Вы уходите от премьер-министра?

ගැටයකට අහුවුණාද? අගමැතිකම අත හරිනවද? රටට හතුරු පිරිස අපි බලයට එනවට බයයි!

අගමැති මහින්ද පිළිතුරු දෙයි

සාකච්ඡා කළේ — මනෝජ් අබයදීර

ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව ඇති නිල නිවසේය. එදා සේම අදත් විජේරාම මාවත වාහන සහ ජනී ජනයාගෙන් පිරී පවතී. ජනාධිපති තනතුර අහිමිවී මහින්ද රාජපක්ෂ සිය ගමට ගිය අවස්ථාවේ සේම, භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ජනතාව අගමැතිවරයා වෙත සුබපැතුම් පුද කිරීම සඳහා පැමිණෙමින් සිටිති. අප ඔහුගේ නිවස තුළට යන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලූ දෙනාම පාහේ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෝය. එම රැස්වීම ආරම්භ වන තෙක් ලැබුණු විරාමයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය — සමහරු කියන්නේ ඔබ තවත් වතාවක් දේශපාලන ගැටයකට අසුවුණා කියලයි…

පිළිතුර — එහෙම ගැටවලට අහුවෙන්න තරම් ළද බොළඳ මිනිස්සුද අපි…? ඔහොම කතාවක් සමහරු කියාගෙන යනවා. එහෙම කියන්නේ එජාපයෙ පිරිස් බව අපිට ආරංචියි. ඒ අය තමන් ලබලා තියෙන පරාජය වහගන්න මේ වගේ කතා ප‍්‍රචාරය කරනවා. සමහරු කියන්නේ ”මේ තනතුර භාර ගත්තේ නැතුව හිටියා නම්, තව අවුරුදු දෙකකින් අපි පුදුම ජයග‍්‍රහණයක් ලබනවා… මේ අවස්ථාවේ අගමැතිකම භාරගෙන ඒ ජයග‍්‍රහණය අඩු කර ගත්තා…” කියලයි. ඔහොම කියන කවුරුවත් අපිට ඡන්දය දුන්න උදවිය නෙමෙයි. ඒ සියලූ දෙනාම අද පරාජය වෙලා ඉවරයි. ඒක නොකියා ඔවුන් කරන්නේ, අපේ ජයග‍්‍රහණය සැහැල්ලූ කරන එකයි. ඇත්තටම ගැටයකට අහුවුණේ අපි නෙමෙයි, එජාපය. ඔවුන්ට දෙවරක්ම ජනාධිපතිවරණය සඳහා තමන්ගේ කියලා නායකයෙක් තෝරා ගන්න බැරි වුණා. 2010 ජනාධිපතිවරණයට ඔවුන් ගෙනාවේ, සරත් ෆොන්සේකා, ඊළඟට 2015 දී ඔවුන් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක්… ඒ තමයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා. එදා තමන්ට ජනාධිපතිවරණයක් දිනා ගන්න බැරි නිසා ගහපු පොදු අපේක්ෂක ගැටයට තමයි, අද එජාපය අහුවෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය සඳහා එජාපය දර දිය අදින්න ඇති. ඒත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ තමන්ට දිනන්න බැරි නිසානේ. එහෙම බැලූවම මේ ජනවරම ජයග‍්‍රහණයක් බවට පත් කර ගත්තේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ… එජාපයට ඕනෑ වෙලා තිබුනේ එතුමාව තමන්ට ඕනෑ විදිහට නටවන්න. ඒක කර ගන්න බැරි වුණහම, තානාපතිවරු ළඟ දණ ගහගෙන අඬ අඬා යනවා.

ප‍්‍රශ්නය — 113 ක බහුතර බලයක් නැතිව ඔබ විසින් පස්ස දොරෙන් අගමැති තනතුර භාරගත්ත ක‍්‍රමය නිවැරදිද…?

පිළිතුර — කවුද පස්ස දොරෙන් අගමැතිකම ගත්තේ…? 2016 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අනුව එක්කෝ සභාගයක් හෝ සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා. එජාපයට සභාගයක් හදන්න සිදුවුණා. ඒ එජනිසය සමගයි. අනිකුත් පක්ෂ සමග සභාගයකට යන්නත් බැහැ, මොකද දෙමළ සන්ධානය සහ ජවිපෙ විපක්ෂ නායක තනතුර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම අරගත්තා. එජනිසය ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වීමත් සමග, එජාපය සුළුතරය බවට පත්වුණා. ඒ සමග රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කරලා, අගමැති ලෙස වැඩ භාරගන්න කියලා, ජනාධිපතිතුමා මට ආරාධනය කළා. එහෙම ගිහිල්ලා අගමැතිකම ගන්නේ පස්ස දොරෙන් වෙන්නේ, කොහොමද…? 2015 ජනවාරි නව වැනිදා රනිල් අගමැතිකම ගත්තේ නම්, පස්ස දොරෙන්. අගමැති විදිහට හිටපු දි.මු.ජයරත්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා. එහෙම තියෙද්දී මන්ත‍්‍රීවරු හතළිස් දෙකක් තියාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව රනිල් අගමැතිකම ගත්තා. ඒවා තමයි, පස්ස දොරෙන් ගත්තා කියන වැඩ…

ප‍්‍රශ්නය — කොහොම වුණත් ඔබ හදිස්සි වුණා වැඩි නැද්ද…?

පිළිතුර — කිසිම හදිස්සියක් වුණේ නැහැ… අපි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය මොකක්ද…? ආණ්ඩුව පෙරළන එක. ඔබගේ පුවත්පත සමග මීට පෙර කරපු සාකච්ඡාවේදී මම මොකක්ද කිව්වේ… ”අතට අහුවුණු දේකින්, හැකි ඉක්මනින් අපි ආණ්ඩුව පෙරළනවා” කියලා. මම ජනතාවට කිව්වේ, තව පෝය දෙකක් යන්න ඉස්සෙල්ලා, අපි ආණ්ඩුව පෙරළනවා කියලයි. මේ කළේ ඒ දේ තමයි. අපි පක්ෂයක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට කල්පනා කරන්න ඉස්සෙල්ලා, රටක් ජාතියක් විදිහට කල්පනා කරලා ඉන්න ඕනේ. එජාපය තව ටික කලක් ආණ්ඩු කරා නම්, මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනහල්ලා සම්මත කර ගන්නවා. එහෙම වුණා නම් රටට මොකද වෙන්නේ… ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබා දීලා, අපේ රටට විරුද්ධව අපිම, එජා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා.එහෙම කළේ එජාපයේ විදේශ ඇමැති. එහෙම කරලා මේ රටේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගේන්නේ හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්නම වැඩි කළා. මේවා තව අවුරුද්දක් කරගෙන ගියා නම් අපිට රටක් ඉතුරු වෙයිද…? මේ රටේ ජනතා දේපළ අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට කුණු කොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා, ජනතාවගේ කර මත පැටෙව්වා. විදේශ රටවල දුක් මහන්සි වෙලා හම්බු කරන අපේ ජනතාව ගෙදරට සල්ලි එවන කොට ඒවාට බදු ගැහැව්වා. වෙන එකක් තියා, ළමා ඉතුරු කිරීමේ ගිණුම් වලටත් ඒ අය බදු ගැහැව්වා. මේ වගේ වෙලාවක, දේශපාලන හඳහන් බල බල තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි, රට ජාතිය ගැන හිතලා, ආණ්ඩුව පෙරළන එකද…නිවැරදි ?

ප‍්‍රශ්නය — තවමත් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා පැහැදිලිවම අනිත් පැත්තට මන්ත‍්‍රීවරු 123 දෙනෙක් සිටිනවා. එසේ තබාගෙන බලහත්කාරයෙන් අගමැති පදවියේ රැඳී සිටීම නිවැරදිද…?

