[:en]Former President Mahinda Rajapaksa’s visit to Thailand – Day 2
On the 24th of April, the casket of sacred Buddha was placed in the Thai Buddhist tradition. The event was attended by a large number of Sri Lankan Buddhist monks, including Prof. Lakshman Peiris, Member of the Western Provincial Council Upali Kodikara and Former Ambassador Udayanga Weeratunga.
Wat Pa Phu Kon Temple
Wat Pa Phu Kon, also known as the forest temple is an outstanding place situated in the province of Udon Thani, but closer to the city of Nong Khai than the city of Udon.
Wat Pa Phu Kon
This place is unique and would not fail to impress even those that had seen enough temples to last a life time since visiting Thailand. Most tourists do not get to visit here because of its location and the need for transport. Most of the foreign visitors to Wat Pa Phu Kon are expats in Thailand or people that are married to a Thai person. If you are staying in Udon Thani or even better Nong Khai it’s most definitely worth trying to visit if possible.
About Wat Pa Phu Kon
Located in the hilly forests of the Na Yung (Udon district) Wat Pa Phu Kon is unlike most religious buildings, including Wats (Temples), which are usually many years old with plenty of history that can certainly add to the attraction of these places.
Pa Phu Kon was only completed in the year 2013 and lacks history, but certainly makes up for the lack of history in its appearance and location. Despite it’s lack of history, the temple itself is beautiful in appearance and set in the idyllic surroundings of the north east of Thailand (at its best) that takes contemporary religious buildings to another level.
As with all Buddhist temples the sculptures and art works at Pa Phu Kon represent some mystical, philosophical or other meaning related to historical Buddhist scriptures. As tourists we must be mindful that all temples are places of worship and respect for many Thai people. There is an alter area in front of the marble reclining Buddha for people to prey. There is not much else to write about the temple as pictures speak louder than words. Inside Pa Pha Phu Kon there is more information about the building work and the transportation of the marble reclining Buddha.
Worth Visiting Wat Pa Phu Kon
If you have access to transport and you’re staying in Udon Thani or Nong Khai then it’s a great day out. Even if you do not have transport there are options to book privately (as i did with the owner of The Rim Guesthouse). Or car rental costs around a 1000 THB.
You will have to dress appropriately for the visit as with all temples. No vests and wear shorts and skirts below the knee. The temple can provide extra covering if required.
Although situated in the Udon Thani province the temple is actually closer to Nong Khai city rather than Udon city.
[:ru]Визит Бывший Президента в Таиланд- день 2го
Тайские буддийские обычаи апреля и следовать приливная волна началась в 9 часов утра, чтобы внести реликвии. Монахи ланкийские мероприятие под руководством профессора Lakshman Пейрис, PC Упали Kodikara udayāṁga бывший посол Виратунга присутствовали, в том числе. Удан 127 км гора рядом с pradēśeyē Ват Пху Kon, М.Раджапаксе, по специальному приглашению от храма Па Thani вечерних сумерках и лидер Господа пришел посетить в следующий раз, когда мы были на программе sakacchākarana, чтобы улучшить отношения между религиозными.
Таила́нд (тайск. ประเทศไทย)[5], Короле́вство Таила́нд (тайск. ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]), до 1939 и в 1945—1948 гг. Сиам — государство Юго-Восточной Азии, расположенное в юго-западной части полуострова Индокитай и в северной части полуострова Малакка. Граничит на востоке с Камбоджей и Лаосом, на западе — с Мьянмой, и на юге — с Малайзией. Название (слово «тай» (ไทย) значит «свобода»[6]) вполне себя оправдывает: Таиланд — единственная страна Юго-Восточной Азии, сохранившая независимость от европейских государств, в то время как все соседние страны были колониями Франции или Великобритании. «Таиланд» (Thailand) — англоязычный вариант названия страны, введённый в обиход в 1939 г., — означает «страна тайцев»[7], тайский вариант звучит как Пратхет Тхай или Мыанг-Тхай.
