උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප‍්‍රාප්ති උත්සවය

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය
අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 12 වනදා උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූයේය. පසුගිය රජය නොබැදි ජාතීන් සමග පැවැත්වූ සුහද සම්බන්ධතාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආරාධනාව ලැබී ඇත.
1961 මාර්තු පලමු වෙනිදා උගන්ඩාවේ ප්‍රතම මැතිවරණ පවත්වනු ලබන අතර එයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය නියොජනය කරනු ලබු පුද්ගලයා ජයග්‍රහනය කරනු ලබනවා.1962 දී උගන්ඩාව බ්‍රිතාන්‍ය යෙන් නිදහස ලබන අතර ඉන් පඩුව නොබැඳි ජාතින්ගේ සාමාජිකත්වය එරටට හිමිවෙනවා.1966 හා 1967 යනවසර වලදී උගන්ඩාවේ සිඩුවෙන දේශපාලන හැලහැප්පීම් නිසා ඇතිවන අස්තාවරභාවය නිසාම 1971 ජනවාරි 25 වැනිදා එරට හමුදා පාලනයක් බිහිකිරිමට හමුදා නායක ඉඩි අමීන්ට හැකි වෙනවා. ඉඩි අමීන්ගේ පාලන කාලය උගන්ඩාවෙ ඉතිහාසයේ අමිහිරිම කාලාපරිච්චෙදය උරුම කම් කියනවා. මේ වෙනවිට වත්මන් ජනාද්පති යොවේරි මුසවේනිගේ යටතේ අතීතයේ ආපසූ ගමනක් ගිය උගන්ඩාව සන්වර්දනයක් කරා ගමන් කරමින් සිටිනවා…
උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපති වරනයෙන් 61‍%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත.

ලොව මුතු ඇටය ලෙස හදුන්වන රටවල් කිහිපයක්ම ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ශ්‍රී ලංකාව හදුන්වන අතර ආද්‍රිත්‍රියානු සාගරයේ මුතු ඇටය ලෙස වැනීසිය සහ අප්‍රිකාවේ මුතු ඇටය ලෙස උගන්ඩාව හදුන්වයි. මේ එම අප්‍රිකාවේ මුතු ඇටය ගැන කතාවයි. උගන්ඩාව යන නම ඇසූ පමනින් අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමය “ඉඩි අමීන්” යන්නයි. බොහෝවිට මෙය තවත් සංවර්ධනයවී ඉඩි අමීන්ගේ මිනිමස් කන ජනතාව වෙසෙන රට ලෙසත් හදුන්වන මුහුදක් නොමැති උගන්ඩාව අවස්තා නැතුවාම නොවේ. කෙසේ වෙතත් උගන්ඩා ජනරජය යනු අප්‍රිකානු කලාපයේ ඇති ස්වාභාව සෞන්දර්යෙන් අනූන රටකි. භෞතිකව ගත්කල ” Land Locked” (මුහුදක් නොමැති/ සම්පූර්නයෙන්ම වෙනත් රටවලින් වටවූ) රටක් ලෙස හදුන්වන ලබන උගන්ඩාව නැගෙනහිරින් කෙන්යාවෙන්ද, උතුරින් සුඩානයෙන්ද, බටහිරින් කොන්ගෝවෙන්ද, දකුණින් ටැන්සානියාවෙන්ද නිරිත දෙසින් රුවන්ඩාවෙන්ද වටවී නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ස්වාභාව සෞන්දර්යයෙන් අනූන වර්ග කිලෝමීටර් 241,038ක විශාලත්වයෙන් යුතු දර්ශනීය රාජ්‍යකි. අගනුවර කම්පාලා වේ. 1894 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ උගන්ඩාව 1962.10.09 දින බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබුවද පසුව සිවිල් යුධ වාතාවරනයකටද මුහුනදුන් රාජ්‍යකි.

උගන්ඩාව හා ඉඩි අමින් අතර ඇත්තේ ගසට පොත්ත හා පොත්තට ගස වැනි වෙන්කල නොහැකි
සම්බන්ධයකි. 1971 වසරේදී හමුදා කුමන්ත්‍රනයක් මගින් බලයට පත්වූ ඉඩි අමීන් 1979 වනතුරු උගන්ඩාව පාලනය කලේය. රටේ පාලකයා වීමට පෙර ඔහු හමුදා නිලධාරියෙක් විය. හමුදාවේ සේවය කරන කාලයේ උගන්ඩාවේ ‘Light heavyweight championship’ පදවිය 1951 සිට 1960 තෙක් අවුරුදු 9ක් එක දිගට තබා ගැනීමට සමත් විය. ඉන් පසු බලයට පත්වූ විට, ඔහු විසින් 40,000 ත් 80,000 ත් අතර ඉන්දියානුවන් සහ පකිස්තානුවන් පිරිසක් රටෙන් පන්නා දැමීය. තවද ඔහු 300,000 පමණ උගැන්ඩානුවන් පිරිසක් මරා දැමීය යයි චෝදනා තිබේ. නමුත් උගන්ඩා ජාතිකයන්ට අනුව ඔහු ජාතික වීරයෙකි. “ඉන්දියානු ව්‍යාප්තවාදයෙන්” ඔවුන් ගලවාගෙන ශ්‍රම සූරා කෑමෙන් ඔවුන් ගලවාගත් විරුවා ඔහු බවත් බටහිර මාධ්‍ය වලින් ඉඩි අමින්ගේ නියම තත්වය යටපත් කර, ඔහු කෘර පාලකයෙක් සේ නම් කල බවටත් ඔවුන් චෝදනා කරති. එහෙත් බටහිරයන්ගේ එකම චෝදනාවකටවත් වරදකරු නොවී, ඔහු සව්දි අරාබියේදී අසනීප වී මිය ගියේය. උගන්ඩාව ඉතාමත් සුන්දර රටකි. ඉඩි අමීන් නිසා උගන්ඩාවද ලෝක ප්‍රසිද්ධ විය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/05/22DSC_9352-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}