යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි..

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි..
රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග දිවයිනට ලියයි

නරේන්ද්‍ර මෝදි රජයට ශ්‍රී ලංකා – චීන ආර්ථික විප්ලවය මෙන්ම ශ්‍රී ලංකාවේ සීඝ්‍ර සංවර්ධනය ද හිසරදයක්‌ විය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර මෙය හොඳාකාරව තේරුම්ගෙන ඉන්දියානුවන් හරහා රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කළේය. මෙය තේරුම් නොගත් ශ්‍රී ලාංකිකයන් සිතුවේ ඔවුන් ජයග්‍රහණය කළ බවයි. ඇත්තටම එදා පැරදුනේ මහින්ද රාජපක්‌ෂ නොව, ශ්‍රී ලාංකික ජනතාවය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ උපදෙස්‌ ක්‍රියාත්මක කරමින් යහපාලන රජය තව වසර දෙකක්‌ රට පාලනය කළහොත් ලාංකික අපට අනාගතයක්‌ ඉතුරු නොවන්නේය. රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකුණා දමමින් රට දෙකඩ කර නැවතත් යුද්ධයක්‌ ඇවිලීම කිසිවෙකුට නතර කළ නොහැකිය. එය බටහිර සැලැස්‌මට අනුව සිදුවන්නේය.

මෙය බටහිරයන්ගේ අලුත් සැලැස්‌මක්‌ නොවන්නේය. මේ හා සමාන සැලැස්‌මක්‌ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර විසින් 2004 – 2005 වර්ෂවලදී යුකේ්‍රනියානු රාජ්‍ය තුළ ක්‍රියාත්මක කරන ලදී.

සමාජවාදී කඳවුරේ බලය ශුන්‍යය කර සෝවියට්‌ සමූහාණ්‌ඩුව කොටස්‌වලට කඩා දැමීම, ඇමරිකානුවන් සීතල යුද්ධය සමයේ ලැබූ වැදගත් ජයග්‍රහණයක්‌ ලෙස සඳහන් කර හැක. සෝවියට්‌ දේශයෙන් වෙන් වූ යුකේ්‍රනියානු රාජ්‍ය පාලනය කළ සාර්ථකම ජනාධිපති ලෙනින් කුච්මා (1994 – 2005) බව මගේ මතයය. එදා ලෙනින් කුච්මා රජය රුසියානුවන් සමඟ මිත්‍රවයෙන් කටයුතු කරන අතරතුර යුරෝපා හවුල සමඟ නව සම්බන්ධතාවයන් ගොඩනඟමින් යුකේ්‍රනියාව නව සංවර්ධන මාවතක්‌ කරා රැගෙන යන ලදී. එසේ නමුත් ඔහුගේ දෙවන ධුරකාලය අවසානයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේදී දූෂණ සිදුවූ බවට චෝදනා කරමින් එදා යුකේ්‍රනියානු ජනතාව වීදි බැස තම ඡන්ද අයිතිය උදෙසා දැවැන්ත උද්ඝෝෂණයකට මුල පිරුවේය.

දේශපාලන නායකත්වය මූලික වී ජනතා උද්ඝෝෂණය නොකඩවා මාස දෙකකට ආසන්න කාලයක්‌, දැඩි සීතල කාලයේ වුවත් මනාව සංවිධානය කරන ලදී. ලක්‌ෂ ගණනක්‌ යුක්‌රේනියානුවන් එඩිතරව මහඟු කැපවීමකින් කීව් නගරයේ සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. ඉන් නොනැවතුණු ජනතාව, යුකේ්‍රනියානු පාර්ලිමේන්තුව හා ජනාධිපති මන්දිරය ද වට කරන ලදී. ඔවුහූ පොලිස්‌ නියෝග ජල ප්‍රහාර කඳුළු ගෑස්‌ ප්‍රහාරවලට බියේ පලා නොගියෝය. පොලිසිය ද වක්‍රව උද්ඝෝෂකයන්ට සහය දක්‌වන ලදී. දේශපාලකයා ජනතාවට අවශ්‍ය පහසුකම් නිසි ලෙස සපයමින් සාමකාමී උද්ඝෝෂණයක්‌ සැළසුම් කරන ලදී. අවසානයේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරමින් රජය ව්‍යවස්‌ථාව සංශෝධනය කර නැවත ජනාධිපතිවරණයක්‌ පවත්වන ලදී. ඉන්පසු ජයග්‍රාහී උද්ඝෝෂකයන් යුකේ්‍රනියානු තැඹිලි විප්ලවය අවසන් කරමින් කීව් නගරයේ ක්‍රිශාතික්‌ චතුරශ්‍රයෙන් ඉවත් විය. (මෙය තැඹිලි විප්ලවය වශයෙන් හඳුන්වන්නේ යුශේන්කෝ ජනාධිපතිවරයාගේ පක්‌ෂයේ වර්ණය තැඹිලි වර්ණය හේතුවෙනි)

එදා යුකේ්‍රනියානුවන්ගේ විප්ලවය ඔවුගේ කැපකිරීම මත පමණක්‌ ජයග්‍රහණය නොවූයේය. එය රුසියානුවන්ට එරෙහිව බටහිර කඳවුර සිදු කළ සීsතල යුද්ධයේ සෙවනැල්ලක්‌ බව එදා යුකේ්‍රනියානු ජනතාව තේරුම් නොගෙන සිටියෝය. රුසියානුවන්ගේ ඈත්වීම, යුරෝපා හවුලට එක්‌වීම ජනතා අභිලාශයක්‌ බවට සරල මතයක්‌ ගොඩනැගීමට ඔවුන්ට හැකිවිය. යුරෝපා හවුලට එකතු වන යුකේ්‍රනියානුවන්ගේ නව ජීවන රටාව මගින් යුරෝපීය සියලු සැප සම්පත්, යුකේ්‍රනියානුවන්ට ද හිමිවන බවට ජනතා මතය ගොඩනගන්නට එදා බටහිර ඇමරිකානු කණ්‌ඩායම ඩොලර් බිලියනයකට වැඩි මුදලක්‌ සෘජුව යුශේන්කෝ ගේ දේශපාලන පක්‌ෂය හරහා පොම්ප කරන ලද්දේ, ඉන්දියානුවන් හරහා මහින්ද රාජපක්‌ෂ රජය පෙරලීමට හංස පූට්‌ටුවට ඩොලර් බිලියනයකට වැඩිගාණක්‌ වියදම් කළා හා සමාන ආකාරයෙනි.

අවසාන ප්‍රතිපලය වශයෙන් වික්‌ටර් යුශේන්කෝ ජනාධිපතිවරයා වශයෙන් 2005 ජනවාරි මාසයේ තේරී පත්විය. එම රජයේ පළමු අගමැතිනිය ලෙස යුල්යා තෙමශේන්කෝ පත්විය. යුශේන්කෝ- තෙමශේන්කෝ රජය යුකේ්‍රනියානු ජනතාවගේ දහසක්‌ බලාපොරොත්තු මැද බිහිවූ බව මා මෙහි මතක්‌ කළ යුතුය. එය මෛත්‍රී්‍ර – රනිල් එකතුව සැබෑ වෙනසක්‌ කිරීම සඳහා යහපාලනය බිහිවූවාට සමාන බව කිවයුතුය. 2015 වර්ෂයේදී ශ්‍රී ලාංකික ජනතාව මෛත්‍රී්‍ර යුගයක්‌ ගැන තැබූ විශ්වාසය හා සමානය.

එදා යුශේන්කෝ තෙමශේන්කෝ රජය රුසියාවට එරෙහිව නැගී සිටියාක්‌ මෙන්, කාලයක්‌ තුළ ගොඩ නගන ලද සෝවියට්‌ ආර්ථික ක්‍රමය බිඳදමමින් යුරෝපා හවුලේ කූට සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තෝය. එය යුශේන්කෝ තෙමශේන්කෝ රජය බටහිරට දුන් ප්‍රධාන පොරොන්දුවක්‌ විය. එය මෛත්‍රී්‍ර රනිල් හවුල බටහිරට දුන් පොරොන්දු හා සමානය. එදා යුකේ්‍රනයේ සියලු අපනයනයන් භාණ්‌ඩ නිෂ්පාදනය, වසර 70කට වැඩි කාලයක්‌ සිට සිදුකෙරෙන පැරණි සෝවියට්‌ රටවල අවශ්‍යතාවයන් මත බව කිසිවෙකුට රහසක්‌ නොවිය. එවැනි ආර්ථිකයක්‌ සංස්‌කෘතියක්‌ වහාම කඩා බිඳ දමා එම භාණ්‌ඩ යුරෝපා හවුලේ රටවල්වලට විකිණීමට නොහැකි බව නායකයන් දැනගෙන සිටි බව මාගේ මතයය.

යුකේ්‍රනියානු නායකයන්ගේ අභිලාශය වූයේ රුසියානුවන්ට එරෙහිව අවි අමෝරා එසවීම මිස රටේ දියුණුව ගැන සිතා තීරණ ගැනීමක්‌ ඔවුන්ට අවශ්‍ය නොවීය. එය වත්මන් යහපාලන රජය සියලු සම්පත් විදේශිකයන්ට විකුණන ප්‍රතිපත්තිය හා සමානය. අද යහපාලන නායකයන්ට හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් පසු ජනතාව ඉදිරියේ උදම් අනන්නේ, වසර දෙසීයකට පසු එම වරාය ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ හිමිවන බවටය. එයින් සතුටුවන ශ්‍රී ලාංකිකයෝ බහුලව සිටීම ගැන පුදුම විය නොහැකිය. එය එසේ නොවුණා නම් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩක්‌ පමණ උසස්‌ පෙළ අසමත් වීම පුදුමයට කරුණක්‌ විය යුතුය. ඒ කරුණු දෙකෙන්ම මා දකින්නේ ශ්‍රී ලාංකිකයා රැවටීම ඉතා සරල බවය.

එදා තෙමශේන්කෝ රජය විසින් මීට පෙර ලෙනින් කුච්මා සිදුකර ගෙන පැමිණි සංවර්ධන වැඩසටහන් නතර කිරීම පමණක්‌ නොව පැරණි සෝවියට්‌ මිත්‍ර රටවල් සමඟ ද මතගැටුම් ඇතිකිරීම තුළින් යුකේ්‍රනියානු ආර්ථිකය ශ්‍රීඝ්‍රයෙන් කඩාවැටීමට ලක්‌ කළේය. සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන්නේය. කෙමෙන් කෙමෙන් බටහිර ණය උගුලට හසුවීම මගහැරීමට නොහැකි වූ බවය. වැඩිකාලයක්‌ යන්නට පෙර යුශේන්කෝ තෙමශේන්කෝ රජය දෙදරන්නට පටන් ගත්තේය. ඇමති මණ්‌ඩලය තුළ දූෂණය වැඩිවන අතරතුර ඔවුනොවුන් අතර මතගැටුම් ද උග්‍රවන්නට පටන්ගත්තේය.

ඒ අතර යූශේන්කො ජනාධිපතිවරයාගේ පුත් තරාෂ් යුශේන්කෝ මිල අධික වාහන කීව් නගරය දෙවනත් කරමින් ජනාධිපති තාත්තාගේ බලය පෙන්වීමටද පටන් ගත්තේය. යුකේ්‍රනියානු විප්ලවයෙන් වැඩි බරක්‌ කරට ගත් කීව් නගරවාසීන්ගේ විවේචනය, තෙමශේන්කෝ අගමැතිනියගේ රජයට එල්ලවීම වැඩිවන්නට පටන් ගත්තේය. දිනෙන් දින පිරිහීමට පත්වන ආණ්‌ඩු පක්‌ෂයේ මැතිඇමතිවරුන් පාලනය කිරීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි විය. වසර තුන හමාරක්‌ ගත වීමත් සමගම යුකේ්‍රනියානු අගමැතිනිය ලෙස කටයුතු කළ යූල්යා තෙමශේන්කෝ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කරන ලදී. එය විපක්‌ෂ නායක වික්‌ටර් යන්කොවිච් හට සුභ ආරංචියක්‌ විය. රුසියානුවන්ද ලද අවස්‌ථාව අතහැරීමට අමතක නොකළෝය. තෙමශේන්කෝ වටා ගෙතුණු ගෑස්‌ මංකොල්ලය යළි ඉස්‌මතු කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරන ලදී. එය අප රට තුළ සිදුවූ බැඳුම්කර චෝදනාව හා සමානය. දෙරටේම විපක්‌ෂ නායකයන් මෙන්ම දෙරටේම අගමැතිනියට හා අගමැතිට එරෙහිව දෙරටේ ජනාධිපතිවරුන්ගේ පූර්ණ සහය දෙරටේ අගමැතිනියට හා අගමැතිට එරෙහිව විවේචන අවස්‌ථා ලැබීම එක හා සමානය.

අවසානයේ රටේ ජනාධිපතිට වඩා අගමැතිනියගේ ජනතා බලය වැඩිවීමට පටන් ගත්තේය. අවසානයේ ජනාධිපති යූශේන්කො තනිවිය. පැරණි කොමියුනිස්‌ට්‌ පාක්‌ෂිකයන් මෙන්ම සියලු ජනතාව විපක්‌ෂ නායකයා වටා එකතුවීම නතර කර නොහැකි විය. පක්‌ෂ භේද වශයෙන් රට දෙකඩ විය. පළමු ජනාධිපතිවරණයෙන් පරාජය වූ වික්‌ටර් යන්කොවිච් විපක්‌ෂ නායකයා වසර තුනක්‌ ඇතුළත මනා සංවිධාන ශක්‌තියක්‌ ලබා ගත්තේ රුසියානුවන්ගේ ද ආශිර්වාදය මැද්දේය.

රටේ ආර්ථිකය ශීඝ්‍ර වශයෙන් කඩා හැලෙමින් රට විශාල ණය උගුලකට හසුවිය. එදා යුක්‌රේනයේ ආර්ථිකය විනාශවීමට ප්‍රධාන හේතුසාධකය වූdයේ යූශෙන්කො රජයේ අසාර්ථක පාලනය බව රහසක්‌ නොවීය. එය මෛත්‍රී රනිල් අසාර්ථක පාලනය රට විශාල ණය උගුලකට හසුකර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කරනවා හා සමානය. 2005 ජනවාරි මාසයේදී 50% ආසන්න ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන ජනාධිපති වූ වික්‌ටර් යූශෙන්කො 2010 වර්ෂයේදී 5.75% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන හතරවෙනි ස්‌ථානය දක්‌වා පහළට වැටීම මෙතැනදී අනිවාර්යෙන්ම පෙන්වා දිය යුතුය.

මෙය සමාන කළ හැක්‌කේ, පළාත් පාලන ඡන්දයෙන්, රටෙහි ජනාධිපති නායකත්වයෙන් මෙහෙයවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ සන්ධානය 15% ආසන්න වූ ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන මෛත්‍රී රටේ තෙවැනි තැනට පත්වීමටය. එම ස්‌ථානය 2020 දී සිව්වන තැනට පත්වීමට අවකාශ ඇති බව මගේ මතයයි. එය එසේ සිදුවීමෙන් පෙනී යන්නේ 2005 ජනවාරි මස බටහිර කඳවුරු යුකේ්‍රනියාවට කළ සැලැස්‌මේ පිටපත 2015 ජනවාරි මස ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්‌ෂට එරෙහි ක්‍රියාත්මක කළ බව නැවත නැවතත් සනාථවෙන බව මාගේ හැඟීමයි.

