[:en]Swayambunath, Bhaktapur, Patan, and Boudhnath[:ru]Сваямбунатх, Бхактапур, Патан и Бодхнатх[:SI]ස්‌වයංබුනාත්, බක්‌තපූර්, පටාන් සහ බුධ්දනාත්.[:]

[:en]2nd Day 05.01.2018 : Swayambunath, Bhaktapur, Patan, and Boudhnath

SWAYAMBUNATH-
Is also called the monkey temple because they have a lot of monkeys that are said to be holy.
Shing.kun may be a corruption of the local Nepal language name for the complex, Singgu, meaning ‘self-sprung’.
They are holy because Manjushri, the bodhisattva of wisdom and learning was raising the hill which the stupa stands on.

BHAKTAPUR –
Bhaktapur, literally translates to Place of devotees.
Bhaktapur was the largest of the three Newar kingdoms of the Kathmandu Valley and was the capital of Nepal during the great ‘Malla Kingdom’ until the second half of the 15th century.
Bhaktapur has the best-preserved palace courtyards and old city center in Nepal and is listed as a World Heritage Site by UNESCO for its rich culture, temples, and wood, metal and stone artworks.

PATAN CITY –
– is the third largest city of Nepal after Kathmandu and Pokhara
It is called city of festival and feast, fine ancient art, making of metallic and stone carving statue.
Lalitpur is believed to have been founded in the third century BC by the Kirat dynasty and later expanded by Licchavis in the sixth century

BOUDHNATH –
The stupa’s massive mandala makes it one of the largest spherical stupas in Nepal.
As of 1979, Boudhanath is a UNESCO World Heritage Site.
The construction materials, soil, brick, and stone, were carried on elephants, horses, donkeys and other animals to the site

[:ru]Второй День 05.01.2018: Сваямбунатх, Бхактапур, Патан и Бодхнатх

SWAYAMBUNATH-
Также называется храмом обезьян, потому что у них много обезьян, которые, как говорят, являются святыми.
Shing.kun может быть искажением названия этого комплекса на местном непальском языке, Singgu, что означает «самовосстановление».
Они святы, потому что Манджушри, бодхисаттва мудрости и образования поднимал холм, на котором стоит ступа.

БХАКТАПУР –
Бхактапур, буквально переводится как место преданных.
Бхактапур был крупнейшим из трех новарских королевств в долине Катманду и был столицей Непала во время великого «королевства Малла» до второй половины 15-го века.
Бхактапур имеет наиболее хорошо сохранившиеся дворцовые дворики и старый центр города в Непале и внесен в список Всемирного наследия ЮНЕСКО за его богатую культуру, храмы, а также произведения искусства из дерева, металла и камня.

Город ПАТАН –
– третий по величине город Непала после Катманду и Покхары
Его называют городом праздников и праздников, изобразительного древнего искусства, изготовления статуй из металла и резьбы по камню.
Считается, что Лалитпур был основан в третьем веке до нашей эры династией Киратов, а затем был расширен в Licchavis в шестом веке

BOUDHNATH –
Массивная мандала ступы делает ее одной из самых больших сферических ступ в Непале.
С 1979 года Будханатх является объектом Всемирного наследия ЮНЕСКО.
Строительные материалы, грунт, кирпич и камень были доставлены на место слонам, лошадям, ослам и другим животным.

[:SI]නේපාලයේ බොහෝ සිද්ධස්‌ථානය බ්‍රහ්මණයන් හින්දුන් හා බෞද්ධයන් යන සියලු භක්‌තිකයන්ගේ පූජාවට බඳුන් වන පන්සලේ තාප්පය දිගට අත ගැසූ සැණින් කැරකෙන බෙර රවුම් වැටක්‌ දැකගත හැකිය. ඒවායේ ජිවිත රටාව පිළිබඳ කිසියම් පාඨ ලියා ඇති බව අපගේ මාර්ගෝපදේශක විජයසිං පැහැදිලි කරන ලදී. ආරාමය වෙත යන අය එම බෙර වලට අත් තබමින් ඒවා කරකවමින් යන අයුරු අප දුටුවේය. එසේ කිරීමේදී ජීවත කාලයේදී තමන් කල පව් කමා වන බව ඔහුන්ගේ ආගමික චාරිත්‍රයකි. අපේ දරුවන් දෙදෙනාට එය විනෝදාත්මක ක්‍රියාවලියක් විය. නමුත්‍ මට එකවරම මතක් වූයේ, ලාංකික ජනතාවට හිටං හුටං සිදුකරන අපරාධ වල පව් කමා කිරීමට මෙම බෙර රවුම් ජිවිත කාලය කරකැවීමට කාලකන්නි හිටං ව නේපාලයට නෙරපා දමන කාලය ලගදීම අපට උදාවන බවයි!!!
………………………………………………….
නේපාලයේ අභිමානවත් ගෘහ නිර්මාණ…
හිමාල පර්වතය හා චීනය උතුරින්ද, බටහිරින් ඉන්දියාව වට කොට ඇති නේපාලය වර්ග සැතපුම් 56827 ක භූමි ප්‍රමාණයක්‌ වසා පැතිරී තිබෙනවා. නේපාලයේ ජනගහනය දසලක්‌ෂ තිහක්‌. විශාල රටවල් අතරින් නේපාලයට හිමිවන්නේ 93 වැනි තැන. ලෝකයේ දුප්පත් රටවලින් එකක්‌ යෑයි හැඳින්වුවද භූගෝලීය වශයෙන් පොහොසත් භූමියක්‌ වන නේපාලයට ලෝකයේම උසම කඳු ශිඛර 10 ක්‌ හා එවරස්‌ට්‌ කඳු වැටියට මායිම් පිහිටීම වැදගත් වෙනවා. හින්දු හා බෞද්ධාගම නේපාලයේ වැඩිදෙනා අදහන අතර ඉන් වැඩි පිරිසක්‌ හින්දුන්. එහෙත් ජනතාව හින්දු බෞද්ධ යන වෙනසකින් තොරව ආගමික වත්පිළිවෙත්වල ඉතා සාමකාමීව යෙදෙන බව පැහැදිලිව දක්‌නට ලැබුණා. බෞද්ධාගමේද විවිධ ප්‍රභේද දකින්නට ලැබුණා. හිමාලයානු බුද්ධාගම, කත්මණ්‌ඩු බුද්ධාගම, මහායාන, ථෙරවාදී වශයෙන්. නේපාලයට එම නාමය ලැබී ඇත්තේ විශේෂිත, අර්ථයකින් “භැ” යනු ස්‌වභාවයෙන් ගොඩනැගුණු අරුත ගන්නවා. “ඡ්ක්‌” යනු ආරක්‌ෂිත දේශය යන්නයි. කලක පටන් නේපාලයේ තිබුණේ රාජාණ්‌ඩුවක්‌. කලකට ඉහත රජ පවුලේ සිදු වූ ඝාතනයෙන් පසුව එහි රජු වන්නේ ජිනේද්‍රසිංහ රජතුමායි. නේපාලය ෆෙඩරල් ජනරජයක්‌ වූ පසු එහි ප්‍රථම ජනපති ලෙස 2008 ජූලි 23 දා පත්වූයේ රාම් බැරන් යාදෙව් මහතාය.
නේපාලය අගනුවර වන කත්මණ්‌ඩු නගරය එකවිට බැලූ බැල්මට දැසට අසුවන නගරයක්‌ නොවේ. එය විශාල ප්‍රදේශයක විහිදී පැතිරී ඇති නගරයක්‌. නගරයේ ඇතැම් කොටසක අඩක්‌ ඉදිවුණු මාර්ග හා දූවිලිවලින් ගහන වූ බිම්කඩවල ඇති කුඩා පැල්පත් හා පෙට්‌ටිකඩ දැකගත හැකි වෙනවා. එමෙන්ම සැලැස්‌මකින් තොරව ඉදිවුණු කඩපේළි සහිත මංමාවත් තුන්වන ලෝකයේ ඉරියව් පිළිබිඹු කරයි. ඒ අතර සැලසුම් සහිතව ඉදිවූ අලංකාර ගොඩනැඟිලි ද දැකගත හැකිය. බොහෝ ගොඩනැඟිලි ගඩොලින් බැඳ පිටත කපරාරු නොකළ බවක්‌ පෙන්නුම් කරනවා. කත්මණ්‌ඩු නගරයේදී ජීවමාන ළමා දෙවඟනක්‌ (Livini Goddes) ගැන කවුරුත් කතා බහ කරනව. සංචාරකයන් නොවරදවා යන විවිධ ආගමික හා සංස්‌කෘතික වටිනාකම් සහිත ස්‌ථාන රැසක්‌ කත්මණ්‌ඩු නුවර ආශ්‍රිතව තියෙනවා. ඒවා වැඩි හරියක්‌ හින්දු හා බෞද්ධ සිද්ධස්‌ථාන. ඒවා ඉතා පෞරාණිකයි. ඒ වගේම ගාම්භීරයි. අභිමානවත්. ගෘහ නිර්මාණ හා කැටයම් ශිල්ප කලා අතින් ඉතා ඉහළයි. එම සිද්ධස්‌ථානවල ඇති ගෘහයන්හි කපා ඇති ලී කැටයම් ඉතා සියුම් අලංකාරවත් ඒවා. ඒවා ඉතා සංයමයකින් හා ඉවසීමකින් යුතුව අති දක්‍ෂ කලා ශිල්පීන් විසින් කළ ඒවා බව පේනවා. ලීස්‌තර හා කැටයම් යෙදූ ඇතැම් කණුවල කාමාශක්‌ත ඉරියව් රැගත් ස්‌ත්‍රී පුරුෂ රූප නෙළා තිබෙනු අපට දැක ගන්නට ලැබුණේය. ඒවා එක විටම කෙනකුගේ ඇස ගැටෙන්නේ නැත්තේ ඉතා ඉහළ වහල් තලයට ආසන්නව නෙළා ඇති නිසයි.
මේ සිද්ධස්‌ථාන අතර පසුපතිනත් (PashuPatinath) දේවාලය (6 වැනි ශතවර්ෂය) කත්මණ්‌ඩු ඩර්බා චතුරස්‍රය (15 – 18 ශත වර්ෂ) වන්ගුනාරායන් (3 වැනි ශත වර්ෂය) ස්‌වයං බුනාත් ස්‌ථූපය හා විහාරය එහි ඉතා අලංකාර ලෙස ඉදිකරනු ලැබූ ධවල ස්‌තූපයක්‌ ඇත. මෙයට (Monkey Temple) යනුවෙන් ද නම් කරනවා. බොහෝ වඳුරන් විහාරය අසල සැරිසරමින් සිටිනු දකින්නට ලැබුණා.
මේ සියලු ස්‌ථාන ලෝක උරුමයන් ලෙස නම් කොට තිබෙනවා. (Bhaktapur) බක්‌තපූර් නේපාලයේ පැරැණි ප්‍රධාන නගරය ලෙසයි හඳුන්වා තිබුණේ. එහි අසිරිය බලා ගැනීමට සංචාරකයන් අමතක කරන්නේ නැහැ. සිත් වශී කරන සංස්‌කෘතික අංගයන්ගෙන් යුක්‌තයි. ආක්‍රමණවලින් විනාශ වී ගිය ද ඉතිරි වී ඇති අංග පැරැණි ශ්‍රී විභූතිය මනාව විද්‍යමාන කරනවා. චිත්‍ර, ප්‍රතිමා, මූර්ති, පෙදරේරු වැඩ, වඩු කාර්මික නිපුණත්වය, තඹ ප්‍රතිමා, පැරැණි මැටි බඳුන්, මාල, අලංකාර කිනිසි, ශිව, පාර්වති ප්‍රතිමා මෙහිදී දැක ගන්නටත්, මිලදී ගන්නටත් පුළුවන්. දිග මේස මත ඉතා කදිම ලෙස පිළිවෙළට තබා ඇති මේ භාණ්‌ඩ දෙස එකවරක්‌ පමණක්‌ බලා යන්නට සිත් දෙන්නේ නැහැ. මේ නගරයේ වසර සිය ගණනක්‌ ඈත අතීතයේ සිට හින්දුන් හා බෞද්ධයන් සමගිව ජීවත් වී ඇති බවට සාධක තියෙනවා. මෙය Newari (ශාක්‍ය) සංස්‌කෘතිය නමින් හඳුන්වනවා. නගරය පුරාම පැරැණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව තැනූ සුවිසල් මහල් නිවාසවලින් පිරී පවතිනවා. කෘෂ්ණ දෙවිඳුන්ට වෙන් වූ මාලිගය අබියස ගායක කණ්‌ඩායමක්‌ බජන් ගී ගයනු අපට අසන්නට ලැබුණා. එය ඉතා කන්කළු වගේම සිත්කළු දැක්‌මක්‌. ඒ සුන්දර දැක්‌ම කවදාවත් අමතක වෙන්නේ නැහැ. එම ගී රාවය දැනුත් ඇහෙනවා වගෙයි.
නවීනතම ගොඩනැගිලි පිරි බටහිර රටවල් වලට වඩා ආසියාවේ අභිමානවත් උරුමයන් දැකබලා ගැනීමට ඔබත් නේපාලයට ගිහින් ආවොත් නරකද? අපට දින 9 ක මේ ගමන සංවිධානය කර ගැනීමට අපට සහාය දැක්‌වු ඇල්පයින් සංචාරක ආයතනයේ නේපාල ජාතික චෙන්දුප් ට මෙන්ම මා සමග සමකාලීන කිව් නගරයේ අධ්‍යාපනය ලැබූ තමරා ට අපගේ ස්‌තුතිය පිරිනමු.
දෙවන දිනය 05.01.2018: ස්‌වයංබුනාත්, බක්‌තපූර්, පටාන් නගරය සහ බුධ්දනාත්.

[:]

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2018/12/E69T6817-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}