[:en]ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..[:ru]Посмотрите, как выглядит Шри-Ланка из Восточной Европы..[:SI]ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..[:]

[:en]නැගෙනහිර යුරෝපානු සංචාරකයන් රැගෙන GullivAir සහ LOT ගුවන්යානා ලංකාවට..
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත්කළ නිවේදනයක් මඟින් පවසන්නේ, සංචාරක තහනම හරහා “ඔමික්‍රෝන් ප‍්‍රභේදය” ගෝලීය පැතිරීම වැලැක්විය නොහැකි බව යි. අද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසා ජනතාවගේ ජීවිත රැකගැනීම සඳහා නව සෞඛ්‍ය නිර්දේශ අත්‍යාවශ්‍ය වන්නාක් මෙන්ම, රටක ජීවනාලිය වන ආර්ථිකය රැක ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි. එසේම රටෙහි නායකයන් පවසන්නේ අපව යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් විදේශ විනිමය රටට ලබා ගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ සංචාරක කර්මාන්තය බවයි. එය එදා සාමාන්‍යයෙන් වසරකට රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලබා දෙන්නට සමත් වූවකි. විසිපන් ලක්ෂයකට වැඩි පිරිසකට ඍජුව හෝ වක්‍රව ජීවන මාර්ගයක් වූවකි. එහෙත් මෙම වසරේ නොවැම්බර් අවසානයේදී රටට පැමිණි ඇති සංචාරකයන් ප්‍රමාණය 99,464 ක් වැනි ඉතා සුළු පිරිසකි. ඊට ප්‍රධාන හේතුව බලධාරීන්ගේ සංචාරක නියාමන රෙගුලාසි මෙන්ම අසාර්ථක කලමනාකරණය බව දැනටමත් සනාථ කර අවසන්. එසේ නමුත් ඊට සුදුසු දක්ෂ නිලධාරීන් පත්කර තිබේදැයි පවා නොසිතීමින්, එම ආදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත්‍රය බවට පත් කරන්නට වත්මන් ජනපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.
නැගෙනහිර යුරෝපා රටක් ලෙස පෝලන්ත රාජ්‍යයේ අගනුවර වෝර්සෝ සිට ශ‍්‍රීලංකාවේ කටුනායක ගුවන් තොටුපල කරා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් පැමිණීම මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ‍්‍රී ලාංකිකයින්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට සුව පහසුවෙන් යාමට ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදාකර තිබෙනවා. ශීත සෘතුවත් සමග ඇරඹුණු මෙම සංචාරක සමයේ දී LOT ගුවන් සේවය, 2022 මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව ඇත. ඒ සදහා ලොට් පෝලිෂ් තම ගුවන් සේවය බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.
පසුගිය 07 වෙනිදා කටුනායක දී ගුවන් තොටුපල කාර්යමණ්ඩලය විසින් උණුසුම්ව පිළිගත් මොහොතේ ලැබූ ආගන්තුක සත්කාරය පිලිබඳ අත්දැකීම් සංචාරකයන් ට කිසිදිනක අමතක නොවනු ඇතයි අප බලාපොරත්තු වෙනවා. එවගේම ලංකාව සමඟ සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට පිළිගැනීමක් ලබා දීමට සහය වීම පිළිබඳව සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම කොරෝනා වසංගතය නොසළකා ලබාදෙන සහයෝගයට විශේෂයෙන් LOT පෝලන්ත කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙමු. එසේම මෙම ගුවන්යානාවේ වැඩි ආසන ප්‍රමාණයක් දැනටමත් වෙන්කර ඇති පෝලන්ත රාජ්‍යයේ “Itaka” සහ “Rainbow” යන සංචාරක සමාගම් දෙක ලබන ජනවාරි සිට මාර්තු අතර කාලයේදී මෙරටට සංචාරකයන් රැගෙන මූලිකත්වයෙන් කටයුතු කරන බව විශේෂයෙන් සදහන් කර යුතුය. ඒ මක්නිසාද එම ආයතන දෙක දැනටමත් පෝලන්තයේ සංචාරකයන් යවන විශාලතම සංචාරක සමාගම් නිසයි.
ඒ අතර මෙරට සංචාරක බලධාරීන්ගේ කිසිදු සහයෝගයක් හෝ නොමැතිව බල්ගේරියානු GullivAir ගුවන් සමාගමේ Airbus A330-200 ගුවන්යානාව නොවැම්බර් 29දා බල්ගේරියාවේ අගනුවර සොෆියා නගරයේ සිට බල්ගේරියානු සහ රුමේනියානු සංචාරකයන් 98 ක් රැගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු GullivAir ගුවන් යානාව මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය උත්සවාකාරයෙන් පිළිගත්තේ, ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇමතිතුමා ලබාදුන් මග පෙන්වීම යටතේය. එසේ එම ගුවන් යානාව මාලදිවයින හරහා පැමිණි නමුත් ඉදිරියේදී සතිපතා සංචාරකයන් රැගෙන ඒමට සැලසුම් කර ඇත. එහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ බල්ගේරියානු හා රුමේනියානු සංචාරක ඒජන්තවරුන් 46 දෙනෙක් පැමිණීමය. ඔහුන් යාල, නුවරඑළිය, මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව යන සංචාරක ස්ථාන නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. ඊට අමතරව සංචාරකයන් සදහා විවේක ගැනීමට සුදුසු මුහුදුබඩ හෝටල් අධීක්ෂණ කිරීමට අමතක නොකළේය. එහිදී බල්ගේරියානු “Onex Tour” සහ රුමේනියානු “Karpaten” යන සංචාරක සමාගම් මෙම නියෝජිතයන් රැගෙන ඒමට සියලු කටයුතු සුදානම් කරන ලදී. ඔහුන් තුර්කිය, ඊජිප්තුව, ටියුනීසියාව, මාලදිවයින සහ මොරොක්කෝව යන රටවල් සදහා එරට සංචාරකයන් යවන ප්‍රධාන සංචාරක ආයතනයි.
මේ කිසිදු යහපත් ක්‍රියාවක හොඳක් නොදකින විරුද්ධ පාර්ශවයන් දිගින් දිගටම නගන ලද චෝදනා හමුවේ නැවතත් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට බලධාරීන් කුරුමානම් අල්ලන බවට කටකතා පැතිරෙයි. ඒවා සනාථ කරමින් පසු ගිය 30 වෙනිදා කොරෝනා එන්නත් ලබා නොගත් ගුවන් සමාගමේ සේවකයකු මෙරට බලධාරීන්ගේ නියෝග මත එහිදී අනකරන ලද හෝටලයකට රැගෙන ගියේ, බල්ගේරියානුවන්ගේ අකමැත්ත මෙන්ම එහි සංචාරකයන්ගේ විරෝධය ද කිසිදු අයුරින් සැලකීමට නොගෙන බව කණගාටුවෙන් කිව යුතුය. එසේ ඉදිරියට ද සංචාරකයන් සදහා පීඩාකාරී නියාමනය පැනවීමට නැවතත් සිදුවීම මත රට තුළ සංචාරක ව්‍යාපාරයේ හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් ලක්ෂ 25 කට ආසන්න පිරිසකට යම් තරමකින් හෝ සහනයක් සැලසීමට තිබෙන අවස්ථාව නැවතත් මගහැරී යාමට ඉඩ ඇති නමුත් PCR වෙළදාම, නිරෝදාන වෙළදාම තම හිතවතුන් ට ලබාදීම ද වැළැක්විය නොහැක.
එදා ගුවන්තොටුපල වසාතබාගෙන සිටිය කාලයේදී “සංචාරක බුබුල” යටතේ පසුගිය වසරේ දෙසැම්බර් සිට මත්තල ගුවන් තොටුපලට පැමිණි Ukraine Airlines, Sky Up Airlines, SCAT Airlines සහ Air Astana සමාගම් යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයන් රැගෙන ආවේ මත්තල ගුවන්තොටුපල ටය. එදා ශ්‍රී ලංකාවේ බලධාරීන් පනවනු ලැබූ පීඩාකාරී සංචාරක නියාමනය හේතුවෙන් රටට පැමිණි සංචාරකයන් ගෙන් වැඩි පිරිසක් පිටව ගියේ, ඔහුන් හෝටල්වල සිරකරුවන් සේ රදවාගෙන සිටීය බවට අසතුටුදායක පුවතක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ද කරමිනි. අවසානයේ දී එම ගුවන් සමාගම් හතරම තම ගුවන්ගමන් අවලංගු කල අතර ඊට මුලික හේතුව “හෝටල් තුල සිරකර තැබිම” වැනි නොයෙකුත් පීඩාකාරී සංචාරක නිර්දේශ බව හොදින් දන්නේ, සංචාරකයන් මෙරටට රැගෙන ආ එම ආයතන බව කිවයුතුය.
එවැනි අමිහිරි මතක සටහන් තිබුණ ද මෙවරත් දෙසැම්බර් 28 සිට මත්තල ට සතියකට දෙපාරක් පැමිණීමට Sky Up Airlines සියලු කටයුතු සූදානම් කර අවසන්ය. ඒ අතර Air Astana දෙසැම්බර් 01 දා සිට TUI Kazakhstan සමග එකතුව සතියකට ගමන් වාර පහ බැගින් කටුනායක ගුවන්තොටුපලට සතියකට සංචාරකයන් 750 ක් රැගෙන ඒමට පටන්ගෙන ඇත. ඒ අතර මොස්කව් සිට ශ්‍රීලන්කන් ගුවන් යානාව සතියකට ගමන් වාර දෙකක් සහ එරෝෆ්ලොට් සතියකට ගමන් වාර දෙක ඇතුළුව මාසයකට රුසියානු, කසාක්ස්තානු, යුක්රේනියානු සංචාරකයන් 8,000 ක් පමණ පැමිණෙනවා ඇත. දැනටමත් “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට යටතේ පමණක් රුසියානු, යුක්රේනියානු, කසකස්තානු සංචාරකයන් 12,000 කට ආසන්න පිරිසක් මේ වසරේ පැමිණ ඇත.
එදා යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරන උත්සාහය පසකින් තබා, මොස්කව් – කොලඹ ඍජු ගුවන් ගමන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ආරම්භ කිරීම මෙන්ම යුක්රේනියානු SkyUp ගුවන් සමාගම කිව් – කොලඹ ගුවන් ගමන් සහ Air Astana අල්මති – කොලඹ ගුවන් ගමන් ආරම්භ කිරීම ද සංචාරක මණ්ඩලයේ බලධාරීන්ට කුතුහලයට තුඩුදුන් කරුණක් බව කවුරුත් දන්නා රහසකි. කවූරුන් කෙසේ විරුද්ධ වුවත් මේ මොහොතේ රටට සංචාරකයන් පැමිණීම නතර නොකළ යුතුය. මොකද පසුගිය දින කසාක්ස්තාන් රජය එරට පුරවැසියන්ට ඊජිප්තු සංචාරය තාවකාලිකව තහනම් කිරීම නිසා, කසකස්තාන ඊජිප්තුව අතර සියලු ගුවන් ගමන් නතර කරන ලදී. එසේම ඉදිරි සතියේදී රුසියාව මෙන්ම යුක්‍රේනය ද එවැනිම පියවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි වාතාවරණයකදී එම සංචාරකයන් ද පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බව ජනාධිපතිවරයා පත්කරන ලද අදක්ෂය සංචාරක බලධාරීන් ද හොදින් අවබෝධ කර ගතයුතුය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පුර්නයෙන්ම පුද්ගලික අංශය සතුව පවතින අතර එයින් ලැබෙන බදු මුදල් හිතුමතේට වියදම් කිරීම මෙරට සැම රජයක්ම සිදුකල බව පිළිගත යුතුය. අදටත් රුසියානු රාජ්‍යය ඇතුළු යුරෝපා රටවලට පැමිණෙන රාජ්‍ය සේවකයින් සඳහා දිනකට රුපියල් ලක්ෂයකට (500 $) වැඩි මුදලක් ගෙවීමට චක්‍ර ලේඛන අනුව ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ නිසාම පසුගිය දින අතිගරු ජනාධිපතිතුමා අවම පිරිසක් කැටුව නිව්යෝක් නුවර පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී විය. එය අගය කලයුතු හොද ආදර්ශයක් වන්නේ, ජනධිපතිතුමා පමණක් නොව රජයේ අනිකුත් මැතිඇමතිවරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් ද ජනධිපතිවරයා ආදර්ශයට ගත්කල පමණි. මොකද, අද කුඩා සංචාරක වැඩසටහන් වලට පවා, රාජ්‍යතාන්ත්‍රික සංචාර ලෙස රටෙහි ජනතාවට හඟවමින්, තම ගෝලයන් රොත්ත පිටින් රැගෙන සති ගණන් රට සවාරි ගසන්නේ සංචාරක කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ බදු මුදලින් බව අප පිළිගත යුතුයි. එම බලධාරීන් කොරෝනා වසංගත නිසාවෙන් රටෙහි ආර්ථිකය කඩාවැටී ඇති මොහොතේ හෝ ජනාධිපතිවරයා ආදර්ශයට ගන්නා දිනය උදා වනු ඇතයි, රටෙහි ජනතාව තවදුරටත් බලා සිටින්නේ ඊලග ජන්දයට දින ගණන් කරමින් බව එම මැති ඇමතිවරුන් අවබෝධ කරගත යුතුය.
කොරෝනා ඔමික්‍රෝන් ප‍්‍රභේදය නොව ලෝක යුද්දයක් ආවත් ලක්‍‍බිමේ සංචාරක බලධාරීන් තමන්ගේ සාක්කුව පුරවාගැනීමට පසුබට නොවන බව නැවතත් පෙන්නුම් කරයි. ඒ බව සනාථ කරමින් ලබන වසරේදී පුද්ගලික අංශය සමාගම් තම සේවාවන් ලොවට හදුන්වා දීමට අනිවාර්යෙන්ම සහභාගී විය යුතු සංචාරක ප්‍රදර්ශන 16 ක් සදහා අනවශ්‍ය දේශපාලකයින් හා ගෝලයන් සමග බලධාරීන්ට රට රවුම් ගැසීමට ගමන් වියදම් සමග රුපියල් 631,000,000 මුදලක් වියදම් කිරීමට ඇස්තමේන්තු කර ඇති බව පසුගිය දින සභාපතිනිය විසින්ම අදාළ ලේඛන ප්‍රසිද්ධයට පත්කිරීම අපගේ විමතියට කරුණක් විය. එහිදී ඇය පෙන්වා දෙන්නේ මෙම 2021 වසරේදී එතෙර පැවැත්වුණු සංචාරක ප්‍රදර්ශන 5 කට සහභාගී වීමට බලධාරීන්ගේ ගමන් වියදම් සමග රුපියල් 120,542,316 වියදම් කර ඇති අතර ඊට 75 කට ආසන්න පිරිසක් රජයේ වියදමින් සහභාගී වී ඇති බවයි. එසේ නමුත් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට බලපොරොත්තු වන රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හා අදාල රටෙහි සංචාරක ප්‍රවර්ධන කටයුතු භාරව සිටින සංචාරක මණ්ඩලයේ එක් නිලධාරියෙක් සහබාගි කරවීමට පමණක් මහජන බදු මුදල් වියදම් කිරීම හොදටම ප්‍රමාණවත් බව අප හොදින් දන්නා කරුණකි. ඊට හොද නිදසුනක් ලෙස අප මතක්කර දිය යුත්තේ, 2015 පෙර ආර්තික කටයුතු භාර අමාත්‍යවරයා මෙන්ම එදා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා බව කිව යුතුය. ඔහුන්ගේ ධුර කාලයේදී අත්‍යවශ්‍ය රාජතාන්ත්‍රික ඉහළ හමුවකට හැර මෙවන්‌ අනවශ්‍ය කිසිදු ගමන් සිදු නොකිරීම අද රජයේ සියලු නිලදාරීන් ආදර්ශයට ගතයුතුය.
ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපට යළි ගොඩ ගත නොහැක්කක් නොවේ. මක්නිසාද යත් මාලදිවයින පවා අප රට අභිබවා විශාල ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්ව ඇත. මේ කොරෝනා භීෂණය තුළ පවා, රුසියානු, ඉන්දියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු ජාතීන් මාලදිවයිනට වැඩියෙන් පැමිණ ඇත. මෙම වසරේ නොවැම්බර් 29 වෙනිදා දක්වා මාලදිවයිනට සංචාරකයන් 1,153,013 පැමිණ ඇත. ඊට සාපේක්ෂව අප රටට සංචාරකයන් ගේ පැමිණීම 9% ක් වන අතර එහි සංචාරක හොටල් 100% ක්ම වසර අවසානය තෙක් විදේශිකයන් ගෙන් පිරී ඉතිරි ගොස්ය. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන්ගේ එකතුව 260,000 ආසන්නය.
එසේ නමුත් 2021 නොවැම්බර් අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 99,464කි. ඒ අනුව අපට වඩා 12 ගුණයක් මාලදිවයිනට සංචාරකයන් පැමිණ ඇත. මෙහි පැමිණි ඒ පිරිස අතරින් ද 42% ක්ම නිරෝදනය සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු, පකිස්ථානු, ඉන්දුනීසියානු, බංගලාදේශ ආදී රටවල් වලින් මෙහි පැමිණි ශ්‍රමිකයන් මෙන්ම ලාංකික දිත්වපුරවැසියන් බව කිව යුතුය. ඒ පිරිස නොසළකා හරින්න විට, මේ වසරේදී සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ 60,000 වඩා අඩු ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. එදා සංචාරක මණ්ඩලය රටට පොරොන්දු වුයේ සංචාරකයන් මිලියන 1.5 ක් මෙම වසරේදී රැගෙන එන බවයි. නමුත් එදා මෙන්ම අදත් බලධාරීන් පනවන පීඩාකාරී සංචාරක නියාමන, PCR වෙළදාම හා නිරෝදාන වෙළදාම වැනි හේතුන් නිසා මෙතෙක් රටට සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ දිනකට සාමාන්‍ය 250 කට අඩු ප්‍රමාණයකි. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්වල කාමර 42,000 පමණ තිබෙන රටට, කෙසේවත් එය ප්‍රමාණවත් නොවන බව නායකයන්ට නොවැටහෙන නමුත්, සත්‍යයයි එය බව අප වටහාගත යුතුය. අද සාර්ථකව සංචාරක කර්මාන්තය කලමනාකරණය කරන මාලදිවයිනට මේ වසරේ සංචාරකයන් පැමිණීම දිනකට සාමාන්‍ය 3,452 ක් බව ද පෙන්නුම් කරයි.