පිළිතුර — මම එදා කිව්වා වගේම මට මේ තනතුරු ලොකු නැහැ. මම අවුරුදු නවයක් මේ රටේ ජනාධිපති… ඇමැතිකම්, අගමැතිකම් දැරුවා. තනතුරු සියල්ල නැතිව හිටියා. මගේ දරුවෝ, සහෝදරයා හිරේ දැම්මා. මගේ පාක්ෂිකයෝ, ඒ අයගේ පවුලේ අය හිරේ දැම්මා. මගේ ලේකම්වරයා, මා යටතේ සේවය කළ නිලධාරීන් හිරේ දැම්මා. ඒ සියල්ල විඳවපු මට ඔය තනතුරු නෙමෙයි වැදගත්… අපි මේ රටට ලබා දුන්න ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරෙව්වා. අපේ රණවිරුවන් බේරා දුන්න රට, කලාප රාජ්‍ය වලට ව්‍යවස්ථාවෙන් වෙන් කරන්න හදන එක නවත්වන එකයි සියල්ලට වඩා වැදගත් කියලා මම හිතන්නේ… ඒ වෙනුවෙන් තමයි අපි මේ තනතුරු භාර ගත්තේ. ඒ මිසක් අපි මේ කිසි තනතුරක බලහත්කාරයෙන් එල්ලිලා ඉන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම අරලියගහ මන්දිරයෙන් ගියේ, තනතුරු වැදගත් නැති හින්දයි.

ප‍්‍රශ්නය — අනිත් පැත්තෙන් ඔබට එල්ල කරන අභියෝගය වන්නේ 113 පෙන්වන ලෙසයි…

පිළිතුර — අපි තවම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්… දෙසැම්බර් හත්වෙනිදාට ඒ තීන්දුව ලැබෙයි. ඒ තීන්දුව අනුව අපට බහුතරය පෙන්වන්න සිදුවුණොත් අපි අනිවාර්යෙන්ම පෙන්වනවා.

ප‍්‍රශ්නය — අද රට තිබෙන්නේ කැලඹිලි තත්ත්වයක… පාර්ලිමේන්තුව කිසිදු වැදගැම්මකට නැති තැනක් බවට පත්වෙලා. මේ වාතාවරණය තුළ ඔබ අගමැති තනතුර භාර ගත්තත් කිසිවක් කර ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා…

පිළිතුර — අපි බලයට එනවට බය පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ රටට හතුරු පිරිස… මම 2005 දී මේ රට භාර ගන්න කොට, රටේ ආර්ථිකය තිබුණේ බිමටම වැටිලා. ඒ මදිවාට ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් සමග අපිට යුද්ධයක් කරන්නත් වෙලා තිබ්බා. හිටපු යූ. එන්. පී මුදල් ඇමැතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා.

මම අවුරදු 9 ක් ඇතුළත මේ රටේ ඇමරිකානු ඩොලර්, ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% ක්. ඩොලරයක මිල රුපියල් 131 යි. දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වැනිදා අලූත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4 ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂ ණය ප‍්‍රතිශතය 90% ක් තරම් ඉහළට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප‍්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඞ්, සින්ඩිකේටඞ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ‍්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප‍්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප‍්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

ප‍්‍රශ්නය — මහ මැතිවරණයක් පිළිබඳ අදහස ඔබ මතු කරනවා. මහ මැතිවරණයක් අවශ්‍ය නම්, එජාපයේ බලයේ සිටියදීම ඒ සඳහා පියවර ගන්න තිබුණා. එසේ නොකර ඔබ අග‍්‍රාමාත්‍ය තනතුර භාරගෙන මහමැතිවරණයක් සඳහා ගමන් කරන්නේ, ඔබට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නේද…?

පිළිතුර — ජනාධිපතිතුමා විසින් ජාතිය අමතමින් කරන ලද කතාවේදී, මට අගමැතිකම භාර ගන්න ආරාධනා කරන ලද හේතු පිළිබඳව සඳහන් කළා. එතුමාව ඝාතනය කිරීම සඳහා එක්තරා පිරිසක් කුමන්ත‍්‍රණයක් සිදු කළ බවට එතුමා චෝදනා කළා. එවන් අවස්ථාවක අගමැති ඉවත් නොකළා නම් මොකද වෙන්නේ…? කවුද ඒ කුමන්ත‍්‍රණයෙන් මේ රටේ අගමැති වෙන්නේ…? ඒවගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව… එය හදිස්සියේ සම්මත කර ගත්තා නම් මේ රට ඉවරයි. මහමැතිවරණයක් කැඳවන තුරු අපි රට භාර ගත්තේ ඒකයි.

ප‍්‍රශ්නය — ඔබ කිහිපවිටක්ම සඳහන් කර තිබුණා මේ කරගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් කියා. මහ මැතිවරණයක් බැරි නම් මේ භාරකාර ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණයට වුවත් යා හැකියි නේද…?

පිළිතුර — අපි බලයේ සිටින කාලයේත්, විපක්ෂයේ සිටින කාලයේත් මැතිවරණ වලට බය වුණේ නැහැ. අපි හැමවිටම ජනතා මතයට ගරු කළා. මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කරලා, මැතිවරණ කල් දැම්මා. අපේ කාලයේ මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉද්දි වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණය අවසන් වෙනකන් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි අප කළේ. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා, මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. එජාපය ඇතුළු හවුල් කල්ලියේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. ඒත් යූ. එන්. පී හවුල උසාවියේ නඩු දාලා, පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කළා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ. එන්. පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

ප‍්‍රශ්නය — ජනවරමක් නොමැති තත්ත්වයක් තුළ, දිගින් දිගටම රට අස්ථාවර කරමින් අගමැති තනතුරේ ඔබ රැඳී සිටීම නිසා, රටේ දේශපාලන අස්ථාවරභාවයක් මතුවෙලා තිබෙනවා…

පිළිතුර — ජනවරම තියෙන්නේ අපට… ජනතාව විසින් අවසාන වතාවට ලබා දුන්න ජනවරම වන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයයි. එහිදී බහුතරය ලැබුණේ අපිට. පොහොට්ටුවට සහ එජනිසයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ හැට හතරක් පමණ වෙනවා. එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 36 යි. එහෙනම් මේ රටේ බහුතරය තියෙන්නේ කාටද…? ජනවරම තියෙන්නේ කාටද…? අපිට… මේ රටේ ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් පරාජය වූ පළවෙනි වතාව තමයි, ගිය පාර පුංචි ඡන්දය. තමන්ට ජනතා වරම අහිමි වුණු ඒ වෙලාවේ මේ ආණ්ඩුව හරි නම් ගෙදර යා යුතුව තිබුණා. ලැජ්ජා නැතුව මේ අය ඔය තනතුරුවල එදා ඉඳලා එල්ලිලා හිටියා. අඩුම ගානේ අපිට විපක්ෂ නායක කමවත් නොදුන්න මේ අය අද අපිට ශිෂ්ටත්වය උගන්වන්න එනවා. අපි මේ තනතුරු බාර ගත්තේ රට අස්ථාවර කරන්න නෙමෙයි. ආණ්ඩුව අස්ථාවර කරන්න. එදා අපිට විරුද්ධව හිටපු දෙගොල්ලෝ අපි දෙකට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි, එජාපයත් ආණ්ඩුවෙන් අයින් කළා. මේක ජයග‍්‍රහණයක් නෙමෙයිද…? එයින් රට ස්ථාවර වුණා. කොටස් වෙළෙඳ පොළ වර්ධනය වුණා. අපි ලැහැස්ති වුණේ මහමැතිවරණයකට යන්න. ජනතාවගේ ඒ තීන්දුවෙන් පසුව මේ රට තවත් ස්ථාවර වෙන්නයි තිබ්බේ. ඒක නැවැත්තුවේ, එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය කියන හවුල.

ප‍්‍රශ්නය — මේ අස්ථාවරභාවය නිසා ඔබ ලබා ගත්ත අගමැතිකමත්, ඇමැති මණ්ඩලයත් කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයකට පත්වෙලා නේද…?