මේ දෙරටේම නායකයන් ක්‍රියාත්මක කළේ එකම මූලධර්මය බව පෙන්වා දිය යුතුය. එනම් රටේ ආර්ථිකය අඩපණ කර රටේ සංවර්ධනය විනාශ කර රට දෙකඩ කිරීමේ යුදමය මාර්ගය විවර කිරීමය. යූශෙන්කො ජනාධිපතිවරයා තම ධූර කාලයේ හතරවැනි වසර එළැඹෙන විට දෙවැනිවරට ජනාධිපතිවීමේ අදහස සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා ලදී. එසේ නමුත් තම ධුර කාලයේදී සිදු කරන ලද දේශපාලන පළි ගැනීම් සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීමේදී සිදු කරනු ලැබූ දූෂණ කටයුතු පිළිබඳ ව ඊළඟ රජයට තමන් හට උත්තර බැඳීමට සිදුවන බව ජනාධිපති යූශෙන්කො තේරුම් ගත්තේය. එය ජනාධිපති මෛත්‍රී සිරිසේන ජනාධිපතිතුමන් හට නොවැටහෙන්නේ ඇයි දැයි අපට ප්‍රශ්නයකි. එදා යුකේ්‍රනයේ ජනාධිපතිවරයා, බටහිර සැලැස්‌මට පිටින් තමන්ගේ ආරක්‌ෂාව සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තනේ. රුසියානු හිතවාදී වික්‌ටර් යන්කොවිච් සමග රහස්‌ සාකච්ඡා ආරම්භ විය. බටහිර හිතවාදී තම අමාත්‍යවරුන්ගේ උපදෙස්‌ පවා පිළිපැදීම අත්හරින ලදී. යන්කොවිච් සමඟ මිත්‍රත්වය තර කර ගන්නා ලදී. දෙදෙනාම යම් යම් කරුණු පිළිබඳ එකඟතාවලට පැමිණියෝය. ප්‍රධාන වශයෙන් යන්කොවිච් බලයට පැමිර් විට යූශෙන්කො හිටපු ජනාධිපතිවරයා හට දේශපාලනමය වශයෙන් පළිsගැනීම් සිදුනොකරන බවට අෙන්‍යාන්‍ය එකඟතාවක්‌ ඇතිකර ගත් අතර, යූශෙන්කො තම ධුර කාලයේ අවසන් කොටසේදී ඊළඟ ජනාධිපතිවරණයට යන්කොවිච්ට බලය ලබා දීමට අවශ්‍ය දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා ගන්නා ලදී.

යන්කොවිච්ගේ දේශපාලන නියෝජිතයන් රජයේ උසස්‌ තනතුරුවලට මෙන්ම දේශපාලනමය වශයෙන් වැදගත් සන්ධිස්‌ථානවලට පත්කිරීම වහාම ආරම්භ විය. ඒ අනුව රටේ ජනාධිපති තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා ට සහය දක්‌වන බව ප්‍රසිද්ධ රහසක්‌ විය. ඊට හොඳ උදාහරණයක්‌ ලෙස මා දන්නා පුද්ගලික කරුණක්‌ මෙහි දී පෙන්වා දීමට අදහස්‌ කරමි. යුකේ්‍රනියාවේ අභ්‍යන්තර දේශපාලනයට බටහිර කඳවුර මෙන්ම රුසියාවේ ක්‍රිsයාවන් ද ඉතා තදින් බලපාන්නේ, අපේ රටේ දේශපාලනයට ඉන්දියාවෙන් වන්නා වූ බලපෑම් හා සමානවය. එවන් වාතාවරණයකදී යුකේ්‍රනියානුවන්ට, රුසියාවේ යුකේ්‍රනියානු තානාපතිවරයා ඉතා වැදගත් තනතුරකි. එම කාලයේදී මා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන ලදී.

එදා රුසියාවේ මොස්‌කව් නගරයේ සේවය කරන ලද යුකේ්‍රනියානු තානාපති ඔලේග් දියෝමින් මගේ ඉතාමත් හොඳ මිත්‍රයෙකි. එක්‌ දිනක්‌ ඔහුව හදිසියේම යුකේ්‍රනියාවට නැවත කැඳවා ඇති බව ආරංචි විය. ඔහු ජනාධිපති යූශෙන්කො ගේ ඉතා විශ්වාස පුද්ගලයකු බව දන්නා මා හට මෙය මහත් ප්‍රහේළිකාවක්‌ විය. එබැවින් අකැමැත්තෙන් හෝ ඔහුගෙන් මේ පිළිබඳව විමසීමට මා තීරණය කරන ලදී. ඔහු මා යුකේ්‍රනියානු මිත්‍රයෙකු බව කියා ඇති බව මට හොඳට මතකය. එදිනද එසේම පවසමින් එදා යුකේ්‍රනියානු අභ්‍යන්තර දේශපාලන වාතාවරණය මට පැහැදිලි කරන අතර තුර ඔහු මගෙන් ඉල්ලා සිටියේ, ඊළඟට පැමිණෙන යුකේ්‍රනියානු තානාපතිවරයා සමඟ ද හොඳ මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගන්නා ලෙසය. එය ශ්‍රී ලංකා යුකේ්‍රනියානු රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වන බව ද පවසන ලදී .

රුසියාවේ නව යුකේ්‍රනියානු තානාපතිවරයා වශයෙන් කස්‌ත්යතින් ග්‍රරෙශ්චෙන්කෝ පැමිණියේaය. ඔහු එදා යන්කොවිච් හිතවාදියෙක්‌ බව පෙන්වා දිය යුතුය. එදා වික්‌ටර් යන්කොවිච්ගේ ජයග්‍රහණය සඳහා රුසියාවේ සහයෝගය නිසිඅයුරින් ලබා ගැනීමට මොස්‌කව්හි යුකේ්‍රනියානු තානාපතිවරයා ඉතා වැදගත් බවත්, එය ඔහු නිසි අයුරින් ඉටු කළ බවත් මගේ මතයයි. ඔහු යන්කොවිච් රජයේ පළමු විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් එය මනාව සනාථ වන්නේය. අප දෙදෙනා රුසියාවේ ශ්‍රී ලංකා සහ යුකේ්‍රනියානු තානාපතිවරුන් ලෙස කටයුතු කරමින් ගොඩනඟා ගන්නා ලද මිත්‍රත්වයේ ප්‍රතිපලයක්‌ ලෙස ජනාධිපති වික්‌ටර් යන්කොවිච් ගේ පළමු වතාවට රාජ්‍ය සංචාරයක්‌ සඳහා ආරාධනා ලැබුවේ ශ්‍රී ලංකාවය. එසේ නමුත් රුසියානු ජනාධිපති දිමිත්‍රි්‍ර මිද්‍රදෝව් විසින් යුකේ්‍රනියාවේ කළ සංචාරය නිසා, අපගේ ජනාධිපතිවරයා යුකේ්‍රනියානු ජනාධිපතිවරයාගේ දෙවැනි ආරාධිත ජනාධිපතිවරයා විය.

කෙසේ නමුත් එදා ජනාධිපති වික්‌ටර් යුශෙන්කෝ තම පරාජය කලින්ම පිළිගෙන 2005 වර්ෂයේ තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා වූ වික්‌ටර් යන්කොවිච් හට සෘජුව සහයෝගය දක්‌වන අතර, 2005 වර්ෂයේ තම ආණ්‌ඩුවේ පළමු අගමැතිනිය වූ යුල්යා තෙමශේන්කෝ පරාජය කිරීමට තම උපරිම ශ්‍රමය යෙදවූ බවද පෙන්වා දිය යුතුය. අවසානයේදී 2010 ජනාධිපතිවරණයෙන් එවකට ජනාධිපති වූ වික්‌ටර් යූශෙන්කො හතරවන ස්‌ථානයට පත්වූ අතර ඔහුට ලබා ගත හැකිවුයේ 5.7% ක ඡන්ද ප්‍රතිශතයකි. එදා යූශෙන්කො දෙවැනිවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව වික්‌ටර් යන්කොවිච් 49% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන යුකේ්‍රනයේ හතරවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතර හිටපු අගමැතිනිය යුල්යා තෙමශේන්කෝ 45% ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගැනීමට සමත් වූ නමුත් ඇයගේ නරක කාලය එතැනින් ආරම්භ විය. එදා රටේ ජනාධිපති පරාජයට පත්වූ නමුත් නව ජනාධිපති වික්‌ටර් යන්කොවිච් හිටපු ජනාධිපතිට එරෙහිව කිසිදු දේශපාලන පලිගැනීමක්‌ සිදුනොකරන ලද්දේ මැතිවරණයට පෙර දෙදෙනා අතර ඇතිකර ගත් අවබෝධය මත බවට විය යුතුය.

එසේ නමුත් තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා වූ හා එකල අගමැතිනිය සිරගෙදරට යෑවීමට එදා පත්වූ නව රජය අමතක නොකළේය. සිරගෙදරදී දරුණු ලෙස අසනීප වූ නමුත් වික්‌ටර් යන්කොවිච් ජනාධිපති කාලයේදී ඇයට නිදහස ලබා නොදීමට වගබලා ගන්නා ලදී. එදා යුකේ්‍රනයේ සිදුවූ මෙම පරිවර්තනය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කෙසේ සිදුවිය හැකි දැයි අප රටේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා ඇත. එසේම ජනාධිපති මෛත්‍රීට යුකේ්‍රනියාවේ සිදුවූ අසාර්ථක බටහිර සැලැස්‌ම ගැන මීට වඩා ගැඹුරුව විශ්ලේෂණය කිරීම තම ආරක්‌ෂාව සහ සෞඛ්‍යයට හොඳ බව ඔහුගේ සගයන් ඔහුට පෙන්වා දිය යුතුය.

උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

දිවයින : යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි

Related Images:

Cпорная сделка МиГ-27 – Часть V

New Angle To 12-Year MiG Deal Controversy

Sri Lanka’s longest standing corruption allegation is the so called ‘MiG deal’ of 2006 which has been featuring on and off in the media for the past 12 years. It all started with the allegation that there was a difference in the price of the MiG-27s bought in 2000 and those bought in 2006 and that the payment for the latter transaction had been made to a front company called Bellimissa Holdings instead of being paid directly to UKRINMASH, the Ukrainian supplier. As soon as the present government came into power, they commenced an investigation into these allegations. After about one and a half years, on October 11, 2016, the FCID reported to courts that the Ukrainian Attorney General’s Department had informed Sri Lanka by letter dated June 24, 2016, that no contract has been signed between the Sri Lankan Air Force and UKRIMNASH and that UKRINMASH had not signed any contract with Bellimissa Holdings either.

More than one and a half years after that revelation, on March 18, 2018 the Sunday Times in an article titled “MiG fraud: FCID finds startling new details” stated that it has been found that the agreement between UKRINMASH and the Commander of the Sri Lanka Air Force bearing number SLAF/2006/07/AIR is a fraudulent document and that in reality, UKRINMASH had an agreement with the Singapore based D.S. Alliance, which had supplied MiG-27 fighter jets to the SLAF in 2000 as well, and that D.S. Alliance Managing Director T.S. Lee was the main player behind Bellimissa Holdings. The most important allegation was that a total of USD 15,665,437 had been paid by the Sri Lanka Air Force to Bellimissa Holdings but that the agreements between D.S. Alliance and UKRINMASH for the supply of the same goods has been for USD 7,833,000 and that accordingly, the Sri Lankan government has incurred a loss of USD 6,831,344.

The EconomyNext website also carried an article titled “Sri Lanka’s MiG probe extends to Singapore, Australia” on April 28, 2018 making much the same assertions as the Sunday Times. These latest revelations have laid to rest the issue of who Bellimissa Holdings was. If the latter was a front company of D.S.Alliance, then its involvement in the transaction is perfectly above board because D.S.Alliance is a well known agent of UKRINMASH and it was they who sold the first MiG aircraft to Sri Lanka in the year 2000. There is no real issue in D.S.Alliance working through a front company called Belimissa Holdings in the 2006 transaction. Most Sri Lankan companies that engage in international transactions, do so though front companies and overseas accounts and there is nothing unusual in such a practice.

The question now is over the allegation that the SLAF paid USD 15.6 million to Bellimissa Holdings while, D.S.Alliance has paid only USD 7.8 million to UKRINMASH for the same hardware and services. Since we have no access to the purported contract between D.S.Alliance and UKRINMASH to see whether it has any connection with Sri Lanka as alleged, we will have to check by other means, the veracity of the story that the FCID has chosen to release to selected newspapers and websites. It has to be understood that even though international weapons deals may not take place in full view of the general public, there is a whole community out there that keeps close track of who is buying what and at what price. The weapons market is watched much more closely than the sugar or coal market.

Under observation by

international watchdogs

The Sunday Times claims that when FCID head DIG Ravi Waidyalankara, asked a senior official of UKRINMASH at a meeting in Kiev about the sale of MiG 27 fighter jets to the Sri Lanka Air Force, the latter had said “What sale? There has been no sale of any MiG-27 aircraft to Sri Lanka from us. There never was.” However, if the former had asked the same question from The Stockholm International Peace Research Institute (SIPRI) they would have promptly confirmed that there was indeed a sale of four MiG-27 aircraft by Ukraine to Sri Lanka in 2006 and they could have provided the dates on which the transaction took place and the price at which the goods were sold as well. If D.S.Alliance had bought MiG planes from UKRINMASH at half the world market price and made a killing by selling the same goods and services to Sri Lanka at a 100% profit, one can be certain that the story would have been all over the international defence industry websites. No country can be sold MiG planes at twice the market price without it being immediately noticed.

There are international groups that keep tabs on what kind of military hardware is being bought and sold on the international market. For example, the US based ‘Strategy Page’ website carried an article on  December 27, 2006, titled “Second Hand MiG-27s and Kfirs Go To War” which reported that Sri Lanka has purchased an additional four second-hand MiG-27 fighter bombers from Ukraine, for about USD 2.5 million each. This defence industry website was very familiar with Sri Lanka’s air capabilities and they had further stated in that article that this is the second MiG-27 purchase, as six were bought in 2000, along with a MiG-23. They went on to say that since 2000, three of the MiG-27s have been lost, two to accidents (equipment failure while airborne) and one on the ground due to an enemy attack. These international groups are aware of even the minutiae regarding our air assets.

On December 30, 2010, the Stratagy Page website carried another article titled “A Satisfied MiG Customer Wants More” stating among other things that Sri Lanka bought MiG-27s largely because they were so cheap (about $2 million each, versus $3 million for a Kfir) and that Ukraine had lots of old, Cold War era, MiG-27 fighter bombers which were well worn aircraft, with only about a thousand flight hours left in them, but the Ukrainians were willing to sell them cheap, and, as a bonus, offer inexpensive refurbishment services, that would add 2-3,000 flight hours to the aircraft’s life…so Sri Lanka was able to get some proven combat aircraft at a fraction of what any alternatives (new or used) plane would cost.

On March 27, 2007, as the controversy regarding the MiG transaction unfolded, the Strategy Page website had its say on that subject as well in an article titled “What is this pre-owned MiG-27 worth?” The article went to say that “Sri Lanka, which has been at war with its separatist Tamil minority for over a decade, needed some easy-to-use, and easy- to-maintain, ground attack aircraft. Ukraine had lots of old, Cold War era, MiG-27 fighter bombers. “The major problem the anti-corruption crowd had was that it was difficult to put a fair price on these Cold War surplus warplanes. That said, Ukraine could have sold the aircraft for less, and still come away with a profit. These aircraft were headed for the recycling facility in a few years anyway. And the refurbishing contracts meant months of well paid work for hundreds of Ukrainians. The anti-corruption investigators could not find any decisive evidence of shady dealing. But the situation still left plenty of opportunity for payoffs. After all, Ukraine wasn’t the only country with pre-owned MiG-27s. In the end, however, Sri Lanka got its money’s worth. They defeated the Tamil rebels, largely because the air force now had a potent and reliable ground attack aircraft.”

What price did India quote?

According to both the Sunday Times and the EconomyNext website, the FCID has claimed that the actual cost of purchasing four additional MiG-27s and fully overhauling three MiG-27s, and one MiG 23 UB trainer was USD 7,833,000. Neither the Sunday Times nor EconomyNext has given us a breakdown and shown how much it cost to purchase four fully overhauled MiG-27 planes and how much it cost to get three MiG-27s and one MiG-23UB Trainer overhauled. Be that as it may, the question is, were any MiG-27 aircraft available on the international market for such prices? Back in 2000, the first four MiG-27 aircraft along with the accompanying ground equipment had been bought at a total price of USD 8 million (or two million USD per package) with a guaranteed service life of one year. Later that same year, another two MiG-27s were bought at USD 1.6 million each along with one MiG 23 UB trainer which cost USD 900,000. The latter three MiGs had a guaranteed service life of two years.

