උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් සෆාරි සංචාරය

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය-තුන්වන දින

මහින්ද රාජපක්ෂ මැතිතුමා උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් සෆාරි සංචාරය නිරත විය. පදවි ප‍්‍රාප්ති උත්සවය අවසන් වු පසු නායකතුමා, ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානය බලා මැයි 13 දා දවල් 11 පමණ කම්පාලා නගරයේ පිටත්වීය. Mweya Safari Lodge හී ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පස් නගුරාරු මහතා අප පිළිගත් අතර එලිසබෙත් රැජිණ ජාතික වන උද්‍යානය නරඹන්න සියල්ල සූදානම් කර තිබුණේය. එහිදී බෝට්ටු සෆාරික් සහ ජීප් රථයෙන් සෆාරි කිහිපයක් යාමටත් අවස්ථාව ලැබුණි.උගන්ඩාවට පැමිණෙන සංචාරකයන් අතරින් වැඩි පිරිසක් සංචාරය කරන වනෝද්‍යානය වන්නේ ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානයයි. බටහිර උගන්ඩාවේ ජෝර්ජ් සහ එඩ්වඩ් විල් දෙක අතර වර්ග කිලෝමීටර් 1978 ක් පමණ භූමි ප්‍රමාණයක, කසින්ගා නදිය වටකරමින් මරගම්බෝ වනාන්තරයේ මෙම වනෝද්‍යානයවන පිහිටා ඇත. මෙය 1952 වර්ෂයේ අරම්භ කර ඇති අතර 1954 දෙවන එලිසබෙත් රැජිණගේ උගන්ඩා සංචාරය අතර තුර ඇයට ගෞරවයක් ලෙස ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානය ලෙස නම් කර ඇත. මෙහි විවිධ සත්ව සහ පැලෑටිය දැකගත හැකි වන අතර අලි ඇතුන්, දිවියන්, සිංහයන් සහ චිම්පන්සින් වැනි බොහෝ සතුන් උගන්ඩා-ටැන්සානියාවේ යුද්ධය අතරතුර දී මිය ගිය බව කනගාටුදායක පුවතකි. දැන් මෙම උද්යානයේ විශේෂ ක්ෂීරපායී සතුන් වර්ග 100 ආසන්නව සහ පක්ෂීන් විශේෂ 600 කට වඩා වැඩි ප්‍රමාණයක් වාසය කරන භූමියක් වේ.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/05/E69T6301-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}