කාලයෙන් කාලයට කොරෝනා වසංගතයේ අලුත් ප්‍රභේද ලෝකයේ බොහෝ රටවලින් හදුනාගෙන ඇති නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව අපට සනාථ වී ඇත. එසේම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව රජය ගත් නිවරදි තීන්දු තීරණ, අධ්‍යනය කර 2022 සීතල කාලයේදී හෝ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප රජය බලාපොරොත්තු වන්නේ නම්, අවම වශයෙන් දැනට ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ වෙනස් නොකර බුද්ධිමත්ව සංචාරක හිතකාමී නිර්දේශ පමණක් ලබාදීමට රජයට කාලය උදාවී ඇත.
– උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..
[:ru]Самолеты GullivAir и LOT доставляют туристов из Восточной Европы на Шри-Ланку.
В заявлении Всемирной организации здравоохранения (ВОЗ) говорится, что глобальное распространение «варианта омикрон» не может быть предотвращено запретом на поездки. Сегодня из-за омикронного варианта коронирусного вируса новые рекомендации по охране здоровья необходимы для спасения жизней людей, а также экономики, которая является источником жизненной силы страны. Руководители страны также говорят, что индустрия туризма является единственным источником дохода для страны, которая очень скоро сможет воссоздать себя и заработать иностранную валюту. В то время он мог приносить стране в среднем 4,4 миллиарда долларов в год. Это был образ жизни, прямо или косвенно, для более чем 25 лакхов людей. Однако количество туристов, прибывших в страну в конце ноября этого года, составило всего 99 464 человека. Уже доказано, что основной причиной этого является плохое управление, а также нормативные акты властей в сфере туризма. Однако нынешний президент полон решимости увеличить этот доход до 10 миллиардов долларов и сделать его крупнейшим сектором бизнеса в Шри-Ланке, даже не задумываясь о том, были ли назначены нужные компетентные чиновники.
Как восточноевропейская страна, мы надеемся, что прибытие трех прямых рейсов в неделю из столицы Польши Варшавы в аэропорт Катунаяке в Шри-Ланке увеличит количество туристов. Lot Polish Airlines также предлагает широкий выбор направлений для роскошных шриланкийцев, путешествующих в Польшу или любую другую европейскую страну. В течение этого зимнего сезона LOT будет выполнять три прямых рейса в неделю из Варшавы в Коломбо до марта 2022 года. Для этой цели Lot Polish использует широкий спектр самолетов, таких как Boeing 787 Dreamliner.
Мы надеемся, что туристы никогда не забудут то теплое гостеприимство, которое они получили от сотрудников аэропорта Катунаяке 7 числа этого месяца. Мы также хотели бы поблагодарить польскую команду LOT, в частности, за их поддержку в дальнейшем укреплении отношений со Шри-Ланкой и помощь местной индустрии туризма и гостеприимства в получении признания, независимо от эпидемии Короны. Следует также отметить, что две польские туристические компании Itaka и Rainbow, которые уже забронировали больше мест на этом самолете, возьмут на себя инициативу по доставке туристов на Шри-Ланку в период с января по март следующего года. Это потому, что эти две компании уже являются крупнейшими туристическими компаниями в Польше.
Тем временем болгарский самолет GullivAir Airbus A330-200 с 98 болгарскими и румынскими туристами приземлился 29 ноября в аэропорту Маттала Махинда Раджапакса из столицы Болгарии Софии без помощи Управления по туризму Шри-Ланки. Первый самолет GullivAir, прибывший в Шри-Ланку, был торжественно принят сотрудниками аэропорта Маттала. Под руководством министра Чанаки. Рейс прибыл через Мальдивы, но в будущем планируется еженедельно перевозить туристов.
Особо следует отметить присутствие 46 болгарских и румынских турагентов. Они посетили Ялу, Нувара Элию, Канди, Дамбуллу, Сигирию и Полоннаруву. Кроме того, не забывайте следить за приморскими отелями, подходящими для отдыха туристов. Болгарский Onex Tour и румынский Karpaten сделали все возможное, чтобы привезти делегатов. Они являются основными туристическими направлениями в Турции, Египте, Тунисе, Мальдивах и Марокко.
Оппозиционные группы призвали остановить протесты, заявив, что «власти пытаются остановить поток туристов». Подтвердив их, 30-го числа сотрудник авиакомпании, не получивший вакцину против короны, был доставлен в гостиницу по приказу властей Шри-Ланки, несмотря на сопротивление болгар, а также протесты туристов. Тем не менее, обладание им по-прежнему недоступно для среднего человека.
В период, когда аэропорт был закрыт, авиакомпании «Украина», «Sky Up Airlines», «SCAT Airlines» и «Эйр Астана», которые с декабря прошлого года прибывали в аэропорт Маттала в рамках «туристического пузыря», доставляли в аэропорт Маттала туристов из Украины и Казахстана. Из-за жесткого регулирования туризма, введенного властями Шри-Ланки в то время, большинство туристов, приехавших в страну, уехали, распространяя в социальных сетях нерадостные новости о том, что их держат в качестве заключенных в отелях. В конце концов, все четыре авиакомпании отменили свои рейсы, и общеизвестно, что основной причиной этого были различные беспокоящие туристические рекомендации, такие как «заключение в отелях», со стороны тех авиакомпаний, которые привозили туристов в страну.
Несмотря на такие горькие воспоминания, Sky Up Airlines намерена возвращаться в Матталу два раза в неделю с 28 декабря этого года. Между тем, «Эйр Астана» в партнерстве с TUI Kazakhstan будет доставлять 750 пассажиров в неделю в аэропорт Катунаяке пять раз в неделю с 1 декабря. Между тем, шри-ланкийский рейс из Москвы обслуживает около 8000 российских, казахских и украинских туристов в месяц, в том числе два рейса в неделю и Аэрофлот два раза в неделю. Только по концепции «Российского туристического пузыря» в этом году уже прибыло около 12 000 российских, украинских и казахстанских туристов.
Помимо попытки оппозиции саботировать туристическую отрасль, выдвигая фиктивные утверждения о том, что украинские туристы в то время были коронными болотами для Шри-Ланки, запуск прямого рейса Москва — Коломбо SriLankan Airlines и российского Аэрофлота, а также украинских SkyUp Airlines и Q- Colombo Airlines Air Astana Almaty – Общеизвестно, что запуск рейсов в Коломбо также вызвал любопытство властей Совета по туризму. Кто бы ни был против, в этот момент туристы не должны прекращать приезжать в страну. Казахстан недавно приостановил все полеты между Египтом и Казахстаном из-за временного запрета правительства Казахстана на посещение страны гражданами Египта. Россия и Украина, вероятно, предпримут аналогичные действия на следующей неделе. В такой ситуации некомпетентные органы по туризму, назначенные президентом, тоже должны понимать, что эти туристы тоже приезжают на Шри-Ланку.
Индустрия туризма Шри-Ланки полностью находится в частной собственности, и следует признать, что каждое правительство страны произвольно тратит на нее налоговые поступления. По сей день правительство Шри-Ланки обязано выплачивать более ста тысяч рупий (500 долларов США) в день государственным служащим, посещающим страны Европы, в том числе Россию. Именно поэтому Его Превосходительство Президент посетил Генеральную Ассамблею Организации Объединенных Наций в Нью-Йорке с небольшой делегацией. Это хороший пример, который должен быть оценен не только Президентом, но и другими министрами правительства, а также высокопоставленными государственными чиновниками, которые следуют примеру Президента. Потому что даже для небольших туристических программ сегодня мы должны признать, что налоговые деньги работников туристической индустрии путешествуют по стране неделями, толпами забирая своих учеников, производя впечатление на жителей страны в виде дипломатических туров. Эти министры должны понимать, что придет день, когда эти власти последуют примеру президента в то время, когда экономика страны рухнула из-за эпидемии коронавируса, а народ страны все еще считает дни до следующих выборов. .
Corona Omicron — это не вариант, а Вторая мировая война, но это снова показывает, что туристические власти Lakbima без колебаний набивают свои карманы. Подтверждая это, сама председатель недавно подсчитала, что частный сектор, по оценкам, потратит рупий. Публикация стала для нас неожиданностью. Она указывает, что власти потратили рупий. Тем не менее, мы хорошо понимаем, что одних государственных налоговых расходов достаточно, чтобы привлечь посольство Шри-Ланки в стране, где будет проходить выставка, и одного чиновника Совета по туризму, отвечающего за продвижение туризма в этой стране. Хорошим примером этого является министр экономики до 2015 года, а также тогдашний председатель Совета по туризму. За время их пребывания в должности основные
рупии Все государственные чиновники сегодня должны последовать примеру и не совершать таких ненужных поездок, кроме как на дипломатическую встречу на высоком уровне.
Тем не менее, мы можем восстановить индустрию туризма Шри-Ланки. Это потому, что даже Мальдивы превзошли нашу страну по доходам от туризма. Даже во время корона-террора на Мальдивы приехало больше россиян, индийцев, украинцев и казахов. По состоянию на 29 ноября этого года Мальдивы посетили 1 153 013 туристов. Для сравнения, количество туристов, прибывающих в нашу страну, составляет 9%, а 100% гостиниц до конца года заполнены иностранцами. Общее количество российских, украинских и казахстанских туристов приближается к 260 000 человек.
Однако на конец ноября 2021 года общее количество туристов, прибывших в Шри-Ланку, составило 99 464 человека. Соответственно, на Мальдивах побывало в 12 раз больше туристов, чем у нас. Следует отметить, что 42% приехавших сюда были выходцами из Индии, Пакистана, Индонезии и Бангладеш, а также ланкийцами, проживающими на Шри-Ланке. Игнорируя это число, статистика показывает, что в этом году прибыло менее 60 000 настоящих туристов. Затем Совет по туризму пообещал привезти в страну 1,5 миллиона туристов в этом году. Однако из-за репрессивных правил туризма, торговли PCR и карантинной торговли, введенных властями как тогда, так и сегодня, среднее количество фактических туристов, посещающих страну, пока составляет менее 250 в день. Для страны, имеющей около 42 000 номеров в отелях, зарегистрированных в Совете по туризму, руководители могут не осознавать, что этого недостаточно, но мы должны понимать, что это правда. Сегодня Мальдивы, где успешно управляется индустрия туризма, в этом году принимают в среднем 3452 посетителей в день.
Время от времени новые варианты короновирусной эпидемии выявляются во многих частях мира, но пока 99,6% российских, украинских и казахстанских туристов признаны здоровыми. Кроме того, если наше правительство хочет изучить правильные решения, принятые правительством Мальдивских островов, правительством Турции и правительством Египта даже во время эпидемии Короны, и привлечь туристов на Шри-Ланку зимой 2022 года или хотя бы, мы можем, по крайней мере, дать мудрые туристические рекомендации, не меняя существующих рекомендаций по здоровью.
– Удаянга Виратунга
Бывший посол Шри-Ланки в России.
ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..[:SI]නැගෙනහිර යුරෝපානු සංචාරකයන් රැගෙන GullivAir සහ LOT ගුවන්යානා ලංකාවට..
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) නිකුත්කළ නිවේදනයක් මඟින් පවසන්නේ, සංචාරක තහනම හරහා “ඔමික්‍රෝන් ප‍්‍රභේදය” ගෝලීය පැතිරීම වැලැක්විය නොහැකි බව යි. අද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසා ජනතාවගේ ජීවිත රැකගැනීම සඳහා නව සෞඛ්‍ය නිර්දේශ අත්‍යාවශ්‍ය වන්නාක් මෙන්ම, රටක ජීවනාලිය වන ආර්ථිකය රැක ගැනීමද අත්‍යවශ්‍යම කරුණකි. එසේම රටෙහි නායකයන් පවසන්නේ අපව යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් විදේශ විනිමය රටට ලබා ගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ සංචාරක කර්මාන්තය බවයි. එය එදා සාමාන්‍යයෙන් වසරකට රටට ඩොලර් බිලියන 4.4 ක ආදායමක් ලබා දෙන්නට සමත් වූවකි. විසිපන් ලක්ෂයකට වැඩි පිරිසකට ඍජුව හෝ වක්‍රව ජීවන මාර්ගයක් වූවකි. එහෙත් මෙම වසරේ නොවැම්බර් අවසානයේදී රටට පැමිණි ඇති සංචාරකයන් ප්‍රමාණය 99,464 ක් වැනි ඉතා සුළු පිරිසකි. ඊට ප්‍රධාන හේතුව බලධාරීන්ගේ සංචාරක නියාමන රෙගුලාසි මෙන්ම අසාර්ථක කලමනාකරණය බව දැනටමත් සනාථ කර අවසන්. එසේ නමුත් ඊට සුදුසු දක්ෂ නිලධාරීන් පත්කර තිබේදැයි පවා නොසිතීමින්, එම ආදායම ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත්‍රය බවට පත් කරන්නට වත්මන් ජනපතිතුමාගේ තවත් අධිෂ්ඨානයකි.
නැගෙනහිර යුරෝපා රටක් ලෙස පෝලන්ත රාජ්‍යයේ අගනුවර වෝර්සෝ සිට ශ‍්‍රීලංකාවේ කටුනායක ගුවන් තොටුපල කරා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් පැමිණීම මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ‍්‍රී ලාංකිකයින්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට සුව පහසුවෙන් යාමට ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදාකර තිබෙනවා. ශීත සෘතුවත් සමග ඇරඹුණු මෙම සංචාරක සමයේ දී LOT ගුවන් සේවය, 2022 මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව ඇත. ඒ සදහා ලොට් පෝලිෂ් තම ගුවන් සේවය බෝයින් 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි.
පසුගිය 07 වෙනිදා කටුනායක දී ගුවන් තොටුපල කාර්යමණ්ඩලය විසින් උණුසුම්ව පිළිගත් මොහොතේ ලැබූ ආගන්තුක සත්කාරය පිලිබඳ අත්දැකීම් සංචාරකයන් ට කිසිදිනක අමතක නොවනු ඇතයි අප බලාපොරත්තු වෙනවා. එවගේම ලංකාව සමඟ සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට පිළිගැනීමක් ලබා දීමට සහය වීම පිළිබඳව සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම කොරෝනා වසංගතය නොසළකා ලබාදෙන සහයෝගයට විශේෂයෙන් LOT පෝලන්ත කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙමු. එසේම මෙම ගුවන්යානාවේ වැඩි ආසන ප්‍රමාණයක් දැනටමත් වෙන්කර ඇති පෝලන්ත රාජ්‍යයේ “Itaka” සහ “Rainbow” යන සංචාරක සමාගම් දෙක ලබන ජනවාරි සිට මාර්තු අතර කාලයේදී මෙරටට සංචාරකයන් රැගෙන මූලිකත්වයෙන් කටයුතු කරන බව විශේෂයෙන් සදහන් කර යුතුය. ඒ මක්නිසාද එම ආයතන දෙක දැනටමත් පෝලන්තයේ සංචාරකයන් යවන විශාලතම සංචාරක සමාගම් නිසයි.
ඒ අතර මෙරට සංචාරක බලධාරීන්ගේ කිසිදු සහයෝගයක් හෝ නොමැතිව බල්ගේරියානු GullivAir ගුවන් සමාගමේ Airbus A330-200 ගුවන්යානාව නොවැම්බර් 29දා බල්ගේරියාවේ අගනුවර සොෆියා නගරයේ සිට බල්ගේරියානු සහ රුමේනියානු සංචාරකයන් 98 ක් රැගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු GullivAir ගුවන් යානාව මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය උත්සවාකාරයෙන් පිළිගත්තේ, ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇමතිතුමා ලබාදුන් මග පෙන්වීම යටතේය. එසේ එම ගුවන් යානාව මාලදිවයින හරහා පැමිණි නමුත් ඉදිරියේදී සතිපතා සංචාරකයන් රැගෙන ඒමට සැලසුම් කර ඇත. එහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ බල්ගේරියානු හා රුමේනියානු සංචාරක ඒජන්තවරුන් 46 දෙනෙක් පැමිණීමය. ඔහුන් යාල, නුවරඑළිය, මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව යන සංචාරක ස්ථාන නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. ඊට අමතරව සංචාරකයන් සදහා විවේක ගැනීමට සුදුසු මුහුදුබඩ හෝටල් අධීක්ෂණ කිරීමට අමතක නොකළේය. එහිදී බල්ගේරියානු “Onex Tour” සහ රුමේනියානු “Karpaten” යන සංචාරක සමාගම් මෙම නියෝජිතයන් රැගෙන ඒමට සියලු කටයුතු සුදානම් කරන ලදී. ඔහුන් තුර්කිය, ඊජිප්තුව, ටියුනීසියාව, මාලදිවයින සහ මොරොක්කෝව යන රටවල් සදහා එරට සංචාරකයන් යවන ප්‍රධාන සංචාරක ආයතනයි.
මේ කිසිදු යහපත් ක්‍රියාවක හොඳක් නොදකින විරුද්ධ පාර්ශවයන් දිගින් දිගටම නගන ලද චෝදනා හමුවේ නැවතත් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට බලධාරීන් කුරුමානම් අල්ලන බවට කටකතා පැතිරෙයි. ඒවා සනාථ කරමින් පසු ගිය 30 වෙනිදා කොරෝනා එන්නත් ලබා නොගත් ගුවන් සමාගමේ සේවකයකු මෙරට බලධාරීන්ගේ නියෝග මත එහිදී අනකරන ලද හෝටලයකට රැගෙන ගියේ, බල්ගේරියානුවන්ගේ අකමැත්ත මෙන්ම එහි සංචාරකයන්ගේ විරෝධය ද කිසිදු අයුරින් සැලකීමට නොගෙන බව කණගාටුවෙන් කිව යුතුය. එසේ ඉදිරියට ද සංචාරකයන් සදහා පීඩාකාරී නියාමනය පැනවීමට නැවතත් සිදුවීම මත රට තුළ සංචාරක ව්‍යාපාරයේ හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් ලක්ෂ 25 කට ආසන්න පිරිසකට යම් තරමකින් හෝ සහනයක් සැලසීමට තිබෙන අවස්ථාව නැවතත් මගහැරී යාමට ඉඩ ඇති නමුත් PCR වෙළදාම, නිරෝදාන වෙළදාම තම හිතවතුන් ට ලබාදීම ද වැළැක්විය නොහැක.
එදා ගුවන්තොටුපල වසාතබාගෙන සිටිය කාලයේදී “සංචාරක බුබුල” යටතේ පසුගිය වසරේ දෙසැම්බර් සිට මත්තල ගුවන් තොටුපලට පැමිණි Ukraine Airlines, Sky Up Airlines, SCAT Airlines සහ Air Astana සමාගම් යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයන් රැගෙන ආවේ මත්තල ගුවන්තොටුපල ටය. එදා ශ්‍රී ලංකාවේ බලධාරීන් පනවනු ලැබූ පීඩාකාරී සංචාරක නියාමනය හේතුවෙන් රටට පැමිණි සංචාරකයන් ගෙන් වැඩි පිරිසක් පිටව ගියේ, ඔහුන් හෝටල්වල සිරකරුවන් සේ රදවාගෙන සිටීය බවට අසතුටුදායක පුවතක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ද කරමිනි. අවසානයේ දී එම ගුවන් සමාගම් හතරම තම ගුවන්ගමන් අවලංගු කල අතර ඊට මුලික හේතුව “හෝටල් තුල සිරකර තැබිම” වැනි නොයෙකුත් පීඩාකාරී සංචාරක නිර්දේශ බව හොදින් දන්නේ, සංචාරකයන් මෙරටට රැගෙන ආ එම ආයතන බව කිවයුතුය.
එවැනි අමිහිරි මතක සටහන් තිබුණ ද මෙවරත් දෙසැම්බර් 28 සිට මත්තල ට සතියකට දෙපාරක් පැමිණීමට Sky Up Airlines සියලු කටයුතු සූදානම් කර අවසන්ය. ඒ අතර Air Astana දෙසැම්බර් 01 දා සිට TUI Kazakhstan සමග එකතුව සතියකට ගමන් වාර පහ බැගින් කටුනායක ගුවන්තොටුපලට සතියකට සංචාරකයන් 750 ක් රැගෙන ඒමට පටන්ගෙන ඇත. ඒ අතර මොස්කව් සිට ශ්‍රීලන්කන් ගුවන් යානාව සතියකට ගමන් වාර දෙකක් සහ එරෝෆ්ලොට් සතියකට ගමන් වාර දෙක ඇතුළුව මාසයකට රුසියානු, කසාක්ස්තානු, යුක්රේනියානු සංචාරකයන් 8,000 ක් පමණ පැමිණෙනවා ඇත. දැනටමත් “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට යටතේ පමණක් රුසියානු, යුක්රේනියානු, කසකස්තානු සංචාරකයන් 12,000 කට ආසන්න පිරිසක් මේ වසරේ පැමිණ ඇත.
එදා යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරන උත්සාහය පසකින් තබා, මොස්කව් – කොලඹ ඍජු ගුවන් ගමන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ආරම්භ කිරීම මෙන්ම යුක්රේනියානු SkyUp ගුවන් සමාගම කිව් – කොලඹ ගුවන් ගමන් සහ Air Astana අල්මති – කොලඹ ගුවන් ගමන් ආරම්භ කිරීම ද සංචාරක මණ්ඩලයේ බලධාරීන්ට කුතුහලයට තුඩුදුන් කරුණක් බව කවුරුත් දන්නා රහසකි. කවූරුන් කෙසේ විරුද්ධ වුවත් මේ මොහොතේ රටට සංචාරකයන් පැමිණීම නතර නොකළ යුතුය. මොකද පසුගිය දින කසාක්ස්තාන් රජය එරට පුරවැසියන්ට ඊජිප්තු සංචාරය තාවකාලිකව තහනම් කිරීම නිසා, කසකස්තාන ඊජිප්තුව අතර සියලු ගුවන් ගමන් නතර කරන ලදී. එසේම ඉදිරි සතියේදී රුසියාව මෙන්ම යුක්‍රේනය ද එවැනිම පියවරක් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි වාතාවරණයකදී එම සංචාරකයන් ද පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට බව ජනාධිපතිවරයා පත්කරන ලද අදක්ෂය සංචාරක බලධාරීන් ද හොදින් අවබෝධ කර ගතයුතුය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්පුර්නයෙන්ම පුද්ගලික අංශය සතුව පවතින අතර එයින් ලැබෙන බදු මුදල් හිතුමතේට වියදම් කිරීම මෙරට සැම රජයක්ම සිදුකල බව පිළිගත යුතුය. අදටත් රුසියානු රාජ්‍යය ඇතුළු යුරෝපා රටවලට පැමිණෙන රාජ්‍ය සේවකයින් සඳහා දිනකට රුපියල් ලක්ෂයකට (500 $) වැඩි මුදලක් ගෙවීමට චක්‍ර ලේඛන අනුව ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ නිසාම පසුගිය දින අතිගරු ජනාධිපතිතුමා අවම පිරිසක් කැටුව නිව්යෝක් නුවර පවත්වනු ලැබූ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී විය. එය අගය කලයුතු හොද ආදර්ශයක් වන්නේ, ජනධිපතිතුමා පමණක් නොව රජයේ අනිකුත් මැතිඇමතිවරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් ද ජනධිපතිවරයා ආදර්ශයට ගත්කල පමණි. මොකද, අද කුඩා සංචාරක වැඩසටහන් වලට පවා, රාජ්‍යතාන්ත්‍රික සංචාර ලෙස රටෙහි ජනතාවට හඟවමින්, තම ගෝලයන් රොත්ත පිටින් රැගෙන සති ගණන් රට සවාරි ගසන්නේ සංචාරක කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ බදු මුදලින් බව අප පිළිගත යුතුයි. එම බලධාරීන් කොරෝනා වසංගත නිසාවෙන් රටෙහි ආර්ථිකය කඩාවැටී ඇති මොහොතේ හෝ ජනාධිපතිවරයා ආදර්ශයට ගන්නා දිනය උදා වනු ඇතයි, රටෙහි ජනතාව තවදුරටත් බලා සිටින්නේ ඊලග ජන්දයට දින ගණන් කරමින් බව එම මැති ඇමතිවරුන් අවබෝධ කරගත යුතුය.
කොරෝනා ඔමික්‍රෝන් ප‍්‍රභේදය නොව ලෝක යුද්දයක් ආවත් ලක්‍‍බිමේ සංචාරක බලධාරීන් තමන්ගේ සාක්කුව පුරවාගැනීමට පසුබට නොවන බව නැවතත් පෙන්නුම් කරයි. ඒ බව සනාථ කරමින් ලබන වසරේදී පුද්ගලික අංශය සමාගම් තම සේවාවන් ලොවට හදුන්වා දීමට අනිවාර්යෙන්ම සහභාගී විය යුතු සංචාරක ප්‍රදර්ශන 16 ක් සදහා අනවශ්‍ය දේශපාලකයින් හා ගෝලයන් සමග බලධාරීන්ට රට රවුම් ගැසීමට ගමන් වියදම් සමග රුපියල් 631,000,000 මුදලක් වියදම් කිරීමට ඇස්තමේන්තු කර ඇති බව පසුගිය දින සභාපතිනිය විසින්ම අදාළ ලේඛන ප්‍රසිද්ධයට පත්කිරීම අපගේ විමතියට කරුණක් විය. එහිදී ඇය පෙන්වා දෙන්නේ මෙම 2021 වසරේදී එතෙර පැවැත්වුණු සංචාරක ප්‍රදර්ශන 5 කට සහභාගී වීමට බලධාරීන්ගේ ගමන් වියදම් සමග රුපියල් 120,542,316 වියදම් කර ඇති අතර ඊට 75 කට ආසන්න පිරිසක් රජයේ වියදමින් සහභාගී වී ඇති බවයි. එසේ නමුත් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට බලපොරොත්තු වන රටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හා අදාල රටෙහි සංචාරක ප්‍රවර්ධන කටයුතු භාරව සිටින සංචාරක මණ්ඩලයේ එක් නිලධාරියෙක් සහබාගි කරවීමට පමණක් මහජන බදු මුදල් වියදම් කිරීම හොදටම ප්‍රමාණවත් බව අප හොදින් දන්නා කරුණකි. ඊට හොද නිදසුනක් ලෙස අප මතක්කර දිය යුත්තේ, 2015 පෙර ආර්තික කටයුතු භාර අමාත්‍යවරයා මෙන්ම එදා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා බව කිව යුතුය. ඔහුන්ගේ ධුර කාලයේදී අත්‍යවශ්‍ය රාජතාන්ත්‍රික ඉහළ හමුවකට හැර මෙවන්‌ අනවශ්‍ය කිසිදු ගමන් සිදු නොකිරීම අද රජයේ සියලු නිලදාරීන් ආදර්ශයට ගතයුතුය.
ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අපට යළි ගොඩ ගත නොහැක්කක් නොවේ. මක්නිසාද යත් මාලදිවයින පවා අප රට අභිබවා විශාල ලෙස සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන තත්ත්වයට පත්ව ඇත. මේ කොරෝනා භීෂණය තුළ පවා, රුසියානු, ඉන්දියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු ජාතීන් මාලදිවයිනට වැඩියෙන් පැමිණ ඇත. මෙම වසරේ නොවැම්බර් 29 වෙනිදා දක්වා මාලදිවයිනට සංචාරකයන් 1,153,013 පැමිණ ඇත. ඊට සාපේක්ෂව අප රටට සංචාරකයන් ගේ පැමිණීම 9% ක් වන අතර එහි සංචාරක හොටල් 100% ක්ම වසර අවසානය තෙක් විදේශිකයන් ගෙන් පිරී ඉතිරි ගොස්ය. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන්ගේ එකතුව 260,000 ආසන්නය.
එසේ නමුත් 2021 නොවැම්බර් අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 99,464කි. ඒ අනුව අපට වඩා 12 ගුණයක් මාලදිවයිනට සංචාරකයන් පැමිණ ඇත. මෙහි පැමිණි ඒ පිරිස අතරින් ද 42% ක්ම නිරෝදනය සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු, පකිස්ථානු, ඉන්දුනීසියානු, බංගලාදේශ ආදී රටවල් වලින් මෙහි පැමිණි ශ්‍රමිකයන් මෙන්ම ලාංකික දිත්වපුරවැසියන් බව කිව යුතුය. ඒ පිරිස නොසළකා හරින්න විට, මේ වසරේදී සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ 60,000 වඩා අඩු ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. එදා සංචාරක මණ්ඩලය රටට පොරොන්දු වුයේ සංචාරකයන් මිලියන 1.5 ක් මෙම වසරේදී රැගෙන එන බවයි. නමුත් එදා මෙන්ම අදත් බලධාරීන් පනවන පීඩාකාරී සංචාරක නියාමන, PCR වෙළදාම හා නිරෝදාන වෙළදාම වැනි හේතුන් නිසා මෙතෙක් රටට සැබෑ සංචාරකයන් පැමිණ ඇත්තේ දිනකට සාමාන්‍ය 250 කට අඩු ප්‍රමාණයකි. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්වල කාමර 42,000 පමණ තිබෙන රටට, කෙසේවත් එය ප්‍රමාණවත් නොවන බව නායකයන්ට නොවැටහෙන නමුත්, සත්‍යයයි එය බව අප වටහාගත යුතුය. අද සාර්ථකව සංචාරක කර්මාන්තය කලමනාකරණය කරන මාලදිවයිනට මේ වසරේ සංචාරකයන් පැමිණීම දිනකට සාමාන්‍ය 3,452 ක් බව ද පෙන්නුම් කරයි.
කාලයෙන් කාලයට කොරෝනා වසංගතයේ අලුත් ප්‍රභේද ලෝකයේ බොහෝ රටවලින් හදුනාගෙන ඇති නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව අපට සනාථ වී ඇත. එසේම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය, තුර්කි රාජ්‍ය මෙන්ම ඊජ්ප්තුව රජය ගත් නිවරදි තීන්දු තීරණ, අධ්‍යනය කර 2022 සීතල කාලයේදී හෝ මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අප රජය බලාපොරොත්තු වන්නේ නම්, අවම වශයෙන් දැනට ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ වෙනස් නොකර බුද්ධිමත්ව සංචාරක හිතකාමී නිර්දේශ පමණක් ලබාදීමට රජයට කාලය උදාවී ඇත.
– උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.
ලංකාවේ හැඩ බලන්න නැගෙනහිර යුරෝපයෙන්..
[:]

Your email address will not be published. Required fields are marked *

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px-e1604761721356.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}