Spares costing USD 97,250 were also included. The cost of transporting all seven aircraft plus equipment to Sri Lanka had been USD 845,000. ) The total cost of the seven MiG aircraft bought in 2000 was thus around USD 13.5 million. By 2003, three of the seven MiG aircraft bought in 2000 had been destroyed and the remaining four had been grounded as their service lives had expired. On 22 April 2003, UKRINMASH had sent a letter of offer to the then UNP Defence Minister Tilak Marapone offering to supply four additional MiG-27 aircraft with a guaranteed service life of one year at USD 1,650,000 each or a total price of USD 6,600,000. That appears to have been the going market rate for MiG-27 planes with one year service lives. The life span of an aircraft is determined by the Time Before Overhaul (TBO) of the air frame and the engines. The optimum TBO for MiG-27 aircraft is 850 hours/eight years for the air frame and 550 hours /seven years for the engines.

In 2006, when four additional MiG- 27 aircraft were purchased, the cost of each aircraft was USD 2,462,000 and the cost of transporting the four planes to SL was USD 460,000. Thus the total cost of the four additional planes was USD 10,308,000. With the cost of fully overhauling the four older planes being USD 4,368,000; the total cost of the transaction came to USD 15,068,000. For that amount, all the eight planes brought to Sri Lanka were fully overhauled with the optimum TBO of seven to eight years mentioned above. The difference in the service life explains the difference in the prices between the MiG-27s bought in 2000 and 2006. The claim that the cost of purchasing four fully overhauled MiG-27s and getting three more MiG-27s and one MiG 23UB Trainer overhauled was only USD 7,833,000 also sits oddly beside the quotations received from three different parties to overhaul the three older MiG-27s and the MiG-23UB Trainer.

DS Alliance of Singapore, the company that had originally sold the first seven MiG aircraft to Sri Lanka had given the Sri Lanka Air Force a quotation in 2004 amounting to USD 4,949,380 to fully overhaul the three remaining MiG-27s and one MiG-23 UB trainer. This was without the cost of transporting the planes to Ukraine for the overhaul and bringing them back. Hindustan Aeronautics Ltd had quoted a price of USD 7,228,876 to overhaul the four aircraft (including a transport cost of USD 650,216). The quotation given by UKRINMASH in 2006 for the overhaul of these four MiG aircraft was USD 4,760,000 inclusive of the transport cost. The transport cost to take the four planes from Sri Lanka to Ukraine for the overhaul and to bring them back was fixed at a fairly low USD 240,000 by UKRINMASH because it was to be combined with the transportation of the four additional MiG-27s that were to be bought by the SLAF.

One notices that the price quoted by the Indian government owned entity Hindustan Aeronautics Ltd in 2006 just to overhaul the four older MiG planes is almost the same as the amount now being claimed as the price actually paid to buy four additional MiG aircraft with full TBOs and to fully overhaul four more MiG planes. The value of a MiG-27 manufactured in India under license was USD 3.67 according to figures presented to the Lok Sabha. There is really no worldwide market for MiG-27s as they are used by only two or three countries in the world including Sri Lanka and India. The latter is the biggest user of MiG-27s in the world given the fact that Russia and Ukraine too have long since phased that model out of their own fleets. So if quotations are obtained from India and Ukraine and the cheaper option is chosen that’s all that can be done in terms of looking around for the best price.

Older MiG-21s sold at

much the same rate

SIPRI data shows that during the period 2000 to 2006, Ukraine has sold MiG-27s only to Sri Lanka. However, in 2013, Ukraine contracted to sell five overhauled MiG-21s to Croatia and to overhaul seven other MiG-21s for a total price of USD 22 million. (For various reasons, the much older MiG-21s are still more popular than the less ancient MiG-27s.) As the Strategic Page website said, it is difficult to put a price on these ancient planes that are waiting to be scrapped if they are not sold. Yet some approximation can be arrived at by the fact that Ukraine sold four MiG-27s and fully overhauled three more MiG-27 planes plus a MiG-23UB Trainer to Sri Lanka for USD 15 million in 2006 and sold five much older MiG-21s and overhauled seven more MiG-21s for Croatia for USD 22 million in 2013. In this context, it is worth noting that the Strategic Page website reported in a story datelined April 23, 2016, that the other bid that had been received by Croatia back in 2013 for the supply of five overhauled MiG-21s and the overhauling of seven more MiG-21s was from Romania and their price tag for the whole package had been over USD 40 million!

The Strategic Page website says that “Since the 1990s Ukraine has established a reputation for supplying competently reconditioned Cold War surplus weapons at a good price. While Ukraine also has a reputation for corruption that sort of thing rarely extended to weapons exports because it was a primary source of foreign exchange.” The Sunday Times reported that D.A.Peregudov the head of UKRINMASH has been arrested by the Ukrainian authorities. This gives readers here the impression that he had been arrested over the sale of MiG planes to Sri Lanka. It is however unlikely that he was arrested for anything to do with Sri Lanka. The UKRINMASH official who handled the entire Sri Lanka project was the Deputy Director of UKRINMASH Genadii Studenikin. The latter had told the Prosecutor General’s Office in Ukraine that the tripartite agreement between the Sri Lanka Air Force, UNRINMASH and Bellimissa Holdings bearing number SLAF/2006/07/AIR signed on July 26, 2006, was a genuine agreement, and that he had signed it on behalf of D.A.Peregudov, Director of UKRINMASH. Studenikin had also confirmed that he visited Sri Lanka with a team from UKRINMASH and negotiated the contract with Air Force officers over a period of two days. He has stated that he met many officers of the Sri Lanka Air Force including the Air Force Commander when they visited Ukraine and several rounds of discussions about this contract took place in Ukraine as well. Studenikin had further told the Ukrainian Prosecutor General’s Office that he was involved in work relating to this contract over a period of about three years but he has not been arrested.

The FCID claims that there was never a contract between the Sri Lanka Air Force and UKRINMASH and that the purported tripartite contract between the SLAF, Bellimissa Holdings and UKRINMASH bearing No: SLAF/2006/07/AIR is a forgery. However, there are many other documents that will prove beyond doubt that the tripartite agreement between the SLAF, Bellimissa Holdings and UKRINMASH was indeed a genuine and binding contract.

1.      On June 9, 2006, Air Force Commander Donald Perera wrote to UKRINMASH Director D.A.Peregudov a ‘letter of guarantee’ pledging that the contract for the supply of four MiG-27s and the overhaul of four other MiG aircraft will be signed before June 30, 2006. This letter guaranteed payment in terms of the UKRINMASH letter of April 26, 2006, and requested them to begin the overhaul of the planes without waiting for the contract to be signed in view of the possibility of the resumption of war in Sri Lanka. UKRINMASH had in fact started overhauling the aircraft on the strength of this letter and a team from the SL Air Force had been stationed at the plant in Ukraine to observe the overhaul process every step of the way.

2.      When the Invoice for the purchase and overhaul of the MiG aircraft was sent by UKRINMASH to the Commander of the Air Force on July 31, 2006, it was specified that the Bank of Ceylon should open letters of credit in favour of Bellimissa Holdings Ltd.

3.      The four MiG-27s that were going to be purchased from UKRINMASH in 2006 needed an ‘end user certificate’ so that the international community knows who will be using these weapons. The four MiG aircraft that were already in the possession of the Air Force and were to be overhauled already had their end user certificates issued in 2000. The End User Certificate No: SLAF/J-45001106 issued by T.M.P.D. Tennakoon, the Chief Purchasing Officer of the Air Force on July 15, 2006, states clearly that the Sri Lanka Air Force authorizes M/s Bellimissa Holdings Ltd to purchase from Ukraine four MiG-27 aircraft after overhaul and that the Sri Lanka Air Force confirms that the aircraft purchased from Ukraine are intended solely for use by Sri Lanka and will not be re-exported, sold, leased or transferred to any third party without the permission of the export control authorities in Ukraine.

Could such letters have been exchanged between Sri Lanka and UKRINMASH unless there was a genuine contract on which they were based? In addition to this documentary evidence, there are plenty of witnesses in the Sri Lanka Air Force and also in Ukraine who can testify to the fact that there was in fact a genuine contract between Sri Lanka and UKRINMASH and that they played a role in getting it implemented.

5 The Island MIG27 05.05.2018

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=184174

Related Images:

මම එහා මේසයේ… මංගල මෙහා මේසයේ…

මම එහා මේසයේ… මාව අල්ලන්න ආපු පොලිසියයි මංගල ඇමතිතුමායි මෙහා මේසයේ… උදයංග දිවයිනට කතාකරයි

ඔන්න ඇල්ලුවා කියලා කියනවා… මම ගෙදරට වෙලා, ඒවා රූපවාහිනියෙන් බලාගෙන හිනාවෙනවා…

ඩුබායිවලට ආපු පොලීසිය එහෙ මෙහෙ ඇවිදිනවා… මම ඒ ගොල්ලෝ ළගට වෙලා ඉන්නවා…

සාකච්ඡා කළේ; මනෝඡ් අබයදීර

udayangaඋදයංග වීරතුංග කොහේ සිටින්නේද දන්නේ ඔහු පමණය. අප සමඟ ඔහුගේ සාකච්ඡා කරන අවස්‌ථාවේ ඔහු සිටි ස්‌ථානයේ මේ වන විට ඔහු, සිටිනවාද නැද්ද දන්නේ ද ඔහු පමණය. අමාත්‍ය රාජිත සේනාරත්නට අනුව දැන් ඔහු සිටින්නේ ඩුබායිහි සිරමැදිරියකය. කැබිනට්‌ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පවසන ලද්දේ, ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වන බවය. උදයංග සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සාකච්ඡාවක්‌ පවත්වන ලද්දේ මේ සියල්ල අතර මැද්දේය. මෙවර පළ වන්නේ එහි දෙවැනි කොටසයි.

මිග් ගනුදෙනුව සහ සිය රියෑදුරා ඝාතනය සම්බන්ධයෙන් ඔහුට එල්ලවූ චෝදනාවලට අමතරව, උදයංග වටා තවත් කතා ගණනාවක්‌ නිර්මාණය වී තිබේ. ඒ සියල්ලට ඔහු දුන් පිළිතුරු මෙවර සාකච්ඡාවේ පළ වේ.

ප්‍රශ්නය – මිග් යානා ගනුදෙනුවට අදාළ මේ ගිවිසුම සඳහා ඔබ කිසිදු මැදිහත්වීමක්‌ කර නැති බව කියනවා… තානාපතිවරයෙක්‌ ලෙස ඒ සඳහා කළ යුතු රාජකාරිය හැරුණු විට අන් යමක්‌ ඔබ නොකළ බව කියනවා. ඒ අතරේම මේ සඳහා ප්‍රශ්න කළ යුතු පාර්ශවයන්ගෙන් ප්‍රශ්න නොකරන බවත් ඔබ කියනවා. එසේ නම් මේ සඳහා ප්‍රශ්න කළ යුතු වන්නේ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් නේද…?

පිළිතුර – නැහැ… මේ ගනුදෙනුව සඳහා එතුමා කිසිදු මැදිහත් වීමක්‌ හෝ සම්බන්ධවීමක්‌ කරලා නැහැ. මේ මිලදී ගැනීම් සඳහා වන එක කමිටුවක සාමාජිකයකු ලෙස, ආරක්‌ෂක ලේකම් ලෙස නිල බලයෙන් ඔහු සිටියා. ඒ හැරෙන්නට ඔහුට වෙන කිසිදු සම්බන්ධයක්‌ මේ සඳහා නැහැ. මේ ගනුදෙනුව, ආණ්‌ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතු වෙලා කරපු හොර මගඩියක්‌ කියලා කියන්න, යහපාලන ආණ්‌ඩුව දඟලනවා… මට තේරෙන විදිහට නම් මේක නිසි ආකාරව සිදුකෙරුණු ආණ්‌ඩුවේ ප්‍රසම්පාදනයක්‌… මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීම සඳහා, කැබිනට්‌ මණ්‌ඩලයෙන් පත්කරපු ටෙන්ඩර් කමිටුවක්‌ තිබ්බා. එහි සභාපති වුණේ ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්‌. ජයසිංහ. අනික්‌ සාමාජිකයන් වුණේ, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. බී. දිවාරත්න යන මහත්වරු… මෙයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරපු ‘තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌’ තිබුණා. ඒකේ සභාපති තමයි, එයාර් වයිස්‌ මාර්ෂල් රොෂාන් ගුණතිලක, ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‌ෂ ගුවන් කොමදෝරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරි එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී. පී. ටී. නානායක්‌කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ඡේ. වී. ප්‍රේමරත්න හා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කේ. ඩී. ආර්. ඔල්ගා යන පිරිස. මේ ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් මහා භාණ්‌ඩාගාරයේ පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූණා. මේ කමිටුව යුක්‌රේන්මාෂ් සමාගමෙන් ඉල්ලා සිටියේ, මෙය ආණ්‌ඩු දෙකක්‌ අතර සිදුවන ගනුදෙනුවක්‌ නිසාත්, ලංකාවත් යුක්‌රේන්මාෂ් සමාගමත් අතර සෑහෙන කලක සිට තිබුණු සම්බන්ධතාවය නිසාත්, මුළු ගනුදෙනු මිලෙන් 0.27% කට සමාන වට්‌ටමක්‌ වෙනුවට සමස්‌ත මිලෙන් 0.84% කට සමාන වැඩි වට්‌ටමක්‌ ලබාදෙන ලෙස සහ පහසු ගෙවීම් ක්‍රමයට අදාළ පොලී අනුපාතය 1.5% සිට 0.75% දක්‌වා අඩුකරන ලෙසයි.

මේක සම්පූර්ණයෙන්ම ගුවන් හමුදාව සහ යුක්‌රේන්මාෂ් සමගම අතර සිද්ධ වුණු ගනුදෙනුවක්‌… ගුවන් හමුදාව තමයි මේ බඩු ඕනේ කියලා කිව්වේ… ඒ අය තමයි මේ බඩු පරීක්‌ෂා කළේ,. ඒ අය තමයි මේ බඩු ගන්න තීරණය කළේ. ඒ අය තමයි මේ බඩුවලට මුදල් ගෙව්වේ… මේවා ගන්න තීරණය කළේ 2000 වසරේදී. 2000 වසරේදී පළවැනි වතාවට අපි, අලුත්වැඩියා නොකර, ගුවන් යානා හතක්‌ ගත්තා. ඒ හත, ඉතා සාර්ථකව අපි පාවිච්චි කළා. ඉන් තුනක්‌ වැටුණා. ඉතිරි හතර, තව වසරකට පස්‌සේ පාවිච්චි කරන්න බැරි වුණා. මේ නිසා, අලුත්වැඩියා නොකර ගුවන් යානා, පාවිච්චි කරන්න බැරි බව ගුවන් හමුදාව තේරුම් ගත්තා. ඒ අනුව, වසර අටක්‌ පාවිච්චි කිරීම සඳහා, සම්පූර්ණ අලුත්වැඩියා කිරීමෙන් පසුව ගුවන් යානා අපි ලබා ගත යුතුයි කියන තීරණය අනුව තමයි, මේ මිලදී ගැනීම සිදුවුණේ… ඒ අලුත්වැඩියා කටයුතු සිදු වුණේ අපේ ඉංජිනේරුවන් ඉදිරිපිට… මේ ගනුදෙනුවල, මම හිටියේ තානාපති ලෙස හෝ කොන්සල්වරයා ලෙස අපෙන් ගිය නිලධාරීන්ට උදව් කිරීමට මිසක්‌, මේ ගනුදෙනු සඳහා මගේ කිසිදු මැදිහත්වීමක්‌ සිදුවුණේ නැහැ. ගනුදෙනුවේ ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා අපිව අල්ලාගෙන හරියන්නේ නැහැ…

ප්‍රශ්නය – පසුගිය ආණ්‌ඩු කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්‌ථානයට, විසි පස්‌ වතාවක්‌ පමණ ඔබ ගොස්‌ තිබුණා… මේ පැමිණීමත් ඔබ සහ මිග් යානා ගනුදෙනුව පිළිබඳව සැක කිරීමට එක්‌ හේතුවක්‌…?

