Историческая победа политика, Басиль Раджапакса

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..
හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.

මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.

සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

ආර්ථිකය, ආරක්‍ෂාව ඉහළින් තිබූ, පාතාලය නැති රටක් තමයි එදා ජනවාරි 8 වැනිදා මේ රජයට භාර දුන්නේ. නමුත් අවුරුදු 4 ක් ඇතුළත මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. ජනතාව මුලා කරලා, සැලැස්මක් නැතිව, සුළු ජාතීන්ට බොරු කරලා, බලය ලබා ගැනීම පිණිසම විදේශීය බලවේග සමග එකතු වෙලා මේ රටේ බලය ලබා ගත්තා. ඔවුන්ට මේ රටේ ආරක්‍ෂාව, ස්වෙරීත්වය, ආර්ථිකය ගැන කිසිදු දැක්මක් තිබුණේ නැහැ. අද කොළඹ තත්ත්වය බලන්න. අපි ආරම්භ කළ ව්‍යාපෘති පමණයි අද තිබෙන්නේ. කටු කම්බිවලින්, තාප්පවලින් පිරී තිබූ කොළඹ නගරය සංවර්ධනය කළා, ලස්සන කළා. රටකට ආයෝජන වැදගත්. අපි යුහුසුළුව මේ රටට ආයෝජන ගෙනෙන්න කටයුතු කළා. අද මේ තිබෙන සියලූ ආයෝජන මෙරටට එදා ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා අපි තට්ටු නිවාස පරිසරය දියුණු කළා. කොළඹ නගරයේ ප‍්‍රශ්න අපි අවබෝධ කරගෙන තිබුණා. මංමාවත් සකස් කිරීම ඇතුළු විශාල වෙනසක් ඇති අපි කොළඹ කේන්ද්‍ර කරගෙන ඇති කළා.

දේශපාලන වාසිදායක කතා කරනවා හැරෙන්නට මේ ආණ්ඩුවට කිසිදු දැක්මක්, සැලැස්මක් නැහැ. විවිධ ආයතන අපි එදා කෝට්ටේ නගරයට ගෙන ආවා. මේ රජය පාර්ලිමේන්තුව පමණක් නොව ජනතාවත් මුලා කරමින් සිටිනවා. අද ඔවුන් වැරදි මත ඉදිරිපත් කරමින් සිටිනවා. අපි එදා රාජ්‍ය සේවය කාර්යක්‍ෂම ලෙස භාවිතා කළා. මේ රට සංවර්ධනය කළේ රාජ්‍ය සේවකයන්. වත්මන් රජය සෑම රාජ්‍ය සේවකයෙක්ගෙන්ම පළිගත්තා. එදා රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දුන්නා. පිටරට උපදේශකයන් නිසා නෙමෙයි මේ රට සංවර්ධනය කළේ.

නමුත් අද රාජ්‍ය නිලධාරීන්ට වැඩක් කරන්න බැහැ. නොබියව, නිදහසේ තීන්දු ගන්න බැහැ. අද රට කඩාවැටිලා තිබෙන්නේ ඒ නිසයි. අ¥රදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ කඩාවැටීම හේතුවෙන් ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවකට රැුකියා අහිමි වුණා. ආණ්ඩුවේ අකාර්ක්‍ෂමතාව, නොහැකියාව වසා ගන්න රාජපක්‍ෂ ආණ්ඩුවට බැනබැන ඉන්නවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය ආර්ථිකය දියුණු කළේ, රට සංවර්ධනය කළේ යුද්ධයක් තිබියදී. ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කළා. ආර්ථිකය මෙහෙයවන්න හැකි පුද්ගලයන් එතුමා වටා සිටියා. මේ රජය ඉදිරියට යන්නේ දේශපාලන පළිගැනීම්වලින් පමණයි. ඒ හේතුව නිසයි අද රට මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන්නේ.

– චාමින්ද කරුණාරත්න

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}