[:en]
– ගුවන් හමුදාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුව ආරක්ෂක ලේකම්වරයාගෙන් ගනුදෙනුවට අනුමැතිය ඉල්ලා තිබෙනවා
– දෙරටේ ගුවන් හමුදාපතිවරු හා එරට වැඩබලන ආරක්ෂක ලේකම් අතර හමුවකට මාත් සහභාගි වුණා
– නඩු නිමිත්තෙන් සැකකරු විය යුත්තේ මා නොවේ තීන්දු තීරණ ගත් අයයි
– UKRINMNSH සමාගමට මුදල් ගෙවන්න දෙපාර්ශ්වයම එකඟ වෙලා නෑ
මිග් යානා ගනුදෙනුවට අදාළ ගිවිසුම්වලට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කළ කාල වකවානුවේ තමා මෙරට නොසිටි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඊයේ (15 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.
ගුවන් හමුදාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රමුඛ විශේෂ තාක්ෂණික නිලධාරීන් ඇතුළු විසිතුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක නිර්දේශය මත අදාළ මිග්යානා ගනුදෙනුව සිදුවී ඇති නිසා එය ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදුවූ ගනුදෙනුවක් බවට එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙන බවද උදයංග වීරතුංග එම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවැසීය.
ජනාධිපති කොමිසමේ නීතිඥ දක්ෂිත දේවපුරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙසේද පැවැසීය.
‘මෙම ගනුදෙනුවට අදාළ මුල් ලිපිය ඉදිරිපත්ව ඇත්තේ 2006 ජනවාරි 25 වැනිදා එකල ගුවන් හමුදාපතිවරයා විසින් එවක ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසයි. ඒ අනුව මෙම ගනුදෙනුව සඳහා මුල පුරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ම බවත් අදාළ ගනුදෙනුව මාගේ මූලිකත්වයෙන් අරඹන ලද්දක් නෙවෙයි.
ඉන්පසු යුක්‍රේනයේ UKRINMNSH නමැති සමාගමේ නියෝජිතයකු 2006/02/06 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් මුණගැසී ඇති අතර පසුව ලිපියක් මගින් මිග් ගුවන් යානා හතරක් අලෙවි කිරීම හා තවත් මිග් යානා හතරක් නඩත්තු කටයුතු සඳහා වන ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපිය මගින් අදාළ සේවා සඳහා ඇමෙරිකානු ඩොලර් 14,280,000ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපියේ අවසාන පිටුවේ සඳහන් කර ඇත්තේ එකී අර්පනය FINANCIER මුදල් සපයන්නෙක් සමග එක්ව ඉදිරිපත් කරනු ලබන බවත් එම මුදල් සපයන්නාගේ FINANCIER නම ගිවිසුම අත්සන් කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බව ගුවන් හමුදාපති වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එකී FINANCIERගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව මුල සිටම දැනුවත් කර තිබෙනවා.
ඉන්පසු ජාතික ප්‍රසම්පාදන ඒජන්සියේ සභාපතිවරයා ගුවන් හමුදාපතිවරයාගේ සභාපතිත්වයෙන් හා නිලධාරීන් හය දෙනෙක්ගෙන් යුත් තාක්ෂණික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් පත්කළා.ඒඅනුවගුවන් හමුදා පතිවරයා ප්‍රධාන තාක්ෂණ ඇගයීම් කමිටුව ස්වකීය නිර්දේශ මගින් UKRINMNSH සමාගමෙන් අදාළ යානා මිලදී ගන්නා ලෙසත් ගෙවිය යුතු මිල ගණන් දන්වා ඊට අනුමැතිය දෙන ලෙසටත් ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබෙනවා.
එසේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය මගින් පත්කර තිබූ ප්‍රසම්පාදන කමිටුවක් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ යථෝක්ත නිර්දේශ හා ගුවන් හමුදාපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ 2006/05/05 වැනිදා ඉදිරිපත් කර තිබෙනවා. පසුව යානා මිලදී ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකළ බව ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබුණා යැයි හෙතෙම කීවේය.
ඒ අනුව ගනුදෙනුවට අදාළ ක්‍රියාපටිපාටිය සිදුකරන ලද්දේ තමන් විසින් නොවන බැවින් මෙම ගනුදෙනුව මූලිකව ගොනුකර ඇති නඩු නිමිත්තේ සැකකරු විය යුත්තේ තමන් නොව එම තීන්දු තීරණ ගත් පුද්ගලයන් බවත්, යහපාලන රජය විසින් දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ සැකකරුවකු ලෙස තමන් නම්කර ඇති බවත් උදයංග වීරතුංග පැවැසීය.
