හිටපු ජනාධිපති ජපානයේ සංචාරය 3

ජපානයේ රාමා ඩිබිකේ මෝටර්රථ ආයතනයට පැමිණීම…..
රාමා ඩිබිකේ මෝටර්රථ ආයතනයේ සභාපති ජගත් රමාණයක මහතාගේ ආරාධනාව පරිදි ජුනි 5දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජපානයේ යෝකෝහෝමා නගර කාර්යාලයට පැමිණියේය. එහිදී තම සේවකයින් හදුන්වා දෙමින් පිිළිගැනීමේ කතාව සිදුකල රාමනායක මහතා, තම ව්‍යාපාරයේ අතීතය හා වර්තමානය පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුකළේය. තමන් සැම අවස්ථාවකදීම පක්ෂ භේදයකින් තොරවම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානයේ දී කළයුතු යුතුකම්, සියලු දෙනාගේම සහයෝගයෙන් සිදුකරන බව පැවසීය. අද දින මෙම ස්ථානයට රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම පිළිබඳව තමා ඇතුළු කාර්යමණ්ඩල ඉතා ප්‍රීති වන අතර අප වෙනුවෙන් අවස්ථාවක් ලබා දීම ගැන ජනධිපතිතුමාට ස්තුතිය පුද කරන ලදී. කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ප්‍රියල් නිශාන්ත මැතිතුමා හිටපු ජනධිපති වෙනුවෙන්ම ස්තුතිය පළකරමින් සභාව අමතන ලදී. පැමිණි සිටි සියලුදෙනා ජනධිපතිතමා සමග ජයාරූප ගැනීමට උද්යෝගයක් දැක වූ අතර ජපානයේ තොරතුරු කතා කරමින් ඔහුන් එහිදී දිවා ආහාරය ගන්නා ලදී.

යෝකොහොමා ටුසුකි කුණු ප්‍රතිචක්‍රීකරණ කිරීමේ කර්මාන්ත ශාලාවේදී  …
ලංකාව තුල පවතින ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති කුණු ගැටලුව සදහා විසදුම් සොයා සිදු කරන කාර්යන් පිලිබදව සොයා බැලීම සදහා මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ජපානයේ සංචාරය අතරතුර, යෝකොහොමා නගරයේ ටුසුකි කුණු ප්‍රතිචක්‍රීකරණ කිරීමේ ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලීම සදහා එක් විය.

ටෝකියෝ නගරයේ සිට ජපානයේ කරුයිසාවා නගරය යන අතර මගදී

අපේ රට තුළ අවුරුදු 30ක් තිස්සේ ත‍්‍රස්තවාදය තිබු යුගයේදී සාමය ඇති කිරීම සඳහා ජපානය දැක් වූ සහයෝගය අපි ඉතාමත්ම අගය කරන අතර ලාංකික ජනතාව ඒ යුගය අමතක නොකරනවා ඇත. ජපානය අද ලබා තිබෙන දියුණුවත් ශ‍්‍රී ලංකාවේ නැගී එන දියුණුවත් තව තවත් ශක්තිමත් කරන්නට දෙරටේ ජනතාව අතර සම්බන්ධය තවදුරටත් වැඩි කරගෙන කටයුතු කරන්නට අවශ්‍ය බව පැවසූ රාජපක්ෂ ජනාධිපතිතුමා, අපි සියලු දෙනාම එකතු විය යුතුයි කියලා විශ්වාස කරන බව ද පැවසීය.
ජුනි 6 වෙනිදා ටෝකියෝ නගරයේ සිට ජපානයේ කුරුයිසාවා නගරය යන අතර මගදී කැමරාවට යොමු වූ මතක සටහන්….

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}