[:SI]මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තය සංචාරය
අප්‍රේල් 24 වෙනිදා තායි බෞද්ධ සිරිත් පිළිපදිමින් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ මහා පිංකමට උදේ 9ට ආරම්භවිය. එම උත්සවයට ලාංකික භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ මහාචාර්ය ලක්ෂ්මන් පීරීස්, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, හිටපු තනාපති උදයාංග වීරතුංග ඇතුළුව පිරිස සහභාගීවිය.
උඩන්-තානී නගරයේ සිට කිලෝමීටර්127 නුදුරු කදු ප්‍රදේශෙයේ පිහිටී Wat Pa Phu Kon පන්සලේ විශේෂ ආරාධනාවක් මත මහින්ද රාජපක්ෂ මැතිතුමා එදින සවස වරුවේදී එහි නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට පැමිණි අතර ඉදිරි කාලයේදී අප දෙරටේ ආගමික සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම වැඩසටහන පිළිබඳ සකච්ඡාකරන ලදී.
තායි දේශයේ බොදු සිරිත්
වට්පාසි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයට සහභාගි වීමෙන් පසු ධාතු කරඬුව හිස මත තබා ආශිර්වාද ලැබීමභාරත දේශයේ අශෝක රජතුමාගේ රාජ්‍ය සමයේදී ලංකාව ඇතුළු පෙරදිග රටවල් කිහිපයකට ම බුදු දහම ව්‍යාප්ත වූ බැව් අපි දනිමු. එම රටවල් අතර ස්වර්ණභූමි නමින් දේශයක් ද විය. එම ස්වර්ණ භූමියෙහි බුද්ධාගම ස්ථාපිත කරන ලද්දේ සෝරත සහ උත්තර යන තෙරුන් වහන්සේ විසින් බව ද සඳහන් වේ. එදා මේ ස්වර්ණභූමිය ( The Land of gold ) නමින් හැඳින්වුනු දේශය කාම්බෝජියාවෙන් කොටසක් සහ බුරුම දේශයෙන් කොටස් ද අයත් වර්තමාන තායිලන්තයයි. අද අප එය තායිලන්තය නමින් හැඳින්වුවද 20 වන සියවස මැද වන තුරුම මෙම දේශය හැඳීන්වූයේ සියම නමිනි. සියමේ එදා මුල් පදිංචිකරුවන් වූයේ බුරුමය හරහා සංක්‍රමණය වූ චීන ජාතිකයන් ය.
තායිලන්තය බෞද්ධ රටක් වශයෙන් ඉතාම සුවිශේෂී තත්ත්වයක් උසුලයි. තායි යන්නෙහි අදහස නිදහස් යන්නයි. මෙරට ඉතිහාසය ගැන කතා කරන විට රාම රාවන යුගයට පවා යාමට සිදුවෙයි. ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායනයේ දැක්වෙන පරිදි රාම රජුගේ නිවස පිහිටියේ තායිලන්තයේ එදා අගනුවර වූ අයෝද්‍යාවෙහි ය.
නැගෙනහිර පැරීසිය හෙවත් සිනාසෙන නගරය නමින් අද හැඳින්වෙන බැංකොක් තායිලන්තයේ අගනුවර ලෙස පිළිගැනුනේ 1982 දී ය. ‘චාවෝපරියා ගඟ’ අසබඩ එකමයි සුපුන්විත්’ ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි බැංකොක් චමත්කාරජනක ලෙස නවීකරණය වී වාණිජත්වයට පත්ව ඇතත් එරට සංස්කෘතිය මුළු මහත් රටවැසි ජනතාවගේම දිවි පැවැත්ම හා බැඳී පවතී.
17 වන සියවස වැලිවිට සරණංකර හිමියන් විසින් උපාලි මහා තෙරුන් වහන්සේ ලංකාවට වැඩමවා මෙරට සියම් උපසම්පදාව පිහිටුවීම වැනි කරුණු හේතුකොට ගෙන තායිලන්ත ශ්‍රී ලංකා සබඳතා දැඩි විය. එදා විල්බාවේ රාල ප්‍රමුඛ අපේ දූත පිරිස් සියම් දේශය හෙවත් වර්තමාන තායි දේශය බලා විවිධ දුෂ්කරතා මැද ගොස් තැබූ සටහන්වල ප්‍රතිඵලයි ඒ.
කෙබඳු දේශපාලන ප්‍රශ්න වරින්වර පැන නැගුණ ද විවිධ ආගමික හා සමාජ ප්‍රශ්නයන්ට මැදි වුවද මේ 21 වන සියවස ද එදා මෙන්ම ගෞරවණීය ලෙස බුදු දහම පවත්වාගෙන යන තායි දේශය සෙසු බෞද්ධ රටවලට ද ආදර්ශයකි. තායි ජනතාව තම ජීවිතය පවත්වාගෙන යනුයේ ආගමික සංකල්ප මතය. එමෙන්ම ඒ හා සම්බන්ධ රාජ්‍ය ගෞරවය මතය. පසුගිය කාලයේ තායිලන්තයේ පැවතියේ හමුදා පාලනයක් වුවද ඒ තුළින් ද අප දුටුවේ රටේත් රජුගේත් සුහදතාවය යි. එරට නමවන රාම රජුන් වන භූමියබොල් අඩුල්යඩේ රජුගේ 81 වන ජන්ම දිනය ආගමික වශයෙන් ඉතා උසස් අන්දමින් සැමරීමට රටම අත්වැල් බැඳ ගත්තේ එබැවිනි. එමෙන්ම ඒ වෙනුවෙන් විවිධ රටවලින් විශාල පිරිස් රැස්ව අති උත්කර්ෂවත් ලෙසට එම උත්සවය පැවැත්වෙන අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් ද විශාල පිරිසක් සහභාගිව සිටියහ. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් 200 කට ආසන්න පිරිසක් ද බෞද්ධ උපාසක උපාසිකා පිරිසක් ද එම උළෙලට සහභාගී වීම සුවිශේෂී ආගමික මෙහෙවරක් විය.
පුරා තෙමසක් තිස්සේ පැවැත්වූ එම උත්සවයේ මූලික සුවිශේෂී සිද්ධිය වූයේ ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේ සහ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා එරටට වැඩමවීමයි. මේ අවස්ථාවේ බැංකොක් නුවර අවට වීථි දෙස බලන අපට හැඟුනේ එය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උත්සවයක් කියාය. බැලූ බැලූ අත අපේ ජාතික ධජ ලෙළදුන් අතර සිවුරු කහ පැහැය ද දස අත දිස්විණි. ගෞරවණීය ලෙස පිණ්ඩපාතය සඳහා වඩින මහා සංඝරත්නය දුටු විට අප සිත් තුළ ඇතිවූයේ ඉමහත් භක්තියකි. මෙරට ජාතික ධජ 600 ක් සහ එයට මදක් කුඩා ධජ දහසකට අධික ප්‍රමාණයක් තායි දේශයේ සුළෙග් ලෙළදෙන විට අප තුළ ඇතිවූයේ මහත් භක්තියකි. ඒ සමගම එරට ජාතික කොඩිය ද විය. දෙරටෙහි බෞද්ධ සුහදතාව, මිත්‍රත්වය ඒ තුළින් විද්‍යාමාන විය. එම උළෙල පැවැත්වෙන දිනය රජතුමා මදක් අසනීපව සිටියෙන් එතුමා නොපැමිණිය ද රජ පවුල වෙනුවෙන් කවුරුන් හෝ රාජ්‍ය නායකයකු ලෙස එම උත්සවයන්ට සහභාගි වීම විශේෂත්වයකි.
මුළු රට පුරාම රජුගේ උපන්දිනය සැමරූයේ හුදෙක් ආගමික උත්සවයක් වශයෙනි. මේ මහා බෞද්ධ උත්සවය පැවැත්වුණු ප්‍රධාන ස්ථානය වූයේ වට්පාසි බෞද්ධ මධ්‍යස්ථානය යි. එය ශ්‍රී ලාංකිකයනට විශේෂිත විය. වට්පාසි බෞද්ධ මධ්‍යස්ථානයේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනා, ධර්ම දේශනා සහ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අදාළ වන පරිදි විශාල වශයෙන් සිදු කෙරුන දානමය පුණ්‍යකර්ම බෞද්ධ රටක් වශයෙන් ඉතා ගෞරවණීය ය. ඒ සියලු කටයුතු අතර බෞද්ධ ආගමික සිරිත් විරිත් ප්‍රමුඛ විය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජේ.බී. දිසානායක මහතා ද එම අවස්ථාවට පැමිණ සිටියේ ය. වට්පාසි විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයේ සුවිශේෂ සිද්ධිය ලෙස අප දුටුවේ එම අවස්ථාවට පැමිණි සියලු දෙනාම සුදු වතින් සැරසී සිටීම ය. එමෙන්ම තායි ජනතාව භික්ෂූන් වහන්සේ කෙරෙහි දක්වනුයේ පුදුම සහගත භක්තියකි. එම අවස්ථාවට සහභාගි වූ ලාංකිකයන් පිළිබඳව අවශ්‍ය කටයුතු සලස්වාලූයේ උත්සවයේ සංවිධාන කටයුතු කළ අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමියන් විසිනි.
එරට බෞද්ධ පැවතුම් අනුව භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩීම සාමාන්‍ය සිරිත ය. මෙම පිණ්ඩපාතය පාගමනින් හෝ වාහනවලින් සිදු කෙරෙන අතර එහිදී උදේ, දවල්, දානමය දෑ පමණක් නොව භික්ෂූ ජීවිතයට අවශ්‍ය දෑ විශාල වශයෙන් පිරිනැමේ. ස්වාමීන් වහන්සේ එසේ වඩිනා තෙක් මහජනතාව මඟ දෙපස සැදී පැහැදි සිටිනුයේ දැඩි නොඉවසිල්ලෙනි.
තායි ජාතිකයන් 95%ක් ම බෞද්ධයන් ය. එපමණක් නොව ඔවුන් බෞද්ධාගම අදහන්නේ දැඩි විශ්වාසයකින් ය. එබැවින් පෙර කී උත්සවය ඇරඹුන දා සිට මාස තුනක් යන තුරු බෞද්ධ ආශිර්වාද ලබා ගැනීම ඔවුන් ලබන විශිෂ්ට පුණ්‍ය කර්මයක් ලෙස සැලකිණි. එම කාලය තුළ සංඛ්‍යාවෙන් දස ලක්ෂයක් පමණ පිරිසක් ධාතු කරඬුව තම හිස මත තබා ආශිර්වාද ලැබූහ. බෞද්ධ භක්තිය, ශ්‍රද්ධාව මත දෛනික ජීවන රටාව පවත්වාගෙන යන තායි ජන ජීවිතය තුළ බොහෝ විට ආරවුල් අඬදබර අඩුබව අපට දැනගන්නට ලැබුණි.
එයට මූලිකව ඇත්තේ ‘අප හොඳින් ජීවත් වෙමු’ යන ආකල්පයක් බෞද්ධාගම තුළින් ඒ සිත් සතන් තුළ කා වැදී තිබීමයි. එරට පවතින තාවකාලික පැවිද්ද තුළින් සමාජය තුළ යහ පැවැත්ම සදාචාරාත්මක හැසිරීම ඇතිකරයි. නිසි වයස පිරුණ කල්හි හෙවත් සුදුසු කල් පැමිණ විට සෑම තරුණයෙකුම තාවකාලික ශ්‍රමණ භූමියට ඇතුළු විය යුතුය.
තායි දේශයේ වීථි කහ කොඩිවලින් බැබඵණු අයුරු
ඒ වයස් සීමාව බොහෝ විට අවුරුදු 20 පමණ වේ. ශ්‍රමණ භූමියට ඇතුළු නොවූ පුද්ගලයන් සමාජයේ එතරම් පිළි ගැනීමක් නැති අතර පැවිදි වූ පුද්ගලයා තත් ( Thit ) යන ගෞරවනීය නාමයකින් හඳුන්වනු ලැබේ. එහි අර්ථය බහුශ්‍රැත පුද්ගලයා යන්නයි. වර්ෂයේ ඕනෑම දිනක කෙනෙකුට පැවිදි වීමට හැකි වුවද ඒ සඳහා වඩාත්ම සුදුසු ලෙස පිළිගෙන ඇත්තේ වස්සාන කාලය ආරම්භ වන ජූලි හෝ අගෝස්තු මාසයන් ය. එසේ කෙනෙකු පැවිදි වීම එම ප්‍රදේශයේ ඥාතී මිත්‍රාදීන් කාටත් සුවිශේෂී දෙයකි. පැවිදි වීමට නියමිත පුද්ගලයා සුදු පැහැ සිවුරකින් සැරසීම තවත් විශේෂත්වයකි. එසේ සැරසුන අය අදාළ විහාරස්ථානය වෙත කැඳවාගෙන යන්නේ දර්ශනීය පෙරහරකිනි. එම පෙරහරට සංගීතමය, නාට්‍යමය සියලු අංග ඇතුළත් වේ.
පැවිදි වී මාස තුනක් ගත වූ පසු (වස්සානය නිම වූ පසු) එම භික්ෂුවට යාම් ඊම් හැකිය. එවිට අලුත් සිවුරු පුද පුජා ලැබේ. තත් කඨින ( Thot Katine ) නමින් හැඳින්වෙන එම පූජා උත්සව අවස්ථාව ද ඉතා ඉහළින් සැලකේ. තායි භාෂාවෙන් පන්සල හැඳින්වෙනුයේ වට් නමිනි.
එවන් පන්සල් දස දහසක් පමණ එරට වේ. මෙම විහාරස්ථානයන්හි බුද්ධරූප සහ සෙසු කොටස් ඉතා අලංකාර ලෙස දිලිසෙන ආකාරයට නිමවා තිබේ.
වට්පාසි මෙන්ම වට්සකේ ( Golden Mount ) තායිලන්තයේ අපූරු සිද්ධස්ථානයකි. බුදුරජාණන් වහන්සේ දෙවිලොව සිට මනුලොවට වැඩම වීම සිහිපත් කරවන එම විහාරස්ථානය සම්බන්ධව උත්සව දෙකක් චක්පාරා ( Chak Phara ) සහ තත්බත් දේවෝ ( Takbatdavo) නමින් තායි දේශයේ පැවැත්වේ. දිව්‍යලෝකය සංකේතවත් වන ලෙස උස් කඳු මුදුනක් සම්බන්ධව එම උත්සව සිදු කෙරේ. මේ සියලු කරුණු දෙස බලන විට අද තායිලන්තය බුදු දහම විසින් විධිමත්ව සැදු මිනිස් පරපුරක දේශයක් ලෙස හැඳීන්විය හැකිය. ඒ තුළින් සමාජය තුළ ඇතිවන ආධ්‍යාත්මික ගුණ වගාවෙන් මිනිසා තුළ යහ ප්‍රතිපත්තියක් ඇතිවීම පරම සංතෘෂ්ටියකි. ඒ අතර පසුගිය දා පැවැත් වූ එවන් සුහද ආගමික වැඩසටහන තුළින් ශ්‍රී ලංකා තායි සබඳතාවය තවත් වර්ධනය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
[:]