2006/06/09 දින හමුදාපතිවරයා THE LETTER OF GUARANTEE යන ශීර්ෂය සහිත ලිපියක් UKRINMNSH සමාගමේ අධ්‍යක්ෂ PEREGUDOV යන අයට යොමු කර ඇති බවත් එය ලියනුයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් බවත් අදාළ යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාවක් UKRINMNSH හරහා කරවාගැනීමට අපේක්ෂා කරනු ලබන බවට සහතික එමගින් වී ඇත. ඒ අනුව ඔහු තවදුරටත් දන්වා ඇත්තේ අදාළ යානා හදිසියේ මිලදී ගැනීමට අවශ්‍යව ඇති බැවින් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට පෙරම අදාළ යානා අලුත්වැඩියාව කිරීමේ කටයුතු අරඹන ලෙසයි.
ඒ අනුව ගුවන් හමුදාවේ ඉන්ජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් යුක්රේනියාවේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා පිටත්වී ඇති බවයි. සැකකරු කොමිෂන් සභාවට පැවැසීය. තමා රුසියානු සමූහාණ්ඩුවට සමගාමීව යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය ආරම්භ කර ඇත්තේ මෙම සියලු කටයුතු මෙලෙස සිදුවීමෙන් පසුව, එනම් 2006/07/17 වැනිදා සිට වන අතර ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සමග 2006 ජූලි 4 වැනිදා අත්සන් තබා ඇති බවද සාක්ෂිකරු කීවේය.
තමා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමට මසකටත් පෙර මෙම ප්‍රශ්නගත මිග්යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාවට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහමුලින්ම අවසන් වී ඇති බවත්, අදාළ අලුත්වැඩියා කටයුතු අරඹන ලෙස මෙකී UKRINMNSH සමාගම වෙත නිල වශයෙන් ගුවන් හමුදාපති විසින් දන්වා අවසන් කොටතිබූ බව උදයංග වීරතුංග මහතා කීවේය. ගුවන් හමුදාවේ ඉන්ජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මිග්යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගිවිසුමට අදාළව සේවය කිරීම සඳහා යුක්රේනියාවේ ලුවෝෆ් නගරයට පිටත්වී ඇති අතර, 2006 ජූලි 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉහත කී BELLIMISSA HOLDINGS සමාගම වෙත END USER සහතිකය දෙකක් නිකුත් කර ඇති බවද හෙතෙම පැවැසීය. එසේම අදාළ ඇණවුම තහවුරු කරමින් 2006/07/15 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ORDER CONFIRMATION එකක් UKRINMNSH සමාගම වෙත යවා ඇති බවත් එහි මෙම ගනුදෙනුවට අදාළ ගෙවීම් BELLIMISSA සමාගම වෙත කරනු ලබන බවට පැහැදිලිව තිබූ බවත් සාක්ෂිකරු කීවේය.
‘‘ශ්‍රී ලංකා ගුවන් හමුදාව BELLIMISSA සමාගම සහ UKRINMNSH සමාගම අතර ත්‍රිපාර්ශ්වික ගිවිසුම 2006-07-26 වැනිදා ගුවන් හමුදාපතිවරයා අත්සන් කරන්නේ ඉන් අනතුරුවය. ඉන්පසු එම ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවා ඇති අතර ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට මහජන බැංකුව හරහා ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ ගිවිසුමට අදාළ මුදල BRLLIMISSA සමාගම වෙත ගෙවන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මතයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිසක් යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදී ගත් මිග් -27 යානා පරීක්ෂාකර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරීක්ෂා කිරීමෙන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්තශාලා කාර්මිකත්ව එකඟවීමේ සහතිකය (FACTORY ACCEPTANCE CERTIFICTE) 2006.12.09 දින නිකුත් කර තිබෙනවා. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය UKRINMNSH සමාගමේ නියෝජිතයෙක් අත්සන් කර තිබීම සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කර තම නිල මුද්‍රාව තබා තිබීමයි’’ යනුවෙන් පවසා ඊට අදාළ සියලු ලේඛන උදයංග වීරතුංග විසින් ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලදී.
එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධ්‍යක්ෂ D.A. PEREGUDOV ඇතුළු නිලධාරීන් පිරිසක් සමග ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවූ බවත් තමාද ඊට සහභාගි වූ බවත් වීරතුංග මහතා පැවැසීය.
