නේපාලයේ කත්මණ්‌ඩු මිටියාවත

අප දුටු නේපාලයේ කත්මණ්‌ඩු මිටියාවත…
හිටං ගේ උපදෙස් මත යමපල්ලෝ සිදුකරන දේශපාලන පලිගැනීම් තවමත් ඉවරයක් නැති නිසා ලංකාවට පැමිණීමට ඇති අවදානම් තත්වය නිසා, පාසල් නිවාඩුවට දරුවන් සමග නේපාලයට යාමට තීරණය කළේය. ඇත්තටම මෙහි පාලකයන් හට වසර දෙක හමාරකට පසුවත් 2015 දී භූමිකම්පාවෙන් විනාශ වූ නේපාලය අවම තත්වයට හෝ ගොඩනැගීමට නොහැකි වී ඇති බව දැකගත හැකිය. එසේ දැකීම ඉතා කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ 2004 වසරේදී සුනාමිය නිසා සිදු වූ විනාශය අපට ඉතා විශාල වූ අතර නැවත රට ගොඩ ගැනීමට එදා මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් කර සේවයය මට මතක් විය. එහෙත් එදා මෙන් අද රටට එඩිතර නායකත්වයක් නොමැතිව මේ හිටං හුටං කැද හැලිය විසින් තව වසර 2-3 ක් මෙසේ අප රට පාලනය කළහොත් නේපාල ජනතාවට සිදුවී ඇති ඉරණම අපට ද අත්විඳීමට ඇති අවදානම ගැන සිතීමට කාලය උදාවී ඇත.!!!
……………………………………………..
රිදීමය උස්‌ කඳු මුදුන් හා දර්ශනීය තැනිතලා බිම් සහිත නේපාලය සුන්දර රටකි. නේපාල වැසියන් සාමකාමීයි. අහිංසකයි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් විස්‌තූරණවලින් තොර චාම් බවින් යුක්‌තයි. අදටත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙරෙහි මෙන්ම සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම කෙරෙහි ලොකු විශ්වාසය ඇති ගම්බද ජනතාව ඉතා දුප්පත්ය. ඔවුන් ගත කරන්නේ ඉතා සාමකාමී ජීවිතයක්‌.
කත්මණ්‌ඩු නගරය හිමාලය මිටියාවතේ පිහිටා ඇති මිලියන 1.4 පමණ ජනතාවක්‌ වාසය කරන අගනුවර වන්නේය. හිමාලය මිටියාවතේත් මේ නගරයේ ඉතිහාසයත් එකිනෙක වෙන් කළ නොහැකි තරමට එකිනෙක හා බැඳී පවතිනවා. මෙය කි. පූ. 167 දක්‌වා ඈතට දිවයනවා. ප්‍රධාන භාෂාව නේපාල වුවත් හුඟක්‌ දෙනාට හින්දි භාෂාව කතා කළ හැකියි. කත්මණ්‌ඩු නගරයට ඒ නම ලැබී ඇත්තේ 1956 දී ලක්‌ෂ්මී නරසිංහ මාල්ලා රජු විසින් ගොඩනඟන ලද අද්විතීය Mavu Sthal නම් විහාර මන්දිරය සෑදීමෙන් පසුවයි. එය එක ලෝහ ඇණයක්‌ හෝ භාවිත නොකොට තනි ගසක දැවයෙන් සාදනු ලැබූ තුන් මහල් ගොඩනැඟිල්ලකි. Dubar ඩර්බ චතුරස්‍රයේ ඉදිකරනු ලැබූ මේ ගොඩනැඟිල්ල නම් කරනු ලැබූයේ Kasthamandap යනුවෙන් Kasth යනු “දැව”ය. Mandap යනු ආරක්‍ෂක ස්‌ථානය යන අරුතයි. පසුව එය කත්මණ්‌ඩු වූ බව ජන විශ්වාසයයි.
පළමු දිනය 04.01.2018 : කත්මණ්‌ඩු ඩර්බ චතුරස්‍රය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2018/12/E69T5895-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}