හිටපු ජනධිපති තායිලන්තය සංචාරය 1

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තය සංචාරය
තායිලන්තයේ උඩන් තානි නගරයේ බෞද්ධ සංවිධානයේන් ලැබුණු විශේෂ ආරාධනාව පිළිගෙන, අප්‍රේල් 23 දා දහවල් 12.20 ට UL890 ශ්‍රීලන්කන් ගුවන්යානාවෙන් තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරයේ ස්වර්ණභූමි ගුවන්තොටුපලට ගොඩබැස්සේය. එහිදී තායි රාජ්‍ය නිලධාරීන් හා ශේනුකා සෙනෙවිරත්න, ශ්‍රීලංකා තානාපතිනිය විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී. පසුව පැමිණි සිටි විශේෂ නියෝජිතයන් සමග ප්‍රභූ ශාලාවතුල සිදුකල කෙටි සාකච්ඡාවෙන් පසුව, කිලෝමීටර් 560 නුදුරින් පිහිටි උඩන් තානි නගරය බලා ගුවන්ගතවිය.
තායි ගුවන් සමාගමේ WE-6 ගුවන්යානාවෙන් සවස 4ට උඩන් තානි නගරයට සම්ප්‍රාප්ත වු රාජපක්ෂ ජනාධිපතිතුමාව ඉතා හරසර තායි ජාතිකයන් විසින් පිළිගෙන සෙන්තාරා හෝටලය කරා කැදවාගෙන ගියේය.
එදින රාත්‍රී 7ට, තායි බෞද්ධ සම්ප්‍රදායයින්ට අනුව ධාතුන් වහන්සේලා වැඩමවීමේ මහා පිංකම පැවැත්විය. ආකර්ෂමත් පෙරහැරකින් වැඩමවු ධාතුන් වහන්සේලා, පන්සල් භූමියේදී රාජපක්ෂ මැතිතුමා නමස්කාර පූර්වකව පිළිගෙන ධර්මශාලාව කරා වැඩමවා සියලු ආගමික වතාවත්වල නිරත විය.

තායිලන්තය ගැන කෙටියෙන්

කිසිදු යුරෝපීය ආක්‍රමණයකට ගොදුරු නොවූ, රජවරයෙක් ප්‍රධානත්වය දරන, එහෙත් ව්‍යවස්ථාවක් මගින් පාළනය කරන රාජ්‍යයක්. ආසියාතිකයන් වශයෙන් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. මෙහි දැන් සිටින නවවැනි රාමා රජතුමා 1946 සිට පාලනය ගෙන යයි. කිසිවකුගේ විරෝධයක් ඒ ගැන නැත. රජතුමාගේ දැවැන්ත ඡායාරූප සියළුම ස්ථාන වල දැක ගත හැක. එහෙත් මෙම රාජ්‍යය අශෝක අධිරජ්‍යයා විසිනි ආක්‍රමණය කරන ලද අතර එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට ථේරවාදී බුදු දහම සහ සංස්කෘතියක්ද දායාද විය. වරෙක ශ්‍රී ලංකාවට උපසම්පදාව තායිලන්තයෙන් ලැබුන බවද අසන්නට ලැබෙයි. එවකට එය සියමය ලෙස හඳුනා ගනු ලැබූ අතර, තවමත් බුදු දහම ආශ්‍රිත, පාලි සහ සංස්කෘත වචන වලින් බිඳී ආ වචන අසන්නට ලැබේ. තායිලන්ත ලෝකයේ අංක එකේ සහල් අපණයන කරුවාය. ඔවුන්ට පසුගිය කාලයේ ස්වභාවික මෙන්ම දේශපාලන අවපාතයන්ට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ගංවතුරක් ගැළු සේයාවක් හෝ දේශපාළන අස්ථාවර භාවයන්(රතු සහ කහ කමිස කරුවන්ගේ වීදි සටන්) නිසා සිදු වු කිසිදු දේපල හානියක් අද බැංකොක් නුවර දකින්නට නැත. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 2400 කටත් වඩා ඈතින් පිහිටියද අතීතයේ සිට ඉතා කිට්ටු සබඳතාවක් අප හා තායිලන්තය අතර ඇත. තායිලන්තයේ 80%කට වඩා තායි ජාතිකයින්ද, 14% චීන ජාතිකයන්ද, 3%ක් මැලේ ජාතිකයන්ද වෙසෙන අතර 95%ක් අදහන්නේ බුදු දහමයි.

 

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}