‘‘අවසන් කාර්මික තත්ත්වය පිළිබඳ දෙපාර්ශ්වය එකඟවීමේ සහතික (FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉන්ජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එම ගිවිසුම අත්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI අතර ශ්‍රී ලංකාවේදී අත්සන් කළා. එම සහතිකය UKRINMNSH සමාගමේ නියෝජිතයන් අත්සන් කිරීමෙන් පැහැදිලිවම සනාථ වන්නේ ශ්‍රී ලංකාව සමග පැවැති අදාළ ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කර නැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිළිගත නොහැකි කරුණක් බවයි.
ගිවිසුමේ එකඟ වී ඇති පරිදි UKRINMNSH සමාගමේ වගකීම් සහතිකයට අනුව ගුවන් යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන් ප්‍රවාහන හා වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව විසින් ලබාදී තිබෙනවා. එසේ වුවත් මෙම ගිවිසුම මා විසින් සූදානම් කර ඇති කූට ගිවිසුමක් බවත්, ගුවන් හමුදාපති අත්සන් කළ ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 5 ප්‍ර.පො.ප. නිහාල් ප්‍රැන්සිස් විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර සැකකරුවකු ලෙස නම්කර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නොමග යවා තිබෙනවා’’ යැයි හිටපු තානාපති උදයංග වීරතුංග සාක්ෂි දෙමින් පැවැසීය.
එම ගනුදෙනුව කෙරෙහි විශේෂ උද්‍යෝගයකින් කටයුතු කළ බව පෙන්වාදීම සඳහා පොලිසිය අවධාරණය කර ඇති තවත් කරුණක් වන්නේ එම ගිවිසුම ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අත්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශ්වය වෙත ගිවිසුම රැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි. නමුත් එය අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවත්, ඇත්ත වශයෙන්ම ගුවන් හමුදාපතිවරයා මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබූ 2006.07.26 දින මා ලංකාවේවත් සිට නැති බවත්, ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මගින් ද සනාථ කර තිබෙනවා.
මෙම ගනුදෙනුවට අදාළ සියලුම ගෙවීම් Bellimissa සමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් වුණා. පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් Belmissa සමාගම නමට ඇමෙරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත් කර තිබුණා. Ukrinmash සමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශ්වය විසින්ම එකඟ වී නෑ. ඒ අනුව ගනුදෙනුවට අදාළ මුදල් Ukrinmash සමාගමට ඍජුව ප්‍රේෂණය නොවීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැවටීමට ලක් කළ බව හුවා දැක්වීමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිළිගන්න බෑ.
යුක්රේනියානු නිලධාරින් පවසන පරිදි යුකරේනියානු සමාගමට යම් ගිවිසුමට අදාළ වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාළ ලේඛන විනාශ කිරීමට බලයක් තිබෙනවා. SLAF/2006/07/Air දරන ගිවිසුම අවසන් කර දැනටමත් වසර 10 කට වැඩි කාලයක් ගතවෙලා. එම කාලය තුළ ගිවිසුමට අදාළ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ල කර නෑ’’ යැයි වීරතුංග මහතා කොමිෂන් සභාවට කීවේය.
එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න විසින් ප්‍රශ්න කරන ලද්දේ ‘ගිවිසුමට අදාළ පාර්ශ්වයක් විසින් තමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක් සිදුකර තිබේදැ’යි යන්නය.
ගිවිසුම අවසානයේදී දෙපාර්ශ්වය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කළ බවට ලේඛන අත්සන් කර තිබෙන අවස්ථාවක වුවද, යහපාලනය රජයේ අවශ්‍යතාවන් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශපාලන ගමන නතර කිරීමට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලිඛිතව පැමිණිලි කර එෆ්සීඅයිඩී විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර, දේශපාලන වශයෙන් තමාගෙන් පළිගැනීමේ චේතනාවෙන් අධිකරණය නොමග යවා ඇති බව උදයංග වීරතුංග ඊට පිළිතුරු දෙමින් පැවසීය.
මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමසීම ලබන 19 වැනිදාට කල් තබන ලදී.
[:ru]

– Технический комитет под председательством командующего ВВС запросил разрешение министра обороны на сделку.
– Я также присутствовал на встрече командующих ВВС двух стран с исполняющим обязанности министра обороны.
