පලවෙනි අගනුවර, අනුරාධපුරය

අපේ අනුරාධපුර චාරිකාව දහවල් 12.30 ට පමණ ආරම්භ වූ අතර අපි කුරුණෑගල දෙසට ගමන් කළෙමු. පැය 5 කට ආසන්න රිය පැදවීමෙන් පසු අපි සිගිරියාවේ අලියා රිසෝර්ට් ඇන්ඩ් ස්පා වෙත ළඟා වූ අතර, අපි වෙහෙසට පත්ව සිටියේමු. එබැවින් අපි වහාම රාත්‍රී ආහාරය ගෙන විවේක ගැනීමට ගියෙමු. කොරෝනා වයිරස් වසංගතය පිළිබඳව හෝටලය ඉතා පූර්වාරක්ෂාව විය. සෑම දෙයක්ම සහ ඕනෑම දෙයක් සනීපාරක්ෂාව කිරීමටත්, අමුත්තන්ගේ ආරක්ෂාව රක්ෂණය කිරීම සඳහා රජය විසින් නියම කර ඇති සියලුම දැඩි රෙගුලාසි අනුගමනය කිරීමටත් කාර්ය මණ්ඩලය වග බලා ගත්තේය. හෝටලය සොබාදහමෙන් වටවී ඇති අතර සශ්‍රීක හරිත පැහැයෙන් යුක්ත වන අතර සිගිරි බලකොටුව පවා හෝටලයේ සිටම පැහැදිලිව දැකගත හැකිය. ස්පා, ඩිස්කෝ, කැරෝකී සහ තවත් බොහෝ අමුත්තන්ට ප්‍රවේශ විය හැකි පහසුකම් කිහිපයක් මෙහි ඇත. මෙම හෝටලයේ නැවතී සිටීන, අපගේ දෙවන අවස්ථාව වන අතර ඒ අවස්ථා දෙකේදීම අපි එය බෙහෙවින් භුක්ති වින්දා. මෙම හෝටලය තුළ සාර්ථක හා නව්‍ය අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වන සභාපති චන්ද්‍ර වික්‍රමසිංහ මහතාට අපි සැබවින්ම ස්තූතිවන්ත වෙමු. කෙසේ වෙතත්, ඊළඟ දවසේ උදේ අපි රසවත් ආහාර වේලක් අරගෙන උදේ 7.30 ට පමණ අනුරාධපුරයට පිටත් වූයේ පුරාණ නමුත් විශ්මය ජනක නටබුන්, පූජනීය ස්ථාන, පන්සල් සහ ඒ අතර ඇති සියල්ල ගවේෂණය කිරීමට ය.

Aliya Resort & Spa, unique amongst other Sigiriya hotels

Home

දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.පූ 250 – 210) අනුරාධපුරයේ දකුණු දොරටුව ආසන්නයේ පිහිටි නන්දන වනය හා මහාමේඝවනය යන උද්‍යාන භික්ෂූන් උදෙසා පූජා කොට මහමේඝවය තුළ ප්‍රථම සංඝාරාමය ඉදි කරන ලදි. මුලින්ම එය තිස්සාරාමය ලෙස හඳුන්වන ලදි. පසුව එය මහාමේඝවනාරාමය, මහාවිහාරය යන නම්වලින් ප්‍රචලිත විය. මහාවිහාරය එතැන් සිට සියවස් ගණනාවක්ම ශ්‍රී ලංකාවේ භික්ෂූ පරපුරේ එකම මූලස්ථානය විය. ප්‍රථමවරට ථේරවාද ත්‍රිපීඨකය ග්‍රන්ථාරූඪ කිරීම, සවිස්තර අට්ඨ කථා රචනා කිරීම සිදු කරන ලද්දේ මහාවිහාරවාසි භික්ෂූන් විසිනි. මහාවිහාරය එකල දිවයිනේ ආගමික, දේශපාලන, ආර්ථීක, සමාජ හා සංස්කෘතික යන අංශයන් කෙරෙහි ඝෘජුවම බලපෑමක් එල්ල කරන ලදි. මෙම කලාපය තුළ ජය ශ්‍රී මහාබෝධිය, රුවන්වැලි සෑය හා ථූපාරාමය යන ප්‍රධාන ආරාමික ඉදිකිරීම් දක්නට හැකිය.

