මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා

 මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා -නි. කථානායක මැතිසබයට දන්වයි

අජිත් අලහකෝන්,  කුෂාන් සුබසිංහ

විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැනීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෝල්ටාවේ පවත්වන කථානායකවරුන්ගේ සමු`ථවට සහභාගීවීම සඳහා කරු ජයසූරිය මහතා පිටව ගොස් ඇති නිසා කථානායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉහත නිවේදනය සභාවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා ඒ බව කීය.

මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා විසින් ලිපියක් එවා ඇතැයිද ඒ අනූව විපක්‍ෂ නායකවරයා ලෙස රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවද කථානායකවරයා තීරණය කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2018 දෙසැම්බර් මස 18 වෙනි දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන පක්ෂ අතරින් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් පිළිගැනීම චිරාගත පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නා ලදී.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.18 දාතමින් යුත් ලිපිය මගින් තම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය සඳහා යෝජනා කිරීමට තීරණය කළ බවටද කථානායකතුමා වෙත දැනුම් දී ඇත.

කථානායකතුමාගේ ඉහත කී නිවේදනයෙන් අනතුරුව සහ 2018 දෙසැම්බර් මස 19 වෙනි බදාදා ඉලංගෙයි තමිල් අරසු කච්චිහි නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පාර්ලිමේන්තුව තුළ කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය තුළදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගැනීම සම්බන්ධයෙන් මතු කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය මෙම සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සභාව තුළ මතු කරන ලද කරුණුවල සාරාංශගත හරය වූයේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයේද, ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනයන් පදනම් කර ගෙනය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.19 දින දරණ ලිපිය මගින් කථානායකතුමාට දන්වා ඇත්තේ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්ගේ ගැසට් නිවේදනය අනුව තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් (අධිකරණ නියෝග මත ඉවත්වූ මන්ත්‍රීතුමිය හැර) සියලු දෙනාම තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි.

මෙම කරුණ පිළිබඳව ගරු කථානායකතුමා විසින් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, තීරණය කර ඇත්තේ යම් මන්ත්‍රීවරයෙකුගේ අසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව නීතිය ක්‍රීයාත්මක වීම මගින් අහිමිවීම පිළිබඳව හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම, ඉල්ලා අස්වීම පිළිබඳ වන සිද්ධිමය කාරණා හෝ තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානවලට අනුකුලව කථානායකතුමාගේ බලසීමාවට අදාළ කාරණයක් නොවන බවයි. එසේම, කථානායකතුමා අවධාරණය කර සිටින්නේ ඉහත කී කාරණා පිළිබඳව නිශ්චය කිරීමට බලය අධිකරණය සතු කාර්යභාරයක් වන බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම කරුණු සොයා බැලීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් භාර දී ඇත.

එම කරුණ පිළිබඳවද කථානායකතුමා විසින් සලකා බලනු ලදුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී් කණ්ඩායමක් විසින් එහි සුළුතරයක් නියෝජනය කරන කණ්ඩායමක, අභ්‍යන්තර කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එකඟ නොවන සහ පටහැනි වන බවටද දැනුම් දී ඇත.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}