පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරය

තක්ෂිලා කෞතුකාගාරයේ වැඩවසනා දළදා වහන්සේ වැඳනමස්කාර කරන ලදී..
පලදායී පාකිස්ථාන සංචාරයේ අවසන් දිනය වූ 2017 ජූනි 22දා සවස්වරුවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස ඉස්ලමාබාත් අගනුවර සිට කිලෝමීටර් 40ක් වයඹ ප්‍රදේශයේ පිහිටා ඇති තක්ෂලා නුවරට පැමිණියේය. එදින මහින්ද ජනාධිපති ඉතා කාර්යබහුල දිනයක් වුවත් තක්ෂලා නුවර පිහිටි තක්ෂිලා කෞතුකාගාරයේ වැඩවසනා දළදා වහන්සේ වැඳනමස්කාර කිරීමට අමතක නොකළේය. ඇත්ත වශයෙන්ම එදා මා, ජීවිතයේ පළමු වතාවට රත්‍රන් ආවරණය ඉවත් කිරීමෙන් පසු කිසිදු ආවරණයක් නොමැතිව දළදා වහන්සේ දෑසින් දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබුණු තවත් එක් වාසනාවන්තයෙක් විය…. 
පකිස්ථානය ජනාධිපති 1963 වර්ෂයේ ලංකාවේ සිදුකල රාජ්‍ය සංචාරය අතරතුර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ත්‍යාග කර, 1964 වර්ෂයේදී එම භූමියේ ආරෝපණය කරන ලද අනුරාධපුර ශ්‍රී මහාබෝධින් වහන්සේගේ අංකුරය වැඳපුදාගන්නා ලදී. 
ඉන්පසු වෙහෙස මහන්සිය නොතකා, අපුරුව නිර්මාණය කර ඇති පඩිපෙළ දිගේ ඉහළට නැග, මුහුදු මට්ටමින් මීටර් 550 උස භූමියක පිහිටා ඇති ධර්මරාජික වෙහෙරය හා ඒ අවට ඇති නටබුන් නරඹන්න එතුමා ඉතා උනන්දුවක් දක්වන ලදී. 
____________________________________________________
සම්මා සම්බුදු රජාණන් වහන්සේ අදට වසර 2600 කට පෙර සම්බුද්ධත්වයට පත්ව සතළිස් පස් වර්ෂයක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ සුවාසුදහසක් ධර්මස්ඛන්ධයෙන් ස්පර්ශය ලැබූ සම සතළිස් දළදා වහන්සේලා අතරින් දළදා වහන්සේලා සිව් නමක් ද ලලාඨ ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම යන සත් නම හැර සෙසු සියලුම ධාතුන් වහන්සේලා මුං පියල් අබ පියල් ප්‍රමාණයට කැඩී සෑයෙහි ඉතිරි වූ බව මහාපරිනිබ්බාණ ආදී සූත්‍රයන්හි මැනවින් පැහැදිලි වේ.
එසේ ඉතිරි වු ධාතුන් වහන්සේලා නැලි 16ක් බව ධාතුවංශය කියයි. ප්‍රධාන ධාතුන් වහන්සේලා සත් නම අතුරෙන් අකු ධාතුන් වහන්සේ නමක් අනුරාධපුරයෙහි ඉදිකරන ලද ථූපාරාම දාගැබෙහි ද, ලලාඨධාතුන් වහන්සේ සේරුවිල දාගැබෙහි ද, තවත් අකු ධාතුන් වහන්සේ නමක් හෙවත් ග්‍රීවා ධාතුන් වහන්සේ මහියංගන දාගැබෙහි ද නිදන් කොට ඇති අතර සතර දළදා වහන්සේගෙන් එක් දළදා වහන්සේ නමක් ද්‍රෝණ බමුණු තම හිස්වැසුමෙහි සඟවාගත් මොහොතේ සක්දෙව් රජ එය රැගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි තබා වැදුම් කරන බවත්, දකුණු දළදා වහන්සේ නාගපුරයෙහි හෙවත් නාග්පූර්හි දාගැබක තිබී මිහිඳු මහහරහතන් වහන්සේගේ මිත්‍රත්වය නිසා ලක්දිවට ලැබි සෝමවතී දේවිය හා ගිරි අභා කුමරු විසින් මණි අගිය හෙවත් පොළොන්නරුවේ සෝමවතී දාගැබ තුළ නිදන් කොට ඇති බව ධාතුවංශය, ජිනකාලමාලි ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ.
තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර රටේ හෙවත් වර්තමාන පකිස්ථානයේ කෞතුකාගාරයක එම රජය මගින් සුරක්ෂිතව තිබී ඇතත් නිසි පුද පූජාවන්ගෙන් තොරව වැඩ වසන බව සඳහන් වන අතර ඛේම මහ රහතන් වහන්සේ ළඟ වැඩ විසූ වාම ශ්‍රී දළදා වහ්නසේ කලිඟු රජුගේ පටන් අද දක්වාම මහ රජවරුන් ඇතුළු සකල ලෝකයාටම සියැසින් බලබලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැදුම් පිදුම් සත්කාර සම්මාන කිරීමට ලැබී ඇති අතර දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපමණ පුද පෙරහර මධ්‍යයේ වැඩ වෙසෙති.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2017/06/E69T2008-1920X864px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}