නිරෝධායනයට යොමුකර අයට ආහාර ලබාදීමේ ක්‍රමවේදයක්.

උද්ගතව ඇති නව කොවිඩ් 19 තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර…
• තම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ විශේෂ ක්‍රමවේදයක්…
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අද (2020.10.27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.
බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බවයි.
වෛරසය නිසා සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙන ලදී. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන්නේය.
නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණි.
කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.
ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය.

Related Images:

නොයෙල් රණවීරගේ මරණය මිනී මැරුමක් කියමින් පසුගිය ආණ්ඩුව පළිගත්තා

රෝෂන් තුෂාර

රිය අනතුරකින් මියගිය රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවක නොයෙල් රණවීර මහතාගේ මරණය ‘මීනී මැරුමක්’ යැයි හුවාදක්වමින් දේශපාලන පළි ගැනීම් කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

රුසියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරු ලෙස සේවය කළ කලුආරච්චිගේ දොන් නොයෙල් රණවීර මහතා හදිසි රිය අනතුරින් 2014 ජූනි මාසයේ රුසියාවේ රොස්තොව්-නා-දොනු නගරයේ දී මිය ගිය බවත්, ඊට එරෙහිව සම්සොනාවා නම් ලොරි රථ රියදුරුට එරට දිසා අධිකරණයේ නඩු විභාගයක් පවත්වා තීන්දුවක් ලබා දී ඇති බවත් පැවසූ වීරතුංග මහතා යහපාලන ආණ්ඩුව එම කරුණු වසන්කර කිසිදු පදනමකින් තොරව මිනී මැරුම් චෝදනාවක් තමන්ට ඉදිරිපත් කළ බවත් පැවසීය.

එම පදනම් විරහිත චෝදනාවට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් මඩ ගැසූ බවද කීවේය.

දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ සාක්ෂි ලබා දුන්නේය.

උදයංග වීරතුංග මහතා මෙසේ ද පැවසීය.

නොයෙල් මහතා හදිසි රිය අනතුරින් මිය ගිය නමුත් යහපාලන ආණ්ඩුවේ දේශපාලන අධිකාරියේ උපදෙස් මත එම රිය අනතුර මිනී මැරුමක් ලෙස චෝදනා කරමින් අපරාධ විමර්ෂන දෙපාර්තුමේන්තුව විසින් 2015 මාර්තු මාසයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරුවා. එම චෝදනාවට විශාල මාධ්‍ය ආවරණයක් ලබා දී උදයංග වීරතුංග මිනීමරුවකු ලෙස සමාජයට පෙන්නුවා.

රුසියානු විදේශ ඇමැතිවරයාගේ උපදෙස් පරිදි, රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2015 ජූනි 04 දින ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට එවන ලද සංදේශ ලිපියේ (TPN) සඳහන් පරිදි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නොයෙල් රණවීරගේ මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරික්ෂණයක් ආරම්භ කළා. මෙම රිය අනතුර සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණය අනුව එකම සැකකරු වන්නේ රුසියානු පුරවැසි එස්. ව. සම්සොනවා බව සඳහන් වෙනවා. එම මරණය සම්බධයෙන් වෙනත් කිසිම පුද්ගලයකු වගකිව යුතු නැති බව පැහැදිලිව එම විමර්ශනයේ සඳහන්ව තිබෙනවා. මට හෝ වෙනත් පුද්ගලයකුට එරට අධිකරණයෙන් කිසිදු චෝදනාවක් නැහැ.

රුසියාවේ, රෝස්තොව්-නා-දොනු නගරයේ, 2014 ජූනි මස 11 දින, රුසියානු පුරවැසියකු වන, එස්.ව. සම්සොනවා පදවන ලද ලොරියට යට වීමෙන්, “දොන් ප්ලාසා” හෝටල් භූමියේදී රණවීර මරණයට පත් වුණා. එය CCTV කැමරාවේ පටිගත වී ඇති අතර එම දත්ත උසාවියටද ඉදිරිපත් කර තිබෙනවා. මරණ පරීක්ෂණයෙන් පසුව මරණ සහතිකය නිකුත් කර තිබෙනවා. ඒ බව විදේශ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමෙන් පසුව ලැබුණු උපදෙස් අනුව 2014 ජූනි 15 දින මෘතදේහය ලංකාවට රැගෙන පැමිණි බව පවසනවා. ඉන් පසුව දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවට භාරදුන් අතර 2014 ජූනි මස 23 දින, වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කළා.

යහපාලන ආණ්ඩුවට බලයට පැමිණීමෙන් පසු එනම් 2015 මාර්තු මාසයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත එම මෘතශරීරය නැවත ගොඩ ගත්තා. වැඩිදුර විමර්ශන කටයුතු යහපාලන දේශපාලන අධිකාරියේ උපදෙස් මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති නමුත් එම මරණය මිනීමැරුමක් බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ.

රුසියානු සමූහාණ්ඩුවේ රෝස්තොව්-නා-දොනු දිසා අධිකරණයේ පැවතුණු එම නඩු නිමිත්තට අදාළ නඩු අවසන් වී තිබුණා. එම නඩු තීන්දුව රුසියානු රජය විසින් මොස්කව් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. ඒ අනුව ඊට උදයංග වීරතුංග සම්බන්ධ නැති බව නඩු වාර්තා අනුව සනාත වෙනවා. එබැවින් 2016 වර්ෂයේදී මෘතශරීරය නැවත වැලිකඩමුල්ල පොදු සුසාන භූමියට රැගෙනවිත් තිබෙනවා.

http://තානාපති සේවක නොයෙල් රණවීරගේ මරණය මිනී මැරුමක් කියමින් පසුගිය ආණ්ඩුව පළි ගත්තා

Related Images:

ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන නතර කිරීමට මිග්යානා නඩුව ගොනුකරා

“රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග“ පසුගිය යහපාලන කාලය පුරා කතා බහට ලක්වු අයෙකි. ඊට ඈදුනු මිග් යානා ගණුදෙනුවද මෙරට ජනතාවට නොරහසකි. මාධ්‍යෙය්ද, පාර්ලිමේන්තුවේද, කැබිනට්ටුවේද කතා වුයේ උදයංග ගැනය. ඇයි ඒ සරලව කිවහොත් කෙක්කෙන් බැරි වු දේ කොක්කෙන් හරි කීරිමට ඔවුනට අවශ්‍ය වු නිසාය.

මිග් යානා ගණුදෙනුව සිදු වුයේ 2006 වසරේ දීය. 2000 වසරේදි මෙරට රජය මිලදි ගත් යානා වලට වඩා වැඩි මුදලක් ලබා දී මිග් යානා හතක් මිලදී ගනිමින් ලංකා රජයට පාඩු කලේ යැයි මුලින්ම ඇගිල්ල දිගු වන්නේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. සන්ඩේ ලීඩර් පුවත්පත ලිපියක් පළකරමින් මිග් ගනුදෙනුව පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා වැරදි කරු කීරිමට උත්සාහ දැරූවත් එම උත්සාහය ඵල රහිත වන්නේ මිග් ගනු දෙනුව මෙරට සිදුවු විනිවිද ගනුදෙනුවක් ලෙසට රාජපක්ෂ මහතා විසින් අධිකරණයේදි ඔප්පු කීරිම හේතුවෙනි. ඒ විතරක් නොව අදාල පුවත්පතට රුපියල් මිලියන සීයක වන්දියක් ගෙවීමටද අධිකරණය නියෝග කරන්නේය.ගල්කිස්ස අධිකරණය මේ නියෝගය ලබා දෙන්නේද යහපාලන රජය පත්වීමෙන් පසුව(2015) වීම තවත් විශේෂ සිද්දියක් වන්නේය.

යහපාලන ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුකර ගැනීමේ මෙහෙයුම යළි කරලියට එන්නේය. ඊට තොරගන්නේ උදයංග වීරතුංග නම් රුසියාවේ හිටපු තානාපතිවරයාය. ඔහු රාජපක්ෂ මහතාගේ පුංචි අම්මාගේ පුතා විය. මැදමුලන විද්‍යාලයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන වීරතුංග මහතා රුසියාවට පා තබන්නේ 1985 වසරේදීය.අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව ව්‍යාපාර කටයුතු වල නිරතවන වීරතුංග මහතා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර ගාමර් මහතාගේ සමයේදි ශ්‍රි ලංකා ඔනරලි කවුන්සල්වරයා බවට පත්වීම් ලබනනේ එතෙක් පැවැති තානාපති අඩුපාඩුවක් සම්පූර්ණ කරමින්ය. 1992 යුක්රේන් ප්‍රාන්ත රාජ්‍යයක් ලෙස සිදුවු පරිවර්තනයෙන් පවසු ඔහු සතු භාෂා නිපුනතාවයත්, දීර්ඝ කාලීන පදිංචියත් හේතු කොට තානාපතිවරයෙක් ලෙස 2006 ජූලි 17 දින සිට පත්වන්නේය.මිග් යානා ගනුදෙනුව සිදුවීමට පෙර ශ්‍රී ලංකා රජය ඇන්ටනෝ 32 වර්ගයේ ගුවන්යානා 08ක් මිලදි ගන්නේද යුක්රේන් රාජ්‍යෙයන්ය. එහිදිද ශ්‍රී ලංකා රජයට පහසුකම් සපයන්නා ලෙස ක්‍රියාකර ඇත්තේ විරතුංග මහතාය. එම දීර්ඝ කාලීන සබදකම් හා හමුදාවන් අතර සම්බන්ධිකරණය හේතුවෙන් දේශීහිතෛෂි මිතුරෙකු ලෙස හෙතෙම ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාට සහාය වන්නේය.ඒ් තානාපතිවරයෙක් ලෙස නොවන බව හෙතෙම සදහන් කරන්නේය.
වීරතුංග මහතා නානාපති ලෙස වැඩ බාර ගැනීමට පෙර මිග් ගනුදෙනුවට ශ්‍රි ලංකා රජය අත්සන් කර ඇති බවත්, ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස තමන් යුක්රේන් රාජ්‍යෙය් සබදකම් මත අදාල ගනුදෙනුවේ පහසුකම් සපයන්නා ලෙස පමණක් කටයුතු කළ බවත් වීරතුංග මහතා පසුගියදා දිවුරුම්පිිට ප්‍රකාශ කලේ දේශපාලන පලීගැනීම් පිළිබද විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදීය.රටට හිතැතිව කටයුතු කළ තමන් දේශපාලන ඉලක්කයක් කර ගනිමින් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ක්‍රියා කළ ආකාරයත්,කැබිනට් මණ්ඩලය පත්කළ දුෂණ විරෝධි කමිටුව දේශපාලන පළිගැනීම් කළ ආකාරයත් හෙතෙම අනාවරණය කලේය.

ශ්‍රී ලංකා රජය 2000 දි මිලදී ගත් මිග් ගුවන්යානා සහ 2006 දි මිලදීගත් ගුවන් යානා 7 අතර වෙනස ඔහු මනාව කොමිසමට සාක්ෂි සහිතව ඉදිරිපත් කළේය.
මිග් ගනුදෙනුව හේතුවෙන් තමාව කොටුකරගැනීමට ගත් උත්සාහය දේශපාලන පළිගැනීමක් පමණක් බව ඔප්පු කීරිමට හිටපු අගමැතිවරයා පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවද කොමිසමට කැදවීමට හෙතෙම තීරණය කළේය.
දේශපාලන පළිගැනීමක් කළ බවට සනාථ කිරිමට මිග් ගනුදෙනුව සිදුවු අයුරු හා විමර්ශන කළ අයුරු මෙසේ කොමිසමට සදහන් කර සිටියේය.

