් වුවද, යුරෝපා සංගමයේ ආයතන එම වගන්තිය ක්‍රියාවට නැංවීමට මැලි කමක් දක්වන බවද එහි ප්‍රතිපලයක් ලෙස මානව හිමිකම් වටිනාකම් රැකීම පිලිබඳ යුරෝපා සංගමයේ ප්‍රතිඥාවන් කඩදාසියට පමණක් සීමා වී ඇති බවද වාර්තාව කියා සිටී. මේ වාර්තාවට අනුව යුරෝපා සංගමයේ මානව හිමිකම් පිලිබඳ රාජතාන්ත්‍රික කටයුතු හැම විටම එක දිශාවකට පමණක් ගමන් කරන ප්‍රවාහයක් වී ඇති අතර එම දිශාව හැම විටම යොමු වී ඇත්තේ සාමාජික රටවලින් පිටතටය.
මානව හිමිකම් කඩ කරන යුරෝපා සංගමයේ සාමාජික රටවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සංගමයට නිසි ක්‍රමවේදයක් නැත. මේ කරුණ සම්බන්ධයෙන් 2013 මාර්තු 6 දින ජර්මන්, නෙදර්ලන්ත, ඩෙන්මාර්ක් හා ෆින්ලන්ත විදේශ ඇමතිවරු යුරෝපා සංගමයේ සභාපති වරයාට ලිපියක් යවමින් සංගමයේ සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය පාලනය කිරීම සඳහා නිරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලමින් යුරෝපීය කොමිසමට මේ සඳහා බලය දෙන ලෙස යෝජනා කළහ. එහෙත් මේ යෝජනාවට සාමාජික රටවලින් ලැබුණු ප්‍රතිචාරය ඇල් මැරුණු එකක් විය.

[ngg src=”galleries” ids=”175″ display=”basic_thumbnail”][:]

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.net/wp-content/uploads/2014/01/IMG_6257-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}