රුවන්වැලි මහා සෑය
ශ්‍රී ලංකාවේ ගොඩනැගුනු ස්තූප අතුරින් ගෞරව බුහුමානයෙන් යුක්තව වන්දනාමාන කරනු ලබන ප්‍රධානම ස්තූපය වන්නේ රුවන්වැලි සෑයයි. මේ නිසාම එය මහාථූපය ලෙසද විවිධ සාහිත්‍ය කෘතීන් හි රත්නමාලී, මහාසෑය, ස්වර්ණමාලී සෑය ලෙසද හඳුන්වනු ලැබේ. මෙම ස්තූපය දුටුගැමුණු රජු (ක්‍රි.පූ 161-137) විසින් ඉදිකරන ලද්දකි. හැඩයෙන් බුම්බුලාකාර බවක් ගන්නා මහාථූපයෙහි පාදම සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් භාවිත කර ඇත. එසේම එය රියන් 120 (අඩි 150) පමණ උසකින් යුක්ත වේ. එහි ධාතු ගර්භයේ චිත්‍ර පවා කරවු බව සඳහන් වේ. සද්ධාතිස්ස රජුගෙන් පසුව අනුරාධපුරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් බොහෝ පාලකයින් විසින් රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමට දායක වී ඇත. මෙම ථූපයේ ඇති එක් සුවිසේශී අංගයක් වන්නේ සලපතල මළුව හා සෝපාන පන්තිය අතර ඇති ඇත් පවුරයි. එසේම එහි සතර දිසාවෙන් වාහල්කඩ සතරක් ද පිහිටා ඇත. පසුකාලීන ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව මහාථූපය අඩි 350 ක් උසකින් හා අඩි 300 ක් විශ්කම්භයකින් යුක්ත වේ. රුවන්වැලි මහා සෑය දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ වැදගත් ස්ථානයක් වන අතරම මෙම සෑයට කරනු ලබන ගෞරවයක් වශයෙන් වාර්ෂිකව ජූලි මාසයේදි මෙම ස්තූපයට පිච්ච මල් ලක්ෂයක් පූජා කිරීමේ මහා මංගල්‍යක් පවත්වාගෙන එනු ලැබේ.

ථූපාරාමය
ක්‍රි.පු 3 වන සියවසේදි මෙරටට බුදුදහම හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට ඉදිවු ප්‍රථම ස්තූපය ථූපාරාමය වේ. මහාවංශයේ සඳහන් වන පරිදි ස්තූප සහ ආරාම සංකීර්ණය එකට පිහිටීම නිසා ථූපාරාමය යනුවෙන් ව්‍යවහාර වි ඇත. බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව නිධන් කොට දේවානම්පියතිස්ස රජු විසින් ස්තූපය ඉදිකොට ඇත. ස්ථූපයේ ප්‍රතිසංස්කරණ ඉතිහාසය පිළිබද විමසීමේදි පසුකාලීනව අනුරාධපුර හා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත්වු රජවරුන් විසින් ඊට අනුග්‍රහය දක්වා තිබේ. ථූපාරාමයේ දැකිය හැකි සුවිසේශි වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිමක් ලෙස ථූපයට ඉදිකල වටදාගෙය දැක්විය හැක. එය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව 65-109) විසිනි. මෙහි වර්තමාන උස අඩි 63 ක් වන අතර විශ්කම්භය අඩි 59 කි. ථූපාරාමය අවට පිහිටි ගොඩනැගිලි අතර ආරෝග්‍යශාලාවක් ලෙස සළකන ගොඩනැගිල්ල, ප්‍රතිමාගෘහයක්, භික‍්ෂුණින් සඳහා ඉදි කල ආරාමයක්, උපෝසථාඝාරයක් දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ විශාල ස්තූප අතුරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා අභයගිරි ස්තූපය වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජු (ක්‍රී.පූ 89 – 77) විසින් ඉදිකොට ඇත. හෙක්ටයාර් 200 කට ආසන්න පෙදෙසක ව්‍යාප්තව ඇත. පස්වන සියවසේ මෙරටට පැමිණි ෆාහියන් හිමි පවසන පරිදි, මහාවිහාරයේ භික්ෂූණ් තුන්දහසක් ද අභයගිරියේ භික්ෂූන් පන්දහසක් ද වැඩ සිට ඇත. මහසෙන් රාජ්‍ය සමයේදි අභයගිරි සංවර්ධනයේ උච්චතම අවස්ථාවට පැමිණි අතර එය මහායාන බුදු දහමෙහි කේන්ද්‍ර ස්ථානය විය. අභයගිරිය තදාශ්‍රිතය දෙස බැලීමේදි දැකිය හැකි බෞද්ධාගමික ගොඩනැගිලි අනුව එවකට මෙම සංකීර්ණය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වන්නට ඇති බව ද සිතිය හැක.

අභයගිරි ස්තූපය
ක්‍රි.පූ. පළමුවන සියවසේ වළගම්බා රජතුමා විසින් ඉදි කරන ලද අභයගිරි දාගැබ උතර මහ චෙත, අභයගිරි දාගැබ, අපහයගර, බගිරිනක, බයාගිරිය ආදි විවිධ නම්වලින් ද හඳුන්වා දී ඇත. මුල්ම අභයගිරිය ස්තූපයේ පේසාවන් තුනක්, හතරැස් කොටුව, ගර්භය මුදුනේ යූපය හා ඡත්‍රය යන අංග තිබී ඇත. ස්තූපය සතර පැත්තේ ආයක සතරක් ද සලපතල මළුව, ඇත්පවුර, වැලි මළුව, ප්‍රාකාරය හා ගෝපුර ද වේ. දාගැබේ දකුණු දොරටුව දෙපස ඇති සංඛ හා පද්ම බහිරව රූප මූර්ති ශිල්පයේ විශිෂ්ටත්වයට කදිම නිදසුන්ය. මෙම බහිරව රූප ආශ්‍රිතව වර්තමානයේද විවිධ ආගමික හා අභිචාර ක්‍රියාකාරකම් සිදුවේ. මෙහි නැගෙනහිර ආයකය සිතුවම් කර තිබූ බවට සාධක හමුවේ. එසේම ස්තූප මළුවේ තිබි ශ්‍රී පාද ලාංඡනයක් ද සොයා ගැනීමට හැකි වී ඇත. මෙහි වර්තමාන උස අඩි 235 ක් වන අතර ස්තූප පාදමේ විෂ්කම්භය අඩි 310 කි.

සමාධි බුද්ධ ප්‍රතිමාව
අනුරාධපුර යුගයේ කලා ශිල්පියාගේ නිසැක හැකියාව මනාව ඔප්පුවන ප්‍රතිමාවක් වශයෙන් සමාධි බුදු පිළිමය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. බුදුන්වහන්සේගේ සමාධි ගුණය මූර්තිමත් කොට ඇති මෙම පිළිමය සිවුවන සියවසට පමණ අයත් වෙතැයි සැළකේ. වීරාසනයෙන් හිද සිටින ධ්‍යාන මුද්‍රාව පිළිබිඹු කෙරෙන අන්දමින් හුණු ගලින් මෙම ප්‍රතිමාව නෙලා ඇත. මෙහි සිරුර හා චීවරය වර්ණ ගන්වා තිබු බවට සාධක ඇත. ඒකාංශ පාරුපණයෙන් යුත් මෙහි සිරුර ඇගට ඇළී තිඛෙන බවක් පෙන්නුම් කරයි. භාව ප්‍රකාශනය අතින් ඉතාමත් විශිෂ්ටය. බුදුරජාණන්වහන්සේ සමාධියෙන් පසුවන බව මුහුණෙන් පමනක් නොව ශරීරයෙන් ද ප්‍රකාශ වන්නාවු විශිෂ්ට නිර්මාණයකි. 1960 දි පමණ මෙම ස්ථානයේ සිදු කල කැණීම් මගින් මෙහි බෝධිඝරයක් තිබූ බවට සාධක හමු වී ඇත. එය අභයගිරි විහාරයේ බෝධිඝරය ලෙස හදුන්වයි.

සඳකඩ පහන
ශ්‍රී ලංකාවේ හමු වී ඇති ඉතා කලාත්මක සඳකඩපහන් දෙකම හමුවන්නේ අභයගිරිය ආශ්‍රිතවය. අංක 1 නමින් හඳුන්වන සඳකඩ පහන ශ්‍රී ලංකාවේ සඳකඩ පහන් අතුරින් ඉතා කලාත්මක හා විශිෂ්ඨතම නිර්මාණය සේ සැළකේ. මෙහි කැටයම්කර ඇති සත්ත්ව රූපවල තාත්වික බවත් ලියවැල් වැනි කැටයම්වල සියුම් බවත් නිසා මෙය විශිෂ්ට ගල් කැටයම් නිර්මාණයක් ලෙස කලා ඉතිහාසඥයින් විශ්වාස කරයි. මෙම අංක 01 සඳකඩ පහණ දැකිය හැකිවන්නේ අභයගිරි සංකීර්ණයේ මහසෙන් මාළිගය ලෙස වර්තමානයේ හඳුන්වන පංචාවාසයක් ආශ්‍රිතවය. සඳකඩපහනේ ඇති කැටයම් පිළිබඳ විද්වතුන් විවිධ අදහස් දරනු ලැබේ. මහාචාර්ය පරණවිතාන විසින් සඳකඩපහනේ ඇති කැටයම් අර්ථ නිරූපනය සඳහා බෞද්ධ සංකල්ප හා සම්බන්ධ කරනු දැකිය හැකිය. ඒ අනුව සඳකඩපහන මගින් සංසාරයත් ඉන් මිදීම නිවන බවත් ඔහු විස්තර කරනු ලබයි. සඳකඩ පහණ අංක 2 ද ඉහත සඳහන් කල සඳකඩ පහණේ ආකෘතියටම නිර්මාණය වූවකි. එය රත්න ප්‍රාසාදයට නුදුරින් කුඩා කදුගැටය මත පිහිටි බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසල වේ.

කුට්ටම් පොකුණ
ශ්‍රී ලාංකීය පොකුණු නිර්මාණ කලාව හා තාක්ෂණය පිළිබඳ කදිම නිදසුනක් වශයෙන් කුට්ටම් පොකුණ දැක්විය හැකිය. මෙම පොකුණ අභයගිරි විහාරවාසී භික්ෂූණ්ගේ ජල පහසුව පිණිස ඉදිකලා යැයි විශ්වාස කෙරේ. මෙම පොකුණ අටවන හෝ නම වන ශත වර්ෂයේදි ඉදිවූවා යැයි විශ්වාස කෙරේ. පොකුණු දෙකෙහිම දියට බැසීම සඳහා ශෛල්‍යමය පියගැට පෙළවල් නිර්මාණය කොට ඇත. පොකුණු වලට ජලය ලබා ගැනීමේදි පළමුව පොකූණු වටා පිහිටි අංගනයට ජලය රැගෙනවිත් කුඩා පොකුණේ ඇති මකර මුඛය ඔස්සේ ජලය ලබාගෙන පසුව එහි සිට විශාල පොකුණ දක්වා භූගතව සවි කොට ඇති නලයක් මගින් ජලය සම්පාදනය කොට ඇත. පොකුණු දෙකෙහිම වූ ජලය නැවත පිට කොට ඇත්තේ ද කුඩා පොකුණෙහි පතුලෙහි වූ ස්ථානයකිනි. කුට්ටම් පොකුණෙ නෙලා ඇති පෙන පහක් සහිත නාග රුව ඉතා විශිෂ්ට නිර්මාණයකි.

ජේතවනාරාමය මහසෙන් රජු (ක්‍රි.ව 276-303) විසින් ඉදිකරන ලද්දකි. මහසෙන් රජු ප්‍රධාන වශයෙන් මහායාන බුදු දහම වැළඳ ගත්තෙක් විය. ජේතවනාරාමය විශේෂ වන්නේ එහි ඇති මහා පරිමාණ ස්තූපය නිසාවෙනි. ජේතවනාරාමය පිහිටි ප්‍රදේශය මුල් කාලීනව නන්දන වනයට අයත්ව තිබිනි. එය මිහිදු හිමියන් විසින් අඛණ්ඩව දින හතක් ධර්ම දේශනා කළ ස්ථානය වේ. සංඝාරාමයකට අවශ්‍ය සියලුම ගොඩනැගිවලින් පරිපූර්ණ වූ මෙහි ඉදිකිරීම් මහසෙන් රජුගේ කාලයට අමතරව කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව 303 – 331) හා ඔහුගෙන් පසු රාජ්‍ය කල රජවරුන් විසින් ඉදිකර ඇත.

ජේතවන ස්තූපය
මහසෙන් රජු විසින් ඉදිකල ජේතවන ස්තූපය අඩි 400 ක් පමණ උස් වන අතර මෙම ස්මාරකය ලෝකයේ විශාලම ස්මාරක අතුරින් තෙවන ස්ථානය ද ලොව ගඩොලින් නිර්මාණය කල උසම ස්මාරකය ද වේ. මෑතකදි සිදුකල පුරාවිද්‍යාත්මක කැණීම් මගින් බුදුන්වහන්සේගේ දේශනාවක් සේ සැළකෙන මහායාන සූත්‍රයක් වූ ප්‍රඥාපාරමිතා සූත්‍රය ලියවුනු රනපත් ඉරු නවයක් හමු වී ඇත. ස්තූපය සතර පැත්තේ කැටයමින් යුත් වාහල්කඩ සතරක් වේ. පිහිටි පොළොවට වඩා උස් වූ මළුවක නිර්මානය කල ස්තූපයකි. මෙම මළුව වටා වූ ඇත් පවුරක නටඹුන් පුරාවිද්‍යාත්මක කැණිම් මගින් හමු වී ඇත. මෙම භූමියේ සිදුකල කැණීම් මගින් විවිධ කාසි, චීන පිඟන් අවශේෂ ආදි විශේෂ පුරාවස්තූන් ද හමු වී ඇත. වර්තමානය වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම ස්තූපය සම්පූර්ණයෙන්ම සංරක‍ෂණය කොට තහවුරු කොට ඇත.

Ayubowan Srilanka 6 – Anuradhapura

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2020/11/IMG_0099-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}