උගන්ඩාවේ කම්පාලා නගරයේ Café Ceylon

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උගන්ඩා සංචාරය-තුන්වන දින

උගන්ඩාවේ කම්පාලා නගරයේ වසර 2කට ආසන්න කාලයක් දිනෙන් දින ජනප්‍රිය වෙමින් සාර්ථකව පවත්වාගෙන, Café Ceylon අධිපති රුවන් පෙරේරා මහතාගේ ආරාධය පිළිගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි 13දා උදේ ආහාරයට පැමිණියේය. එහි රැස්ව සිටි ලාංකිකයන් සමග පිළිසඳරේ යෙදුනු අප නායකයා පසුව උගන්ඩාවේ ක්වීන් එලිසබෙත් ජාතික වනෝද්‍යානය බලා දවල් 11 පමණ කම්පාලා නගරයේ පිටත්වීය.
අප්‍රිකානු මුතු ඇටය ලෙසින් හදුන්වන නගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක්වන උගන්ඩාව සුඩානයෙන්ද, කෙන්යාවෙන්ද, කොන්ගෝ රාජ්‍යයෙන් හා ටන්සානියාවෙන්ද වටවී තිබෙනවා. වර්ග කිලොමීටර් 236040 න් උගන්ඩා සමන්විත වෙනවා. ඉන් වර්ග කිලෝමීිටර් 36330 ක්ම ජලයෙන් පිරී පවතින ප්‍රදේශ වන අතර 2010 වසරේ ජන සන්ගනනය අනුව 33,398,642 ජනගහනයක් මෙහි වාසය කරනවා. නිල වශයෙන් ඉන්ග්‍රීසි භාශාව පාවිච්චි උවත් ලුගන්ඩා සහ ස්වහිලි හා තවත් භාශා කිහිපයක් උගන්ඩා ජනයා අතර තිබෙනවා.මෙහි අගනුවර කම්පාලා වන අතර ලොව ප්‍රසිද්ධ සන්චාරක ආකර්ශනයන් වන අභයභූමි රාශියකින් උගන්ඩාව සමන්විත වෙනවා. විශේෂයෙන් ම චිම්පන්සියන්ට අලුම් කරන්නා වූ ලොවපුරා සන්චාරකයන් තමන්ගේ සන්චාරක තෝරා ගනීමක් ලෙස උගන්ඩාව ඉහලින්ම තියෙනවා. උගන්ඩාවේ ඉතිහාසය වසර 1700 ක් 2300 ඈතට දිවයන අතර මධ්‍යම අප්‍රිකානු වන් හා බටහිර අප්‍රිකානු වන් මහද්වීපයේ දකුනු දෙසට සන්ක්‍රමනය විමේ ප්‍රතිපලයක් ලෙසට උගන්ඩාව බිහිවිමට මුල් වූ බවට ඉතිහාසයේ සදහන් වෙනවා.1830 පමන වෙනවිට ඉන්දියානු දූපත් ආස්‍ශ්‍රිතව වෙලදාමේ නිරත වූ අරාබි වෙළෙන්දන් අනුව යමින් බ්‍රිතාන්‍ය ගවේශකයන් නයිල් ගග අවට තොරතුරු සෙවීමේ අටියෙන් උගන්ඩාව තරනය කරනවා. 1877 හා 1879 කාල වකවානු වනවිට ප්‍රොතෙස්තන්ත මිශනාරි කන්ඩායම් සහ ක්‍රිස්තියානි මිශනාරි කන්ඩායම් උගන්ඩාවේ පැලපදියම් වෙනවා…මෙම වකවානුව වන විට බ්‍රිතාන්‍ය පෙරදිග අප්‍රිකානු වෙලදසමාගම තම අනසක උගන්ඩාව පුරා පතුරනවා.මේ හේතුව නිසාම බ්‍රිතාන්‍යයේ යටත් කොලනියක් වීම උගන්ඩාවට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.

Mweya Safari Lodge හී ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පස් නගුරාරු මහතා අප පිළිගත් අතර එලිසබෙත් රැජිණ ජාතික වන උද්‍යානය නරඹන්න සියල්ල සූදානම් කර තිබුණේය.

ගුවනින් උගැන්ඩාවට යන අවස්ථාවකදී ‘සුදු නයිල් නදිය’ නයෙක් මෙන් ඇදී යනවා පෙනන බව සංචාරකයන් පවසා ඇත. උගන්ඩාවෙන් ගලන ‘සුදු නයිල් නදිය’ සහ ඉතියෝපියාවෙන් ගලන ‘නිල් නයිල් නදිය’ සුඩානයේ අගනුවර වූ ‘කාටුම්’ වල එක්ව මහා නයිල් නදිය තැනේ. මේ සුදු නයිල් නදිය, නිල් නයිල් නදිය මෙන් ගැබුරු නැත. එහෙත් සමහර තැන් එහා මෙහා නොපෙනෙන තරම් පළල් වේ. මේ අතර එහි තැනින් තැන ඇති ගොහොරු බිම් දැවැන්ත අප්‍රිකාණු කිබුලන්ගේ කෙළි බිම් වේ. උගන්ඩාවට මායිම්ව ඇති සාගරයක් මෙන් වූ, දැවැන්ත වික්ටෝරියා විල රටට සම්පතකි.
සුදු නයිල් නදිය පටන් ගන්නේද උගන්ඩාවේ සුන්දර සුවිසල් වික්ටෝ රියා මිරිදිය විලෙන් උතුරා යන ජලයෙනි. මේ සුවිසල් විල තවත් රටවල් 3කටත් මායිම් වේ. ලොව දෙවැනි විශාලතම මිරිදිය විල ලෙස එය හදුන්වයි. මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ නයිල් නදියට මුසු කර ඇත්තේද මේ ආසන්නයෙන් වන අතර එම ස්ථානයේ ස්මාරකයක්ද ඉදිකර ඇත. මෙහි ඇති ‘ස්ටැන්ලි කන්ද’ අප්‍රිකාවේ ඇති තුන්වන උසම කන්දයි. ‘මර්චිසෝන් දිය ඇල්ල’ ඇති ජාතික උද්‍යානය සංචාරකයන් බලන්නට යන තැනක් වන අතර එහි වැටීම මීටර් 43කි. උගැන්ඩාවට සුදු නයිල් නදිය සම්පතකි. මේ රටේ ගොවිතැන ප්‍රධාන රැකියාව ගොවිතැනයි. ඒ සඳහා ජළය ලබා ගන්නේ සුදු නයිල් නදිය සහ ඒ හා ආශ්‍රිත ජළ ධාරා වන්ය. රට කොළ පැහැතිය. ශශ්‍රීක පසක් ඇත. රටේ එක්තරා වගාවක් වන්නේ, ‘කෝපි’ ය. මේ කෝපි ඉතාමත් රසවත්ය. ලෝකයේ කෝපි නිෂ්පාදනය කරන රටවල් දහය අතරට උගන්ඩාවත් අයත් වේ. කෝපි සොයා ගත්තේ කව්රුන්දැයි ඇසුවහොත් එයට හිමි කම් කියන තවත් රටක් වන්නේ උගන්ඩාවයි. එහෙත් ඒ සඳහා ලෝකයේ ප්‍රචලිත මතය වන්නේ ඉතියෝපියාව යන්නයි.

නිරක්ෂය වැටී ඇත්තේ උගන්ඩාවේ කම්පාලා අගනුවර සිට පැය දෙකක වාහන ගමනකට එහා තිබෙන නගරයක් හරහා වේ. එතැන රේඛාව දෙපැත්තේ වතුර සහිත බේසම් දෙකක යටින් වතුර ඉවත් කරන නලයක් ක්‍රියාත්මක වූ විට වතුර කැරකෙන්නේ එකිනෙකාට විරුද්ධ අතටයි. මේ සදහා කොරියෝලිස් බලවේගය හේතුවන බව විද්‍යඥයින් පවසයි. දක්ෂිනාර්ධ ගෝලයේදී ලංකාවට ගිනිකොන දෙසින් හමාගෙන එන වෙලඳ සුලං සමකය පසු කිරීමත් සමග නිරිත දෙසින් හමන සුලඟක් බවට පත් වේ. එසේ අපක්‍රමනය වීමට හේතුව කොරියෝලිස් බලවේගයයි.

මෙහි ප්‍රධාන ගුවන් තොටුපල අපේ කටුනායක වැනි නගර යෙන් විනාඩි 45ක් දුරින් ඇති Entebbe හි පිහිටා ඇත. ගුවන්යානය සුවිසල් වික්ටෝරිය විලෙහි ගෑවී නො ගෑවී තමයි ගුවන් පථයට සේන්දු කෙරෙන අතර එය බොහෝ චමත්කාරජනක අවස්ථාවක් බව සංචාරකයන්ගේ මතය වේ. 70 දශකයේ Entebbe හි සිරවී සිටි තම වැසියන් බේරා ගැනීම සඳහා ඊශ්‍රායල් ගුවන් හමුදාව කල අභීත මෙහෙ යුම පසුකාලීනව ලෝක පූජිත හොලිවුඩ් චිත්‍රපටියක් ලෙස ජීවමාන වූ අතර එම මෙහෙයුමේදී සිය රටවැසියා වෙනුවෙන් දිවිපිදු තරුණ ගුවන් නියමුවා ගේ සහෝදරයා කලකට පසු එරට ජනාධිපතිවරයා වු බවද සදහන් වේ.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2018/09/E69T5540-1920-X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}