ජර්මනිය සමග සාමයක් ඇති කළ බ්‍රෙස්ට්ලිටොස්ක් ගිවිසුම
1905 රුසියානු විප්ලවයඔවුන් ලැබූ පරාජය හේතුකොට ගෙන රුසියාවේ විවිධ ප්‍රදේශවල නගරබද කැරලි ඇති විය. ගොවි ජනතාව ඉඩම් හිමියන්ගේ නිවෙස් ගිනිබත් කළහ. ජනතාවගේ දුක් ගැනවිලි අඩංගු පෙත්සමක් සාර්වරයාට දීීම සඳහා රජමාලිගාව වෙත පැමිණි පෙළපාලියට සාර්වරයාගේ රාජකීය මුරකරුවෝ වෙඩි තැබූහ. මේ හේතුවෙන් මිනිසුන් සිය ගණනක් මැරී වැටුණහ. සිය ගණන් මරණයට පත් වූ බව ඇසූ නගරවල වැඩ කරන කම්කරුවෝ වර්ජනයක් ආරම්භ කළෙය. මේ හේතුව නිසා රටපුරා ව්‍යාප්ත වූ අර්බුදකාරී තත්ත්වයට බිය වූ සාර්වරයා අවසානයේ දී යටත් විය. පොදු ජනතාවගේ ඉල්ලීම වූ කතා කිරීමේ නිදහස , පුවත්පත් නිදහස , රැස්වීම් පැවැත්වීමේ නිදහස ආදිය හඳුන්වා දුන්නේය. ඔහුගේ වැදගත්ම පියවර වූයේ රුසියානු පාර්ලිමේන්තුව (ඩුමාව ) සඳහා නියෝජිතයන් පත් කිරීමට මැතිවරණයක් පවත්වන බවයි. එහෙත් ඈත පෙරදිග සටනට ගිය හමුදාව නැවත පැමිණීමත් සමඟ ඔහුගේ පොරොන්දුව කඩකර දමන ලදී. නැවතත් පීඩාකාරී පාලනය ආරම්භ කළේය.ඩුමාව විසින් ලිබර්ල් වාදි ප්රතිසංස්කරණයක් අවශ්‍ය බව ඉල්ලා සිටි විට එය සාර්වරයා විසින් විසුරුවා හරින ලදී. මැතිවරණ නීති රීති සංශෝධනය කර (රාජ්‍යපාක්ෂික පිරිසක් බලයට පත් වන අන්දමට ) එය සකස් කරන ලදී . එපරිද්දෙන් 1905 විප්ලවය අසාර්ථක විය. පළමු වන ලෝක යුද්ධයට රුසියාව සම්බන්ධ විය. රුසියානු සොල්දාදුවන්ට යුද පෙරමුණේ දී කිසිම ප්‍රගතියක් පෙන්විය නොහැකි විය. මනාව ආයුධ සන්නන්ධ නොවූ නුපුහුණු ගොවින් යුද පෙරමුණට යැවීමෙන් සිදු වූයේ ජර්මන් හමුදාව අතින් මරුමුවට පත්වීම පමණි.
