ජනාධිපති පකිස්ථාන සංචාරය 7

මහින්ද ජනපති පාකිස්ථානු විදේශ කටයුතු අමත්‍යාංශයේ විශ්වාසයට පාත්‍ර වූ නායකයෙක්…..
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාකිස්ථාන සංචාරයේ අවසන් දිනයේ (22) මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස විදේශ කටයුතු අමාත්‍ය වෙනුවෙන් විදේශ කටයුතු ලේකම් තහ්මිනා ජංජුවා (Tehmina Janjua ) මහත්මිය විසින් ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ දී විශේෂා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. පාකිස්ථාන විදේශ කටයුතු අමත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ හිටපු පාකිස්ථාන මහකොමසාරිස්වරුන්, ඉහළ හමුදා නිලධාරීන් ඇතුළු ප්‍රභූන් මෙම බෝජන සංග්‍රහයට සහභාගී විය.
මහින්ද රාජපක්ෂ ජනපති පාකිස්ථානු විදේශ කටයුතු අමත්‍යාංශයේ විශ්වාසයට පාත්‍ර වූ නායකයෙක් බව ජංජුවා මහත්මිය අවධාරණය කළේය. තමා ජිනීවා නුවර පාකිස්ථාන තානාපති ලෙස කටයුතු කරන අවදියේ දී ලංකා රජයට මානව හිමිකම් කොමිෂන් සභාව තුළ ඇතිවන ප්‍රශ්නවලට ශ්‍රී ලංකා තානාපති සමග ඉතා ලගින්ම කටයුතු වැඩ කර බව මෙහිදී මතක් කරන ලදී. මිට අමතරව, පාකිස්ථානු විදේශ ලේකම් ටෙමිනා ජනුජා මැතිනිය සමග මිත්‍රශීලී සාකච්ඡාවන්ට පිවිසි මහින්ද රාජපක්ෂ මැතිතුමා තක්සලා නුවර ෙබෟද්ධ ෙකෟතුකාගාර නරඹා ෙඐරාන්තික ස්ථුපය වැදපුදා ගත්තේය. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා වඩාත් ආරක්‍ෂිතව අයිතිහාසික ධර්මරාජිත ෛචතය භූමියේ තැන්පත් කරණ ලෙස පාකිස්ථානු රජයෙන් කාරුණික ඉල්ලීමක් ද කිරීමට මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමා අමතක නොකළේය.
දකුණු ආසියාවේ වැඩිම කාලයක් හමුදා යකඩ සපත්තුවට පැගී ජීවත්වීමට සිදු වු රට පකිස්ථානය යි. ඉන්දියාවෙන් වෙන් කරන ලද පකිස්ථානය ද ඉන්දියාව මෙන්ම 1947 දී නිදහස ලැබුවේ ය. ඉන් අනතුරුව 1958 – 1971, 1977- 1988, සහ 1999- 2007 යන කාල වකවානු තුන පිළිවෙළින් හමුදාපතිවරුන් වූ යහියා කාන්, සියා උල් හක් සහ පර්වේස් මුෂ්රප් විසින් පාලනය කරන ලද්දේ ය. එම කාල පර්ච්ජේදයන් තුළ දී වරින් වර එරට ව්‍යවස්ථාව වෙනස් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ බලතල විධායක ජනාධිපතිවරුන් බවට පත් හමුදා නායකයින්ට ලැබෙන පරිදි ය.
මෙම භෝජන සංග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}