66 වන නිදහස් දින සැමරුම

66th Independence Day Celebration
04th February 2014

The Official ceremony of the 66th Independence Day of Sri Lanka took place at the Embassy premises on 4th February 2014. Commencing the event His Excellency Udayanga Weeratunga hoisted the National Flag of Sri Lanka and National Anthem was sung by Participants of the event. Two minutes silence was observed in honor of the war heroes who sacrificed their lives and limbs to protect and safeguard the sovereignty and territorial integrity of the motherland.
The religious ceremony commenced by offering flowers to the Samadhi Statue at the Embassy premises. Subsequent to the religious ceremony, His Excellency the Ambassador read out the Independence Day Message of His Excellency Mahinda Rajapaksa and was followed by the Independence Day Messages of Honourable Prime Minister and Honourable Minister of Foreign Affairs by the Deputy Chief of Mission, Major General Nandana Udawaththa and Mr. Samantha Pathirana-HOC. Speaking on the occasion H.E. the Ambassador mentioned the significance of the event and highlighted the key aspects of the message of H.E. the President. He urged the Embassy to work together for the prosperity of Sri Lanka in line with the new government policy. The celebration concluded with a special meal which had been organized by Mrs. Uma Weeratunga and the staff of the Embassy. The participants of the event enjoyed a traditional Sri Lankan meal of Milk Rice, Kokis, Weli Thalapa etc.

Related Images:

ඉන්දියානු තානාපති සුහද හමුව

රුසියාවට අලුතින් පත්වු ඉන්දියානු ජනරජයේ තානාපති සමග සුහද හමුවක්
29 ජනවාරි, 2014

Ambassador of Sri Lanka to the Russian Federation His Excellency Udayanga Weeratunga hosted His Excellency P.S. Raghavan, the newly appointed Ambassador of the Republic of India to the Russian Federation on 29 January 2014. The friendly meeting took place at the residence of the Ambassador of Sri Lanka and Ambassador Raghavan and Ambassador Weeratunga shared pleasantries on the past carriers and the diplomatic relations between the two countries. Ambassador Weeratunga said that the Embassy of India in Russia always had very close relations with the Embassy of Sri Lanka and further that he is certain that the relations will continue to grow.
His Excellency P.S. Rahgavan said that he is looking forward to work in cooperation with the Embassy of Sri Lanka in the Russian Federation. Ambassador P.S. Raghavan presented his credentials as Ambassador of India to the Russian Federation, to the President of the Russian Federation H.E. Mr. Vladimir Putin, on January 16, 2014. Born in 1955, Ambassador Raghavan took a BSc. (Honors) degree in Physics from St. Stephen’s College, Delhi University in 1975 and a B.E. degree in Electronics & Communications Engineering from the Indian Institute of Science, Bangalore in 1978. He joined the Indian Foreign Service in 1979.
Between 1979 and 1994, he held a number of diplomatic positions in the Indian Missions in Moscow [then USSR], Warsaw [Poland] and London [United Kingdom], interspersed with tenures in the Ministry of External Affairs of the Government of India. In 1994, he was appointed Consul General of India in Vietnam and in 1997, Deputy High Commissioner of India to South Africa in Pretoria.
From 2000 to 2004, Ambassador Raghavan was Joint Secretary in the Prime Minister’s Office in New Delhi, dealing with Foreign Affairs, Atomic Energy, Space, Defense and National Security. He was Ambassador of India to the Czech Republic (2004 – 2007) and Ambassador of India to Ireland (2007 – 2011). In January 2012, he was appointed to head the newly-created Development Partnership Administration in the Ministry of External Affairs, which is charged with the task of ensuring the efficient implementation of India’s economic partnership programs in developing countries.

Related Images:

මානව හිමිකම් කොමසාරිස් හමුව

තානාපති වීරතුංග, රුසියානු මානව හිමිකම් කොමසාරිස් කොන්ස්තන්තින් දල්ගොෆ් හමුව
29 ජනවාරි, 2014
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා රුසියානු විදේශ අමාත්‍යංශයේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය පිලිබඳ කොමසාරිස් කොන්ස්තන්තින් දල්ගොෆ් මහතා තානාපති නිල නිවසේදී හමුවිය. වසර 2011 අප්‍රේල් මස අලුතෙන් පිහිටවූ මෙම තනතුරට පත් කරන විට නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රුසියානු නිත්‍ය නියෝජිත ලෙස සේවය කරමින් සිටි දල්ගොෆ් මහතා පළපුරුදු ජ්‍යෙෂ්ට තානාපති නිලධාරියෙකි. මෙම නව තනතුර රුසියානු ජනාධිපති පුටින් මැතිතුමා විසින් ඇති කරන ලද්දේ මානව හිමිකම් වල විශ්ව භාවයත් සියලු රටවලට එකසේ සැලකීමත් එය දේශපාලන අවියක් සේ භාවිතා නොකිරීමත් රැකෙන පරිදි ලොව පුරා මානව හිමිකම් රැකීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීමේ අදිටනිනි. දල්ගොෆ් මහතා 2012 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේද සංචාරය කළ අතර ත්‍රස්තවාදී යුද්ධය නිම වීමෙන් පසු ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රගතිය පිලිබඳ මනා අවබෝධයක් ඇත්තෙකි. මේ හමුවේදී දල්ගොෆ් මහතා ඔහුගේ සහභාගිත්වයෙන් මෑතදී මානව හිමිකම් ක්ෂේත්‍රයේ සිදු කෙරුණු කටයුතු පිළිබඳව විස්තර කළේය.
ඔහුගේ සහභාගිත්වයෙන් සිදු කෙරුනු වැදගත් කටයුත්තක් වන්නේ යුරෝපා සංගමයට අයත් රටවල් 28හි වසර 2013 මානව හිමිකම් තත්වය ගැන විමර්ශනය කෙරෙන වාර්තාව නිකුත් කිරීමයි. පසුගිය ජනවාරි 14 දින නිකුත් කෙරුණු පිටු 153කින් යුත් මෙම වාර්තාව යුරෝපා සංගමයේ රටවලට පොදු මානව හිමිකම් තත්ත්වයට අමතරව සංගමයේ සාමාජික රටවල් 28හිම වසර 2013 දී මානව හිමිකම් තත්ත්වය හා මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ තොරතුරු වෙන වෙනම සවිස්තරව දක්වා ඇත. වෙනත් රටවල මානව හිමිකම් විමර්ශනය කෙරෙන වාර්තා එලි දැක්වීම රුසියාව විසින් අරඹන ලද්දේ වසර 2011 දෙසැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් තත්වය ගැන වාර්තාවක් නිකුත් කිරීමෙනි. වසර 2012 ඔක්තෝබර් මස නැවත ඇමරිකාවේ මානව හිමිකම් තත්වය ගැන නව වාර්තාවක්ද 2012 දෙසැම්බර් මස යුරෝපා සංගමයේ මානව හිමිකම් වාර්තාවක්ද එලි දක්වන ලදී.
දල්ගොෆ් මහතා මෑතක සහභාගි වූ අනික් කටයුතු අතර ඔහුගේ නායකත්වයෙන් යුත් රුසියානු දුත පිරිසක් ගුවන්තනාමෝ සිර කඳවුරේ සංචාරය කිරීම වැදගත් වේ. ඇමරිකාව විසින් පවත්වාගෙන යන මෙම කඳවුරෙහි විවිධ ජාතීන්ට අයත් සිර කරුවන් ත්‍රස්තවාදයට උදවු කිරීමේ චෝදනාව යටතේ අවුරුදු ගණනක් තිස්සේ රඳවා ගනු ලැබ සිටිති. රුසියානු දුත පිරිසේ ප්‍රධාන අරමුණ වුයේ මොවුන් අතරේ වසර 12ක් තිස්සේ කිසිම චෝදනාවක් හෝ නිසි අධිකරණ ක්‍රියාදාමයක් අනුගමනය නොකර රඳවා ගෙන සිටින රුසියානු ජාතිකයෙක් යැයි සැක කෙරෙන පුද්ගලයෙක් මුණ ගැසී ඔහු රුසියානුවෙක් නම් නිදහස් කර ගැනීමට කටයුතු කිරීමයි. මොවුන් සිරකරුවන් නොව රැඳවියන් ලෙස සැලකිය යුතු වුවද ඇමෙරිකානු බලධාරීන් ඔවුන්ට සලකන්නේ නීතියෙන් වරද කරුවන් වූ සිර කරුවන් ලෙසට බවද රුසියානු ජාතිකයකු යැයි සැක කෙරෙන රැඳවියා දුත පිරිස මුණ ගැසීමට ගෙන ආවේත් අත්වල මාංචුත් දෙපා වල දම්වැලුත් සහිතව බව දල්ගොෆ් මහතා කියා සිටියේය. එසේම එම පුද්ගලයා හා රුසියානු දුත පිරිස අතරේ සිදු කෙරුණු කතා බහ ඇමරිකන් බලධාරීන් පටිගත කල බවත් දෙපිරිස අතර කතාබහ ක්ෂණිකව රුසියානු බසෙන් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර එයට සවන් දුන් බව ඇමරිකන් බලධාරීන් සඳහන් කළ බවත් දල්ගොෆ් මහතා කියා සිටියේය.
ලෝකයේ අනිකුත් රටවල, විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල මානව හිමිකම් තත්ත්වය නිරතුරුව විවේචනය කරන සහ එම රටවල් විසින් මානව හිමිකම් සුරැකීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැන උපදෙස් දෙන බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරය ගැන විමර්ශනය කෙරෙන මේ වාර්තාවන්ට අනුව මුළු ලෝකයේම මානව හිමිකම් සුරකීමේ පුරෝගාමීන් ලෙස පෙනී සිටින මේ රටවල්, අනුන් හට ඔවා දෙන්නේ තමන් සම්මතෙහි පිහිටා නැතිව බව පැහැදිලි වේ.
