ජනාධිපති පකිස්ථාන සංචාරය 6

කලාපීය ත‍්‍රස්තවාදය පරාජය කිරිමට මහින්ද ජනාධිපතිගේ අත්දැකීම් ඉතා වැදගත්….
සිව් දින පාකිස්ථාන සංචාරයේ හතරවන දිනයේ (22) මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස අද පෙරවරුවේ, පාකිස්ථානු අභ්‍යන්තර කටයුතු අමත්‍ය චෞදරි නිසාර් අලි ඛාන් (Chaudhry Nisar Ali Khan) මැතිතුමා සමග මිත්‍රශීලී සාකච්ඡාවන්ට පිවිසි රාජපක්ෂ මැතිතුමා මෙවර තම සංචාරයේදී ලැබෙන ඉහළ ආගන්තුක සත්කාරක ගැන තම අවංක ස්තුතිය පළමුව පුදකරන ලදී.
ශ්‍රී ලාංකීය ජනතාව ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වයෙන් ඔබ රජය සිදුකළ කැපවීම විශේෂ ඇගයීමට ලක් කල පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා, කලාපීය ත‍්‍රස්තවාදය පරාජය කිරිමට ශ්‍රී ලංකාවේ අත්දැකීම් මෙන්ම සේනාධිනායකයා ලෙස ඔබගේ අත්දැකීම් අපට ඉතා වැදගත් බව විශේෂයෙන් අවධාරණය කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත පරපුර මත් ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීමට එදා ඔබ රජය ක්‍රියාත්මක කල මතට තිත වැඩපිළිවෙල පිළිබඳව ද විශේෂ ප‍්‍රසාදය පළ කර සිටි චෞදරි අලිඛාන් මැතිතුමා, කලාපීය වශයෙන්ම මත් උවදුර පරාජය කිරීමට කලාපයේ සියලූ දෙනා එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}