ගල්කිස්ස අධිකරණයෙන් දියාරු වු පැමිණිල්ල නැවතත් කරලියට.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍යමය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය සිදුකර ඇති පැමිණිල්ලක් අනුව 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකළා. පසුව 2016/10/20 දින අපරාධ නඩුවිධාන සංග්‍රහපනතේ 63(1) (අ) උප වගන්තිය යටතේ වරෙන්තු නිකුත්කළා.මෙලෙස මට එරෙහිව වරෙන්තු ලබා ගැනීම බොරු සාක්ෂි ඉදිරිපත් කර සම්පූර්ණයෙන් අධිකරණය නොමග යවා කටයුතු කිරීමක් වෙනවා.අසත්‍යකරුණු කොටුව මහේස්්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රි ලංකා රජය 2000 වර්ශයේ මැයි මාසයේදී ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් 27 ගුවන් යානා 04 ක් සිංගප්පූරු සමාගමක් වන D.S ALLIANCE නමැති සමාගම මගින් ඇමරිකානු ඩොලරමිලියන 1.75 බැගින්ද තවත් යානා 03 ක් ඇමරිකානු ඩොලර් මිලියන 1.60 බැගින්ද මිලදී ගන්නවා. එමගුවන් යානා 1982, 1983 හා 1984 වසරවල නිශ්පාදීත ඒවා බව පැමිණිලි කර ඇත. 2006 වසරේදී නැවතත් 1980 හා 1983 වසරවල නිශ්පාදිත එම වර්ගයේ යානා 04 ක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 2.462 බැගින් මිලදී ගෙන ඇති බවත්,ඒ අනුව එකම කාලයේ නිෂ්පාදිත යානා මිලදී ගැනීම සඳහා 2000 වසරේ ගෙවූ මිලට වඩා අධික මිලක් 2006 වසරේදී ගෙවා ඇති බවත් සදහන් කරමින් මෙම පැමිණිල්ලකර තිබුණා. අදාල ගණුදෙනුව ශ්‍රි ලංකා රජය සහ යුක්රේන රජය අතර සිදුවන්නක් බව පෙන්වා දී තිබුණ ද 2006 වර්ශයේදී සිදුවූ ගණුදෙනුවෙහිදී මුදල් ගෙවනු ලැබ ඇත්තේ එංගලන්තයේ (BELLIMISSA HOLDINGS LTD )බෙලිමීසා නමැති සමාගමක් වෙත බව මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින්දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට 2015.03.05දින පැමිණිල්ලෙන් සදහන් කර තිබුණා.

යහපාලන ආණ්ඩුවේ දෙවැනි පැමිණිල්ල.
පසුව එම දුෂණ විරෝධි කමිටුවේ ක්ෂණික ප්‍රතිචාර කමිටු සම්බන්ධීකාරක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක සහ එහි අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසය වෙත පිටු 35 විස්තර වාර්තාවක් සහ පිටු 278 ඇමුණු ගොනුවක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන කරනලෙස නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යා ලංකාර මහතා වෙත ලිඛිතව පැමිණිලි කළා. වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන නතර කිරීමේ මුල්පියවරක් ලෙස මා මේ පැමිණිල්ල දකිනවා. අසත්‍ය කරුනු පදනම් කරගත් මෙම පැමිණිල්ල ද්වේශෂ සහගතයි. මට අදාල වන මෙම පැමිණිල්ල යහපාලන ආණ්ඩුව පත් වු පසුව දුෂණ විරෝධි කමිටුව මගින් ඉදිරිපත් කළ 02 පැමිණිල්ල ලෙස සටහන් වෙනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ 05 පැමිණිල්ල වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි21 ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සටහන් වන විදිහට 15 දෙනකුට වත් නඩු පැවරීම අරමුණව තිබුණා. එම පහලොස් දෙනා අතර 11 වැනියා ලෙස මා සනිටුහන් කීරිම දේශපාලන පළිගැනීමක් ලෙස පෙන්වා දිය හැකියි. දුෂණ විරෝධි කමිටුවට පැමිණිල ඉදිරිපත් කිරිමේ නීතිමය හැකියාවක්නොතිබු බව මේ කොමිසමේ සාක්ෂි දුන් හිටපු අගමැති රනිල් වික්‍රම සිංහ මහතා පිලිගෙන තිබෙනවා.ඒ වගේම මාගේ පාස්පොට් එක තහනම් කිරිම පිළිබදව යහපාලන කැබිනට් මණ්ඩලයේ සාකච්චා කළ බව ද පිළිගන්නවා. මේ අනුවබලන කොට ස්වාමීනී මට එරෙහි පැමිණිල්ල සම්පූර්ණයෙන් නීතියට පහැටනි බව පේනවා.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා UKRINMASH නමැති සමාගම අතර 2006/07/26 දින SLAF/2006/07/AIR දරණ ගිවිසුමUKRINMASH සමාගමෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI විසින් එම සමාගමේ අධ්‍යක්ෂ PEREGUDOVගේ ඇටෝනි බලපත්‍රයක් මත ගිවිසුම අත්සන් කර තිබෙනවා. එසේ නමුත් පසුගිය වසර 05 තුළ අදාල ඇටෝර්නි බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කටයුතු කළේ නැහැ. ඒ තුළින් මා කෙරෙහි වැරදි චිත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළා.
මිග් ගනුදෙනුවට අදාල මුල් ලිපිය ඉදිරිපත්ව ඇත්තේ 2006 ජනවාරි 25 වන දිනයි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ එවක හමුදාපතිවරයා විසින් එවක ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසත්ය. ඒ අනුව මෙම ගණූදෙනුව සඳහා මුල පුරා ඇත්තේ ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින්ම බවත් අදාල ගණූදෙනුව මාගේ මූලිකත්වයෙන් අරඹන ලද්දක් නොවන බවත් මෙම ලිපි මගින් පැහැදිලි වෙනවා.

ඉන්පසුව යුක්ක්‍රෙනයේ UKRINMASH නමැති සමාගමෙහි නියෝජිතයකු 2006/02/06 දින ආරක්ෂක අමාත්‍යාංශයේ හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් මුණ ගැසී ඇති අතර පසුව ලිපියක් මගීන්මිග් ගුවන් යානා හතරක් අලෙවි කිරීම හා තවත් මිග් යානා හතරක් ඕවර්හොල් කිරීම සඳහා වන ලිපියක් ඉදිරිපත් කර ඇති අතර එම ලිපිය මගින් එම සේවා සඳහා ඇමරිකානු ඩොලර් 14,280,000/- ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා.. එම ලිපියේ අවසාන පිටුවෙහි සඳහන් කර ඇත්තේ එකී අර්පනය FINANCIAR කෙනෙක් සමග එක්ව ඉදිරිපත් කරනු ලබන බවත් එම FINANCIAR ගේ නම ගිවිසුම අත්සන් කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බව ගුවන්හමුදාපතිවෙත දැනුම් දිමට කටයුතු කරන බවයි.ඒ අනුව එකී FINANCIAR ගේ මැදිහත්විම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව මුල සිටම දැනුවත් කර ඇති බව පෙනීයනවා.

ඉන්පසු ජාතික ප්‍රසම්පාදන ඒජන්සියේ සභාපතිවරයා තාක්ෂනික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් (TEC) ගුවන් හමුදාපතිවරයාගේ සභාපතීත්වයෙන් හා නිලධාරින් හය දෙනෙක්ගෙන් යුත් තාක්ෂනික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව ගුවන් හමුදාපතිවරයා ප්‍රධාන තාකෂණ ඇගයීම් කමිටුව ස්වකීය නිර්දේශ මගින්UKRINMASH සමාගමෙන් අදාල යානා මිලදී ගන්නා ලෙසටද ගෙවිය යුතු මිලගනන් දන්වා,ඊට අනුමැතිය දෙන ලෙසට ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබෙනවා.එසේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම්රයා ඇතුලු නිලධාරිින් තිදෙනෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය මගින් පත්කර තිබූ ප්‍රසම්පාදන කමිටුවක් විසින් තාක්ෂනික ඇගයීම් කමිටුවේ යථෝක්ත නිර්දේශ හා ගුවන් හමුදාපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂන 2006/05/05 දින ඉදිරිපත් කර ඇත. පසුව යානා මිලදී ගැනීම ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් සිදුකර බව ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වනු ලැබ තිබෙනවා. ඒඅනුව ගණුදෙනුවට අදාල ක්‍රියාපටිපාටිය සිදුකරනලද්දේ මා විසින් නොවන බව පැහැදිලි සාක්ෂි තිබෙනවා. නමුත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දිගින් දිගටම මෙම චෝදනා මට එල්ලකිරිම දේශපාලන පලිගැනීමක් වෙනවා.

මිග් ගනුදෙනුවට අදාලව 2006/06/09 දින ගුවන් හමුදාපතිවරයා THE LETTER OF GUARANTEE යන ශීර්ෂය සහිත ලිපියක් “UKRINMASH“ සමාගමෙහි අධ්‍යක්ෂ PEREGUDOV යන අයට යොමු කර තිබෙනවා. එමගින් ශ්‍රි ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අදාල යානා මිලදී ගැනීම හා ඕවර්හෝල් කිරීම UKRINMASH හරහා කරවා ගැනීමට අපේක්ෂා කරනු ලබන බවට සහතිකර ඇති බව සදහන් වෙනවා.. ඒ අනුව ඔහු තවදුරටත් දන්වා ඇත්තේ, අදාල යානා හදිසියේ මිලදී ගැනීමට අවශ්‍යතාව ඇති බැවින් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට පෙරම අදාල යානා ඕවර්හෝල් කිරීමේ කටයුතු අරඹන ලෙසයි. ඒ අනුව ගුවන් හමුදාවේ ඉංජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් යුක්රේනියාවේ අදාල කර්මාන්ත ශාලාවට සේවය කිරීම සදහා පිටත්වී ඇති බවද මෙහි සටහන් වෙනවා.මම යුකේ‍රනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස සේවය ආරම්භ කලේ 2006/07/17 සිට මිග් ගනුදෙනුවට අදාල ගිවිසුමට ශ්‍රි ලංකා රජය 2006 ජුලි 04 දින අත්සන් තබා තිබෙනවා.

මේ අනුව මම රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රි ලාංංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබිමට මසකටත් පෙර මෙම මිග් යානා මිලදී ගැනීම හා ඕවර්හෝල් කිරීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහමුලින්ම අවසන් වි තිබෙනවා. අදාල ඕවර්හෝල් කටයුතු අරඹන ලෙස මෙකී UKRINMASH සමාගම වෙත නිල වශයෙන් ගුවන් හමුදාපති විසින් දන්වා ද අවසන් කොට තිබූ බව පැහැදිලි වෙනවා. එපමණක් නොව ගුවන් හමුදාවේ ඉංජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මිග්යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගිවිසුමට අදාළව සේවය කිරීම සදහා යුක්රේනියාවේ ලුවෝෆ් නගරයට පිටත්වී ඇති අතර 2006 ජුලි 15 දින ශ්‍රිි ලංකා ගුවන් හමුදාව විසින් ඉහත කී BELLIMISSAHOLDINGS සමාගම වෙත ENDUSER සහතිකය දෙකක් නිකුත් කර ඇතිබව සනාථ කරන සාක්ෂි තිබෙනවා.එසේම අදාල ඇණුවුම තහවුරු කරමින් 2006/07/15 දින ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ORDER CONFIRMATION එකක් ඉහත කී UKRINMASH සමාගම වෙත යවා ඇති අතර එහි පැහැදිලිව දක්වා ඇත්තේ මෙම ගනුදෙනුවට අදාල ගෙවිම් BELLIMISSAසමාගම වෙත කරනු ලබන බවයි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව BELLIMISSA සමාගම සහ UKRINMASH සමාගම අතර ද්විපාර්ශික ගිවිසුම2006/07/26 දින ගුවන් හමුදාපතිවරයා අත්සන් තබනු ලබන්නේ ඉන් අනතුරුවයි.ඉන්පසුව එම ගනුදෙනුවට අදාල ඉන්වොයිසිය ශ්‍රි ලංකා ගුවන් හමුදාවට ඒවා ඇති අතර ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට මහජන බැංකුව හරහා ඩොලර් 13,976,000 වටිනාකමකටණයවර ලිපියක් නිකුත් කිරිමෙන් බව සදහන්. ඒ අනුව පැහැදිලි වන්නේ ගිවිසුමට අදාල මුදල යටකී BELLIMISSA HOLDINGS LTD සමාගම වෙත ගෙවනු ලබන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයාගේ සම්පුර්ණ අනුදැනුම මත බවයි.

ඉන්පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුලු පිිරිසක් සමග යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදීගත් මිග්-27 යානා පරීක්ෂාකර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරික්ෂා කිරීමේන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්තශාලා කාර්මිකතත්ව එකගවීමේ සහතිකය(FACTORY ACCEPTANCE CERTIFICTE)2006/12/09 දින නිකුත්කර ඇත. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය ඉහත කී UKRINMASH සමාගමෙහි නියෝජිතයෙක් අත්සන් කර ඇති අතර ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කර තම නිල මුද්‍රාව තබා ඇතිබව පැහැදිලිව සටහන් වෙනවා. ඊට අදාල සියලු ලේඛන මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධක්ෂක D.A PEREGUDOV ඇතුළුව නිලධාරීන් පිරිසක් සමග ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවූනා.එම හමුවට මාද සහභාගී වුනා.