පිළිතුර – මම යුක්‌රේනයේ කොන්සල් ලෙස සේවය කරන කාලයේදී වැඩියෙන්ම සේවය කළේ, ගුවන් හමුදාවට කියන්න පුළුවන්… ඒ නිලධාරීන් සඳහා මගේ සේවය මම අවංකව සහ කාර්යක්‌ෂමව ඉෂ්ට කළා… ඒවා ගනුදෙනු නෙමෙයි… ඒ කිසිදු තැනක මම ගනුදෙනු කළේ නැහැ… වසර ගණනාවක්‌ එසේ දැන හඳුනාගෙන සිටිය නිලධාරීන්, ලංකාවට ආවාම මම හමුවෙන්න යනවා… ඒ යන්නේ කාටවත් හොරෙන්වත්, හොර වැඩවලටවත්, ගනුදෙනු කතා කරන්නවත් නෙමෙයි… ගුවන් හමුදා මූලස්‌ථානයට යනකොට, එහෙට යන අයගේ නම් ලියන පොතක්‌ තියෙනවා… ඒකේ මගේ නම ලියලා, ආදාළ තොරතුරු දීලා තමයි මම ගියේ… එහෙම නැතුව, හොරු යනවා වගේ අපි ගියේ නැහැ…

udayanga1

ප්‍රශ්නය – යුක්‌රේන් රජය විසින් කරන ලද ප්‍රකාශයකට අනුව, මේ ගනුදෙනුවේදී යම් කිසි කොමිස්‌ මුදලක්‌ හුවමාරුවී ඇතැයි පැවසෙනවා. ඒ කොමිස්‌ මුදල ලබා දුන්නේ කාට වෙන්න පුළුවන් ද…?

පිළිතුර – එවැනි කොමිස්‌ මුදලක්‌ හුවමාරු වී ඇතැයි යම් කෙනකු පවසනවා නම්, එය ලබා ගත්තේ කාගෙන්ද කියන එක විමසිය යුත්තේත් ඔහුගෙන්මයි. කොමිස්‌ මුදලට මම සම්බන්ධයි කියනවා නම්, ඒ සඳහා මම වග කියන්න ඕනේ. කොමිස්‌ මුදලක්‌ මට ගෙවලා තියෙනවා නම්, ඒ ගැන මට හරියටම චෝදනාවක්‌ ඉදිරිපත් කරන්න ඕනෙනේ… එවැනි චෝදනාවක්‌ අද වෙනකං ඉදිරිපත් කරලා නැහැනේ. යුක්‌රේන් බලධාරීන් කිව්වා කියලා, මේ අය මුලින් සඳහන් කරපු දේවල් ගැනත් මම කියන්නම්… ලංකාව සමගවත්, බෙලිමිසා හෝල්ඩින්ග්ස්‌ ආයතනය සමගවත් මෙහෙම ගිවිසුමක්‌ අත්සන් කළේ නැහැ කියලා, යුක්‌රේනය කිව්වා කියලා, එෆ්.සී.අයි.ඩී. එක කිව්වා. එහෙනම් මිග් ගුවන් යානා හතරක්‌ අලුතෙන් අරගෙන, තවත් හතරක්‌ අලුත්වැඩියා කරලා, ලංකාවේ තිබෙන බව එම බලධාරීන් පිළිගන්නවාද…? එහෙම නම් මේ ගුවන් යානා ලංකාවට ආවේ කොහොමද…? මේක ආයුධයක්‌… එවැනි දෙයක්‌, රටක්‌ තව රටකට විකුණන කොට එන්.යූ. සහතිකයක්‌ ලබා දිය යුතුයි. මේ මිලදී ගන්නා ආයුධය මගේ පාවිච්චියට පමණයි, මේක වෙනත් පාර්ශවයකට විකුණන්නේ නැහැ කියලා, එම සහතිකයෙන්, මේක මිලදී ගන්නා පාර්ශවය පොරොන්දුවක්‌ දිය යුතු වෙනවා. ඒක ලෝක සම්මතයක්‌… එසේ නම්, වසර දෙකක්‌ තිස්‌සේ, යුක්‌රේන් ජාතිකයන් ලංකාවේ පදිංචි වෙලා, මේ යානා අලුත්වැඩියා කළේ කොහොමද…? එසේ ගනුදෙනුවක්‌ නොමැතිව මේ යානා ලංකාවට ආවේ කොහොමද…? මේ දේවල් තියාගෙන ආණ්‌ඩුව මොනවද මේ කතා කරන්නේ…?

මගේ රාජ්‍යතාන්ත්‍රික පාස්‌පෝට්‌ එක අවලංගු කරලා තියෙද්දී, ඒක අවලංගු කරලා නැහැ කියන එෆ්.සී.අයි.ඩී. එක කියන, කතා පිළිගන්න පුළුවන්ද…?

ප්‍රශ්නය – ඔබේ ප්‍රකාශය අනුව පෙනී යන්නේ, යුක්‌රේන් ආණ්‌ඩුවත් ඔබට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ කරනවා කියන එකද…?

පිළිතුර – නැහැ… යුක්‌රේන් ආණ්‌ඩුව කියනවා කියලා, එෆ්.සී.අයි.ඩී.එක කියන බොරු ගැනයි, මම කියන්නේ. මට ඔවුන් කියන දේ ගැන විශ්වාසයක්‌ නැහැ.

ප්‍රශ්නය – මිග් ගනුදෙනුවේ චෝදනාවට අමතර, මිනීමැරීම සම්බන්ධවත් ඔබට එරෙහිව චෝදනා එල්ල වුණා. ඔබගේ රියෑදුරා ලෙස සේවය කරපු නොයෙල් රණවීර, ඝාතනය වුණේ කොහොමද…?

පිළිතුර – ඒක ඝාතනයක්‌ වුණේ යහපාලන ආණ්‌ඩුවට… අපි හිටපු හෝටලයේ පිටිපස්‌සේ සිදුවුණු රිය අනතුරකින්, ඔහු මිය ගියා… ඔහු මං ගාව අවුරුදු එකොළහක්‌ වැඩ කරපු සේවකයෙක්‌… ඔහුගේ මරණය සම්බධයෙන් මං වගේම අපේ පවුලේ සියලු දෙනාම අදටත් කනගාටු වෙනවා. අපිට හිටපු රත්තරන් මනුෂ්‍යයෙක්‌ තමයි නැති වුණේ. ඔහුගේ මරණය ඝාතනයක්‌ ද නැද්ද කියන එක හරිම සරලයි. ඔහු රිය අනතුරට ලක්‌වීම, හෝටලයේ තිබුණු සීසීටීවී කැමරා දෙකක පටිගත වෙලා තියෙනවා. ඒ සිද්ධිය ඉතා පැහැදිලිව එහි සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳව ක්‍රොස්‌තොප් දිස්‌ත්‍රික්‌ අධිකරණයේ නඩුවක්‌ තිබුණා. ඒ නඩුවේ වාර්තාව පිටු තිස්‌ හතරක්‌… එයින් ලැබුණු තීන්දුව අනුව අදාළ රියෑදුරාට දඬුවම් සහ අවවාද දීලා තියෙනවා. ඒ වාර්තාව ලංකා රජයට භාර දීලා තියෙනවා. ඒක ආවාට පස්‌සේ තමයි, නොයෙල්ගේ දේහය නැවත වළ දැමීම සඳහා උසාවිය අවසර දීලා තිබුණේ… මට එරෙහිව එතැනදී කිසිදු සඳහනක්‌ නැතිව, එහෙම චෝදනාවක්‌ විතරක්‌ කරලා තියෙනවා. ‘තාත්තේ මේ කතාවේ තේරුම මොකක්‌ද…? කියලා, මගේ පුතා, අදටත් මගෙන් මේ ගැන අහනවා. ඒක මට හරිම වේදනාවක්‌… නොයෙල් කියන්නේ,අපේ පවුලේම සාමාජිකයෙක්‌ වගේ, අවුරුදු එකොළහක්‌ අපිත් එක්‌කම සිටිය කෙනෙක්‌… එහෙම කෙනෙක්‌ මරන්න තරම්, කුරිරු මිනිහෙක්‌ ද මම… මේ ආණ්‌ඩුව අපිව හොරු කළා… මිනීමරුවෝ කළා… අපිට නොකළේ මොනවාද…?’

ප්‍රශ්නය – ඔබ මෑතකදී ඩුබායිවලට ගොස්‌ තිබුණා… ඔබේ ඩුබායි ගමනේ අරමුණ වූයේ කුමක්‌ද…?

පිළිතුර – මම එදා ගියේ ලොස්‌ඇන්ජලීස්‌වලට… ඒක බොහොම දිගු ගුවන් ගමනක්‌. ඒ සඳහා මම ගියේ එමිරේට්‌ස්‌ ගුවන් යානයකින්… එතැනදී තමයි මාව ඩුබායිවලින් අත්අඩංගුවට ගත්තේ…

udayanga2

ප්‍රශ්නය – ඩුබායි වලින් ඔබ නිදහස්‌ වුණේ කොහොමද…?

පිළිතුර – මට මුලින්ම වරෙන්තුවක්‌ නිකුත් කළේ 2016 ඔක්‌තෝම්බර් මාසයේදී… එදා අපේ රටේ බලධාරීන් මා වෙත රතු වරෙන්තුවක්‌ නිකුත් කරන ලෙස ඉන්ටර්පෝල් එකෙන් ඉල්ලා සිටියා. නමුත් ඉන්ටර්පොල් එක එදා නිකුත් කළේ නිල් වරෙන්තුවක්‌… නිල් වරෙන්තුවක්‌ කියන්නේ, යමෙක්‌ දුටු තැන අත්අඩංගුවට ගැනීමට දෙන නිවේදනයක්‌ නොවේ. නිල් වරෙන්තුවක්‌ කියන්නේ, මගෙන් ප්‍රශ්න අහලා, මට යන්න දෙන්න හැකියාව තියෙන වරෙන්තුවක්‌… එයින් අත්අඩංගුවට ගැනීමට අවසරයක්‌ ලැබෙන්නේ නැහැ. ඊට සති දෙකකට කලිනුත් මම ඩුබායි වලින් ගියා. ඒ වෙලාවේ කිසිම දෙයක්‌ වුණේ නැහැ. ඊට පසු අවස්‌ථාවක මම ඩුබායිවලින් යද්දී තමයි මගෙන් ප්‍රශ්න කළේ. මගේ ගුවන් ටිකට්‌ පත්‍ර මාර්ගයෙන් ගමන් විස්‌තර දැනගෙන වෙන්න ඇති, මාව අත්අඩංගුවට ගන්නා ලෙස ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කර තිබුණා… ‘මොහුට දැනට නිල් වරෙන්තුවක්‌ තියෙන්නේ… ළඟදීම රතු වරෙන්තුවක්‌ නිකුත් කරනවා. ඒ නිසා මොහුව අත්අඩංගුවට ගන්න…’ කියලා ඉල්ලීමක්‌ කරලා තිබ්බා… ඒ නිසා ඩුබායි ගුවන් තොටුපළේ බලධාරීන් මාව අත්අඩංගුවට ගත්තා. මම මේ පිළිබඳව පැහැදිලි කළාට පස්‌සේ, ඔවුන් මාව නිදහස්‌ කළා. ඒක තමයි ඇත්ත කතාව. ආණ්‌ඩුව මාව මේ විදිහට දඩයම් කරන්නේ, මා අධිකරණයට කට උත්තරයක්‌ දුන්නේ නැහැ කියන එක නිසා.

ප්‍රශ්නය – රුසියාවේ හෝ යුක්‌රේනයේ ඉහළ පාර්ශව වෙතින්, ඩුබායි රටෙන් කරන ලද ඉල්ලීමක්‌ නිසා ඔබ නිදහස්‌ වුණ බව සඳහන් වෙනවා…

පිළිතුර – මම ඒ ගැන කිසිවක්‌ පවසන්නේ නැහැ… මම නිදහස්‌ වෙලා ගෙදර ඉද්දි, මාව අල්ලපු බවට රූපවාහිනීයෙන් කියනවා, මම දැක්‌කා… මම ඩුබායිවල අත්අඩංගුවේ සිටිනවා කියලා බලධාරීන් කියනවා. මම එළියේ ඉද්දි මොනවද මේ කියන්නේ කියලා, ගෙදර ඉදන් ඒවා බලලා, මම හොඳටම හිනා වෙනවා. මාව අල්ලන්න කියලා, ඩුබායිවලට ලංකාවෙන් ඇවිල්ලා හිටපු නිලධාරීන් හයදෙනෙක්‌, එහෙ මෙහෙ ඇවිදිනවා මම දක්‌කා… මම ඔවුන් ළඟින් ගියා… ඔවුන් ගිය සමහර තැන්වලටත් මං ගියා.. .ඒත්, ඔවුන්ට මාව අදුරගන්නවත් බැරි වුණා…

ප්‍රශ්නය – ඔබ එහිදී සිටියේ වෙස්‌ වලාගෙන ද…?

පිළිතුර – නැහැ… මම හිටියේ මේ විදිහටමයි.

ප්‍රශ්නය – ඔබට ඉතා පහසුවෙන් කට උත්තරයක්‌ ලබා දෙන්න පුළුවන්කම තිබියදී, මෙසේ ආණ්‌ඩුවත් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් ලබන අමුතුම තෘප්තිය කුමක්‌ද…?

පිළිතුර – පළමුවෙන්ම මේ ආණ්‌ඩුව විසින් කරගෙන යන දේ ගැන මට විශ්වාසයක්‌ නැහැ… මට විතරක්‌ නෙමෙයි, මේ රටේ ජනතාවටත් එවැනි විශ්වාසයක්‌ නැහැ. මේක යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාන්විතයක්‌ නොවෙයි…. පොලිස්‌ රාජ්‍යයක දඩයම් කෙළියක්‌… ඒකට බලෙන් පැනලා, ගොදුරු වෙන්න මට වුවමනාවක්‌ නැහැ. මේ අයට අවශ්‍ය වන්නේ, මාව හිරේ දාගෙන විනෝද වෙන්න මිසක්‌ ඇත්ත, නැත්ත සොයා බලා, සාධාරණයක්‌ ඉෂ්ට කරන්න නෙමෙයි…. ඒ අයගේ විනෝදාංශයට අපි කැමැත්තෙන් ගොදුරු වෙන්නේ මොකටද…? මම කට උත්තර ලබා නොදුන්නාට, මගේ නීතිඥ මහත්වරු මාර්ගයෙන් මේ පිළිබදව සියලු දේවල් මම අධිකරණයට දන්වලා තියෙනවා. ඒ කිසිවක්‌ ගැන මේ අය කිසිදු තැකීමක්‌ කරන්නේ නැහැ. අනිත් එක මේ අය එක එක දවසට කියන්නේ එක එක දේවල්… එහෙම දේවල් ගැන කොහොමද මං එක කටඋත්තරයක්‌ දෙන්නේ… මම කට උත්තරයක්‌ දුන්නා කියලා, ඒකෙන් මේ ආණ්‌ඩුව සැනසෙන්නේ නැහැ…

ප්‍රශ්නය – සිරගතවීම පිළිබඳව ඔබට සැකයක්‌ තිබ්බා නම්, ලිඛිත කට උත්තරයක්‌ අධිකරණයට ලබා දීමේ හැකියාවක්‌ ඔබට තිබෙනවා…

පිළිතුර – ඔව්, එවැනි හැකියාවක්‌ තියෙනවා… ඒ සියල්ල පවතින්නේ විශ්වාසය සහ පිළිගැනීම මත… මටවත් මේ රටේ ජනතාවටත් මේ ක්‍රියාවලිය විශ්වාස නැහැ… අපි මේ පොලිස්‌ දඩයම පිළිගන්නේ නැහැ. මේ සඳහා එක උදාහරණයක්‌ මම කියන්නම්… රටේ නීතිය අනුව යම් පුද්ගලයකුට ගමන් බලපත්‍ර දෙකක්‌ තියෙන්න බැහැ. අඩුම ගාණේ ඒ නීතියවත් අධිකරණය පිළිගන්නේ නැහැ. පාස්‌පෝට්‌ දෙකම අවලංගු කරන්න කියලා, අධිකරණය නියෝග කරනවා. මගේ පාස්‌පෝට්‌ එක පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්‌ මතු වුණා. ඒ වෙලාවේ අදාළ අමාත්‍යංශය භාර අමාත්‍ය එස්‌.බී. නාවින්න මහතා සඳහන් කළේ, මට තිබුණු රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය වෙනුවට සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක්‌ නිකුත් කර තිබෙන බවයි. එසේ තිබියදී අධිකරණය පිළිගන්නේ, උත්තරීතර පාර්ලිමේන්තුවේදී, අමත්‍යවරයා කියන කාරණය නෙමෙයි… එෆ්.සී.අයි.ඩී. එක කියන කාරණයයි. එහෙම තැනකට ලිඛිතව හෝ වාචිකව මම මොකටද කට උත්තර දෙන්නේ…

ප්‍රශ්නය – ඔබ දැන් සිටින්නේ කොහේද…? සිතාසියක්‌ භාර දීම සඳහා හෝ ඔබ සිටිනා ස්‌ථානයක්‌ පිළිබඳව දැන ගැනීමට නැති බවයි, අධිකරණය පවසා තිබෙන්නේ…?