යුරෝපා සංගමයේ වසර 2013 මානව හිමිකම් තත්වය ගැන රුසියාව නිකුත් කර ඇති වාර්තාවට අනුව යුරෝපා සංගමයේ සාමාජික රටවල ඇති ප්‍රධාන මානව හිමිකම් ප්‍රශ්න අතර ජාතිවාදය, නව නාසි වාදය, වර්ගවාදය, සුළු ජාතීන්ගේ හා සංක්‍රමණිකයන්ගේ අයිතීන් දරුණු ලෙස උල්ලංඝනය වීම, ළමා අයිතීන් නිසි ලෙස ලබා නොදීම, ලිංග භේදය මත සිදුවන අසමානතා, පොලිසිය විසින් බලතල ඉක්මවා ක්‍රියා කිරීම, රැඳවියන්ගේ හා ආදී වාසින්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම්, බන්ධනාගාර වල තදබදය, වෙනත් ආගම් හා ජන වර්ග නොඉවසීම ආදිය දක්වා ඇත. එසේම එම රටවල පුද්ගලිකත්වයට ඇති අයිතිය හා භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය වීම අවධානයට ලක්විය යුතු කරුණක් බව වාර්තාව පෙන්වා දෙයි. යුරෝපා සංගමයේ රටවල් වෙන් වෙන් වශයෙන් හෝ සංගමයේ මට්ටමෙන් සිය පුර වැසියන්ට රැකියා අවස්ථාවන්හි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමාන අවස්ථා උදා කර දී නැත. යුරෝපා සංගම් රටවල් බොහොමයක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥාප්ති යටතේ ඔවුන්ට පැවරී ඇති වගකීම් ඉටුකිරීමට මැලි කමක් දක්වන බවද ඇතැම් වගකීම් ඔවුන් භාරගෙන ඇත්තේද වගකීම් නිශේධනය වන ආවරණ යටතේ බවද මේ වාර්තාවේ සඳහන් වෙයි.
වෙනත් රටවල විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආකෘති ලෙස පෙනී සිටින රටවල මානව හිමිකම් තත්ත්වය ගැන රුසියාව විසින් අවධානය යොමු කරන්නේ ඇයි යන පැනයට පිළිතුරු දෙන දල්ගොෆ් මහතා මානව හිමිකම් මුරදේවතාවන් ලෙස මෙම රටවල් ලෝකට පෙන්වා සිටින ප්‍රතිරූපයට වෙනස්ව එම රටවල දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන බව පවසයි. මානව හිමිකම් වල විශ්වීය භාවය අප පිළිගන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාවේ සියලු රටවල් වෙනසක් නොමැතිව මානව හිමිකම් රැකීම සිදු කළ යුතු බවත් මෙම වාර්තා නිකුත් කිරීම මගින් රුසියාව බලාපොරොත්තු වන්නේ අදාළ රටවල අවධානය ඒ ගැන යොමු කිරීමට බවත් හෙතෙම සඳහන් කළේය.
යුරෝපා සංගමය මුළු ලෝකයේම මානව හිමිකම් සුරකීමේ ප්‍රධාන නියමුවා ලෙස පෙනී සිටින නමුත් මෙම ක්ෂේත්‍රයේ ඔවුන්ගේ නෛතික ක්‍රියාකාරකම් එම භූමිකාව හා නොසැසඳෙයි. යුරෝපා සංගමය පිහිටුවීමේ ගිවිසුමේ 7 වන වගන්තිය අනුව සංගමය ගොඩ නැගී ඇත්තේ මානව අභිමානය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් ගරුකිරීම මතයි. ඉහත වගන්තියට අනුව සාමාජික රටක් විසින් මෙම කරුණු උල්ලංඝනය කිරීම එම රටෙහි යුරෝපා සංගම් සාමාජිකත්වයේ යම් අයිතීන් අත්හිටුවීමට හේතුවක් වුවද, යුරෝපා සංගමයේ ආයතන එම වගන්තිය ක්‍රියාවට නැංවීමට මැලි කමක් දක්වන බවද එහි ප්‍රතිපලයක් ලෙස මානව හිමිකම් වටිනාකම් රැකීම පිලිබඳ යුරෝපා සංගමයේ ප්‍රතිඥාවන් කඩදාසියට පමණක් සීමා වී ඇති බවද වාර්තාව කියා සිටී. මේ වාර්තාවට අනුව යුරෝපා සංගමයේ මානව හිමිකම් පිලිබඳ රාජතාන්ත්‍රික කටයුතු හැම විටම එක දිශාවකට පමණක් ගමන් කරන ප්‍රවාහයක් වී ඇති අතර එම දිශාව හැම විටම යොමු වී ඇත්තේ සාමාජික රටවලින් පිටතටය.
මානව හිමිකම් කඩ කරන යුරෝපා සංගමයේ සාමාජික රටවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සංගමයට නිසි ක්‍රමවේදයක් නැත. මේ කරුණ සම්බන්ධයෙන් 2013 මාර්තු 6 දින ජර්මන්, නෙදර්ලන්ත, ඩෙන්මාර්ක් හා ෆින්ලන්ත විදේශ ඇමතිවරු යුරෝපා සංගමයේ සභාපති වරයාට ලිපියක් යවමින් සංගමයේ සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය පාලනය කිරීම සඳහා නිරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලමින් යුරෝපීය කොමිසමට මේ සඳහා බලය දෙන ලෙස යෝජනා කළහ. එහෙත් මේ යෝජනාවට සාමාජික රටවලින් ලැබුණු ප්‍රතිචාරය ඇල් මැරුණු එකක් විය.

Related Images:

අවබෝධතා ගිවිසුම බලශක්ති එකමුතුව

බලශක්ති එකමුතුව අවබෝධතා ගිවිසුම තානාපති විසින් අත්සන් කිරීම
24 ජනවාරි, 2014

H E Udayanga Weeratunga, Ambassador of Sri Lanka to the Russian Federation signed on 24 January 2014 the Shanghai Cooperation Organization’s Memorandum of Understanding creating Energy Club, on behalf of the Government of Sri Lanka. The Energy Club is an open multilateral platform for development and expansion of co-operation in energy area within and beyond the Shanghai Cooperation Organization. The Shanghai Cooperation Organization (SCO) is a intergovernmental international organization creation of which was proclaimed on 15 June 2001 in Shanghai (China) by the Republic of Kazakhstan, the People’s Republic of China, the Kyrgyz Republic, the Russian Federation, the Republic of Tajikistan and the Republic of Uzbekistan.
The main goals of the SCO are strengthening mutual confidence and good-neighborly relations among the member countries; promoting effective cooperation in politics, trade and economy, science and technology, culture as well as education, energy, transportation, tourism, environmental protection and other fields; making joint efforts to maintain and ensure peace, security and stability in the region, moving towards the establishment of a new, democratic, just and rational political and economic international order. Sri Lanka is a dialogue partner of the SCO.
The Presidency of the Energy Club rotates between the members of the SCO and Republic of Kazakhstan is its President for the year 2014. Mr Talyad Aliev, Deputy Director of the International Cooperation Department of the Ministry of Energy of the Russian Federation was present at the signing of the Memorandum of Understanding

Related Images:

ශ‍්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

ශ‍්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අගමැති මෙන්ම ඩුබායි හි පාලකයා වන ෂේක් මොහොමඞ් බින් රාෂිඞ් අල් මක්ටුම් මැතිතුමා සමග 2014 ජනවාරි 21 දා සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡුාවේ දී ෂේක් මොහොමඞ් මැතිතුමා ශ‍්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහයෝගය සහතික කළේය. ඩුබායි හි දී පැවති සුහදශීලී හා මිතුරු සාකච්ඡුාවේ දී ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා එහි යථා ස්වරූපය පිළිබඳව තමාට මනා වැටහීමක් ඇති බව ෂේක්තුමා ජනාධිපතිතුමාට පැවසීය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ ශ‍්‍රී ලංකාව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කරන ආයෝජන වැඩි කිරීමට ෂේක් මොහොමඞ් මැතිතුමා කැමැත්ත පළ කළේය. ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාගේ ශූර නායකත්වය පිළිබඳව ප‍්‍රශංසා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැතිතුමා, වසර ගණනාවකට පසු සාමය නැවත ළඟා වීම පිළිබඳ ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා යහපත් වාතාවරණයක් ගොඩ නැගී ඇති බව පැවසීය. ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට රාජපක්‍ෂ මැතිතුමා කළ ආරාධනය පිළිගත් ෂේක් මොහොමඞ් මැතිතුමා සාකච්ඡුා අවසානයේ දී තමා විසින් පබඳින ලද කාව්‍ය ග‍්‍රන්ථයක් රාජපක්‍ෂ මැතිතුමාට පිළිගැන්වීය. 

01

Image 1 of 7

Related Images: