Ukraine quarantines 15 safari drivers

ඊයේ(2) මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදුන් යුක්රේන සංචාරකයන් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට ගෙන ගිය සංචාරක සෆාරි රථ රියදුරන් 15 දෙනකු සංචාරකයන් හෝටලයට ගෙන ගිය පසු යුද හමුදා භාරයට ගෙන නිරෝධායනයට යවා ඇත.

රියදුරන් විවිධ දුර බැහැර ස්ථානවල නිරෝධායනයට යැවීමට සූදානම්වන අවස්ථාවේ ඔවුන් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් තිස්සමහරාම නගරය අසළ හෝටලයක නිරෝධායන පහසුකම් ලබාදී ඇත.

යුක්රේන සංචාරකයන් විශේෂයෙන් කුලියට ගත් ගුවන් යානාවලින් රැගෙන ඒමේ ව්‍යාපෘතිය උදයංග වීරතුංගගේ ව්‍යාපාරික ඒජන්සියක් හරහා සිදුවන්නක් වුද ලංකාවේදී ‘සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස හඳුන්වාදී ඇත. මෙරටට පැමිණි පසුව ඔවුන්ට සංචාරක හෝටල සැපයීමේ හා වෙනත් පහසුකම් සැපයීමේ වගකීම භාරගෙන ඇත්තේ පොදුජන පෙරමුණේ දකුණු පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන් විසිනි.

ඊයේ මිරිස්ස මුහුදේ සංචාරයට යුක්රේන ජාතිකයන් රැගෙන යාමට පැමිණෙන ලෙස සෆාරි රථ රියදුරන්ට දන්වා ඇත්තේද නාමල් රාජපක්ෂට සමීප පළාත් පාලන මන්ත්‍රිවරයකු විසිනි. මෙම සංචාරයට ගිය රියදුරෙකුට රු. 5000 බැගින් ගෙවීමක් කර ඇති නමුත් දින 14ක නිරෝධායනයට ගෙන යාමෙන් ඔවුන්ගේ පවුල්වල ආදායම් මාර්ගය සම්පූර්ණයෙන් ඇනහිටීමක් සිදුවේ.

යුක්රේන ජාතිකයන් 180 පළමු කණ්ඩායම මෙරටට පැමිණි පසුව දින 14 නිරෝධායන කාලය අතරතුර මෙසේ සංචාරයේ ගෙන යාම මෙරට නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීමක්ද වේ. විශේෂයෙන් කුඩා දරුවන් පිරිසක්ද මෙම සංචාරක කණ්ඩායමට අයත්වන අතර කොරෝනා වසංගතය තුළ පිලිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කිරීම සම්බන්ධ තැකීමක් නොමැති තත්වය අනාවරණය වේ. ආණ්ඩුවේ සංචිරක බලධාරින් සම්බන්ධ වූ උදයංග වීරතුංගගේ සංචාරක ව්‍යාපෘතියකින් ආදායම් ඉපදවීමේ අරමුණ නිසා මෙසේ රියදුරන්ට නිරෝධායනය සඳහා දින 14ක් ගත් කරන්නට සිදුවීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උලංල්ඝනයක් සිදුව ඇත.

https://www.lankaviews.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%86%e0%b7%8f%e0%b6%bb%e0%b7%92/

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}