පිළිතුර – මට සිතාසි නිකුත් කළා කියලා, පත්තරයේ පළවුණ පමණින් මට ඇවිල්ලා සාක්‌ෂි දෙන්න හෝ කට උත්තර දෙන්න පුළුවන්කමක්‌ නැහැනේ… ඒක මගේ නිවසට භාර දෙන්න ඕනේ… ඒක තමයි නීතිය. සිතාසිය යුක්‌රේන් වල මගේ නිවසට එවන්න අවම වශයෙන්, හුවමාරු ස්‌ථාන දොළහක්‌වත් පසු කළ යුතු වෙනවා. මේ සිතාසිය උසාවියේ ඉදන් විදේශ අමාත්‍යංශයට එවන්න සතියක්‌ ගියා. එවැනි ස්‌ථාන දොළහක්‌ පසු කරන්න අවම වශයෙන් සති දොළහක්‌වත් යනවනේ… එහෙම තියෙද්දී, සතියකට පස්‌සේ, අධිකරණය කියනවා, ඒ ලිපිනය වැරදියි… එහෙම ලිපිනයක්‌ නැහැ කියලා… ඒක මගේ පෞද්ගලික නිවස, අදටත් ඒක තියෙන්නේ මගේ නමට… ඒ නිවසේ මම ලියාපදිංචි වී ඇති බවට යුක්‌රේන් බලධාරීන් ලිඛිතව සනාථ කර තිබෙනවා. ඒ නිවසට සිතාසී බාර දෙන්නේ නැතුව විදේශ අමාත්‍යාංශය හොරට ලියුම් ගහනවා නම්, ඒක වැරදියිනේ… විදේශ අමාත්‍යාංශය කරන්නේ හොරට ලියුම් ගහන එක… එම ලිපිනය මගේ නොවන බව, යුක්‌රේන් විදේශ අමාත්‍යාංශය කියූ බව කියමින්, අපේ විදේශ අමාත්‍යාංශය හොරට ලියුම් ගැසීම නිවැරදිද…? යුක්‌රේන් විදේශ අමාත්‍යංශයට ඒවැනි සිතාසියක්‌ ලැබුණේ නැති බවට මට සනාථ කර තිබෙනවා. එහෙම තත්ත්වයක්‌ තුළ මේ අධිකරණ ක්‍රියා මාර්ගය විශ්වාස කරලා, මම ලංකාවට එන්නේ මොකටද…? මම කට උත්තර දෙන්නේ මොකටද…?

මම භීෂණය දැකලා තියෙනවා. මම යුක්‌රේනයේ භීෂණයත් දැකලා තියෙනවා. ඒ නිසා අද අපේ රටේ යන භිෂණය පිළිබඳව මට හොඳ දැනුමක්‌ තිබෙනවා. මේ රටේ මොකක්‌ද වෙන්නේ කියලා මට පේනවා. අපේ රටට වෙන්නේ, යුක්‌රේන්වලට අද වෙච්ච දේ ඡායා පිටපතක්‌…

ප්‍රශ්නය – ඔබ රුසියාවේ හෝ යුක්‌රේනයේ ලොකු චරිතයක්‌ ද…?

පිළිතුර – මම රුසියාවේ අවුරුදු තිස්‌ හතරක්‌ හිටපු, සෝවියට්‌ දේශයේ ජනතාව නිසා උසස්‌ අධ්‍යාපනය ලබා ගත්ත, සාමාන්‍ය කෙනෙක්‌. මම ලාංකික පුරවැසියෙක්‌… එහෙම ලොකු චරිතයක්‌ කියන්න බැහැ…

ප්‍රශ්නය – සමහරු කියන්නේ ඔබ හා ජනාධිපති පුටින් අතර සමීප සම්බන්ධයක්‌ තිබෙන බවයි. ඔහුගේ කාමරයේ දොර ඇරගෙන ගොස්‌ ඕනෑම මොහොතක ඔහු හමුවීම සඳහා අවස්‌ථාව ඇති අයගෙන් එක්‌ අයෙක්‌ වන්නේ උදයංග වීරතුංග බවටත් රාවයක්‌ පැතිරුණා…

පිළිතුර – කවුරු හරි කියනවා නම් ජනාධිපති පුටින්ව හෝ ඒ පවුලේ අයව ළඟින් ආශ්‍රය කරන ලාංකිකයෙක්‌ ඉන්නවා කියලා, මම ඒක විශ්වාස කරන්නේ නැහැ… පුටින් ජනාධිපතිතුමා කියන්නේ, අද ලෝකයේ සිටින සාර්ථකම රාජ්‍ය නායකයෙක්‌. මම ඔහුට ඉතාම ගෞරව කරනවා. යම් කිසි අවශ්‍යතාවයකට ඔහුව හමුවීමේ ශක්‌තිය මට තිබෙනවා. ඒ වගේම ඔහුගේ විදේශ අමාත්‍ය ලැව්රොෆ් මහතා, හමුවීමේ ශක්‌තියක්‌ මට තිබෙනවා. එකෙන් මම කියන්නේ නැහැ, පුටින් ජනාධිපතිතුමාගේ නිදන කාමරයේ දොර ඇරගෙන යන්න හෝ ඔහු සමග හිතුණු හිතුනු වෙලාවට ගිහිල්ලා වයින් බොන්න, මට පුළුවන් කියලා. අපි සාධාරණව පිළිගන්න ඕනේ ඇත්ත මොකක්‌ද කියලා. ඔහු ලෝකයේ සිටින දක්‌ෂ නායකයෙක්‌ වගේම කාර්යය බහුල නායකයෙක්‌… මම වගේ පුංචි මිනිහෙක්‌ උදේ හවස ගිහිල්ලා එතුමා සමග වයින් බොනවා කියන එක, එතුමාට කරන නිග්‍රහයක්‌…

ප්‍රශ්නය – ඔබ රුසියන් හෝ යුක්‌රේන් ඔත්තුකරුවෙක්‌ද…? එහෙම නැත්නම් බුද්ධි නිලධාරියෙක්‌ ද…?

පිළිතුර – ඒ ප්‍රශ්නය සඳහා මම පිළිතුරු දෙන්න කැමති නැහැ… රුසියන් සහ යුක්‌රේන බුද්ධි අංශ කියන්නේ මේ ලෝකයේ සිටින දක්‌ෂම ඔත්තු සේවා ලෙසයි මම පිළිගන්නේ… ඔවුන්ගේ වැඩ කටයුතු ගැන මම කතා කරන්න කැමති නැහැ…

ප්‍රශ්නය – අවසන් වරට පුටින් ජනාධිපතිතුමා ඔබට හමුවුණේ කවදාද…?

පිළිතුර – ඒ සඳහා පිළිතුරක්‌ ලබා දෙන්න පුලුවන් කමක්‌ නැහැ…

ප්‍රශ්නය – ඔබට ජනාධිපති පුටින් අවසන් වරට මුණ ගැසෙන්නේ, තානාපතිවරයා ලෙස කටයුතු කරන විට ද…?

පිළිතුර – මම තානාපති ලෙස නෙමෙයි, ඔහුව අවසන් වරට හමුවුණේ…

ප්‍රශ්නය – රුසියාවේ හා යුක්‌රේනයේ මැදිහත්වීම නිසා ඔබ මෙසේ බේරී සිටින බවට යමෙකුට කියන්න පුළුවන්ද…?

පිළිතුර – මේ බොරු චෝදනා වලින් බේරෙන්න කාගේවත් සරණක්‌ ඕනේ නැහැ… මේවා යහපාලන ආණ්‌ඩුව අපෙන් පලිගැනීම සඳහා ගොතා තිබෙන බොරු කතා කියලා දවසින් දවස ඔප්පු වෙනවා. එසේ වුවත් මේ රටවල් දෙකේ ආශිර්වාදය මට තියෙනවා. ඒ අයට මං ගැන විශ්වාසයක්‌ තිබෙනවා. ඒ සඳහා හොඳ උදාහරණයක්‌ මම කියන්නම්… අපේ මහින්ද ජනාධිපතිතුමා සහ යුක්‌රේන් ජනාධිපතිතුමා අතර හමුවක්‌ සංවිධානය වුණා. එහිදී අපේ ජනාධිපතිතුමාගේ පරිවර්තක ලෙස කටයුතු කළේ මම. ඒ පැත්තෙනුත් පරිවර්තකවරයෙක්‌ හිටියා. විනාඩි දහයක විතර කාලයක්‌ සාකච්ඡාව කරගෙන යද්දී, යුක්‌රේන් ජනාධිපතිතුමා මට රුසියන් භාෂාවෙන් කියනවා ‘අපි තව එක්‌කෙනෙක්‌ තියාගෙන හතර පාරක්‌ කතා කරන්නේ ඇයි… මම කියන දේ ඔය ජනාධිපතිතුමාට පැහැදිලි කරලා දෙන්න ඔයාට පුළුවන් නේද…’ කියලා…

‘ඒක මට කරන්න පුළුවන්… තානාපති සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය අනුව, ඔබතුමාට විශ්වාස පරිවර්තකයා විදිහට ඔබතුමාගේ පරිවර්තකයා සිටීම තමයි ක්‍රමය…’ කියලා මම කිව්වා… ‘ඔයා අවුරුදු විසි දෙකක්‌ අපේ රටේ ජීවත් වෙන්නේ, ඔබේ රටට වගේම, මේ රටට ආදරේ නිසා. අවුරුදු විසි දෙකක්‌ ඔබට මේ රටේ ඉන්න පුළුවන් වුණේ සහ මේ රටේ ඉහළම පිරිස්‌ අදුරගන්න පුළුවන් වුණේ, අපි සහ ඔබ අතර තියෙන විශ්වාසය නිසා… එහෙම නම් මේ පරිවර්තනයේදී මම ඔබව විශ්වාස නොකරන්නේ ඇයි…?’ කියලා එතුමාගේ පරිවර්තකයා අයින් කළා. ඒ තත්ත්වය මට ලැබුණේ, ඔවුන් සමග අවංකව කටයුතු කරපු නිසා. 2015 අවුරුද්දෙන් පස්‌සෙත්, ඒ තත්ත්වය මට නැතිවුණේ නැහැ… 2015 න් පස්‌සේ, තානාපතිකම මට නැති වුණාට, ඒ සම්බන්ධය සහ විශ්වාසය මට නැති වුණේ නැහැ…

ප්‍රශ්නය – සමහර පිරිස්‌ සඳහන් කරන්නේ, ඔබ රුසියන් සහ යුක්‌රේන් ආණ්‌ඩු සමග එක්‌ව යහපාලන ආණ්‌ඩුව පෙරළීම සඳහා කුමන්ත්‍රණ කරමින් සිටින බවයි…

පිළිතුර – යහපාලන ආණ්‌ඩුව කරන කටයුතු ගැන මට කිසිම සතුටක්‌ නැහැ. මේ ආණ්‌ඩුව පෙරළන්න විදේශ ආධාරයක්‌ ඕනේ කියලත් මම හිතන්නේ නැහැ. පසුගිය ඡන්දයේ ප්‍රතිඵල දැක්‌කාම මේ ආණ්‌ඩුවේ අනාගතය කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි, යුක්‌රේනය, රුසියාව හෝ චීනය, වෙනත් රටවල ආණ්‌ඩු පෙරළන්න දේශපාලන වශයෙන් මැදිහත් වන්නේ නැහැ. ඒවා බටහිර රටවල ආකෘතින්… එසේ වුවත්, සෝවියට්‌ දේශයේ පැරණි රටවල් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්‌මට, ඉතාම විශ්වාසභාවයෙන් කටයුතු කරනවා. වත්මන් ආණ්‌ඩුව පෙරළන්න රුසියාව කටයුතු කරනවා කියලා, ඒකෙන් අදහස්‌ වන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබේ පවුලේ තොරතුරු කොහොමද…?

පිළිතුර – මට ලාංකික, ආදරණීය බිරිඳක්‌ ඉන්නවා. ඇය උමා වීරතුංග. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. පුතාගේ නම ලියොන් වීරතුංග. ඔහුගේ වයස අවුරුදු දහතුනයි. සිතාරා විරතුංග තමයි දියණිය. ඇයට වයස අවුරුදු දහ හතරයි. මට සහෝදරියෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. එයින් එක්‌කෙනක්‌ ඉන්නේ, ලොස්‌ඇන්ජලීස්‌වල. අනිත් දෙන්නා ලංකාවේ ඉන්නවා. ඔවුන් රජයේ සේවකයන්. එෆ්.සී.අයි.ඩි. එක මගේ අක්‌කාව ගෙනහල්ලා ප්‍රශ්න කරලා, ඇය අසනීප වුණා… මාසයක්‌ රෝහල් ගතවෙලා ඉන්න ඇයට සිදු වුණා… (හඬමින් කතා කරයි) මම අක්‌කාට ගොඩක්‌ ආදරෙයි… මට අම්මා වගේ ඉන්නේ එයා… මට ඒ ගැන ගොඩක්‌ දුකයි… මේ ආණ්‌ඩුව කිසිම තේරුමක්‌ නැතුව ඇයගෙන් ප්‍රශ්න කළා… එයින් ඇය මානසිකව ඇද වැටුණා… මේ වගේ පළිගන්න ආණ්‌ඩුවක්‌ ගැන මට තේරුම් ගන්න බැහැ… අපිට දෙන මේ පීඩනය, දැන් ජනතාවටත් ආණ්‌ඩුව දෙනවා… මේ පොලිස්‌ භීෂණයේ භයානකකම ජනතාව දැන් අවබෝධ කරගෙන ඉන්න බව පෙනෙනවා…

ප්‍රශ්නය – ඔබට දැන් වයස කීයද…?

පිළිතුර – මම ඉපදුනේ 1964 වසරේ…

ප්‍රශ්නය – කොයි මොහොතේ හෝ ඔබව අත්අඩංගුවට පත්වීමේ අවදානමක්‌ තිබෙනවා. ඒ ගැන බයක්‌ දැනෙන්නේ නැද්ද…?

පිළිතුර – බය කියන එක තියෙනවා. මාව අත් අඩංගුවට අරගෙන නිර්දෝෂිභාවය ඔප්පු කරන්න යම් කාලයක්‌ ගත වෙනවා. ඒ කාලය තුළ මට පීඩාවක්‌ විඳින්න වෙනවා. එහෙම නැතුව, මෙහෙදී අත්අඩංගුවට අරගෙන හෝ මෙහෙන් පිටමං කරලා, මාව ලංකාවට එවනවා කියන එක ගැන මට කිසිම පීඩනයක්‌ නැහැ… ඒවගේ දේවල් ලංකාවේ ආණ්‌ඩුව කියනවා, මම පත්තර වලින් දකිනවා… ඒවා බලලා, මම හොඳටම හිනා වෙනවා… එච්චරයි…

ප්‍රශ්නය – යුක්‌රේනයේදී ඔබව අත්අඩංගුවට පත්වෙන්නේ නැති බවට ඔබට ලොකු විශ්වාසයක්‌ තියෙන බව පේනවා…

පිළිතුර – ඉතිං, ඩුබායි වලදිත්වත් මාව අල්ලන්න බැරි වුණානේ… මාව අල්ලන්න කියලා යුක්‌රේනයට ආපු, පොලිස්‌ ප්‍රධානියෝ, ඒ වගේම විදේශ ඇමැති මංගල සමරවීර මැතිතුමා ඇතුළු පිරිස ඉන්න හෝටලයේ, ඒගොල්ලෝ කෑම කන තැනම එහා පැත්තේ මම ඉන්නවා… මම ඉන්නේ ඔවුන් දිහා බලාගෙන… එතැන මම ඉන්නෙත් මේ

විදිහට, උදයංග වීරතුංග ලෙසයි… කිසිදු වෙස්‌ වලා ගැනීමක්‌ නැහැ… මම ඔවුන්ට දුරකථනයෙන් කතා කරලා, හමුවීම සඳහා අවස්‌ථාවක්‌ ඉල්ලා සිටියා… ඔවුන් ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා දුන්නේ නැහැ…

Divaina – මම එහා මේසයේ… මාව අල්ලන්න ආපු පොලිසියයි මංගල ඇමතිතුමායි මෙහා මේසයේ… උදයංග දිවයිනට කතාකරයි

http://divaina.com/sunday/index.php/main-news/3068-2018-03-30-06-21-58

Related Images:

ආණ්‌ඩුවට අල්ලන්න බැරි උදයංග ‘දිවයින’ට හසුවෙයි

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර 

udayangaඅවුරුදු උත්සවවල සිටිනා සැඟවුණු අමුත්තා මෙන් වත්මන් ආණ්‌ඩුව පන්නපන්නා සොයන සැඟවුණු අමුත්තා ඔහුය. පොලිසිය විසින් මාංචු කුට්‌ටම් රැගෙන ඩුබායි යන විට, පොලිසියට වෙට්‌ටු දමා ඔහු පැන ගොස්‌ය. රතු වරෙන්තුව කොළ කෑල්ලක්‌ බවට පත්කර, ඔහු යුක්‌රේනයේ සිය නිවසට වී කාලය ගත කරයි. පවුලේ අය සමඟ ලෝකය වටේ සවාරි යයි. ඒ උදයංග වීරතුංගය. ආණ්‌ඩුවේ සමහරු උදේ ඇඳෙන් නැගිට ජනේලයෙන් එබී බලන්නේ උදයංග කුදලාගෙන ලංකාවට ගෙනැවිත් ඇද්ද කියාය. ආණ්‌ඩුවේ ඒ දුර හීනය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට හීනයක්‌ නොවීය. යම් අයකු මාධ්‍ය සාකච්ඡාවක්‌ සඳහා යොමු කර ගැනීමට පත්තර භාෂාවෙන් කියන්නේ ‘අල්ලා ගන්නවා’ කියාය. ආණ්‌ඩුවට අල්ලන්න බැරි වූ උදයංග අපි අල්ලා ගත්තෙමු. මේ අප විසින් ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමයි.
 
 ප්‍රශ්නය – උදයංග වීරතුංග කියන්නේ කවුද…? මේ ප්‍රශ්නයට ඔබේ පිළිතුර කුමක්‌ද…?
 
 පිළිතුර – උදයංග වීරතුංග චරිතයට අද බොහෝ දේවල් එකතු කරලා තියෙනවා. මම උපන්නේ මැදමුලනේ… මම මුලින්ම පාසල් ගියේ, මැදමුලන මධ්‍ය මහා විද්‍යාලයට. ඊට පස්‌සේ මම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුල් වුණා. පාසල් කාලයෙන් පස්‌සේ, වසරක කාලයක්‌ නාරාහේන්පිට, මැනුම්පති දෙපාර්තමේන්තුවේ මම සේවය කළා. ඊට පස්‌සේ මම ශිෂ්‍යත්වයක්‌ ලැබිලා, 1985 දී සෝවියට්‌ දේශයට පැමිණියා. එදා ඉදන් මම වසර තිස්‌ තුනකට ආසන්න කාලයක්‌ පදිංචිවෙලා ඉන්නේ විදේශගතව. 
 
 ප්‍රශ්නය – ඔබේ දෙමව්පියන් පිළිබඳව හැඳින්වීමක්‌ කළොත්…?
 
 පිළිතුර – මගේ අම්මාගේ නම නන්දා සමරසිංහ දිසානායක. තාත්තා, විල්මට්‌ වීරතුංග… මගේ තාත්තාගේ ගම මාතර. මගේ අම්මා, පාලටුවේ… මගේ අම්මයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ අම්මයි එක කුසේ උපන් සහෝදරියන්… ඒක නිසා තමයි අපේ අම්මා මැදමුලනට පදිංචියට ගියේ… 
 
 ප්‍රශ්නය – සෝවියට්‌ දේශයේ ඔබේ ජීවිතය ගැන කතා කළොත්…
 
 පිළිතුර – මගේ අධ්‍යාපන කටයුතු සඳහා සෝවියට්‌ දේශයේ බලධාරීන් එදා මට ලබා දුන්නේ, යුක්‌රේනයේ කිව් නගරයයි. ඒ අනුව මම එම පළාතට පැමිණියා. එදා සිට මම කිහිප තැනක අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපන කටයුතු කරන අතරේම මම ව්‍යාපාරික කටයුතු සඳහාත් යොමු වුණා. ඒ 1991 – 1993 කාලය. මේ කාලයේදී සෝවියට්‌ දේශයේ රටවල්, වෙන් වන්නට පටන් ගත්තේ. පෙරස්‌ත්‍රොයිකා වැඩපිළිවෙළෙන් පස්‌සේ, සෝවියට්‌ සමාජවාදී ජනරජය වෙනස්‌ වෙලා, එහෙ ජීවත්වන විදේශිකයන්ට සහ සෝවියට්‌ දේශයේ වැසියන්ට වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවසර ලැබුණා. ඒ එක්‌කම මම වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කළා. මගේ අධ්‍යාපනයෙන් පස්‌සේ මම යළිත් ලංකාවට එන්නේ නැතුව, ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. 
 
 ප්‍රශ්නය – ඔබ සෝවියට්‌ දේශයට පැමිණියේ ශිෂ්‍යයකු ලෙස. මේ කාලය වන විට ඔබට එම රටේ පුරවැසිභාවය ලැබී තිබුණාද…? 
 
 පිළිතුර – නැහැ… මේ කාලය වන විට මට යුක්‌රේනයේ ස්‌ථිර විසා ලැබී තිබුණා. එවැනි විසා පතක්‌ සාමාන්‍යයෙන් ලැබෙන්නේ, ඒ රටේ කෙනෙක්‌ව විවාහ කරගත් විටයි. එවැනි දෙයක්‌ නොමැතිවම මට විසා ලැබුණා. මම එතකොට තනිකඩයෙක්‌… කිව් නගරයේ නගරාධිපති විසින්, මම ඒ නගරයට අවශ්‍ය කෙනෙක්‌ ලෙස නම් කරලා, මම කැමති නම් මට එහි වීසා ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කරලා තිබුණා. 1991 වන විටත්, ඒ රටේ පරිපාලනය සමග මට තිබුණු සම්බන්ධය කොයිතරම් ද කියන එකයි, මම ඒකෙන් කියන්න හදන්නේ… එසේ විසා ලැබුණු ආසියාවේ එකම පුද්ගලයා මම. අදටත් මම ඒ විසා එක තමයි පාවිච්චි කරන්නේ…
 
 ප්‍රශ්නය – මේ වන විට ඔබ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියා…?
 
 පිළිතුර – ඔව්… එදා සෝවියට්‌ දේශයේ පෙරෙස්‌ත්‍රොයිකා වැඩපිළිවෙළ නිසා අපට ඒ රටේ මුල්ම පුද්ගලික ව්‍යාපාරිකයන් වීමට හැකි වුණා. එවැනි අවස්‌ථාවක්‌ යළිත් ලැබෙන්නේ නැහැ. වසර හැත්තෑවක පමණ කාලයක්‌ පුරා, සෝවියට්‌ දේශයේ ජනතාවට තමන්ගේ ව්‍යාපාරයක්‌ කියන අදහස තිබුණේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි, ඒ අයට ජාත්‍යන්තරය සමග සම්බන්ධකම් තිබුණේ නැහැ. මේ නිසා බටහිර සමග සම්බන්ධ වෙලා ව්‍යාපාර පටන් ගැනීමේ හොඳ හැකියාවක්‌, ලංකාවෙන් එහෙට ගිහිල්ලා හිටපු අයට තිබුණා. මේ අවස්‌ථාව ගොඩක්‌ ලාංකිකයන් ප්‍රයෝජනයට ගත්තා. මම තේ, සංචාරක, ආදී ව්‍යාපාර පටන් ගත්තා. මම ගෙවල් දොරවල් ගත්තා… කඩ සාප්පු ගත්තා. රෙස්‌ටුරන්ට්‌ දැම්මා… පළවැනි වතාවට යුක්‌රේනයේ සිට සෘජු ගුවන් ගමනකින් එහේ සංචාරකයෝ ලංකාවට ගෙනාවේ මම. ඒ එක්‌දහස්‌ නවසිය අනූ ගණන් වල… ඒ ගුවන් යානය සංචාරකයන් එකසිය හැත්තෑවක්‌ පමණ රැගෙන කොළඹට ආවා. ඒ ගුවන් යානය දවස්‌ ගණනක්‌ කටුනායක තියාගෙන, ආයෙත් ඒ අය අරගෙන මම ගියා… එදා මට දැනුණේ පුදුම සන්තෝෂයක්‌… මගේ රට ඒ අයට පෙන්වන්න මට පුළුවන් වුණා. පස්‌සේ කාලයක ඒ ෆ්ලයිට්‌ එක, ශ්‍රී ලංකාව මිලදී ගත්තා… ඒ විතරක්‌ නෙමෙයි, ඒ වර්ගයේ ගුවන් යානා හතරක්‌ මිලදී ගන්නට මට පහසුකම් ලබා දීමට හැකි වුණා. ඒක මම කළේ ව්‍යාපාරයක්‌ විදිහට නෙමෙයි. මට ඒවායෙන් කිසිම මුදලක්‌ ලැබුණේ නැහැ. මට තිබුණු සම්බන්ධකම් සමග මගේ රටට අවශ්‍ය දේවල්, ලබා දීමෙන් මම විශාල තෘප්තියක්‌ ලැබුවා. මුදල කියන යම් තරමකට මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ වුණාට, අපි හැමදේම, හැමවෙලේම මුදල් ගැන හිතන්නේ නැහැ. මුදලින් හැම දේම දකින, මනින අයට අපිව තේරුම් ගන්න අමාරුයි. 
 
 ප්‍රශ්නය – ව්‍යාපාරිකයෙක්‌ වුණු ඔබ තානාපතිවරයෙක්‌ වුණේ කොහොමද…?
 
 පිළිතුර -1991 වසරෙන් පසුව තමයි, සෝවියට්‌ දේශය වෙන්වන්නේ… ඒ වෙලාවේ අපේ තානාපති කාර්යාලය තිබුණේ, මොස්‌කව් නුවර. 1958 පෙබරවාරි 18 වැනිදා තමයි, ඒක ආරම්භ කළේ. එදා පළවැනි තානාපතිතුමා විදිහට මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාව, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ ආණ්‌ඩුව විසින් පත් කර එව්වා… සෝවියට්‌ දේශය කැඩිලා වෙන්වෙලා, ගියාට පසුවත් අපි ඒ සියලු රටවල් සඳහා පාවිච්චි කළේ, මොස්‌කව් නුවර තානාපති කාර්යාලය. ඒ හැම කැඩිලා ගිය රටක්‌ම වෙන වෙනම රටවල් වුණත්, අපි ඒ රටවල් සඳහා පාවිච්චි කළේ එක තානාපති කාර්යාලයක්‌ විතරයි. අපේ එක තානාපති ඒ රටවලට ගිහිල්ලා, අක්‌තපත්‍ර දීලා, ඒ සියලු රටවල් සමඟ මොස්‌කව්වල ඉදන් වැඩ කළා. මේ විදිහට වැඩ කරගෙන යැම අපහසු වෙනකොට, ඒ ඒ රටවලට ගරු කොන්සල්වරු පත්කරන්න ශ්‍රී ලංකා රජයට සිදු වුණා. විශේෂයෙන්ම අනූ ගණන් වල, ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් යුක්‌රේන හමුදා සමග සම්බන්ධතා ඇතිකරගෙන තිබුණා. 1991 වසරේදී, ඩින් අයියා කියන, මටත් වඩා වසර පහකට පෙර යුක්‌රේන්වලට පැමිණි කෙනක්‌ සහ මා කැදවා, තානාපති කාර්යාලය විසින් අපෙන් ඉල්ලීමක්‌ කළා, මේ හමුදාවන්ට අවශ්‍ය සේවාවන් සලසා දෙන ලෙස. ඒ කාලයේ යුක්‌රේනය ආදී රටවල ශ්‍රී ලාංකිකයන් ලෙස හිටියේ ශිෂ්‍යයෝ… ඔවුන් සතුව වෙනත් පිරිසකට පහසුකම් සැලසීමේ හයියක්‌ තිබුණේ, නැහැ.

මම ඒ වෙනකොට වාහනයක්‌ තිබුණු කෙනෙක්‌. ඒ රටවල විදේශිකයන්ට වාහන ගන්න බැහැ. මුළු සෝවියට්‌ දේශයෙන්ම, ශිෂ්‍යයෙක්‌ ලෙස නිල වශයෙන් වාහනයක්‌ ගත්ත විදේශිකයා මම… ඒ වාහනය ලියාපදිංචි කිරීමත් ප්‍රශ්නයක්‌ වුණා. විදේශීය ශිෂ්‍යයෙක්‌ තමන්ගේ නමට වාහනයක්‌ ගත්ත පළවැනි අවස්‌ථාව තමයි ඒ… ඒ විදිහේ අවස්‌ථාවකට එහේ පොලීසිය මුහුණ දීලා තිබ්බේ නැති නිසා මගේ වාහනය ලියාපදිංචි කළේ, තානාපති කාර්යාල සඳහා ලබා දෙන ක්‍රමවේදය අනුවයි. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් එවැනි කණ්‌ඩායම් ආවාහම වාහනයක්‌ තිබ්බ කෙනෙක්‌ හැටියට, පහසුකම් සලසන්න මට හැකියාව ලැබුණා. අනෙක්‌ එක තමයි, භාෂා ප්‍රශ්නය. මම ඒ කාලයේ කටයුතු කළේ, බොහෝ වෙලාවට අපේ වියදමෙන්… අපිට ඒ සඳහා කිසිම දීමනාවක්‌ ලැබුණේ නැහැ… නමුත් අපි ඒ කටයුතු ඉතා සතුටින් ඉටු කළා. අපේ රටේ පිරිසකට කෑම ටිකක්‌ දීලා, සංග්‍රහ කරලා, ගමනක්‌ බිමනක්‌ එක්‌කන් ගිහිල්ලා අපි විශාල සතුටක්‌ ලැබුවා. මෙහෙම යනකොට එන එන හැම දූත පිරිසක්‌ සමගම මම සම්බන්ධ වීම අනිවාර්යය කටයුත්තක්‌ වුණා. මමත් ඉතාම සතුටින් ඒවා ඉෂ්ට කළා. විශේෂයෙන්ම හමුදාවේ අය සමග මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ගුවන් හමුදාවේ අය තමයි වැඩිපුර ආවේ… ඒ අය රාශියක්‌ මගේ මිත්‍රයෝ වුණා. ඒ එක්‌කම මම ඒ හැම දේටම යන නිසා යුක්‌රේන් අයත් මාත් සමඟ හොඳ සම්බන්ධකමක්‌ ගොඩනඟා ගත්තා. මේ කාලයේදී විදේශ අමාත්‍ය ලක්‍ෂමන් කදිරගාමර් මහතා මට ලංකාවට එන්න කියලා, මාව සම්මුඛ පරීක්‌ෂණයට භාජනය කරලා, යුක්‌රේනයේ ගරු කවුන්සිල් තනතුරට මාව පත් කළා. ඒ තනතුරට වීසා එකක්‌වත් ලබා දීමේ හැකියාවක්‌ නැහැ. වැටුපක්‌ නැහැ. යම් දූත පිරිසක්‌ ආ විට තමන්ගේ මුදලින් ඒ දේවල් කළ යුතු වෙනවා. ඒක මා ඉතාම සතුටින් කළා. එදා ඉඳන්, තානාපති තනතුර මට ලැබෙනකම් මම ඒ තනතුරේ වැඩ කළා. 
 
