ඔබ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ විශ්වාසය හා ආදරය දිනාගත් නායකයකයෙක්….

සිව් දින සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ෆයිසාල් පල්ලිය මුස්ලිම් පූජකවරුන්ගේ විශේෂ ආරාධනාවක් මත ජූනි 21දා පස්වරුවේ පකිස්ථානයේ ජාතික මුස්ලිම් පල්ලිය ලෙස පිළිගන්නා ෆයිසාල් මුස්ලිම් පල්ලියට පැමිණියේය. එහිදී ෆයිසාල් මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන ආගමික විශාරදයෙක් වන නසීර් මුස්ලිම් පුජකතුමා විසින් මහින්ද ජනධිපතිතුමා පිළිගත් අතර එහි සිටි අනිකුත් මුස්ලිම් පුජකතුමාලා හදුන්වා දෙමින් ෆයිසාල් පල්ලිය පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කිරීමක්ද සිදුවිය. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ සිදූවන ආගමික මත ගැටීම පිළිබඳව අපටත් අවබෝධයක් ඇතැයි පැවසූ නසීර් පුජකතුමා, ඉදිරියටත් ඔබ ලාංකික මුස්ලිම් ජනතාවගේ විශ්වාස හා ආදරය දිනාගන්නා එකම නායකයා බවට තමා විශ්වාස කරන බව ද පැවසීය. අද අපි ඔබව පිළිගත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ලෙස නොව ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ විශ්වාසය හා ආදරය දිනාගත් නායකයකු ලෙස බව පුජකතුමා අවධාරණය කළේය.
පාකිස්ථානය ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන නිර්ලෝභිත්වය හා හොඳ හිත අපගේ ජනතාව ඉහළින්ම අගය කරන බව පැවසූ රාජපක්‍ෂ මැතිතුමා, පාකිස්ථානයේ මුස්ලිම් බැතිමතුන් හා ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා මෙම සංචාරයේන් ද බලාපොරොත්තු වන බව ද පැවසීය. එහි පැමිණි සිටි පාකිස්ථා ජාතිකයන් අප ජනධිපතිතුමා සමග ජයාරූප ගැනීමට විශේෂ උද්යෝගයක් දැක්වූයේය.
ඉස්ලාමාබාදය පාකිස්ථානයේ අගනුවර වන අතර ජනගහනය අතින් එරට දහවැනියට විශාලතම නගරයයි. මෙය උතුරු පාකිස්ථානයේ පෝතොහාර් සානුව තුළ පිහිටා ඇත. ඉස්ලාමාබාද් නගරය නිර්මාණය කෙරුණේ 1960 දී වන අතර එතෙක් අගනුවර ලෙස පැවති කරච්චිය යි. හරිත නගරය යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉස්ලාමාබාදය ඉතාම සැලසුම් සහගත ආකාරයට ගොඩනගන ලද්දකි. සමීක්ෂණවලට අනුව පාකිස්ථානයේ පිරිසිදුම නගරය ඉස්ලාමාබාද් වෙයි. විවිධ කලාප සහ අංශවලට බෙදා මෙම නගරය සැලසුම් කර ඇත. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් පල්ලිය සහ ලොව හයවැනියට විශාලතම මුස්ලිම් පල්ලිය වන ෆයිසාල් පල්ලිය පිහිටා ඇත්තේ ද ඉස්ලාමාබාදයෙහිය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2017/06/E69T0878-1920X868.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}