ප්‍රංශයේ ඩිස්නිලන්තය

ප්‍රංශයේ සිහිනලන්තයට අපටද යන්න අවස්ථාවක් ලැබුණි.

11.10.2014 
සිහින සබැ වන්නට නම් ඔබ සිහින දැකිය යුතුය. වෝල්ට් ඩිස්නි විසින් කියනු ලැබූ ඒ කථාව නම් සත්‍ය බව වැටහෙන්නට මෙහි යායුතුය. කාටුන් චිත්‍ර ශිල්පියෙක් සහ චිත්‍රපට ශිල්පියකු වූ ඔහු දරුවන්ගේ සිහින රජ දහන වූ ඩිස්නිලන්තයේ නිර්මාතෘ ය. වසර දෙකක කුඩා දරුවෙකු කල සිට මගේ දියණිය සහ පුතු ද ඉතාමත්ම ප්‍රිය කරන තැනක් වූ මෙම ප්‍රංශයේ සිහිනලන්තයට අපටද යන්න අවස්ථාවක් ලැබුණි.
ආදරණිය දරුවන් හට සෙනෙහෙ දක්වන්නට ඩොනල්ඩ් ඩක් Donald Duck , කැතරින් Catharine, මිකී මවුස් Mickey Mouse , මිනි මවුස් Minnie Mouse, එකී නොකී මෙකි රජ කුමාරවරුන් කුමරියන් මෙහි සැරිසරති. ප්‍රංශයේ ඩිස්නිලන්තය උද්‍යාන දෙකකින් සමන් විතය. එකක් වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ Walt Disney Studio Parkසහ ඩිස්නිලන්තයයි Disneyland Park. විවිධාකාර ක්‍රියාකාරකම් මෙහි ඇති අතර සමහර ක්‍රියාවන්ට දරුවන්ට සහභාගී විය හැක. වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ හි මිකී මවුස් සහ අනිකුත් චරිත වේදිකාවේ රඟති වයති පොටෝ ගණිති. එමෙන්ම මෙහි ඇති සියලුම උඩ යට කරනම් ගසන රෝලර් කෝස්ටර් සියල්ලම නිපදවා ඇත්තේ ඩිස්නි කතාමලාවක අනුසාරයෙනි.
වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ : Walt Disney Studio Park
ඈමරිකාවේ හොලිවුඩ් පුරවරයේ සිනමා සිත්තම් සිහිගන්වන මෙම ස්ටුඩියෝ හි විශාල අවන්හලක් මිකී සාප්පුවක් සහ ජායාරූ ශාලාවකින් සමන්විතය. මෙහිදී පුංචි දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද මිකිමවුස් එකී නොකී චරිත සමඟ ෆොටෝ ගනිටමටද එම චරිත අයුරින් හැඩ වැඩ වී ෆොටෝ ගැනීමටද පුළුවන. හොලිවුඩ් සිනමා සිත්තම් වලදී පරිහරණය කෙරුණු සියලුම අංගෝපාංග ප්‍රදර්ශනය කරන හොලිවුඩ් දුම්රිය චාරිකාව එහි යන සැමටම ගෙන දෙන්නේ ඉමහත් ආශ්වාදයක්. ගිනි ජලා මැදින් ධාරාණිපාත වැසි මැද යන එම චාරිකාව ඉතාමත් කුතුහල ධනවන සුළුය. බොහොමයක් සිනමා සිත්තම් වල සිදුවන අතිබිහිසුණු දර්ශණ අප දකින්නේ අප කවදත් ආදරය කරන නළු නිලියන් කරණා අයුරකිනි නමුත් එය එසේ නොවන බව මොනවට විදහා දක්වන ස්ටන්ට් දර්ශණයඇඟ කිලිපොලා යන සුළුය. වහල උඩින් මෝටර්බයිසිකල් අප ඇස් ඉදිරිපිට බිමට වැටෙති. කාර් හැප්පෙති, ගිනිජාලා මැද මිනිසුන් පිලිස්සෙති. එකිනෙකාට වේඩි තියා ගණිති, මේ සියල්ල අවසාන ඔවුන් සිනහසෙමින් අත්පොලසන් මැද සැමටම අචාර කර විසිර යති.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2014/10/E69T0713-1920X864px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}