ආර්ථිකයට වූ මහ අපරාධය ගෝටා කියයි..

ආර්ථිකයට වූ මහ අපරාධය ගෝටා කියයි.. ගොඩ දමන සැලැස්මත් හෙලි කරයි.. මල් මාලා දමා පිලිගන්නේ විමල්..

කඩුවෙලදී ඊයේ පැවති ‘එළිය’ සම්මන්ත‍්‍ර‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

මේ රටේ තිබෙන ආරක්‍ෂාව, නීතිය, ආර්ථිකය ඇතුළු සියලූ අංශ කඩාවැටිලා. වත්මන් රජය බලයට පත්වෙලා වසර හතරකට ආසන්න කාලයක් ගත වෙලා. හිටපු රජය 2005 දී මේ රට භාර ගත්තායින් පසුව වසර 4 කින් ත‍්‍ර‍්‍රස්තවාදය මුළුමණින්ම අවසන් කළා. මේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන ගියා. වත්මන් රජය බලයට පත්වුණේ කිසිම සැලැස්මක් නැතිවයි. ආර්ථිකයේ උත්තේජනයක් ඇති කරන්නට ඉදිකිරීම් ක්‍ෂේත‍්‍ර‍්‍රය, යටිතල පහසුකම් දියුණු කිරීම වැදගත්. ඒ නිසයි අපේ රජය මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය ඇති කළේ. නමුත් වැදගත් ස්ථානයක තිබෙන හම්බන්තොට වරාය මේ රජය පැමිණීමෙන් පසුව අගමැතිවරයාම වරායේ තිබූ සංවර්ධනය නතර කළා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළා. ඒවා කළේ වෛරී සහගතවයි.

අප රටේ රාජ්‍ය සේවකයන් ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය නැතිව රටක් සංවර්ධනය කරන්නට බැහැ. මේ රජය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සියලූම නිලධාරීන්ව මාරු කළා. අනික් අමාත්‍යාංශවලත් එහෙමයි. රාජ්‍ය නිලධාරීන්ව මේ අය විසින් ඇති කළ පරීක්‍ෂණ මණ්ඩලවලට ගෙනිහින් කරදර කළා. එනිසා රාජ්‍ය නිලධාරීන්ට අවංකවම තීරණයක් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රටක නීතියක් නැතිනම් රටක් ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. මේ වන විට රටේ පාතාලය, මත්ද්‍රව්‍ය හිස ඔසවලා. අද රටේ ඇමැතිවරු තරු හතේ ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදයක් ගැන කතා කරනවා. ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි නම්, අපරාධ සිදුවෙනවා නම් ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදයක් තහවුරු කරන්නේ කොහොමද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වැදගත්ම දේ තමයි ඡුන්දය. අද ඡුන්දය කල්දාලා. එහෙම තිබියදීත් තමයි මොවුන් තරුහතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්නේ.

දේශපාලන පළිගැනීම්, දුෂණය තමයි රටේ ඉහළ ගොස් තිබෙන්නේ. රටේ අපරාධ පාලනය කරන්න බැරි වුණාම හිටපු රජයට තමයි චෝදනා කරන්නේ. ඒ වගේම රුපියල පාලනය කරන්න බැරි වුණාම ඇමරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරනවා. අදුරදර්ශී නායකත්වයක් නිසා තමයි රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. එදා යුද්ධය ජයග‍්‍රහණය කිරීමේදී රණවිරුවන්ගේ සංඛ්‍යාව කොටස් වශයෙන් වැඩි කළා. එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම අවසරය ලබා දුන්නා. එවැනි නිර්භීත තීරණ ගන්න පුළුවන් නායකත්වයක් එදා තිබුණා. එදා ආර්ථිකයේ පසුබැස්මක් තිබූ අවස්ථාවකයි යුද්ධය කරගෙන ගියේ. එදා රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. පොහොර සහනාධාරය ලබාදුන්නා. නිවැරදි තීරණ ගන්න පුළුවන් නායකත්වයක් එදා තිබුණා. මේ වන විට ආරක්‍ෂක අමාත්‍යාංශයට ලේකම්වරු තුන් දෙනෙක් පත්වුණා. වත්මන් රජය ආරක්‍ෂාව ගැන දැනුමක් තිබෙන නිලධාරීන්ව වෙනත් ස්්ථානවලට මාරු කරලා. දේශපාලනික විරුද්ධවාදීන්ට පහර දෙන්න පමණයි ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ.

ආර්ථිකය කඩාවැටෙන්නට හේතු වූ අය ඉන්නේ මේ රජය තුළමයි. අපි ඇති කරපු වරාය, ගුවන් තොටුපළ දියුණු කරන්න සැලසුම් තිබුණා. ඇවන්ගාර්ඞ් ව්‍යාපෘතිය තුළින් විශාල විදේශ විනිමයක් අප ලබා ගත්තා. එවැනි ව්‍යාපාර කලින් තිබුණේ නැහැ. විශාල රැකියා ප‍්‍රමාණයක් ඇති කළා. එවැනි ව්‍යාපාර බොරු චෝදනා කරලා කඩාකප්පල් කළා. මෙවැනි විවිධ ව්‍යාපෘති නැති කරලා දැම්මා. කොළඹ නගරයේ දැන් තිබෙන ව්‍යාපෘති ඇති කළේ යුද්ධයෙන් පසුව හිටපු රජයයි. රටේ ආර්ථිකය කඩාවැටීමත් සමග සියලූ ව්‍යාපෘති මන්දගාමීවයි සිදුවෙන්නේ. ඇතැම් ඒවා නතර වෙමින් යනවා. රටේ අදුරදර්ශී, දුෂණය නිසයි මේවා වුණේ.

පසුගිය රජයට විවිධ චෝදනා ගෙනවා. දුෂිතයි කිව්වා. අද රටේ ලොකුම දුෂිත නඩුව තමයි ඞී. ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම. මට තිබූ ලොකුම චෝදනාව තමයි අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග කුමන්ත‍්‍රණය කිරීම. එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මම දැකපු නැති අයත් ඉන්නවා. එහෙම කොහොමද මම කුමන්ත‍්‍රණ කරන්නේ. තිබෙන්නේ දේශපාලන පළිගැනීම් පමණයි. මේ වගේ සැලැස්මක් නැතිව හුදෙක්ම බලයට එන්න විවිධ බොරු කිව්වා. ජනතාව මුලා කළා. එම නිසා තමයි රට මෙවැනි තත්ත්වයකට අද පත් වෙලා තිබෙන්නේ. එදා අපි මේ රට පාලනය කළේ යම්කිසි ප‍්‍රතිපත්ති මාලාවක් තුළයි. මහින්ද චින්තනය ඉදිරියට ගෙන ගියා. ඉදිරියේදී අපි අද තිබෙන තත්ත්වයන්ට අනුව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සැලැස්ම සියලූම වෘත්තිකයන් සමග සාකච්ඡ කරමින් යනවා. නව රජයක් බලයට පත්වූ වහාම රටේ ප‍්‍රශ්න විසඳා, සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට තමයි සියලූම වෘත්තිකයන්ගේ අදහස් අපි ලබාගෙන යන්නේ.

– චාමින්ද කරුණාරත්න

 

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}