විජයග්‍රහණි දිනය – 2014

Victory day celebration on the Red Square in Moscow
09 May, 2014
Ambassador Udayanga Weeratunga participated most popular Russian Festival, 9th May 2014 – Victory Day in the heart of Moscow – Red Square. More than 2500 special delegation from the different countries including Sri Lanka participated this event. Also President of Russian Federation Vladimir Putin and Prime Minister of Russian Federation Dmitry Medvedev participated this memorable event.
H.E. the Ambassador had formal discussions with Russian Communist Party Leader and some Ambassadors there.

සෝවියට්‌ විජයග්‍රහණය

රුසියානුවන් මෙසේ ඉස්‌තරම් ලෙස සමරනු ලැබූ මහා දේශප්‍රේමී සටන යනු, 1945 මැයි මාසයේ” නාසි ජර්මනියේ විනාශකාරී ගමනට තිත තැබූ දෙවැනි ලෝක සංග්‍රාමයයි. මිලියන දෙකකට අධික සෝවියට්‌ වැසියන් පිරිසක්‌ දිවි දෙමින් ලබා ගත් මෙම ජයග්‍රහණය හේතුවෙන් ජර්මනිය නායකත්වය ලබාදුන් යක්‌ෂ, අක්‌ෂ බලවතුන් පරාජය කිරීමට සෝවියට්‌ දේශය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්ට හැකියාවක්‌ ලැබුණි. වත්මන් රුසියානු නායකයාට මෙසේ සැමරීමට ජයග්‍රහණයක්‌ හිමි වූයේ මිලියන ගණනක්‌ සෙබළුන් හා ජනතාව දිවි දෙමින් එකල සෝවියට්‌ නායක ස්‌ටාලින්ගේ මඟ පෙන්වීම යටතේ කළ කැප කිරීම්වල ප්‍රතිඵලයක්‌ ලෙසයි. 1939 ” සංග්‍රාමය ආරම්භ වුවද රුසියාව කෙළින්ම එයට සම්බන්ධ නොවීය . එයට හේතු වූයේ සෝවියට්‌ නායක ජෝශප් ස්‌ටාලීන් (Joseph Stalin) ජර්මනිය සමඟ සටනට මුල නොපිරීමේ ගිවිසුමක්‌ අත්සන් කර තිබීමයි . අන්‍යයන් මවිත කිරීමට සමත් වූ මෙම ජර්මනිය සමඟ වූ සංහිදියාව කෙළවර වූයේ නාසීන් විසින් රුසියාවට එල්ල කළ ඓතිහාසික ප්‍රහාරය සමඟින් ස්‌ටාලින්ද මවිත වීමත් සමඟයි. බාබරෝස්‌සා මෙහෙයුම (Operation Barbarossa) ලෙස ජර්මානුවන් විසින් මෙය හැඳින්වීය. හිට්‌ලර්ගේ නියම අරමුණු තේරුම් ගැනීමෙන් තොරව අන්ධ ලෙස කටයුතු කළ ස්‌ටාලින් ගේ දෑස විවර වූයේ සමස්‌ත ජර්මානුවන් පිළිබඳ ඇතිවූ දරුණු වෛරයත් සමඟිනි. නාසි ප්‍රහාරයේ තරම කෙසේද යත් පළමු සතිය තුළ ඔවුන් විසින් සෝවියට්‌ සොල්දාදුවන් හා වැසියන් එක්‌ලක්‌ෂ පනස්‌දාහකට අධික පිරිසක්‌ ඝාතනය කර හෝ ආබාධිතයන් බවට පත් කරවීය. සෝවියට්‌ දේශය තුළට රිංගූ දහස්‌ ගණනක්‌ වූ යුද ටැංකි හා අහසේ පිහිණු යුද යානා දිගින් දිගටම සෝවියට්‌ සංහාරයේ නියුතු විය. ඔවුන් සෝවියට්‌ ගගන යානා දෙදහසකට ආසන්න ප්‍රමාණයක්‌ විනාශ කර ඇත.

ඔබ වයස දහ අට ඉක්‌ම වූ ගෙවිලියක්‌ද, ගෘහණියක්‌ද, කෙසේ වුවත් ඔබ සැමටද සෝවියට්‌ දේශප්‍රේමි දියණියන් ලෙස අපගේ ගෞරවනීය රතු හමුදාවට එක්‌ වීමට අනභිභවනීය අවස්‌ථාවක්‌ උදාවී ඇත.

මෙය ජර්මානු ප්‍රහාරයෙන් පසුව සෝවියට්‌ දේශයේ පුවත්පත්වල පළ වූ දැන්වීමකි. මෙම දැන්වීමත් සමඟින් සෝවියට්‌ පුරුෂයන් මෙන්ම පළමුවරට ගොවිබිම්වල හා නිවෙස්‌වල දහදිය වැගිරූ රූමත් සෝවියට්‌ දිරිය කතුන්ටද යුධ බිමට යැමට අවස්‌ථාව විවර විය.අඩපණ වෙමින් පැවති රතු හමුදාවට ජීවය පෙවීමට නව රුධිරය අත්‍යවශ්‍ය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දහස්‌ ගණනින් තරුණියන්ද මහා සංග්‍රාමය තුළ අවි දරමින් පුරුෂයන් හා මහා සංග්‍රාමයේ ඉදිරි පෙළට එකතු විය. ඔවුන් විශේෂයෙන්ම ගුවන් යානා නාශක අවි දැරීම සඳහාත් ස්‌නයිµa සෙබළියන් ලෙසත් මහඟු මෙහෙයක්‌ සංග්‍රාමය තුළ සිදු කළේය. සෝවියට්‌ කාන්තා නියෝජනය ගණනින් මිලියනයක්‌ තරම් අතිශය විශාල සංඛ්‍යාවකි.

කාලයත් සමඟම එළඹුණේ භයානක රුසියානු ශීත Rතුවයි. කෙමෙන් කෙමෙන් හිරු ගිලී ගොස්‌ අහසෙන් ඝණ හිම කැබලි සෝවියට්‌ රුසියාව පුරා පතිත විය. ශීත සුළඟ දැඩි හිමපතනය වේගවත් කළේ රුසියාවට ඇතුළුවූ නාසීන් අපහසුතාවට පත් කරමිනි. හමා යන හිම කුණාටු තරමටම ප්‍රචණ්‌ඩ ස්‌ටාලීන් , කාලගුණයේ වාසිය මනාලෙස උපයෝගී කර ගනිමින් ජර්මානු සංහාරය ඇරඹීය. දැඩි ශීතල හා තරඟ කිරීමට නොහැකි වීමෙන් ජර්මානු සැපයුම් සම්පූර්ණයෙන්ම ඇණහිටි අතරම ඔවුන්ගේ සොල්දාදුවන් ස්‌ටාලින්ගේ රතු හමුදාවන්ගේ ග්‍රහණයට හසු වන්නට විය. එතැන් සිට ඉදිරියට ගිය රතු හමුදාව සම්පූර්ණයෙන්ම නාසීන් සෝවියට්‌ භූමියෙන් පිසදා දැමීය. පසුව ජර්මනියට ද ඇතුළු වූ රතු භටයන් හිට්‌ලර් හා ඔහුගේ ප්‍රේමවන්තිය ඊවා බ්‍රවුන් සිය දිවි තොර කර ගන්නා තුරුම ජර්මානුවන්ගේ ගෙල සිර කළේ, බාබරෝස්‌සා මෙහෙයුමට ලබා ගත හැකි උපරිම වන්දිය ලබා ගනිමිනි. දෙපාර්ශවයම යුද අපරාධ ගිනිය නොහැකි ප්‍රමාණයක්‌ සිදු කර තිබුණි. ස්‌ටාලින් නැගෙනහිර යුරෝපය දිග් විජය කරන විට ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ අනෙකුත් මිත්‍ර හමුදාවන්ද ඉතිරි දක්‌ෂ බලවතුන් පරාජය කිරීමේ කාර්යය මැනවින් සිදු කළේය.

-ප්‍රවීණ සේනාධීර

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}