ජනාධිපති පකිස්ථාන සංචාරය 5

මහින්ද රාජපක්ෂ පාකිස්ථානු ජනතාවගේ හදවතින්ම පිළිගැනීමකට පාත්‍ර වූ නායකයෙක්…..
පලදායී පාකිස්ථාන සංචාරයේ අවසන් දිනය වූ 22 දා පෙරවරු 9ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස විදේශ කටයුතු අමාත්‍ය සර්ටාජ් අසිස් ( Sartaj Aziz) මැතිතුමා මුණ ගැසීම අගනුවර ඉස්ලමාබාත් විදේශ අමාත්‍යාංශයෙදී සිදුවීම විය.
මහින්ද ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවන මෙම කාලයේදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා පාකිස්ථානයේ රාජ්‍යයෙන් බැහැර සිටීම කනගාටුදායක වුවත්, අද දින ඔබ පාකිස්ථානය ජනාධිපති සමග පැවැත්වීමට බලාපොරොත්තු වන හමුව ඉතා පලදායී හමුවක් වනවා නියත බව පාකිස්ථාන අගමැතිවරයාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක සර්ටාජ් මැතිතුමා පවසමින් මෙම සුහද සාකච්ඡාව ආරම්භ විය.
ශ්‍රී ලංකාව පාකිස්ථානය කෙරෙහි දක්වන සහයෝගය පිළිබඳව සර්ටාජ් මහතාට පැහැදිලි කළ මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතාවන් පිළිබඳ තම හැඟීම් සම්බන්ධයෙන් ද විස්තර කළේය. “ශ්‍රී ලංකා ජනතාව හා එදා ඔබ ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය අපිට සැමවිටම සහාය දැක්වූවා”, අමාත්‍ය සර්ටාජ් මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ පාකිස්ථානු ජනතාවගේ හදවතින්ම පිළිගැනීමකට පාත්‍ර වූ නායකයෙක් බව සර්ටාජ් මහතා අවධාරණය කළේය.
පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර සබදතා හා ක්‍රමෝපායයන් අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානය අතර හුවමාරු හා සහයෝගිතා අධ්‍යයන ගිවිසුමට ශ්‍රි ලංකා සහ පාකිස්ථානය අතර පසුගිය කාලයේදී අත්සන් තැබූ බව ඇමතිතුමා දන්වා සිටියේය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}