පිළිතුර — අපි මේ දින කිහිපයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොයිතරම් තීරණ ගත්තාද…? අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කළේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිෂ්පාදනය වැඩි කරන්නයි. දරුවන්ට ලැබෙන පාසල් නිල ඇඳුමට වවුචරයක් දීලා, කරපු වැඬේ මතකද…? අපි ඒ නිල ඇඳුම් වවුචරය අහෝසි කළා. හැම මාසයේම ජනතාව බය කරපු තෙල් මිල සූත‍්‍රය අහෝසි කළා. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු, කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප‍්‍රශ්නය — ඔබ බලයට ආපු ගමන් නවීන බෙන්ස් රථයක් සිය පාවිච්චිය සඳහා මිලට ගත් බවට චෝදනා එල්ල වුණා…

පිළිතුර — ඔය එන්නේ එදා ආපු මඩමනේ… අපිව එදා පරාජය කළේ ඔය වගේ මඩ ප‍්‍රචාර යවලනේ… එහෙම ආරංචි පළකරපු අය ඊළඟ සතියෙම ඒක නිවැරදි කරානේ… මම ජනතාවට කියන්නේ, ඔය වගේ මඩවලට ආයෙත් රැවටෙන්න එපා කියන එකයි. මේ අය අසත්‍යය සහ අපවාදය තමයි අපිට එරෙහිව භාවිත කළේ. රටේ ආර්ථික ආපදා තත්ත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ. එන්. පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමැතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ අලූත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි, බැඳුම්කර කොල්ලය ඇතුළු එජාප ආණ්ඩුව විසින් කරන ලද සියලූ දූෂණ සෙවීමට අපි කටයුතු කරනවා.

Related Images:

Цели изменения правительства от 26 октября

ПРЕСС-РЕЛИЗ

Цели изменения правительства от 26 октября

Текст выступления, предоставленного Hon. Премьер-министр Махинда Раджапакса в канцелярии премьер-министра в воскресенье, 25 ноября, в Новермберге 2018 года.

Самые почтенные члены Маха Сангхи, Священники всех религий, Люди Шри-Ланки и друзья,

В своем выступлении в парламенте 15 ноября я предложил всем политическим партиям, что мы согласны с тем, чтобы провести всеобщие выборы, чтобы позволить людям реализовать свое суверенное право избирать правительство по своему выбору. СПП согласился, но УНП уклончиво заявляет, что мы должны провести президентские выборы вместо всеобщих выборов. Проблема в парламенте. Поэтому на данном этапе нет необходимости проводить президентские выборы. Ни одна из сторон не получила явного большинства на всеобщих выборах, состоявшихся в августе 2015 года. УНП получил 106 мест, UPFA получил 96. Разница была всего на 10 мест.

Правительство, возглавляемое УНП, было сформировано только на основе соглашения, заключенного с группой парламентариев УПФА. Группа UPFA покинула правительство 26 октября. После этого к нашим рядам присоединились несколько парламентариев ООН. Сегодня я являюсь лидером самой большой группы депутатов в парламенте. После парламентских выборов 1994, 2001 и 2004 годов президенты Д.Б. Виджунтунга и Чандрика Кумаратунга, которые в то время занимали должность, пригласили самую большую группу в парламенте для формирования правительства. На этой основе правительства были сформированы Народным альянсом в 1994 году, УНП в 2001 году и УПФА в 2004 году.

26 октября мы сделали так, чтобы сформировать временное правительство, которое продлилось бы только до завершения всеобщих выборов, которые уже были объявлены, но временно приостановлены судами. У нас никогда не было намерения управлять администрацией через правительство, которое сформировалось в настоящее время. Вся страна может видеть, что в этом правительстве занимают только несколько членов Объединенной оппозиции. Это потому, что это только временная договоренность. Я подчеркиваю, что с тех пор, как я принял клятву в качестве премьер-министра, наша главная задача состояла в том, чтобы пойти на выборы, чтобы создать стабильное правительство. Однако цель другой стороны — оживить прежнее правительство и править страной как можно дольше, не проведя никаких выборов вообще. В этом и заключается причина нынешней политической ситуации.

Некоторые люди спрашивают меня, почему я принял офис, когда было меньше 18 месяцев, чтобы пойти на следующие выборы. Я слышал, что члены UNP заявили, что если бы я был терпеливым еще 18 месяцев, я мог бы выиграть последующие выборы с большинством в две трети голосов. Мы не сформировали правительство для того, чтобы навести порядок в стране, но проводить всеобщие выборы. Президент объяснил в своем обращении к нации, что он назначил меня премьер-министром только после того, как ситуация достигла стадии, когда у него не было абсолютно никакого другого выбора. Когда правительство вверено мне в таких обстоятельствах, я не могу со всей справедливостью избегать ответственности. Это не вопрос политической власти. На карту поставили судьбу нашей страны и будущее нашего молодого поколения.

Более того, если после того, как все будет сказано и сделано, все равно мы все равно должны будем взять на себя эту ответственность, было много, чтобы говорить о том, что он займет пост до того, как на страну нанесен дальнейший ущерб. Президент распустил парламент и подготовил почву для всеобщих выборов. Но ЕНП подал иск в суды и отстранил выборы. Если все пойдет по уведомлению о бюллетене, выпущенному президентом, то теперь власти выборов начнут принимать кандидатуры. УНП будет продолжать участвовать в подрывной деятельности до тех пор, пока Верховный суд не примет решение о том, что основные права человека были нарушены объявлением всеобщих выборов.

Бывший министр финансов утверждает, что экономика находится в нисходящем тренде из-за смены правительства. Президент пригласил меня взять на себя правительство именно из-за краха экономики во время предыдущего правительства. В таких условиях то, что сделала бы любая демократическая страна, это провести всеобщие выборы и принять новое правительство. Поскольку президент находился в нашем правительстве, он знает, как мы справляемся с трудными ситуациями. Нам удалось найти деньги на войну. Нам удалось завершить большое количество крупных проектов развития, которые ни одно из предыдущих правительств не смогло выйти из-под контроля. Мы не позволяли людям ощущать последствия мирового продовольственного кризиса 2007 года. Несмотря на то, что в 2008 году произошел наихудший мировой экономический спад с 1930-х годов, жители Шри-Ланки даже не знали, что существует такая всемирная рецессия.
Несмотря на то, что мировые цены на сырую нефть выросли до уровня, никогда не наблюдавшегося до или после того, как в эти годы нам удалось минимизировать последствия глобального нефтяного кризиса.

В течение периода ni

Related Images:

විශ්වාශභංගක් නීත්‍යානුතූලව සම්මත කළයුතු ආකාරය

මාධ්‍ය නිවේදනය

අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන්

1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.

2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.

3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.

4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.

5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.

6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.

12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝගවලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.

2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වස භංගය ඉහත සදහන් ආකාරයට නීත්‍යාණුකුලව ඉදිරිපත් කර ඇත.

එස්. අමරසේකර
අග්‍රාමාත්‍ය ලේකම්  — 2018 නොවැම්බර් 16

Related Images:

Пусть господствует народный суверенитет

Текст выступления, сделанный достопочтенным. Премьер-министр Махинда Раджапаксе в парламенте в четверг, 15 ноября 2018 года.
 
Hon Speaker,
 
Президент объяснил, почему он уволил предыдущее правительство и назначил временное правительство до следующих всеобщих выборов. К 26 октября люди этой страны жили под огромным давлением. Стоимость жизни ежедневно возрастала из-за формулы цен на топливо и быстрого обесценения рупии. Беспрецедентное налоговое бремя, удвоение процентных ставок в результате мошенничества с облигациями Центрального банка, подготовка к продаже гавани, аэропортов и прибыльных государственных предприятий для иностранных сторон, разрабатываемые законы, позволяющие иностранцам покупать свободные земельные участки в Шри-Ланке, подписании соглашений о свободной торговле с советами профессионалов и местных бизнесменов, вымогательство взяток у потенциальных инвесторов все усугубляло людей, и на этом счету было много враждебности против предыдущего правительства.
 
Мы видели, как президент прилагал определенные усилия для смягчения ущерба, нанесенного стране, путем принятия таких мер, как отказ от комитета по экономическим вопросам комитета УНП. Мы слышали, что между Президентом и Премьер-министром в Кабинете были резкие обмены по этим вопросам. Именно на этом этапе средства массовой информации начали транслировать записи голоса, связанные с заговором лицами, связанными с УНП, для убийства президента и бывшего министра обороны с участием определенных элементов в полиции. Только после того, как все дошло до такого прохода, президент решил вывести УПФА из коалиционного правительства. Вывод UPFA привел к роспуску этого правительства и президента в соответствии с полномочиями, предоставленными ему Конституцией, предложил мне принять премьер-лигу и сформировать правительство.
 
