හිටපු ජනාධිපතිගේ උගන්ඩා සංචාරය

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය
අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධන පිළිගෙන ඒ අනුව මැයි 11දා දහවල් 13.50ට අංක EK729 දරන එමිරේට් ගුවන්යානාවෙන් උගන්ඩාවේ අගනුවර වන කම්පාලා නගරයේ ආසන්න එන්ටබේ ජාත්යන්තර ගුවන්තොටුපලට (EBB) ගොඩබැස්සේය. එහිදී උගන්ඩාවේ තොරතුරු හා ජාතික මාර්ගෝපදේශන අමත්‍ය Jim Muhwezi හා ශ්‍රීලංකාට වැඩබලන ඉන්දියාවේ උගන්ඩා තානාපතිනිය H.E Elizabeth Paula Napeyok ඇතුළු උගන්ඩාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී. පසුව පැමිණි සිටි විශේෂ නියෝජිතයන් සමග ප්‍රභූ ශාලාවතුල සිදුකල කෙටි සාකච්ඡාවෙන් පසුව, කිලෝමීටර් 41 නුදුරින් පිහිටි කම්පාලා නගරයේ Munyonyo Commonwealth Resort හොටෙලය බලා පිටත්වීය. සවස 4ට හෝටලයට සම්ප්‍රාප්ත වු රාජපක්ෂ ජනාධිපතිතුමාව ඉතා හරසරව උගන්ඩා ජාතිකයන් විසින් පිළිගෙන ඔහුගේ ප්‍රියතම කාමරය කරා කැදවාගෙන ගියේය. උගන්ඩාවේ ජනාදිපති විසින් ආරාධනා කර තිබු සියලුම රාජ්‍ය නායකයන් සඳහා මෙම හෝටලය සූදානම්ව තිබුණු අතර සංචාරකයෙකු ලෙස එම කාලයේදී එහි ජිවත් වීම නිසා පැමිණි සියලුම රාජ්‍ය නායකයන් දැක ගැනීමට මට අවස්ථාව ලැබුනා. රාජපක්ෂ මැතිතුමා 2013 වර්ෂයේ මැයි මාසයේ 11 වෙනිදා මෙම හෝටලයේ මෙම කාමරයේම ලැගුම් ගැනීම විශේෂක් විය.
මෙම හෝටලය වික්ටෝරියා විලට මුහුණලා තිබුණු අතර ලොව දිගම ගඟ නයිල් නදිය ආරම්භ වන ස්ථානය මෙයට යාබද ඇත. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් හැනින්ග් විසින් 1858 අගෝස්තු මස 3 වනදා සොයා ගත් වික්ටෝරියා විලේ ජලය මෙම ස්ථානයේ සිට නයිල් නදිය නමින් හැඳින්වී කි.මී. 6400ක දුරක් ගෙවා මධ්‍යධරනී මුහුද වෙත ගලා යනවා.
නයිල් නදිය වනාහී විවිධ රටවල් 11ක ජලය බෙදා ගන්නා ලොව දිගම ගංගාවයි. ටැන්සානියාව,උගන්ඩාව, රුවන්ඩාව, බුරුන්ඩි, කොංගෝ, කෙන්යාව, ඉතියෝපියාව, එරිත්‍රියාව, දකුණු සුඩානය, සුඩානය සහ ඊජිප්තුව එම රටවල් වෙනවා. මෙම රටවල් වලින් ඊජිප්තුවේ සහ සුඩානයේ ප්‍රධානම ජලය සැපයීම සිදු වෙන්නේ නයිල් නදිය මගින්.
එමෙන්ම වික්ටෝරියා විලද අප්‍රිකාවේ පිහිටා ඇති විශාලම විල සහ ලොව ස්වාභාවික ජලය පිහිටා ඇති විශාලම විලවල් වලින් එකක් වෙනවා. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 70000ක් පමණ වෙනවා. කි.මී 6400ක් දුර ගෙවා ඊජිප්තුවෙන් මුහුදට වැටෙන මේ මනරම් නදිය අප්‍රිකානු රටවල් බොහොමයකට මෙන්ම මුළු ලොවටම ඉතාම වටිනා ස්වාභාවික සම්පතක් වෙනවා.
මහත්මා ගාන්ධි තුමාගේ අභාවයෙන් පසු එතුමාගේ අළු නයිල් නදියේ පා කර යවා ඇති බව පවසයි. ඒ නිසා මෙම නයිල් නදියේ ආරම්භක ස්ථනයේ මහත්මා ගාන්ධි තුමාගේ පිළිමයක් 1997 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී එවකට හිටපු ඉන්දීය අගමැති ඉන්දර් කුමාර් ගුජ්රල් මැතිතුමා විසින් විවෘත කර තිබෙනවා. දැන් මෙය උගන්ඩාවේ ඉන්දීය බැංකුවක් විසින් නඩත්තු කෙරෙනවා.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}