ජපානයේ කුබෝ විහාරස්තානය

ජපානයේ කුබෝ විහාරස්තාන සංචාරයේ පළමු දින
ජපානයේ ඇති ප්‍රධානතම විහාරයක් ලෙස මහත් පිළිගැනීමක් ඇති කුබෝ විහාරයයේ විහාරාධිපති නාහිමියන්ගේ ආරාධනාව පිළිගත් රාජපක්ෂ මැතිතුමා කොබෝ විහාරායට ජුනි මස 13 වෙනි දින සවස වරුවේදී පැමිණ, එහි පැවැත්වුණු පූජාවට සහභාගී විය. ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිඋත්කර්ෂවත් අන්දමින් 1000 ආසන්න ජපන් ජාතික සැදෑහැවතුන් පිළිගන්නා ලදී. රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහලම පිළිගැනීම සිදු කරමින් එතුමන් ආසියාවේ සිංහයා ලෙස පිළිගැනීමට ලක් කරන ලදී. ඒ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටය ඉන් පසු එහි ප්‍රධාන ශාලාව, ඝන්ටාරය, සම්මන්ත්‍රණශාලාව ආදී සියලුම ස්ථානරාජපක්ෂ මැතිතුමා නරඹන්න ලදී. උත්සවාකාරයෙන් සංවිධානය කර තිබු මෙම උදාර පුණ්‍ය කර්මයට පැමිණි සියලු ජපන් ජාතික සැදෑහැවතුන්ගේ ප්‍රාර්ථනය වුයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ලක්‍‍ජනයා එක්රැස් කර නැවතත් රටේ ආදරණීය නායකයන් ලෙස රට සතුරු උවදුරු වලින් ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කරා රැගෙන යාමට සියලුම බාදක දුරු වේවායි. කුබෝ විහාරාධිපති නාහිමියන් විශේෂ සදහන් කරන ලද්දේ රට ජාතියේ පිනටම ලක්වැසියන් ලැබුණු මෙම ජනනායකයා ආරක්ෂා කිරීම ඔබ අපි සැමගේ යුතුකමකි. බුදුදහමේ සඳහන්ව ඇති පරිදි රටෙහි අධර්මිෂ්ඨ නායකත්වයක් නිසා අද ලංකාදීපයේ ගංවතුරු උවදුරු, නායයෑම්, හදිසි ගිනිගැනීම් වැනි නොයෙක් උවදුරු දැක ගැනීමට ලැබීම කනගාටුදායක කරුණකි. ඒ සියලු දේ දුරුවීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකත්වය නැවතත් අවශ්‍ය බව පැවසීය. ඒ සඳහා තමන්ට කර හැකි උපරිම සහයෝගය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටියේය.
මෙම සංචාරයට එකතුවූ දුත පිරිස අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමා, රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ඇතුලත් ලාංකික වෙළද මහතුන් ඇතුළු පිරිස විය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/06/E69T9833-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}