 ප්‍රශ්නය – 2006 පෙබරවාරියේදී සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ අධිපති ටී. එස්‌. ලී මහතා හමුවීමට ගොස්‌ ඔහු මාර්ගයෙන් යුක්‌රේනයේ යුක්‌රේන්මාෂ් සමාගම සමඟ මිග් යානා ගනුදෙනුව සඳහා අතරමැදි කටයුතු කළ බවට ඔබට චෝදනා එල්ල වුණා. සති අන්ත ඉංග්‍රීසි පුවත් පත් මගීන් ඔබට මේ චෝදනාව එල්ල වන්නේ මිග් ගනුදෙනුව පිළිබඳව කතා බහ වන මුල් අවස්‌ථාවේදී… කවුද මේ ටී.එස්‌.ලී.කියන පුද්ගලයා…
 
 පිළිතුර – අපේ පිරිස්‌ සෝවියට්‌ දේශයට එන්න පටන් ගත්තේ 1991 ඉඳලා… එදා සිට ලාංකික දූත පිරිස්‌ සමග, හැම විටම ආවේ, සිංගප්පුරු දූත පිරිස්‌… ඔවුන් ආවේ, අතර මැදියන් ලෙස කටයුතු කිරීම සඳහායි. එවැනි කිසිම කෙනෙක්‌ එක්‌ක මම ගනුදෙනු කරලා නැහැ… සිංගප්පුරුවෙන් යුක්‌රේනයට ආපු පිරිස්‌ එක්‌ක මගේ සම්බන්ධතාවය තිබ්බේ, අනික්‌ ශ්‍රී ලාංකික දූත පිරිසට තිබ්බ සම්බන්ධතාවයම තමයි. ඊට වඩා මගේ සම්බන්ධතාවය තිබ්බේ යුක්‌රේන් අයත් සමග…
 
 ප්‍රශ්නය – ඔබ සහ යුක්‌රේන්මාෂ් කියන සමාගම අතර තිබ්බ සම්බන්ධය කුමක්‌ද…?
 
 පිළිතුර – පැරණි සෝවියට්‌ දේශයට අයත් යුධ ආයුධ නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වන්නේ රුසියාව, යුක්‌රේන්, කසකස්‌ථාන්, බෙලොරසියා කියන රටවල්… ඒ හැම රටක්‌ම, යුද ආයුධ විකිණීමේ ක්‍රම වේදයක්‌ ඇති කර තිබෙනවා. ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ, අවි විකිණීම සඳහා සෙමි ගව්රන්ට්‌මන්ට්‌ ආයතනයක්‌ පිහිටුවනවා. ඒ සඳහා යුක්‌රේනයේදී තවත් ආයතන පහක්‌, මව් ආයතනය යටතේ පිහිටවා තිබුණා. ඒ ආයතන පහ බෙදාගෙන තිබුණේ, එක එක රටවල් සහ ප්‍රාන්ත සඳහා වෙළෙඳාම් කිරීමට. යුක්‌රේනය රටක්‌ ලෙස වෙන් වුණ විට, මේ මව් ආයතනයේ ප්‍රධානියා වුණේ, මාලේෆ් මහතා. ඔහු මා හොඳින් හඳුනන කෙනෙක්‌. ඔහු පසු කාලයකදී හදිස්‌සි අනතුරකින් මිය ගියා. ලංකාව සමඟ වැඩ කරන්න යුක්‌රේන්මාෂ් එක වෙන් කළේ, මාලේෆ් මහතා. එදා ඉඳලා ලංකාව යුද උපකරණ මිලදී ගත්තේ යුක්‌රේන්මාෂ් සමාගම මගින්. මුල් කාලයේදී ලංකාව භාණ්‌ඩ ගත්තේ, සිංගප්පූරු සමාගම් අතරමැදියන් කර ගනිමින්. ඇන්ටොනෝෆ් ගුවන් යානා අටක්‌ මුලින්ම ලංකාව, යුක්‌රේන්මාෂ් වලින් ගත්තා. ඒ අට ගත්තෙත් සිංගප්පූරු ජාතිකයන් හරහා. එදා ලංකාවේ නියෝජිතයා විදිහට වැඩ කළේ, දයා වෙත්තසිංහ. එදා ඉඳන් මේ බඩු ගත්ත හැම වෙලාවකම අපේ නියෝජිතයන්ට පහසුකම් සැලසීම සඳහා, අපි ගියා. ඒ වෙලාවල් වල හිටිය සිංගප්පුරු අය අපිත් අඳුර ගත්තා… ඒ වුණාට නම් කියලා, මතක තියා ගන්න තරම් සම්බන්ධයක්‌ අපිට තිබුණේ නැහැ… ඒ අය එක්‌කගෙන යන විට අපිට යුක්‌රේන්මාෂ් එකේ අය හඳුනාගන්න ලැබුණා… පසුවත් ඒ අය හමුවුණා… ඊට එහා ගිය ගනුදෙනු කරන සම්බන්ධයක්‌ අපිට තිබුණේ නැහැ…
 
 ප්‍රශ්නය – කොමිස්‌ මුදල් ලබා ගන්නා තැරව්කාර සමාගමක්‌ ඔබට තිබුණාද…? එසේ නැත්නම් එවැනි තැරව්කාර සේවයක්‌ සඳහා හෝ අතරමැදි කටයුතු සඳහා ඔබ නියෝජිතයකු ලෙස කටයුතු කළාද…? 
 
 පිළිතුර – එවැනි කිසිම කර්තව්‍යයක මම යෙදිලා නැහැ කියන එක, මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි… ඒ ව්‍යාපාරය කළේ, යුක්‌රේන්මාෂ් ප්‍රධානියා, ලංකාවේ නියෝජිත පිරිස සහ අතරමැදි ආයතන. මම ඒ කිසිවක්‌ සමග වැඩ කළේ නැහැ. මිල මුදල් ගැනවත්, ඒ ගිවිසුම් ගැනවත් අපි දන්නේ නැහැ… අපි කළේ අපේ නියෝජිතයන්ට අවශ්‍ය දේවල් කර ගැනීම සඳහා පහසුකම් සැලසීම පමණයි. අපේ හමුදා නිලධාරීන් ආවත් ඒ කිසිවෙක්‌ ගණන් ගැන කතා කළා, අපි දැක්‌කේ නැහැ. ඒ අය කතා කළේ ඒවායේ තාක්‌ෂණික පැත්ත ගැන විතරයි. පරිවර්තන දේවල් කරපු නිසා මම ඒ ගැන දන්නවා. මට කොමිස්‌ ගන්න ආයතන තිබුණේ නැහැ. එවැනි සමාගමක්‌ සමග මම කවදාවත් වැඩ කළෙත් නැහැ. මම එවැනි කිසිම ගනුදෙනුවක්‌ කළෙත් නැහැ. මගේ ව්‍යාපාර මම කරගෙන ගියා… ඔය වැනි ව්‍යාපාර සමග මම සම්බන්ධ වුණේ නැහැ… 
 
 ප්‍රශ්නය – ඔබේ බැංකු ගිණුමේ කොපමණ මුදලක්‌ තිබෙනවාද…?
 
 පිළිතුර – දැන් ඒක ඉතාම ප්‍රසිද්ධයි… ඩොලර් මිලියන එකහමාරක්‌ මගේ ගිණුම්වල තිබෙනවා කියා මාධ්‍යවල පළවුණා…මම තරමට තමන්ගේ ගිණුම්වල තිබෙන තත්ත්වය කියපු කෙනෙක්‌ නැතුව ඇති… 2015 අප්‍රේල් 29 ඉඳන්, මට අදාළ සියලු ගිණුම් නතර කරලා තියෙනවා. ඒවා කළේ, උසාවි නියෝගයක්‌වත් නැතුව. 2017 ජනවාරි හයවෙනිදා, උසාවි නියෝගයක්‌ අරගෙන ඒ ගිණුම් අක්‍රිය කළා. මට අදාළ දේපළ විකිණීම තහනම් කරමින් නියෝගයක්‌ පනවලා තිබෙනවා. මගේ නිවස මම හදන්න පටන් ගත්තේ 1991 වසරේදී. ඒවාට පවා තහංචි පනවන තැනට ආණ්‌ඩුව පත්වෙලා තිබෙනවා. 
 
 ප්‍රශ්නය – පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම මහෙස්‌ත්‍රාත් උසාවියට කරුණු දක්‌වනු ලැබුවේ 2015 මාර්තු 26 වැනිදා අංක 639/15 දරන බී වාර්තාවෙන්. ඒ අවස්‌ථාවේදී අවධානයට යොමු වී තිබුණේ 2006 දී ඉංගී්‍රසි පුවත්පත් දෙකක්‌ විසින් ගෙනහැර දක්‌වා තිබිණු ප්‍රහාරක යානා වල මිල වෙනස්‌වීම පිළිබඳ සහ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කර තිබීම යන කාරණා දෙකය. 2016 සැප්තැම්බර් 26 වැනිදා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර සිටියේ, මිග් 27 යානා 4 ක්‌ මිලදී ගැනීමටත් තවත් මිග් යානා 4 ක්‌ අලුත්වැඩියා කිරීමටත් 2006 දී ඇතිකර ගන්නා ලද ගිවිසුම අත්සන් කර තිබුණේ ස්‌ථාන දෙකකදී බවත් එයට යුක්‌රේන්මාෂ් හා බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ යන පාර්ශ්වකරුවන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ නිල නිවසේදී අත්සන් තැබූ බවත් ඉන්පසු තානාපතිවරයා විසින් එම ගිවිසුම කොළඹට ගෙනවිත් ගුවන් හමුදාපතිවරයාගේ අත්සන ලබාගත් බවත් ය. මිග් චෝදනාව නෛතික ආකාරයෙන් කරළියට බසින්නේ මෙතැනින්… ඔබ මේ සඳහා දෙන පිළිතුර කුමක්‌ද…?
 
 පිළිතුර – ගිවිසුම ලංකාවට ගෙනහල්ලා, ගුවන් හමුදාපතිගේ අත්සන ලබා ගෙන ගෙනිච්චා කියන චෝදනාවට මම මුලින්ම පිළිතුරු දෙන්නම්… ඒ අයගේම බී වාර්තාවවල සඳහන් වෙන්නේ, ගුවන් හමුදාව ලිපි ගණනක්‌ හුවමාරු කරලා, මෙම ගිවිසුම අත්සන් කළා කියලා. ඇත්තටම ගුවන් හමුදාව විසින් යුක්‌රේන්මාෂ් සමඟ ලිපි ගණනාවකින් සාකච්ඡා කරලා, අදාළ දළ ගිවිසුම අවසන් කළා. ඊට පසුව එදා හිටපු ගුවන් හමුදාපතිතුමා, යුක්‌රේන්මාෂ් ආයතනයට වගකීමේ ලිපියක්‌ ලබා දෙනවා. එහි සඳහන් වන්නේ මේ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට්‌ අනුමැතිය වැනි ක්‍රියා පටිපාටින් අනුගමනය කරන්න තිබෙන නිසා එය අත්සන් තැබීම තව ටික කාලයකට ප්‍රමාද වෙනවා. අපේ රටේ යුද්ධයක්‌ තිබෙන නිසා, මෙම ගිවිසුම අත්සන් කළාට පසු ගුවන් යානා අලුත්වැඩියාව පටන් ගත්තොත්, තවත් කාලයක්‌ ගතවෙන නිසා, මේ ගුවන් යානා අලුත්වැඩියාව ආරම්භ කරන්න කියලා. ඒ සඳහා ලබාදෙන වගකීමේ සහතිකයක්‌ ලෙසයි, අර ලිපිය ගුවන් හමුදාපතිවරයා යවන්නේ… මේ අලුත්වැඩියා කටයුතු සිද්ධ වන්නේ අපේ නිලධාරීන්ගේ ඇස්‌ පනා පිට. ඔවුන් බලා සිටියදීම තමයි අලුත්වැඩියා කටයුතු සිදුකරන්නේ. මේ සඳහා ගුවන් හමුදා පිරිස්‌ යවන්නේ, මේ ගිවිසුම අත්සන් කරන්න කලින්… ගිවිසුම අත්සන් කරන්න කලින් අපේ නියෝජිතයෝ එහේ ගිහිල්ලා හිටියා නම්, ගිවිසුම අත්සන් තබන තෙක්‌ වගකීමේ ලිපියක්‌ දීලා තිබුණා නම්, මේ වන විට යුක්‌රේන් නියෝජිතයෝ ලංකාවට කිහිපවාරයක්‌ම ඇවිල්ලා තිබුණා. ගිවිසුම හදන්නේ, ගුවන් හමුදාව, ඒක ප්‍රින්ට්‌ කරන්නේ ගුවන් හමුදාව… ඒ සියල්ලෙන්ම පෙනෙන්නේ, මේ ගිවිසුම හැදුවේ, ගුවන් හමුදාව කියන එකයි… එහෙනම් මම මොන ගිවිසුමක්‌ හදලා අරගෙන එන්නද…? ඊට පස්‌සේ කියනවා, ඒක ගුවන් හමුදාපති ලවා අත්සන් කරවාගෙන අයෙත් අරගෙන ගියේ මමය කියලා… ඒක මත්තේ තමයි, මම සැකකාරයෙක්‌ වෙන්නේ… ඒ කාලය තුළ මම හිටියේ තානාපතිවරයා ලෙස. මම ඒ කාලයේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයකින් ආවා නම්, ඒ දින ටික, කටුනායක ගුවන්තොටුපළේ දත්තවල තිබිය යුතුයි. ඒ කාලයේ, මම එහෙම ආවා නම්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, ඒ තොරතුරු ගන්න පුළුවන්… ඔය කාලයේදී අවම වශයෙන් මම රටටවත් එන්නේ නැතුව, කොහොමද මම ගිවිසුමක්‌ ගෙනෙහල්ලා, අත්සන් කරගෙන ගියා කියන්නේ… 
 
 ප්‍රශ්නය – ගිවිසුම ස්‌ථාන දෙකකදී අත්සන් කළ බවට එල්ල වෙන චෝදනාව… 
 
 පිළිතුර – ඒක මම පිළිගන්නවා… ඒක සාමාන්‍ය දෙයක්‌… යුක්‌රේන් පැත්තේ අය තානාපති කාර්යාලයට ඇවිල්ලා ඒක අත්සන් කළා… තානාපති කාර්යාලයක්‌ තිබෙන්නේ එවැනි කටයුතු කිරීම සඳහායි… මේ ගිවිසුම පමණක්‌ නොවෙයි, එවැනි බොහෝ ගිවිසුම් තානාපති කාර්යාලවල අත්සන් තබා තිබෙනවා. ඒ ගිවිසුම ලංකාවට එව්වා… ඒකට ගුවන් හමුදාපති අත්සන් තබලා, එහෙට යෑව්වා… ඒවාට මගේ කිසිම සම්බන්ධයක්‌ නැහැ… 
 
 ප්‍රශ්නය – මේ ලියවිල්ල කූට ලේඛනයක්‌ බව තහවුරු කිරීමට යුක්‌රේන්මාෂ් සමාගමේ අධ්‍යක්‍ෂ ඩී. ඒ. පෙරුගුඩොව් මේ ගිවිසුමට තබා ඇති අත්සනත් ඔහු ශ්‍රී ලංකා රජය සමඟ හුවමාරු කරගෙන තිබුණු වෙනත් ලිපිවල තිබූ අත්සනත් අතර වෙනසක්‌ ඇති බවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වාර්තා කර තිබෙනවා. මේ ගිවිසුමේ ඩී. ඒ. පෙරුගුඩොව්ගේ අත්සන් වෙනත් ලිපිවල ඇති ඔහුගේ අත්සනට වඩා වෙනස්‌ බවට චෝදනාවක්‌ ඉදිරිපත්ව තිබෙනවා. මේ සාක්‌ෂි මත පදනම්ව උදයංග වීරතුංග දණ්‌ඩ නීති සංග්‍රහයේ 454 හා 457 යන වගන්තිවලට අදාළ කූට ලේඛන සැකසීමක්‌ කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට වාර්තා කළා. පෙරුගුඩොව්ගේ අත්සන ව්‍යාජ අත්සනක්‌ වූයේ කොහොමද…? 
 
 පිළිතුර – මේ ගිවිසුමට පෙරුගුඩොව් මහතා අත්සන් තබලා නැහැ… එදා එම ලියවිල්ලට අත්සන් කළේ ඩී. ඒ. පෙරුගුඩොව් නොවේ. ඔහු වෙනුවෙන් යුක්‌රේන්මාෂ් සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වූ ගෙනාඩි ස්‌ටුඩෙනිකින් මහතා තමයි අත්සන් කළේ… ඒ සඳහා නිල බලයෙන් ඔහුට අයිතියක්‌ ඇති… මෙතැනදී තවත් වැදගත් දෙයක්‌ තිබෙනවා… යුක්‌රේන්මාෂ් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේ ගනුදෙනුව ගැන සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණියා. ඒ පමණක්‌ නොව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් ගුණතිලක හා ගුවන් යානා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ඊ. ජී. අයි. පී. ද සිල්වා වැනි නිලධාරීන් යුක්‌රේනයට ගිය විට ඔවුන්ව යුක්‌රේන්මාෂ් සමාගම වෙනුවෙන් පිළිගෙන තිබුණේත් මේ ස්‌ටුඩෙනික්‌ මහතායි. මිග් 27 යානා හතර සහ අලුත්වැඩියා කරන ලද මිග් යානා හතර ලංකාවට බාර දීමේදී එකල ගුවන් කොමදෝරු ඊ. ජී. අයි. පී. ද සිල්වා සමඟ ‘භාර දීමේ සහතික’වලට යුක්‌රේන්මාෂ් සමාගම වෙනුවෙන් අත්සන් තිබ්බෙත් මේ ස්‌ටුඩෙනික්‌මයි. ඒ මහතා විසින් මේ සම්බන්ධව යුක්‌රේන් නීතිපතිවරයා වෙත කට උත්තරයක්‌ ලබා දෙනවා. ඒ කට උත්තරයේදී, ඔහු කියන්නේ, මේ ගිවිසුම අත්සන් කළේ, මම කියන එකයි. මේ පරීක්‌ෂණය සඳහා ලංකාවේ පොලිස්‌ නිලධාරීන්, යුක්‌රේනයට එනවා… ඒ කිසිම අවස්‌ථාවක මගෙන් කට උත්තරයක්‌ ගන්නේ නැහැ… ස්‌ටුඩෙනික්‌ මහතාගෙන් මේ ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව කට උත්තරයක්‌ ගන්නේ නැහැ… රියෑදුරන්ගෙන් පවා කට උත්තර ගන්නවා… ඕනෑම කෙනාගෙන් කට උත්තර ගන්නේ නැහැ. යුක්‌රේන්මාෂ් එකේ ඉන්න රියෑදුරන්ගේ කට උත්තරය ඔවුන්ට වැදගත් ස්‌ටුඩෙනිකින්ගේ කට උත්තරයට වඩා… එයින් පෙනෙනවා, මේ කරන්නේ අපරාධ පරීක්‌ෂණයක්‌ ද දේශපාලන පළිගැනීමක්‌ සඳහා කරන ප්‍රබන්ධයක්‌ ද කියන එක…
 
 ප්‍රශ්නය – 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෙවීම් කර ඇත්තේ යුක්‌රේන්මාෂ් කියන රාජ්‍ය සමාගමට නොව බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ නමැති තුන්වැනි පාර්ශ්වයකටයි. බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ සමාගම විසින් එම මුදල් යුක්‌රේන්මාෂ් සමාගමට ලබාදී නැති බවත් එමනිසා උදයංග වීරතුංග කූට ලේඛනයක්‌ සකසා රජයෙන් මුදල් වංචා කර ඇති බවත්, මෙය දණ්‌ඩ නීති සංග්‍රහයේ 400 සහ 459 වගන්ති යටතේ අපරාධයක්‌ බවත් ව්‍යාජ ලේඛන යොදාගෙන රජයේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 1982 අංක 12 දරන රාජ්‍ය දේපළ සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ පනතේ 5 වැනි වගන්තිය යටතේ ද උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කෙරෙන බවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසා තිබෙනවා. ශ්‍රී ලංකා රජය සහ යුක්‌රේන රජය අතර අත්සන් තබන ලද ගිවිසුමක්‌ සඳහා තෙවන පාර්ශවයක්‌ වෙත මුදල් ගෙවන්නේ ඇයි…?
 
 පිළිතුර – බෙලිමීෂා හෝල්ඩිංග්ස්‌ සමාගම කියන්නේ ණය සේවා සපයන ආයතනයක්‌… යුක්‌රේන්මාෂ් කියන්නේ රාජ්‍ය සමාගමක්‌… ගිවිසුම අත්සන් කරලා තියන්නේ යුක්‌රේනයේ රාජ්‍ය ආයතනයක්‌ සමඟ. මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ අතරමැදියෝ මාර්ගයෙන් නෙමෙයි… ඊට කලින් සිද්ධ වුණේ, අතරමැදියෝ හරහා යුක්‌රේන්මාෂ් එක්‌ක කතා කරපු එකයි. මේ ගනුදෙනුවේදී වැඩ කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුක්‌රේන්මාෂ්… යුක්‌රේන් නීතිය අනුව ණයට බඩු දෙන්න බැරි නිසා, අපේ ඉල්ලීම මත, අතරමැදි සමාගමක්‌ හෙවත් ආයෝජන සමාගමක්‌ ලෙස බෙලිමිෂා ආයතනය එක්‌වෙලා තියෙන්නේ… අපි බඩු ඉල්ලන්නේ ණයට නම්, යුක්‌රේනයේ නීතිය අනුව ණයට බඩු දෙන්න බැරි නම් මොකද කරන්නේ… ඒ සඳහා ණය පහසුකම් සපයන ආයතනයක්‌ ඕනේ… ඒක තමයි බෙලිමිෂා ආයතනය… ඒක යෝජනා කරන්නේ යුක්‌රේන්මාෂ්… බෙලිමිෂා ආයතනයට මුදල් යවන්න කියන එක යෝජනා කරන්නේ යුක්‌රේන්මාෂ්… අපි බඩු ගන්නවා නම්, සල්ලි ගෙවන්න ඕනේ, බඩු ගන්න කෙනාට හෝ එයා කියන කෙනෙකුට… ඒ අනුව තමයි ආයෝජන සමාගමට මුදල් ගෙව්වේ… ඒක ගිවිසුමේ තියෙනවා…. ගිවිසුමට අනුව තමයි, බෙලිමිෂා ආයතනයට මුදල් ගෙව්වේ… නමුත් ගනුදෙනුව සිදුවුණේ, බෙලිමිෂා ආයතනය සමඟ නෙමෙයි, යුක්‌රේන්මාෂ් සමඟ….එතැන තියෙන වැරැද්ද මොකද්ද…? මීට කලින් යුක්‌රේන්මාෂ් වලින් අපි බඩු ගත්තාට ඒ ගනුදෙනු ගැන කතා කළේ අතරමැදි ආයතන සමග… මෙතැනදී එහෙම නොවී කෙලින්ම යුක්‌රේන්මාෂ් එක්‌ක තමයි ගනුදෙනු කළේ… ආණ්‌ඩු දෙකක්‌ අතර ගනුදෙනුවක්‌ සහ අතිශයින්ම විනිවිදභාවයෙන් එම කටයුතු සිදුවී තිබෙනවා. 
 
 ලබන සතියේ 
 
  * ඔබ රුසියානු ඔත්තු කරුවෙක්‌ද…?
 
  * ඩුබායි වලින් පැන ගත්තේ කොහොමද…?
 
  * යුක්‌රේනයට ඔබ සොයා ආ පොලිස්‌ නිලධාරීන් සිටි හෝටලයේ වෙනත් මේසයක්‌ මත ඔබ කෑම කමින් සිටියාද…?
 
  * මේ ආණ්‌ඩුව පෙරළන්න රුසියානු ආණ්‌ඩුව සමග එක්‌ව කුමන්ත්‍රණ කරනවාද…?
 
  * ජනාධිපති පුටින්ගේ කාමරයේ දොර ඇරගෙන ඕනෑම වෙලාවක යන්න පුළුවන්ද…?
 
 උදයංග පිළිතුරු දෙයි. 

Divaina – ආණ්_ඩුවට අල්ලන්න බැරි උදයංග ‘දිවයින’ට හසුවෙයි

http://www.divaina.com/sunday/index.php/visheshanga1/2992-2018-03-23-13-40-33

Related Images:

День Шри-Ланки в Дубае

Один из крупнейших сборов Шри-Ланки за пределами Шри-Ланки

Предложил много мероприятий для участников в течение дня

Шри-ланкийцы продемонстрировали свою солидарность с ОАЭ в дружеской прогулке

Дубай, 12 февраля 2018 года: более 25 000 шри-ланкийцев собрались в Zabeel Park, Дубай, 9 февраля 2018 года, чтобы принять участие в шри-ланкийском Дне 2018 года, который был первым в своем роде в истории ОАЭ. Шри-ланкийцы, эмираты и другие граждане в ОАЭ активно участвовали в этом уникальном и ориентированном на семью мероприятии, которое связало всех участвующих шри-ланкийцев вместе как единую нацию в основе государственности.
Церемония началась с благословения религиозных лидеров, представляющих четыре основные религии Шри-Ланки. Они призвали Генеральное консульство Шри-Ланки в Дубае, организационный комитет и другие заинтересованные стороны выразить свое благословение, чтобы продолжить задачу, направленную на продвижение Родины в связи с 70-й годовщиной независимости Шри-Ланки и 25-й годовщиной создания Генеральное консульство Шри-Ланки в Дубае и Северных Эмиратах.
Мероприятие предложило целый ряд разнообразных мероприятий собравшимся в парке Забил, чтобы принять участие в течение дня. Пять шри-ланкийских ресторанов предложили шри-ланкийской и международной публике уникальные шри-ланкийские деликатесы, такие как простые бункеры и яичные бункеры, котту-роти, луну-мирис, рис и карри, чтобы удовлетворить свои вкусовые рецепторы. Кроме того, был проведен шри-ланкийский продовольственный фотоконкурс под названием «Суупачая» с целью популяризации шри-ланкийской кухни / кухни среди международной публики и, тем самым, популяризации такой еды / кухни во всем мире.
На окраине Амфитеатра парка Забил были обнаружены киоски, в которых продавались шри-ланкийские товары, такие как чай, изделия ручной работы, батик и т. Д., Что было очень полезно для толпы, участвовавшей в этом мероприятии. Кроме того, эксперты, представляющие застройщиков Шри-Ланки, приняли участие в этом мероприятии и предоставили индивидуальные решения в области недвижимости тем ланкийцам, которые наслаждались этим мероприятием, представляя различные социально-экономические сектора Шри-Ланки. Предоставление столь необходимых услуг, специально предназначенных для рабочих, таких как открытие NRFC, других банковских счетов и т. Д., Киоски местных банков, таких как Национальный сберегательный банк, Банк Цейлона и Коммерческий банк, также добавили типичный коммерческий оттенок к событие.
Бесплатные медицинские лагеря, созданные в парке, были одной из самых отличительных особенностей мероприятия. Многие шри-ланкийские и зарубежные врачи присоединились к этому мероприятию для оказания крайне необходимой медицинской помощи участникам, особенно представляющим рабочие группы или группы с низкими доходами. Более 20 врачей, представляющих 6 разных национальностей, бесплатно предоставили участникам свои волонтерские услуги.
Кроме того, параллельно с медицинскими лагерями было проведено пожертвование более 380 бесплатных очков вместе с линзами нуждающимся людям. Это пожертвование было сделано на основании проверки зрения и в порядке поступления заявок. Это принесло много похвал многим работникам с низким доходом, которые не могли себе этого позволить.
Лагерь донорства крови на этом мероприятии был главным событием среди толпы. Это по сути символизировало дружбу шри-ланкийцев с народом и правительством ОАЭ, которое многие «шри-ланкийские» общины в ОАЭ считают «вторым домом».
Наряду с вышеизложенным, Университет Шарджи также организовал бесплатный мобильный стоматологический лагерь, который, по сути, предоставлял огромные услуги участникам с низким уровнем дохода, поскольку стоматологические осмотры, как правило, не покрываются схемы страхования. В течение дня мобильный стоматологический лагерь предоставлял толпе услугу стоимостью в тысячи дирхамов на бесплатной основе.
С учетом характера мероприятия, ориентированного на семью, в дневное время была организована специальная развлекательная программа, в которой местные таланты продемонстрировали свои певческие навыки. В этом конкретном сегменте более 10 предварительно отобранных будущих певцов имели возможность продемонстрировать свое мастерство пения массовой аудитории на площадке, поддерживаемой музыкой двух музыкальных групп из ОАЭ, а именно Acoustica и Seven Notes. Дети на мероприятии также обожали такие аттракционы, как надувные замки и детский художественный конкурс.
Прибавив незабываемый опыт Шри-Ланки к вечеру дня Шри-Ланки 2018 года, более 2500 шри-ланкийцев, представляющих различные группы, ассоциации, организации и школы, вошли в парк со сказочной «прогулкой дружбы ОАЭ-Шри-Ланка», наполненной пышностью и зрелищностью, который был высоко оценен иностранной толпой, собравшейся на месте. Очередь прогулки была заполнена характерными предметами, отражающими культурное разнообразие Шри-Ланки, состоящими из традиционных сингальских, тамильских и малайских предметов. Сегменты, такие как «Каза Каруво»,

Related Images:

Национальный парк Читван

Это охраняемая зона джунглей, заполненная различными видами дикой природы.
Он стал объектом всемирного наследия ЮНЕСКО в 1984 году
Площадь джунглей составляет около 932 км2
Национальный парк Читван был создан в 1973 году для сохранения животных, находящихся под угрозой исчезновения.
Здесь есть множество вещей, от треккинга до центров разведения слонов и джип-джунглей.

Related Images:

В Лумбини родился лорд Будда

ТАСЕН ДУРБАР-
В конце Ситалпати находится потрясающий красный Тансен Дурбар, который был приятно восстановлен. Первоначально он был построен для губернатора провинции в 1927 году. В настоящее время в нем находится музей местной культуры и истории.

СРИНАГАР ДАНДА-
Его высота 1524 м. Вид на зеленые холмы, весь город Тансен в долине Мади. Горы простираются от Дхаулагири на западе до Ганеша Химала на востоке.

Храм Майя Деви
В 623 году до н.э. в полнолуние в Лумбини родился Господь Будда, поэтому нам небезразличны дни полнолуния. Все, что связано с Буддой, происходило под деревьями, поэтому буддисты всегда должны уважать законы природы.
Лумбини, четвертое по величине туристическое направление в Непале. Лумбини также известен как «Свет Азии» из-за Господа Будды/

 

Related Images:

Вершина горы Саранкот в Похахара

ПОХАРСКИЙ ОБЛАСТНОЙ МУЗЕЙ –
Покойный король Бирендра Бир Бикрам Шах представил музей в 1985 году. Покхарский краеведческий музей рассказывает о попхаре и ее людях, о том, как изменилась жизнь с «тогда» и «сейчас».
Образцы и реальные показы классической посуды, ювелирных изделий, снаряжения и оружия, а также этнических обычаев были показаны.

МАТЕПАНИ ГУМБА-
Матепани Гумба (буддийский монастырь) был основан в 1960 г. н.э. людьми из Нешанга, которые мигрировали в Покхару из Мананга. Статуи высотой 3 метра
Плата за вход не взимается с посетителей

Пещера Махадева –
Считается 600 лет.
Пещера была открыта в 16 веке некоторыми местными жителями, которые наткнулись на нее, когда убирали траву. В темной пещере они обнаружили много святынь и статуй, посвященных Шиве и другим индуистским божествам. Продолжая примерно 40 метров вниз по пещере, вы увидите главный храм Шивы.

TAL BARAHI ХРАМ-
Это индуистский храм богини Дурги (Барахи), покровителя богов. Он расположен на небольшом острове в юго-восточной части озера Фева в Покхаре. Храм используется для поклонения как индусов, так и буддистов.

МИРОВОЙ МИР ПОГОДА –
Буддийская ступа. Ее второе имя – Шанти Ступа, что на санскрите означает мир.
Место, расположенное на высоте 1100 метров на холме Ананда, было выбрано Ничидацу Фудзи, который помог построить эту ступу. Они начали строить его из камня 12 сентября 1973 года.

БИНДАБАСАНСКИЙ ХРАМ –
Сам храм посвящен индуистской богине Дурге, которая является избранным божеством-хранителем Покхары.
Говорят, что храм был создан после того, как богиня приказала королю Хадаг Бум Малла установить здесь свою статую.
Жертвоприношения животных обычно проводятся в храме по субботам и вторникам.

SETI RIVER –
Район находится недалеко от пересечения границ Непала, Индии (Кумаон, Уттаракханд) и Китая (Тибет).
Это одна из самых священных рек Непала, которой в индуизме поклоняются как форме Вишну. трехкилометровый участок, где вся река Сети идет под землю.

DAVI’S FALL –
Вода образует подземный туннель после достижения дна. Этот туннель имеет длину около 150 м и проходит на 30 м ниже уровня земли. Посетители могут попытать счастья на построенном там пруду удачи, бросив и положив монету на статую Бога.

Related Images: