තායිලන්තයේ වට් පා බාන් තාධ් ආරාමය පැමිණිම

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තය සංචාරය -තුන්වෙනි දිනයේ
අප්‍රේල් 25දා උදේ 7ට, තායි බෞද්ධ ජනයාගේ මහත් ඇදහීමක් ඇති, සොම්කිඅත් චිත්තාමාරෝ රහතන් වහන්සේ බැහැදැකීමට වට් පා බාන් තාධ් ආරාමය පැමිණියේය. මෙම ආරාමයට එදා රාජපක්ෂ මැතිතුමා පරිත්‍යාග කරන ලද, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර වහන්සේ නමස්කාර පූර්වකව වන්දනා කරනලදී. එසේම වැඩ නිමවෙමින් පවතින ධර්ම ශාලාව නිරීක්ෂණය කරනලදී. එදා තායිලන්තයේ ණයබරින් නිදහස් කරගැනීමට ජනතා සහයෝගය ලබාගනිමට මූලිකත්වයෙන් වැඩ කල ආචාර්න් මහා භූවා ස්වාමීන් වහන්සේ වැඩවාසය කල ආරාමයට පැමිණියේය. එදින සවස 4ට උඩන් තානි නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේන් බැංකොක් නගරයට පිටත්වීමට පෙර, රාජපක්ෂ මැතිතුමා, මෙම බෞද්ධ වැඩසටහන ප්‍රධාන සංවිධානයක මිමී මහත්මිය ඇතුළු සියලුම දෙනාටම ස්තුති කරන ලදී.
පසුව බැංකොක් නගරයේ ස්වර්ණභූමි ගුවන්තොටුපලේදී ශේනුකා තානාපතිනිය සහ ලාංකික ප්‍රභූන් පිරිස රාජපක්ෂ මැතිතුමාව පිළිගන්නා ලදී. එදින රාත්‍රීයේදි ලාංකික එකමුතුවෙන් කල ආරාධනය සතුටින් පිළිගත් නායකතුමා මානෙල් ලංකා ආපනශාලාවේදී ලාංකික පිරිස අමතා කෙටි කතාවකින් පසු ලාංකිකයන් සමගින් රාත්‍රී ආහාරය ගත්තේ ඉතා සතුටිණි.
හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තායිලන්තයේ නිල සංචාරය අවසන් කරමින් අප්‍රේල් 26 දින රාත්‍රී 9ට ස්වර්ණභූමි ගුවන්තොටුපලෙන් කොළබ බලා ගුවන්ගතවිය.

තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භුමි බොල් අදුල් යඩේව් රජු එහි 9 වන රජුය. ‍ මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම ‍සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.

මානෙල් ලංකා ආපන ශාලාව

ආසියාවේ වෙළෙඳ රජ දහනක් සේ සැලකෙන වි​ෙදස් සංචාරකයින් ලක්ෂ ගණනින් සැරිසරන තායිලන්තයේ බැංකොක් නුවර සිය වෙළෙඳ ආධිපත්‍ය පතුරුවාගෙන සිටින ශ්‍රී ලාංකීය යුවළකට අයත් මානෙල් ලංකා ආපන ශාලාව පසුගිය සතියේ සිය හත් වැනි සංවත්සරය සැමරුවේය. අතිශය දුෂ්කර කටුක මාවතක් ඔස්සේ ගමන් කොට විදේශීය රටක වෙළෙඳ අගනගරයක හදවත බඳු ස්ථානයක ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවේ මීගමුව කොච්චිකඩේ නිමල් ප්‍රනාන්දු සහ මැෆල්ඩා මානෙල් ප්‍රනාන්දු යුවළ සමත්ව සිටිති. විදෙස් ජාතිකයන් රැසක් ද තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන බැංකොක් අග නගරයේ පටුනාමී නගර කොටසේ ප්‍රධාන වීදියක මානෙල් ලංකා යන සිංහල අකුරු සහ අපේ ජාතික කොඩිය ද සහිතව බහුතරයක් අහසේ ​ෙලළදෙන ආකාරය දුටු විට අපගේ සිතට දැනුණේ වචනයෙන් කිව නොහැකි අපූරු හැඟුමකි. එවැනි බැනරයක් ප්‍රදර්ශණය කරවීමට තරම් නිමල් මානෙල් යුවළ අද වන විට බැංකොක් නුවර ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළක් බවට පත්ව අවසානය. දෙදහස් දහය වසරේ සුලුවට පටන් ගත් මේ ව්‍යාපාරය අද වන විට මුළු ශ්‍රී ලංකාවම පමණක් නොව වෙනත් විදේශීය රටවල සංචාරකයින් පවා දන්නා හඳුනන ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව හමාරය.

ගමේ ගෙදර දී වගේම කෑම කන්න අපේම තැනක් මේ මානෙල් ලංකා ආපන ශාලාවේ පාඨයයි. සංචාරකයින් සේම ව්‍යාපාරික අවස්ථා සඳහා ද බැංකොක් නුවරට පැමිණෙන විදේශීය සංචාරකයින් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ ඔවුන්ට ගැළපෙන ආහාර පාන සොයා ගැනීමය. මීට හේතුව තායි ආහාරපාන හුරු වී​ෙමන් මිසක ඒවා එකවර ආහාරයට ගත ​ෙනහැකි රසයකින් යුක්ත වීමය.එහෙත් තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට නම් මේ ආහාර පාන ප්‍රශ්නය ගැටලුවක් නොවන්නේ මානෙල් ලංකා ශ්‍රී ලාංකිය ආපන ශාලාව නිසාමය. බැංකොක් අග නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස සැලකෙන පටුනාමී රාජපන්රාජසොයි හතර වැනි වීදියේ අංක 447/61 දරන ස්ථානයේ සිවු මහල් ​ෙගඩනැගිල්ලක පිහිටි මෙම හෝටලයේ විශේෂත්වය වන්නේ බැංකොක් නගරයේ පිහිටි ලොව ප්‍රසිද්ධ සියලුම ප්‍රධාන පෙළේ සාප්පු සංකීර්ණ වලට හා හෝටල් වලට ඉතා සමීපව පිහිටා තිබීමය.තායිලන්තයට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයෝ ජාති ආගම් භේද වලින් තොරව හමු වී කතා බස් කරමින් ශ්‍රී ලාංකීය ආහාර වේලක රස බලන ස්ථානයක් බැවින් තායිලන්තයේ ශ්‍රී ලාංකීය මධ්‍යස්ථානයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වුව හොත් එය නිවැරදිය.විදේශීය රටක සුවිසල් අග නගරයකට මෙවැනි ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කරුණක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි පුංචි රටක සිට පැමිණි විදේශිකයකුට එවැනි දෙයක් කළ නොහැකි තරම්ය. එ් අනුව මානෙල් ලංකා ආපන ශාලාව පසු පස තිබෙන්නේ දිරියෙන් ජීවිතය ජයගත් ශ්‍රී ලාංකිය යුවළකගේ ආදර්ශමත් කතා පුවතකි. අනාගත දිවිය සරු කර ගැනීම සඳහා මවු බිමේ තමන් සතු සියලු දේපළ විකුණා දමා යුරෝපීය රටකට යාමේ අරමුණින් තායිලන්තයට දරු දෙදෙනා ද සමග පැමිණි නිමල් මානෙල් යුවළට සිදු වූයේ බැං​ෙකක් නුවර අතරමං වීමටය. ඒ ඔවුන්ව රැගෙන ආ රැකියා ඒජන්සිකරුවා ඔවුන් අත හැර දමා තායිලන්තයෙන් පැන යාම නිසාය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/04/E69T4305-1920X864px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}