ඊට අමතරව මිග් ගුවන් යානාවල අවසන් කාර්මික තත්ත්ව පිළිබඳ දෙපාර්ශ්වය එකගවීමේ සහතික(FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එමගිවිසුම අත්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G. A. STUDENIKI අතර ශ්‍රි ලංකාවේදී එම සහතික අත්සන් කර ඇත. එම සහතිකයUKRINMASH සමාගමෙහි නියෝජිතයන් අත්සන් කර තිබෙනවා.මේ ලේඛණ අනුව ශ්‍රි ලංකාව සමග පැවති අදාල ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කරනැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිලිගත නොහැකි කරුණක් බව මින් පැහැදිලිවෙනවා.

ගිවිසුමේ එකග වී ඇති පරිදි UKRINMASH සමාගමේ වගකීම් සහතිකයටඅනුව ගුවන්යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන්, ප්‍රවාහන,වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව ලබා දී ඇත. මෙම සියලු කාරණා එසේ වූ නමුත්මෙම ගිවිසුම මා විසින් සුදානම් කර ඇති කූටගිවිසුමක් බවත්,ගුවන් හමුදාපති අත්සන් කල ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ .පො.ප. නිහාල් ප්‍රැන්සිස්‌ විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කල සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර, මා සැකකරුවකු ලෙස නම්කර කොළඹ කොටුව මහේස්ත්‍රා අධිකරණය නොමග යවාඇතිබව කිව යුතුයි.

තවදුරටත් ඉහත ගණුදෙනුව කෙරෙහි විශේෂ උද්යෝගයකින් කටයුතු කරනු ලැබූ බව පෙන්වාදීම සඳහා පොලිසිය අවධාරනය කර ඇති තවත් කරුණක් වනුයේ යථෝක්ත ගිවිසුම ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අත්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශවය වෙත ගිවිසුමරැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි.නමුත් මා ගෞරවයෙන් සැලකරනු ලබන්නේ උක්ත ප්‍රකාශය සහමුලින්ම අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවයි.ඇත්ත වශයෙන්ම ගුවන්හමුදාපතිවරයා මෙමගිවිසුමට අත්සන්කරනුලැබූ2006/07/26දින, මාලංකාවේ නොසිටිබව ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මගින්ද සනාථ කර ඇති බව සදහන් තොරතුරු මා මේ කොමිසමට ඉදිරිපත් කරනවා.

SLAF/2006/07/Air දරණ ගිවිසුමේ Part-1 හි 3 වෙනි පරිච්ඡේදයේ සහ Part-2 හි 4 වෙනි පරිච්ඡේදයේ කරුණු වලට අනුව BELLIMISSAසමාගම විසින් මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය පහසුකම් සපයන බව ගැණුම්කාර පාර්ශවයත් හා විකුණුම්කාර පාර්ශවයත් පිළිගන්නා අතර මේ ගනුදෙනුවට අදාළ සියලූම ගෙවීම් BELLIMISSAසමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් විය.පසුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් BELLIMISSAසමාගම නමටඇමරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත්කර ඇත.එසේම UKRINMASHසමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශවය විසින් එකග වී නැත.ඒ අනුවගනුදෙනුවට අදාල මුදල් UKRINMASH සමාගමට ඍජුව සම්ප්‍රේෂණය නොවීම මත ශ්‍රි ලංකා ගුවන් හමුදාව රැවටිමට ලක්කර බව හුවා දැක්විමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිලිගත නොහැකි බව මාගේ මේ ලිපිලේඛණ වලින්සනාථ වෙනවා.

විශේෂයෙන් කිව යුත්තේFACTORY සහ FINAL ACCEPTANCE CERTIFICTE ලේඛන අදාල බැංකුවට ඉදිරිපත් කර එම මිග්යානා ගනුදෙනුවේ මුළු වටිනාකමෙන් 50% මුදල් ගුවන් හමුදාපතිගේඅනුමැතියමතBELLIMISSA සමාගමට මහජන බැංකුව හරහා ගෙවා ඇති බව මෙහිදී සනාථ වන්නේය. ඒඅතර යුක්රේනියානු නිලධාරීන් පවසන පරිදි යුක්රේනියානු සමාගම්හි, යම් ගිවිසුමට අදාල වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාල ලේඛන විනාශ කිරීමට ආයතනයට බලයක් තිබෙන අතර SLAF/2006/07/Air දරන ගිවිසුම් අවසන් කර දැනටමත් වසර 10 ක් වැඩිකාලයක්‌ගෙවී ඇත. එම කාලය තුල ගිවිසුමට අදාල කිසිදු පාර්ශවයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ලකර නොමැති කිව යුතුයි.

කොමිසමේ සභාපති විනිසුරුවරයා.
“ගිවිසුමට අදාලපාර්ශවයක් විසින් තාමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක්සිදු කර තිබේද?”
වීරතුංග මහතා
ගිවිසුම අවසානයේදී දෙපාර්ශවය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කරබවට ලේඛන අත්සන්කර තිබෙන අවස්ථාවක වුවද යහපාලනය රජයේ අවශ්‍යතාවයන්මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේදේශපාලනගමන නතරකිරීමට, මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලිකර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්දවිජේපාල විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ලිඛිතව පැමිණිලි කර FCDIවිසින් කොටුව මහේස්තරාපසුත් අධිකරණයේ නඩුවක් ගොනුකර,දේශපාලනවශයෙන් මගෙන් පළිගැනීමට අධිකරණය නොමග යවා කටයුතු කළා.

ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්
යහපාලන රජය මගේ පාස්පෝට් එක තහනම් කරන්න හා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගන්න අසත්‍ය තොරතුරු අධිකරණය ඉදිරිපත් කළා එලේස සිදු කීරිමත් දේශපාලන පළිගැනිමට ලක් කිරිමක්වෙනවා. ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත කරන්න පුද්ගල‍යෙකු යම් අධිකරණයෙන් වරද කරුව තිබිය යතුයි නමුත් මට ඒ වන විට කිසිදු අධිකරණයක අධි චෝදනා ගොනුකර වත් තිබුනේ නැහැ. එසේ නැතිනම් නඩුවක් විභාග වන අවස්ථාවේ දී ඊට අදාල අධිචෝදනා පත රතු නිකුත් කළ පුද්ගලයෙකු විය යුතුයි. ජාත්‍යන්තර නීතිය ඒකයි. (Article 83 Interpol Rules on the proceing of date). නමුත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනුකරන ලද බී/639/15 දරන නඩුව පාදක කරගෙන කොටුව මහේස්ත්‍රා අධිකරණය විසින් මට එරෙහිව නිකුත් තරන ලද වරෙන්තුව උපයෝගී කර ඉන්ටර්පෝල් රතු නිවේදනයක් කිරීමට ශ්‍රි ලංකා රජය කටයුතු කර ඇත. එසේ නමුදු මෙම මොහොත දක්වා ශ්‍රි ලංකාව තුළ කිසිදු නඩුවකින් මා වරදකරුවෙකු ලෙස නම් කර නැත. එසේම මෙතෙක් කිසිදු නඩු නිමිත්තක් මූලිකව මා හට අධිචෝදනා පතරදක භාර දී නැති අතර, එවැනි නඩුවක් මහාධිකරණයේ ගොනු කර නැති බවද දන්වා සිටිමි. එසේ බොරු තොරතුරුමත ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය මගින් 2018 වර්ෂයේදීරතු නිවේදනය නිකුත් කර ඇත්තේ Article 83 (1) iii බාහිරව පසුගිය රජය අසත්‍ය කරුණු ඉදිරිපත් කර බව ගරු කොමිසන් සභාවට ප්‍රකාශ කර සිටිමි.

ශ්‍රි ලංකා රජයේ රතු නිවේදනය ජාත්‍යන්තර නීතින්ට පටහැනි බවට මාවිසින් ප්‍රංහ රජයේපිහිටි ඉන්ටර්පෝල් පොලිසියේ මුලස්ථානයට කරනලද අභියාචනාවටඅනුවCommission for the Control of INTERPOL’s Files කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් පොලිසිය විසින් 2018 දි ලංකා රජයට යොමු කරන ලද සියලු ලිපිවලතොරතුරු අඩංගු සම්පුර්ණ ලිපි ගොනුවක් ලංකා රජය සතුව තිබෙනවා ස්වාමිනි.
අදාල ලිපි ගොනුව කොමිසමට ඉදිරිපත් කරන ලෙසට කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි පොලීසිට නියෝග කලේය.

උදර්පන නීතියත් අවභාවිතයට ගෙන පළිගැනීම් කිරීම
පසුගිය 2018 පෙබරවාරි 04 දින ශ්‍රි ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කණ්ඩායම සහ ඩුබායි නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම් මත ඩුබායි සිට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරය බලා පියාසර කිරීමට මා පැමිණි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී නිල් වරෙන්තුවක් මත මා අත්අඩංගුවට ගත නොහැකි බව පවසා සිටින ලද අතර ඔහුන් එම කරුණු පිළිගෙන,මා මුදා හරින ලදී. එදා ශ්‍රි ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් පොලිස් කොට්ටාසයේ සහ ඩුබායි නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්ගේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තුළන් මගේ මූලික මානව අයිතිවාසිකම් පව උල්ලංඝනය කිරීමට පොලිසිය කටයුතු කළා ස්වාමිනි. ඒවගේම නීතියේ ආධිපත්‍ය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි පොලිසිය විසින් මෙසේ නිතිය නැමීම ගැන මා කනගාටු වෙමි.

එසේ නමුත් ශ්‍රි ලංකා පොලිසිය මගින් පසුගිය කාලයේ රතු නිවේදනය නිකුත් කර තිබූ ප්‍රබල බිහිසුණු අපරාධ කළ එල්ටීටීඊ තස්ත්‍රවාදීන් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරම වලට සම්බන්ධ වූවන්ගේ ලැයිස්‌තුවෙන් තස්ත්‍රවාදීන් ඇතුළුව 150ට ආසන්න පිරිසකගේ නම් පසුගිය වසරේදී ශ්‍රි ලංකා පොලිසියේ ඉල්ලීම මත ඉවත්කර ඇති බව මාධ්‍ය තුලින් දැනගැනීම ලැබුණි. එදා දෙමල දේශපාලකයින්ගේ ඉල්ලීම මත එල්ටීටීඊ තස්ත්‍රවාදීන් ඇතුළුව 150 ගේ නම් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කල යහපාලනය රජය, රාජපක්ෂ රජයේ සේවය කල නඩුවක්වත් නැති රුසියාවේ හිටපු තානාපති වන මට එරෙහිව රතු නිවේදනයක්‌ නිකුත්කරන ලෙස ඉන්ටර්පෝල් පොලිසියෙන් අයෑදුමක්‌ කරන ලද්දේ, අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවූ වරදට නිකුත්කල වරෙන්තුවටයි.

අබුඩාබි ‍ෆෙඩරල් අධිකරණයේ නඩුවක්
විමර්ෂණ කටයුතු සදහා අදාළව කටඋත්තරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව දැනුම් දීමක් කළා. එසේ නමුත් යහපාලන දේශපාලන අවශ්‍යතාවයන් මත ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති නිලධාරීන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන් විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මා ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නොයෙකුත් උත්සහයන් නිරත වූවා. මෙම විමර්ශන කටයුතු හේතුවෙන් පසුගිය රජයෙන් මාගේ ජීවිතයට අනතුරක් සිදු විය හැකි බවට මා මනා අවබෝධයෙන් සිටියා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත හිටපු ආරක්ෂක ලේකම් විසින් 2018/05/04 දින, මාව ශ්‍රි ලංකාවට පිටුවහල් කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්ය/යෙන් ඉල්ලා සිටීම එක් උදාහණයක්. මට ජිවිත අනතුරක් ඇති බැවින් ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අබුඩාබී ෆෙඩරල් අධිකරණයේ ගොනු කරන ලද නඩු කටයුතක් හේතු කොට ගෙන එම කාලයේ දී ලංකාවට පැමිණියේ නැහැ. අදාල නඩු කටයුත්ත හේතුවෙන් ලංකාවට පැමිණිමට නොහැකි වුනා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්ය ය තුළ,සැඟවී සිටියේ නැහැ. අබුඩාබි ඉන්ටර්පොල් පොලිසියට මෙන්ම ෆෙඩරල් අධිකරණය ඉදිරියේ එම කාලය පුරා පෙනී සිටියා.මේ බව ශ්‍රි ලංකා පොලිසියේ අදාල නිලධාරීන් පවා දැනුවත් කර තිබුණා. තමන්ගෙන් කටඋත්තරය එමීර් රාජ්‍යයේ දී ලබා ගන්නා ලෙස මා විසින් ශ්‍රි ලංකා පොලියට නැවතත් දැනුම් දි තිබුණා.

වෛරී යුගය අවසන්
ඒ අතර, ජනාධිපතිවරණයට පෙර මා ශ්‍රි ලංකාවට රැගෙන එන ලෙස හිටපු රජය විසින් අබුඩාබි ශ්‍රි ලංකා තනාපති නිලධාරින්ට උපදෙස් ලැබුණු බවට සැකකරමි. එය සනාථ කරමින් වැඩබලන තනාපති අබුඩාබි ෆෙඩරල් අධිකරණයට පැමිණ තිබුණු අතර, එදින අධිකරණය විසින් එම නඩුව අවසන් කරමින් තමන්ට ශ්‍රි ලංකාවට පිටත්වන ලෙස 2019 අගෝස්තු මාසයේදී අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. ජනාධිපතිවරණය සමයේ මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිවඅබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපිල් නඩුවක් ගොනුකිරීමහේතුවෙන් ජනාධිපතිවරණය පවත්වන කාලය තුළ, මා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට තානාපති නිලධාරින්ට කෙසේවත් සිදුකළ නොහැකි විය. වෛරයෙන් රට පාලනය කළ අඳුරු යුගය ජනතා ඡන්දයෙන් අවසන් වී ඇති බවත්, ශ්‍රි ලංකාවේ නව ජනාධිපතිවරයා යටතේ දේශපාලන පලිගැනීම් නතර වන බවට විශ්වාස කර සිය කැමැත්තෙන් ශ්‍රි ලංකාවට පිටත්වන බව අබුඩාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කිරීමමත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු අබුඩාබි ගුවන්තොටුපල පැමිණ2020 පෙබරවාරී 14 දින මා ශ්‍රි ලංකාවට රැගෙන ආවා.පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදුකළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මා මේ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව-2

DNSL-2020-10-21-DIM-5_05-Udayanga-21102020075042-uxz1 මිග් 2

Related Images:

ඇන්ටනෝව් 32 ගුවන්යානා යුක්රේන්මාස්ට භාර දුන්නේ මගේ අනුමැතිය ඇතිවයි

ඇන්ටනෝව් 32 ගුවන්යානා තුනක් අලුත්වැඩියාවට යුක්රේන් මාස් ආයතනයට භාර දුන්නේ මගේ අනුමැතිය ඇතිවයි

හිටපු ජනපති

දේශපාලන පළි ගැනීම් විමසන ජනපති කොමිසම

ශ්‍රී ලංකා රජය සතු වූ ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානා තුනක් අලුත්වැඩියා කිරීමට රුසියාවේ යුක්රේන් මාස් ආයතනයට යහපාලන රජය සමයේදී භාරදී ඇති බවත්, තමාගේ අස්සනින් යුත් කැබිනට් පත්‍රිකාවකින් ඊට අනුමැතිය ලැබී ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (19) පිළිගත්තේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් බොරු සාක්ෂි ඉදිරිපත් කර නඩු පවරා යහපාලන රජය සමයේදී දේශපාලන පළි ගැනීම් කළ බවට සඳහන් කරමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා පැවරූ නඩුවේ සාක්ෂි දෙමින් හිටපු ජනපතිවරයා එසේ පැවැසීය.

යුක්රේන් මාස් ආයතනය සමඟ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් ශ්‍රී ලංකා රජය විසින් කර නොමැති බවට සඳහන් කරමින් යහපාලන ආණ්ඩුව දිගින් දිගටම බොරු චෝදනා එල්ල කළ බව උදයංග වීරතුංග මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබිණි.

උදයංග වීරතුංග මහතාගේ පැමිණිල්ල අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂිකරුවකු කර තිබූ අතර ඒ අනුව මේ සාක්ෂිය ලබා දුන්නේය.

යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිළිබඳ නීතිඥ දක්ෂිත දේවපුර මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

‘මේ කොමිසමේ සාක්ෂිදීමට මට සිතාසියක් ලැබුණා. මේ පැමිණිල්ල කළ උදයංග වීරතුංග මහතා මා දන්නවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ උදයංග මහතා ජනපති කාර්යාලයට ආවා. මා එම වකවානුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළා. ඒ කාලයේ මා රුසියාවේ සංචාරයේ යෙදුණා කියලා මට මතක නෑ. 2010 සහ 2015 කාලයේදී රුසියාවට යන්නත් ඇති. නමුත් මට හරිහැටි මතක නෑ. උදයංග මහතාගේ පවුලේ උදවිය සමහර විට හමුව ඇති. රාජකාරීමය වශයෙන් උදයංග මහතා සමඟ සම්බන්ධයක් තිබුණා කියලා මට මතක නෑ.

2006 වසරේ මිග් ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳව යහපාලන රජය විමර්ශනය කළා කියලා දැනුවත්භාවයක් නෑ. 2015 පසුව දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් තිබුණා. ඒක තිබුණේ අරලියගහ මන්දිරයේ. හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් එය පැවැතියා. ඊට මගේ හෝ මගේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධයක් නෑ.

මාධ්‍ය ඔස්සේ යම් දැනුවත්භාවයක් ලැබුණා ද කියලා මට මතකයක් නෑ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2006 දී මිග් යානා ගත්තාද කියලා මගේ දැනුවත්භාවයක් නෑ. කැබිනට් ඇමැතිවරයකු ලෙස හෝ දැනුවත් නෑ. ඒ කාලයේ මම කෘෂිකර්ම හා මහවැලි ඇමැති ලෙස කටයුතු කළා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් එන කැබිනට් පත්‍රිකා ගැන දැනුවත් නෑ.

යුද්ධ කාලයේ බඩු භාණ්ඩ ගැනීම පිළිබඳ උනන්දුවක් දැක්වූයේ නෑ. යුද්ධය ගැන උනන්දු වී හිටපු ජනපති කාලේ යුද්ධය හොඳින් කිරීම පිළිබඳ අපේ පැහැදීමක් තිබුණා. ඒ නිසා අනවශ්‍ය කටයුතු ගැන ඇඟිලි ගහන්න වුවමනාවක් තිබුණේ නෑ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම ගැන දැනුවත් බවක් තිබෙනවා. නමුත් ඒ කොට්ඨාසය කළ කටයුතු ගැන මා දන්නේ මාධ්‍යයෙන් පළ වූ දේවල් පමණයි. 2018 දෙසැම්බර් මාසේ නීතිය හා සාමය අමාත්‍යාංශය මගේ අතට ආවා. එයින් පසුව එම දූෂණ විරෝධී කමිටුව අහෝසි කරන්න කටයුතු කළා.

අපි ද්වි-පාර්ශ්වික ආණ්ඩුවක්. ඒ නිසා අනික් පාර්ශ්වයේ කටයුතු ගැන මාගේ ඇඟිලි ගැසීමක් තිබුණේ නෑ. එෆ්. සී. අයි. ඩී. එක ගැන මහජන විවේචන තිබුණා. ආණ්ඩුව ඇතුළෙත් විවේචන තිබුණා. මටත් විවේචන තිබුණා. ඒ නිසා මා පොලිසිය භාර ගත් පසු එය නතර වුණා කියලයි මගේ හැඟීම. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු හරියාකාරව සිදු නොවන බවට ජනතා විවේචන ආවා. එතැන මූල්‍ය අක්‍රමිකතා සිදු වුණා. දේශපාලන පළිගැනීම් තිබුණා කියලා මහජන මතයක් තිබුණා.’

කොමිසම:

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු ගැන යම් යම් අය ඔබට පැමිණිලි කළා ද?

හිටපු ජනපති:

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූල නෑ කියලා විජේදාස රාජපක්ෂ මහතා පවා කිව්වා. ඒ නිසා ඒක අභාවයට ගියා කියලයි මගේ හැඟීම. එෆ්. සී. අයි. ඩී. ගැන පෞද්ගලික පැහැදීමක් මට තිබුණේ නෑ.

කොමිසම:

දූෂණ මර්දන කාර්යාලය පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයෙන් මුදල් පිට් පොකට් ගහලා ද?

හිටපු ජනපති:

නෑ. මා දන්න විදියට මුදල් වෙන් කළේ අනෙක් පාර්ශ්වයෙන්.

කොමිසම:

ඒ නිසාම තමයි මා කිව්වේ පිට් පොකට් ගැහුවා කියලා. දූෂණ විරෝධී කමිටුවට මුදල් වෙන් කළේ ජනපති කාර්යාලයෙන්.

හිටපු ජනපති:

මා ඒ ගැන දැනුම්වත් නෑ.

කොමිසම:

2015 ජනවාරි මස 21 වැනි දින හිටපු අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව අනුව රුපියල් මිලියන 7.5ක් ජනපති කාර්යාලයෙන් වෙන් කර තිබුණා.

හිටපු ජනපති:

මා ඒ ගැන දැනුම්වත් නෑ.

කොමිසම:

ජාතික විධායක සභාව ඔබ ජනපතිවීමට පෙර පිහිටවූවක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් කියා සිටියා.

හිටපු ජනපති:

එහෙම එකක් පිහිටුවූවා කියලා මගේ දැනුම්වත්භාවයක් නෑ. එහෙම ගිවිසුමක් හෝ එකඟතාවක් නෑ.

කොමිසම:

මේ දූෂණ කාර්යාලයේ කමිටු තිබුණා. නිලධාරීන් 44ක් සේවය කරනවා. මේ කමිටුව නීත්‍යනුකූල ද?

හිටපු ජනපති:

ඔව්. ඔක්කොම රැස් වූයේ අරලියගහ මන්දිරයේ මගේ දැනුම්වත්භාවයක් නෑ.

කොමිසම:

මේ කමිටුව සී. අයි. ඩී.යට උපදෙස් දී තිබෙනවා. අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳ සාකච්ඡා කළා. ඔබ දැනුම්වත් ද මේ ගැන?

හිටපු ජනපති:

ස්වාමීනි, මේ දූෂණ විරෝධී කාර්යාලය කාලය දීර්ඝ කරන්න කැබිනට් පත්‍රිකාවක් ආවා. එහිදී මා විරුද්ධ වුණා. මගේ කාර්ය මණ්ඩලය කවුරුවත් එහි සිටියේ නෑ. මා තදින් විරුද්ධ වෙලා ඒක නැවැත්තුවා.

(2016 ජනවාරි මස 03 වැනි දින හිටපු ජනපතිවරයා නිකුත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.)

කොමිසම :

මේ පත්‍රිකාවේ තිබෙන්නේ ඔබේ අත්සන ද?

හිටපු ජනපති :

ඔව්. මගේ අත්සන.

නීතිඥවරයා:

ඇන්ටනෝව් 32 ගුවන් යානා තුනක් අලුත්වැඩියා කරන්න ඔබතුමා කැබිනට් අනුමැතියක් ගත්තා නේද?

හිටපු ජනපති :

මිග් යානා මිලදී ගැනීම හෝ අවලංගු කිරීමේ ටෙන්ඩර් ගැන මා දැනුම්වත් නෑ. මට මතක නෑ. මොකද මා අත්සන් කිරීමට පෙර නිලධාරීන් පහක් හයක් අත්සන් කරනවා. මෙය මගේ කැබිනට් සංදේශයක් බව පිළි ගන්නවා.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා:

දූෂණ විරෝධී කමිටුවට මූල්‍ය පහසුකම් ලබාදීම ගැන ඔබගෙන් විමසුවා. ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 7.5ක් ඊට වෙන් කළ බව හිටපු අගමැතිවරයා කිව්වා.

හිටපු ජනපති :

මට ඒ ගැන මතකයක් නෑ.

රොහාන්ත අබේසූරිය මහතා :

ඔබගේ අනුමැතිය නැතුව එහෙම කළ හැකි ද?

හිටපු ජනපති:

අද කියන කොට තමයි දැන ගත්තේ. මා දැනුම්වත් නෑ.

කොමිසම:

උදයංග මහතාගේ තානාපතිකම 2015 පසුව අහෝසි වුණා නේද?

හිටපු ජනපති :

ඒ ගැන විදේශ අමාත්‍යාංශයෙන් ඇසිය යුතුයි. ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගැනීම පිළිබඳව මා දැනුම්වත් නෑ.

ඇත්ත වශයෙන්ම ඔය කටයුතු පිළිබඳව මගේ මතකයක් නෑ.

රෝෂන් තුෂාර

ඇන්ටනෝව් 32 ගුවන්යානා තුනක් අලුත්වැඩියාවට යුක්රේන් මාස් ආයතනයට භාර දුන්නේ මගේ අනුමැතිය ඇතිවයි

Related Images:

මාධ්‍යවලින් දුටුදේ හැරෙන්නට දූෂණ මර්දන කමිටුව ගැන කිසිවක් දැන සිටියේ නැහැ

මාධ්‍යවලින් දුටු දේ හැරෙන්නට පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු කාර්යාලය හෝ එහි කටයුතු ගැන කිසිවක් දැන සිටියේ නැහැ – හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන
fShare
p7 1- පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනපති කොමිසම

මාධ්‍යවලින් තමා දුටු දේ හැරෙන්නට තම රජය යටතේ ක‍්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටු කාර්යාලය හෝ එහි කටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්භාවය නොතිබුණු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (19 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

එහි විභාග කළ පැමිණිලි ගැනද තමාට දැනුමක් නොමැති බවද මාධ්‍ය තුළ දකින දේ හැරෙන්නට ඒ සම්බන්ධයෙන් තමාට වෙන දැනුමක් නොමැති බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

කොමිසම ඊයේ (19 දා) උදේ 10.30 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක මහතාගේ සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් රැුස්විය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා විසින් මෙම කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සාක්‍ෂි ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ මෙම කොමිසම හමුවට කැඳවා තිබිණි.

නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි අතර කොමිසමට සහාය වන නීතීඥවරයා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රශ්න අසන ලදී. එහිදී සාක්‍ෂිකරුගෙන් අසන ලද ප‍්‍රශ්න සහ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

නීතීඥ – නම ?

සාක්‍ෂිකරු – පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත‍්‍රිපාල සිරිසේන.

නීතීඥ – ඔබ උදයංග වීරතුංග යන අය දන්නවාද

සාක්‍ෂිකරු – අඳුනනවා.

නීතීඥ – ඔබ ඔහුව අඳුන්නේ කොහොමද?

සාක්‍ෂිකරු – මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කාලේ උදයංග වීරතුංග මැතිතුමා අරලියගහ මන්දිරයට ආව ගියා. ඒ කාලෙ මම අමාත්‍යවරයෙක්. ඒ අනුව දැනහැඳින ගෙන තිබුණා.

නීතීඥ – ඒ කුමන කාලවකවානුවකද?

සාක්‍ෂිකරු – ඒ 2015 ට ඉස්සර වෙලා

නීතීඥ – ඔබ ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති ලෙස යම් අවස්ථාවක කටයුතු කර තිබෙනවාද?

සාක්‍ෂිකරු – නෑ ස්වාමිනී

නීතිඥ – ඔබතුමා සෞඛ්‍ය ඇමැති ලෙස සිටියදී. රුසියාවේ සංචාරයක නිරත වුණාද?

සාක්‍ෂිකරු – සෞඛ්‍ය ඇමැති කාලෙ රුසියාවේ සංචාරයක යෙදුණේ නැහැ මට මතක විදිහට. මම රුසියාවේ සංචාරයක යෙදුණේ ජනාධිපති කාලෙ කියලයි මට මතක. සෞඛ්‍ය ඇමැති කාලෙ ගියාද නැද්ද කියල මට හරියටම මතක නැහැ.

නීතිඥ – වර්ෂ 2010 – 2015 කාලයේදී උදයංග වීරතුංග මහතා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරද්දී ඔබතුමා රුසියානු තානාපති කාර්යාලයට ගියා මතකද?

සාක්‍ෂිකරු – ම්…… විදේශ සංචාර ගැන මට හරියටම මතකයක් නෑ. යන්නත් ඇති. හරියට ඒ ගැන මගේ මතකයක් නෑ.

නීතීඥ – ඒ වගේම පැමිණිලිකරුගේ පවුලේ උදවිය ඔබතුමාට යම් අවස්ථාවක මුණගැසුනාද?

සාක්‍ෂිකරු – සමහර විට හමුවෙලා ඇති

නීතීඥ – ඔබ සහ උදයංග වීරතුංග මහතා අතර යම් රාජකාරී මට්ටමේ යම් සම්බන්ධයක් තිබුණාද?

සාක්ෂිකරු – රාජකාරී වශයෙන් නම් එහෙම සම්බන්ධයක් තිබුණු බවක් මගේ මතකයේ නෑ.

නීතීඥ – 2015 වර්ෂයේ ඔබ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පැමිණිලිකරුට අදාළ යම් විෂයගත කරුණන් වන මිග් ප‍්‍රහාරක ජෙට් යානා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගැනීම සම්බන්ධව යම් විමර්ශණයක් ආරම්භ කරා කියලා ඔබතුමා දැනුවත්ද?

සාක්‍ෂිකරු – මට නම් ඒ පිළිබඳ දැනුවත්භාවයක් නෑ.

නීතීඥ – දූෂණ මර්දන කමිටුව යන කමිටුවක් ස්ථාපනය කරන ලද බව ඔබට මතකද?

සාක්‍ෂිකරු – ඒ කියන්නේ 2015 න් පසුවද

නීතීඥ – ඔව් 2015 න් පසුව

සාක්‍ෂිකරු – දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තිබුණේ අරලිගහ මන්දිරයේ අගමැති තුමාගේ ප‍්‍රධානත්වයෙන්. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඒකට මගේ නිලධාරීන් සම්බන්ධ වුණේ නැහැ. මම සම්බන්ධ වුණේත් නැහැ. ඒ කටයුතු පිළිබඳ මගේ කිසිම සම්බන්ධයක් නැහැ ස්වාමිනී.

නීතීඥ – එම කමිටුවට ලැබුණු පැමිණිලි යනාදිය සහ විශේෂයෙන් මාධ්‍ය හරහා හෝ ප‍්‍රචාරයක් ලැබූ පැමිණිලි සම්බන්ධව ඔබතුමා යම් දැනුවත් භාවයක් තිබේද?

සාක්‍ෂිකරු – මාධ්‍යයෙන් සමහර දේවල් දැක්කා. මාධ්‍යවල දකින දේවල් හැරෙන්න වෙන ඒ සම්බන්ධයෙන් මගේ දැනුවත් වීමක් නෑ.

නීතිඥ – උදයංග වීරතුංග මහතාගේ විමර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ හෝ ඔබ යම් ආකාරයක දැනුවත්භාවයක් ලැබුවාද?

සාක්‍ෂිකරු – මට ඒ ගැන හරියට මතකයක් නෑ.

නීතීඥ – යුද කාලෙ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප‍්‍රහාරක යානා මිලදී ගැනීමක් කරලා තියෙනවා. ඒ ගැන ඔබගේ දැනුවත්භාවයක් තියෙනවාද?

සාක්‍ෂිකරු – ඒ ගැන කිසිසේත්ම මගේ දැනුවත් භාවයක් නෑ.

නීතීඥ – විශේෂයෙන් 2005 – 2009 කාලය තුළදී මේ රටේ තිබුණා වූ ඒ යුදමය වාතාවරණය හේතුකොටගෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් ගුවන්යානා සහ යන්ත‍්‍ර උපකරණ ගැන ඔබතුමා කැබිනට් ඇමැතිවරයෙක් ලෙස දැනුවත් භාවයක් තිබුණේ නැද්ද?

සාක්‍ෂිකරු – ඇත්තටම නැහැ. මොකද ඔය කියන කාලෙ මම කාෂිකර්ම ඇමැති විදියට, මහවැලි ඇමැති විදියට වගේ කටයුතු කළේ. 2004 න් පස්සේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් එන කැබිනට් පත‍්‍රිකා පිළිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නෑ ස්වාමිනී.

නීතීඥ – එසේ අවධානයක් යොමු නොවීමට විශේෂ හේතුවක් තියෙනවද?

සාක්‍ෂිකරු – විශේෂයෙන් ඒ යුද්ධ කාලෙ කෙරුණු කටයුතු ගැන අපි එහෙම බඩු භාණ්ඩ ගෙන්වීම ගැන සෙවීමක් තිබුණේ නැහැ. යුද්ධය පිළිබඳව තමයි අපේ උනන්දුව තිබුණෙ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන්. හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ ඒ කටයුතු ත‍්‍රිවිධ හමුදාව, ආරක්‍ෂක අංශ හොඳින් සිදු කිරීම ගැන අපේ පැහැදීමක් තිබුණා. ඒ නිසා අපි ඒ පිළිබඳව අනවශ්‍ය විදිහට සොයා බැලීම මගේ අතින් සිදු වුණේ නැහැ.

නීතීඥ – 2015 න් පසුව මූල්‍ය අපරාධ කොට්ඨාසය කියලා පොලිසියෙන් යම් කොට්ඨාසයක් නිර්මාණය වෙනවා නේද?

සාක්‍ෂිකරු – එහෙමයි

නීතීඥ – එම කොට්ඨාසය මගින් මෙම පැමිණිලි කරුගේ පැමිණිල්ලට අදාළව යම්කිසි විමර්ශනයක් එවකට සිදු කර තිබෙනවා. ඒ ගැන ඔබතුමා දැනුවත්ද?

සාක්‍ෂිකරු – ඒ සම්බන්ධයෙන් මා මාධ්‍ය තුළ දකින දේ හැරෙන්න දැනුමක් නෑ. නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව 2015 දී මුලින්ම හිටිය මාරපන ඇමැතිතුමා. ඒ වගේම මගේ කාලය තුළ ඇමැතිවරු 4 දෙනෙක් විතර හිටියා. නීතිය හා සාමය අමාත්‍යාංශය මගේ අතට ආවේ 2018 දෙසැම්බර් මාසෙ. එතකොට 2018 දෙසැම්බර් මාසෙන් පස්සේ නම් ඔය එෆ්සීඅයිඞී එකේ කටයුතු ගැන එහෙම උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා නීතිය හා සාමය භාරව සිටි ඇමැතිවරු තමයි ඒ කටයුතු කළේ. ස්වාමිනී ඒක ද්විපාර්ශ්වික ආණ්ඩුවක්. මම ජනාධිපතිවරයා විදියට අනික් පාර්ශ්වයේ කටයුතු ගැන මගේ අත ගැසීමක් තිබුණේ නැහැ. ද්විපාර්ශ්වික ආණ්ඩුවක් ලෙස අපේ එක`ගත්වයක් තිබුණා. ඒ අනුවයි කටයුතු කළේ.

නීතීඥ – ඔබ කිව්ව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු යම් ආකාරයකින් නතර වුණා කියලා ඒ කුමන කාරණා නිසාද?

සාක්‍ෂිකරු – මේ ගැන මහජන පැමිණිලිත් ආව, ආණ්ඩුව ඇතුළෙනුත් විවේචන ආවා. මට මතක විදිහට මගේ අතිනුත් විවේචන ආවා ඒ කටයුතු සම්බන්ධයෙන්. මට දැන් සිද්ධි විදිහට මතක නැහැ. ඒ නිසා මම පොලිසිය භාර ගත්ත කාලෙ වන විට හු`ගක් අකර්මන්‍ය තත්ත්වයට පත් වෙලා තිබුණු බව තමයි මට මතක.

නීතීඥ – කුමන කරුණු නිසාද මූල්‍ය අපරාධ කොට්ඨාසයට විවේචන එල්ල වුණේ

සාක්‍ෂිකරු – ජනතාවගෙන් මතයක් ආවා එතන හරියාකාරව කටයුතු කෙරෙන්නේ නැහැ සහ එතනත් දූෂණ වංචා සිදුවෙනවා ඒ වගේම සමහර වේලාවට දේශපාලන පළිගැනීම් සිදුවෙනවා කියල මතයක් ඇති වුණා. ඒ තත්ත්වය උඩ ඒක අකර්මන්‍ය වුණා කියන එක තමයි මගේ මතය.

සභාපති – මූල්‍ය අපරාධ කොට්ඨාසය නිත්‍යානුකූලව පිහිටුවල නැහැ කියලා ඒ දවස්වල මතයක් ගොඩනැගුන නේද?

සාක්‍ෂිකරු – එහෙමයි ස්වාමිනී එහෙම නීති තර්ක ඉදිරිපත් වුණා. සමහර වේලාවට ආණ්ඩුවෙන්ම තර්ක ඉදිරිපත් වුණා. විපක්‍ෂයෙන් විතරක් නෙවෙයි මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූල නැහැ කියලා මට මතක හැටියට විජේදාස රාජපක්‍ෂ මහතාත් කිව්වා. ඒ විදියට ඒක අභාවයට ගියා කියන එකයි මගේ මතය.

නීතීඥ – ඒ වගේම දූෂණ මර්දන කමිටුවට සහ දූෂණ මර්දන කමිටු කාර්යාලයටත් විවේචන එල්ලවූ බව ඔබට මතකද?

සාක්‍ෂිකරු – චෝදනාඑල්ල වුණා. ඒ සම්බන්ධයෙන් මගෙත් පෞද්ගලිකව පැහැදීමක් තිබුණෙ නැහැ එෆ්සීඅඞී එක ගැන.

හිටපු මුදල් ඇමැති සහ විදේශ ඇමැති රවි කරුණානායක මහතාද උදයංග වීරතුංග මහතාගේ පැමිණිල්ලට අදාළව සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඊයේ කොමිසම හමුවට කැඳවා තිබිණි.

තමා කටයුතු කළේ පුදුමාකාර මුදල් ඇමැතිවරයෙකු ලෙස බවත් මහ බැංකුව තිබුණේ හිටපු අගමැතිවරයා යටතේ සහ වාණිජ බැංකු තිබුණේ කබීර් හෂීම් ඇමැතිවරයා යටතේ යැයි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගිය රජයේ දේශපාලන

පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

තමාට උදයංග වීරතුංග මහතා සම`ග පුද්ගලික තරහක් නැති බවත් තමාට වුණා මිස අනිත් අයට දේශපාලන පළිගැනීමක් සිදු නොකළ බවත් කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා කීවේය. සාක්‍ෂිකරු යහපාලන රජය සමයේදී තමා දරන ලද අමාත්‍ය ධුර ගැන විස්තරයක්ද කොමිසමට ඉදිරිපත් කළේය.

මිග් යානා ගනුදෙනුවේ විමර්ශන සම්බන්ධයෙන් යම් අවස්ථාවල කැබිනට් මණ්ඩලයේදී කතා කළ බවද සාක්‍ෂිකරු කීවේය.

එසේම උදයංග වීරතුංග මහතාගේ පැමිණිල්ලට අදාළව ඊයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නේය. ඔහු උදයංග වීරතුංග මහතා සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විදේශගතව වූ අවස්ථාවලට අදළ විස්තර සම්බන්ධයෙන් කොමිසම විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

කොමිසම යළි අද (20 දා) උදේ 10.00 ට රැස්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මාධ්‍යවලින් දුටු දේ හැරෙන්නට පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු කාර්යාලය හෝ එහි කටයුතු ගැන කිසිවක් දැන සිටියේ නැහැ – හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන

Related Images:

මිග් ගනුදෙනුවේ ඇත්ත කතාව

ගුවන් හමුදාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුව ආරක්ෂක ලේකම්වරයාගෙන් ගනුදෙනුවට අනුමැතිය ඉල්ලා තිබෙනවා
– දෙරටේ ගුවන් හමුදාපතිවරු හා එරට වැඩබලන ආරක්ෂක ලේකම් අතර හමුවකට මාත් සහභාගි වුණා

– නඩු නිමිත්තෙන් සැකකරු විය යුත්තේ මා නොවේ තීන්දු තීරණ ගත් අයයි
– UKRINMNSH සමාගමට මුදල් ගෙවන්න දෙපාර්ශ්වයම එකඟ වෙලා නෑ

මිග් යානා ගනුදෙනුවට අදාළ ගිවිසුම්වලට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කළ කාල වකවානුවේ තමා මෙරට නොසිටි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඊයේ (15 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

 ගුවන් හමුදාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රමුඛ විශේෂ තාක්ෂණික නිලධාරීන් ඇතුළු විසිතුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක නිර්දේශය මත අදාළ මිග්යානා ගනුදෙනුව සිදුවී ඇති නිසා එය ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදුවූ ගනුදෙනුවක් බවට එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙන බවද උදයංග වීරතුංග එම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවැසීය.
ජනාධිපති කොමිසමේ නීතිඥ දක්ෂිත දේවපුරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙසේද පැවැසීය.

‘මෙම ගනුදෙනුවට අදාළ මුල් ලිපිය ඉදිරිපත්ව ඇත්තේ 2006 ජනවාරි 25 වැනිදා එකල ගුවන් හමුදාපතිවරයා විසින් එවක ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසයි. ඒ අනුව මෙම ගනුදෙනුව සඳහා මුල පුරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ම බවත් අදාළ ගනුදෙනුව මාගේ මූලිකත්වයෙන් අරඹන ලද්දක් නෙවෙයි.

ඉන්පසු යුක්‍රේනයේ UKRINMNSH නමැති සමාගමේ නියෝජිතයකු 2006/02/06 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් මුණගැසී ඇති අතර පසුව ලිපියක් මගින් මිග් ගුවන් යානා හතරක් අලෙවි කිරීම හා තවත් මිග් යානා හතරක් නඩත්තු කටයුතු සඳහා වන ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපිය මගින් අදාළ සේවා සඳහා ඇමෙරිකානු ඩොලර් 14,280,000ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපියේ අවසාන පිටුවේ සඳහන් කර ඇත්තේ එකී අර්පනය FINANCIER මුදල් සපයන්නෙක් සමග එක්ව ඉදිරිපත් කරනු ලබන බවත් එම මුදල් සපයන්නාගේ FINANCIER නම ගිවිසුම අත්සන් කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බව ගුවන් හමුදාපති වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එකී FINANCIERගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව මුල සිටම දැනුවත් කර තිබෙනවා.

ඉන්පසු ජාතික ප්‍රසම්පාදන ඒජන්සියේ සභාපතිවරයා ගුවන් හමුදාපතිවරයාගේ සභාපතිත්වයෙන් හා නිලධාරීන් හය දෙනෙක්ගෙන් යුත් තාක්ෂණික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් පත්කළා.ඒඅනුවගුවන් හමුදා පතිවරයා ප්‍රධාන තාක්ෂණ ඇගයීම් කමිටුව ස්වකීය නිර්දේශ මගින් UKRINMNSH සමාගමෙන් අදාළ යානා මිලදී ගන්නා ලෙසත් ගෙවිය යුතු මිල ගණන් දන්වා ඊට අනුමැතිය දෙන ලෙසටත් ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබෙනවා.
එසේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය මගින් පත්කර තිබූ ප්‍රසම්පාදන කමිටුවක් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ යථෝක්ත නිර්දේශ හා ගුවන් හමුදාපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ 2006/05/05 වැනිදා ඉදිරිපත් කර තිබෙනවා. පසුව යානා මිලදී ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකළ බව ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබුණා යැයි හෙතෙම කීවේය.

ඒ අනුව ගනුදෙනුවට අදාළ ක්‍රියාපටිපාටිය සිදුකරන ලද්දේ තමන් විසින් නොවන බැවින් මෙම ගනුදෙනුව මූලිකව ගොනුකර ඇති නඩු නිමිත්තේ සැකකරු විය යුත්තේ තමන් නොව එම තීන්දු තීරණ ගත් පුද්ගලයන් බවත්, යහපාලන රජය විසින් දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ සැකකරුවකු ලෙස තමන් නම්කර ඇති බවත් උදයංග වීරතුංග පැවැසීය.

2006/06/09 දින හමුදාපතිවරයා THE LETTER OF GUARANTEE යන ශීර්ෂය සහිත ලිපියක් UKRINMNSH සමාගමේ අධ්‍යක්ෂ PEREGUDOV යන අයට යොමු කර ඇති බවත් එය ලියනුයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් බවත් අදාළ යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාවක් UKRINMNSH හරහා කරවාගැනීමට අපේක්ෂා කරනු ලබන බවට සහතික එමගින් වී ඇත. ඒ අනුව ඔහු තවදුරටත් දන්වා ඇත්තේ අදාළ යානා හදිසියේ මිලදී ගැනීමට අවශ්‍යව ඇති බැවින් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට පෙරම අදාළ යානා අලුත්වැඩියාව කිරීමේ කටයුතු අරඹන ලෙසයි.

ඒ අනුව ගුවන් හමුදාවේ ඉන්ජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් යුක්රේනියාවේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා පිටත්වී ඇති බවයි. සැකකරු කොමිෂන් සභාවට පැවැසීය. තමා රුසියානු සමූහාණ්ඩුවට සමගාමීව යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය ආරම්භ කර ඇත්තේ මෙම සියලු කටයුතු මෙලෙස සිදුවීමෙන් පසුව, එනම් 2006/07/17 වැනිදා සිට වන අතර ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සමග 2006 ජූලි 4 වැනිදා අත්සන් තබා ඇති බවද සාක්ෂිකරු කීවේය.

තමා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමට මසකටත් පෙර මෙම ප්‍රශ්නගත මිග්යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාවට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහමුලින්ම අවසන් වී ඇති බවත්, අදාළ අලුත්වැඩියා කටයුතු අරඹන ලෙස මෙකී UKRINMNSH සමාගම වෙත නිල වශයෙන් ගුවන් හමුදාපති විසින් දන්වා අවසන් කොටතිබූ බව උදයංග වීරතුංග මහතා කීවේය. ගුවන් හමුදාවේ ඉන්ජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මිග්යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගිවිසුමට අදාළව සේවය කිරීම සඳහා යුක්රේනියාවේ ලුවෝෆ් නගරයට පිටත්වී ඇති අතර, 2006 ජූලි 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉහත කී BELLIMISSA HOLDINGS සමාගම වෙත END USER සහතිකය දෙකක් නිකුත් කර ඇති බවද හෙතෙම පැවැසීය. එසේම අදාළ ඇණවුම තහවුරු කරමින් 2006/07/15 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ORDER CONFIRMATION එකක් UKRINMNSH සමාගම වෙත යවා ඇති බවත් එහි මෙම ගනුදෙනුවට අදාළ ගෙවීම් BELLIMISSA සමාගම වෙත කරනු ලබන බවට පැහැදිලිව තිබූ බවත් සාක්ෂිකරු කීවේය.

‘‘ශ්‍රී ලංකා ගුවන් හමුදාව BELLIMISSA සමාගම සහ UKRINMNSH සමාගම අතර ත්‍රිපාර්ශ්වික ගිවිසුම 2006-07-26 වැනිදා ගුවන් හමුදාපතිවරයා අත්සන් කරන්නේ ඉන් අනතුරුවය. ඉන්පසු එම ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවා ඇති අතර ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට මහජන බැංකුව හරහා ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ ගිවිසුමට අදාළ මුදල BRLLIMISSA සමාගම වෙත ගෙවන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිසක් යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදී ගත් මිග් -27 යානා පරීක්ෂාකර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරීක්ෂා කිරීමෙන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්තශාලා කාර්මිකත්ව එකඟවීමේ සහතිකය (FACTORY ACCEPTANCE CERTIFICTE) 2006.12.09 දින නිකුත් කර තිබෙනවා. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය UKRINMNSH සමාගමේ නියෝජිතයෙක් අත්සන් කර තිබීම සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කර තම නිල මුද්‍රාව තබා තිබීමයි’’ යනුවෙන් පවසා ඊට අදාළ සියලු ලේඛන උදයංග වීරතුංග විසින් ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලදී.

එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධ්‍යක්ෂ D.A. PEREGUDOV ඇතුළු නිලධාරීන් පිරිසක් සමග ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවූ බවත් තමාද ඊට සහභාගි වූ බවත් වීරතුංග මහතා පැවැසීය.

‘‘අවසන් කාර්මික තත්ත්වය පිළිබඳ දෙපාර්ශ්වය එකඟවීමේ සහතික (FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉන්ජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එම ගිවිසුම අත්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI අතර ශ්‍රී ලංකාවේදී අත්සන් කළා. එම සහතිකය UKRINMNSH සමාගමේ නියෝජිතයන් අත්සන් කිරීමෙන් පැහැදිලිවම සනාථ වන්නේ ශ්‍රී ලංකාව සමග පැවැති අදාළ ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කර නැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිළිගත නොහැකි කරුණක් බවයි.

ගිවිසුමේ එකඟ වී ඇති පරිදි UKRINMNSH සමාගමේ වගකීම් සහතිකයට අනුව ගුවන් යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන් ප්‍රවාහන හා වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව විසින් ලබාදී තිබෙනවා. එසේ වුවත් මෙම ගිවිසුම මා විසින් සූදානම් කර ඇති කූට ගිවිසුමක් බවත්, ගුවන් හමුදාපති අත්සන් කළ ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 5 ප්‍ර.පො.ප. නිහාල් ප්‍රැන්සිස් විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර සැකකරුවකු ලෙස නම්කර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නොමග යවා තිබෙනවා’’ යැයි හිටපු තානාපති උදයංග වීරතුංග සාක්ෂි දෙමින් පැවැසීය.

එම ගනුදෙනුව කෙරෙහි විශේෂ උද්‍යෝගයකින් කටයුතු කළ බව පෙන්වාදීම සඳහා පොලිසිය අවධාරණය කර ඇති තවත් කරුණක් වන්නේ එම ගිවිසුම ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අත්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශ්වය වෙත ගිවිසුම රැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි. නමුත් එය අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවත්, ඇත්ත වශයෙන්ම ගුවන් හමුදාපතිවරයා මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබූ 2006.07.26 දින මා ලංකාවේවත් සිට නැති බවත්, ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මගින් ද සනාථ කර තිබෙනවා.

මෙම ගනුදෙනුවට අදාළ සියලුම ගෙවීම් Bellimissa සමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් වුණා. පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් Belmissa සමාගම නමට ඇමෙරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත් කර තිබුණා. Ukrinmash සමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශ්වය විසින්ම එකඟ වී නෑ. ඒ අනුව ගනුදෙනුවට අදාළ මුදල් Ukrinmash සමාගමට ඍජුව ප්‍රේෂණය නොවීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැවටීමට ලක් කළ බව හුවා දැක්වීමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිළිගන්න බෑ.

යුක්රේනියානු නිලධාරින් පවසන පරිදි යුකරේනියානු සමාගමට යම් ගිවිසුමට අදාළ වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාළ ලේඛන විනාශ කිරීමට බලයක් තිබෙනවා. SLAF/2006/07/Air දරන ගිවිසුම අවසන් කර දැනටමත් වසර 10 කට වැඩි කාලයක් ගතවෙලා. එම කාලය තුළ ගිවිසුමට අදාළ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ල කර නෑ’’ යැයි වීරතුංග මහතා කොමිෂන් සභාවට කීවේය.

එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න විසින් ප්‍රශ්න කරන ලද්දේ ‘ගිවිසුමට අදාළ පාර්ශ්වයක් විසින් තමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක් සිදුකර තිබේදැ’යි යන්නය.
ගිවිසුම අවසානයේදී දෙපාර්ශ්වය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කළ බවට ලේඛන අත්සන් කර තිබෙන අවස්ථාවක වුවද, යහපාලනය රජයේ අවශ්‍යතාවන් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශපාලන ගමන නතර කිරීමට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලිඛිතව පැමිණිලි කර එෆ්සීඅයිඩී විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර, දේශපාලන වශයෙන් තමාගෙන් පළිගැනීමේ චේතනාවෙන් අධිකරණය නොමග යවා ඇති බව උදයංග වීරතුංග ඊට පිළිතුරු දෙමින් පැවසීය.

මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමසීම ලබන 19 වැනිදාට කල් තබන ලදී.

 

Related Images:

හිටපු ගුවන් හමුදාපති මිග් ගනුදෙනුවට අත්සන් කළ කාලයේ මම හිටියේ රුසියාවේ

හිටපු ගුවන් හමුදාපති මිග් ගනුදෙනුවට අත්සන් කළ කාලයේ මම හිටියේ රුසියාවේ
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග

•ඉෂාර රත්නකාර

මිග් යානා ගනුදෙනුවට අදාළ ගිවිසුම්වලට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කළ කාල වකවානුවේ තමා මෙරට නොසිටි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඊයේ (15 වැනිදා) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

ගුවන් හමුදාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රමුඛ විශේෂ තාක්ෂණික නිලධාරීන් ඇතුළු විසිතුන් දෙනෙකුගෙන් යුත් කමිටුවක නිර්දේශය මත අදාළ මිග්යානා ගනුදෙනුව සිදුවී ඇති නිසා එය ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදුවූ ගනුදෙනුවක් බවට එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙන බවද උදයංග වීරතුංග එම කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපති කොමිසමේ නීතිඥ දක්ෂිත දේවපුරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙසේද පැවැසීය.

‘මෙම ගනුදෙනුවට අදාළ මුල් ලිපිය ඉදිරිපත්ව ඇත්තේ 2006 ජනවාරි 25 වැනිදා එකල ගුවන් හමුදාපතිවරයා විසින් එවක ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසයි. ඒ අනුව මෙම ගනුදෙනුව සඳහා මුල පුරා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ම බවත් අදාළ ගනුදෙනුව මාගේ මූලිකත්වයෙන් අරඹන ලද්දක් නෙවෙයි.

ඉන්පසු යුක්‍රේනයේ UKRINMNSH නමැති සමාගමේ නියෝජිතයකු 2006/02/06 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් මුණගැසී ඇති අතර පසුව ලිපියක් මගින් මිග් ගුවන් යානා හතරක් අලෙවි කිරීම හා තවත් මිග් යානා හතරක් නඩත්තු කටයුතු සඳහා වන ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපිය මගින් අදාළ සේවා සඳහා ඇමෙරිකානු ඩොලර් 14,280,000ක මිලක් ඉදිරිපත් කර තිබෙනවා. එම ලිපියේ අවසාන පිටුවේ සඳහන් කර ඇත්තේ එකී අර්පනය FINANCIER මුදල් සපයන්නෙක් සමග එක්ව ඉදිරිපත් කරනු ලබන බවත් එම මුදල් සපයන්නාගේFINANCIER නම ගිවිසුම අත්සන් කිරීමට දින තුනකට පෙර දැනුම් දෙන බව ගුවන් හමුදාපති වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එකී FINANCIERගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව මුල සිටම දැනුවත් කර තිබෙනවා.

ඉන්පසු ජාතික ප්‍රසම්පාදන ඒජන්සියේ සභාපතිවරයා ගුවන් හමුදාපතිවරයාගේ සභාපතිත්වයෙන් හා නිලධාරීන් හය දෙනෙක්ගෙන් යුත් තාක්ෂණික හා මූල්‍ය ඇගයීම් කමිටුවක් පත්කළා.ඒඅනුවගුවන් හමුදා පතිවරයා ප්‍රධාන තාක්ෂණ ඇගයීම් කමිටුව ස්වකීය නිර්දේශ මගින් UKRINMNSH සමාගමෙන් අදාළ යානා මිලදී ගන්නා ලෙසත් ගෙවිය යුතු මිල ගණන් දන්වා ඊට අනුමැතිය දෙන ලෙසටත් ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබෙනවා.

එසේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය මගින් පත්කර තිබූ ප්‍රසම්පාදන කමිටුවක් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ යථෝක්ත නිර්දේශ හා ගුවන් හමුදාපතිවරයාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ 2006/05/05 වැනිදා ඉදිරිපත් කර තිබෙනවා. පසුව යානා මිලදී ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකළ බව ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබුණා යැයි හෙතෙම කීවේය.

ඒ අනුව ගනුදෙනුවට අදාළ ක්‍රියාපටිපාටිය සිදුකරන ලද්දේ තමන් විසින් නොවන බැවින් මෙම ගනුදෙනුව මූලිකව ගොනුකර ඇති නඩු නිමිත්තේ සැකකරු විය යුත්තේ තමන් නොව එම තීන්දු තීරණ ගත් පුද්ගලයන් බවත්, යහපාලන රජය විසින් දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වූ සැකකරුවකු ලෙස තමන් නම්කර ඇති බවත් උදයංග වීරතුංග පැවැසීය.

2006/06/09 දින හමුදාපතිවරයා THE LETTER OF GUARANTEE යන ශීර්ෂය සහිත ලිපියක් UKRINMNSH සමාගමේ අධ්‍යක්ෂ PEREGUDOV යන අයට යොමු කර ඇති බවත් එය ලියනුයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් බවත් අදාළ යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාවක් UKRINMNSH හරහා කරවාගැනීමට අපේක්ෂා කරනු ලබන බවට සහතික එමගින් වී ඇත. ඒ අනුව ඔහු තවදුරටත් දන්වා ඇත්තේ අදාළ යානා හදිසියේ මිලදී ගැනීමට අවශ්‍යව ඇති බැවින් විධිමත් ගිවිසුමක් අත්සන් කිරීමට පෙරම අදාළ යානා අලුත්වැඩියාව කිරීමේ කටයුතු අරඹන ලෙසයි.

ඒ අනුව ගුවන් හමුදාවේ ඉන්ජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් යුක්​රේනියාවේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා පිටත්වී ඇති බවයි. සැකකරු කොමිෂන් සභාවට පැවැසීය. තමා රුසියානු සමූහාණ්ඩුවට සමගාමීව යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය ආරම්භ කර ඇත්තේ මෙම සියලු කටයුතු මෙලෙස සිදුවීමෙන් පසුව, එනම් 2006/07/17 වැනිදා සිට වන අතර ඊට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සමග 2006 ජූලි 4 වැනිදා අත්සන් තබා ඇති බවද සාක්ෂිකරු කීවේය.

තමා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමට මසකටත් පෙර මෙම ප්‍රශ්නගත මිග්යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාවට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහමුලින්ම අවසන් වී ඇති බවත්, අදාළ අලුත්වැඩියා කටයුතු අරඹන ලෙස මෙකී UKRINMNSH සමාගම වෙත නිල වශයෙන් ගුවන් හමුදාපති විසින් දන්වා අවසන් කොටතිබූ බව උදයංග වීරතුංග මහතා කීවේය. ගුවන් හමුදාවේ ඉන්ජිනේරුවරයකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් මිග්යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගිවිසුමට අදාළව සේවය කිරීම සඳහා යුක්රේනියාවේ ලුවෝෆ් නගරයට පිටත්වී ඇති අතර, 2006 ජූලි 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉහත කී BELLIMISSA HOLDINGS සමාගම වෙත END USER සහතිකය දෙකක් නිකුත් කර ඇති බවද හෙතෙම පැවැසීය. එසේම අදාළ ඇණවුම තහවුරු කරමින් 2006/07/15 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ORDER CONFIRMATION එකක් UKRINMNSH සමාගම වෙත යවා ඇති බවත් එහි මෙම ගනුදෙනුවට අදාළ ගෙවීම් BELLIMISSA සමාගම වෙත කරනු ලබන බවට පැහැදිලිව තිබූ බවත් සාක්ෂිකරු කීවේය.

‘‘ශ්‍රී ලංකා ගුවන් හමුදාව BELLIMISSA සමාගම සහ UKRINMNSH සමාගම අතර ත්‍රිපාර්ශ්වික ගිවිසුම 2006-07-26 වැනිදා ගුවන් හමුදාපතිවරයා අත්සන් කරන්නේ ඉන් අනතුරුවය. ඉන්පසු එම ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එවා ඇති අතර ගුවන් හමුදාව විසින් BELLIMISSA සමාගම නමට මහජන බැංකුව හරහා ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක්ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ ගිවිසුමට අදාළ මුදල BRLLIMISSA සමාගම වෙත ගෙවන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිසක් යුක්රේනියාවේ ලුවෝෆ් නගරයේ මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කරන කර්මාන්ත ශාලාවට ගොස් අලුතින් මිලදී ගත් මිග් -27 යානා පරීක්ෂාකර SLAF/2006/07/AIR ගිවිසුමේ කොන්දේසි හා පිරිවිතරයන්ට අනුව එකී යානා නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට පරීක්ෂා කිරීමෙන් පසු දෙපාර්ශ්වය විසින් කර්මාන්තශාලා කාර්මිකත්ව එකඟවීමේ සහතිකය (FACTORY ACCEPTANCE CERTIFICTE) 2006.12.09 දින නිකුත් කර තිබෙනවා. වඩාත් වැදගත් කාරණය වන්නේ එම සහතිකය UKRINMNSH සමාගමේ නියෝජිතයෙක් අත්සන් කර තිබීම සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කර තම නිල මුද්‍රාව තබා තිබීමයි’’ යනුවෙන් පවසා ඊට අදාළ සියලු ලේඛන උදයංග වීරතුංග විසින් ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලදී.

එම සංචාරයේදී එවකට යුක්රේනියාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හා යුක්රේනියාවේ ගුවන් හමුදාපති, අධ්‍යක්ෂ D.A. PEREGUDOV ඇතුළු නිලධාරීන් පිරිසක් සමග ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අතර රාජකාරි හමුවක් යුක්රේනියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවූ බවත් තමාද ඊට සහභාගි වූ බවත් වීරතුංග මහතා පැවැසීය.

‘‘අවසන් කාර්මික තත්ත්වය පිළිබඳ දෙපාර්ශ්වය එකඟවීමේ සහතික (FINAL ACCEPTANCE CERTIFICTE) ගුවන් හමුදාවේ ඉන්ජිනේරු අංශයේ අධ්‍යක්ෂවරයා සහ එම ගිවිසුම අත්සන් කරන ලද යුක්රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ G.A. STUDENIKI අතර ශ්‍රී ලංකාවේදී අත්සන් කළා. එම සහතිකය UKRINMNSH සමාගමේ නියෝජිතයන් අත්සන් කිරීමෙන් පැහැදිලිවම සනාථ වන්නේ ශ්‍රී ලංකාව සමග පැවැති අදාළ ගිවිසුම යුක්රේනියාවේ ලියාපදිංචි කර නැති බවට යුක්රේනියාවේ නීතිපතිවරයා කර ඇති සඳහන සත්‍යයෙන් තොර හා පිළිගත නොහැකි කරුණක් බවයි.

ගිවිසුමේ එකඟ වී ඇති පරිදි UKRINMNSH සමාගමේ වගකීම් සහතිකයට අනුව ගුවන් යානා නඩත්තු කරන කණ්ඩායමට ලංකාවේදී නවාතැන් ප්‍රවාහන හා වෛද්‍ය ආදි පහසුකම් ගුවන් හමුදාව විසින් ලබාදී තිබෙනවා. එසේ වුවත් මෙම ගිවිසුම මා විසින් සූදානම් කර ඇති කූට ගිවිසුමක් බවත්, ගුවන් හමුදාපති අත්සන් කළ ගිවිසුම මා විසින් රැගෙන ගිය බවත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක අංක 5 ප්‍ර.පො.ප. නිහාල් ප්‍රැන්සිස් විසින් මට එරෙහිව සැලසුම් සහගතව ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු හා චෝදනා පදනම් කර සැකකරුවකු ලෙස නම්කර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නොමග යවා තිබෙනවා’’ යැයි හිටපු තානාපති උදයංග වීරතුංග සාක්ෂි දෙමින් පැවැසීය.

එම ගනුදෙනුව කෙරෙහි විශේෂ උද්‍යෝගයකින් කටයුතු කළ බව පෙන්වාදීම සඳහා පොලිසිය අවධාරණය කර ඇති තවත් කරුණක් වන්නේ එම ගිවිසුම ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ සහ ගුවන් හමුදාපතිවරයා අත්සන් කිරීමෙන් පසුව අනෙක් පාර්ශ්වය වෙත ගිවිසුම රැගෙන යන ලද්දේ මා විසින් බවට දැක්වෙන කරුණයි. නමුත් එය අසත්‍ය පදනම් රහිත ප්‍රකාශයක් බවත්, ඇත්ත වශයෙන්ම ගුවන් හමුදාපතිවරයා මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබූ 2006.07.26 දින මා ලංකාවේවත් සිට නැති බවත්, ආගමන විගමන පාලකයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිය දත්ත මගින් ද සනාථ කර තිබෙනවා.

මෙම ගනුදෙනුවට අදාළ සියලුම ගෙවීම් Bellimissa සමාගමට ගෙවිය යුතු බව පැහැදිලිව සඳහන් වුණා. පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් Belmissa සමාගම නමට ඇමෙරිකානු ඩොලර් 13,976,000 වටිනාකමකට ණයවර ලිපියක් නිකුත් කර තිබුණා. Ukrinmash සමාගමට මුදල් ගෙවීමට දෙපාර්ශ්වය විසින්ම එකඟ වී නෑ. ඒ අනුව ගනුදෙනුවට අදාළ මුදල් Ukrinmash සමාගමට ඍජුව ප්‍රේෂණය නොවීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැවටීමට ලක් කළ බව හුවා දැක්වීමට පොලිසියේ විමර්ශකයන් දරන උත්සාහය කිසිසේත්ම පිළිගන්න බෑ.

යුක්රේනියානු නිලධාරින් පවසන පරිදි යුකරේනියානු සමාගමට යම් ගිවිසුමට අදාළ වගකීම් අවසන් කර, වසර 5 කට පසු ඊට අදාළ ලේඛන විනාශ කිරීමට බලයක් තිබෙනවා. SLAF/2006/07/Air දරන ගිවිසුම අවසන් කර දැනටමත් වසර 10 කට වැඩි කාලයක් ගතවෙලා. එම කාලය තුළ ගිවිසුමට අදාළ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට ලිඛිත චෝදනා මෙතෙක් එල්ල කර නෑ’’ යැයි වීරතුංග මහතා කොමිෂන් සභාවට කීවේය.

එහිදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විනිසුරු උපාලි අබේරත්න විසින් ප්‍රශ්න කරන ලද්දේ ‘ගිවිසුමට අදාළ පාර්ශ්වයක් විසින් තමා දැනුවත්ව කිසියම් පැමිණිල්ලක් සිදුකර තිබේදැ’යි යන්නය.

ගිවිසුම අවසානයේදී දෙපාර්ශ්වය විසින් ගිවිසුම සාර්ථකව අවසන් කළ බවට ලේඛන අත්සන් කර තිබෙන අවස්ථාවක වුවද, යහපාලනය රජයේ අවශ්‍යතාවන් මත හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශපාලන ගමන නතර කිරීමට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් යන අය ලවා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කර පසුව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලිඛිතව පැමිණිලි කර එෆ්සීඅයිඩී විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර, දේශපාලන වශයෙන් තමාගෙන් පළිගැනීමේ චේතනාවෙන් අධිකරණය නොමග යවා ඇති බව උදයංග වීරතුංග ඊට පිළිතුරු දෙමින් පැවසීය.

මෙම පැමිණිල්ලට අදාළ වැඩිදුර විමසීම ලබන 19 වැනිදාට කල් තබන ලදී.

නඩු නිමිත්තෙන් සැකකරු විය යුත්තේ මා නොවේ තීන්දු තීරණ ගත් අයයි

ගුවන් හමුදාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුව ආරක්ෂක ලේකම්වරයාගෙන් ගනුදෙනුවට අනුමැතිය ඉල්ලා තිබෙනවා

දෙරටේ ගුවන් හමුදාපතිවරු හා එරට වැඩබලන ආරක්ෂක ලේකම් අතර හමුවකට මාත් සහභාගි වුණා

UKRINMNSH සමාගමට මුදල් ගෙවන්න දෙපාර්ශ්වයම එකඟ වෙලා නෑ

​දේශපාලන පළිගැනීම් විමසන කොමිසම

මෛත්‍රිත් කොමිසමට කැඳවයි

•ඉෂාර රත්නකාර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සභාපති විනිසුරු උපාලි අබේරත්න ඊයේ (15 වැනිදා) නියෝග කළේය.

ඉකුත් රජයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැඳවා ඇත්තේ ප්‍රථම වතාවට වන අතර සාක්ෂිකරුවකු වශයෙන් ඔහු​ කොමිසමට කැඳවා තිබේ.

මෛත්‍රිපාල සිරිසේනට අමතරව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද සාක්ෂිකරුවකු වශයෙන් ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට ලබන 19 වැනි දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සභාපති විනිසුරුවරයා සිතාසි නිකුත් කළේය.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් කර තිබූ පැමිණිල්ලකට අදාළව මෙලෙස සිතාසි නිකුත් කර තිබේ.

මංගල හා රවි ඇතුළු 20 දෙනකුට කොමිසමෙන් සිතාසි

•ඉෂාර රත්නකාර

හිටපු ඇමැති මංගල සමරවීර හා රවි කරුණානායක ඇතුළු වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබූ විසි දෙනකු ලබන 19 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සභාපති විනිසුරු උපාලි අබේරත්න ඊයේ (15 වැනිදා) සිතාසි නිකුත් කළේය.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලකට අදාළ වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් අදාළ පුද්ගලයන්ට සිතාසි නිකුත් කර තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එම්.එම්. විජේරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු ශ්‍රී ලංකා තානාපති සුබරුල්ලා අහමඩ් ඛාන්, එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස් සමන්ත පතිරණ, දූෂණ මර්දන කමිටු කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති උපදේශක හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ, දූෂණ මර්දන කමිටු කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල, ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රිශාන්ත සිල්වා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක. පොලිස් මූල්‍ය අපරාධ​ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර, එච්.එස්.බී.සී. බැංකු කළමනාකරු ගිහාන් පුංචිහේවා, සහකාර පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර, කොමර්ෂල් බැංකුවේ නිට්ටඹුව ශාඛාවේ හිටපු කළමනාකරු ශ්‍රියා කොඩිසිංහ, කොමර්ෂල් බැංකුවේ කොටහේන ශාඛාවේ හිටපු කළමනාකරු ශාන්ත ඇරගොඩ, මහ බැංකුවේ මූල්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂ එම්. අමරතුංග සහ ශ්‍රියාන් ප්‍රේමාල් සමරරත්න යන අයට එලෙස සිතාසි නිකුත් කර තිබිණි.

හිටපු ගුවන් හමුදාපති මිග් ගනුදෙනුවට අත්සන් කළ කාලයේ මම හිටියේ රුසියාවේ

Related Images:

Presidential Commission questions former PM on FCID

Presidential Commission questions former PM on FCID
Fri, Oct 16, 2020, 11:53 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

Oct 16, Colombo: Former Prime Minister Ranil Wickremesinghe acknowledged that the gazette notification to set up a Police Financial Crimes Investigation Division (FCID) would not be legal if the Inspector General of Police does not have the power to establish a new police division under the Police Ordinance.

The former Premier was testifying before the Presidential Commission of Inquiry into Political Victimization today in response to a complaint lodged by the former Additional Director of the Divi Neguma Department and current Director General of Samurdhi Bandula Thilakasiri.

The Presidential Commission of Inquiry has issued notices in response to the complaint to 21 respondents including the former Prime Minister and Opposition leader Sajith Premadasa.

Testifying before the Commission, the former Prime Minister stated that the document containing the composition and activities of the Anti-Corruption Committee Secretariat was prepared by Mr. JC Weliamuna, PC, who was a member of the Anti-Corruption Committee.

Referring to the Cabinet paper on the establishment of the Anti-Corruption Committee Secretariat, the lawyer for the complainant said that only the Secretary to the Ministry had been instructed by the Cabinet paper to set up a police unit. However, the gazette notification pertaining to the establishment of the Financial Crimes Investigation Division was issued by the IGP and not by the Secretary to the Ministry, he pointed out.

Responding to this the former Prime Minister stated that the IGP has that power.

The plaintiff’s lawyer quoting Article 55 of the Police Ordinance reiterated to the former Prime Minister that the IGP was not empowered to set up another unit under the relevant section.

The Chairman of the commission, former Supreme Court Judge Upali Abeyratne said that the IGP had acted under a power not found in the Act.

Former Prime Minister Ranil Wickremesinghe replied, “They say the IGP can set up police divisions, but our cabinet paper does not mention the establishment of divisions, it only mentions the establishment of a secretariat on corruption.”

The presiding judge of the commission emphasized that the IGP had set up a unit under a power he did not have.

“I do not know. I remember they reported that the secretary did not have the power to do this, only the IGP had the power to do this,” the former prime minister said.

The presiding Judge again stated that the IGP did not have the power to establish a police station under the Police Ordinance.

The complainant’s Attorney pointed out that the Financial Crimes Investigation Division was established under Section 55 of the Police Ordinance but the Article 55 does not give such a power.

The lawyers representing the Leader of the Opposition informed the Commission that the Leader of the Opposition Sajith Premadasa had not been summoned as a respondent and that he had come to know about it through media reports. They stated that their client had not received a summons to appear before the Commission today.

Mr. Sajith Premadasa informed the Commission that copies of documents pertaining to Mr. Bandula Thilakasiri’s complaint were required.

The hearing is scheduled to be called again on the 20th.

Meanwhile, Ranil Wickremesinghe also testified today regarding a complaint lodged by former Sri Lankan Ambassador to Russia Udayanga Weeratunga to the Presidential Commission.

Udayanga Weeratunga has complained to the Commission that the Financial Crimes Division had filed a case against him in the Fort Magistrate’s Court in connection with the purchase of MiG fighter jets from Ukraine in 2006 with the intention of seeking political revenge.

The lawyer who appeared for Weeratunga questioned Ranil Wickremesinghe regarding the revocation of his client’s passport in connection with the case.

Mr. Wickremesinghe stated that although discussions had been held with the Cabinet and the police at that time, he had never pressured to revoke Udayanga Weeratunga’s passport.

He pointed out that it was normal for a passport to be revoked if a person did not report to court. Mr. Wickremasinghe further stated that he has learned that the passport of former Minister Rishad Bathiudeen has also been revoked.

Presidential Commission questions former PM on FCID

Related Images: