ඩොලර් මිලියන 300 ක රුසියානු රාජ්‍ය ණයක්

රුසියානු රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණය පහසුකමක්
08 පෙබරවාරි 2010

විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා රුසියානු සමූහාණ්ඩුවේ මුදල් අමාත්‍ය හා රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය අගමැති ඇලෙක්සි කුඩ්රින් මහතා මුදල් අමාත්‍යාංශයෙ දී හමුවිය. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයට රාජ්‍ය ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ රුසියානු සමූහාණ්ඩුවේ රජය අතර ගිවිසුම” අත්සන් කිරීම මෙම රැස්වීමට සමගාමීව පැවැත්විණි. රුසියානු සමූහාණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගත්තේ ය. රෝහිත බෝගොල්ලාගම මහතා ඇලෙක්සි කුඩ්රින් විදේශ අමාත්‍ය තුමාට අපගේ ස්තුතිය පුද කළේ ය. එසේම ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවට ස්තුතිය පුද කළේ ය. ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ව මෙන්ම රටවල් දෙක අතර අත්සන් කරන ලද ප්‍රථම ණය ගිවිසුම බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය. දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඔහු ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ පවතින අවස්ථා පිළිබඳ ව ද සඳහන් කළේ ය. රුසියානු රජය විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණය පහසුකම් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුසියානු සංචාරයේ වැදගත් ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය දිමිත්‍රි පාන්කින් මහතා යන දෙදෙනා ආණ්ඩු දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර ණය ගිවිසුම අත්සන් තැබීය. රුසියානු මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීම සහ අත්සන් කිරීමේ උත්සවය රුසියානු මාධ්‍ය විසින් සහභාගී විය.
මෙම සංචාරයේ දී අත්සන් කරන ලද මාධ්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ මාධ්‍ය සංවිධානය අතර සමීප සහයෝගිතාව ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සංචාරයේ දී ජනාධිපතිතුමා “GAZPROM” ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවිය. Gazprom හි සභාපති ඇලෙක්සි මීලර් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඔහුගේ හඳුන්වා දීමේ කතාවේ දී මිලර් මහතා Gazprom සහ ශ්‍රී ලංකා රජය අතර මෑතකාලීන සංවර්ධන වැඩසටහන පැහැදිලි කළේ ය. ශ්‍රී ලංකාව සිංගප්පූරුව හරහා තෙල් මිලදී ගැනීමට වඩා රුසියාවෙන් ඍජුව තෙල් මිල දී ගැනීමට රටට ඇති වැදගත්කම මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි කළේ ය. එමෙන්ම මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් නිධි කොටස් 08 සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා ගෑස්ප්‍රොම් ආයතනය විසින් සිදු කරනු ලබන මූලික කටයුතු ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. ඒ වගේම එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙම පිළිතුරු කතාවේ දී මීලර් මහතා කඩිනම් කිරීමට එකඟ වූ අතර ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා කණ්ඩායමක් ඉක්මනින් ම ශ්‍රී ලංකාවට එවන බව සදහන් කළේ ය. එමෙන්ම රුසියාවෙන් ඍජු තෙල් මිල දී ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ විය. එසේම නියෝජිත පිරිස Gazprom හි ප්‍රධාන පාලක මැදිරිය වෙත සංචාරයක නිරත විය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2018/10/IMGL3794-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}