2019 නිදහස් දින පණිවුඩය

2019 නිදහස් දින පණිවුඩය

හැත්තෑ එක් වසරකට පෙර අධිරාජ්‍යවාධීන්ට එරෙහිව නැගීසිටීමට ඇති අවශ්‍යතාව වටහා ගත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ අභීත ජනතාවකට ශ්‍රී ලංකා මාතාව උරුමකම් කීය. ඔවුහූ තමන්⁣ගේ වරම තුළින් බිහිවන පාලන තන්ත්‍රයක් මගින් පාලනය වන ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළහ.

අපගේ තේජාන්විත සිංහ ධජය තුළින් මනාව පිළිබිඹු වන්නේ ඔවුන්ගේ වූ විවිධත්වයයි. ඔවුහූ එකාවන්ව ජාතියේ ඒකීයත්වයත් නිදහසත් වෙනුවෙන් සටන්වැද ජය ලැබූහ.

කුඩා දරුවකු ලෙස ශ්‍රී ලංකා මාතාවගේ නිදහස දැක පියවරෙන් පියවර එදා මෙදාතුර පැමිණි ගමනෙහි පසුවූ අඳුරු යුගයන් හිදී ජාතියක් සේ එකාවන්ව එකමුතුව අප නැගීසිටි අයුරු දුටු අපහට ඇතිවන්නේ ඉමහත් ආඩම්බරයකි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම නිදහස් දිනයෙන් කියාපෑවත් සැබවින්ම ඉන් පිළිබිඹු වන්නේ අප එක් ධජයක් ⁣යට, එක් ජාතියක් ලෙස, විවිධත්වය සවියක් කරගෙන නිදහස ලත් අභීත මිනිස්සුන් බවයි.

තවද අප එකාවන්ව එකමුතුව ලක් දෙරණ සත්‍යවශයෙන්ම ස්වෛරීයව ස්වයං පෝෂිතව බාහිර අතපෙවීම් වලට අභීතව මුහුණ දිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු බවට වූ පණිවිඩය ඔබ සැමට ලබාදීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.

ලක් මවුණි ඔබටත් සියළුම ලක්වාසී ජනතාවටත් අභිමානවත් 71වන නිදහස් දිනයක් වේවා.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 පෙබරවාරි 04

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}