හිටපු යුක්රේනියානු ජනාධිපති හමුවීම

හිටපු යුක්රේනියානු ජනාධිපති ලියොනිඩ් කුච්මා මැතිතුමා සමග 28.09.2016 දින හමුවීම. 
යුක්රේනියාවේ දැනට රට පාලනය කල ජනධිපතිවරු පස්දෙනාම මා දන්නා නමුත් තුන්දෙනෙකු සමගින් වැඩකිරීමට අවස්ථාව ලැබුණි. මම තනාපති ලෙස 2006 වර්ෂයේ අක්තපත්‍ර පිරිනමනු ලැබුවේ වික්ටර් යුශේන්කෝ ජනධිපතිතුමාටයි නමුත්, ඔහුට සාර්ථකව නායකයකු වීමට නොහැකි විය. වික්ටර් යනුකොවිච් සහ ලියොනිඩ් කුච්මා දෙදෙනා සමග ඉතා ළග සම්බන්දතාවය ගොඩනැගීමට මට පුලුවන් විය. ලියොනිඩ් කුච්මා මැතිතුමා, එදත් අදත් මට ගොඩක් උදව් කරනවා වගේම, මා ඉතාමත් ආදරය කරන ජනාධිපතිවරයෙකි. යහපාලනය ආණ්ඩුවේන් ඇති වී ඇති කරදර ගැන 28.09.2016 දින, ඔහුගේ කාර්යාලයෙදී දීර්ඝ ලෙස කරුණු පහදාදීමට මට අවස්ථාවක් ලැබුණි. මා හට යුක්රේනියාව ඇතුලත කිසිදු කරදරයක් නොවීමට ඔහු වගබලා ගන්නා බවට පොරොන්දු වීම ඉතා සතුටට කරුණකි. එපමණක් නොව ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය සහයෝගය නොපිරිහෙලා ඉටුකරන බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. යුක්රේනියාවේ අභ්‍යන්තර ගැටුම් නතර කිරීමේ මින්ස්ක් සකච්ඡාවේ මූලිකත්වයෙන් වැඩකරන්නේ කුච්මා මැතිතුමාය. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ දැනට සටන් විරාමය ගිවිසුම සාර්ථක වී ඇති බැවින්ද සුබදායි ප්‍රතිපලය ලබා ගැනීමට දෙපාර්ශවයටම සම්පුර්ණ සහයෝගය දක්වන බවයි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයයේන් ශ්‍රී ලංකාවේ යුද්ධය නතර කිරීමට හැකිවීම පිළිබඳ කුච්මා මැතිතුමා නැවත නැවතත් අප ජනපතිගේ නායකත්වය ඇගයීමට ලක් කළේය. ස්වාධීන යුක්රේනයේ දෙවන ජනාධිපති ලෙස ලියොනිඩ් ධනිලොවිච් කුච්මා මැතිතුමා, 1994 සිට 2005 දක්වා කාලයේදී ඉතා සාර්ථකව රට පාලනය කළේය.

Related Images:

ගිම්හාන නිවාඩුව ජර්මනියේ..

ජර්මනිය සමග සාමයක් ඇති කළ බ්‍රෙස්ට්ලිටොස්ක් ගිවිසුම

1905 රුසියානු විප්ලවයඔවුන් ලැබූ පරාජය හේතුකොට ගෙන රුසියාවේ විවිධ ප‍්‍රදේශවල නගරබද කැරලි ඇති විය. ගොවි ජනතාව ඉඩම් හිමියන්ගේ නිවෙස් ගිනිබත් කළහ. ජනතාවගේ දුක් ගැනවිලි අඩංගු පෙත්සමක් සාර්වරයාට දීීම සඳහා රජමාලිගාව වෙත පැමිණි පෙළපාලියට සාර්වරයාගේ රාජකීය මුරකරුවෝ වෙඩි තැබූහ. මේ හේතුවෙන් මිනිසුන් සිය ගණනක් මැරී වැටුණහ. සිය ගණන් මරණයට පත් වූ බව ඇසූ නගරවල වැඩ කරන කම්කරුවෝ වර්ජනයක් ආරම්භ කළෙය. මේ හේතුව නිසා රටපුරා ව්‍යාප්ත වූ අර්බුදකාරී තත්ත්වයට බිය වූ සාර්වරයා අවසානයේ දී යටත් විය. පොදු ජනතාවගේ ඉල්ලීම වූ කතා කිරීමේ නිදහස , පුවත්පත් නිදහස , රැස්වීම් පැවැත්වීමේ නිදහස ආදිය හඳුන්වා දුන්නේය. ඔහුගේ වැදගත්ම පියවර වූයේ රුසියානු පාර්ලිමේන්තුව (ඩුමාව ) සඳහා නියෝජිතයන් පත් කිරීමට මැතිවරණයක් පවත්වන බවයි. එහෙත් ඈත පෙරදිග සටනට ගිය හමුදාව නැවත පැමිණීමත් සමඟ ඔහුගේ පොරොන්දුව කඩකර දමන ලදී. නැවතත් පීඩාකාරී පාලනය ආරම්භ කළේය.ඩුමාව විසින් ලිබර්ල් වාදි ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ඉල්ලා සිටි විට එය සාර්වරයා විසින් විසුරුවා හරින ලදී. මැතිවරණ නීති රීති සංශෝධනය කර (රාජ්‍යපාක්ෂික පිරිසක් බලයට පත් වන අන්දමට ) එය සකස් කරන ලදී . එපරිද්දෙන් 1905 විප්ලවය අසාර්ථක විය. පළමු වන ලෝක යුද්ධයට රුසියාව සම්බන්ධ විය. රුසියානු සොල්දාදුවන්ට යුද පෙරමුණේ දී කිසිම ප‍්‍රගතියක් පෙන්විය නොහැකි විය. මනාව ආයුධ සන්නන්ධ නොවූ නුපුහුණු ගොවින් යුද පෙරමුණට යැවීමෙන් සිදු වූයේ ජර්මන් හමුදාව අතින් මරුමුවට පත්වීම පමණි.

1917 රුසියානු විප්ලවයරුසියාවේ ජනතාව අවුරුදු ගණනක් සටනින් සහ අතිශයින් විනාශකාරී වූ යුද්ධයකින් පසුව යුද්ධය අවසන් වන්නට පෙර ස්වයං කේන්ද්‍ර වූ සාර් ආණ්ඩුව පෙරළා දමා තිබුණි. එක් කණ්ඩායමක් සමූහාණ්ඩුවක් පිහිටුවීමට වෑයම් කළහ. ලෙනින් නම් වූ පුද්ගලයකු විසින් තනිව මෙහෙයවන ලද කණ්ඩායමක් බලය අල්ලා ගත්තේය. ඔහු “ සාමය , කෑම සහ ඉඩම් “” දීමට පොරොන්දු වූයේය.ලෙනින් , කාල්මාක්ස්ගේ ඉගැන්වීම අනුගමනය කළ ශිෂ්‍යයන් අතරින් කෙනෙක් විය. ධනේශ්වර ක‍්‍රමය , එනම් කර්මාන්ත ශාලා , ගොවිපළවල් , දුම්රිය මාර්ග සහ පතල් ආදිය , පුද්ගලයන්ට අයත් ව ඔවුන්ට ලාභ උපදවන අතර , අනිකුත් අය ඔවුන්ට වැටුප්වලට සේවය කරන පුද්ගලික ධනෝපායන ක‍්‍රමය ලෝකයේ ප‍්‍රධානතම ආදීනවය යයි කාල්මාක්ස් කල්පනා කළේය. සියලුම නිෂ්පාදන මාර්ග රජයට අයත් විය යුතු යයි ද ඔවුනොවුන්ගේ අවශ්‍යතාවන් අනුව රැකබලා ගත යුතු වු සියලු ම ජනයාගේ ප‍්‍රායෝජනය සඳහා ඒවා පාලනය කළ යුතු යයි ද ඔහු විශ්වාස කළේය. මේ ක‍්‍රමයට සමාජවාදය යයි කියනු ලැබේ.රුසියාවේ සෝවියට් සමූහාණ්ඩුවක් පිහිට වූ ලෙනින් 1918 දී බ්‍රෙස්ට්ලිටොස්ක් ගිවිසුම අත්සන් කොට ජර්මනිය සමඟ සාමයක් ඇති කර ගත්තේය. සිවිල් යුද්ධයක් සහ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සාගින්නෙන් මැරුණු භයානක සාගතයක් මැදින් ලෙනින් සහ ඔහුගේ අනුගාමිකයෝ නොසෙල් වී තමන්ගේ සටන නොහොත් විප්ලවය ඉදිරියට ගෙන ගියහ. ඔවුහු කර්මාන්ත ශාලා , දුම්රථ මාර්ග , සියලුම වානිජ ව්‍යාපාර සහ ප‍්‍රභූවරුන්ගේ විශාල වතු ජනසතු කළහ.

ලෙනින්ගේ මුල්කාලීන කි‍්‍රයාමාර්ග වලට කුපිත වූ ධනවත්තු කලබල ඇති කළහ. ලෙනින් රතු හමුදාවේ ආධාර ද ඇතුව එම විරෝධතා මර්දනය කළහ. 1921 වන විටත් රටේ ආර්ථිකයේ ප‍්‍රගතියක් පෙන්නුම් නොකළේය.රුසියාවේ විශාල ප‍්‍රදේශයකට දරුණු නියඟයක් ඇති විය. මෙයින් මිලියන ගණන් ජනතාව විනාශ වී ගියේය. ලෙනින්ගේ නායකත්වයෙන් වූ බෝල්සේවික් රජයේ අනාගතය අඳුරු බවක් දක්නට තිබුණි.කඩා වැටී තිබූ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ලෙනින් නව ආර්ථික ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කළේය. නව ආර්ථික ප‍්‍රතිපත්තිය වූයේ මිශ‍්‍ර ආර්ථිකය ඳුන්වා දීමයි. 1923 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද කෙටුම් පත් කළේය.ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් සහ ටෙ‍්‍රාට්ස්කි අතර බලය ලබා ගැනීමට ප‍්‍රබල අරගලයක් ඇති විය. අවසානයේදී ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කර ස්ටාලින් නායකත්වය ලබා ගත්තේය.සාමූහික ගොවිපළවල් , කර්මාන්ත ශාලා , විදුලිබල මධ්‍යස්ථාන මුළුමනින් අලුත් නගර ගොඩ නැගීම සඳහාත් , නොදියුණූ සෝවියට් දේශය බටහිර ලෝකයේ මට්ටමට දියුණු කර, ස්වාධීන රාජ්‍යයන් වශයෙන් පිහිටුවීමටත් පස් අවුරුදු සැලැස්මක් ස්ටාලින් සකස් කළේය.තද පාලකයකු ස්ටාලින් රටේ පාලනය භාරගත් තැන සිට මිනිසුන් කිසිඳු විභාගයක් නොමැතිව හිර ගෙදරට ගෙන යාම , සාමාන්‍ය සිදුවීමක් විය.

Related Images:

ගිම්හාන නිවාඩුව ඉතාලියේ..

රෝමය යනු ඉතාලියේ අගනුවර වේ.

ඉතිහාසය  – රාවෘත්තයන්ට අනුව ඒනිස් නම් ත්‍රෙජන් කුමරුවාගෙන් පැවතුණු රෝමියුලස් සහ රිමුස් යන නිවුන් දරුවන් විසින් රෝමයේ ක්‍රි.පු. 753 අප්‍රෙල් 21 වන දින ස්ථාපනය කෙ‍රිනි ඇල්බාන් ලොන්ගාහි ලතින් රාජ්‍යයා වු නියමිටර් ඔහුගේ කෲර සොහොයුරා වු ඇමුලියස් විසින් සිහිසුනෙන් ඉවත් කල අතර නියුමිටර්ගේ දියණිය වු රියා සිල්වියාට දාව රෝමියලුස් සහ රිමුස් උපත ලැබුහ. රියා සිල්වියා වෙස්ටේලියානු කාන්තාවක් වු අතර මාස් විසින් දුෂණය කරනු ලැබ ඒ හේතු කොට නිවුන් දරුවන් අර්ධ දේවත්වයට පත්විය. රෝමියුලස් සහ රිමුස් විසින් ඔවුන්ව නැවත අයත් කර ගන්න යැයි බියට පත් වු නව රජු ඔවුන් දියේ ගිල්විමට කටයුතු සකස් විය. වෘකදේනුවක් විසින් (සමහර වාර්ථා අනුව ගොප්පලකුගේ බිරිදක් විසින් ) ඔවුන් බේරාගෙන ඇති දැඩි කල අතර ඔවුන් නිසි වයසට පැමිණිමෙන් පසු ඇල්බා ලොන්ගාහි ඔවුන්ව නියුමිටර්ට ලබා දුන්හ. නිවුන් සොහොයුරන් විසින් ඉන්පසු ඔවුන්ගේම නගරය බිහිකර අතර රෝමයේ රජකම සදහා දෙදෙනා අතර වු සටනේදි රෝමියලස් විසින් රීමස් ඝාතනය කරන ලදි. ඒ අනුව නගරයෙහි නමෙහි ‍මුලාශ්‍ය වුයේ රෝමියුලස්ය. පුරාවෘත්තයන්ට අනුව නගරයේ කාන්තාවන් නොසිටි හෙයින් ලැටින්වරු උත්සවයක් සදහා සේබයින්වරුන්ට ආරාධනය කල අතර ඔවුන් අතර සිටි අවිවාහක කාන්තාවන් ‍සොරකම් කලහ. එමගින් ලැටින්වරුන් හා සේබයින්වරුන්ගේ ඒකාබද්ධ විමක් සිදු විය.

රෝම නගරය ටයිබර් ගගෙහි ජල පහරක් අසල පිහිටි ප්‍රවාහන හා වාණිජ කටයුතු වලින් යුක්ත වු ජන වාසයකින් වර්ධනය විය පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව රෝම ග්‍රාමය ක්‍රි.පු 8 වන සියවසෙහි කිසියම් කාලයකදි ඇතිවුවා විය හැකිය. කෙසේ වුවද එය ක්‍රි.පු. 10 වෙනි සියවසෙහි ඉතාලියේ ලතින් ග්‍රෝත්‍රක සමාජකයින් විසින් පැලටයින් කදු මුදුනේ පිහිටුවාද විය හැකිය. ඉන් පෙර එඩ්නරියා වලින් උතුරෙහි පදිංචිව සිටි එඩ්රැස්කන්වරු වංශවත් හා රාජකීය ප්‍රභූ පන්තියක් ස්ථානය කරමින් ක්‍රි.පු. 7 වන සියවසෙන් පසු භාගයේදි එම කලාපය තුල දේශපාලන බලය පිහිටුවා ගත් බව පෙනේ. ක්‍රි.පු. 6 වන සියවසේ පසු භාගය වන විට එඩ්රැස්කන්වරුන් වෙතින් ප්‍රදේශයේ බලය ගිලිහි ගිය බව පෙනේ. මෙම අවස්ථාවේදි මුල් ලතින් හා සැබයින් ගෝත්‍රකයින් පාලකයන්ට සිය බලය පාවිච්චි කිරීමට‍ ඇති ඉඩකඩ වඩාත් සිමාකර සමුහාණ්ඩුවක් නිර්මාණය කරමින් යලි ඔවුන්ගේ පාලනය පිහිටුවුහ.

රෝම ශිෂ්ටාචාරය

ඉතාලියේ ටයිබර් නදිය අසබඩ රෝම නගරය ගොඩනගන ලද්දේ රොමියුලස් සහ රීමාස් යන නිවුන් සොහොයුරන් දෙදෙනෙකු විසිනි. ඔවුන්ගේ මව වූයේ කි‍්‍ර. පූ. 8 සියවසේ දී පමණ ජීවත් වූ සිල්වියා නම් ලතින් කුමාරිකාවකි. මේ නිවුන් සොහොයුරන් දෙදෙනාට රාජ්‍ය උරුමය පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා මවගෙන් වෙන්කොට වනාන්තරයක මැරෙන්නට අත්හැර දමන ලදී. මේ දරුවන් දෙදෙනා එදා බේරාගෙන ආරක්‍ෂා කර ගෙන ඇත්තේ වෘක ධේනුවක් විසින් බව ජනප‍්‍රවාදයේ ඇත. පසුව එ‍ඬේරකුගේ භාරයට පත් වූ මේ දරු දෙදෙනා හොඳින් හදාවඩා ගත්තේය. ඉන්පසු කලෙන මොවුන් ටයිබර් නදිය අසබඩ රෝම නගරය ඉදිකළහ. එහිදී ඇති වූ ගැටුමකදී රොමියුලස් අතින් රීමස් මියගියේය. පසුව රෝමයේ පාලකයා වූයේ රොමියුලස්ය. ගැමියන්ගේ පිදුරු සෙවිලි කළ පැල්පත්වලින් ආරම්භ වුණ රොම නගරය ක‍්‍රමයෙන් බලසම්පන්න වී රෝම අධිරාජ්‍යය ගොඩනැගුණි.ටයිබර් නිම්නයේ පැලටයින් හෙල මත ජීවත් වූ පිරිසකි ලතින්වරු. කි‍්‍ර. පූ. 776 පැලටයින් හෙල මත ජීවත් වූ පිරිස දස දහසක් පමණ විය. කි‍්‍ර. පූ. 800 දී පමණ පැලටයින් ප‍්‍රදේශයේ උතුරු දෙස වූ කඳුකරයේ පදිංචි වූ තවත් පිරිසකි එට්රුස්කන්වරු.  එට්රුස්කන්වරු ඉතාලියේ මුල්ම ශිෂ්ටාචාරවත් ජනතාවයි. ඔවුන් දක්‍ෂ මුහුදු යාති‍්‍රකයෝ වූහ. ඔවුන් සිරියාව, සයිප‍්‍රසය, ගීී‍්‍රසිය හා වෙනත් මධ්‍යධරණී රටවල් සමඟ භාණ්ඩ හුවමාරු කරගත් පිරිසක් විය. ඔවුන් සත්ව පාලනයට මෙන්ම බාර්ලි, මිලට් ,තිරිඟු, මිදි හා පලතුරු වගා කටයුතු කළහ.ඔවුන් විවිධ පංති ක‍්‍රමවලට බෙදා තිබුණි. පොහොසත් එට්රුස්කන්වරුන් ඉඩම් සතු කර ගත්හ. මේ ඉඩම්වල වගා කටයුතු වලට වහල්ලු යොදාගත්හ. එට්රුස්කන්වරු දෙවිවරුන් රාශියක් ඇදහුවෝය. දෙව්වරුන්ට පුද පූජා පැවැත් වූ අතර දේවාල ද ඉදි කළහ. එට්රුස්කන්වල ප‍්‍රථම පාලකයා වූයේ ටාර්ක්විනිස් ය. රෝමන්වරු එට්රුස්කන්වරුන් පළවා හැර රෝමය බේරාගත් පසු රෝම සමාජය පැට්‍්‍රෂියන්වරු හා ප්ලේබියන්වරු යනුවෙන් වර්ග දෙකකට බෙදන ලදී.

රාජ්‍ය පාලනයමුල් කාලයේදී රෝමය පාලනය වූයෙ රජ කෙනෙකු විසිනි. එම සම්ප‍්‍රදාය බිඳ වැටුණේ කි‍්‍ර. පූ. 509 දී රජකළ ටාකුයින් රජු රෝමයෙන්් නෙරපා දැමීමෙන් පසුවයි. ඉන්පසු රෝම සමූහාණ්ඩුවක් බවට පත් කළහ. පසුව රෝම ජනරජයේ ප‍්‍රධානත්වය කොන්සල්වරුන් දෙදෙනෙකු අතට පත්විය. කොන්සල්වරු වසරින් වසර තෝරා පත්කර ගනු ලැබීය. මීට අමතරව සෙනේට් මණ්ඩලයක් ද විය. කොන්සල්වරු සෙනේට් සභිකයන්ට වඩා වැදගත් අය වූහ. කොන්සල්වරු හොඳ නායකයන් වූවා පමණක් නොව පරිපාලන කටයුතුවලදී ද දක්‍ෂයො වූහ. රෝම යුද හමුදාව ඉතා සංවිධානය වූවක් වූ අතර සෑම පුරවැසියෙක්ම වයස 16 සම්පූර්ණ වූ පසු යුද කටයුතුවලට බැඳී පුහුණුවක් ලැබීය. රෝම සොල්දාදුවෝ කඩුවලින්, හෙල්ලෙන්, යුද ඇඳුම්වලින් සැරසී සිටි පුද්ගලයන්ය. යුද හමුදාපතිවරු බිහි වූයේ මෙලෙස සංවිධානය වූ යුද හමුදාව නිසාය.කි‍්‍ර. පූ. 264 දී පමණ රෝමන්වරු යුද්ධ කොට ගී‍්‍රක නගර සියල්ල රෝමයට යටත් කරගත්හ. ඔවුන්ගේ ඊළඟ අභිප‍්‍රාය වූයේ කාතේජය නම් ෆිනිෂියානු නගරය අල්ලා ගැනීමයි. අවුරුදු 23 ක් තිස්සේ පැවති පියුනික් යුද්ධයේදී කාර්තේජවරුන් වරක් රෝමය අල්ලා ගත්ත ද, අවසානයේදී නැවතත් රෝමන්වරු කාර්තේජවරුන් පරාජය කළෝය.නැවතත් කාර්තේජවරු රෝමය අල්ලා ගැනීම සඳහා හැනිබල් සහ දෙවැනි පියුනික් යුද්ධය කි‍්‍ර. පූ. 218 දී ආරම්භ කරන ලදී. ගැනිබාල් නැමැති සෙන්පතියාගේ නායකත්වයෙන් පැවති මේ යුද්ධයේදී නැවතත් පරාජය වීමට සිදු වූවා පමණක් නොව ඔවුන්ට රෝමයට වන්දි ගෙවීමටත් සිදුවිය. මෙයින් වසර 5 කට පසු කාර්තේජවරුන් නැවතත් යුද්ධය පටන් ගත්හ. වසර තුනක් ඇතුළත දී රෝමන්වරුන් මේ යුද්ධයෙන් ජය ගත්හ. ඉන්පසුව සිදු වූයේ මුළු මධ්‍යධරණීයම රෝමය සතු කර ගැනීමය.

ජුලියස් සීසර්කි‍්‍ර. පූ. 100 දී පමණ ඉපදුණු ඔහු රෝමයේ ආඥාදායකයා බවට පත් විය. සෙනේට් සභාවට තේරී පත් වූයේ කොන්සල්වරයකු වශයෙන් ය. ඔහු මෙහෙය වූ හමුදාව බලවත් රාජ්‍යයන් කිහිපයක් යටත් කර ගත්හ. ඔහුගේ පාලන සමයේදී ස්පාඤ්ඤය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය යටත් කර ගත්තේය. ඔහු හොඳ අණදෙන නිලධාරියෙක් ය. ශ්‍රේෂ්ඨ සෙන්පතියකු වූ ඔහු කි‍්‍ර. පූ. 14 දී ඔහුගේම සෙනෙට් සගයන් විසින් ඝාතනය කරනු ලැබීය. විවිධ වූ ජනයාගේ ගොදුරු වුවද ඒ සියල්ල අභිභවා ගොඩනැගුණ රෝම අධිරාජ්‍යය ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ පාලනයට නතුව දිගු කලක් පැවතුණි. ඔක්ටේවියන්, ඔගස්ටස් වැනි ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ සමයෙහි රෝමය ඉතා ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යය පවා තම යටතට ගත් රෝමානුවෝ පාලන කටයුතු සංවිධානය කිරීමේදී කලා ලැදි ගී‍්‍රකයන්ට වඩා ඉතා කාර්ක්‍ෂම වූහ.

රෝම පවුලරෝම සමාජය තුළ පවුල් ජීවිතය ඉතා අගය කොට සලකනු ලැබිණි. කාන්තාවන්ට හිමි වූයේ ඉතා ගෞරවනීය ස්ථානයකි. කාන්තාවෝ අවුරුදු 16 පමණ වන විට විවාහ දිවියට ඇතුළු වූහ. ධනවත් පිරිමි දරුවෝ අධ්‍යාපනය සඳහා ගී‍්‍රක ගුරුවරුන්ගේ නිවෙස්වලට යැවූහ. විශේෂයෙන් ගණිතය පිළිබඳ දැනුමක් මේ පිරිමි දරුවන්ට ලබාදෙන ලදී. ඒ අනාගතය සඳහා වැදගත් වූ හෙයිනි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔවුන් රෝම නගරයට හෝ ඇතැන්ස් නගරයට යවනු ලැබූහ.

රෝම අධිරාජ්‍ය බිඳ වැටීමරෝම අධිරාජ්‍යයේ පිරිහීමට හේතු වූයේ දූෂිත වූ පාලන තන්ත‍්‍රයයි. බලය අනිසි ලෙස යොදා ගැනීමත්, මූල්‍ය කටයුතු හරිහැටි නොකිරීමත් හේතු කොට ගෙන පාලන තන්ත‍්‍රය දූෂිත විය. මීට අමතරව ඔවුන්ට විදේශීය ආක‍්‍රමණයන්ට ද මුහුණ දීමට සිදු විය.

රෝමය අසලින් ගලන ටයිබර් ගංගාව

ලෝකයේ සෑම ගංගාවකටම සුවිශේෂී වූ ලක්ෂණ දක්නට ලැබේ. ආර්ථික වාසි ලබා දීමට අමතරව ටයිබර් ගංගාවේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ඉතාලියේ අගනුවර වන රෝමය අසලින් ගලා යාමයි. මේ නිසා රෝම නගරයේ සුන්දරත්වය බොහෝ සේ වර්ධනය වේ. මෙය ඉතාලියේ දෙවනුවට විශාලතම ගංගාව වේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ විශේෂතා බොහොමයක් ඇති ටයිබර් ගංගාව පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි. ඉතාලියේ පිහිටා ඇති මෙම ගංගාවේ දිග සැතපුම් 252කි. එනම් කිලෝමීටර 405කි. මෙහි ගැඹුර අඩි 7 සිට 20 දක්වා ප්‍රමාණයන්ගෙන් පවතී. විවිධ භූ රූප හා නිම්න රාශියක් නිර්මාණය කරන මෙම ගංගාව ප්‍රදේශ කීපයක් පසු කර රෝම නගරය හරහා ගමන් කර Tyrrhenian මුහුදට එකතු වේ. මෙහි ප්‍රධාන අතු ගංගා ලෙස Chiascio, Nestore, Paglia, Nera සහ Anine දැක්විය හැක. රෝමයට පහළින් ටයිබර් ගංගාව ඩෙල්ටාවක් සකසයි.

Related Images:

ජපානයේ ඉදිකරන නාලන්දා විශ්වවිද්‍යාල..

ජපානයේ කුබෝ විහාරස්තානයෙ ඉදිකරන නාලන්දා විශ්වවිද්‍යාල
2016 ජුනි මස 14 වෙනි දින
ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උදැසන අලුතින් ඉදිකෙරෙන නාලන්දා විශ්වවිද්‍යාල ගොඩනැගිලි නරඹන්න පැමිණියේය. මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකත්වය නැවතත් අවශ්‍ය බව මැනවින් පැහැදිලි බැවින් ඒ සඳහා කුබෝ විහාරයයේ විහාරාධිපති හැකි උපරිම සහයෝගය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටියේය.
ජපානයේ මහත් පිළිගැනීමක් ඇති කුබෝ විහාරායට පැමිණි, ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිඋත්කර්ෂවත් අන්දමින් ජපන් ජාතික සැදෑහැවතුන් එකතුවී එතුමාගේ පිටත්වීම සංවිධානය කර තිබුණේය. මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකත්වය නැවතත් අවශ්‍ය බව මැනවින් පැහැදිලි බැවින් ඒ සඳහා තමන්ට කර හැකි උපරිම සහයෝගය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටියේය. මෙම සංචාරයට එකතුවූ දුත පිරිස අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමා, රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ඇතුලත් ලාංකික වෙළද මහතුන් ඇතුළු පිරිස විය.
The main goals of Nava Nalanda Mahavihara are to develop an institute similar to that of the old Viharas, where teachers and students lived together devoting themselves to studies and higher academic pursuits for the promotion of higher studies and research in Pali language and literature and Buddhism through Tibetan, Sanskrit, Chinese, Mongolian, Japanese and other Asian languages
The library is housed in a two-story building known as the Library Building, which contains sixteen research cubicles with two large rooms on either side. Presently, the library includes over 52,500 books, important journals and a rare manuscript collection. To develop the library donations and purchases were made from the Late Rash Bihari Mukherjee, from Hoogly, West Bengal.
The The The significance that we have assigned to our ‘Heritage’ is growing each year and organizing cultural events will enable people to access their local, regional and national heritage while maintaining healthy exchanges of information about preserving and promoting art. The success of these initiatives have been instrumental in the development of a detailed. As Nava Nalanda Mahavihara is primarily a research institute, emphasis has been given to research and publication projects from the beginning. The Mahavihara undertakes long and short term projects. Short-term projects include doctoral student research, and publication of research volumes and monographs by staff members and research scholars.

Related Images:

ජපානයේ කුබෝ විහාරස්තානය

ජපානයේ කුබෝ විහාරස්තාන සංචාරයේ පළමු දින
ජපානයේ ඇති ප්‍රධානතම විහාරයක් ලෙස මහත් පිළිගැනීමක් ඇති කුබෝ විහාරයයේ විහාරාධිපති නාහිමියන්ගේ ආරාධනාව පිළිගත් රාජපක්ෂ මැතිතුමා කොබෝ විහාරායට ජුනි මස 13 වෙනි දින සවස වරුවේදී පැමිණ, එහි පැවැත්වුණු පූජාවට සහභාගී විය. ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිඋත්කර්ෂවත් අන්දමින් 1000 ආසන්න ජපන් ජාතික සැදෑහැවතුන් පිළිගන්නා ලදී. රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහලම පිළිගැනීම සිදු කරමින් එතුමන් ආසියාවේ සිංහයා ලෙස පිළිගැනීමට ලක් කරන ලදී. ඒ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටය ඉන් පසු එහි ප්‍රධාන ශාලාව, ඝන්ටාරය, සම්මන්ත්‍රණශාලාව ආදී සියලුම ස්ථානරාජපක්ෂ මැතිතුමා නරඹන්න ලදී. උත්සවාකාරයෙන් සංවිධානය කර තිබු මෙම උදාර පුණ්‍ය කර්මයට පැමිණි සියලු ජපන් ජාතික සැදෑහැවතුන්ගේ ප්‍රාර්ථනය වුයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ලක්‍‍ජනයා එක්රැස් කර නැවතත් රටේ ආදරණීය නායකයන් ලෙස රට සතුරු උවදුරු වලින් ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කරා රැගෙන යාමට සියලුම බාදක දුරු වේවායි. කුබෝ විහාරාධිපති නාහිමියන් විශේෂ සදහන් කරන ලද්දේ රට ජාතියේ පිනටම ලක්වැසියන් ලැබුණු මෙම ජනනායකයා ආරක්ෂා කිරීම ඔබ අපි සැමගේ යුතුකමකි. බුදුදහමේ සඳහන්ව ඇති පරිදි රටෙහි අධර්මිෂ්ඨ නායකත්වයක් නිසා අද ලංකාදීපයේ ගංවතුරු උවදුරු, නායයෑම්, හදිසි ගිනිගැනීම් වැනි නොයෙක් උවදුරු දැක ගැනීමට ලැබීම කනගාටුදායක කරුණකි. ඒ සියලු දේ දුරුවීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂ වැනි ධර්මිෂ්ඨ නායකත්වය නැවතත් අවශ්‍ය බව පැවසීය. ඒ සඳහා තමන්ට කර හැකි උපරිම සහයෝගය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටියේය.
මෙම සංචාරයට එකතුවූ දුත පිරිස අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමා, රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ඇතුලත් ලාංකික වෙළද මහතුන් ඇතුළු පිරිස විය.

Related Images:

“මහින්ද සුළඟ” ජපානයේදී

ලංකා හමුව “මහින්ද සුළඟ” සුකුබා අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී

හදවතෙහි ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමානෝ දහවල් ජපානයේ හිල්ටන් නරිටා හෝටලයේන් පිටවී, රාජපක්ෂ මැතිතුමා ඇතුළුව දුත පිරිස ජපානයේ ජීවත්වන ලසන්ත මහතාගේ නිවසට දවල් අහාර ගැනීමට පැමිණියේය.
ශ්‍රීලාංකිකයන් වැඩි වශයෙන් ජීවත්වන සුකුබා ප්‍රදේශයේ පිහිටී සුකුබා අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 2.00 මහින්ද සුලඟ වැඩසටහන අරම්භ කිරීමට සුදානම් කර තිබුණි. නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, හිටපු සබරගමුව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු පිරිස සම්මන්ත්‍රණ ශාලාවට සවස 2.00 පමණ ඇතුල් වන විට සියලුම ප්‍රීතියෙන් ඔල්වරසන් දුන් අතර කුඩා දරුවන් මල්පොකුරුක් දී පිළිගත්තේය. එසේ නමුත්‍ මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින අතර රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිස එම සම්මන්ත්‍රණ ශාලාවට සවස 2.30 පමණ ඇතුල් වන විට සියලුම පිරිස අසුන්නෙන් නැගිට ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් හදවතේ ජනාධිපති සතුටෙන් පිලිගන්නා ලදී. සුකුබා ශාලාව සම්පුර්ණයෙන් පිරි ඉතිරි සිටි ලාංකික පිරිස 1200 ඉක්මවූ අතර සියල්ලම රටේ ඉදිරි අනාගතය සාර්ථකව කිරීමට රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක හෙලා බලාපොරොත්තු වෙන් එතනට එක්රොක් වී සිටියේය. පළමුව පන්සිල් සමාදන් කරමින් ආගමික වතාව සිදුකරන ලද්දේ ලංකාජි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. පසුව උත්සව සභාව අමතා පිළිගැනීමේ කතාව කරමින් චාමර ලියනගේ සඳහන් කලේ ජපානයේ ලාංකික මෙතරම් ප්‍රමාණයක් එකතු වු පළමු වතාවට බවත්, අපි හැමෝම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ “නැවතත් රට බේරාදෙන්න” කියලා. ඒ වගේම මෙම වැඩ සටහන අනිත් රටවල් වලට ගෙනයන ලෙසය.
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මැතිතුමා, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමා ඇතුළුව කථිකයෝ “මහින්ද සුළඟ” සම්මේලන උණුසුම් කළේය.
“මහින්ද සුළඟ” සම්මේලන එකතුවූ දුත පිරිස අතර හිටපු සබරගමුව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා, රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මැතිතුමා, බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ඇතුලත් ලාංකික වෙළද මහතුන්ගේ සමන්විත විය.
ශ්‍රීලාංකික ව්‍යාපාර ආයතන හා ජපානයේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඒකරාශිත්වයෙන් හා දායකත්වයෙන් ජපානයේ ටෝකියෝ නගරයේදී “මහින්ද සුළඟ” මෙම ලාංකික හමුව ඉතා සාර්ථකව සංවිධානය කර තිබුණේය.
සුකුබා ශාලාව පිරි ඉතිරි සිටි ලාංකික පිරිස සියල්ලම ආසාවෙන් බලා සිටියේ හදවතෙහි ජනපති සමග ජයාරූපයකට පෙනී සිටීමටය. රැස්ව සිටි පිරිසක් එකිනෙකා තෙරපමින් පළමුව ජයාරූප ගැනීමට උත්සාහ ගැනීම නිසා රාජපක්ෂ මැතිතුමා මහත් අපහසුතාවයකට පත්වූ නමුත් එතුමා නිහතමානීව සියල්ලම සමග ජයාරූප වලට පෙනී සිටියේය. පැමිණ සිටි සියලු දෙනාම ඉල්ලා සිටියේ අද ඇතිව ඇති තත්වයෙන් රට බේරා දෙන ලෙසයි. රටේ ඉදිරි අනාගතය සාර්ථකව කිරීමට රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය එක හෙලා බලාපොරොත්තු වෙන් එතනට එක්රොක් වී සිටියේය

Related Images:

උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් සෆාරි සංචාරය

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය-තුන්වන දින

මහින්ද රාජපක්ෂ මැතිතුමා උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් සෆාරි සංචාරය නිරත විය. පදවි ප‍්‍රාප්ති උත්සවය අවසන් වු පසු නායකතුමා, ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානය බලා මැයි 13 දා දවල් 11 පමණ කම්පාලා නගරයේ පිටත්වීය. Mweya Safari Lodge හී ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පස් නගුරාරු මහතා අප පිළිගත් අතර එලිසබෙත් රැජිණ ජාතික වන උද්‍යානය නරඹන්න සියල්ල සූදානම් කර තිබුණේය. එහිදී බෝට්ටු සෆාරික් සහ ජීප් රථයෙන් සෆාරි කිහිපයක් යාමටත් අවස්ථාව ලැබුණි.උගන්ඩාවට පැමිණෙන සංචාරකයන් අතරින් වැඩි පිරිසක් සංචාරය කරන වනෝද්‍යානය වන්නේ ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානයයි. බටහිර උගන්ඩාවේ ජෝර්ජ් සහ එඩ්වඩ් විල් දෙක අතර වර්ග කිලෝමීටර් 1978 ක් පමණ භූමි ප්‍රමාණයක, කසින්ගා නදිය වටකරමින් මරගම්බෝ වනාන්තරයේ මෙම වනෝද්‍යානයවන පිහිටා ඇත. මෙය 1952 වර්ෂයේ අරම්භ කර ඇති අතර 1954 දෙවන එලිසබෙත් රැජිණගේ උගන්ඩා සංචාරය අතර තුර ඇයට ගෞරවයක් ලෙස ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානය ලෙස නම් කර ඇත. මෙහි විවිධ සත්ව සහ පැලෑටිය දැකගත හැකි වන අතර අලි ඇතුන්, දිවියන්, සිංහයන් සහ චිම්පන්සින් වැනි බොහෝ සතුන් උගන්ඩා-ටැන්සානියාවේ යුද්ධය අතරතුර දී මිය ගිය බව කනගාටුදායක පුවතකි. දැන් මෙම උද්යානයේ විශේෂ ක්ෂීරපායී සතුන් වර්ග 100 ආසන්නව සහ පක්ෂීන් විශේෂ 600 කට වඩා වැඩි ප්‍රමාණයක් වාසය කරන භූමියක් වේ.

Related Images:

උගන්ඩාව තුල රැකියා කරන ලාංකිකයන් හමුවීම..

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය
උගන්ඩාවේ ජල විදුලි බලාගාර සංවර්ධනය කිරීමේ යෝජනා ක්‍රම සාර්ථකව වසර 9 කට ආසන්නව කාලයක්‌ නිරතුරුව සිටින VS Hydro ආයතනයේ අධිපති ප්‍රබෝධ සුමනසේකර මහතාගේ ආරාධනාව පිළිගත් අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි 14 දින උදේ ආහාරය පැමිණියේය. එම ආයතනයේ ලාංකිකයන් 70 පමණ උගන්ඩාව තුලත් ලාංකිකයන් 50 පමණ කෙන්යාව තුලත් රැකියාවෙ නිරතවීමට ගැන අපට ලොකු ආඩම්බරයකි. ලාංකික ක්‍රමයට පිළියෙළ කර තිබුණු කිරිබත්, ඉදිඅප්ප, පොල් සම්බෝලයක් සමගින් ඉතා සතුටින් ආහාරය ගෙන ලාංකිකයන් සමගින් පිළිසඳරක යෙදීමට අප්පච්චි අමතක නොකළහ.
එහි පැමිණි සියලු ලාංකිකයන් චෝදනා කරන ලද්දේය, මෙම රජය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීම ගැනත්, වැඩ අවසන්ව ඇති මසුලිටා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ විවෘත නොකිරීම ගැනත්ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවසන් නිල සංචාරය සිදුවූයේ 2013 මැයි මස 11 වැනිදාය. එහිදී දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දෙරට අතර පැවැති මිතුදම් වඩාත් ශක්තිමත් කර ගැනීමට සමත් විය. උගන්ඩා ජනාධිපති යෝවෙරි මුසවේනි මහතා සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර කෘෂිකර්මය, බලශක්ති සහ වෙළෙඳ ක්ෂේත්‍රයන් පිළිබඳ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණ. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය සංගමයේ පළාත් පාලන සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට මෙන්ම ඊට සමගාමීව පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවටත් ජනාධිපතිවරයා සහභාගී විය. කම්පාලා අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහ මසුලිටා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහ උගන්ඩා සීනි කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකද ජනාධිපතිවරයා නිරත වූවේය.

Related Images:

උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප‍්‍රාප්ති උත්සවය

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය
අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 12 වනදා උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූයේය. පසුගිය රජය නොබැදි ජාතීන් සමග පැවැත්වූ සුහද සම්බන්ධතාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආරාධනාව ලැබී ඇත.
1961 මාර්තු පලමු වෙනිදා උගන්ඩාවේ ප්‍රතම මැතිවරණ පවත්වනු ලබන අතර එයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය නියොජනය කරනු ලබු පුද්ගලයා ජයග්‍රහනය කරනු ලබනවා.1962 දී උගන්ඩාව බ්‍රිතාන්‍ය යෙන් නිදහස ලබන අතර ඉන් පඩුව නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය එරටට හිමිවෙනවා.1966 හා 1967 යනවසර වලදී උගන්ඩාවේ සිඩුවෙන දේශපාලන හැලහැප්පීම් නිසා ඇතිවන අස්තාවරභාවය නිසාම 1971 ජනවාරි 25 වැනිදා එරට හමුදා පාලනයක් බිහිකිරිමට හමුදා නායක ඉඩි අමීන්ට හැකි වෙනවා. ඉඩි අමීන්ගේ පාලන කාලය උගන්ඩාවෙ ඉතිහාසයේ අමිහිරිම කාලාපරිච්චෙදය උරුම කම් කියනවා. මේ වෙනවිට වත්මන් ජනාද්පති යොවේරි මුසවේනිගේ යටතේ අතීතයේ ආපසූ ගමනක් ගිය උගන්ඩාව සන්වර්දනයක් කරා ගමන් කරමින් සිටිනවා…
උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපති වරනයෙන් 61‍%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.

ලොව මුතු ඇටය ලෙස හදුන්වන රටවල් කිහිපයක්ම ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ශ්‍රී ලංකාව හදුන්වන අතර ආද්‍රිත්‍රියානු සාගරයේ මුතු ඇටය ලෙස වැනීසිය සහ අප්‍රිකාවේ මුතු ඇටය ලෙස උගන්ඩාව හදුන්වයි. මේ එම අප්‍රිකාවේ මුතු ඇටය ගැන කතාවයි. උගන්ඩාව යන නම ඇසූ පමනින් අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමය “ඉඩි අමීන්” යන්නයි. බොහෝවිට මෙය තවත් සංවර්ධනයවී ඉඩි අමීන්ගේ මිනිමස් කන ජනතාව වෙසෙන රට ලෙසත් හදුන්වන මුහුදක් නොමැති උගන්ඩාව අවස්තා නැතුවාම නොවේ. කෙසේ වෙතත් උගන්ඩා ජනරජය යනු අප්‍රිකානු කලාපයේ ඇති ස්වාභාව සෞන්දර්යෙන් අනූන රටකි. භෞතිකව ගත්කල ” Land Locked” (මුහුදක් නොමැති/ සම්පූර්නයෙන්ම වෙනත් රටවලින් වටවූ) රටක් ලෙස හදුන්වන ලබන උගන්ඩාව නැගෙනහිරින් කෙන්යාවෙන්ද, උතුරින් සුඩානයෙන්ද, බටහිරින් කොන්ගෝවෙන්ද, දකුණින් ටැන්සානියාවෙන්ද නිරිත දෙසින් රුවන්ඩාවෙන්ද වටවී නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ස්වාභාව සෞන්දර්යයෙන් අනූන වර්ග කිලෝමීටර් 241,038ක විශාලත්වයෙන් යුතු දර්ශනීය රාජ්‍යකි. අගනුවර කම්පාලා වේ. 1894 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ උගන්ඩාව 1962.10.09 දින බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබුවද පසුව සිවිල් යුධ වාතාවරනයකටද මුහුනදුන් රාජ්‍යකි.

උගන්ඩාව හා ඉඩි අමින් අතර ඇත්තේ ගසට පොත්ත හා පොත්තට ගස වැනි වෙන්කල නොහැකි
සම්බන්ධයකි. 1971 වසරේදී හමුදා කුමන්ත්‍රනයක් මගින් බලයට පත්වූ ඉඩි අමීන් 1979 වනතුරු උගන්ඩාව පාලනය කලේය. රටේ පාලකයා වීමට පෙර ඔහු හමුදා නිලධාරියෙක් විය. හමුදාවේ සේවය කරන කාලයේ උගන්ඩාවේ ‘Light heavyweight championship’ පදවිය 1951 සිට 1960 තෙක් අවුරුදු 9ක් එක දිගට තබා ගැනීමට සමත් විය. ඉන් පසු බලයට පත්වූ විට, ඔහු විසින් 40,000 ත් 80,000 ත් අතර ඉන්දියානුවන් සහ පකිස්තානුවන් පිරිසක් රටෙන් පන්නා දැමීය. තවද ඔහු 300,000 පමණ උගැන්ඩානුවන් පිරිසක් මරා දැමීය යයි චෝදනා තිබේ. නමුත් උගන්ඩා ජාතිකයන්ට අනුව ඔහු ජාතික වීරයෙකි. “ඉන්දියානු ව්‍යාප්තවාදයෙන්” ඔවුන් ගලවාගෙන ශ්‍රම සූරා කෑමෙන් ඔවුන් ගලවාගත් විරුවා ඔහු බවත් බටහිර මාධ්‍ය වලින් ඉඩි අමින්ගේ නියම තත්වය යටපත් කර, ඔහු කෘර පාලකයෙක් සේ නම් කල බවටත් ඔවුන් චෝදනා කරති. එහෙත් බටහිරයන්ගේ එකම චෝදනාවකටවත් වරදකරු නොවී, ඔහු සව්දි අරාබියේදී අසනීප වී මිය ගියේය. උගන්ඩාව ඉතාමත් සුන්දර රටකි. ඉඩි අමීන් නිසා උගන්ඩාවද ලෝක ප්‍රසිද්ධ විය.

Related Images: