මොල්ඩොවා රාජ්‍යයේ සිට මත්තලට Vision Air පලමු ගුවන් යානාව පැමිණියා

Vision Air (4V-5363) පලමු ගුවන්යානාව මොල්ඩොවා රාජ්‍යයේ අගනුවර කිෂිනෙව් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද (27) සවස 16.20 ට පැමිණීයේය. එම ගුවන් යානයේ පැමිණි සංචාරකයින් 187ක් ඇතුලු පිරිස උත්සවාකාරයෙන් පිළිගැනීම සංචාරක අමත්‍යාංශය සහ මත්තල ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් සුදානම් කර තිබුණේය.

                 මෙම ශීත සෘතුවේ දී මොල්ඩොවා රාජ්‍යයේ සිට Vision Air ගුවන්වාර 09 ක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට සැලසුම් කර ඇත. ඒ හරහා සංචාරකයින් 1,500 ක් පමණ රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර, දළ වශයෙන් ඩොලර් මිලියන 2,25 පමණ විදේශ විනිමයක් රටට උපයා ගත හැකි බව යුක්රේනියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි.

                  දැනට යුක්රේන රාජ්‍යයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් එරට සියළු ගුවන්තොටුපලවල් වසා ඇති නමුත්, යුක්රේනයට අසල්වැසි රටක් ලෙස මොල්ඩොවා අගනුවර වන කිෂිනෙව් සිට යුක්රේනියානු SkyUp ගුවන් සේවයේ බොයිං 737-800 ගුවන් යානාව හරහා බහුතරයක් යුක්රේනියානු සංචාරකයින් අද පැමිණී අතර පසුගිය 2024-25 ශීත සෘතුවේ SkyUp හරහා සංචාරකයන් 15,411 පැමිණ ඇති බව වීරතුංග මහතා පවසයි.

                   යහපාලන රජය විසින් වී ගබඩාවක් කර තිබූ මත්තල ගුවන්තොටුපලට, වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් Ukraine International Airlines සහ SkyUp Airlines හි ගුවන් යානා හරහා එදා යුක්රේන සංචාරකයින් රැගෙන ආ බැවින් 2020.12.28 දා සිට නැවත විවෘත වු බව ඔහු මතකර සිටියේය. අදටත් මත්තලට වැඩියෙන්ම සංචාරකයින් රැගෙන එන Red Wings ගුවන් සේවය තමාගේ සෘජු මැදිහත් වීම මත මත්තලට පැමිණි බව නොදන්නා බලධාරීන්ට මතක්කර දීම වැදගත් බව ඔහු පවසයි. එසේම එම Red Wings හි සෘජු ගුවන්වාර 448 ක් හරහා මත්තලට පමණක් රුසියානු සංචාරකයින් 173,949 ක් පැමිණීම නිසා, තාමාට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් සිදු කරන චොදනා මත, සංචාරක ක්ෂේත්‍රය උදෙසා තම සේවය නතර කර නොහැකි බව රැසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි.

                  මෙහිදී මෙරටට සංචාරකයින් රැගෙන එන්නේ “Join UP” ජාත්‍යන්තර සංචාරක ආයතනය වන අතර, ශ්‍රී ලංකාව තුළ “Delux Holidays” සියලු පහසුකම් සපයයි. මෙම සැලසුම් සාර්ථකව කරගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළහි කාර්ය මඩුල්ල ලබා දෙන සහයොගයට සංචාරක ආයතන විසින් ගෞරවනීය ස්තුතිය පළ කර සිටිය්ය.

                  සොවියට් දේශය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර යුරොපයේ පිහිටි මොල්ඩොවා රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් ලෙස 1991 දී පත් වූ අතර, මිලියන 2.4 ක් පමණ ජනගහනයක් එහි ජීවත් වන්නේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}