කෙටි නිවාඩුවකට ප්‍රංශ රාජ්‍යයට

කෙටි නිවාඩුවකට ප්‍රංශ රාජ්‍යයට
October 12th, 2014

බටහිර යුරෝපයේ සංස්කෘතික මෙන්ම ආර්ථික වටිනාකමක් හිමි ප්‍රධාන රටක් තමයි ප්‍රංශය. ප්‍රංශයේ ප්‍රධාන අගනුවර වන්නේ පැරිස් නුවරයි. එය යුරෝපය තුළ ප්‍රධාන මෙන්ම විශාලම නගරයක් ලෙස සැලකෙනවා. මෙහි රාජ්‍ය භාෂාව ප්‍රංශ. මෙය ඒකීය අර්ධ ජනාධිපති ව්‍යස්ථාපිත ජනරජයක් ලෙස තමයි සැලකෙන්නෙ. ප්‍රංශයේ ජනාධිපති ෆ්රන්සේස් හෝලන්දේ මහතාවේ. විශාලත්වය අතින් ලොව 41වන ස්ථානය හිමි වන්නේ ප්‍රංශයටයි. එය ජනගහනය අතින් ගත් කළ 20වන ස්ථානය වේ. යුරෝපා සංගමයේ විශාලම දේශය වන්නේ ප්‍රංශයයි. ප්‍රංශය තුල කාළ කලාප 12ක් ඇත.

ප්‍රංශයේ පිහිටීමේ විවිධත්වයක් තිබේ. ඉංග්‍රීසි කෝඩය, උතුරු මුහුද, අත්ලාන්තික් සාගරය මෙන්ම බෙල්ජියම, ලක්සම්බග්, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකෝ රාජ්‍යය, ස්පාඤ්ඤය යන රටවලට මැදිව තමයි ප්‍රංශය පිහිටල තිබෙන්නෙ. මුහුදු තුනකට මායිම්ව පිහිටීම ප්‍රංශයට විශේෂත්වයක් එක කරනවා. ප්‍රංශය, ප්‍රංශ මෙට්‍රොපොලිටනය ලෙසත් හදුන්වයි. රට තුල විශාල කඳු පන්ති කීපයක් රටටම ලොකු ආකර්ශනයක් එක් කරනවා. ඒ ඇල්ප්ස්, පිරෙනිස්, ජුරා, වොගේස් කියන්නේ ප්‍රංශයේ සුන්දරත්වය වැඩි කරන කඳු පන්ති කීපයක්. මින් ප්‍රධානම කන්ද ලෙස සැලකෙන්නේ මොන්ට් බ්ලාන්ක් (සුදු කන්ද). මෙය ප්‍රංශයේ උසම මෙන්ම යුරෝපයේ දෙවන උසම කන්ද වේ. ප්‍රංශයේ ප්‍රධානම ගඟ වන්නේ රයින් ගංගාවයි. ප්‍රංශය සතුව ලොව පුරා කුඩා ප්‍රමාණයේ දුපත් 20ක් පමණ පමණ තිබේ.කොසිකා, ප්‍රංශ ගයානාව ඉන් ප්‍රධාන වේ. 28% ක පමණ වන ගහණයක් සතු ප්‍රංශය ලෝකයේ හොඳම පරිසර ආරක්ෂණය සහිත රට වේ. ලොව ප්‍රථම පරිසර අමාත්‍යංශය බිහිවෙලා තිබෙන්නෙත් ප්‍රංශයෙන්. ලොව හොඳම පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වන රටක් විදියට ප්‍රංශය හදුන්වන්න පුළුවන්.ප්‍රංශයේ මුදල් ඒකකය යුරෝ වේ. යුරෝපානු සංගමය තුල දෙවන හොඳම ආර්ථිකය ඇත්තේ ප්‍රංශයටයි. එමෙන්ම ලෝකයේ 9වන විශාලම ආර්ථිකය හිමිවන්නේ ප්‍රංශයටයි. ලොව විශාලම වෙළඳ ව්‍යාපාර 500 අතුරෙන් 31 තිබෙන්නේ ප්‍රංශය තුළ.  ප්‍රංශය තුල කොටස් වෙළඳ පොළ ආරම්භ වී ඇත්තේ 1724 තරම් ඈත අතිතයකදීය. 

ඉතා ඈත අතීතයේදී ප්‍රංශය හදුන්ව ඇත්තේ ෆ්‍රෑන්ක් අධිරාජ්‍යය ලෙසයි. එය ෆ්‍රැන්සිස්කෝ යන ලතින් නාමයෙන් බිඳී පැමිණ ඇත. තවද ගෝල් දේශය ලෙසද හදුන්ව ඇත්තේ මෙම ප්‍රංශය රාජ්‍යයි. කලකට පෙර ලෝකයෙන් 8% පමණ පාලනය කර ඇත්තේ ප්‍රංශ ජාතිකයින් විසින්ය. රෝමන්වරුන් විසින්ද පාලනය කර ඇති ප්‍රංශයේ ආදිවාසීන් ලෙස සැලකෙන්නේ ගෝල් හා සෙල්ටික්වරුන් වේ. අධ්‍යාපනය අතින් ප්‍රංශ ඉතා ඉහල තලයක සිටි. ප්‍රංශ පුරවැසියන්ගේ සාක්ෂරතාව 99% ලෙස සැලකේ. නිදහස් අධ්‍යපන ක්‍රමයක් පැවතුනද පෞද්ගලික අංශයද අධ්‍යාපනය තුල රැඳී සිටි. ලොව ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල කීපයක්ම ප්‍රංශ තුල ඇත. ලොව හොඳම විශ්ව විද්‍යාල 100 අතර විශ්ව විද්‍යාල කීපයක්ම ඇත. ඉන් පියරි හා මාරි කියුරි විශ්ව විද්‍යාලය, පාරි සුඩ් විශ්ව විද්‍යාලය ප්‍රධාන වේ. ලොව වැඩියෙන්ම භාවිත වන දෙවන භාෂාව වන්නේ ප්‍රංශයෙන් බිහිවූ ප්‍රංශ භාෂාව වේ.

සංචාරක ගමනාන්ත අතින් හොදම රටක් ලෙස ලොවම පිළිගත් රටක් වන ප්‍රංශයට මිලියන 85ක් පමණ සංචාරක පිරිසක් පැමිණේ. ප්‍රංශය යනු වැඩිම ජනතාවක් සංචාරය කරන රටවේ. යුනෙස්කෝව මගින් ලෝක උරුම 37ක් ප්‍රංශය තුල නම් කර ඇත. එම ස්ථාන සදහා ඉහල සංචාරක වටිනාකමක් ලැබී ඇත. සංස්කෘතික ස්ථාන, මුහුදු හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්, හිම ක්‍රීඩා, සංචාරක නිකේතන, හරිත සංචරක ස්ථාන, ගම්බද සුන්දරත්වය, කුඩා හා මධ්‍යතන යුගයේ නිවාස, ප්‍රංශ ගැමි පරිසරය, අයිෆල් කුලුන, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උද්‍යාන 200ක් පමණ ප්‍රංශය සතුව ඇති සංචාරක වටිනාකම දෙගුණ තෙගුණ කරයි. තවද, ශාන්ත ජේම්ස් දේවස්ථානය, ලුව්ර කෞතුකාගාරය, මොන්සෙන්ට් මයිකල් මාලිගය මෙන්ම ලෝ සුපතල කෝපි අවන්හල් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හේතු වී ඇත. ලුව්ර කෞතුකාගාරය යනු වැඩිම පිරිසක් නැරඹු කෞතුකාගාරයකි. ශතවර්ෂයකට වැඩි පැරණි ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ පාපැදි සවාරියද සංචාරකන්ගේ ප්‍රධාන අංගයකි.බටහිර සංස්කෘතියේ තොටිල්ල යන විරුධාවලිය ප්‍රංශයට හිමිව ඇත්තේ, ප්‍රංශය තුල තිබු මහා පරිමාණ කලා කෘති නිසා වීම නොඅනුමනවේ. වසර 100කට පෙර පමණ සිට කලා මාධ්‍ය දියුණු වී ඇත. ප්‍රංශය සාහිත්‍යට සාහිත්‍යධරයන්, චිත්‍රශිල්පින් මහගු සේවාවක් ඉටු කර ඇත. ප්‍රංශය පුර චිත්‍ර හා මුර්ති සඳහා වෙන්වූ කලාගාර 1200ක් පමණ තිබේ. ප්‍රංශයට පැමිණෙන විශාල සංචාරකයන් ප්‍රමාණය අතුරින් මිලියන 50ක් පමණ ඒවා නරඹන බව වාර්තා වේ. බැසිලිකා ආසන දෙව් මැදුර, මාලිගා, බලකොටු ප්‍රංශ කලාව හොදින් පිළිඹිබු කරයි. මාලිගා, බලකොටු හා පැරණි නිවාස 43000ක් පමණ ප්‍රංශ රජය විසින් නඩත්තු කරනු ලබන්නේ අනාගත පරපුරට මෙන්ම රටේ අනන්‍යතාව ආරක්ෂා කිරීමටයි. ප්‍රංශ තුල චිත්‍ර ආරක් පුනුරුද සමයේදී ඇතිවී තිබේ. නොත්‍රදම් දේවස්ථානය එයට හොඳ උදාහරණයක් වේ. සුවිශාල හා පුළුල් දේවස්ථාන ප්‍රංශට අවේනික වේ. එමෙන්ම දේවස්ථාන ඇතුළත හා පිටත විවිධ කලා කෘතීන් දැක ගත හැකි වේ. මුලියර්, වික්ටර් හියුගෝ, ඇලෙක්සෙන්ඩර් ඩුමා යන නවකතා හා කෙටිකටකරුවන් ප්‍රංශ සාහිත්‍යය වඩා උසස් තලයකට ගෙන ඒමට සමත් වී ඇත. නොබෙල් ත්‍යාගලාභීන් කීපදෙනෙක්ම ප්‍රංශ තුලින් බිහිවී ඇත. ප්‍රංශ ඔපෙරා, සිම්පනි ආදී සංගීත කෘතිවලින්ද ප්‍රංශ සෞන්දර්යය හා සංස්කෘතිය පෝෂණය වී ඇත.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2009/06/E69T2258-1920X864px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}