1917 රුසියානු විප්ලවයරුසියාවේ ජනතාව අවුරුදු ගණනක් සටනින් සහ අතිශයින් විනාශකාරී වූ යුද්ධයකින් පසුව යුද්ධය අවසන් වන්නට පෙර ස්වයං කේන්ද්‍ර වූ සාර් ආණ්ඩුව පෙරළා දමා තිබුණි. එක් කණ්ඩායමක් සමූහාණ්ඩුවක් පිහිටුවීමට වෑයම් කළහ. ලෙනින් නම් වූ පුද්ගලයකු විසින් තනිව මෙහෙයවන ලද කණ්ඩායමක් බලය අල්ලා ගත්තේය. ඔහු “ සාමය , කෑම සහ ඉඩම් “” දීමට පොරොන්දු වූයේය.ලෙනින් , කාල්මාක්ස්ගේ ඉගැන්වීම අනුගමනය කළ ශිෂ්‍යයන් අතරින් කෙනෙක් විය. ධනේශ්වර ක්‍රමය , එනම් කර්මාන්ත ශාලා , ගොවිපළවල් , දුම්රිය මාර්ග සහ පතල් ආදිය , පුද්ගලයන්ට අයත් ව ඔවුන්ට ලාභ උපදවන අතර , අනිකුත් අය ඔවුන්ට වැටුප්වලට සේවය කරන පුද්ගලික ධනෝපායන ක්‍රමය ලෝකයේ ප්‍රධානතම ආදීනවය යයි කාල්මාක්ස් කල්පනා කළේය. සියලුම නිෂ්පාදන මාර්ග රජයට අයත් විය යුතු යයි ද ඔවුනොවුන්ගේ අවශ්‍යතාවන් අනුව රැකබලා ගත යුතු වු සියලු ම ජනයාගේ ප්රායෝජනය සඳහා ඒවා පාලනය කළ යුතු යයි ද ඔහු විශ්වාස කළේය. මේ ක්‍රමයට සමාජවාදය යයි කියනු ලැබේ.රුසියාවේ සෝවියට් සමූහාණ්ඩුවක් පිහිට වූ ලෙනින් 1918 දී බ්‍රෙස්ට්ලිටොස්ක් ගිවිසුම අත්සන් කොට ජර්මනිය සමඟ සාමයක් ඇති කර ගත්තේය. සිවිල් යුද්ධයක් සහ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සාගින්නෙන් මැරුණු භයානක සාගතයක් මැදින් ලෙනින් සහ ඔහුගේ අනුගාමිකයෝ නොසෙල් වී තමන්ගේ සටන නොහොත් විප්ලවය ඉදිරියට ගෙන ගියහ. ඔවුහු කර්මාන්ත ශාලා , දුම්රථ මාර්ග , සියලුම වානිජ ව්‍යාපාර සහ ප්‍රභූවරුන්ගේ විශාල වතු ජනසතු කළහ.
ලෙනින්ගේ මුල්කාලීන කි‍්‍රයාමාර්ග වලට කුපිත වූ ධනවත්තු කලබල ඇති කළහ. ලෙනින් රතු හමුදාවේ ආධාර ද ඇතුව එම විරෝධතා මර්දනය කළහ. 1921 වන විටත් රටේ ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් නොකළේය.රුසියාවේ විශාල ප්‍රදේශයකට දරුණු නියඟයක් ඇති විය. මෙයින් මිලියන ගණන් ජනතාව විනාශ වී ගියේය. ලෙනින්ගේ නායකත්වයෙන් වූ බෝල්සේවික් රජයේ අනාගතය අඳුරු බවක් දක්නට තිබුණි.කඩා වැටී තිබූ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ලෙනින් නව ආර්ථික ප්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කළේය. නව ආර්ථික ප්‍රතිපත්තිය වූයේ මිශ්‍ර ආර්ථිකය ඳුන්වා දීමයි. 1923 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද කෙටුම් පත් කළේය.ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් සහ ටේරාට්ස්කි අතර බලය ලබා ගැනීමට ප්‍රබල අරගලයක් ඇති විය. අවසානයේදී ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කර ස්ටාලින් නායකත්වය ලබා ගත්තේය.සාමූහික ගොවිපළවල් , කර්මාන්ත ශාලා , විදුලිබල මධ්‍යස්ථාන මුළුමනින් අලුත් නගර ගොඩ නැගීම සඳහාත් , නොදියුණූ සෝවියට් දේශය බටහිර ලෝකයේ මට්ටමට දියුණු කර, ස්වාධීන රාජ්‍යයන් වශයෙන් පිහිටුවීමටත් පස් අවුරුදු සැලැස්මක් ස්ටාලින් සකස් කළේය.තද පාලකයකු ස්ටාලින් රටේ පාලනය භාරගත් තැන සිට මිනිසුන් කිසිඳු විභාගයක් නොමැතිව හිර ගෙදරට ගෙන යාම , සාමාන්‍ය සිදුවීමක් විය.