У меня был выбор либо принять это приглашение, либо отказаться от него. Я мог бы просто сказать, что лучше всего разрешить правительству УНП продолжать работу в течение оставшегося года или около того. Однако мы были главной оппозиционной силой в стране. Мы — самая большая политическая партия в стране. Когда президент передает нам нашу страну, чтобы предотвратить крупную катастрофу, мы обязаны принять эту ответственность. Я принял на себя ответственность за управление страной на этой основе. Еще одна вещь, которую я должен был учитывать, — это то, что могло бы произойти с этой страной, если бы УНП продолжал действовать еще год. С января 2015 года это правительство заимствовало более 21 млрд. Долл. США в виде кредитов в иностранной валюте.
 
Это безрассудное заимствование было самым серьезным ущербом, нанесенным стране. То, что мы сформировали, было только временным правительством до тех пор, пока не состоялись всеобщие выборы. Вот почему только несколько членов Объединенной оппозиции приняли портфели в новом правительстве. Поскольку ситуация в стране ухудшилась, Объединенная оппозиция последовательно призывала парламент распустить и провести новые выборы.
 
Однако предыдущее правительство буквально «свернуло карту выборов». Прошло почти три года для проведения выборов в местные органы власти, которые были распущены в марте 2015 года. Они отложили выборы под сводом вопросов, касающихся делимитации палат. Когда это правительство подало иск в суд и попыталось отложить выборы в местные органы власти на неопределенный срок, Председатель избирательной комиссии объявил, что они проведут выборы в органы местного самоуправления, у которых не было вопросов делимитации. Только тогда правительство наконец согласилось провести столь продолжительные выборы. Уже более года не функционируют провинциальные советы в провинциях Сабарагамува, Северная и Центральная и Восточная. В прошлом месяце три других провинциальных совета, включая Северный ПК, были распущены. Но выборов не было.
 
Когда президент распустил парламент и призвал к всеобщим выборам, впервые в истории этой страны, УНП и СПП подали прошение в суды против проведения всеобщих выборов. Это те же самые стороны, которые бесстыдно извратили весь процесс принятия законов, введя поправки в комитет, чтобы изменить всю систему выборов в органы местного самоуправления и Провинциальные советы на счета, которые были введены в парламент совершенно по-другому, чтобы отложить выборы в эти органы. Те же стороны, которые пришли в суды против проведения выборов, лишили народ права голоса в то время.
 
Парламенты 1947, 1951, 1956 и 1960 годов были рано распущены, чтобы позволить людям осуществлять свою франшизу и избирать правительство по своему выбору. Так было

Related Images:

මහින්දට තුනෙන් දෙකේ බලයක් දෙන්න..

කළුතරදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇතැයි කියමින් බටහිර රටවල තානාපතිවරුන්, විදේශ මාධ්‍ය විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටින බව අපි දකිනවා. රටක් පාලනය කර ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාම පාලකයා මහජනතාව වෙත යනවා. මහජනතාවගේ ඡුන්දයෙන් රට පාලනය කරගන්න අවස්ථාව සලසා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී දෙයක් හැටියටයි මේ අය දකින්නේ. මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන තේරුමත් වෙනස් කරලා. පාලකයා රටේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීමේ බලය ජනතාවට දීම ප‍්‍රජාත‍්‍රන්තවාදයට විරුද්ධද? එදා බහුතර ආසන සංඛ්‍යාවක් තිබූ පක්‍ෂයට අගමැතිකම දෙන්නේ නැතිව ආසන හතළිස් ගණනක් තිබූ එජාපයට අගමැති ධූරය දුන්නා. යහපාලන ආණ්ඩුව ඇති කළේ අපි නෙමෙයි. ඔවුන්මයි ඇති කළේ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදීද?

මහින්ද රාජපක්‍ෂ රජය එදා තිබූ ත‍්‍රස්තවාදය අවසන් කළා. සාමකාමී රටක් ඇති කළ හිටපු ජනාධිපතිවරයා මේ රටේ ආර්ථකය, සංවර්ධනය ඇති කළා. කවදාවත් නොතිබූ ඓතිහාසික සංවර්ධනයක් ඇති කළා. එම නායකයා විදේශීය බලවේගවල අවශ්‍යතා කිසි දිනෙක ඉටු කළේ නැහැ. එම නිසා ඔහුට විරුද්ධව ජනතාව අතර වැරදි මතයක් ගෙන ගියා. සුළු ජාතීන් අතර වැරදි මතබේද ඇති කළා. ඒවා කළේ යහපාලන රජයයි. මේ රටේ ආර්ථිකය විනාශ කළා. රටට අහිතකර ව්‍යවස්ථා ගෙනාවා. ඡන්ද කල්දැමම්මා. මේවා සියලූම දේවල් ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. ඒ අය ඇති කළ රජය තුළ අර්බුද ඇති වෙලා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතබේද ඇති වෙලා රට අර්බුදකාරී තත්ත්වයක ආ වෙලාවක තමයි ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අගමැති ධූරය භාර ගත්තේ.

නමුත් එතුමා කිව්වේ ජනතාව අතරට ගිහින් මැතිවරණයකට යා යුතුයි කියලා. රනිල් වික‍්‍රමසිංහ තවමත් අගමැති තමන් යැයි පවසමින් නිල නිවසට විදේශීය තානාපතිවරුන් කැඳවලා ප‍්‍රකාශ නිකුත් කරමින් රට තවත් අර්බුදයකට ගෙන යමින් සිටිනවා. එම අර්බුදය විසඳීමට තිබූ එකම මාර්ගය තමයි ජනතාව අතරට යෑම. ජනතාවට තමන්ට අවශ්‍ය ස්ථාවර රජයක් ඇති කර ගන්නට අවස්ථාව සලසා දුන්නත් එදා ආණ්ඩු පෙරළන්නට වැඩසටහන් සකස් කළ අය කියනවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි කියලා. මේ පිළිබඳව විශාල විරෝධයක් ජාත්‍යන්තරය තුළ ඇති කරමින් යනවා. එම නිසා ඔබලා මෙවැනි අවස්ථාවක ඉතා සුපරීක්‍ෂාකාරීව වැඩ කළ යුතුයි.

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය දෙන්න හදන විට ඇතැමුන් උසාවි යනවා. දිගින් දිගටම ඡන්ද කල්දැමූ අයම තමයි මේකටත් විරුද්ධව උසාවි සුදු මහත්තුරුන් ගාව අඬනවා. අවුරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් රටේ ස්වෛරීභාවය අහිමි කළා. සංවර්ධනය නැති කළා. රටේ සම්පත් විදේශිකයන්ට විකුණා දැම්මා. ජනතාව පිට බදු පිට බදු බර ඇති කළා. මෙවැනි රටට අහිතකර දේවල් කළ නිසා තමන්ට අත්වන ඉරණම හොඳාකාරවම දන්නවා. ඒ නිසයි ඡුන්දය වළක්වා ගන්නට මොවුන් ජාත්‍යන්තරයේ සහාය අපේක්‍ෂා කරන්නේ.

