ගිම්හාන නිවාඩුව ඉතාලියේ..

රෝමය යනු ඉතාලියේ අගනුවර වේ.

ඉතිහාසය  – රාවෘත්තයන්ට අනුව ඒනිස් නම් ත්‍රෙජන් කුමරුවාගෙන් පැවතුණු රෝමියුලස් සහ රිමුස් යන නිවුන් දරුවන් විසින් රෝමයේ ක්‍රි.පු. 753 අප්‍රෙල් 21 වන දින ස්ථාපනය කෙ‍රිනි ඇල්බාන් ලොන්ගාහි ලතින් රාජ්‍යයා වු නියමිටර් ඔහුගේ කෲර සොහොයුරා වු ඇමුලියස් විසින් සිහිසුනෙන් ඉවත් කල අතර නියුමිටර්ගේ දියණිය වු රියා සිල්වියාට දාව රෝමියලුස් සහ රිමුස් උපත ලැබුහ. රියා සිල්වියා වෙස්ටේලියානු කාන්තාවක් වු අතර මාස් විසින් දුෂණය කරනු ලැබ ඒ හේතු කොට නිවුන් දරුවන් අර්ධ දේවත්වයට පත්විය. රෝමියුලස් සහ රිමුස් විසින් ඔවුන්ව නැවත අයත් කර ගන්න යැයි බියට පත් වු නව රජු ඔවුන් දියේ ගිල්විමට කටයුතු සකස් විය. වෘකදේනුවක් විසින් (සමහර වාර්ථා අනුව ගොප්පලකුගේ බිරිදක් විසින් ) ඔවුන් බේරාගෙන ඇති දැඩි කල අතර ඔවුන් නිසි වයසට පැමිණිමෙන් පසු ඇල්බා ලොන්ගාහි ඔවුන්ව නියුමිටර්ට ලබා දුන්හ. නිවුන් සොහොයුරන් විසින් ඉන්පසු ඔවුන්ගේම නගරය බිහිකර අතර රෝමයේ රජකම සදහා දෙදෙනා අතර වු සටනේදි රෝමියලස් විසින් රීමස් ඝාතනය කරන ලදි. ඒ අනුව නගරයෙහි නමෙහි ‍මුලාශ්‍ය වුයේ රෝමියුලස්ය. පුරාවෘත්තයන්ට අනුව නගරයේ කාන්තාවන් නොසිටි හෙයින් ලැටින්වරු උත්සවයක් සදහා සේබයින්වරුන්ට ආරාධනය කල අතර ඔවුන් අතර සිටි අවිවාහක කාන්තාවන් ‍සොරකම් කලහ. එමගින් ලැටින්වරුන් හා සේබයින්වරුන්ගේ ඒකාබද්ධ විමක් සිදු විය.

රෝම නගරය ටයිබර් ගගෙහි ජල පහරක් අසල පිහිටි ප්‍රවාහන හා වාණිජ කටයුතු වලින් යුක්ත වු ජන වාසයකින් වර්ධනය විය පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව රෝම ග්‍රාමය ක්‍රි.පු 8 වන සියවසෙහි කිසියම් කාලයකදි ඇතිවුවා විය හැකිය. කෙසේ වුවද එය ක්‍රි.පු. 10 වෙනි සියවසෙහි ඉතාලියේ ලතින් ග්‍රෝත්‍රක සමාජකයින් විසින් පැලටයින් කදු මුදුනේ පිහිටුවාද විය හැකිය. ඉන් පෙර එඩ්නරියා වලින් උතුරෙහි පදිංචිව සිටි එඩ්රැස්කන්වරු වංශවත් හා රාජකීය ප්‍රභූ පන්තියක් ස්ථානය කරමින් ක්‍රි.පු. 7 වන සියවසෙන් පසු භාගයේදි එම කලාපය තුල දේශපාලන බලය පිහිටුවා ගත් බව පෙනේ. ක්‍රි.පු. 6 වන සියවසේ පසු භාගය වන විට එඩ්රැස්කන්වරුන් වෙතින් ප්‍රදේශයේ බලය ගිලිහි ගිය බව පෙනේ. මෙම අවස්ථාවේදි මුල් ලතින් හා සැබයින් ගෝත්‍රකයින් පාලකයන්ට සිය බලය පාවිච්චි කිරීමට‍ ඇති ඉඩකඩ වඩාත් සිමාකර සමුහාණ්ඩුවක් නිර්මාණය කරමින් යලි ඔවුන්ගේ පාලනය පිහිටුවුහ.

රෝම ශිෂ්ටාචාරය

ඉතාලියේ ටයිබර් නදිය අසබඩ රෝම නගරය ගොඩනගන ලද්දේ රොමියුලස් සහ රීමාස් යන නිවුන් සොහොයුරන් දෙදෙනෙකු විසිනි. ඔවුන්ගේ මව වූයේ කි‍්‍ර. පූ. 8 සියවසේ දී පමණ ජීවත් වූ සිල්වියා නම් ලතින් කුමාරිකාවකි. මේ නිවුන් සොහොයුරන් දෙදෙනාට රාජ්‍ය උරුමය පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා මවගෙන් වෙන්කොට වනාන්තරයක මැරෙන්නට අත්හැර දමන ලදී. මේ දරුවන් දෙදෙනා එදා බේරාගෙන ආරක්‍ෂා කර ගෙන ඇත්තේ වෘක ධේනුවක් විසින් බව ජනප‍්‍රවාදයේ ඇත. පසුව එ‍ඬේරකුගේ භාරයට පත් වූ මේ දරු දෙදෙනා හොඳින් හදාවඩා ගත්තේය. ඉන්පසු කලෙන මොවුන් ටයිබර් නදිය අසබඩ රෝම නගරය ඉදිකළහ. එහිදී ඇති වූ ගැටුමකදී රොමියුලස් අතින් රීමස් මියගියේය. පසුව රෝමයේ පාලකයා වූයේ රොමියුලස්ය. ගැමියන්ගේ පිදුරු සෙවිලි කළ පැල්පත්වලින් ආරම්භ වුණ රොම නගරය ක‍්‍රමයෙන් බලසම්පන්න වී රෝම අධිරාජ්‍යය ගොඩනැගුණි.ටයිබර් නිම්නයේ පැලටයින් හෙල මත ජීවත් වූ පිරිසකි ලතින්වරු. කි‍්‍ර. පූ. 776 පැලටයින් හෙල මත ජීවත් වූ පිරිස දස දහසක් පමණ විය. කි‍්‍ර. පූ. 800 දී පමණ පැලටයින් ප‍්‍රදේශයේ උතුරු දෙස වූ කඳුකරයේ පදිංචි වූ තවත් පිරිසකි එට්රුස්කන්වරු.  එට්රුස්කන්වරු ඉතාලියේ මුල්ම ශිෂ්ටාචාරවත් ජනතාවයි. ඔවුන් දක්‍ෂ මුහුදු යාති‍්‍රකයෝ වූහ. ඔවුන් සිරියාව, සයිප‍්‍රසය, ගීී‍්‍රසිය හා වෙනත් මධ්‍යධරණී රටවල් සමඟ භාණ්ඩ හුවමාරු කරගත් පිරිසක් විය. ඔවුන් සත්ව පාලනයට මෙන්ම බාර්ලි, මිලට් ,තිරිඟු, මිදි හා පලතුරු වගා කටයුතු කළහ.ඔවුන් විවිධ පංති ක‍්‍රමවලට බෙදා තිබුණි. පොහොසත් එට්රුස්කන්වරුන් ඉඩම් සතු කර ගත්හ. මේ ඉඩම්වල වගා කටයුතු වලට වහල්ලු යොදාගත්හ. එට්රුස්කන්වරු දෙවිවරුන් රාශියක් ඇදහුවෝය. දෙව්වරුන්ට පුද පූජා පැවැත් වූ අතර දේවාල ද ඉදි කළහ. එට්රුස්කන්වල ප‍්‍රථම පාලකයා වූයේ ටාර්ක්විනිස් ය. රෝමන්වරු එට්රුස්කන්වරුන් පළවා හැර රෝමය බේරාගත් පසු රෝම සමාජය පැට්‍්‍රෂියන්වරු හා ප්ලේබියන්වරු යනුවෙන් වර්ග දෙකකට බෙදන ලදී.

රාජ්‍ය පාලනයමුල් කාලයේදී රෝමය පාලනය වූයෙ රජ කෙනෙකු විසිනි. එම සම්ප‍්‍රදාය බිඳ වැටුණේ කි‍්‍ර. පූ. 509 දී රජකළ ටාකුයින් රජු රෝමයෙන්් නෙරපා දැමීමෙන් පසුවයි. ඉන්පසු රෝම සමූහාණ්ඩුවක් බවට පත් කළහ. පසුව රෝම ජනරජයේ ප‍්‍රධානත්වය කොන්සල්වරුන් දෙදෙනෙකු අතට පත්විය. කොන්සල්වරු වසරින් වසර තෝරා පත්කර ගනු ලැබීය. මීට අමතරව සෙනේට් මණ්ඩලයක් ද විය. කොන්සල්වරු සෙනේට් සභිකයන්ට වඩා වැදගත් අය වූහ. කොන්සල්වරු හොඳ නායකයන් වූවා පමණක් නොව පරිපාලන කටයුතුවලදී ද දක්‍ෂයො වූහ. රෝම යුද හමුදාව ඉතා සංවිධානය වූවක් වූ අතර සෑම පුරවැසියෙක්ම වයස 16 සම්පූර්ණ වූ පසු යුද කටයුතුවලට බැඳී පුහුණුවක් ලැබීය. රෝම සොල්දාදුවෝ කඩුවලින්, හෙල්ලෙන්, යුද ඇඳුම්වලින් සැරසී සිටි පුද්ගලයන්ය. යුද හමුදාපතිවරු බිහි වූයේ මෙලෙස සංවිධානය වූ යුද හමුදාව නිසාය.කි‍්‍ර. පූ. 264 දී පමණ රෝමන්වරු යුද්ධ කොට ගී‍්‍රක නගර සියල්ල රෝමයට යටත් කරගත්හ. ඔවුන්ගේ ඊළඟ අභිප‍්‍රාය වූයේ කාතේජය නම් ෆිනිෂියානු නගරය අල්ලා ගැනීමයි. අවුරුදු 23 ක් තිස්සේ පැවති පියුනික් යුද්ධයේදී කාර්තේජවරුන් වරක් රෝමය අල්ලා ගත්ත ද, අවසානයේදී නැවතත් රෝමන්වරු කාර්තේජවරුන් පරාජය කළෝය.නැවතත් කාර්තේජවරු රෝමය අල්ලා ගැනීම සඳහා හැනිබල් සහ දෙවැනි පියුනික් යුද්ධය කි‍්‍ර. පූ. 218 දී ආරම්භ කරන ලදී. ගැනිබාල් නැමැති සෙන්පතියාගේ නායකත්වයෙන් පැවති මේ යුද්ධයේදී නැවතත් පරාජය වීමට සිදු වූවා පමණක් නොව ඔවුන්ට රෝමයට වන්දි ගෙවීමටත් සිදුවිය. මෙයින් වසර 5 කට පසු කාර්තේජවරුන් නැවතත් යුද්ධය පටන් ගත්හ. වසර තුනක් ඇතුළත දී රෝමන්වරුන් මේ යුද්ධයෙන් ජය ගත්හ. ඉන්පසුව සිදු වූයේ මුළු මධ්‍යධරණීයම රෝමය සතු කර ගැනීමය.

ජුලියස් සීසර්කි‍්‍ර. පූ. 100 දී පමණ ඉපදුණු ඔහු රෝමයේ ආඥාදායකයා බවට පත් විය. සෙනේට් සභාවට තේරී පත් වූයේ කොන්සල්වරයකු වශයෙන් ය. ඔහු මෙහෙය වූ හමුදාව බලවත් රාජ්‍යයන් කිහිපයක් යටත් කර ගත්හ. ඔහුගේ පාලන සමයේදී ස්පාඤ්ඤය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය යටත් කර ගත්තේය. ඔහු හොඳ අණදෙන නිලධාරියෙක් ය. ශ්‍රේෂ්ඨ සෙන්පතියකු වූ ඔහු කි‍්‍ර. පූ. 14 දී ඔහුගේම සෙනෙට් සගයන් විසින් ඝාතනය කරනු ලැබීය. විවිධ වූ ජනයාගේ ගොදුරු වුවද ඒ සියල්ල අභිභවා ගොඩනැගුණ රෝම අධිරාජ්‍යය ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ පාලනයට නතුව දිගු කලක් පැවතුණි. ඔක්ටේවියන්, ඔගස්ටස් වැනි ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ සමයෙහි රෝමය ඉතා ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යය පවා තම යටතට ගත් රෝමානුවෝ පාලන කටයුතු සංවිධානය කිරීමේදී කලා ලැදි ගී‍්‍රකයන්ට වඩා ඉතා කාර්ක්‍ෂම වූහ.

රෝම පවුලරෝම සමාජය තුළ පවුල් ජීවිතය ඉතා අගය කොට සලකනු ලැබිණි. කාන්තාවන්ට හිමි වූයේ ඉතා ගෞරවනීය ස්ථානයකි. කාන්තාවෝ අවුරුදු 16 පමණ වන විට විවාහ දිවියට ඇතුළු වූහ. ධනවත් පිරිමි දරුවෝ අධ්‍යාපනය සඳහා ගී‍්‍රක ගුරුවරුන්ගේ නිවෙස්වලට යැවූහ. විශේෂයෙන් ගණිතය පිළිබඳ දැනුමක් මේ පිරිමි දරුවන්ට ලබාදෙන ලදී. ඒ අනාගතය සඳහා වැදගත් වූ හෙයිනි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔවුන් රෝම නගරයට හෝ ඇතැන්ස් නගරයට යවනු ලැබූහ.

රෝම අධිරාජ්‍ය බිඳ වැටීමරෝම අධිරාජ්‍යයේ පිරිහීමට හේතු වූයේ දූෂිත වූ පාලන තන්ත‍්‍රයයි. බලය අනිසි ලෙස යොදා ගැනීමත්, මූල්‍ය කටයුතු හරිහැටි නොකිරීමත් හේතු කොට ගෙන පාලන තන්ත‍්‍රය දූෂිත විය. මීට අමතරව ඔවුන්ට විදේශීය ආක‍්‍රමණයන්ට ද මුහුණ දීමට සිදු විය.

රෝමය අසලින් ගලන ටයිබර් ගංගාව

ලෝකයේ සෑම ගංගාවකටම සුවිශේෂී වූ ලක්ෂණ දක්නට ලැබේ. ආර්ථික වාසි ලබා දීමට අමතරව ටයිබර් ගංගාවේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ඉතාලියේ අගනුවර වන රෝමය අසලින් ගලා යාමයි. මේ නිසා රෝම නගරයේ සුන්දරත්වය බොහෝ සේ වර්ධනය වේ. මෙය ඉතාලියේ දෙවනුවට විශාලතම ගංගාව වේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ විශේෂතා බොහොමයක් ඇති ටයිබර් ගංගාව පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි. ඉතාලියේ පිහිටා ඇති මෙම ගංගාවේ දිග සැතපුම් 252කි. එනම් කිලෝමීටර 405කි. මෙහි ගැඹුර අඩි 7 සිට 20 දක්වා ප්‍රමාණයන්ගෙන් පවතී. විවිධ භූ රූප හා නිම්න රාශියක් නිර්මාණය කරන මෙම ගංගාව ප්‍රදේශ කීපයක් පසු කර රෝම නගරය හරහා ගමන් කර Tyrrhenian මුහුදට එකතු වේ. මෙහි ප්‍රධාන අතු ගංගා ලෙස Chiascio, Nestore, Paglia, Nera සහ Anine දැක්විය හැක. රෝමයට පහළින් ටයිබර් ගංගාව ඩෙල්ටාවක් සකසයි.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2016/07/E69T5372-1920X785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}