– Подозреваемым по делу должен быть не я, а лица, принимающие решения
– Обе стороны не договорились платить УКРИНМНШ
Бывший посол Шри-Ланки в России Удаянга Виратунга заявил вчера президентской комиссии по расследованию политической мести (15-е), что его не было в Шри-Ланке в то время, когда бывший командующий ВВС Рошан Гунетилеке подписывал соглашения, связанные со сделкой с Migana.
Удаянга Виратунга также заявил, что тогдашний министр обороны Готабхая Раджапакса заявил, что сделка с Migana была заключена очень прозрачно, поскольку это было сделано по рекомендации комитета, состоящего из 23 членов, включая главного инженера ВВС и специальных технических офицеров.
Бывший посол Шри-Ланки в России Удаянга Виратунга дал показания под руководством Дакшитхи Девапура, адвоката Комиссии при президенте.
«Первое письмо, связанное с этой сделкой, было отправлено 25 января 2006 года тогдашним командующим ВВС, в котором он информировал тогдашнего министра обороны, что ВВС Шри-Ланки заинтересованы в покупке Migana и что она должна быть одобрена. Соответственно, эта транзакция была инициирована самими ВВС Шри-Ланки, и соответствующая транзакция была инициирована не мной.
Затем представитель УКРИНМНШ в Украине встретился с официальными лицами Министерства обороны и ВВС Шри-Ланки 06/02/2006, а затем направил письмо относительно продажи четырех МиГов и технического обслуживания еще четырех МиГов. В письме предлагалась цена в 14 280 000 долларов США за соответствующие услуги. На последней странице письма указано, что предложение будет сделано совместно с ФИНАНСИРОМ, финансистом, и что имя ФИНАНСИРА финансиста будет уведомлено за три дня до подписания Соглашения. Соответственно, Министерство обороны и ВВС с самого начала были проинформированы о вмешательстве этого ФИНАНСИРА.
После этого председатель Национального агентства по закупкам назначил Комитет по технической и финансовой оценке в составе шести офицеров под председательством командующего военно-воздушными силами. Соответственно, командующий армией своими рекомендациями просил секретаря утвердить закупку соответствующего самолета у УКРИНМНСХ и одобрить ставки, подлежащие оплате. .
Кроме того, Комитет по закупкам, назначенный Кабинетом министров, состоящий из трех должностных лиц, включая секретаря Министерства национального строительства и министра обороны, представил свои замечания 05.05.2006 после рассмотрения вышеупомянутых рекомендаций Комитета технической оценки и запроса командующего ВВС. Он сказал, что командующий ВВС сообщил министру обороны, что самолет был закуплен ВВС Шри-Ланки.
Удаянга Виратунга сказал, что, поскольку он не был тем, кто проводил разбирательства, связанные со сделкой, подозреваемым в деле, по которому сделка была первоначально подана, должен быть не он, а лица, которые приняли эти решения и что он был назван подозреваемым в политической мести со стороны правительства надлежащего управления.
06.09.2006 командующий армией направил директору УКРИНМНШ ПЕРЕГУДОВу письмо, озаглавленное ГАРАНТИЙНОЕ ПИСЬМО, в котором говорилось, что оно было написано от имени Министерства обороны правительства Шри-Ланки и что соответствующий самолет будет закуплен и отремонтирован через УКРИНМНШ. иметь. Соответственно, он далее проинформировал, что, поскольку соответствующий самолет необходимо срочно закупить, ремонтные работы соответствующего самолета должны быть начаты до подписания официального соглашения.
Соответственно, группа офицеров ВВС, в том числе инженер ВВС, уехала работать на соответствующий завод в Украине. Подозреваемый сообщил комиссии. Свидетель сказал, что он начал свою службу в качестве посла Шри-Ланки в Украине параллельно с Российской Федерацией после всех этих мероприятий, то есть 17.07.2006, и соответствующее соглашение было подписано с правительством Шри-Ланки 4 июля 2006 года.
Менее чем за месяц до своего назначения послом Шри-Ланки в Российской Федерации командующий ВВС официально проинформировал UKRINMNSH, что процесс закупки и ремонта сомнительной Migana завершен и что соответствующие ремонтные работы должны начаться. Группа военно-воздушных сил, в том числе инженер ВВС, вылетела в Лувр, Украина, для работы по контракту с ремонтным заводом «Мигана». . Свидетель также заявил, что ВВС Шри-Ланки отправили ПОДТВЕРЖДЕНИЕ ЗАКАЗА в UKRINMNSH 15/07/2006, подтверждающее соответствующий заказ, и было ясно, что оплата по этой транзакции будет произведена на BELLIMISSA.
‘‘ Sri Lanka Air Force BEL
[:SI]

[:]