2015 ජනවාරි 08 වැනිදායින් පසුව වැඩි කාලයක් යන්නේ නැතිව මේ රටේ ජනතාවම කිව්වා අපිට වැරැද්දක් වුණා කියලා. ඒ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඒකරාශී වෙලා මහින්ද සුළඟ ඇති වුණේ. අලූත් පක්‍ෂයක් බිහි වුණා. අලූත් පක්‍ෂය පසුගිය මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. එම නිසා යළිත් ඔබලාට හැකියාව තිබෙනවා තුනෙන් දෙකක බලයක් ලබාදී මහින්ද රාජපක්‍ෂ අගමැති යටතේ එදා තිබූ ආර්ථික, සංවර්ධන යුගයකට ගෙන යන්න හැකියාව තිබෙනවා. නැවතත් රණවිරුවන්ට සලකන, ජාත්‍යන්තරයට යටත් නොවන නායකයෙක් බිහි කරන්න ඔබලාට හැකියාව තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ සමග සෑම විටම කටයුතු කළ ගමේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්න. මහින්ද රාජපක්‍ෂ අගමැති සමග ප‍්‍රබල රජයක් හදන්න ලබා දුන් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට ජනතාව දැන් අවස්ථාව උදාවී තිබෙනවා. හරි මාර්ගය තෝරා ගන්න. විදේශීය අවශ්‍යතා ඉටු කර ගන්න, බොරු ප‍්‍රචාර ඇති කරමින් ජාතීන් අතර බේද ඇති කරමින් අපි ලබාදුන් ජයග‍්‍රහණය පරාජයට පත් කළා. ඒවා තේරුම් ගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. දේශීය සම්පත් ආරක්‍ෂා කරන, ගොවියා ආරක්‍ෂා කරන, ධීවරයා ආරක්‍ෂා කරන රජයක් බිහි කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. එදා යුද්ධය තිබුණත් අපි ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ රටේ කිසිදිනෙක නොතිබූ සංවර්ධනයක් ඇති කළා. වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඇති කළා. අපිට එදා සැලසුම් තිබුණා. ඒ සියලූම සැලසුම් මේ රජය නතර කළා. මේ අය හැමදාම කතා කළේ ණය ගැනමයි. ආයෝජන කරමින් ඇති කළ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. අ¥රදර්ශී ක‍්‍රියාකලාපයන් නිසා රටේ ආර්ථිකයට කඩාවැටුණා. මේ හේතුව නිසාම ලක්‍ෂ හතරකට රැකියා අහිමි වුණා. දැන් කොළඹ ඇති වෙමින් තිිබෙන සියලූම සංවර්ධන ව්‍යාපෘති ඇති කළේ අපේ රජයයි. අපි තවමත් හිටියා තමයි ඒවා දැන් අවසන් කරන්න තිබුණා. එම ව්‍යාපෘති දැන් සිදුවන්නේ මන්දගාමීවයි. හිටපු රජය හැරෙන්නට මේ අය කිසිම කළ ආයෝජන ව්‍යාපෘතියක් නැහැ.

ගත වූ වසර කිහිපය තුළ ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවුණා. ඉදිරියේදී අපි අද තිබෙන තත්ත්වයන්ට අනුව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සැලැස්ම සියලූම වෘත්තිකයන් සමග සාකච්ඡුා කළා. අපේ රජයක් බලයට පත්වූ වහාම රටේ ප‍්‍රශ්න විසඳා, සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට තමයි සියලූම වෘත්තිකයන්ගේ අදහස් අපි ලබාගෙන යන්නේ. සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. එම නිසා යළිත් ලැබෙන මේ අවස්ථාවෙන් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සියලූම දෙනා එකතු වෙලා ස්ථාවර රටක් බිහි කරමු.

– චාමින්ද කරුණාරත්න

Related Images:

Программа экономического возрождения

Его Превосходительство президент и достопочтенный премьер-министр и министр финансов и экономики выступили с озабоченностью по поводу серьезного падения экономики, что отразилось на постоянно низких темпах роста за последние 3 года наряду с ростом стоимости жизни. Почетный премьер-министр считает, что непродуманная экономическая и финансовая политика предыдущего правительства привела к этой ситуации путем маргинализации местных предпринимателей, отраслей промышленности и внутреннего производства.
В 2018/2019 году сезон культивирования Маха начался с чрезвычайно благоприятной погоды по всей стране, экономика настроена на то, чтобы получить новое возрождение, поскольку все водохранилища и орошаемые схемы достигли полной емкости для производства электроэнергии, обеспечения питьевой водой и водой для культивирование. Правительство считает, что это лучшая возможность подготовить страну для получения максимальной выгоды от сельскохозяйственного производства. В то же время потребители обременены высокой стоимостью жизни. В этом контексте премьер-министр и министр финансов и экономики дали направление для реализации следующих инициатив по оживлению экономики.
1. Чтобы облегчить давление на высокую стоимость жизни, а также защитить местного фермера, Специальный товарный сбор будет уменьшен на Дхале на рупий за рубли за рубли, рупий. 5 на кг, черный грамм — 25 рупий за кг. Таможенная пошлина также будет отменена на зерно пшеницы до рупий. 9 за килограмм от существующего отказа от рупий 6 рупий за кг. Сахар будет зависеть от Специального товарного налога, согласно которому применимые налоги на сахар также будут уменьшены на 10 рупий за кг. Соответственно, цены на сырьевые товары будут снижены с немедленным вступлением в силу.
2. Учитывая влияние ценообразования на топливо для всех слоев общества, особенно тех, которые занимаются в секторе транспорта, сельского хозяйства и рыболовства, цена бензина (Octane 92) будет снижена на рупий. 10 литров, автодизель на 7 рупий за литр и смазочные материалы, включая смазочные материалы 2T, используемые в трехколесных машинах и малогабаритных сельскохозяйственных двигателях, на рубли 10 литров с эффектом с сегодняшней середины ночи. В то же время механизм ценообразования на основе затрат будет быть реализованы на топливе вместо месячной формулы цены топлива.
3. Гарантированная ценовая схема будет введена для Пэдди, лука и картофеля, производимого местными фермерами. Соответственно, SCL будет поднят в течение периода сбора урожая для защиты фермеров за счет гарантированных гарантированных цен. По мере сбора картофеля и B-лука SCL на картофеле и B-Onions будет поддерживаться на уровне 40 рупий за кг.
4. В целях смягчения последствий неблагоприятных погодных условий, в результате которых фермеры заложили средства к существованию и получили значительную задолженность, проценты и штрафные проценты, понесенные фермерами и небольшими владельцами Пэдди-Милля по кредитам не более 50 млн. Рупий, из всех коммерческих банков в течение последних 3 лет, будут списаны полностью и будут нести правительство.
5. Максимальный порог в отношении авансов займов, предоставленных банками Самурдхи бенефициарам Samurdhi для поддержки их деятельности по обеспечению средств к существованию, будет увеличен на 10 000 рупий / -.
6. Цены на удобрения для падди будут поддерживаться в сумме 50 рупий / 50 кг, а цены на удобрения для других культур сократятся до рупий. Мешок 1000 / 50kg от Rs. 1,500 / 50 кг мешок.
7. В настоящее время ставка льготного налога на прибыль в размере 14% на сельское хозяйство применяется только для компаний, занятых в сельскохозяйственных предприятиях. Доходы физических лиц от сельскохозяйственных предприятий также будут уменьшены с существующей максимальной ставки в размере 24% до 14%, чтобы также поощрялось индивидуальное сельское хозяйство.
8. Концессионная ставка подоходного налога в размере 14% применяется в настоящее время по категориям МСП только для компаний. Эта ставка будет распространена на физических лиц, включая тех, кто предоставляет профессиональные услуги. Поэтому ставка подоходного налога для профессиональных услуг будет снижена с 24 процентов до 14 процентов.
9. Подоходный налог будет освобожден от процентов по любым сбережениям и фиксированным депозитам, хранящимся в любом финансовом учреждении.
10. Чтобы поощрять местных предпринимателей, специалистов и трудящихся-мигрантов переводить свои доходы в иностранных валютных услугах за пределами Шри-Ланки, подоходный налог будет освобожден от таких денежных переводов.
11. Неблагоприятное воздействие, вызванное высокими косвенными налогами, будет смягчено путем упрощения НДС и НБТ. Потенциал НДС будет увеличен с 12 млн. Рупий в год до 24 млн. Рупий в год.

12. Порог ответственности за НДС в секторе оптовой и розничной торговли также будет увеличен с 50 млн. Руб. До 100 млн. Рупий за двенадцать месяцев, предоставляя льготы мелким торговцам и предприятиям.
13. Ставки НДС, применимые к импорту Пиломатериала, будут уменьшены до 5% для поддержки местной строительной отрасли.
14. НДС при импорте ткани будет освобожден, предоставляя льготы мелким и средним производителям одежды.
15. Учитывая высокий налог, взимаемый с услуг электросвязи, налог на связь в размере 25% будет снижен до 15%.
Тяга

Related Images:

Махинда Раджапакса Новый премьер

Бывший президент Махинда Раджапаксе был приведен к присяге в качестве нового премьер-министра страны ненадолго после того, как Союз Объединенной народной свободы (УПФА) решил покинуть коалиционное правительство.

Это решение было принято на специальном заседании, состоявшемся сегодня парламентской фракцией партии свободы Шри-Ланки (SLFP), и они сообщили докладчику Кару Джаясурии в письменной форме в этом направлении.

Бывший президент принял присягу в качестве нового премьер-министра на быстрой церемонии в Секретариате Президента перед президентом Маитрипалой Сирисена и множеством других людей из-за политического разрыва.

События происходят после разгромных споров между партнерами в коалиционном правительстве, и это заставило страну врасплох.

Related Images:

ජනාධිපති අපේක්ෂක රාජපක්‍ෂවරයා දැනටමත් තීරණය කර අවසන්..

හිටපු ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘හිරු’ රූපවාහිනයේ ඊයේ දිනයේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

Related Images:

Историческая победа политика, Басиль Раджапакса

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..
හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.

මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.

සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

ආර්ථිකය, ආරක්‍ෂාව ඉහළින් තිබූ, පාතාලය නැති රටක් තමයි එදා ජනවාරි 8 වැනිදා මේ රජයට භාර දුන්නේ. නමුත් අවුරුදු 4 ක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. ජනතාව මුලා කරලා, සැලැස්මක් නැතිව, සුළු ජාතීන්ට බොරු කරලා, බලය ලබා ගැනීම පිණිසම විදේශීය බලවේග සමග එකතු වෙලා මේ රටේ බලය ලබා ගත්තා. ඔවුන්ට මේ රටේ ආරක්‍ෂාව, ස්වෙරීත්වය, ආර්ථිකය ගැන කිසිදු දැක්මක් තිබුණේ නැහැ. අද කොළඹ තත්ත්වය බලන්න. අපි ආරම්භ කළ ව්‍යාපෘති පමණයි අද තිබෙන්නේ. කටු කම්බිවලින්, තාප්පවලින් පිරී තිබූ කොළඹ නගරය සංවර්ධනය කළා, ලස්සන කළා. රටකට ආයෝජන වැදගත්. අපි යුහුසුළුව මේ රටට ආයෝජන ගෙනෙන්න කටයුතු කළා. අද මේ තිබෙන සියලූ ආයෝජන මෙරටට එදා ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා අපි තට්ටු නිවාස පරිසරය දියුණු කළා. කොළඹ නගරයේ ප‍්‍රශ්න අපි අවබෝධ කරගෙන තිබුණා. මංමාවත් සකස් කිරීම ඇතුළු විශාල වෙනසක් ඇති අපි කොළඹ කේන්ද්‍ර කරගෙන ඇති කළා.

දේශපාලන වාසිදායක කතා කරනවා හැරෙන්නට මේ ආණ්ඩුවට කිසිදු දැක්මක්, සැලැස්මක් නැහැ. විවිධ ආයතන අපි එදා කෝට්ටේ නගරයට ගෙන ආවා. මේ රජය පාර්ලිමේන්තුව පමණක් නොව ජනතාවත් මුලා කරමින් සිටිනවා. අද ඔවුන් වැරදි මත ඉදිරිපත් කරමින් සිටිනවා. අපි එදා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම ලෙස භාවිතා කළා. මේ රට සංවර්ධනය කළේ රාජ්‍ය සේවකයන්. වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම පළිගත්තා. එදා රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දුන්නා. පිටරට උපදේශකයන් නිසා නෙමෙයි මේ රට සංවර්ධනය කළේ.

නමුත් අද රාජ්‍ය නිලධාරීන්ට වැඩක් කරන්න බැහැ. නොබියව, නිදහසේ තීන්දු ගන්න බැහැ. අද රට කඩාවැටිලා තිබෙන්නේ ඒ නිසයි. අ¥රදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම හේතුවෙන් ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවකට රැුකියා අහිමි වුණා. ආණ්ඩුවේ අකාර්ක්‍ෂමතාව, නොහැකියාව වසා ගන්න රාජපක්‍ෂ ආණ්ඩුවට බැනබැන ඉන්නවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය ආර්ථිකය දියුණු කළේ, රට සංවර්ධනය කළේ යුද්ධයක් තිබියදී. ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කළා. ආර්ථිකය මෙහෙයවන්න හැකි පුද්ගලයන් එතුමා වටා සිටියා. මේ රජය ඉදිරියට යන්නේ දේශපාලන පළිගැනීම්වලින් පමණයි. ඒ හේතුව නිසයි අද රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

– චාමින්ද කරුණාරත්න

Related Images:

යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්

යුද්දෙට ගියේ නැත්නම් මං දොස්තර කෙනෙක්… කරුණා අම්මාන්

සිංහල දෙමළ කෝලාහලය එක්දහස් නවසිය අසූ තුන වසරේ පටන් ගන්නා විට අපි කුඩා දරුවෝය. එහෙත් මිනිසුන් විඳි පීඩා දැක තිබුණේ කොළඹ නගරයට ආසන්නව පදිංචිව සිටි බැවිනි. ඉන් පසුවද තැන තැන බෝම්බ පුපුරන විට උතුරේ දකුණේ මිනිසුන් ත්‍රස්ත ප්‍රහාරවලින් මිය යන විට, ඇයි මෙහෙම වෙන්නේ යන ප්‍රශ්නය හිතට නැඟිණි. මේවාට වගකිවයුතු යැයි සිතෙන චරිත අද බොහෝමයක් ජීවතුන් අතර නැත . ඒ චරිත හමු වන්නේ නම් අසන්නට ප්‍රශ්න ද ඇත.

කලක් LTTE සංවිධානයේ ප්‍රබලයකු වූ පසු කලෙක ක්‍රියාකාරි දේශපානයට ද පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එවන් චරිතයකි. පසුගිය දිනෙක ඔහු හමු වූයේ මා මිත්‍රයකුගේ සහායෙනි. කලක් තිස්සේ සිතේ තිබු ප්‍රශ්න කිහිපයක්ම ඔහුගෙන් අසන්නට ලැබිණි. මේ ඔහු කියූ දෑය. ඔහු අපට හමු වූයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියගේ නි‍ෙවසේදීය.

බැලූ බැල්මටම ඉතා සන්සුන් දිවියක් ගත කරන්නේ යැයි හැඟෙන සරල පෙනුමක් ඔහු වෙත ඇත.

ඔබ දකුණේ කෙනෙක් ද.

නැහැ මම නැඟෙනහිර කෙනෙක්. නමුත් මගෙ සීයා දකුණේ ධීවරයෙක්. මට ඔහුගේ නම මතක නැහැ. මගෙ තාත්තාගේ උපන් ගම මඩකලපුව කිරාන්. මම උපන්නෙත් ඒ ගමේමයි . මගේ තාත්තා විනයාගම්මූර්ති. ඔහු පෝඩියාර් කියලා තමයි කවුරුත් ඔහුට කිව්වේ. ඔහුට ඉඩකඩම් තිබුණා. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හත් දෙනයි. මම තමයි බාලයා. අපේ පවුලේ පස් දෙනෙක්ම විදුහල්පතිවරු. මට ලස්සන ළමා කාලයක් තිබුණා. පාසලේ නිවාඩු දුන්නම හැම සති අන්තයකම මම ගෙදර ආවා. ඒ ආපුවාම මට තාත්තා පස්සෙන් කුඹුරුවල ඇවිදින්න කැලේ ඇවිදින්න යන්න අවස්ථාව ලැබුණා. ඒ ජීවිතය හරිම සුන්දරයි. මම මුලින්ම ඉගෙන ගත්තේ කිරාන් මහා විද්‍යාලයේ . ඉන් පසුව තමයි මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මම පුංචි කාලේ ඉගෙන ගන්න හරි ආසයි. ඒ වගේ ම ඉගෙනීමට දක්ෂයි. මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. මට ඕන වුණේ විශ්ව විද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙන්න.

වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙන හිටපු ඔබේ ගමන වෙනස් වුණේ කොහොම ද?

1983 දෙමළ සිංහල කෝලාහලයත් සමඟ තමයි මගේ හැම හීනයක්ම බිදිලා ගියේ. දෙමළ සිංහල කෝලාහල දවස් වල අපේ ගෙදර ලොකු කල්දේරම් වල මිනිස්සු කෑම උයනවා. කොළඹ ඉන්න නෑයෝ ඇවිල්ලා .ඒ ගෝලෝ බොහෝම දුකෙන් කතා කරන්නේ. මම තාත්තාගෙන් ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එවිට තාත්තා මට කිව්වා කොළඹ කලබල. මේ ඇවිල්ලා ඉන්න අයගේ සමහර ඥාතීන් ඒ කලබලවලින් මැරිලා කිව්වා. ඇවිල්ලා හිටපු නෑයොත් ඒ අයට වෙච්ච කරදර කිව්වා. ඒ වෙනකොට මිනිස්සු අතර ජාතිවාදය ඇවිස්සිලා තිබුණේ. අත්පත්‍රිකා බෙදනවා. කොටි සංවිධානය කියලා එකක් තිබුණේ නැහැ.

කොහොම නමුත් සිංහල මිනිස්සු ගැන වැරදි අවබෝධයක් අපේ මිනිස්සු තුළ තිබුණා. හුඟක් උගත් තරුණයො සංවිධානයට බැඳුණා. මටත් හිතුණා පොත් පත් පැත්තකට විසි කරලා සංවිධානයට බැඳෙන්න. මම ගෙදරට හොරෙන් සංවිධානයට බැඳුණා. ඒ බැඳුණට පස්සේ එක්දහස් නවසිය අසූතුනේ නොවැම්බර් මාසයේ දිනෙක තුන්සිය දෙනෙක්ව ඉන්දියාවට යැව්වා පුහූණුව ලබන්න. මමත් ඒ තුන්සිය දෙනා අතරට අයිති වුණා. එහිදි අපිට මාස හයක පුහුණුවක් ලැබුණා. පුහුණුව අවසාන වුණාම ප්‍රභාකරන් ඉන්දියාවට ආවා. ඇවිල්ලා ඔහු අපිව හමු වුණා. ඔහු කමයි මාව ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස තෝරා ගත්තේ. පසුව මට මඩකලපුව අම්පාර බාර දුන්නා.

ඔබ සටන් කළේ කුමක් සඳහා ද?

කොටි සංවිධානය සටන් කළේ වෙනම රාජ්‍යයක් සඳහා. ඒ වෙනම රාජ්‍ය ලබා ගැනීමේ සටනේ දි මට සටන තිබුණේ හමුදාව සමඟ විතරයි. මුල් කාලේ අපි ත්‍රස්තවාදින් නොවෙයි. හැම විටම අප සටන් කළේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා. ඉන්දියාව මේ කටයුත්තට මුල ඉඳලම උදව් කළ නිසා අපි හිතුවා අපිට මේ සටන ඉක්මනින් ජය ගන්න පුළුවන් කියලා. නමුත් පහුවෙන කොට ආණ්ඩුවයි කොටි සංවිධානයයි දෙකම සිවිල් යුද්ධයකට පැටලුණා.

අයිතිවාසිකම් දිනා ගන්න සටන් කළා නම් කොටි සංවිධානය සිවිල් ජනතාව මැරුවේ ඇයි.?

රට වටේ බෝම්බ පුපුරවන කොට සංවිධානය හිතුවා උතුරු නැඟෙන හිර ඉන්න හමුදාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා රටේ අනෙක් පැති වලට යවයි කියලා. නමුත් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. ඒ වෙන කොට ප්‍රභාකරන් මුහුදු කොටි, මරාගෙන මැරෙන ටීම්, බ්ලැක් ටයිගර් ටීම් හදලා තිබුණේ. මේවාට බැදුණ අය ඉදිරියට ආවේ තම ජාතිය වෙනුවෙන්. ඔවුන් වැටුප් ඉල්ලුවේ නැහැ. නමුත් සංවිධානයේ අය විවාහ වුණාම ඒ අයගේ පවුල් පිටින් නඩත්තු කළේ සංවිධානය. සංවිධානයේ සාමාජිකයන්ට කෑම බීම ඇඳුම් බෙහෙත් සියල්ල ලබා දුන්නා. දෙමළ ඩයස්පෝරාවෙන් සංවිධානයට සල්ලි ලැබුණා. පිට රට ඉන්න අය සල්ලි එව්වා. සංවිධානය ආයුධ ගත්තේ ඒ ලැබුණ සල්ලි වලින්.

අයිතීන් ඉල්ලන්න සටන් කළාට මිනිස්සු මරන කොට ඔබට මොකද හිතුණේ.

සංවිධානයේ හිටපු සමහර ලීඩර්ස්ලාට ප්‍රශ්නයක් තිබුණා. සිවිල් වැසියෝ ඝාතනය කරන එක ගැන. මේ සටනෙදි උතුරේ බොහෝ අය යුද්ධයට පිට රට සිට සල්ලි එව්වා. නමුත් නැඟෙනහිර අය තමයි මැරුණේ . පීඩාවට පත්වුණේ. දෙපැත්තෙම අය මැරෙන කොට කලකිරීමක් ඇති වුණා. වරින් වර සාම සාකච්ඡා තියන කොට මට හිතුණා ඒ ක්‍රමය හරි කියලා. නමුත් සාම සාකච්ඡා තියෙන කාලයට වූණේ කොටි ආයුධ වලින් සන්නද්ධ වෙන එක.

එක් වරක් අලිමංකඩ ප්‍රහාරයේදී ආණ්ඩුව පස්සට ගියා. විටින් විට හිටපු ජනාධිපතිවරුන් සමඟ මේ යුද්ධය නවත්වන්න සාකච්ඡා පැවැත් වුණා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. මම ප්‍රභාකරන්ට කිව්වා අපි දේශපාලන විසඳුමකට යමු කියලා. ඒත් එයාට ඒක තෙරුම් ගන්න බැරි වුණා.

දෙපැත්තෙම මිනිස්සු මැරෙන කොට මට කලකිරුණා. මට හිතුණා අපි එක රටේ මිනිස්සු මේකට විසඳුමක් ඕන කියලා. ඒ වෙනකොට ඇන්ටන් බාලසිංහම්ටත් එහෙම හිතිලා තිබුණේ. මම අශෝක රජ්ජුරුවෝ ගැන පොත පතින් කියවලා තිබුණේ. යුද්ධ කළාට ඔහුට ලැබුණ දෙයක් නැහැ. මම ඇන්ටන් බාලසිංහම්ටත් කිව්වා අපි සාමයට කැමතියි කියලා අත්සන් කරමු කියලා. ප්‍රභාකරන්ට කිව්වට ඔහු තේරුම් ගත්තෙම නැහැ. සාම කතාවලට ප්‍රභාකරන් ආවේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ බේරි බේරි කොහොම හරි යුද්ධ කරන්න. මෙතැනදි පොට්ටු අම්මාන් සහ ප්‍රභාකරන් තමයි ම්ලේච්ඡ වුණේ. සාමසාකච්ඡාවලට කැමතියි කියලා අත්සන් කරලා නොර්වේ වලින්ම ඇන්ටන් බාලසිංහම් රට ගියා. මම ලංකාවට ආවා. නමුත් මම එන විට රුද්‍රකුමාර් ප්‍රභාකරන්ට කියලා මම තමයි මේ දේට මුල් වුණේ කියලා. ඔහු මා සමඟ තරහා වුණේ එතැන් සටයි. ප්‍රභාකරන් මාව මරන්න සැලසුම් කළා. මම හිතුවා ඔහු මහත්තයාව මැරුවා වගේ මාවත් මරයි කියලා.

ඔබ සංවිධානයෙන් ඉවත් වුණා ද?

නැහැ මම මගේ කණ්ඩායමේ හයදාහක් සාමාජිකයෝ හිටියා. ඒ අයව මම නිදහස් කළා. මම ඔවුන්ට කිව්වා යන්න කියලා. ඒ ගොල්ලො කැමැත්තෙන් යන්න ගියා. මම තොප්පිගල කැලේ හැංගිලා ඉදලා පසුව පවුල සමඟ ඉන්දායාවට ගියා. ඒ වෙනකොට මම සංවිධානය අතහැරලා ආවේ. රජය මා සමඟ කතා කළා. මේ යුද්ධයට දේශපාලන විසඳුමක් ලබා දෙන්න සහාය වෙන්න හිතුවා. මගේ එකම ඉල්ලීම වුණේ මගේ දරුවන්ව ලන්ඩන්වලට යවන්න කියලා විතරයි.

කොටි සංවිධානය තුළ ආදරය කරන්න විවාහ වෙන්න පුළුවන්කමක් තිබුණ ද?

ඒක මෙහෙමයි. විවාහ වෙන්න පුළුවන් . නමුත් අනවශ්‍ය විදිහේ බැඳිම් තියා ගන්න බැහැ. දෙදෙනෙක් යාළු වුණොත් ඔවුන්ට ප්‍රභාකරන්ට දන්වලා විවාහ වෙන්න පුළුවන්කම තිබුණා. මම විද්‍යා එක්ක යාළු වුණා. ඇය දක්ෂ ක්‍රීඩිකාවක්. ඇයත් සංවිධානයේමයි හිටියේ. ඇයත් ක්‍රියාකාරී සාමාජිකාවක්. විද්‍යාට සංවිධානයෙන් දීලා තිබුණ නම තමයි නීරා. මම විවාහ වුණේ හරියටම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මරණය සිදුවුණ දවසේ. ඒ 1993 මැයි පළමු වෙනිදා. ප්‍රභාකරගේ ආශිර්වාද ඇතිව මම විවාහ වුණා.

නමුත් මට මගේ බිරිඳගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න වුණේ. ඒක මගෙ හිතට දුකක් වුණා.

ප්‍රභාකරන් මැරුණට පසු ඔහුගේ මළ සිරුර දුටුවම ඔබට මොකද හිතුණේ.

ඒ වෙන කොට මට ඔහු ගැන විශේෂයෙන් මුකුත් හිතුණේ නැහැ. අපි තරහා වෙන්න පෙර ඔහුට හිටිය විශ්වාස වන්තම කෙනා මම. මගේ අයියත් සංවිධානයේ හිටියේ. ප්‍රභාකරන් ඔහුවත් මරා දැම්මා. නමුත් මට හිතුණා මම කියපු දේ අහලා ඔහු මේ දේශපාලනික විසඳුමකට ආවා නම් අද මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ කියලා.

ඔබ දේශපානයට ආවට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වුණා ද?

ඔව් පැහැලිවම වෙනස් වුණා. මට හිතෙනවා මම මේ රටට යම් මෙහෙයක් කළා කියලා. මම සිංහල මිනිස්සු කවුද කියලා තේරුම් ගත්තේ එහෙම ආවට පස්සේ. මට මේ කා සමඟවත් වෛරයක් නැහැ. මම මගේ අමාත්‍යාංශය හරහා බේදයක් නැතිව මිනිස්සුන්ට උදව් කළා. මම ශාන්තිට පෙරේරාට මගේ පුද්ගලික ලේකම්වරිය ලෙස එන්නැයි ආරාධනය කළා. ඇය ආවා. මං හිතනවා ඇය ඒ පැමිණි ගමන අභියෝගයක් කියලා.

ඔබ දේශපාලනයට එක් වුණේ හම්බ කරන්නද?

නැහැ මම දේශපානයෙන් හම්බකරපු දෙයක් නැහැ. මගේ තාත්තාගේ දේපළ ඉඩකඩම් වලින් තමයි මම ජීවත් වෙන්නේ. මම මිනිස්සු යොදවලා කුඹුරු කරනවා. ගොවිපළ කරනවා. මට මඩකලපුවේ හෝටල් බාර් කිසිම දෙයක් නැහැ. මම දේශපාලනයට සම්බන්ධ වුණේ හම්බ කරන්න නෙමෙයි.

ඔබ මොනවා කිව්වත් දකුණේ මිනිස්සු ඔබත් එක්ක තරහින් හිටියේ. නුවර දළදා මාලිගාවට කළ ප්‍රහාරය, ජයසිරි මහා බෝධි ප්‍රහාරය, මිනිසුන් කම්පාවට පත් කළා. මිනිස් ජීවිත සිය ගණනින් නැති වුණා. සුංගාවේලි වගේ ප්‍ර දේශවල අය කියන්නේ කරුණගේ අය ඇවිල්ලා ඔවුන්ගේ ඥාතින් මැරුවා කියලා. පුජනීය ස්ථාන වලට පහර දෙමින් මිනිසුන් මරමින් සොයපු රාජ්‍යය කුමක්ද?

මට බෞද්ධ සිද්ධස්ථානවලට පහර දෙන්න ඕන වුණේ නැහැ. සිවිල් ජනතාව මරන්න ඕන වුණේ නැහැ. නමුත් මේ හැම ම්ලේච්ඡ දෙයක්ම කෙරුවේ ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස. නමුත් ඒ හැම එකක්ම ඔවුන් මා සහ මගේ පිරිස කරන බවයි පැතිරුවේ.

දැන් ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොම ද?

අවුරුදු දාහතකට පසුව මගේ බිරිඳ හා දරුවෝ ලංකාවට අවා. දියණියන් දෙදෙනාම වෛද්‍යවරියන් . බිරිඳ ඉංජිනේරුවරියක්. මම ගොවිපළ කරගෙන ඉන්නවා. මම කැමතියි සංගීතය රසවින්න. ගීත ගයන්න. මම කැමතිම ගීතය තමයි ‘මේ නගරය ඔබ මා‘ ගීතයට. මගේ තරුණ කාලේ සංවිධානයට හිරවෙලා තිබුණේ. ජීවිතය වින්දේ නැහැ. සංවිධානය ඇතුළේ දැඩි විනයක් තිබුණේ. අවුරුදු හතලිහ වන තුරුම මම මත්පැන් බීලා තිබුණේ නැහැ. නමුත් පාර්ලිමන්ට් අවාට පසුව තමයි එයට හුරු වුණේ. මං කැමතියි බොහෝම නිදහසේ ඉන්න. ගමේ විදිහට උයාගෙන කාලා පාඩුවේ ජීවත් වෙන්න. පාර්ලිමේන්තු ආවට පස්සේ මට හිතේ චකිතයක් තිබුණා.

සිංහල මිනිස්සු කොයි විදිහට මාව පිළිගනීද කියලා. නමුත් මගේ පුද්ගලික ලේකම්වරිය ශාන්ති හා ඇගේ පවුලේ අය මාව ඒ කොටු වෙලා සිරවෙලා හිටිය ජීවිතයෙන් මුදා ගන්න උදව් කළා. ඔවුන් මාව සංගීත ප්‍රසංග බලන්න එක්ක ගියා. කලාව රස විදින්න හුරු කළා. මට දැනෙනවා මම හුඟක් වෙනස් වුණා කියලා. දැන් මට පුංචි දරුවෝ එක්ක දවස ගත කිරීමත් සතුටක්. ගහකොළ පරිසරය සමඟ රැදෙන එක සතුටක්.

ඔබේ පවුලේ අය කොහොම ද?

යම් දිනෙක මගේ බිරිඳ දරුවෝ ලංකාවට පදිංචියට ඒවී. ඒ එනතුරු මම මේ විදිහට ඉන්නවා. මගේ සහෝදර සහෝදරියෝ හොඳින් ඉන්නවා. අම්මා තාත්තා නම් දැන් ජීවතුන් අතර නැහැ. මං හිතනවා මගෙ අම්මා හැමදාම මං ගැන දුක් විදින්න ඇති කියලා හිතෙන්. සංවිධානයට බැදනම ගෙදර යන්න ලැබුණේ නැහැ. මං තොප්පිගල ඉන්නකොට අම්මා හා පවුලේ අය ඇවිත් මාව බලලා යනවා.

යුද්ධය ගැන අද මොකද හිතෙන්නේ?

යුද්ධය කියන්නේ හරි අපරාධයක්. දැන් මේ රටේ මිනිස්සු සමඟියෙන් ජීවත් වෙනවා. මම විශ්වාස කරනවා දැන් කවුරු යුද්ධයක් පටන් ගත්තත් දෙමළ මිනිස්සු ඒකට කැමති වෙන්නේ නැහැ. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙත්. තවමත් යුද්ධය වෙනුවෙන් කෑ ගහන්නේ දෙමළ ඩයස්පොරාව පමණයි. ප්‍රභාකරන් යථාර්ථය තේරුම් ගත්තා නම් මේ රටේ යුද්ධය ඉවර වෙලා ගොඩක් කල්. කොහොම වුණත් මේ තියෙන සංහිඳයාව ගැන මම සතුටු වෙනවා.

ඉනෝකා සමරවික්‍රම
සිළුමිණ
දේශපාලනය

Related Images: